





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ගැන වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියහ: “මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙන්නෙමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසන්නෙමි. සැබැවින්ම නුඹලා රාත්රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ වඩාත් ධාර්මික හදවත තරම් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”
رواه مسلمසැබැවින්ම අල්ලාහ් අසාධාරණය (අපරාධය) තමන් මත තහනම් කර ඇති බවත් ඔහුගේ මැවීම් අතර ද එය තහනම් කරනු ලැබූවක් බවට නියම කර ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. අල්ලාහ් මඟ පෙන්වූ හා ආශිර්වාද කළ අය හැර සෙසු සියලු මැවීම් නොමඟ ගියවුන් වෙති. කවරෙකු එය අල්ලාහ්ගෙන් පතන්නේ ද, අල්ලාහ් ඔහු ට එය ආශිර්වාද කර ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ජනයා අල්ලාහ් වෙත තම අවශ්යතාවන් සම්බන්ධයෙන් පෙළෙන්නෝ වෙති. කවරෙකු අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහුගේ අවශ්යතාව ඔහු ඉටු කර දෙන අතර ඔහුට එය ප්රමාණවත් වන්නේය. ඔවුන් රාත්රි හා දහවල් කාලයේ වැරදි කරති. ගැත්තා සමාව අයදින විට අල්ලාහ් ඔහුගේ පව් සඟවා සමාව දෙනු ඇත. අල්ලාහ්ට හානියක් කිරීමට හෝ ඔහුට සෙත සැලසීමට හෝ ඔවුනට නො හැකිය. ඔවුන් කිසියම් මිනිසෙකුගේ ධාර්මික හදවත තරම් වඩාත් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් අල්ලාහ්ගේ ආධිපත්යය වැඩි කරන්නේ නැත. ඔවුන් සියල්ලෝම කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වුවද, ඔවුන්ගේ දුෂ්ටකම ඔහුගේ ආධිපත්යයෙන් කිසිවක් අඩු නොකරනු ඇත. හේතුව සැබවින්ම ඔහු අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙන දුර්වලයෝ වන බැවිනි. සෑම අවස්ථාවකම සෑම කාලයකම හා සෑම ස්ථානයකම ඔහු වෙත ඔවුහු අවශ්යතාවෙන් පෙළෙති. සුවිශුද්ධ ඔහු ස්වාධීනය. ඔවුන්ගේ පළමුවැන්නා, ඔවුන්ගේ අන්තිමයා, ඔවුන්ගේ මනුෂ්ය වර්ගයා සහ ඔවුන්ගේ ජින්වර්ගයා උස් තැනකට නැගී අල්ලාහ්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම්, එසේ ඉල්ලන සෑම මිනිසෙකුටම ඔවුනොවුන් ඉල්ලන දෑ ඔහු පිරිනමනු ඇත. ඉඳිකටුවක් මුහුදට දමා ඉවතට ගත් විට එමගින් මුහුදෙන් කිසිවක් අඩු නොකරන ඉදි කටුවක් මෙන් අල්ලාහ් අබියස ඇති දැයින් කිසිවක් අඩු නොකරනු ඇත. හේතුව සුවිශුද්ධ ඔහු ස්වාධීනත්වයේ පරිපූර්ණයා වන බැවිනි. සැබැවින්ම අල්ලාහ් ගැත්තන්ගේ ක්රියාවන් ආරක්ෂා කර සටහන් කර තබා ගනී. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා ඔවුනට ගෙවනු ඇත. එබැවින් කවරෙකු ඔහුගේ ක්රියාවෙහි යහපත් ප්රතිඵල ලැබුවේ ද අල්ලාහ් ඔහුට අවනත වීම සඳහා ආශිර්වාද කළ බැවින් ඔහු අල්ලාහ්ට ප්රශංසා කළ යුතුයි. ඔහුගේ ක්රියාවෙහි ප්රතිඵල ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු තමන් විනාශය කරා මෙහෙයවූ නපුරු ආශාවන්ගෙන් යුත් ආත්මයට මිස වෙනත් කිසිවකට දොස් පැවරිය නො යුතුය.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිනක් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පසුපසින් වාඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමාණෝ මා අමතා: “දරුව! සැබැවින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්න. ඔහු ඔබ ව ආරක්ෂා කරනු ඇත. ඔබ අල්ලාහ් ව ආරක්ෂා කරන්ක. ඔබ ඉදිරියේම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලාහ්ගෙන්ම ඉල්ලන්න. ඔබ උදව් පතන විට අල්ලාහ්ගෙන්ම උදව් පතන්න. දැනගන්න, සැබැවින්ම මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හානියක් කිරීම ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතට ගනු ලැබීය. පිටපත් වියලී ගියේය.”
رواه الترمذيඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා අවදියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එතුමාණන්ගේ පසුපසින් වාඩි වී (ගමන් යමින්) සිටියේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට: අල්ලාහ් ඔබට ප්රයෝජනය ලබා දෙන කරුණු හා විෂයයන් කිහිපයක් මම උගන්වමි යැයි පවසා සිටියහ. ඔබ අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුගේ කරුණ ආරක්ෂා කරන්න. එය පාපකම් හා පිටුපෑම් තුළ නොව, අවනතවීම් හා සමීපවිම් තුළින් ඔබ ලැබිය යුතුය. ඔබ එසේ කළේ නම් ඔබේ ප්රතිඵලය වනුයේ මෙලොව හා මතුලොව පිළිකුල් සහගත දැයින් අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඔබ කොහේ සිටියත් ඔබගේ වැදගත් කටයුතුවල දී ඔහු ඔබට උපකාර කරනු ඇත. ඔබ යමක් ඉල්ලනට අපේක්ෂා කළ විට, අල්ලාහ්ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් නො ඉල්ලන්න. ඉල්ලා සිටින්නන් හට පිළිතුරු සපයන්නා ඔහු පමණය. ඔබ උදව් පතන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ් වෙතින් මිස වෙනත් කිසිවකුගෙන් උදව් නො පතන්න. සැබැවින්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන, එමෙන්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් හානියක් කිරීමට ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන යන වග ඔබ තුළ ස්ථීර කර ගත යුතුය. එමෙන්ම මෙම කාරණය සර්වබලධාරී අල්ලාහ් විසින් නියම කරන ලද අතර, ඔහුගේ ප්රඥාව හා දැනුමට අවශ්ය දේ අනුව නියම කරන ලද වගත්, අල්ලාහ් නියම කර ඇති දෑහි කිසිදු වෙනසක් නොමැති වගත් ඔබ තුළ ස්ථීර කර ගත යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘මා ප්රතික්ෂේප කළ අය හැර, මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්රතික්ෂේප කරන්නේ කවුරුන්දැ?’යි ඔවුහු විමසා සිටියෝය. එතුමා, 'කවරෙකු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවුරුන් මට පිටුපෑවේ ද ඔහු ප්රතික්ෂේප කළේය.’යැයි කීහග
رواه البخاريවැළකී සිටි අයකු හැර තම ප්රජාවේ සියලු දෙනා පාහේ ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ වැළකී සිටින්නේ කවුරුන් දැ?'යි සහාබාවරු (රළියල්ලාහු) විමසා සිටියෝය. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිතුරු දෙමින්, 'කවරෙකු යටත් වී පිළිපදිමින් අල්ලාහ්ගේ දූතයාණන්ට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු පිටු පා ෂරීආ නීතියට යටත් නොවූයේ ද සැබැවින්ම ඔහු ඔහුගේ නපුරු ක්රියා හේතුවෙන් ස්වර්ගයට පිවිසීමෙන් වළකනු ලැබීය.'
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
رواه أبو داود وأحمدදේවත්වය ප්රතික්ෂේප කරන්නන්, දුෂ්ඨයින් හා දැහැමියන් අතරින් යම් පිරිසක්, කවරෙකු අනුකරණය කළේ ද, -එනම් ඔවුන්ට ආවේනික විශ්වාසයන්, නැමදුම් හා සිරිත් විරිත් අතරින් කිසිවක් පිළිපින්නේ ද - ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. මක්නිසාදයත් මතුපිටින් ඔවුන් අනුකරණය කිරීම අභ්යන්තරයේ ද ඔවුන් අනුකරණය කරන තරමට යොමු කරනු ඇත. සැබැවින්ම පිරිසක් අනුකරණය කිරීම පැහැදීමේ ප්රථිඵලයක් බවට සැකයක් නැත. ඔවුන්ට ආදරය කිරීම ඔවුනට ගරුබුහුමන් කිරීම ඔවුනට යටත් වීම වෙත යොමු කරයි. මෙය යම් සමාජයක් අනුකරණය කිරීමට පුද්ගලයා යොමු කරන අතර අවසානයේ අභ්යන්තරයේ මෙන්ම නැමදුම්වල ද ඔවුන් අනුකරණය කිරීමට යොමු වේ. -අල්ලා අප ආරක්ෂා කරත්වා-
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “බරපතළ පාපය කුමක්දැ?යි මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා “පසුව ඔබේ දරුවා ඔබ සමග අනුභව කරනු ඇතැයි බියෙන් ඔහුව ඔබ මරා දැමීමය.” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා: “ඔබේ අසල්වැසියාගේ බිරිය සමඟ ඔබ කාමයේ වරදවා හැසිරීමය.” යැයි පැවසූහ.
متفق عليه“බරපතළ පාපය කුමක්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: බරපතලම පාපය 'ෂිර්කුල් අක්බර්' නම් මහා ෂිර්ක් ය. එනම් අල්ලහ්ගේ දේවත්වය ඔහුගේ පරිපාලනය හා ඔහුගේ නාම හා ගුණාංගවල දී ඔහුට ආදේශයක් හෝ සමානයක් නියම කර ගැනීමය. මෙය තව්බා හෙවත් පශ්චාත්තාප වී සමාව අයැදීමෙන් මිස අල්ලාහ් සමාව නොදෙන පාපයකි. අදාළ තැනැත්තා ඒ තත්ත්වයේම මිය ගියේ නම්, ඔහු අපා ගින්නේ සදාතනිකයෙකු වන්නේය. පසුව තම දරුවා තමන් සමග වී අනුභව කරනු ඇතැයි බියෙන් ඔහුව මරා දැමීමය. ජීවිතයක් නැසීම තහනම් ය. එනමුත් එම පාපයේ බරපතලකම වනුයේ ඝාතනය කරනු ලබන තැනැත්තා ඝාතකයාගේ ඥාතියෙකු වීමය. තවදුරටත් එම පාපයේ බරපතල වනුයේ ඝාතකයා අල්ලාහ් සැපයූ පෝෂණයේ ඝාතනය කරනු ලබන්නා ද හවුල් වනු ඇතැයි බියෙන් හා අපේක්ෂාවෙන් ඔහූ ව ඝාතනය කරන විටය. පසුව තම අසල්වැසියාගේ බිරිය සමඟ අනාචාරයේ යෙදෙන තරමට, ඇය ඔහුට යටත් වන තරමට ඇයව රවටා, ඇය සමඟ කාමයේ වරදවා හැසිරීමය. 'සිනා' හෙවත් කාමයේ වරදවා හැසිරීම තහනම් ක්රියාවකි. එහි දී එම පාපය බරපතලම වනුයේ දුරාචාරයේ යෙදෙන්නා, යහපත සළසන මෙන් ද ඔහුට උපකාර කරන මෙන් ද ඔහු සමග යහපත් සම්බන්ධතාවක් පවත්වා ගන්නා මෙන් ද උපදෙස් දී ඇති තම අසල්වැසියාගේ බිරිය සමග දුරාචාරයේ යෙදෙන විටය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් ව්ර් තා කරන ලදී: “තම සහෝදරයාව රාත්රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”
متفق عليهමුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකු හමු වන විට, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකාට සලාම් නොපවසා, කතා නොකර රාත්රි තුනකට වඩා දුරස්ව සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළේය. මෙසේ ආරවුල් කරන දෙදෙනා අතර වඩාත් උතුම් වනුයේ, එම වෙන් කිරීමට තුඩු දුන් සාධක ඉවත් කිරීමට උත්සාහ කරන, සලාම් පවසා ආරම්භ කරන තැනැත්තාය. මෙහි වෙන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ තමන් වෙනුවෙන් දුරස් කිරීමය. සර්වබලධාරී අල්ලාහ්ගේ අයිතිය සඳහා වෙන් කිරීම වනාහි, පාපිෂ්ඨයින්, නව ආගමික කටයුතු බිහි කරන්නන් සහ නපුරු සහචරයන්ගෙන් වෙන්වීම වැනිය. ඒ සඳහා නියම කරන ලද කාලයක් නැත. වෙන්වීමේ යහපත පවතින තාක් කල් එය බැඳී තිබේ. එය ඉවත් වීමෙන් එම බැඳීම ද ඉවත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සිර්මා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
رواه أبو داود والترمذي وابن ماجه وأحمدමුස්ලිම්වරයකුට ඔහුගේ ජීවිතයේ, හෝ ඔහුගේ ධනයේ හෝ ඔහුගේ පවුලේ හෝ යම් කටයුත්තක දී හිංසා පීඩා සිදු කිරීම හා දුෂ්කරතා එකතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කර ඇත. කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට ප්රතිවිපාක දෙන අතර අදාළ ක්රියාවෙන්ම ඔහුට දඬුවම් දෙනු ඇත.
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ පුන් සඳ රාත්රියක චන්ද්රයා දෙස බලා මෙසේ පැවසූහ. “ඔබ මේ චන්ද්රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය අතපසු නොකිරීමට ඔබට හැකිනම් ඔබ ඉටු කරනු. යැයි පැවසූහ. පසුව 'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු' යන (අර්ථය ඇතුළත්) පාඨය එතුමාණෝ පාරායනය කළහ.
متفق عليهඑක් දිනක් රාත්රියේ සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියහ. එවිට එතුමාණෝ (දහ හතරවැනි චන්ද්ර දින) චන්ද්රයා දෙස බලා මෙසේ පැවසූහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරු කිසිදු සැකයකින් තොරව, තම පරමාධිපතියාණන්ව දෑසින්ම දැක බලාගනු ඇත. උත්තරීතර අල්ලාහ්ව දකින අවස්ථාවේ ඔවුන් තද බදයට පත් නොවෙති. ඔවුනට වෙහෙසක් හෝ දුෂ්කරතාවක් හෝ හට නොගැනේ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. ෆජ්ර් සලාතයෙන් සහ අසර් සලාතයෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කරන හේතු සාධක කපා හැර, කණ්ඩායමක් ලෙස නියමිත වේලාවේ ඒ දෙක සම්පූර්ණයෙන් ඉටු කිරීමට ඔබට හැකි නම්, සැබැවින්ම එය සර්ව බලධාරී අල්ලාහ්ගේ මුහුණ දැකීමට හේතුවක් වනු ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පාරායනය කළහ. "'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු"
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්රහණය කළ විට ඔහුව අත් නොහරියි." යැයි පවසා පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්රහණය කළ විට, ඔහුගේ ග්රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය පාරායනය කළහ.
متفق عليهපිටුපාමින් අපරාධ කිරීම, අල්ලාහ්ට ආදේශ කිරීම හා මිනිස් අයිතිවාසිකම්වලදී ඔවුනට අපරාධ කිරීම යනාදියෙහි සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අපරාධකරුවාට කල් දෙයි. ඔහුව ප්රමාද කරයි. ඔහුගේ ආයුකාලයෙහි හා ඔහුගේ ධනයෙහි ඔහුට දීර්ග කරයි. නමුත් දඬුවම ඉක්මන් නොකරයි. නමුත් ඔහු පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, ඔහුව ග්රහණය කරනු ලබන අතර ඔහු ඉන් ඉවත්ව නොයනු ඇත. ඔහුගේ අධික අපරාධ හේතුවෙන් කිසිවිටෙක ඔහුව අත් නොහරිනු ඇත. පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්රහණය කළ විට, ඔහුගේ ග්රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාරායනය කළහ.