Hedayat “A fruitful harvest”
from the gardens of “ Verses and Hadiths ”
Inspiring Dawah cards that highlight the profound meanings of Quranic verses and Prophetic Hadiths. Presented in an accessible and engaging style to help Muslims gain a deeper understanding of their faith with ease.
About Hedayat
Hedayat is a platform that combines simplicity of design and ease of use
displaying the benefits derived from Verses and Hadiths in
attractive cards with unique designs.
Unique Designs
Cards with unique and attractive designs that express the content of the text
Reliable Materials
Scientifically reliable benefits reviewed by a group of scholars
Easy Browsing
You can browse the cards easily and display them effortlessly
Different Languages
Cards are available in more than 40 languages for the benefit of all
Hadith Cards
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ආගම් ලත් ජනයා තව්රාතය අබ්රානී භාෂාවෙන් කියවමින් සිටි අතර ඉස්ලාම් වාසීන් හට එය අරාබි බසින් විග්රහ කරමින් සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු. ඒ වෙනුවට "අපි අල්ලාහ් හා අප වෙත පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළෙමු යැයි පවසනු. (අල් බකරා: 136).
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.ආගම් ලත් ජනයා ඔවුන්ගේ පුස්තක තුළින් දැනුම් දෙන දෑ ගැන රැවටීමට ලක් වීමෙන් ප්‍රවේසම් වන මෙන් තම සමූහයාට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ යුදෙව්වන් අබරි බසින් තව්රාතය කියවමින් සිටි අතර -එය යුදෙව්වන්ගේ බස විය- අරාබි බසින් එය විග්රහ කරමින් සිටියෝය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු යැයි පැවසූහ. එය එහි සත්‍යභාවය එහි ව්‍යාජ දැයින් හඳුනා ගත නොහැකි කරුණුවලදීය. එය අල් කුර්ආනයෙන් අප වෙත පහළ කරනු ලැබූ දෑ හා දිව්‍ය ග්රන්ථ අතරින් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ අප විශ්වාස කිරීමට අපට උත්තරීතර අල්ලාහ් අණ කර ඇති බැවිනි. ඒ හැර එම ග්රන්ථ තුළින් ඔවුන් පවසන දෑ නිවැරදි යැයි දැන ගැනීමට වෙනත් මඟක් නැත. අපේ පිළිවෙත තුළ එහි ව්‍යාජත්වයෙන් සත්‍යයතාව පැහැදිළි කරන කරුණක් නොමැති වූ විටෙක, අපි නතර වෙමු. අපි ඔවුන් පවසන දෑ සත්‍ය බව සහතික නොකරමු. ඊට හේතුව ඔවුන් එහි විකෘති කොට පවසන දෑහි අප ද කොටස්කරුවන් නොවනු පිණිසය. එමෙන්ම අපි ඔවුන් පවසන දෑ බොරු යැයි ද නොපවසමු. ඇතැම් විට එය නිවැරදි විය හැක. එහෙයින් කවර කරුණක් අප විශ්වාස කළ යුතු යැයි නියෝග කර ඇත්තේ ද අපි එය හෙළා දකින්නන් වනු ඇත. අප මෙසේ පැවසිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. “අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.' යැයි නුඹලා පවසනු." (අල්-බකරා: 136)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඇති වැදගත්ම පාඨය කුමක්දැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උබෙයි ඉබ්නු කඃබ් තුමාගෙන් විමසා සිටියහ. ඔහු පිළිතුරු දීමට පසුබට විය. පසුව ඔහු (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) "අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තවදුරටත් තහවුරු කර ඔහුගේ පපුවට තට්ටු කර දැනුමෙන් හා ප්‍රඥාවෙන් එය පිරී ඇති බව පෙන්වා දුන් අතර මෙම දැනුම හේතුවෙන් ඔහුට මිහිරි බව ඇති වීමටත් ඔහුට පහසු වීමටත් ප්‍රාර්ථනා කර සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මරණය කළු සුදු මිශ්රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ. එවිට ඇරයුම් කරුවකු "අහෝ ස්වර්ග වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු බෙලි දිගු කරමින් බලති. ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. ඔවුහු: "එසේය, මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබුණි. පසුව නැවතත් "අහෝ නිරා වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු ද බෙලි දිගු කරමින් බලති. එවිට ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. එවිට ඔවුහු: "මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනකුම එය දැක තිබුණි. පසුව එය කපා හරිනු ලැබ අනතුරුව "අහෝ ස්වර්ග වැසියනි! සදාතනිකභාවයයි. එහෙයින් මරණයක් නැත, අහෝ අපා වැසියනි! සදාතනිකභාවයයි. මරණයක් නැත යැයි පවසයි. පසුව හෙතෙම "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු" යන (සූරා මර්යම්: 39) පාඨය පාරායනය කළේය. එසේ නොසැලකිල්ලෙන් සිටි අය මෙලොව වාසීහු වෙති."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කළු සුදු පැහැය මිශ්රැති බැටලුවකුගේ හැඩය හා සමානව මරණය ගෙන එනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විග්රහ කර ඇත. එවිට "අහෝ ස්වර්ග වැසියනි!" යැයි අමතනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කරමින් ඔවුන්ගේ හිස් ඔසවමින් බලති. "නුඹලා මෙය හඳුනනවාද?" යැයි ඔවුන්ගෙන් විමසයි. "එසේය, එය මරණයයි" ඔවුහු පවති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබෙන අතර එය වටහා ගනියි. පසුව ඇරයුම් කරන්නා "අහෝ අපා වාසියනි!" යැයි අමතයි. එවිට ඔවුහු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කර ඔවුන්ගේ හිස් ඔසවා බලති. "නුඹලා මෙය හඳුනනවාද?" යැයි විමසයි. "එසේය, එය මරණයයි" යනු ඔවුහු පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබේ. පසුව එය කපා හරිනු ලැබේ. පසුව ඇරයුම් කරන්නා: "අහෝ ස්වර්ග වැසියනි! මෙය සදාතනික රැඳුමකි. එහෙයින් මරණයක් නැත. අහෝ අපා වැසියනි! මෙය සදාතනිකයින්ගෙන් සදාතනික රැඳුමකි. එහෙයින් මරණයක් නැත" යැයි පවසයි. මෙසේ සිදු වන්නේ දේවත්වය විශ්වාස කරන්නන්ගේ සතුට වැඩි කිරීමට හා දේවත්වය ප්‍රතික්ෂේප කර දඬුවමට ලක්වන්නන් කෝපයට පත් කිරීමට වේ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පාරායනය කළහ. "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු." මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග වාසීන් හා අපා වාසීන් වෙන් කරනු ලැබේ. ඒ සෑම කෙනෙකුම ඔහු යා යුතු තැනට සදාතනිකයකු ලෙස පිවිසෙනු ඇත. නපුරු තැනැත්තා යහපත නොකළේ නම්, ඔහු පසුතැවිලි වී කණස්සල්ලට පත් වනු ඇත. එමෙන්ම අඩුපාඩුකම් ඇත්තා යහපත අධික නොකළේ නම්, ඔහු ද ඔහු පසුතැවිලි වී කණස්සල්ලට පත් වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මෙම අල් කුර්ආනයට හැඩ ගැසී පිළිපදින්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. (ලණුවක) ගැට ගසා ඇති ඔටුවා උගේ ගැටයෙන් පළා යන වේගයට වඩා අල් කුර්ආනය ඉවත්ව යෑම ඉතා වේගත්ය."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.අල් කුර්ආනය තම සිත තුළ තැන්පත් කර ගත් අයකු එසේ තැන්පත් කළ පසුව එය අමතක නොවන පරිදි කියවීමෙහි නිරත වීමත් ඒ අනුව හැඩගැසී එය පිළිපැදීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සිත් තුළ රඳවා ඇති අල් කුර්ආනය බැඳ දමන ලද ඔටුවකු පළා යෑමට වඩා වේගයෙන් වෙන් වී පහ ව යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටීමෙන් එය සහතික කළහ. ඌ ගාත මධ්‍යයේ ලණුවකින් බැඳ දැමූ ඔටුවෙකි. මිනිසා ඌව රැකබලා ගත්තේ නම්, ඌ රැඳී සිටිනු ඇත. ඌ අත්හැර දැමුවේ නම්, ඌ ඉවත් ව ගොස් අතුරුදහන් වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය."
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.මුස්ලිම්වරුන් අතර අල්ලාහ් අබියස නිලයෙන් වඩාත් උසස් හා උතුම් අය වනුයේ අල් කුර්ආනය කියවීමෙන්, කටපාඩම් කිරිමෙන්, ඒ ගැන අවබෝධය ලැබීමෙන් හා එහි අර්ථකතනය පරිශීලනය කිරීමෙන් එය හදාරා, ඒ අනුව කටයුතු කරමින් ඔහු සතුව ඇති අල් කුර්ආනීය දැනුම අන් අයට උගන්වන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) : "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." යන (ආලු ඉම්රාන් 7 වන) පාඨය පාරායනය කළහ. සැබැවින්ම තම නබිවරයාණන් වෙත අල් කුර්ආනය පහළ කළේ තමන් බවත්, එහි විකෘතිභාවය නැති පැහැදිලි සාධක සහ තීන්දු සහගත වැකි ඇති බවත් එය දේව ග්‍රන්ථයේ මූලය හා යොමුව බවත් මත භේදයක් හටගත් විටෙක ඒ වෙත යොමු විය යුතු බවත් අල්ලාහ් එහි දන්වා සිටියි. තවදුරටත් විවිධ වූ අර්ථ බොහෝමයකින් සමන්විත වැකි ද ඇති බවත් ඇතැම් මිනිසුනට ඒවායෙහි අර්ථ ව්‍යාකූල වී ඇති බවත්, එසේ නැතහොත් එම පාඨය හා අනෙක් පාඨ අතර පරස්පරතාවන් ඇති බව ඔවුන් සිතන බවත් දන්වා සිටියේය. පසුව අල්ලාහ් මෙම පාඨය සමග ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කළේ ය. ඔවුන්ගේ හදවත් තුළ සත්‍යයෙන් ඉවතට නැඹුරුතාවත් ඇති හා පැහැදිලි තීරණාත්මක වැකි අත්හැර විවිධ අර්ථයන්ගෙන් සමන්විත දෑ පිළිපදින්නන් වනාහි, ඔවුන් එමගින් කලහකම් කිරීමටත් මිනිසා නොමඟ යවන්නටත් අපේක්ෂා කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට අනුගත වන පරිදි අර්ථ දැක්වීමට අපේක්ෂා කරති. නමුත් ගැඹුරු ඥානය ඇත්තවුන් මෙම විවිධ අදහස් ඇති දෑ හඳුනා ගනිති. තීරණාත්මක දෑ වෙත එය යොමු කරති. එය විශ්වාස කරති. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් බවත් එහි යමක් විකෘති වීමට හෝ පරස්පර වීමට හෝ කිසිදු ඉඩක් නැති බවත් විශ්වාස කරති. එය මෙනෙහි කර එමගින් උපදෙස් ලබනුයේ මනා බුද්ධිය ඇත්තවුන් පමණය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා ) තුමියට මෙසේ පවසා සිටියහ. ඔබ විවිධ අදහස් ඇති දෑ පිළිපදින්නන් ඔබ දුටු විටෙක "තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි" යන වදනෙහි අල්ලාහ් නම් කර ඇත්තේ ඔවුන් ගැන බව එතුමියට දන්වා සිටි අතර ඔවුනට අවවාද කරන මෙන් ද ඔවුනට සවන් නොදනෙ මෙන් ද පවසා සිටියහ.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මක්කා ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත. දැන් මිනිසුන් දෙවර්ගයකි. අල්ලාට ගෞරවනීය භක්තිමත් ධර්මිෂ්ඨයෙකි. අල්ලාහ්ට නින්දා සහගත අභාග්‍යමත් දුෂ්ඨයකි. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.මක්කා ජයග්‍රහණය ලැබූ දින නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා පුරසාරම් මෙන්ම මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත; ඉවත් කර ඇත. සැබැවින්ම මිනිසුන් දෙවර්ගයකි: සර්ව බලධාරී අල්ලාහ්ට ගැති, කීකරු, ධර්මිෂ්ඨ මුඃමින්වරයෙකු, ඔහු උසස් පරම්පරාව මිනිසුන් අතර නිලයක් හෝ නොමැති වුවද අල්ලාහ්ට ගෞරවනීය තැනැත්තෙකි. දුෂ්ඨ, අභාග්‍යවන්ත, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්, ඔහු අල්ලාහ් ඉදිරියේ නින්දා සහගත පහත් තැනැත්තෙකි. ඔහු උසස් තරාතිරමක සිටිය ද, කීර්තිය හා අධිකාරිත්වය තිබුණ ද ඒවා කිසිවක් වටින්නේ නැත. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. තම මූලාරම්භය පසින් නිමවූ තැනැත්තා අහංකාරකම් පෑම හෝ තමන් ගැන ඉහවහා යෑම හෝ සුදුසු වන්නේ නැත. සර් වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය එය සහතික කරයි. එනම්: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර් ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ වාඩි වී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා සතුව වහලුන් සිටිති. ඔවුහු මට බොරු පවසති; වංචා කරති; පිටුපාති. මම ද ඔවුනට බැණ වදිමි, පහර දෙමි. ඔවුන් සමග වූ මගේ තත්ත්වය කෙසේ වන්නේ ද? යැයි විමසුවේය. එතුමාණෝ "ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ. ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයේ ප්‍රමාණයට වී නම්, එය එකිනෙකට සරිලනු ඇත. ඔබට කිසිවක් හිමි නොවන අතර ඔබට විරුද්ධව කිසිවක් නොපවතිනු ඇත. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා අඩු වී නම් එය ඔබට අමතර ප්‍රතිලාභයක් වේ. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා ඉහළින් වී නම්, එම අමතර ප්‍රතිලාභය ඔබෙන් ඔවුනට සම ප්‍රතිචාර ලෙස ගනු ලැබේ" යැයි පැවසූහ. වාර්තාකරු මෙසේ පැවසීය: පසුම එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා තිබේ ද? එනම් "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත." යන පාඨයයි. එම මිනිසා: "ඔවුන්ගෙන් වෙන්වීමට වඩා උතුම් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම නිදහස් පුද්ගලයින් වන බවට මම ඔබව සාක්ෂි වශයෙන් තබමි" යැයි පැවසීය.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තම වහලුන් ඔහු සමග කටයුතු කරන ආකාරය ගැන පැමිණිළි කර සිටියේය. එහි දී සැබැවින්ම තොරතුරු දැනුම් දීමේදී ඔවුන් ඔහුට බොරු පවසන බවත්, පැවරුම්වල දී ඔහුට වංචා කරන බවත්, ගනුදෙනුවල දී ඔහුව රවටන බවත්, නියෝග වලදී ඔහුට පිටුපාන බවත් දන්වා තවදුරටත් ඔවුන්ට විනය කියාදෙනු පිණිස තමන් ඔවුනට බැණ වදින බවත් ඔවුනට පහර දෙන බවත් දන්වා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග තමන්ගේ තත්ත්වය කෙසේ වනු ඇත් දැයි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ඔවුන් වංචා කළ දෑ, ඔබට පිටුපෑ දෑ, ඔබට බොරු කළ දෑ ගැන විනිශ්චය කරනු ලැබේ. එමෙන්ම ඔවුනට ඔබ කළ දඬුවම ගැන ද විනිශ්චය කරනු ලැබේ. ඔවුන්ගේ පාපකම් සමග ඔවුනට කළ දඬුවමේ ප්‍රමාණය සමාන වූ විටෙක, ඔබට කිසිවක් හිමි වන්නේ නැත. ඔබට එරෙහිව කිසිවක් පිහිටන්නේ ද නැත. ඔවුන්ගේ පාපයට වඩා ඔබේ දඬුවමේ ප්‍රමාණය අඩු වී නම්, එය කුසල් වල දී ඔබට අමතර ප්‍රතිලාභයක් වන්නේ ය. එමෙන්ම ඔවුන්ගේ පාපයන්ට වඩා ඔවුනට කළ දඬුවම වැඩි වී නම් ඔබ දඬුවමට ලක්වනු ඇත. ඔබගෙන් එම අධික ප්‍රමාණය ලබා ඔවුනට පිරිනමනු ඇත. පසුව එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට ගත්තේ ය. ඔහුගේ හඬ උස් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා නොතිබේ ද? "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් ය." එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකුට කිසිවකින් අසාධාරණයක් වන්නේ නැත. ජනයා අතර තුලනය සාධාරණ ලෙස පවතී. එවිට එම මිනිසා මෙසේ පැවසීය. "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුන්ගෙන් වෙන්වීම හා ඔවුන් අත්හැරීමට වඩා වැදගත් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම අල්ලාහ් වෙනුවෙන් නිදහස් පුද්ගලයින් බව මම ඔබව සාක්ෂි වශයෙන් තබා පවසමි. එය විනිශ්චය හා දඬවමට බියෙනි.
සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.))
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.)) එනම් එහි අර්ථය: ජනයා අල් කුර්ආනය කියවමින් පාරායනය කරමින් එය පිළිපදිති. ඒ අය අතුරින් අල්ලාහ් මෙලොවෙහි හා මතුලොවෙහි උසස් කරන අය වෙති. එමෙන්ම මෙලොවෙහි හා මතුලොවෙහි පහත් කරන අය ද වෙති. කවරෙකු අල් කුර්ආනයේ ඇති තොරතුරු තහවුරු කරමින් ඒ අනුව ක්‍රියා කරමින් එහි ඇති නියෝග පිළිපදිමින් එය ඇති තහනම් දැයින් වැළකී එහි ඇති මඟපේවීම් ලබා එය පෙන්වා දුන් ගුණාංග ප්‍රගුණ කරමින් කටයුතු කරන්නේ ද - ඒ සියල්ල යහපත් සාර්ධර්ම වේ.- එවිට අල්ලාහ් ඔහුව මෙලොවෙහි හා මතුලොවෙහි උසස් කරනු ඇත. හේතුව අල් කුර්ආනය දැනුමේ මුලයයි, දැනුමේ උල්පතයි දැනුමේ ආයුෂයි. උත්තරීතර අල්ලාහ් සූරා මුජදලාහි 11 වැනි පාඨයේ මෙසේ සඳහන් කරයි. "ඔබ අතුරින් දෙවියන් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් තරාතිරිම්වලින් අල්ලාහ් උසස් කරනු ඇත." මතුලොවෙහි සුඛෝපභෝගී ස්වර්ගයන්හි ඇතැම් පිරිස් එමගින් අල්ලාහ් උසස් කරවයි. "එමගින් අල්ලාහ් පහත් කිරීම" යනු, තවත් පිරිසක් එය කියවති. එය අලංකාරව කියවති. ඒ සමගම ඔවුහු ඒ ගැන අහංකාර වෙති. -අල්ලාහ් ආරක්ෂා කරත්වා!- නමුත් එහි සඳහන් තොරතුරු තහවුරු නොකරති. එහි නීති රීති නොහදාරති. ඒ අනුව ක්‍රියා කිරීමට උඩඟු වෙති. නබිවරුන් හෝ වෙනත් අය පිළිබඳ ප්‍රකාශිත කතාන්දර, අවසන් දිනය පිළිබඳ හා ඒ හා බැඳුණු තොරතුරු වැනි අල් කුර්ආනයේ යමක් පවසන විට ඒ පිළිබඳව ඔවුහු සැක කරති. විශ්වාස නොකරති. -අල්ලාහ් ආරක්ෂා කරත්වා. එහි ඇති නියෝගයන් පිළිනොපදිති. එහි අති තහනම් දැයින් වැළකී නොසිටිති. බලන්න: රියාලුස් සාලිහීන් හි විග්‍රහය: (4/645-647)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය ප්‍රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය. අල් කුර්ආනය කියවන කුහකයකුට උදාහරණය රයිහාන් උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය තිත්තය. කුර්ආනය නොකියවන කුහකයකුගේ උදාහරණය තිත්තලබු උදාහරණයයි. එයට සුවදක් නැත. එමෙන්ම එහි රසය ද තිත්තය."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.අල් කුර්ආනය කියවීමේ දී හා එමගින් ප්‍රයෝජනය ලැබීමේ දී මිනිසුන් වෙන් කර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පළමුවැන්නා: අල් කුර්ආනය කියවන, එමගින් ප්‍රයෝජනය ලබන දේව විශ්වාසියා. ඔහු පැඟිරි ගෙඩියක් මෙනි. එහි ගන්ධය සුවදැතිය. එහි රසය ද මිහිරිය. එහි ප්‍රයෝජනය ද බහුලය. එහෙයින් ඔහු කියවන දෑ අනුව කටයුතු කරයි. අල්ලාහ්ගේ ගැත්තන්හට සෙත සලසයි. දෙවැන්නා: අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියා. ඔහු ඉඳි ගෙඩියක් මෙනි. එයට සුවදක් නැත. නමුත් එහි රසය ප්‍රසන්නය. ඉඳි ගෙඩිය එහි සුවයෙහි හා එහි ඇතුළාන්තයේ පැණිරසය ආවරණය කර තිබෙන්නාක් මෙන්ම ඔහුගේ සිත ද දේව විශ්වාසය මත ආවරණය කෙරී තිබේ. නමුත් මිනිසුන් ආඝ්‍රාණය කරන තරමට එහි මතුපිට සුවද නැත. එය ඔහුගේ අල් කුර්ආන් කියවීම මිනිසුනට සවන් දීමෙන් ඔවුන් සැනසුමට පත්වන පරිදි නොමැති බැවිනි. තුන්වැන්නා: අල් කුර්ආනය කියවන කුහකයා. ඔහු රයිහානා වැනිය. එයට සුවද ඇති නමුත් එහි රසය තිත්තය. එය ඔහුගේ හදවත දේව විශ්වාසය සමග වලංගු නොවන පරිදි හා අල් කුර්ආනය අනුව ක්‍රියා නොකර, තමන් දේව විශ්වාසියෙකු ලෙස ජනතාව ඉදිරියේ පෙන්වා ගන්නා පරිදිය. ඒ අනුව එහි සුවඳවත් ගන්ධය ඔහුගේ පාරායනයට උපමා කර ඇති අතර එහි ඇති තිත්ත ඔහුගේ දේව ප්‍රතික්ෂේපයට උපමා කර ඇත. සිව්වැන්නා: අල් කුර්ආනය නොකියවන කුහකයා. ඔහු තිත්තලබු වැනිය. එයට සුවදක් නැති අතරම එහි සුවය ද තිත්තය. එහි සුවද නැතිකම ඔහු අල් කුර්ආනය නොකියවන බැවින් ඔහුගේ සුවඳ නැතිකමට උපමා කළේය. එහි රසයේ තිත්තභාවය ඔහුගේ දේව ප්රතික්ෂේපයේ තිත්තභාවයට උපමා කර ඇත. එහෙයින් ඔහුගේ අභ්‍යන්තරය දේව විශ්වාසයෙන් හිස්ව පවතින අතර ඔහුගේ මතු පිටින් ද ප්‍රයෝනයක් නැත. ඒ වෙනුවට ඔහු හානිය ඇති කරන්නෙකි.