





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ගැත්තා 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට ඔහු මාගේ ගැත්තා මා කීර් තියට පත් කළේය යැයි පවසයි. තවත් විටෙක මාගේ ගැත්තා මා වෙත පැවරීය යැයි පවසයි. ගැත්තා 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, ඔහු මෙය මා හා මාගේ ගැත්තා අතර පවතින්නකි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්, සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, මෙය මාගේ ගැත්තා සතුය. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත යැයි ඔහු පවසයි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත."හදීසුල් කුද්සි" දිව්‍ය ප්‍රකාශ සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සලාතයේ සූරා අල්-ෆාතිහාව මා හා මාගේ ගැත්තා අතර කොටස් දෙකකට බෙදා ඇත්තෙමි. එහි එක් අඩක් මා සතුය. අනෙක් අඩ ඔහු සතුය. එහි පළමු අඩ: ප්‍රශංසාව, පැසසුම හා කීර්තිය අල්ලාහ්ට පුද කිරීමය. මම ඔහුට ප්‍රතිඵල පිරිනමමි. දෙවැනි අඩ: බැගෑපත්වීම හා පැතුම, මම ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමි. ඔහු ඉල්ලන දේ මම ඔහුට පිරිනමමි. සලාත් ඉටු කරන්නා: 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට, 'මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි අල්ලාහ් පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය මට ප්‍රශංසා කළේය. මාගේ මැවීම්වලට කළ ආශිර්වාදයන් සම්බන්ධයෙන් ඔහු මා පිළිගත්තේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට, අල්ලාහ්: මාගේ ගැත්තා මා කීර්තියට පත් කළේය යැයි පවසයි. එය විශාල ගෞරවයකි. ඔහු: 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, 'මෙය මා හා මාගේ ගැත්තා අතර වන්නක් යැයි අල්ලාහ් පවසයි. මෙම ආයතයේ අල්ලාහ් සතු පළමු අඩ "ඉය්යාක නඃබුදු" ඔබව පමණක් නමදිමු යන්නයි. එනම් අල්ලාහ් සතු දේවත්වය පිළිගැනීම හා නැමදුම තුළින් ප්‍රතිචාර දැක්වීමය. එමගින් අල්ලාහ් සතු අඩ අවසන් වන්නේය. එම පාඨයේ දෙවන අඩ ගැත්තා සතුය. එය 'ඉය්යාක නස්තඊන්' නම් අල්ලාහ්ගෙන් උදව් පැතීමයි. උදව් කරන බව අල්ලාහ් ඔහුට ප්‍රතිඥා දී ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, අල්ලාහ්: මෙය මාගේ ගැත්තාගේ යටහත්පහත්භාවය හා පැතුමයි මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. මම ඔහුගේ පැතුමට පිළිතුරු දෙමි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සූරා අල්-කහ්ෆ් ආරම්භයෙන් පාඨ දහයක් කටපාඩම් කළේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය.” තවත් වාර්තාවක: “සූරා අල්-කහ්ෆ් අවසානයෙන්” යැයි සඳහන්ව ඇත.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.වාර්ථාවන් දෙක අනුව කවරෙකු සූරා අල් කහ්ෆ් හි ආරම්භයෙන් හෝ එහි අවසානයෙන් හෝ පාඨ දහයක් කට පාඩම් කළේද උත්තරීතර අල්ලාහ් ඔහුව දජ්ජාල්ගේ හානියෙන් හා ඔහුගේ අර්බුධයෙන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ අනුහසින් ඔහු කෙරෙහි ආධිපත්‍යය නොදරනු ඇති අතර ඔහුට කිසිදු හානියක් ද ඔහු විසින් සිදු නොවනු ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ ලුබාබා බෂීර් ඉබ්නු අබ්දුල් මුන්දිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල් කුර්ආනය තාලයට පාරායනය නොකළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.අල් කුර්ආනය තාලයට පාරායනය කිරීම සඳහා මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උනන්දු කරවා ඇත. මෙම පදයට අර්ථ දෙකක් ඇත. පළමුවැන්න: කවරෙකු එය තාලයට පාරායනය නොකළේ ද එනම් කුර්ආනය අලංකාර කටහඬකින් පාරායනය නොකළේ ද යන්නයි. දෙවන අර්ථය ඒ හැර වෙනත් දෙයකින් යහමග සොයමින් එමගින් ප්‍රයෝජනය නොලැබුවේද යන්නයි. ඔහු අප අතරින් කෙනෙකු නොවන්නේය. මෙය ඉතා දැඩි අවවාදයකි. සැබැවින්ම මෙම පාපය අවවාදාත්මක හා තර්ජනනාත්මක මහා පාපයන්ගෙන් එකකි. අල්කුර්ආනය හැර වෙනත් යමකින් යහමග පතන්නා වනාහි, අල්ලාහ් ඔහුව නොමග යන්නට ඉඩ හැරීම ගැන කිසිදු සැකයක් නැත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා. ඒ අනුව අල් කුර්ආනය අලංකාර කටහඬින් පාරායනය කළ යුතු බවත් ඒ හැර වෙනත් කිසිවකින් මග සොයා එය අවශ්‍යතාවක් නොවන තත්ත්වයට පත් නොකළ යුතු යැයි ද පෙන්වා දෙයි.
අබූ සඊද් රාෆිඃ ඉබ්නු අල් මුඃලී-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මට මෙසේ පවසා සිටියහ. “ඔබ මස්ජිදයෙන් පිටව යන්නට මත්තෙන් අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවෙම්ද?“ පසුව මාගේ අත අල්ලා ගත්තේය. අපි පිටව යන්නට සිතූ කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අල් කුර්ආනයේ ඇති අති මහත් සූරාව සැබැවින්ම මම ඔබට කියා දෙන්නදැ?යි ඔබ පැවසුවෙහිය“ යැයි ඇසුවෙමි. එතුමා: අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් වේ. එය සබඃ මසානී හෙවත් නැවත නැවතත් කියවෙන වැකි හතකින් සමන්විත වූවකි. එමෙන්ම එය මට පිරිනමනු ලැබූ අති මහත් කුර්ආනය වේ. යැයි පැවසුහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.අබූ සඊද් රාෆිඃ ඉබ්නු අල් මුඃලී-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මට මෙසේ පවසා සිටියහ. “අලා“ යන පදය මින් පසුව ඇති පද පෙළ කතා කරනු ලබන්නාට අවධාරණය කරනු වස් සඳහන් ප්‍රකාශයකි. “ඔබ මස්ජිදයෙන් පිටව යන්නට මත්තෙන් අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දෙන්නද?“ එසේ එතුමා පවසා සිටියේ, ඔහු ඒ ගැන ආරම්භයක් නොදන්නා බැවින් හා ඔහුගේ බුද්ධියට වැටහෙන හා එය සම්පූර්ණව පිළිගැනීමට හැකිවන අයුරින් සිදුකරන ඇරයුමක් ලෙසිනි. ‘පසුව මාගේ අත අල්ලා ගත්තේය.‘ එය එතුමාණන් එසේ පවසා අපි ගමන් ගත් පසුවය. අපි පිටව යන්නට සිතූ කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අල් කුර්ආනයේ ඇති අති මහත් සූරාව සැබැවින්ම මම ඔබට කියා දෙන්නදැ?යි ඔබ පැවසුවෙහිය“ යැයි ඇසුවෙමි. එතුමා, “අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් වේ. එනම් සූරතුල් ෆාතිහාය“ යැයි පැවසූහ. එය අතිමහත් සූරාවක් වන්නට හේතුව අල්කුර්ආනයේ ඇති සියලු අරමුණු තමන් සතුකර ගෙන තිබෙන බැවිනි. එහෙයින් එයට උම්මුල් කුර්ආන් (කුර්ආනයේ මව) යැයි නම් කරන ලදී. සෙසු සූරාවන්ට වඩා මෙම සූරාවෙහි වැදගත් කම වෙන්කර පෙන්වනු වස් එය (සබඃ මසානී) හෙවත් නැවත නැවතත් කියවෙන වැකි හතකින් සමන්විත වූවක් යැයි පවසා එය සංකේතවත් කළහ. එනම්, එසේ නම්කරනු ලැබුවේ, ද්විත්වය යන තේරුම ගෙන දෙන තස්නියා නම් අරාබි පදයෙන් මුසන්නාත් යන බහු පදය භාවිත කරමින් විය හැක. හේතුව සෑම සලාතයකම දෙක දෙක බැගින් බහුවාර ගණනක් පවසන බැවිනි. එසේ නැතිනම් සෙසු සූරාවන් මෙන් නොව දෙවතාවක් බැගින් කියවන බැවිනි. එසේත් නැත්නම් ප්‍රශංසාව හා ප්‍රාර්ථනාව යන කොටස් දෙක එහි අන්තර්ගතව ඇති බැවිනි. එසේත් නැතිනම් එහි ගොඩ නැගී ඇති වාග්ශෛයලය හා එහි අර්ථයේ වාග්චාතුර්යය යන කරුණු දෙක හේතුවෙනි. එසේත් නැතිනම් කාලය ගෙවී ගිය ද එය නැවත නැවතත් කියවනු ලබන බැවිනි. එය නිරතුරුව නැවත නැවතත් කියවනු ලබන්නක් මෙන්ම එය හදාරන්නේ නැතිවම හදාරන්නක් වෙයි. එසේත් නැතිනම් එහි ඇති ප්‍රයෝජන අවස්ථාවෙන් අවස්ථාවට අලුත්වන බැවිනි. එයට අවසානයක් නැත. ප්‍රශංසාව යන අර්ථය ගෙන දෙන සනාඋ යන පදයෙන් බිහි වූ මුසන්නාහ් යන බහු වචනයෙන් ද එහි අර්ථය විය හැක. හේතුව මෙහි අල්ලාහ්ගේ පැසසුම අන්තර්ගතව ඇති බැවිනි. එමෙන්ම අල්ලාහ්ගේ අලංකාර නාමයන් හා ඔහුගේ ගුණාංග ගුණගායනා කරන්නක් මෙන් මෙය පවතින බැවිනි. එසේත් නැතිනම් වෙන්කිරීම යන අර්ථය ගෙන දෙන සනායා යන පදයෙන් අර්ථවත් විය හැක. හේතුව අල්ලාහ් මෙම සමූහය වෙනුවෙන් එය වෙන්කර දී ඇති බැවිනි. මේ හැර වෙනත් දෙයක් ද විය හැක. අතිමහත් කුර්ආනය යන පදය වනාහි එසේ එය තවදුරටත් වර්ණනා කර ඇත්තේද මේ හේතූන් මතය. එය මට දෙනු ලැබීය. එනම් එය මට දෙනු ලැබීයක් විය. එය අතිමහත් අල් කුර්ආනය යනුවෙන් නම් කර ඇත්තේ මෙලොව හා මතුලොව ඇති සියල්ල අන්තර්ගතවූ නීති හා සංකල්ප යන සියල්ල එක්ව ඇති බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. “ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.මෙය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කළ හදීසයකි. නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. යැයි පවසා සිටියහ. එනම්, අල් කුර්ආනය මනා ලෙස හසුරන එය ආරක්ෂා කරන තැනැත්තා යන්නයි. මෙහිදී අදහස් කරනුයේ අල්කුර්ආනය වනපොත් කර ගනිමින් මනා ලෙස අල් කුර්ආනය කියවන්නා දැහැමි උතුම් දේව දූතයින් සමග සිටීවි යන්නය. මෙම උතුම් දැහැමි උදවිය මලක්වරු වෙති. සූරා අබසා හි 13-16 දක්වා වූ වැකි මෙසේ පවසා සිටියි. (අල්කුර්ආනය) පිවිතුරු, උසින් පිහිටන ලද, ගෞරවණීය පුස්තකයේ විය. එය දැහැමි ගෞරවණීය උතුම් අයගේ අත්හිය.එහෙයින් දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා මලක්වරුන් සමග වෙති. හේතුව දැහැමි උතුම් මලක්වරුන්ට එය පහසු කළාක් මෙන්ම ඔහුටද එය පහසු කරනු ඇත. අල්කුර්ආනය කියවීමේදී ඔවුන් මලක්වරුන් හා සමානව සිටිති. අල්ලාහ් අබියස වූ තරාතිරම්වලදී ද ඔවුනට සමාන වෙති. එසේම, අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි. පළමුවැන්න අල්කුර්ආනය කියවීම සඳහාය. දෙවැන්න, අපහසුතාව හා දුෂ්කරතාව සඳහාය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටි බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රාත්‍රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. එනම්: කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ නොදුටුවෙහිද? එනම් ඔබ නොදන්නෙහිද? එය වාර්තාකරුට පමණක් ඍජුව කතා කරමිනි. නමුත් මෙමගින් අපේක්ෂා කරනු ලබනුයේ පොදුවෙනි.එය විශ්මයාර්ථ පදයකි. එසේ විශ්වමය දන්වන හේතුව වෙත සංකේතවත් කර ඇත්තේ ඒ හා සමාන කිසිවක් දකින්නට නොවීය යන පදයෙනි. එනම් එහි මූලික පදනම ආරක්ෂාව පැතීමය. කිසිවිටෙක යන ප්‍රකාශය වනාහි එය නොවීය යන්න තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත. එනම් පූර්ණ ලෙසින් මෙම සූරා දෙක නපුරෙන් ආරක්ෂාව පතා සිටින්නාක් වෙනත් වදන් දකින්නට නොවූ බැවිනි. මෙම දෙක තුළින් විශ්වාසයෙන් යුතුව හා සැබෑ ලෙසින් ආරක්ෂාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට ආරක්ෂාව පිරිනමනු ඇත. මෙයින් ලැබෙන පාඩම වනුයේ මෙම සූරාවන් දෙක තුළින් මිනිසා ආරක්ෂා පැතිය යුතු බවය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.හිරු නැගෙනහිරෙන් උදාවීම වෙනුවට බටහිරින් උදාවීම අවසන් දිනයේ මහා සළකුණු අතරින් එකක් බව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මිනිසුන් එය දකින අවස්ථාවේ සියලු දෙනාම දේවත්වය විශ්වාස කරති. එම අවස්ථාවේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගේ විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. එමෙන්ම ඔහුගේ දැහැමි ක්‍රියාවන් හෝ ඔහුගේ පශ්චාත්තාපය හෝ ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. පසු ව, අවසන් හෝරාව ක්ෂණික ව සිදුවන බව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දන්වා සිටියහ. ජනයා කවර තත්ත්වයන් මත සිටින්නේ ද ඒ ඒ තත්ත්වයන් හි ඔවුන්ගේ ජීවන කටයුතුවල යොමු වී සිටිය දී එය ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා අතර වෙළඳාම් කිරීමට ඇඳුමක් දිගු හරිමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. එහි ගනු දෙනු කිරීමට හෝ එය නවා දැමීමට හෝ ඔවුන් දෙදෙනාට නොහැකි වනු ඇත. මිනිසකු තම ඔටුවාගේ කිරි දොවමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. ඔහුට එය පානය කිරීමට නොහැකි වනු ඇත. මිනිසෙකු තම තටාකය සකසා එය සුමට කරමින් සිටිය දී අවසන් හෝරාව උදා වනු ඇත. එයට ජලය සැපයීමට පවා ඔහුට නොහැකි වනු ඇත. මිනිසෙකු ආහාර මිටක් තම කටට ඔසවන තත්ත්වයේ අවසන් හෝරාව උදා වනු ඇත. ඔහුට එය අනුභව කිරීමට පවා නොහැකි වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මරණය කළු සුදු මිශ්රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ. එවිට ඇරයුම් කරුවකු "අහෝ ස්වර්ග වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු බෙලි දිගු කරමින් බලති. ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. ඔවුහු: "එසේය, මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබුණි. පසුව නැවතත් "අහෝ නිරා වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු ද බෙලි දිගු කරමින් බලති. එවිට ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. එවිට ඔවුහු: "මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනකුම එය දැක තිබුණි. පසුව එය කපා හරිනු ලැබ අනතුරුව "අහෝ ස්වර්ග වැසියනි! සදාතනිකභාවයයි. එහෙයින් මරණයක් නැත, අහෝ අපා වැසියනි! සදාතනිකභාවයයි. මරණයක් නැත යැයි පවසයි. පසුව හෙතෙම "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු" යන (සූරා මර්යම්: 39) පාඨය පාරායනය කළේය. එසේ නොසැලකිල්ලෙන් සිටි අය මෙලොව වාසීහු වෙති."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කළු සුදු පැහැය මිශ්රැති බැටලුවකුගේ හැඩය හා සමානව මරණය ගෙන එනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විග්රහ කර ඇත. එවිට "අහෝ ස්වර්ග වැසියනි!" යැයි අමතනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කරමින් ඔවුන්ගේ හිස් ඔසවමින් බලති. "නුඹලා මෙය හඳුනනවාද?" යැයි ඔවුන්ගෙන් විමසයි. "එසේය, එය මරණයයි" ඔවුහු පවති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබෙන අතර එය වටහා ගනියි. පසුව ඇරයුම් කරන්නා "අහෝ අපා වාසියනි!" යැයි අමතයි. එවිට ඔවුහු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කර ඔවුන්ගේ හිස් ඔසවා බලති. "නුඹලා මෙය හඳුනනවාද?" යැයි විමසයි. "එසේය, එය මරණයයි" යනු ඔවුහු පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබේ. පසුව එය කපා හරිනු ලැබේ. පසුව ඇරයුම් කරන්නා: "අහෝ ස්වර්ග වැසියනි! මෙය සදාතනික රැඳුමකි. එහෙයින් මරණයක් නැත. අහෝ අපා වැසියනි! මෙය සදාතනිකයින්ගෙන් සදාතනික රැඳුමකි. එහෙයින් මරණයක් නැත" යැයි පවසයි. මෙසේ සිදු වන්නේ දේවත්වය විශ්වාස කරන්නන්ගේ සතුට වැඩි කිරීමට හා දේවත්වය ප්‍රතික්ෂේප කර දඬුවමට ලක්වන්නන් කෝපයට පත් කිරීමට වේ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පාරායනය කළහ. "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු." මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග වාසීන් හා අපා වාසීන් වෙන් කරනු ලැබේ. ඒ සෑම කෙනෙකුම ඔහු යා යුතු තැනට සදාතනිකයකු ලෙස පිවිසෙනු ඇත. නපුරු තැනැත්තා යහපත නොකළේ නම්, ඔහු පසුතැවිලි වී කණස්සල්ලට පත් වනු ඇත. එමෙන්ම අඩුපාඩුකම් ඇත්තා යහපත අධික නොකළේ නම්, ඔහු ද ඔහු පසුතැවිලි වී කණස්සල්ලට පත් වනු ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ආගම් ලත් ජනයා තව්රාතය අබ්රානී භාෂාවෙන් කියවමින් සිටි අතර ඉස්ලාම් වාසීන් හට එය අරාබි බසින් විග්රහ කරමින් සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු. ඒ වෙනුවට "අපි අල්ලාහ් හා අප වෙත පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළෙමු යැයි පවසනු. (අල් බකරා: 136).
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.ආගම් ලත් ජනයා ඔවුන්ගේ පුස්තක තුළින් දැනුම් දෙන දෑ ගැන රැවටීමට ලක් වීමෙන් ප්‍රවේසම් වන මෙන් තම සමූහයාට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ යුදෙව්වන් අබරි බසින් තව්රාතය කියවමින් සිටි අතර -එය යුදෙව්වන්ගේ බස විය- අරාබි බසින් එය විග්රහ කරමින් සිටියෝය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු යැයි පැවසූහ. එය එහි සත්‍යභාවය එහි ව්‍යාජ දැයින් හඳුනා ගත නොහැකි කරුණුවලදීය. එය අල් කුර්ආනයෙන් අප වෙත පහළ කරනු ලැබූ දෑ හා දිව්‍ය ග්රන්ථ අතරින් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ අප විශ්වාස කිරීමට අපට උත්තරීතර අල්ලාහ් අණ කර ඇති බැවිනි. ඒ හැර එම ග්රන්ථ තුළින් ඔවුන් පවසන දෑ නිවැරදි යැයි දැන ගැනීමට වෙනත් මඟක් නැත. අපේ පිළිවෙත තුළ එහි ව්‍යාජත්වයෙන් සත්‍යයතාව පැහැදිළි කරන කරුණක් නොමැති වූ විටෙක, අපි නතර වෙමු. අපි ඔවුන් පවසන දෑ සත්‍ය බව සහතික නොකරමු. ඊට හේතුව ඔවුන් එහි විකෘති කොට පවසන දෑහි අප ද කොටස්කරුවන් නොවනු පිණිසය. එමෙන්ම අපි ඔවුන් පවසන දෑ බොරු යැයි ද නොපවසමු. ඇතැම් විට එය නිවැරදි විය හැක. එහෙයින් කවර කරුණක් අප විශ්වාස කළ යුතු යැයි නියෝග කර ඇත්තේ ද අපි එය හෙළා දකින්නන් වනු ඇත. අප මෙසේ පැවසිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. “අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.' යැයි නුඹලා පවසනු." (අල්-බකරා: 136)