





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සඊද් ඉබ්නු අල්-මුසයියිබ් තුමා, තම පියාගෙන් ලබා මෙසේ වාර්තා කරයි: අබූ තාලිබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසල අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටිනු දුටුහ. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ. එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙතින් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙහි ද?' යැයි විමසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නැවතත් එතුමාට ඇරයුම් කළේය. ඔවුන් දෙදෙනාද එම ප්‍රකාශයම නැවත නැවතත් පැවසූහ. අවසානයේ අබ්දුල් මුත්තලිබ් ඔවුන්ගේ ප්‍රකාශයම පවසා සිටියේය. එනම් තමන් අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත සිටින බවය. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබ ගැන මා නො වළක්වන තාක්කල් සැබැවින්ම මම ඔබට සමාව අයැද සිටින්නෙමි. එවිට අල්ලාහ් මෙම පාඨය පහළ කළේය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නො හැකිය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56)
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මහප්පා වන අබූ තාලිබ් මරණයට පත්වෙමින් සිටිය දී ඔහු වෙත ප්‍රවේශ වී මෙසේ පැවසීය. අහෝ මාගේ මහප්පාණනි! "අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා සාක්ෂි දැරිය හැකි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යන ප්‍රකාශය පවසන්න". එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘අහෝ අබූ තාලිබ්! ඔබ ඔබේ පියා වන අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත අත්හැර දමන්නෙහි ද? එය පිළිම වන්දනාවයි.' ඔවුන් පවසා සිටි දෑ ඔහු අවසානයට පවසා සිටින තෙක්ම එසේ කතා කරමින්ම සිටියෝය. එනම්: අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත වීමය. එය බහුදේවාදී පිළිවෙතය; පිළිම වන්දනාමානය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: 'මාගේ පරමාධිපති ඒ ගැන මා වළක්වන තාක්කල් මම ඔබ වෙනුවෙන් සමාව අයැද සිටිමි' යැයි පැවසූහ. එවිට උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය පහළ විය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56) ඔබ කවරෙකුට යහමඟ ලබා දෙන්නට ප්‍රිය කළෙහි ද එසේ ඔබ විසින් ඔහුට යහමග ලබා දෙන්නට නොහැක. ඔබේ වගකීම වනුයේ ඉස්ලාමයට ඇරයුම් කිරීම පමණි. තමන් අභිමත අයට යහමඟ පිරිනමනුයේ අල්ලාහ් ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය ප්‍රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය. අල් කුර්ආනය කියවන කුහකයකුට උදාහරණය රයිහාන් උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය තිත්තය. කුර්ආනය නොකියවන කුහකයකුගේ උදාහරණය තිත්තලබු උදාහරණයයි. එයට සුවදක් නැත. එමෙන්ම එහි රසය ද තිත්තය."
متفق عليهඅල් කුර්ආනය කියවීමේ දී හා එමගින් ප්‍රයෝජනය ලැබීමේ දී මිනිසුන් වෙන් කර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පළමුවැන්නා: අල් කුර්ආනය කියවන, එමගින් ප්‍රයෝජනය ලබන දේව විශ්වාසියා. ඔහු පැඟිරි ගෙඩියක් මෙනි. එහි ගන්ධය සුවදැතිය. එහි රසය ද මිහිරිය. එහි ප්‍රයෝජනය ද බහුලය. එහෙයින් ඔහු කියවන දෑ අනුව කටයුතු කරයි. අල්ලාහ්ගේ ගැත්තන්හට සෙත සලසයි. දෙවැන්නා: අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියා. ඔහු ඉඳි ගෙඩියක් මෙනි. එයට සුවදක් නැත. නමුත් එහි රසය ප්‍රසන්නය. ඉඳි ගෙඩිය එහි සුවයෙහි හා එහි ඇතුළාන්තයේ පැණිරසය ආවරණය කර තිබෙන්නාක් මෙන්ම ඔහුගේ සිත ද දේව විශ්වාසය මත ආවරණය කෙරී තිබේ. නමුත් මිනිසුන් ආඝ්‍රාණය කරන තරමට එහි මතුපිට සුවද නැත. එය ඔහුගේ අල් කුර්ආන් කියවීම මිනිසුනට සවන් දීමෙන් ඔවුන් සැනසුමට පත්වන පරිදි නොමැති බැවිනි. තුන්වැන්නා: අල් කුර්ආනය කියවන කුහකයා. ඔහු රයිහානා වැනිය. එයට සුවද ඇති නමුත් එහි රසය තිත්තය. එය ඔහුගේ හදවත දේව විශ්වාසය සමග වලංගු නොවන පරිදි හා අල් කුර්ආනය අනුව ක්‍රියා නොකර, තමන් දේව විශ්වාසියෙකු ලෙස ජනතාව ඉදිරියේ පෙන්වා ගන්නා පරිදිය. ඒ අනුව එහි සුවඳවත් ගන්ධය ඔහුගේ පාරායනයට උපමා කර ඇති අතර එහි ඇති තිත්ත ඔහුගේ දේව ප්‍රතික්ෂේපයට උපමා කර ඇත. සිව්වැන්නා: අල් කුර්ආනය නොකියවන කුහකයා. ඔහු තිත්තලබු වැනිය. එයට සුවදක් නැති අතරම එහි සුවය ද තිත්තය. එහි සුවද නැතිකම ඔහු අල් කුර්ආනය නොකියවන බැවින් ඔහුගේ සුවඳ නැතිකමට උපමා කළේය. එහි රසයේ තිත්තභාවය ඔහුගේ දේව ප්රතික්ෂේපයේ තිත්තභාවයට උපමා කර ඇත. එහෙයින් ඔහුගේ අභ්‍යන්තරය දේව විශ්වාසයෙන් හිස්ව පවතින අතර ඔහුගේ මතු පිටින් ද ප්‍රයෝනයක් නැත. ඒ වෙනුවට ඔහු හානිය ඇති කරන්නෙකි.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට මෙසේ පැවසීය. "ඔබ මට කියවා පෙන්වනු" එවිට මම 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට පහළ වී තිබිය දී මම ඔබට කියවා පෙන්වන්න ද?' යැයි ඇසුවෙමි. එතුමාණෝ 'එසේය' යැයි පැවසූහ. එවිට "එසේ නම් අපි සෑම ජනතාවකින්ම සාක්ෂිකරුවෙකු ගෙනැවිත් ඔවුන්ට එරෙහිව සාක්ෂිකරුවෙකු ලෙස ඔබව ගෙන එන විට එය කෙසේ වේද?" යන තේරුම ගෙන දෙන (අල්-කුර්ආනය, 4:41) වැකිය දක්වා පැමිණෙන තෙක් අන්-නිසා පරිච්ඡේදය පාරායනය කළෙමි. ඉන්පසු එතුමාණෝ "දැන් ප්‍රමාණවත් ය." යනුවෙන් පැවසුහ. පසුව එතුමාණන් දෙස හැරී බැලුවෙමි. එවිට එතුමාණන්ගේ ඇස්වලින් කඳුළු වැටෙමින් තිබිණ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් තමන්ට අල් කුර් ආනයේ කොටසක් කියවා පෙන්වන මෙන් ඉල්ල සිටියහ. එවිට හෙතෙම 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අල් කුර්ආනය පහළ වී තිබිය දී මම ඔබට එය කියවා පෙන්වන්නේ කෙසේ ද?' යැයි විමසා සිටියේය. එවිට ඒතුමාණෝ 'වෙනත් කෙනෙකුගෙන් නොව ඔබෙන් එය සවන් දෙන්නට මම කැමැත්තෙමි' යැයි පැවසූහ. පසුව අන්-නිසා පරිච්ඡේදය පාරායනය කරන්නට ගත්තේය. "එසේ නම් අපි සෑම ජනතාවකින්ම සාක්ෂිකරුවෙකු ගෙනැවිත් ඔවුන්ට එරෙහිව සාක්ෂිකරුවෙකු ලෙස ඔබව ගෙන එන විට එය කෙසේ වේද?" යන තේරුම ගෙන දෙන (අල්-කුර් ආනය, 4:41) වැකිය දක්වා ළඟා වූ කල්හි නතර කළහ. එනම්: 'ඔබේ පරමාධිපතියාණන්ගේ දූත පණිවිඩය ඔබේ ප්‍රජාවට ඔබ දැනුම් දුන්නේ දැයි විමසා ඔවුන් වෙනුවෙන් ඔබව සාක්ෂිකරුවකු සේ අපි ඔබ කැඳවන විට, ඔබේ තත්ත්වය හා ඔබේ ප්‍රජාවේ තත්ත්වය කෙසේ නම් වනු ඇත්ද?' පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කිරීම දැන් නතර කරන මෙන් පවසා සිටියහ. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය. මම එතුමාණන් දෙස හැරී බැලුවෙමි. එවිට එම තත්ත්වය ගැන බියවෙමින් හා තම ප්‍රජාව වෙත වූ කරුණාවෙන් එතුමාණන්ගේ ඇස් දෙකින් කඳුළු හැළෙන්නට විය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත."
متفق عليهඅල් කුර්ආනය හදාරා, එය බලමින් හෝ කටපාඩමින් කියවීමට ඇල්ම දක්වන උදවිය ඔටුවකුගේ පාදය ලණුවකින් බැඳ දමා ඇති ඔටු හිමියෙකුට උපමා කළහ. ඔහු එසේ බැඳ තබන්නේ නම් ඔහු එය රඳවාගනු ඇත. උගේ පාලනය මුදා හැරියේ නම් ඌ පළා යනු ඇත. එලෙසම අල් කුර්ආනය සමග බැඳී කටයුතු කර එහි ඇති දෑ ඔහු කියවන්නේ ද එය ඔහුව මෙනෙහි කරනු ඇත. එසේ නොවූ විටෙක එය අමතක කර දමනු ඇත. එබැවින් අල් කුර්ආනය සමග වූ බැඳියාව පවතින කල්තාක් ආරක්ෂාව ද පවතිනු ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් ප්‍රකාශ කරන ලදී. "ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී තමන්ට ඉහළින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව තම හිස ඔසවා මෙසේ පැවසීය: "මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් මලක්වරයකු පහළ විය. එවිට ඔහු: 'මහපොළොව වෙත පහළ වූ මෙම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත.' පසුව සලාම් පවසා මෙසේ පැවසීය: 'ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසානයයි. ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය."
رواه مسلمජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී දොරක් විවෘත කළ විට මතු වන හඬක් මෙන් අහසින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තම හිස ඔසවා අහස දෙස බලා පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙසේ පැවසීය: මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් සුරදූතයකු මහපොළොවට පහළ විය. එම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත. පසුව එම මලක්වරයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා මෙසේ පැවසීය: ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසාන වැකි දෙකය. පසුව එම මලක්වරයා මෙසේ පැවසීය: 'ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඒ දෙකෙහි ඇති යහපත ප්‍රාර්ථනාව හා ඉල්ලීම ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත. දීප්තිමත් සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් දෙක කියවන්න. මන්ද ඔවුන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ වියන් දෙකක් මෙන් හෝ පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් හෝ ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනු ඇත. සූරා අල්-බකරා පාරායනය කරන්න, මන්ද එය පිළිපැදීම සමෘද්ධියකි. එය අත්හැරීම පසුතැවිල්ලට හේතුවකි. ව්‍යාජ දෑට එය ජය ගත නොහැක."
رواه مسلمඅල් කුර්ආනය නිරතුරුව කියවන්නට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිමත් කර ඇත. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කියවා ඒ අනුව කටයුතු කරන්නන් වෙනුවෙන් මැදිහත් වන බැවිනි. පසුව සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් යන සූරා දෙක පාරායනය කරන මෙන් සහතික කර ප්‍රකාශ කළහ. ඒ දෙක 'අස් සහ්රවෙයින් අල් මුනීරතයින්' (දීප්තිමත් ආලෝක දෙක) යනුවෙන් නම් කළහ. එය ඒ දෙකෙහි ඇති ආලෝකය හා මගපෙන්වීම හේතුවෙනි. සැබැවින්ම ඒ දෙක පාරායනය කිරීම, ඒ දෙකෙහි අර්ථය පරිශීලනය කිරීම හා ඒ දෙකෙහි ඇති දෑ අනුව කටයුතු කිරීම යනාදියෙහි ප්‍රතිඵල හා කුසල්, මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ එවැනි වියන් දෙකක් මෙන් හෝ තටු එකිනෙකට අමුණා පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් වී ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් හෙවණ ලබා දෙනු ඇත. ඔහුව ආරක්ෂා කරනු ඇත. පසුව සූරා අල්-බකරා පාරායනය කිරීම, එහි අර්ථය පරිශීලනය කිරීම සහ එහි ඇති දෑට අනුව ක්‍රියා කිරීම යනාදියෙහි ද අඛණ්ඩව නිරත වන මෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තරයේ ප්‍රකාශ කර සිටියහ. මන්ද එය පිළිපැදීමෙහි මෙලොවෙහි හා මතුලොවෙහි සමෘද්ධිය හා අතිමහත් ප්‍රයෝජන ඇති බැවිනි. එය අත්හැරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පසුතැවිල්ලට හා පරාජයට හේතු වේ. මෙම සූරාව කියවීමෙහි මහිමය නම්, එය කියවන තැනැත්තාට හානියක් කිරීමට ගුරුකම් කරන්නන්ට පවා හැකියාවක් නොලැබීමය.
ජුන්දුබ් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරනු ලැබීය. "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු, ඒ වන විට අපි ශක්තිමත් තරුණයින් වූයෙමු. එබැවින් අපි අල්-කුර්ආනය ඉගෙන ගැනීමට පෙර ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත්තෙමු. පසුව අපි කුර්ආනය ඉගෙන ගත්තෙමු. එමඟින් අපගේ විශ්වාසය වැඩි විය."
رواه ابن ماجهජුන්දුබ් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමු. ඒ වනවිට අපි වැඩිවියට පත්වන වියේ පසු වූ, ශක්තිමත් හා බලවත් තරුණයන් වූයෙමු. අපි අල්කුර්ආනය ඉගෙන ගැනීමට පෙර නබිතුමාගෙන් ඊමානය (දේව විශ්වාසය) ඉගෙන ගත් අතර පසුව අපි අල්-කුර්ආනය ඉගෙන ගත්තෙමු. ඒ හේතුවෙන් අපගේ විශ්වාසය වැඩි විය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ වක්තෘවරුන් අතුරින් මිනිසුන් ඔහු විශ්වාස කිරීමට හේතු වූ, (ප්රාතිහාර්යක්) පිරිනමනු ලැබ, මිනිස් වර්ගයා එය විශ්වාස කළ කිසිම වක්තෘවරයෙක් නොවීය. මට දෙනු ලැබ ඇත්තේ මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්‍ය පණිවිඩයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතුරින් බහුතරයක් දෙනා මා අනුගමනය කරන අය වීම ගැන මම අපේක්ෂා කරමි.”
متفق عليهසියලුම නබිවරුන් හට අල්ලාහ් සහාය දී ඇති බවත්, ඔවුන්ගේ වක්තෘභාවය සනාථ කරන අසාමාන්‍ය සංඥා සහ ප්රාතිහාර්යයන් ඔවුන්ට ලබා දුන් බවත්, ඒවා දකින අයට ඔවුන්ගේ සත්‍යවාදී බව විශ්වාස කිරීම අවශ්‍ය බවත්, ඔහු අභියෝගය ජය ගන්නා බවත්, ඔහුට ඉන් වැළකී සිටිය නොහැකි බවත්, නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර මුරණ්ඩු විය හැකි බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහන් කළේය. නියත වශයෙන්ම එතුමාණන්ට හිමි වූ සංඥාව සහ ප්රාතිහාර්යය අල්ලාහ් එතුමාණන්ට හෙළි කළ අල් කුර්ආනයයි. මක්නිසාදයත් එහි පැහැදිලි හා අඛණ්ඩ ආශ්චර්යයන් අඩංගු වන බැවින් ද එහි ප්‍රතිලාභයේ බහුලත්වය සහ එහි ප්‍රතිලාභයේ පොදු බව පිහිටා ඇති බැවින් ද එහි ඇමතුම සාක්ෂි සහ සිදුවීමට යන දේ පිළිබඳ ප්රවෘත්ති අඩංගු වන බැවින් ද වේ. එමෙන්ම එහි ප්‍රතිලාභය සහභාගි වී සිටි අයට, සහභාගී නොවූ අයට, සොයාගත් අයට සහ සොයා ගන්නට අපේක්ෂා කරන අයට පොදුවේ ආවරණය වී ඇත. ඉන්පසු එතුමා මෙසේ පැවසීය: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතුරින් බහුතරයක් දෙනා මා අනුගමනය කරන අය වීම ගැන මම අපේක්ෂා කරමි.”
කතාදා තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අල්-කුර්ආන් පාරායනය කෙසේ වී දැයි අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: "හඩ දිගුවට ඇද පාරායනය කරන ආකාරයෙන් විය" යැයි පවසා පසුව 'බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්' (සූරා අල්-ෆාතිහා 1) හි බිස්මිල්ලාහ් යන පදය අදිමින් රහ්මාන් යන පදය ද අදිමින් රහීම් යන පදය ද අදිමින් පාරායනය කර පෙන්වීය.
رواه البخاريනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අල්-කුර්ආන් පාරායනය කෙසේ වී දැයි අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: "පාරායනයේ දී එතුමාණන්ගේ හඩ දිගුවට ඇද පාරායනය කරන ආකාරයෙන් විය." 'අල්ලාහ්' නම් පදයේ 'හා' ස්වරයට පෙර ඇති 'ලාම්' ස්වරය ඇද්දහ. 'රහ්මාන්' යන පදයේ 'නූන්' ස්වරයට පෙර 'මීම්' ස්වරය ඇද්දහ. 'රහීම්' යන පදයේ 'හා' ස්වරය ඇද්දහ." යනුවෙන් පැවසුවේය.