





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" යන පාඨය පහළ වන තෙක් සූරාව වෙන්කර හඳුනා ගත නොහැකි විය."
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.සැබැවින්ම අල් කුර්ආනයේ සූරාවන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වෙමින් පැවතිණි. නමුත් එහි වෙන් කිරීම හා එහි අවසානය එතුමාණන් වෙත "බිස්මිල්ලාහි-ර් රහ්මානි-ර් රහීම්" යන පාඨය පහළ වන තෙක් දැන ගත්තේ නැත. පසුව පෙර සූරාව අවසන් වී නව සූරාවක් ආරම්භ වී ඇතැයි එතුමාණන් දැන ගනී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දෑ අනුව ක්‍රියා කරන, එය කියවමින් හා කටපාඩම් කරමින් පිළිපදින්නාට මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරාතිරම්හි උසස්භාවය ලබන්න. මෙලොවෙහි ඔබ රාගිකව හා තැන්පත්ව අල් කුර්ආනය තාලයට කියෙව්වාක් මෙන් තාලයට කියවන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසානයයි.
අබූ අබ්දුර් රහ්මාන් අස්-සුලමා (රහිමහුල්ලාහ්) විසින් වාර්තා කරන ලදී. අප වෙත අල් කුර්ආනය කියවා පෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමියෙක්: "සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්‍රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය නොගත් බවත් අපි දැනුම සහ ක්‍රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය.
අහ්මද් එය වාර්තා කර ඇත.සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් පාඨ දහයක් ඉගෙන ගත් විට, එම පාඨ දහයේ ඇති දැනුම වටහා ගෙන ඒ අනුව ක්‍රියා කරන තෙක් අනෙක් දහයට යොමු වූයේ නැත. ඔවුහු දැනුම ලබා ගත්තා පමණක් නොව ඒ සමගම එය ක්‍රියාවට නැංවූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඇති වැදගත්ම පාඨය කුමක්දැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උබෙයි ඉබ්නු කඃබ් තුමාගෙන් විමසා සිටියහ. ඔහු පිළිතුරු දීමට පසුබට විය. පසුව ඔහු (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) "අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තවදුරටත් තහවුරු කර ඔහුගේ පපුවට තට්ටු කර දැනුමෙන් හා ප්‍රඥාවෙන් එය පිරී ඇති බව පෙන්වා දුන් අතර මෙම දැනුම හේතුවෙන් ඔහුට මිහිරි බව ඇති වීමටත් ඔහුට පහසු වීමටත් ප්‍රාර්ථනා කර සිටියහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රාත්‍රියකම තම නිදියහනට පැමිණි විට තම දෙඅත් එකතු කර ගනියි. පසුව එහි පිඹ ඒ දෙකෙහි "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්" යන දෑ පාරායනය කරයි. පසුව ඒ දෙකින් තම ශරීරය හැකිතාක් පිරිමදියි. එතුමාණන්ගේ හිස මුහුණ සහ ශරීරයේ ඉදිරි කොටස්වලින් එය ආරම්භ කරයි. එය තුවරක් සිදු කරයි."
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදා ගැනීම සඳහා තම නිදියහනට පැමිණි විට -ප්‍රාර්ථනා කරන්නෙකු ක්‍රියා කරනවාක් මෙන්- තම දෑත් එකතු කොට, ඔසවා ඒ දෙක තුළ තම කටින් සුළුවෙන් කෙළ පිට කර, මෘදු ලෙස පිඹ අල්-කුර්ආන් පරිච්ඡේද තුනක් පාරායනය කිරීම එතුමාණන්ගේ සිරිතක් විය. එනම් "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්"ය. පසුව එතුමා තම ශරීරය හැකි පමණින් ආවරණය වන පරිදි තම අත් දෙකින් තම හිස මුහුණ සහ තම ශරීරයේ ඉදිරි කොටස්වලින් ආරම්භ කර, පිරිමදියි. මෙසේ එතුමාණෝ තුන්වරක් සිදු කළහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අදී ඉබ්නු හාතිම් විසින් මෙසේ වාර්තා කරන ලදී. "යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි."
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.යුදෙව්වන් සත්‍යය දැන දැනත් ඒ අනුව කටයුතු නො කළ බැවින් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසක් යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එමෙන්ම කිතුනුවන් කිසිදු දැනුමකින් තොරව ක්‍රියා කළ බැවින් ඔවුන් නො මඟ ගිය පිරිසක් බවත් එතුමාණෝ දැනුම් දුන්හ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) : "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." යන (ආලු ඉම්රාන් 7 වන) පාඨය පාරායනය කළහ. සැබැවින්ම තම නබිවරයාණන් වෙත අල් කුර්ආනය පහළ කළේ තමන් බවත්, එහි විකෘතිභාවය නැති පැහැදිලි සාධක සහ තීන්දු සහගත වැකි ඇති බවත් එය දේව ග්‍රන්ථයේ මූලය හා යොමුව බවත් මත භේදයක් හටගත් විටෙක ඒ වෙත යොමු විය යුතු බවත් අල්ලාහ් එහි දන්වා සිටියි. තවදුරටත් විවිධ වූ අර්ථ බොහෝමයකින් සමන්විත වැකි ද ඇති බවත් ඇතැම් මිනිසුනට ඒවායෙහි අර්ථ ව්‍යාකූල වී ඇති බවත්, එසේ නැතහොත් එම පාඨය හා අනෙක් පාඨ අතර පරස්පරතාවන් ඇති බව ඔවුන් සිතන බවත් දන්වා සිටියේය. පසුව අල්ලාහ් මෙම පාඨය සමග ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කළේ ය. ඔවුන්ගේ හදවත් තුළ සත්‍යයෙන් ඉවතට නැඹුරුතාවත් ඇති හා පැහැදිලි තීරණාත්මක වැකි අත්හැර විවිධ අර්ථයන්ගෙන් සමන්විත දෑ පිළිපදින්නන් වනාහි, ඔවුන් එමගින් කලහකම් කිරීමටත් මිනිසා නොමඟ යවන්නටත් අපේක්ෂා කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට අනුගත වන පරිදි අර්ථ දැක්වීමට අපේක්ෂා කරති. නමුත් ගැඹුරු ඥානය ඇත්තවුන් මෙම විවිධ අදහස් ඇති දෑ හඳුනා ගනිති. තීරණාත්මක දෑ වෙත එය යොමු කරති. එය විශ්වාස කරති. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් බවත් එහි යමක් විකෘති වීමට හෝ පරස්පර වීමට හෝ කිසිදු ඉඩක් නැති බවත් විශ්වාස කරති. එය මෙනෙහි කර එමගින් උපදෙස් ලබනුයේ මනා බුද්ධිය ඇත්තවුන් පමණය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා ) තුමියට මෙසේ පවසා සිටියහ. ඔබ විවිධ අදහස් ඇති දෑ පිළිපදින්නන් ඔබ දුටු විටෙක "තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි" යන වදනෙහි අල්ලාහ් නම් කර ඇත්තේ ඔවුන් ගැන බව එතුමියට දන්වා සිටි අතර ඔවුනට අවවාද කරන මෙන් ද ඔවුනට සවන් නොදනෙ මෙන් ද පවසා සිටියහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ වාඩි වී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා සතුව වහලුන් සිටිති. ඔවුහු මට බොරු පවසති; වංචා කරති; පිටුපාති. මම ද ඔවුනට බැණ වදිමි, පහර දෙමි. ඔවුන් සමග වූ මගේ තත්ත්වය කෙසේ වන්නේ ද? යැයි විමසුවේය. එතුමාණෝ "ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ. ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයේ ප්‍රමාණයට වී නම්, එය එකිනෙකට සරිලනු ඇත. ඔබට කිසිවක් හිමි නොවන අතර ඔබට විරුද්ධව කිසිවක් නොපවතිනු ඇත. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා අඩු වී නම් එය ඔබට අමතර ප්‍රතිලාභයක් වේ. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා ඉහළින් වී නම්, එම අමතර ප්‍රතිලාභය ඔබෙන් ඔවුනට සම ප්‍රතිචාර ලෙස ගනු ලැබේ" යැයි පැවසූහ. වාර්තාකරු මෙසේ පැවසීය: පසුම එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා තිබේ ද? එනම් "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත." යන පාඨයයි. එම මිනිසා: "ඔවුන්ගෙන් වෙන්වීමට වඩා උතුම් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම නිදහස් පුද්ගලයින් වන බවට මම ඔබව සාක්ෂි වශයෙන් තබමි" යැයි පැවසීය.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තම වහලුන් ඔහු සමග කටයුතු කරන ආකාරය ගැන පැමිණිළි කර සිටියේය. එහි දී සැබැවින්ම තොරතුරු දැනුම් දීමේදී ඔවුන් ඔහුට බොරු පවසන බවත්, පැවරුම්වල දී ඔහුට වංචා කරන බවත්, ගනුදෙනුවල දී ඔහුව රවටන බවත්, නියෝග වලදී ඔහුට පිටුපාන බවත් දන්වා තවදුරටත් ඔවුන්ට විනය කියාදෙනු පිණිස තමන් ඔවුනට බැණ වදින බවත් ඔවුනට පහර දෙන බවත් දන්වා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග තමන්ගේ තත්ත්වය කෙසේ වනු ඇත් දැයි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ඔවුන් වංචා කළ දෑ, ඔබට පිටුපෑ දෑ, ඔබට බොරු කළ දෑ ගැන විනිශ්චය කරනු ලැබේ. එමෙන්ම ඔවුනට ඔබ කළ දඬුවම ගැන ද විනිශ්චය කරනු ලැබේ. ඔවුන්ගේ පාපකම් සමග ඔවුනට කළ දඬුවමේ ප්‍රමාණය සමාන වූ විටෙක, ඔබට කිසිවක් හිමි වන්නේ නැත. ඔබට එරෙහිව කිසිවක් පිහිටන්නේ ද නැත. ඔවුන්ගේ පාපයට වඩා ඔබේ දඬුවමේ ප්‍රමාණය අඩු වී නම්, එය කුසල් වල දී ඔබට අමතර ප්‍රතිලාභයක් වන්නේ ය. එමෙන්ම ඔවුන්ගේ පාපයන්ට වඩා ඔවුනට කළ දඬුවම වැඩි වී නම් ඔබ දඬුවමට ලක්වනු ඇත. ඔබගෙන් එම අධික ප්‍රමාණය ලබා ඔවුනට පිරිනමනු ඇත. පසුව එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට ගත්තේ ය. ඔහුගේ හඬ උස් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා නොතිබේ ද? "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් ය." එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකුට කිසිවකින් අසාධාරණයක් වන්නේ නැත. ජනයා අතර තුලනය සාධාරණ ලෙස පවතී. එවිට එම මිනිසා මෙසේ පැවසීය. "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුන්ගෙන් වෙන්වීම හා ඔවුන් අත්හැරීමට වඩා වැදගත් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම අල්ලාහ් වෙනුවෙන් නිදහස් පුද්ගලයින් බව මම ඔබව සාක්ෂි වශයෙන් තබා පවසමි. එය විනිශ්චය හා දඬවමට බියෙනි.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: දේවත්වය ආදේශ කරන ජනයා අතරින් පිරිසක් මිනිස් ඝාතන බොහෝ සේ සිදු කරමින් දුරාචාරයේ බොහෝ සේ නිරත වෙමින් සිටියෝය. එබැවින් ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "ඔබ පවසන, ඔබ ඇරයුම් කරන දෑ චමත්කාරය. අපි සිදු කළ දෑ සඳහා ප්රතිකර්මය කුමක් දැයි ඔබ අපට දන්වා සිටින්නෙහි නම් මැනව" යැයි විමසා සිටියෝය. එවිට මෙම පාඨය පහළ විය. "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති..." (අල්-ෆුර්කාන්: 68), "අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු..." (අස්-සුමර්: 53)
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.දේවත්වය ආදේශ කරන්නන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. ඔවුන් අධික ලෙස මිනිස් ඝාතන, දුරාචාරය සිදු කළ පිරිසකි. ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: සැබැවින්ම තමන් ට ඇරයුම් කරන ඉස්ලාමය හා ඉගැන්වීම ඉතා ලස්සන කරුණක් වන නමුත් අපගේ තත්ත්වය කුමක් ද? දේව ආදේශයේ හා මහා පාපයන්හි අප වැටී තිබීමේ තත්ත්වය කුමක් ද? ඒ සඳහා ප්‍රතිකර්ම තිබේ ද? යැයි විමසා සිටියහ. එවිට අල් කුර්ආන් පාඨ දෙකක් පහළ විය. ඒ අනුව පාපකම් අධික වුව ද බරපතල වුව ද මිනිසා කරන තව්බා නොහොත් පශ්චාත්තාප වීම අල්ලාහ් පිළිගන්නේය. එසේ නොවී ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයේ හා අපරාධවල දිගටම නිරතවී සිටියේ නම් ඔවුන් මෙම දහමට පිවිසෙන්නේ නැත.