Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "මානව හෝ අසංවිධිත ආත්මයක් ඇති රූපයක්- "ප්‍රතිමාවක් වී නම් එය ඉවත් නොකර හෝ මකා නොදමා අත් නොහරින මෙන් පවසා තම සගයන් යැවීමට පුරුදුව සිටියහ." එමෙන්ම උසට ඉදි කරන ලද සොහොනක් වී නම් එය පොළොවට සමතලා කර ඒ මත ඉදි කර ඇති ගොඩනැගිල්ල විනාශ නොකර අත් නොහරින මෙන් හෝ එය මහපොළොවට වඩා අධික උසින් නො තබා වියතක තරම් උසින් සැකසිය යුතු යැයි ද පවසා සිටියහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා අතර ඇතැම් ක්‍රියාවන්හි නිරත වන අයට "ඔහු අප අතරින් නොවන්නේය" යනුවෙන් ප්‍රකාශ කර එතුමාණෝ අනතුරු ඇඟවූහ. පළමු වැන්නා: "අශුභවාද කියන්නා හා අශුභවාද පවසන මෙන් විමසා එසේ කියනු ලබන්නා." එහි මූලික කරුණ වනුයේ, ගමනක්, වෙළඳාමක් හෝ වෙනත් ක්‍රියාවක් ආරම්භ කරන විට කුරුල්ලෙකු නිදහස් කර, එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේ සඳහා ඔහු ඉදිරියට යයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දැයින් ඔහු ඉවත් වේ. මෙය ස්වයං ලෙස සිදු කිරීමට හෝ ඔහු වෙනුවෙන් සිදු කිරීමට යමෙකුට පැවරීමට හෝ අනුමත නැත. කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ ඇසෙන හෝ පෙනෙන වෙනත් ඕනෑම දෙයක් එසේ බැලීම ශුභ/අශුභවාදී අදහස් තුළට ඇතුළත් වේ. දෙවැන්නා: "ජ්‍යොතිෂවාදියා හා ජ්‍යොතිෂය ගැන විමසා එසේ කියනු ලබන්නා." යමෙක් තාරකා හා වෙනත් දේ යොදාගෙන නොපෙනෙන දේ ගැන වාද කරන්නේ ද, එසේත් නැතිනම් සූපශාස්ත්රඥයෙකු වැනි අදෘශ්‍යමාන දැනුමක් ඇති බව පවසන කෙනෙකු වෙත ගොස් අදෘශ්‍යමාන දැනුම තිබෙන බව පවසමින් ඔහු කියන දේ විශ්වාස කරයි ද ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට හෙළිදරව් කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ අයෙකි. තුන්වැන්නා: "හූනියම් කරන්නා හා හූනියම් කරන මෙන් විමසා එසේ හූනියම් කරනු ලබන්නා" එනම් කිසිවකුට සෙත සැලසීමට හෝ හිංසාවක් කිරීමට හෝ ස්වයංව හූනීයම් සිදු කරන්නා හෝ ඔහු වෙනුවෙන් හූනියම් සිදු කිරීම සඳහා වෙනත් කෙනෙකුට පවරන්නාය. එසේත් නැතහෝ නූලක ගැට කිහිපයක් ගැටගසා තහනම් කරන ලද ආරක්ෂාව ලබන ප්‍රකාශ කියවමින් ඒ මත පිඹ හූනියම් කරන්නාය.
සාස්තර කරුවන් වෙත යෑම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මෙය හූනියම් කාරයා, ජ්යොතිශවේදියා, පේන බලන්නා වැනි ගුප්ත දැනුම ගැන වාද කරමින් එවන් විවිධ හූනියම් ක්‍රම භාවිතා කරන්නන් හට යෙදුනු පොදු නාමයකි.- ගුප්ත කරුණු පිළිබඳ යමක් ඔහුගෙන් විමසූ වහාම, දින හතළිහක් තමන් ඉටු කළ සලාතයේ මහිමය ඒ හේතුවෙන් අල්ලාහ් තහනම් කරනු ඇත. ඒ අතරම එම පාපයට හා බරපතල වරදට දඬුවමක්ද ඔහුට හිමිවනු ඇත.
තරකා හා ග්‍රහ රාශී පිළිබඳ දැනුම හදාරා, ඒවායෙහි චලනය ඒවායෙහි ප්‍රවේශය ඒවායෙහි අස්ථානගතවීම මහපොළොවේ සිදුවන කිසිවකුගේ මරණයට හෝ ජීවයට හෝ රෝගීභාවයට හෝ අනාගතයේ සිදුවන එවන් වෙනත් දෙයකට ආරෝපණය කරන්නේ ද, සැබැවින්ම ඔහු ඉන්ද්‍රජාලයෙන් කොටසක් හැදෑරීය. සැබැවින්ම මිනිසා මෙම දැනුම වැඩියෙන් ලබන සෑම විටෙකම ඉන්ද්රජලයෙන් ද වැඩි වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙම හදීසයේ මහා පාපකම් ලෙස සැලකෙන ඇතැම් පාපකම් ගැන මෙනෙහි කර ඇත්තාහ. ඒවානම්: අල්ලාහ්ගේ පාලනයේ හෝ ඔහුගේ දේවත්වයෙහි හෝ ඔහුට හවුල්කරුවකු පත් කොට එවැන්නකු මගින් කටයුතු ආරම්භ කිරීම. සැබැවින්ම එය බරපතල පාපයකි. අල්ලාහ් පිළිබඳ බලාපොරොත්තු හා අපේක්ෂාවන් ගැන බිඳ දැමීම. සැබැවින්ම එය අල්ලාහ් පිළිබඳ නපුරක් සිතීම හා ඔහුගේ කරුණාවේ විශාලත්වය ගැන අනවබෝධය පෙන්වා දෙයි. ගැත්තා නොසැළිකිලිමත්ව සිටියදී ඔහුව ග්‍රහණය කරන තෙක් ආශිර්වාද තුළින් ඔහුව පියවරෙන් පියවර හසු කිරීම ගැන නිර්බිය වීම. මහාපාපකම් අධිකව පවතින බැවින් මෙහි සඳහන් කරන ලද මහා පාපකම් සීමා කිරීමක් හදීසයෙන් අපේක්ෂා නොකෙරේ. නමුත් එම මහා පාපකම් විස්තර කිරීමක් අපේක්ෂා කෙරේ.
දේව විශ්වාසයට, ක්‍රියා, ප්‍රතිපත්ති හා ප්‍රකාශ මත ආවරණය වූ බොහෝ අනු කරුණු හා විෂයයන් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. විශ්වාසයේ කරුණු අතරින් වඩාත් උසස් හා උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයේ තේරුම වටහා ගනිමින් එය අපේක්ෂා කරන අදහස අනුව කටයුතු කිරීමය. එනම් සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාය. නැමදුමට සුදුසු වනුයේ ඔහු පමණක් මිස ඔහු හැර වෙනත් දෑට නොවේ යන්නයි. දේව විශ්වාසය පදනම්ව පවතින අවම ක්‍රියාව වනුයේ මිනිසුන් යන එන මාර්ගවල ඇති හානිදායක සෑම දෙයක්ම ඉවත් කිරීමය. පසුව, සැබැවින්ම ලැජ්ජාව ඊමානයේ කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ. සැබැවින්ම එය අලංකාර ක්‍රියාවන්හි නිරත වීමටත් අශීලාචාර දැයින් ඉවත් වීමටත් පොළඹවන ගුණාංගයකි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ සමහර චාරිකාවල යෙදී සිටියහ. රාත්‍රියේ මිනිසුන් තම නවාතැන් සහ කූඩාරම්වල නැවතී නිදා සිටින ස්ථාන වලට පුද්ගලයෙකු යවා කොටලුවන්ගේ කරට දමා ඇති මාල, එය -දුන්නට සවි කර ඇති නූලක් මෙන්- නූලකින් හෝ වේවා හෝ සීනුව හෝ සපත්තු වැනි දැයින් වූ වෙනත් පටියකින් හෝ වේවා එය කපා දැමීමට ඔවුනට නියෝග කළහ. ඔවුන් එසේ කර වටා මාල දමා තිබුනේ නපුරු ඇසෙන් (ඇස්වහින්) වැළකී සිටීම සඳහා ය. එය ඔවුන්ගෙන් කිසිවක් පලවා නොහරින බැවින් හා සෙත හා හානිය, කිසිදු හවුල් කරුවකු නොමැති අල්ලාහ්ගේ දෑතෙහි පමණක් වන බැවින්, එය කපා හරින ලෙස ඔවුනට නියෝග කරනු ලැබීය.
කවරෙකු තම හදවතින් හෝ ක්‍රියාවෙන් හෝ ඒ දෙකින්ම හෝ යමක් වෙත යොමු වී එමගින් යහපත සැළසීම හෝ අනතුරු වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ ද එය කවර කරුණක් මත සම්බන්ධ කළේ ද ඒ වෙතම අල්ලාහ් ඔහු ව පවරනු ඇත. එබැවින් කවරෙකු අල්ලාහ් සමග කරුණ සම්බන්ධ කළේ නම් ඔහුට ඔහු ප්‍රමාණවත් වන්නේය. සියලු අපහසුතාවලින් ඔහු ඔහුට පහසුව පිරිනමනු ඇත. නමුත් කවරෙකු අල්ලාහ් නොවන දෙයක් සමග සම්බන්ධ කරන්නේ ද අල්ලාහ් ඒ වෙත ඔහුව පවරන අතර ඔහුට අවමානයට ගෙන දෙනු ඇත.
“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නැතැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ධනය හා ඔහුගේ ජීවිතය මුස්ලිම්වරුන් කෙරෙහි තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එවිට ඔහුගේ බාහිර ක්‍රියාකාරකම් හැර වෙනත් දෙයක් ගැන සොයා බලන්නට අපට අවසරය නැත. ඔහුගේ ධනය පැහැර ගැනීම හෝ ඔහුගේ ජීවිතය අහිමි කිරීම හෝ නොකළ යුත්තකි. නමුත් දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති විටෙක, ඉස්ලාමයේ නීතිය නියම කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වේ. ඔහුගේ විනිශ්චය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් භාර ගන්නේය. ඔහු සත්යවාදියෙකු නම් ඔහුට කුසල් පිරිනමයි. නමුත් ඔහු කුහකයෙකු නම් අල්ලාහ් ඔහුට දඬුවම් කරයි.