





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
رواه أبو داود والترمذي وأحمدසැබැවින්ම සෙසු අයට කරුණාව දක්වන්නන් හට, ඊට සරිලන ප්‍රතිඵලයක් ලෙස සියලු දෑ කෙරෙහි ව්‍යාප්තව ඇති තම කරුණාව තුළින් මහා කාරුණිකයාණන් ඔවුනට කරුණාව දක්වනු ඇත. පසුව මහපොළොවේ වෙසෙන මිනිසුන් සතුන් පක්ෂීන් මෙන්ම සෙසු සියලු මැවීම් වර්ගයාට කරුණාව දක්වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. ඒ සඳහා වන ප්‍රතිඵලය වනුයේ, අහස් හතට ඉහළින් සිට අල්ලාහ් ඔබට කරුණාව දැක්වීමය.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවම දඬුවමක් ලබන අපාවාසීන් හට මෙසේ පවසා සිටියි: “සැබැවින්ම ඔබට මහපොළොවේ ඇති යමක් සතුව තිබුණේ නම්, එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. ඔහු එයට ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘ඔබ ආදම්ගේ කොඳු නාරටියෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම ඔබෙන් ඉල්ලුවෙමි. එනම් ඔබ මට ආදේශ නො කිරීමය. නමුත් ඔබ මට ආදේශ කිරීම හැර අනෙකුත් දෑහි පිටුපෑවෙහිය.” යැයි පවසයි.
متفق عليهනිරයට පිවිසීමෙන් පසු අවම දඬුවමක් ලබන අපාවාසීන් හට: "මෙලොව හා ඒ තුළ ඇති දෑ ඔබ සතු ව තිබුණේ නම්, මෙම දඬුවම වෙනුවට ඔබ ඒවා වන්දි වශයෙන් ගෙවන්නෙහි ද?" යැයි අල්ලාහ් පවසා සිටිනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු: "එසේය" යැයි පවසයි. එවිට අල්ලාහ්: ‘ඔබ ආදම්ගේ කොඳු ඇට පෙළ තුළ සිටිය දී මට කිසිවක් ආදේශ නො තබන මෙන් මම ඔබෙන් ප්‍රතිඥාවක් ගත් අවස්ථාවේ මීට වඩා පහසු දෙයක් මම ඔබෙන් ඉල්ලා සිටියෙමි. නමුත් මම ඔබව මෙලොවට පිටත් කර යැවූ කල්හි, ඔබ ආදේශ කිරීම හැර සෙසු දෑට සම්බන්ධයෙන් මට පිටුපෑවෙහිය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අනාවැකි කියන්නන් පිළිබඳ ව අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ජනයා විමසා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් තුළ කිසිවක් නැත” යැයි පැවසීය. එවිට ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇතැම් විට ඔවුන් අපට කරුණක් වසන්නේ නම් එය සැබෑවක් වන්නේය! යැයි පවසා සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්: ‘එම ප්‍රකාශය සත්‍යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දෑ වේ. පසුව ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති" යැයි පැවසූහ.
متفق عليهඅනාගතයේ සිදුවන ගුප්ත දෑ ගැන අනාවැකි පවසා සිටින්නන් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසනු ලැබීය. එවිට එතුමාණෝ: "ඔවුන් ගැන කරදර නොවන්න. ඔවුන්ගේ වචන ගැන සැලකිලි නොවන්න. ඔවුන්ගේ කරුණ වැදගත් කොට නොසලකන්න" යැයි පැවසූහ. එවිට ඔවුහු: සැබැවින්ම ඔවුන්ගේ ප්‍රකාශ ඇතැම් අවස්ථාවල සිදුවෙයි. ගුප්ත කරුණක සිදුවීම ගැන මේ මාසයේ මේ දිනයේ මෙසේ සිදුවනු ඇතැයි ඔවුහු දන්වා සිටි කල්හි, ඔවුන්ගේ එම ප්‍රකාශයට අනුකූලව එය සිදු වනු ඇතැයි පවසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "සැබැවින්ම ජින්නුන් අහසේ තොරතුරුවලින් සවන් දෙන දෑ පැහැර ගෙන ඔවුන්ගේ හිතවත් සාත්තර කියන්නන් වෙත පහළ වී ඔවුන් තමන් දුන් දෑ ඔවුනට දැනුම් දෙති. පසුව එම සාත්තර කරු අහසින් තමන් සවන් දුන් දෑට බොරු සියයක් එකතු කරයි.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.
متفق عليهමුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් සත්වයකු පිට යමින් සිටිය දී එතුමාණෝ ‘අහෝ මුආද්!’ යැයි නැවත නැවතත් තුන්වරක්ම ඇමතූහ. එසේ එතුමාණෝ අමතා සිටියේ එතුමාණන් ඔහුට පවසන්නට යන දෑහි වැදගත්කම තහවුරු කරනු පිණිසය. ඒ සෑම අවස්ථාවකම "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි මුආද් (රළියල්ලාහු අන්හු) තුමා පැවසීය. එනම් මම ඔබට ප්‍රතිචාරයෙන් පසු ප්‍රතිචාර දක්වමි. ඔබට ප්‍රතිචාර දැක්වීම මම අගය කරමි යන්නයි. කවර හෝ ගැත්තකු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත, 'වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා වේ- යැයි ව්යාජභාවයකින් තොරව තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරා එම තත්ත්වයේම ඔහු මිය ගියේ නම්, අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කළේය. එවිට මුආද් (රළියල්ලාහු අන්හු)තුමා "ජනතාව මෙම සුභාරංචිය ලබා සතුටු වනු පිණිස මෙය ඔවුනට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියේය. නමුත් ඔවුන් ඒ මත පමණක් රැඳෙමින් ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් අඩුවෙන් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ බිය වූහ. තමන් මිය යන්නට පෙර, දැනුම සැඟවීමේ පාපයට තමන් වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාණන් මේ ගැන පසු කාලයේ පවසා සිටියේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද? මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද? මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද? මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි."
متفق عليهසෑම රාත්‍රියකම, රාත්‍රියේ කොටස් තුනෙන් අවසන් කොටස පවතින විට, උත්තරීතර අල්ලාහ් මෙලොව අහසට පහළ වන බවත්, ඔහුගේ ගැත්තන් ඔහුව ඇමතීම ගැන ඔහු සතුටු වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එසේම ඔහුව අමතන්නන් හට ඔහු පිළිතුරු දෙන්නාය. ඔවුන් කැමති දෑ ඔහුගෙන් ඉල්ලීමට ඔහු ඔවුන්ව පොළඹවයි. ඔහුගෙන් ඉල්ලන අයට ඔහු පිරිනමන්නාය. ඔවුන් පසුතැවිලි වී පාපක්ෂමාව පතන්නේ නම්, එසේ පාපක්ෂමාව පතන මුඃමින්වරුන්ට ඔහු සමාව දෙන්නාය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."
رواه مسلمමිනීවළවල් මත වාඩිවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම සලාත් ඉටු කරන්නා කිබ්ලා දිශාවට අනුගත වන අයුරින් පිහිටා ඇති මිනිවල්වල් ඉදිරියේ සලාත් ඉටු කිරීම ද වැළැක්වූහ. මක්නිසාද යත් එය බහුදේව මාර්ගය වන බැවිනි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මේ වාර්තා කරන ලදී. සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”
متفق عليهදේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ සිටිය දී ඇය දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳවත් එහි ඇති ප්‍රතිමා, රූප හා අලංකරණයන් පිළිබඳවත් පුදුමයෙන් යුතුව මෙනෙහි කළාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රතිමා ඉදි කිරීමට හේතු වූ සාධක පැහැදිළි කළහ: එතුමාණෝ, 'සඳහන් කරනු ලැබූ ඔවුන් වනාහි, ඔවුන් අතර දැහැමි තැනැත්තෙකු මිය ගිය විට ඔවුන් ඔහුගේ මිනිවළ මත දේවස්ථාන ඉදි කර එහි යාඥාවල නිරත වෙයි. එම රූපය ඔවුන් නිර්මාණ කරයි යැයි පවසා සිටියහ. සැබැවින්ම එසේ සිදු කරන්නා උත්තරීතර අල්ලාහ් අබියස මැවීම් අතරින් වඩාත් නපුරුම තැනැත්තා බව ද පැහැදිළි කළහ. ඊට හේතුව, එසේ සිදු කිරීම උත්තරීතර අල්ලාහ්ට ආදේශ කිරීම දක්වා ගෙන යනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දිල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සමාන කළේ ගොඩනැගිල්ලකට ආධාරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලාමයේ ඉතිරි කරුණු ගොඩනැගිල්ල සම්පූර්ණ කරන්නක් වැනි ය. පළමු මූලිකාංගය වනුයේ: සාක්ෂියේ ප්‍රකාශ දෙකයි; එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවට සාක්ෂි දැරීම හා සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීමය. ඒ දෙකින් එකක් අනෙකෙන් වෙන් කළ නොහැකි ය. අල්ලාහ්ගේ ඒකීයත්වය හා නැමදුමට සුදුස්සා ඔහු පමණක් හැර වෙනත් කිසිවෙකු නැති බව පිළිගනිමින්, එය අපේක්ෂා කරන කරුණු ක්‍රියාවට නංවමින්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පණිවිඩය විශ්වාස කරමින් හා ඔහුව අනුගමනය කරමින් ගැත්තෙකු මෙම වදන් දෙක ප්‍රකාශ කරයි. දෙවන මූලිකාංගය: සලාතය විධිමත්ව ස්ථාපිත කිරීමය. එනම් රාත්‍රියේ සහ දහවල් කාලයේ අනිවාර්යය කරන ලද ෆජ්ර්, ළුහර්, අසර්, මග්රිබ් සහ ඉෂා යන සලාත් වාර පහ ඒවායෙහි රීති, මූලිකාංග හා අනිවාර්යය දෑ පිළිපදිමින් ඉටු කිරීමය. තුන්වන මූලිකාංගය: නියම කරන ලද සකාත් නිකුත් කිරීමය. ආගමික නීතිය තුළ නියම කරන ලද නියමිත ප්‍රමාණය ලබා ඇති සෑම ධනයකම අනිවාර්යය කරන ලද මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ඒවා නියමිත අය වෙත පිරිනමනු ලැබේ. සිව්වැනි මූලිකාංගය: හජ්, එනම් සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් වශයෙන් කෙරෙන වන්දනා කටයුතු ඉටු කිරීම සඳහා මක්කාව දෙසට පිය නැගීමය. පස්වන මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, එනම් අල්ලාහ් වෙනුවෙන් සිදු කරන නැමදුමක් බවට අදිටන් කරමින්, අළුයම් කාලයේ සිට හිරු අවරට යන තෙක් කෑමෙන් බීමෙන් හා උපවාසය කඩ කරන අනෙකුත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."
رواه مسلمතම හැකියාව අනුව පිළිකුල් සහගත දෑ වළක්වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කරති. - එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ සියලු දෑම වේ. ඔහු යම් පිළිකුල් සහගත දෙයක් දුටු විටෙක, ඔහුට හැකියාව ඇත්නම් ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. එයට නොහැකි වූයේ නම් ඔහු තම දිවෙන් එය වැළැක්විය යුතුය. එනම් කෙනෙකු කළ වරදින් වළක්වා එහි හානිය ඔහුට පැහැදිලි කර දී එම නපුර වෙනුවට යහපත වෙත ඔහුට මඟ පෙන්වීම තුළිනි. එම ස්ථාවරයේ හිඳ ඔහුට එය වැළැක්විය නොහැකි වූයේ නම්, එම පිළිකුල් සහගත දෑ පිළිකුල් කරමින් හා තමන්ට එය වැළැක්විය හැකි නම් තමන් එය වළක්වන බවට තරයේ අධිෂ්ඨාන කරමින් ඔහු තම හදවතින් එය පිළිකුල් කළ යුතුය. පිළිකුල් සහගත දෑ වැළැක්වීමේ වීෂයෙහි ඊමාන් නොහොත් දේව විශ්වාසයේ දුර්වලතම මට්ටම වන්නේ හදවතින් එය පිළිකුල් කිරීමය.