





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මිනිසකු මෙසේ විමසුවේය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, 'ජාහිලිය්යා' හෙවත් අඥාන යුගයේ අප සිදු කළ දෑ නිසාවෙන් අපි වැරදි කරුවන් ලෙස හසු කරනු ලබන්නෙමු ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉස්ලාමය තුළ කවරෙකු දැහැමි අයුරින් කටයුතු කළේ ද ඔහු අඥාන යුගයේ සිදු කළ වැරදි නිසාවෙන් ඔහු ග්‍රහණය කරනු නොලැබේ. කවරෙකු ඉස්ලාමය තුළ දුෂ්ටකම් සිදු කළේ ද ඔහු ආරම්භය මෙන්ම අවසානයේ සිටම ග්‍රහණය කරනු ලැබේ."
متفق عليهඉස්ලාමය තුළට පිවිසීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කරති. කවරෙකු ඉස්ලාමය වැළඳ, ඉස්ලාමය මනා අයුරින් පිළිපැද අවංක සත්යවාදියෙකු වූයේ ද අඥාන යුගයේ ඔහු සිදු කළ පාපයන් සඳහා ඔහුගෙන් විනිශ්චය කරනු නොලැබේ. කුහකයෙකු වීමෙන් හෝ තමන් වැළඳගත් දහමින් ඉවත් වීමෙන් කවරෙකු ඉස්ලාමය තුළ නපුරක් සිදු කළේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ කාලය තුළ සිදු කළ දෑ හා ඉස්ලාමය තුළ සිදු කළ දෑ පිළිබඳ ඔහුගෙන් විනිශ්චය කරනු ලැබේ.
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම පුද්ගලයකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසීය. "මේ ගැන ඔබේ අදහස කුමක් ද? නියම කරන ලද සලාත් ඉටු කර; රමළාන්හි උපවාස ශීලය රැක; අනුමත දෑ අනුමත කරගෙන; තහනම් දෑ තහනම් කරගෙන; පසුව ඒවාට අමතරව වෙනත් කිසිවක් මා විසින් සිදු නොකළේ නම්, මම ස්වර්ගයට පිවිසෙන්නේ ද? එතුමාණෝ: "එසේය" යැයි පිළිතුරු දුන්හ. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඒවාට වඩා කිසිවක් මම අමතරව සිදු නොකරමි" යැයි පැවසීය.
رواه مسلمකවරෙකු අතිරේක සලාත් ඉටු නොකර, නියම කරන ලද පස්වාර සලාත් පමණක් ඉටු කළේ ද, අමතර උපවාසයේ නිරත නොවී රමළාන් උපවාස ශීලය පමණක් රැක්කේ ද, අනුමත දෑ අනුමත යැයි විශ්වාස කොට එය ඉටු කළේ ද, තහනම් දෑ තහනම් බව විශ්වාස කොට ඉන් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කර සිටියි.
අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
رواه مسلمවුළූ හා ස්නානය කිරීමෙන් වන බාහිර පිරිසිදුකම සලාතයේ දී කොන්දේසියක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. "අල්හම්දු ලිල්ලාහ්" යන ප්‍රකාශය තුලාව පුරවාලයි." යන කියමන ශුද්ධ වූ අල්ලාහ්ව ප්‍රශංසා කිරීමකි. පූර්ණ ගුණාංග තුළින් ඔහුව ගුණ ගායනා කිරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කිරණු ලැබ ක්‍රියාවන් පිරුණු තරාදිය පුරවාලනු ඇත. "සුබ්හානල්ලාහි වල්හම්දු ලිල්ලාහි" යන ප්‍රකාශය" සියලු අඩුපාඩු සහිත ගුණාංගවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම සහ ඔහුට ආදරය කිරීමෙන්, ඔහුට ගරුබුහුමන් කිරීමෙන් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි පූර්ණවත් ගුණාංගවලින් ඔහු ව ගුණ ගායනය කිරීමය. එය අහස් හා පොළොව අතර පවතින දෑ පුරවාලනු ඇත. "සලාතය ආලෝකයකි" යන ප්‍රකාශය ගැත්තාගේ හදවතෙහි, ඔහුගේ මුහුණෙහි, ඔහුගේ මිනීවලෙහි සහ ඔහු යළි රැස්කිරීමේ දී ඇති වන ආලෝකයයි. "දානය සාක්ෂියකි" එනම් දේවත්වය විශ්වාස කරන්නාගේ දේව විශ්වාසය තහවුරු කරන්නකි. එමෙන්ම සදකාව සඳහා ලබා දී ඇති පොරොන්දුව සහතික නොකර එයින් වැළකී සිටින කුහක තැනැත්තාගෙන් ඔහුව වෙන් කරන්නකි. “ඉවසීම ප්‍රභාවකි” - එය කාංසාව සහ කෝපවීමෙන් වළක්වයි - සූර්යයාගේ ආලෝකය මෙන් තාපය හා දැවෙන ආලෝකයක් ගෙන දෙයි. මක්නිසාද යත් එය දුෂ්කර වන අතරම ස්වයං අරගලයක් එයට අවශ්‍ය වන බැවිනි. එමෙන්ම එය ආශා කරන දැයින් සිරගත කරන බැවිනි. එහෙයින් එයට අදාළ තැනැත්තන් හට එය නිවැරුදි දෑ වෙත අඛණ්ඩව ආලෝකවත් කර මඟ පෙන්වනු ඇත. එය අල්ලාහ්ට කීකරු වීමෙහි සහ ඔහුට අකීකරු වීමෙහි ඉවසීම සහ මෙලොව විපත්ති සහ දුෂ්කරතා වලදී ඉවසීමයි. සැබැවින්ම අල් කුර්ආනය කියවීම තුළින් හා ඒ අනුව ක්‍රියා කිරීම තුළින් එය ඔබට පක්ෂ ව පිහිටයි. එසේ නැතහොත් පාරායන නොකර, ඒ අනුව ක්‍රියා නොකර එය අත්හැර දැමීමෙන් එය ඔබට එරෙහි ව පිහිටයි. සියලුම මිනිස්සු වෙහෙසෙති. ඔවුහු විසිරී යති. ඔවුන්ගේ නින්දෙන් අවදි වෙති. ඔවුන්ගේ නොයෙකුත් වැඩකටයුතු සඳහා ඔවුන්ගේ නිවෙස්වලින් බැහැරව යති යැයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දැනුම් දුන්හ. ඔවුන් අතරින් අල්ලාහ්ට අවනත වී ඍජු මාර්ගයේ ගමන් කර තම ආත්මය අපා ගින්නෙන් නිදහස් කර ගන්නා අය වෙති. එමෙන්ම එයට විරුද්ධව හා විකෘති ලෙස කටයුතු කර පාපයේ වැටී අපා ගින්නට ප්‍රවේශ වීමෙන් තම ආත්මය විනාශ කර ගන්නා අය ද වෙති.
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.
متفق عليهඅල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කර සිටියහ. අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට පමණක් ඔවුන් නැමදුම් කිරීම හා කිසිවක් ඔවුන් ඔහුට ආදේශ නොකිරීමය. සැබැවින්ම ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන, ඔහුව ඒකීයත්වයට පත් කරන ඔවුන් හට දඬුවම් නොකිරීමය. පසුව මුආද් තුමා මෙසේ පැවසූහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙම ආශිර්වාදයෙන් මිනිසුන් සතුටු වනු පිණිසත් ඔවුන් ශුභාරංචි ලබනු පිණිසත් මම ඔවුනට මෙම ශුභාරංචිය දන්වා සිටිය යුතු නොවේ ද?" නමුත් ඔවුන් ඒ මත පමණක් එල්බගෙන සිටිනු ඇතැයි යන බියෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුව ඉන් වැළැක්වූහ.
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.
رواه مسلمමිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු දෙකක් පිළිබඳ විමසා සිටියේය: එනම් ස්වර්ගයට පිවිසීම අනිවාර්යය කරන දෑ හා අපා ගින්නට පිවිසීම අනිවාර්යය කරන දෑ ය. එයට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: ස්වර්ගය අනිවාර්යය කරන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහුට පමණක් නැමදුම් කළ තත්ත්වයේ මිය යාමය. අපා ගින්න අනිවාර්යය කරවන කරුණ වනුයේ මිනිසෙක් අල්ලාහ්ට යමක් ආදේශ කර ඔහුගේ දේවත්වය හෝ පරිපාලනත්වය හෝ ඔහුගේ නාම හා ගුණාංගවල යම් සමානයක් හා ආදේශයක් නියම කිරීමය.
සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් අස්-සකෆී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.
رواه مسلم وأحمدසුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) නම් සහාබිවරයා තමන් කිසිවකුගෙන් මීට පෙර අසා නැති, තමන් එය පිළිපැදිය යුතු ඉස්ලාමයේ අර්ථ පූර්ණ වූ ප්‍රකාශයක් තමන්ට උගන්වන මෙන් හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට: මම අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරමි. සැබැවින්ම ඔහු මාගේ පරමාධිපතියා ය; මාගේ දෙවිඳා ය; මාගේ මැවුම්කරු ය; සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඔහු ය ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන වග මම විශ්වාස කළෙමි යැයි ඔබ පවසන්න. පසුව අල්ලාහ්ගේ නියමයන් ඉටු කිරීමෙන් හා ඔහු තහනම් කළ දෑ අත් හැරීමෙන් ඔහුට අවනත විය යුතු වේ. ඒ මත ස්ථාවරව සිටිය යුතු වේ.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්‍රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත. ඔහු වෙත ලේඛන අනූ නවයක් දිග හැර තබනු ලැබේ. සෑම ලේඛනයක්ම ඇසට පෙනෙන දුරින් තිබේ. පසුව ඔහු: "ඔබ මේ කිසිවක් ප්‍රතික්ෂේප කරනවාද? මෙය සටහන් කළ අය ඔබට අසාධාරණයක් කර තිබේ ද?" යැයි විමසයි. එවිට ඔහු: "නැත, මාගේ පරමාධිපතියාණනි," යැයි පිළිතුරු දෙයි. ඔහු: "ඔබට නිදහසට කරුණක් තිබේ ද?" යැයි පවසයි. ඔහු: 'නැත, මාගේ පරමාධිපතියාණනි,!' යැයි පිළිතුරු දෙයි. එවිට ඔහු: "එසේ නම්, ඔබ වෙනුවෙන් අප සතුව යහපතක් ඇත. එබැවින් අද ඔබට අසාධාරණයක් සිදු නොවනු ඇත." යැයි පවසයි. ඉන්පසු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එහි අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇත. ඔහු: "ඔබේ තරාදිය රැගෙන එන්න" යැයි පවසයි. ඔහු: "අහෝ මාගේ පරමාධිපතියාණනි, මේ ලේඛන සමග ඇති මේ බලපත්‍රය කුමක්ද? යැයි විමසයි. ඔහු: ඔබට අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. "ලේඛන එක් තට්ටුවක තබනු ලැබේ. බලපත්‍රය (අනෙක්) තට්ටුවේ තබනු ලැබේ. ලේඛන සැහැල්ලු වේ. බලපත්‍රය බර වේ. අල්ලාහ්ගේ නාමය සමග කිසිවක් බරින් වැඩි වන්නේ නැත." යැයි පැවසීය.
رواه الترمذي وابن ماجهමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා සියලු මැවීම්වලට ඉහළින් තම ප්‍රජාවේ මිනිසෙකු අල්ලාහ් තෝරා ගෙන ඔහු වෙත ලේඛන අනූ නවයක් ඉදිරිපත් කෙරෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය ඔහු මෙලොවෙහි සිදු කරමින් සිටි ඔහුගේ නපුරු ක්‍රියාවන්හි පත්‍රිකා වේ. ඒ සෑම ලේඛනයකම දිග, ඇසට පෙනෙන දුරින් පවතී. පසුව සර්වබලධාරී අල්ලාහ් "මෙම ලේඛනවල සටහන් වී ඇති කිසිවක් හෝ ඔබ ප්‍රතික්ෂේප කරනවාද?" යැයි ඔහුගෙන් විමසයි. "ලියා සටහන් කරන මාගේ මලක්වරුන් ඔබට අසාධාරණයක් සිදු කර තිබෙනවා ද? යැයි ඔහුගෙන් විමසයි. එවිට එම මිනිසා: "නැත මාගේ පරමාධිපතියාණනි," යැයි පවසයි. සර්වබලධාරී අල්ලාහ්: "මෙලොවෙහි ඔබ ඉදිරිපත් කළ ක්‍රියාවන් සඳහා අමතක වීම හෝ අත්වැරදීම හෝ නොදැනුවත්කම වැනි හේතු දැක්වීමට කිසියම් නිදහසට කරුණක් ඔබට තිබේ ද?" යැයි විමසයි. එවිට එම තැනැත්තා: "නැත, මාගේ පරමාධිපතියාණනි, නිදහසට කිසිදු කරුණක් මට නැත" යැයි පවසයි. එවිට අල්ලාහ්: "එසේ නම්, සැබැවින්ම අප සතුව ඔබ වෙනුවෙන් වූ යහපතක් ඇත. අද දින ඔබට කිසිදු අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. එවිට එහි "අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්අහදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇති පතක් නිකුත් කරනු ලැබේ. "ඔබේ තරාදිය ගෙන එන්නැ"යි සර්ව බලධාරී අල්ලාහ් එම තැනැත්තාට පවසයි. පසුව එම තැනැත්තා වික්ශිප්තියට පත්ව අහෝ මාගේ පරමාධිපතියාණනි, මෙම ලේඛන සමග මෙම බලපත්රයෙහි බර කුමක් වන්නේ ද? යැයි විමසයි. එවිට සර්වබලධාරී අල්ලාහ් "ඔබට කිසිදු අසාධාරණයක් කිසි විටෙක සිදු නොවේ" යැයි පවසයි. පසුව එම ලේඛන තරාදියේ එක් තට්ටුවක ද බල පත්ර්රය අනෙක් තට්ටුවේ ද තබනු ලැබේ. ලේඛන සහිත තට්ටුව සැහැල්ලු වී බරින් අඩු වී බලපත්‍ර සහිත තට්ටුව බරින් වැඩි වේ. පසුව අල්ලාහ් ඔහුට සමාව දෙයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
رواه أبو داود والترمذي والنسائيඅල්ලාහ් ස්වර්ගය හා අපා ගින්නා මැවූ කල්හි, ඔහු ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාට 'ඔබ ස්වර්ගයට ගොස් ඒ දෙස බලන්න' යැයි පැවසීය. ඔහු එහි ගොස් ඒ දෙස බලා නැවත හැරී ආවේය. ජිබ්රීල් තුමා මෙසේ පැවසීය: අහෝ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන් ඒ ගැනත් එහි ඇති සුවපහසුකම්, ගෞරවයන් හා යහපත ගැනත් සවන් දෙන කිසිවකු හෝ වේවා එහි පිවිසීමට ප්‍රිය කරන්නේමය. එමෙන්ම ඒ හේතුවෙන් නැමදුම් ඉටු කරනු ඇත. පසු ව අල්ලාහ් ස්වර්ගය වට කර, නියෝග ක්‍රියාත්මක කිරීම සහ තහනම් දැයින් වැළකී සිටීම යනාදී දුෂ්කරතා සහ අපහසුතා සමඟ එය වෙළා ගත්තේය. එහෙයින් එයට ඇතුළු වීමට කැමති අය එම දුෂ්කරතා පසු කළ යුතුය. පසුව සර්වබලධාරී අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ජිබ්රීල්, දුෂ්කරතා සමග ස්වර්ගය වට කරගත් පසු ඔබ එහි ගොස් ඒ දෙස බලන්න. එවිට ඔහු ගොස් ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පවසයි: අහෝ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන්, එහි මාර්ගයේ ඇති දුෂ්කරතා හා අසීරුතා හේතුවෙන් කිසිවකු එහි නොපිවිසෙනු ඇතැයි මම බිය වෙමි. අල්ලාහ් අපා ගින්න මැවූ කල්හි: අහෝ ජිබ්රීල්! ඔබ ගොස් ඒ දෙස බලනු යැයි පැවසීය. එවිට ඔහු ගොස් ඒ දෙස බැලුවේය. පසුව ජිබ්රීල් තුමා පැමිණ මෙසේ ප්‍රකාශ කළේය: මාගේ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන්, එහි ඇති වධ හිංසා, වේදනා සහ අපයෝජන ගැන කිසිවකු හෝ සවන් දුන්නේ නම් ඔහු එහි පිවිසීමට පිළිකුල් කරන්නේමය. ඒවාට අදාළ වන හේතූ සාධකවලින් දුරස් වන්නේමය. පසුව අල්ලාහ් අපාය වට කළේය. ඒ වෙත යන මාර්ගය ආශාවන් හා වින්දනයන්ගෙන් සකස් කළේය. පසුව ඔහු: අහෝ ජිබ්රීල්, ඔබ ගොස් ඒ දෙස බලනු යැයි පැවසීය. ජිබ්රීල් තුමා ගොස් ඒ දෙස බලා පසුව පැමිණ මෙසේ පැවසීය: අහෝ පරමාධිපතියාණනි, ඒ අවට ඇති ආශාවන් හා වින්දනයන් හේතුවෙන් කිසිවකු එයින් ගැලවී නොයනු ඇතැයි මම බිය වෙමි, තැති ගනිමි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර අල්ලාහ් මැවීම්වල ඉරණම (පෙර නියමයන්) නියම කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: ඔහුගේ දේවාසනය ජලය මත විය."
رواه مسلمජීවිතය, මරණය, පෝෂණය හා මැවීම්වලට සිදුවීමට නියමිත සෙසු සියලු ඉරණම් පිළිබඳව සවිස්තරාත්මකව "ලව්හුල් මහ්ෆූල්" නම් ආරක්ෂිත ඵලකයේ, අහස් සහ මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙර සර්වබලධාරී අල්ලාහ් ලියා ඇති බවත් අල්ලාහ් තීන්දු කළ දෑට අනුව ඒවා සිදුවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඒ අනුව පවතින සියලු දෑ අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය අනුව ක්‍රියාත්මක වේ. ගැත්තාට සිදු වූ දෑ ඔහුට මඟ හැරෙන්නට තිබූ දෙයක් නොවීය. ඔහුට මඟ හැරුණු දෑ ඔහුට සිදුවන්නට තිබූ දෙයක් නොවීය.