





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය." මෙය තුන්වරක්ම පවසා සිටියහ.
رواه مسلمතම ආගම හා තම ලෞකික කටයුතුවල දී ද, තම ප්‍රකාශවල හා ක්‍රියාවල දී ද -කිසිදු මඟපෙන්වීමකින් හා දැනුමකින් තොරව- අන්තවාදී ලෙස කටයුතු කරන්නන්ගේ විනාශය හා අලාභය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ ආගමික සීමාවන් ඉක්මවා යන්නෝ මොවුහුය.
“නුඹලාගේ දෙවියන් අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් අත් නොහරිනු යැයි ඔවුහු පැවසූහ.” (අල් කුර්ආන් 71:23) යන අල්ලහ්ගේ ප්‍රකාශය ගැන ඉබ්නු අබ්බාස් තුමා: මේවා නූහ් තුමාගේ ප්‍රජාවේ දැහැමියන් අතර සිටි මිනිසුන්ගේ නම් වෙති. ඔවුන් නැසී ගිය කල්හි, ෂෙයිතාන් ඔවුන්ගේ සමූහයා වෙත ඔවුන් වාඩි වී සිටි ඔවුන්ගේ සභාවන්හි (සංඛේතවත් කරමින්) ස්මාරක සිටවා ඔවුන්ගේ නම් ඒවාට යොදන මෙන් සැළ කළේය. ඔවුහු එසේ සිදු කළහ. ඒවා නැමදුමට ලක් වූයේ නැත. නමුත් ඔවුන් ද නැසී ගිය පසුව එම සංඛේතවත් කිරීම අමතක වී ඒවා නැමදුම් ලක්විය.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙම ශුද්ධ වැකිය විස්තර කර සිටියේ: සැබැවින්ම අල්ලාහ් මෙනෙහි කළ මෙම දෙවිවරුන් නූහ් (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ්ට ආදේශ කිරීමෙන් එතුමාගේ ජනයා ව වැළැක් වූ පසු, ඒවාට නැමදුම් කිරීමෙහි ඔවුහු අඛණ්ඩව නිරත වී සිටි බවයි. මේවා ඔවුන් අතර සිටි දැහැමි පුද්ගලයින්ගේ නම් වේ. ෂෙයිතාන්ගේ පෙළඹවීම ඔස්සේ ඔවුන්ගේ පිළිරූ සිටවන තෙක් ඔවුහු ඔවුන් අතර අතිශයෝක්තියෙන් කටයුතු කළෝය. ඒ අනුව මෙම පිළිරූ අල්ලාහ් හැර නැමදුම් ලබන පිළිම බවට පත්වීමේ නැඹුරුතාව ඇති විය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
رواه الترمذي وأحمدකවරෙකු ණයකරුට ණය ගෙවීමට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහුගේ ණයබර සැහැල්ලු කරන්නේ ද එවැන්නෙකුට හිමි ප්‍රතිඵලය වනුයේ, ගැත්තන්ගේ හිසට හිරු ළඟා වන, එහි උෂ්ණත්වය ඔවුනට මහත් දරැණු වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තම රාජ්‍යය යටතේ ඔහුට හෙවණ ලබා දීමය. අල්ලාහ් කවරෙකුට හෙවණ ලබා දෙන්නේ ද ඔහු හැර වෙනත් කිසිවකු විසින් කිසිදු හෙවණක් නො ලබනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුට අල්ලාහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු ඇත.”
رواه البخاريඅල්ලාහ් තමා ව විශ්වාස කළ තම ගැත්තන් අතරින් කවරෙකුට යහපත පැතුවේ ද ඔහු ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ පවුල්වල පරීක්ෂණ ඇති කරනු ඇත. එවායිින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ප්‍රාර්ථනා කරමින් උත්තරීතර අල්ලාහ් වෙත යොමුවීම, පාපකම්වලට සමාව ලැබීම හා නිලයන් උසස් වීම යනාදිය එමගින් ඔහු ලබනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන නුඹලා (මගෙන් විමසීමෙන්) මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන් අධික ලෙස ප්‍රශ්න විමසා සිටි හෙයින් හා නබිවරුන් පිළිබඳ ඔවුන් මතභේද ඇති කරගත් හෙයිනි. මා නුඹලාට යමක් වැළැක් වූ විට, නුඹලා එයින් වැළකෙනු. මා යම් නියෝගයක් නුඹලාට නියෝග කළ විට නුඹලා එය හැකි පමණින් ඉටු කරනු.”
متفق عليه"සැබැවින්ම ආගමික නීති කරණය කොටස් තුනකට බෙදී තිබේ. එනම් ඒ ගැන නිහඬවූ දේ, තහනම් කළ දේ හා ඉටු කරන ලෙස නියෝග කළ දේ" යැයි නබි සල්ලල්ලහු අලෙයිහි ව සල්ලම් තුමාණන් සඳහන් කළහ. පළමුවැන්න: ආගම ඒ් ගැන කිසිදු තීන්දුවක් නොදී නිහඬව සිටීමය. යම් කයුතුවල තීන්දුවක් නැති නම්, ඒ්වා සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්තිය වනුයේ ඒවා අනිවාර්යය නොවන බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලය වනාහි, යමක් අනිවාර්යය වේ යැයි හෝ තහනම් වේ යැයි හෝ බියෙන්, සිදු නොවූ දෙයක් පිළිබඳ විමසීම අනිවාර්යයෙන්ම අත්හැර දැමිය යුතු කාලයක් විය. හේතුව, සැබැවින්ම අල්ලාහ් ඒවා අත්හැර දැමුවේ ගැත්තන් හට ආශිර්වාදයක් වශයෙනි. එතුමාණන්ගෙන් පසු වූ කාලය වනාහි, ප්‍රශ්න කිරීම නීති පැතීමේ පදනම හෝ ඉගැන්වීමේ පදනම මත වී නම්, ඔහුට ආගමික කරුණක් ගැන විමසීමට අවශ්‍යතාව වී නම්, එය අනුමත කාර්යයක් පමණක් නොව එසේ ප්‍රශ්න කර සිටීම නියෝග කරනු ලැබූවකි. එය අනවශ්‍ය යටි අරමුණක් ඇතිව ප්‍රශ්න ඇසීම වනාහි හදීසයේ සඳහන්වී ඇති පරිදි යමක් ගැන විමසීම අත්හැරීම සුදුසුයි යන අදහස එයයි. එය ඉස්රාඊල් දරුවන්ට අත් වූ දෑ මෙන් දෙයක් වෙත යොමු වනු ඇත. ඔවුනට එළදෙනක් කැපීමට නියෝග කරනු ලැබූ විට කවර හෝ එළදෙනක් කපා එය සිදුකරන්නට තිබුණ ද ඔවුන් ඒ ගැන දැඩිව විමසන්නට ගත්හ. පසුව එය ඔවුනට දැඩි විය. දෙවැන්න: තහනම් කිරීම්: එනම්, එය අත් හැර දැමූ අයට කුසල් ලැබෙන අතර එය සිදු කළ අයට දඬුවම් හිමි වනු ඇත. එබැවින් ඒ සියලු දැයින් වැළකී සිටීම අනිවාර්යය වේ. තුන්වැන්න: නියෝග: එනම් එය සිදු කළ අයට කුසල් ලැබෙන අතර එය අත්හරින අයට දඬුවම් හිමි වනු ඇත. එබැවින් තමන්ට හැකි පමණින් එය ඉටු කිරීම අනිවාර්යය වේ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණොා් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර තම පරමාධිපති ගැන දන්වා සිටියදී මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි."
متفق عليهයහපත් දෑ හා අයහපත් දෑ අල්ලාහ් නියම කර ඇති බවත් අනතුරුව එය ලියනුයේ කෙසේදැ?යි ඔහු මලක්වරු දෙදෙනාට පැහැදිලි කළ බවත් දූතයාණෝ පැහැදිළි කර සිටියහ. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, අදිෂ්ඨාන කොට, පසුව එය සිදු නොකළ ඔහුට කුසලක් ලියනු ලැබේ. ඔහු එය ඉටු කළේ නම්, කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කරනු ලැබේ. අධික කුසල් පිහිටනුයේ සිත තුළ පවතින අවංකභාවය හා ප්‍රතිඵල වැඩියෙන් බලාපොරොත්තු වීම යනාදිය තුළිනි. එමෙන්ම කවරෙකු හෝ යම් නපුරක් සිතා එය අදිෂ්ඨාන කර පසුව එය අල්ලාහ් වෙනුවෙන් අත්හැර දැමුවේ නම්, ඔහුට කුසලක් ලියනු ලැබේ. අදාළ කරුණ සිදු කිරීමෙන් තොරව එහි නිරතවෙමින් හිඳ, පසුව අත්හැරියේ නම්, ඔහුට කිසිවක් ලියනු ලැබේ. ඔහු එයට නොහැකියාව හේතුවෙන් එය අත් හැරියේ නම් ඔහුගේ චේතනාව ලියනු ලැබේ. ඔහු එය සිදු කළේ නම්, එක් පාපයක් පමණක් ලියනු ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”
رواه مسلمසැබැවින්ම උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්ගේ ශරීර දෙස හෝ ඔවුන්ගේ හැඩරූ දෙස හෝ ඒවා ලස්සන ද අවලස්සන ද ඒවා විශාල ද කුඩා ද අරෝග්යමත් ද රෝගී ද යන්න ගැන බලන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ ධන සම්පත් දෙස ඒවා වැඩියෙන් තිබේ ද අඩුවෙන් තිබේ ද යන්න ගැන අල්ලාහ් බලන්නේ නැත. මෙම සම්පත් තිබීම හෝ නොතිබීම මත අල්ලාහ් තම ගැත්තන් වරදට හසු කරන්නේ හෝ විනිශ්ච කරන්නේ හෝ නැත. නමුත් ඔහු ඔවුන්ගේ සිත් හා එහි ඇති ශ්‍රද්ධාව, විශ්වාසය, සත්‍යය, අවංකභාවය එසේ නැතිනම් එතුළින් ප්‍රදර්ශණය කිරීම හෝ මුහුණිච්චාව අපේක්ෂා කරන්නේ ද යන්න ගැන අධීක්ෂණය කරයි. ඔවුන්ගේ ක්‍රියාවන් විධිමත් වන අයුරු හා ඒවා දූෂිත වන අයුරු ද අධීක්ෂණය කර ඒ සඳහා කුසල් හා ප්‍රතිඵල පිරිනමයි.
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක් අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණිය. ගමනක කිසිදු සළකුණක් ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකු ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, ඔහුගේ අත්දෙක ඔහුගේ කලවා දෙක මත තබා වාඩි වී, මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම" යැයි පැවසූහ. පසුව ඔහු. ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාණන්ගෙන් විමසයි. එය සත්‍ය ය යැයි ද පවසයි. ඔහු තවදුරටත් ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්නැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "ඔබ අල්ලාහ්, ඔහුගේ දූතයින්, ඔහුගේ ග්රන්ථ හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොඳ හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීම" යැයි පැවසූහ. එවිට ඔහු, "ඔබ සත්‍යයම ප්‍රකාශ කළෙහිය". නැවතත් "මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න" යැයි පැවසීය. එතුමාණෝ: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි." යැයි පැවසූහ. ඔහු, "මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න" යැයි පැවසීය. එතුමාණෝ, "විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නා වේ" යැයි පැවසූහ. ඔහු, "අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න." යැයි පැවසීය. එතුමාණෝ: "වහලියක් තම ස්වාමි ප්රත්රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වත්‍ර, එළුවන් බලා කියා ගන්නා උදවිය උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති" යැයි පැවසූහ. පසුව ඔහු හැරී ගියේය. එතුමාණෝ මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! විමසා සිටි තැනැත්තා කවුරුන්දැ?යි ඔබ දන්නෙහි ද?" මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි පැවසුවෙමි. එතුමාණෝ, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය” යැයි පැවසූහ.
رواه مسلمනාදුනන පුද්ගලයකුගේ ස්වරූපයෙන් සහාබාවරුන් අතර ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දිස් වූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින් එතුමාගේ ස්වරූපය ගැන මෙසේ විස්තර කළේය. එතුමාගේ ඇඳුම සුදෝ සුදු වර්ණයෙන් වූ අතර එතුමාගේ හිසකෙස් කළු වර්ණයෙන් යුක්ත විය. තෙහෙට්ටුව, තැවරුණු දූවිලි, වියවුල් වූ හිසකෙස්, කිලිටි වූ ඇඳුම වැනි මගියකු තුළ දක්නට ලබන කිසිදු සළකුණක් දක්නට නොවීය. එහි සහභාගි වී සිටි කිසිවෙක් ඔහු හඳුනන්නේ ද නැත. ඔවුහු ද වාඩි වී සිටියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) තුමාණන් අබියසය. පසුව ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ දැනුම හදාරන ශිෂ්‍යයකු මෙන් වාඩි විය. හෙතෙම ඉස්ලාමය ගැන විමසීය. එවිට එතුමාණෝ, ප්‍රතිපත්තිමය සාක්ෂියේ ප්‍රකාශ දෙක පිළි ගැනීම, පස්වේල සාලතය සුරක්ෂිතව ඉටු කිරීම, සකාතය සුදුසු උදවියට පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, හැකියාව ඇති තැනැත්තන්හට හජ්හි වගකීම ඉටු කිරීම යනාදිය ඇතුළත් වූ මූලික වගකීම් ඉදිරිපත් කරමින් ඔහුට පිළිතුරු දුන්හ. පසුව එතුමා: ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. එවිට එතුමා ඉදිරිපත් කරන දෑහි එතුමාට කිසිවක් නොදන්නා බව එතුමාගේ ප්‍රශ්නයෙන් පෙනුන ද, පසුව එතුමා ඒ ගැන තහවුරු කර සිටීම ගැන සහාබාවරු පුදුමයට පත්වූහ. පසුව එතුමා ‘ඊමානය ගැන තොරතුරු විමසා සිටියේය. එතුමාණෝ විශ්වාසයේ කරුණු හය සඳහන් කරමින් එතුමාට පිළිතුරු දුන්හ. එනම්: අල්ලාහ්ගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග, මැවීම වැනි ඔහුට පමණක් ආවේනික ක්‍රියාවන්, නැමදුමට ඔහු පමණක් සුදුසුකම් ලැබීම යනාදිය ගැන විශ්වාස කිරීම, සැබැවින්ම මලක්වරුන්, ගෞරවණීය ගැත්තන් ලෙස අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති බවත් ඔවුන් අල්ලාහ්ට කිසිදු ආකාරයෙන් පිටු නොපාන බවත් ඔහුගේ නියෝගයට අනුව පමණක් ඔවුන් කටයුතු කරන බවත් විශ්වාස කිරීම, කුර්ආනය, තව්රාතය, ඉන්ජීලය හා වෙනත් දිව්‍ය ග්රන්ථ මෙන් ධර්ම දූතයින් වෙත අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තක විශ්වාස කිරීම, අල්ලාහ්ගේ දහම ප්‍රචාරය කළ ධර්ම දූතයින් විශ්වාස කිරීම, ඔවුන් අතරට නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා හා අවසාන වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා අනෙකුත් නබිවරුන් හා රසූල්වරුන් ද ඇතුළත් වේ. අවසන් දිනය විශ්වාස කිරීම, එහි මිය ගිය පසු පවතින තත්ත්වය, කබ්ර් ජීවිතය, සැබැවින්ම මිනිසා මිය ගිය පසුව අවදි කරනු ලැබ විනිශ්චයට භාජනය වීම, ඔහුගේ අවසන් ගමන ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ පැවතීම යනාදිය එහි ඇතුළත් වේ. එමෙන්ම අල්ලාහ් තම දැනුම, තීරණය, ප්‍රඥාව හා තම ලේඛනයේ පෙර සඳහන් කළ පරිදි හා ඔහුගේ අභිමතය පරිදි සියලු කරුණු නිර්ණය කර ඇති බවත් ඔහු නිර්ණය කළ පරිදි හා මවා ඇති පරිදි කරුණු සිදුවන බවත් විශ්වාස කිරීම. පසුව එතුමාණන්ගෙන් ඉහ්සාන් පිළිබඳ විමසා සිටියේය. එවිට එතුමාණෝ: සැබැවින්ම ඉහ්සාන් යනු තමන් අල්ලාහ්ව බලා සිටින්නාක් මෙන් ඔහු නැමදීමය. එම ස්ථාවරයට ළඟා වීම තමන්ට සහතික කළ නොහැකිනම්, අල්ලාහ් තමව බලා සිටින සේ අල්ලාහ්ට නැමදුම් කළ යුතුය. පළමුවැන්න බැලීමේ ස්ථාවරය වේ. උසස් වනුයේ එයයි. දෙවැන්න අධීක්ෂණයේ ස්ථාවරයයි. පසුව අවසන් හෝරාව සිදුවනුයේ කවදා ද? යැයි විමසා සිටියේය. එතුමාණෝ: සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ගේ දැනුමට පමණක් බලපාන කරුණක් බවත් ඒ ගැන වෙනත් කිසිවකු නොදන්නා බවත් එම ප්‍රශ්ණය විමසනු ලබන්නාට වඩා විමසන්නා මැනවින් දන්නා බවත් පැහැදිළි කළහ. අවසන් හෝරාවේ සළකුණු පිළිබඳව එතුමාණන්ගෙන් හෙතෙම විමසා සිටියේය. එවිට එතුමාණෝ වහල් කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් බහුල වීම, එසේ නැතහොත් දරුවන් තම මව්වරුන් වහල් සේවයට යොදා ගනිමින් ඔවුනට හිංසා පීඩා කිරීම හා එළුවන් බලා කියා ගන්නා එඬේරුන් හා දුගී දුප්පතුන්ට අවසන් කාලය වන විට මෙලොවෙහි පහසුකම් විස්තීරණ වන අතර ඔවුන් අලංකාර ගොඩනැගිලි ඉදිකිරීම් හා නිර්මාණ කිරීමේ දී එකිනෙකා අහංකාරකම් පාන බව පැහැදිළි කර සිටියහ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම එසේ විමසා සිටි තැනැත්තා ජිබ්රීල් තුමා බවත් එතුමා සහාබාවරුන්ට පිවිතුරු ආගම ඉගැන්වීම සඳහා පැමිණි බවත් දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි.” බුහාරි හා මුස්ලිම්. මුස්ලිම්හි සඳහන් වාර්තාවේ: "අපගේ කටයුතු නොවන යම් ක්‍රියාවක් කවරෙකු සිදු කළේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි" යැයි සඳහන් වී ඇත.
متفق عليهකවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.