





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අදී ඉබ්නු හාතිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ‘අල්ලාහ්ගෙන් තොරව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ්ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. එහෙත් එකම දෙවිඳෙකුට හැර (අන් කිසිවෙකුට) නැමදීමට ඔවුහු අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.’ (යන තේරුම දෙන අල් කුර්ආන් 9:31 වන) පාඨය කියවනු තමන්ට ඇසුණු බව දන්වමින් හෙතෙම: ‘සැබැවින්ම අපි ඔවුන් නමදින්නන් නොවෙමු’ යැයි පවසා සිටියෙමි. එවිට එතුමා ‘අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් තහනම් කර; පසු ව නුඹලා ද එය තහනම් නොකරන්නෙහුද? එමෙන්ම අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් අනුමත කර; පසු ව නුඹලා ද එය අනුමත නොකරන්නෙහුද?’ එවිට මම ‘එසේය’ යැයි පිළිතුරු දුනිමි. ‘එයයි ඔවුනට නැමදුම් කිරීම’ යැයි පැවසීය.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතයුදෙව්වන් හා කිතුනුවන් ගැන සඳහන්, සැබැවින්ම ඔවුන්ගේ විද්වතුන් හා ඔවුන්ගෙන් අදහන්නන් දෙවියන් ලෙස තමන් පත් කර ගෙන ඇති බවත් අල්ලාහ්ගේ පිළිවෙතට විරුද්ධ වන දෑ ඔවුන් වෙනුවෙන් දහම්ගත කර ඇති බවත් එහිදී ඔවුන් ඔවුන්ව පිළිපදින බවත් තොරතුරු සඳහන් වන දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සද්ගායනා කළ මෙම පාඨයට කීර්තිමත් මෙම සහගාමියා සවන් දුන් අවස්ථාවේ, එහි අර්ථය පිළිබඳ ගැටලුවක් ඔහුට ඇති විය. සැබැවින්ම ඔහු සිතුවේ නැමදුම යනු සිරස නැමීම හා එවන් කටයුතුවලට පමණක් සීමාවූවක් බවයි. එවිට දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම විද්වතුන් හා ආගමික නායකයින් නැමදීම යනු උත්තරීතර අල්ලාහ් හා ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිතියට පටහැනිව ඔවුන් අනුමත කළ දෑ තහනම් කිරීමෙහි හා තහනම් කළ දෑ අනුමත කිරීමෙහි ඔවුනට අවනත වීමයි. යනුවෙනි.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට යැවූ අවස්ථාවේ එතුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙත යන්නෙහිය. ඔබ ඔවුන් වෙත ගියෙහි නම් 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දරන මෙන්' ඔවුනට ඇරයුම් කරන්න. ඒ සඳහා ඔවුන් ඔබට කීකරු වූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔවුනට සෑම දහවලකම රාත්‍රියකම වාර පහක් සලාතය අනිවාර්යය කර ඇති බව ඔවුනට දන්වා සිටින්න. එයට ද ඔවුන් ඔබට අවනත වූයේ නම්, සැබැවින්ම ඔවුන් අතර ධනවතුන්ගෙන් ලබා එය ඔවුන්ගේ දුප්පතුන්ට පිරිනමන දානය ඔවුනට අල්ලාහ් අනිවාර්යය කර ඇති බව දැනුම් දෙන්න. එයටත් ඔවුන් ඔබට අවනත වූයේ නම්, ඔවුන්ගේ ගෞරවණීය වස්තු පිළිබඳ ප්‍රවේසම් විය යුතුය. අසාධාරණයට ලක්වූවන්ගේ ප්‍රාර්ථනාවට ඔබ බියවන්න. සැබැවින්ම ඒ අතර හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නැත."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට, එහි වැසියන් අල්ලාහ් වෙත ඇරයුම් කරන කැඳවුම්කරුවකු හා ගුරුවරයකු ලෙස යැවූ කල්හි හෙතෙම කිතුනු ජන පිරිසක් මුණ ගැසෙන බවත් ඔවුන් වෙනුවෙන් සූදානම් විය යුතු බවත් ඔවුන් ඇරයුම් කිරීමෙහි දී වඩාත් වැදගත් දෑ පසුව වැදගත් දෑ යන අනුපිළිවෙලින් ආරම්භ කළ යුතු බවත් එතුමාණෝ ඔහුට පැහැදිළි කළහ. පළමු ව ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා හෙතෙම ඇරයුම් කර සිටියි: එය, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දැරීමට සැලැස්වීමෙනි. හේතුව ඔවුන් ඉස්ලාමයට පිවිසෙන්නේ එමගිනි. එයට ඔවුන් අවනත වූ විටෙක ඔවුනට සලාතය ස්ථාපිත කරන මෙන් නියෝග කළහ. 'තව්හීද්' හෙවත් ඒක දේව ප්‍රතිපත්තියෙන් පසු වඩාත්ම වැදගත් වගකීම වනුයේ එයයි. ඔවුන් එය විධිමත්ව ඉටු කළ විටෙක, ඔවුන් අතර සිටින පොහොසතුන්ගේ ධනයෙන් සකාත් ලබා ඔවුන්ගේ දිළිඳුන් අතර භාරදෙන මෙන් ඔවුනට නියෝග කර සිටියහ. පසුව එම ධනයෙන් වඩාත් උතුම් දේ ගැනීමෙන් එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඒ අතරින් අනිවාර්යය වනුයේ මධ්‍යස්ත දෑය. පසුව අසාධාරණකම් කිරීමෙන් වැළකෙන මෙන් එතුමාණෝ ඔහුට අවවාද කළහ. එය, අසාධාරණයට ලක්වූවන්ගේ ශාපයට ඔහු ලක් නොවනු පිණිසය. සැබැවින්ම ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් වේ.
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘නුෂ්රා’ (හෙවත් අඥාන කාලයේ සිදු කරන ලද) මන්ත්‍ර ගුරුකම් පිළිබඳ විමසන ලදී. එවිට එතුමා: එය ෂෙයිතාන්ගේ ක්‍රියාවන්ගෙන් එකකි’ යැයි පවසා සිටියහ.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අඥාන යුගයේ ක්‍රියා කළ ක්‍රමයට අනුව හූනියම, හූනියම තුළින් ඉවත් කිරීම වැනි මන්ත්‍ර ගුරුකම් තුළින් ප්‍රතිකාර කිරීම පිළිබඳවත් එහි නීතිය කුමක්ද යන්න ගැනත් විමසන ලදී. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සැබැවින්ම එය ෂෙයිතාන්ගේ ක්‍රියාවන්ගෙන් එකක් බවත් එසේ නැතහොත් එය ඔහුගේ මාධ්‍යයක් බවත් පිළිතුරු දුන්හ. ඊට හේතුව එය සිදුවනුයේ ඉන්ද්‍රජාලික ක්‍රමවේදයකින් හා සාතානීය ප්‍රයෝග තුළිනි. එය දේව ආදේශයක් මෙන්ම තහනම් කරන ලද්දකි. අනුමත කරන ලද ගුරුකම් වනුයේ: හූනියම ආගමානුකූල මැතිරීම් හෝ සොයා ගැනීම් තුළින් ඉවත් කිරීම හා අල් කුර්ආන් කියවීම සමග හා අනුමත ප්‍රාර්ථනාවන් තුළින් අතින් එය ඉවත් කිරීමයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා: දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න."
رواه البخاريකිතුනුවන් ඊසා ඉබ්නු මර්යම් (අලයිහිස් සලාම්) තුමා සමග කටයුතු කළාක් මෙන් උත්තරීතර අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ ශුද්ධ වූ ක්‍රියාවන් යොදා තමන් පැසසීමෙහි හා වර්ණනා කිරීමෙහි මෙන්ම සැබැවින්ම තමන්ට ගුප්ත දෑ දන්නා බව පවසමින්, අල්ලාහ් සමග තමන්ට ඇරයුම් කර සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් හා උල්ලංඝනය කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව සැබැවින්ම තමන් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූ ගැත්තෙකු බව පැහැදිළි කළ අතර තමාට දේව ගැත්තා, දේව දූතයා යනුවෙන් ආමන්ත්‍රණය කරන මෙන් ද එතුමාණෝ නියෝග කළහ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ මැදිහත් වීම ලබන්නට වඩාත් භාග්‍යවන්තයා කවුරුන්දැයි විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අහෝ අබූ හුරෙයිරා, මෙම හදීසය කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව මම දකින බැවින් ඒ ගැන ඔබට පෙර මගෙන් කිසිවකු විමසා නැතැයි මම සිතමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්තයා වනුයේ තම හදවතින් හා සිතින් අවංකවම 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසන්නාය."
رواه البخاريමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්ත අය වනුයේ තම හදවතින් අවංකව 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත' යැයි පවසා සිටින්නාය. එනම් අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙකු නොමැති බව විශ්වාස කිරීම හා දේව ආදේශයෙන් හා මිනිසුනට ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත්ව සිටීමය.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අශුභවාදය තම අවශ්‍යතාවන් ඉටු කර ගැනීමෙන් කවරෙකු වළක්වාලන්නේ ද සැබැවින්ම ඔහු ආදේශ තැබීය. ඒ සඳහා ප්රතිකර්මය කුමක් දැ?යි ඔවුහු විමසූහ. එතුමා: ‘අල්ලාහුම්ම ලා හයිර ඉල්ලා හයිරක වලා තයිර ඉල්ලා තයිරක වලා ඉලාහ ගයිරක’ යැයි පැවසීමයි. (අහෝ දෙවිඳුනි! ඔබේ යහපත හැරෙන්නට වෙනත් යහපතක් නැත. ඔබේ අශුභවාදය හැරෙන්නට වෙනත් අශුභවාදයක් නොමැත. ඔබ හැර වෙනත් දෙවියෙකු නැත.)”
අහ්මද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවරෙකු ස්ථීර කර ගත් කරුණක් ක්‍රියාත්මක කිරීමෙන් අසුභවාදය ඔහුව වළක්වන්නේ ද සැබැවින්ම ඔහු ආදේශභාවයේ කරුණක් වෙත පැමිණ ඇති බව දන්වා සිටියහ. මෙම මහත් පාපය සඳහා ප්රතිකර්මය ගැන අනුගාමිකයින් එතුමාණන්ගෙන් විමසා සිටි කල්හි, හදීසයේ සඳහන් පරිදි, කටයුතු අල්ලාහ් වෙත යොමු කරවන; ඔහු හැර වෙනත් කෙනෙකුට බලයක් නොමැති බව දනවන කරුණු ඇතුළත් මහඟු වාක්‍යය වෙත එතුමා ඔවුනට මග පෙන්වීය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."
متفق عليهඇතැමුන් ගැන අල්ලාහ්ගේ දූතයාණෝ අපට දන්වා සිටියහ. කවරෙකු ඒකදේව වාදයේ ප්‍රකාශය, එහි අර්ථය මැනවින් වටහා ගෙන මුවින් පවසා ඉන් අපේක්ෂා කරන දෑට අනුව ක්‍රියා කළේද, එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගැති භාවය හා එතුමාණන්ගේ දූත මෙහෙය ගැන සාක්ෂි දරා ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ ගැති භාවය හා එතුමාගේ දූත මෙහෙය පිළිගත්තේද, සැබැවින්ම අල්ලාහ් 'කුන්' (වනු) යන වදනින් ඔහුව මැවූ විට, ඔහු විය. සැබැවින්ම ඔහු අල්ලාහ් මැවූ ආත්මාවන්ගෙන් එක් ආත්මයක් බව පිළිගත්තේ ද, ඇයගේ මවට ඔහු සම්බන්ධයෙන් යුදෙව්වන් නගන චෝදනාවලින් ඇය ව නිදොස් කළ බව පිළිගත්තේ ද, ස්වර්ගය සැබෑවකි; නිරය ද සැබෑවකි; ඒවායෙහි පැවැත්ම ස්ථීරය; සැබැවින්ම අල්ලාහ්ගේ ආශිර්වාදයත් ඔහුගේ දඬුවමත් එහි ඇත යැයි විශ්වාස කළේ ද, ඔහු එම තත්ත්වයේ මිය ගියේ නම්, ඔහුගේ නවාතැන ස්වර්ගය වෙත වේ. අවනතවීමෙහි අඩුපාඩු ඇති වී නම් ඔහුට කළකම්හි පාපය ඔහු සතු වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි."
رواه مسلمකවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොකර මිය ගියේ ද, ඔහු කළ පාපයන් සඳහා දඬුවම් ලැබුව ද ඔහුගේ අවසන් නවාතැන ස්වර්ගය වෙත පිහිටන බවත්, කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ කරමින් සිටිය දී මිය ගියේ ද, ඔහු අපා ගින්නේ සදාතනිකත්වය ලබන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක් ප්‍රකාශයක් පැවසූහ. තවත් කරුණක් මම ද පැවසුවෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.” එවිට මම මෙසේ පැවසුවෙමි: "කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය."
متفق عليه'අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් ප්‍රාර ථනා කිරීම, උදව් පැතීම වැනි අල්ලාහ් වෙනුවෙන් විය යුතු කරුණක් වෙනත් කෙනෙකුට යොමු කර පසුව ඔහු ඒ අයුරින්ම මිය ගියේ නම් සැබැවින්ම ඔහු අපා වාසීන් අතරින් වනු ඇත.' යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට දන්වා සිටයහ. ඊට අමතරව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා 'කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතැබූ තත්ත්වයේ මිය ගියේ ද සැබැවින්ම ඔහුගේ නවාතැන ස්වර්ගය වේ' යැයි පැවසීය.