





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
رواه أحمدගරුබුහුමන් කරමින් හා සිරස නමන්නට දිශාවක් බවට පත් කර ගනිමින් මිනිසුන් නමදින පිළිම මෙන් තමන්ගේ මිනීවල පත් නොකරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපතිගෙන් ප්‍රාර්ථනා කර සිටියහ. පසුව කවරෙකු නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගත්තේ ද ඔවුන් ඔහුගේ කරුණාවෙන් දුරස් වන බවත් නෙරපා හරින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම ඒවා දේවස්ථාන බවට පත් කර ගනිමින් ඒවායෙහි නැමදුම් කිරීම හා ඒවා මත විශ්වාස කිරීම පහත් කටයුතු අතරින් වන බැවිනි.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍ර කාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්රිවය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතසැබැවින්ම දෙවියන් විශ්වාස කරන්නාට ඔහු තුළ හෝ ඔහුගේ ධනය තුළ හෝ ඒ හැර වෙනත් කරුණු තුළ හෝ යම් පරීක්ෂාවක් ඇති වන බව මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා සිටියි. ඔහු ඉවසීමෙන් කටයුතු කළ විට එම පරීක්ෂාවන් සඳහා අල්ලාහ් ඔහුට තිළිණ පිරිනමනු ඇත. පරීක්ෂණ වැඩි වී ඒවායෙහි අනතුරුභාවයත් වැඩි වන සෑම අවස්ථාවකම අල්ලාහ්ගෙන් වූ තිළිණ ද මහත් වන්නේය. පසුව සැබැවින්ම පරීක්ෂණ වනාහි දෙවියන් විශ්වාස කරන්නා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආදරයේ සළකුණක් යැයි ද සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැහැදි කර සිටියි. සැබැවින්ම අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය කිසිදු සැකයක් නැති විවෘත කරුණු දෙකකි. නමුත් කවරෙකු ඉවසා පිළිගන්නේ ද ඔහු ඒ ගැන තෘප්තිමත් වූ බැවින් සැබැවින්ම අල්ලාහ් ඔහුට තිළිණ පිරිනමන අතර තිළිණයෙන් ඔහුට එය ප්‍රමාණවත් වේ. කවරෙකු කෝප වී අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය පිළිකුල් කළේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වන අතර දඬුවමින් ඔහුට එය ප්ර්මාණවත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
رواه مسلمසෑබවින්ම උත්තරීතර අල්ලාහ් තමන් හවුල් භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් තොර බව පවසා සිටින්නේ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඔහු සියලු දෑහි අවශ්යතාවන්ගෙන් තොරය. සැබැවින්ම මිනිසා යම් නැමදුම් කටයුත්තක් සිදු කළ විට, එය අල්ලාහ්ටත් ඔහු හැර වෙනත් අයටත් පත් කර ගන්නේ නම් අල්ලාහ් ඔහුව අත්හැර දමන අතර ඔහුගෙන් එය පිළිගන්නේ ද නැත. එය අදාළ තැනැත්තාටම යොමු කරයි. උත්තරීතර අල්ලාහ්ට පමණක් ක්‍රියාව අවංකව ඉටු කිරීම අනිවාර්යය වේ. හේතුව ගෞරවණීය ඔහුගේ තෘප්තිය වෙනුවෙන් අවංකව සිදු කරන දෑ හැර වෙනත් කිසිවක් සුවිශුද්ධයාණන් පිළිගන්නේ නැති බැවිනි.
ජුන්දුබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින පහකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔබ අතරින් කිසිවෙකු සමීප මිතුරෙකු වීමෙන් අල්ලාහ් වෙත මම නිදොස් වූයෙමි. හේතුව සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාව සමීප මිතුරෙකු ලෙස තෝරාගත් සේම මාව ද සමීප මිතුරෙකු බවට ඔහු තෝරා ගෙන ඇත. මාගේ සමූහයා අතරින් මා සමීප මිතුරෙකු තෝරා ගන්නේ නම්, අබූ බක්ර් තුමාව මා සමීප මිතුරෙකු ලෙස තෝරා ගන්නට තිබුණි. දැනගන්න. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා ඔවුන්ගේ දැහැමියන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගනිමින් සිටියෝය. දැනගන්න! නුඹලා මිනිවලවල් දේවස්ථාන බට පත් කර නොගන්න. සැබැවින්ම මම නුඹලා එයින් වළක්වමි.
رواه مسلمඋත්තරීතර අල්ලාහ් අබියස තම නිලය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා ලබා ගත් පරිදි සැබැවින්ම ආදරයේ උසස්ම නිලය එතුමාණන් ලඟා කර ගැනීමය. එබැවින් අල්ලාහ් හැර වෙනත් සමීප මිතුරෙකු එතුමාණන්ට නොවීය. හේතුව සැබැවින්ම එතුමාණන්ගේ හදවත උත්තරීතර අල්ලාහ්ගේ ආදරයෙන්, ඔහුගේ ගරුබුහුමන් බවින් හා ඔහු හඳුනාගැනීමෙන් පිරී පැවතිනි. එබැවින් අල්ලාහ් හැර වෙනත් කිසිවකුට එය ව්‍යාප්ත නොවීය. එසේ මිනිසුන් අතරින් කිසිවකු හෝ එතුමාණන්ගේ සමීප මිතුරෙකු වී නම්, ඔහු අබූ බක්ර් අස්-සිද්දීක් තුමා වන්නට තිබුණි. පසු ව යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන්, අල්ලාහ් හැර දමා ඔවුන් ඒවා නමදින හවුල් දෙවිවරුන් බවට පත් කර ගනිමින් ඔවුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවටත් නැමදුම් ස්ථාන බවටත් පත් කර ගනිමින් ඔවුන් කටයුතු කළාක් මෙන් තමන්ට ආදරය කිරීමේ දී අනුමත සීමාව ඉක්මවා යෑම ගැන අවවාද කළහ. ඔවුන් සිදු කළ ක්‍රියාවන් මෙන් කටයුතු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට තහනම් කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."
متفق عليهදේවත්වය විශ්වාස කරන්නා කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරයි. එලෙසම අල්ලාහ් ද කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරන්නේය. අල්ලාගේ කෝපයට හේතුව, දේවත්වය විශ්වාස කළ අයට අල්ලාහ් තහනම් කළ කාමමිථ්‍යාචාරය, අනාචාරය, සොරකම, මත්පැන් පානය සහ වෙනත් දුරාචාර ක්‍රියාවන් ඔහු විසින් සිදු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හෙතෙම: "නැත, කඃබාව මත දිවුරමින්" යැයි දිවුරා සිටි මිනිසෙකුට සවන් දුන්නේය. එවිට ඉබ්නු උමර් තුමා: "අල්ලාහ් නොවන දෑ මත දිවුරා නොසිටින්න. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ. "කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය."
رواه أبو داود والترمذي وأحمدකවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත හා ඔහුගේ නාම හා ගුණාංග හැර වෙනත් දෑ මත දිවුරා සිටියේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් ඔහුට ආදේශ තැබුවේය. හේතුව එසේ දිවුරා සිටීම දිවුරනු ලබන දෑ ගරුබුහුමන් කිරීමට ලක්වන බැවිනි. සැබැවින්ම එය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. එබැවින් අල්ලාහ් මත, ඔහුගේ ශුද්ධ වූ නාම හා ගුණාංග මත පමණක් දිවුරා සිටිය යුතුය. මෙලෙස දිවුරා සිටීම "අෂ්-ෂිර්කුල් අස්ගර්" හෙවත් කුඩා පරිමාණයේ ආදේශ කිරීම ලෙස සැලකේ. නමුත් දිවුරා සිටින්නා දිවුරන දෑ උත්තරීතර අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමක් ලෙස හෝ ඊටත් වඩා අධික ලෙස මහිමයට පත් කළේ නම්, එවිට එය මහා ෂිර්ක් ගණයට අයත් වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
متفق عليهකුහකයින් ගැන හා ඔවුන් සලාතයට සහභාගී වීමේ දී විශේෂයෙන් ඉෂා හා ෆජ්ර් සලාත් දෙකට සහභාගී වීමේ දී ඔවුන් දක්වන මැලිකම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මුස්ලිම්වරු සාමුහිකව ඒ දෙක ඉටු කිරීම සඳහා සහභාගී වීමේ ප්‍රතිඵල සහ කුසල් ගැන ඔවුන් දැනුම්වත් වන්නේ නම්, දරුවකු අත් දෙකෙන් හා දණින් දණ ගසා පැමිණෙන පරිදි ඔවුන් ද දණ ගසා හෝ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. සලාතය සඳහා නියෝග කරනු ලැබ ඒ සඳහා ඉකාමත් ද කියනු ලැබ තම ස්ථානයේ හිඳ ජනතාවට සලාතය මෙහයවන මිනිසෙකු නියම කර පසුව එතුමාණන් පිරිවරා දරමිටි ඔසවා ගත් පිරිසක් සමග පිටත්ව ගොස් සාමුහික සලාතයට සහභාගී නොවූ මිනිසුන්ගේ නිවෙස් ගින්නෙන් පුළුස්සා දැමීමට එතුමාණෝ තරයේ සිතා ගත්හ. හේතුව එහි ඇති වරදේ බරපතලකම නිසාවෙනි. -නමුත් එතුමාණෝ එසේ සිදු නොකළහ.- හේතුව එහි කාන්තාවන් හා අසරණ දරුවන් හා නිදහසට කරුණු ඇති වෙනත් අයද එහි වෙසෙන බැවිනි. ඔවුනට එහි පාපය නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය."
رواه أحمدමිනිසුන් අතරින් නරකම අය වනුයේ ඔවුන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව පැමිණෙන්නේ ඔවුන් බවත් මිනීවලවල් මස්ජිද් (සලාත් ඉටු කරන ස්ථානය) බවට නියම කර ගනිමින් ඒ අබියස හා ඒ වෙත යාඥා කරන තැනැත්තා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.
رواه أحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා කෙරෙහි අධික ලෙස බියවන කරුණ ෂිර්කුල් අස්ගර් යනුවෙන් දන්වා සිටියේය. එනම්, ක්‍රියාවක් මිනිසුන් වෙනුවෙන් සිදුකරමින් එය ප්‍රදර්ශනය කිරීමය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එසේ ප්‍රදර්ශනය කරන්නන් හට "නුඹලා කවර අය වෙනුවෙන් කටයුතු කරමින් සිටියේ ද ඔවුන් වෙත ගොස් නුඹලාට හිමි කුසල් ඔවුන් සතුව තිබේ දැයි ද එම ක්‍රියාව සඳහා නුඹලාට ඔවුන් ප්‍රතිඵල පිරිනමනු ඇත්දැයි ද බලනු" යැයි කුහකයින්ට හිමි දඬුවම ගැන දන්වා සිටියහ.