





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ අම්රින් - අබූ අම්රා යන නමින් ද හැඳින්වේ - සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.
رواه مسلمසුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) නම් සහාබිවරයා තමන් කිසිවකුගෙන් මීට පෙර අසා නැති, තමන් එය පිළිපැදිය යුතු ඉස්ලාමයේ අර්ථ පූර්ණ වූ ප්‍රකාශයක් තමන්ට උගන්වන මෙන් හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට: මම අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරමි. සැබැවින්ම ඔහු මාගේ පරමාධිපතියා ය; මාගේ දෙවිඳා ය; මාගේ මැවුම්කරු ය; සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඔහු ය ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන වග මම විශ්වාස කළෙමි යැයි ඔබ පවසන්න. පසුව අල්ලාහ්ගේ නියමයන් ඉටු කිරීමෙන් හා ඔහු තහනම් කළ දෑ අත් හැරීමෙන් ඔහුට අවනත විය යුතු වේ. ඒ මත ස්ථාවරව සිටිය යුතු වේ.
අබූ අබ්දිල්ලාහ් ජාබිර් බින් අබ්දිල්ලාහ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. මම නියම කරන ලද සලාත් ඉටු කර, රමළාන් මාසයේ උපවාසයේ නිරත වී, අනුමත දෑ මම අනුමත කරමින් ද තහනම් දෑ තහනම් කමින් ද කටයුතු කර ඊට වඩා කිසිවක් මා අමතරව ඉටු නොකළේ නම්, මට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ ද? එතුමාණෝ "එසේය." යැයි පැවසූහ:
رواه مسلمකවරෙකු අතිරේක සලාත් ඉටු නොකර, නියම කරන ලද පස්වාර සලාත් පමණක් ඉටු කළේ ද, අමතර උපවාසයේ නිරත නොවී රමළාන් උපවාස ශීලය පමණක් රැක්කේ ද, අනුමත දෑ අනුමත යැයි විශ්වාස කොට එය ඉටු කළේ ද, තහනම් දෑ තහනම් බව විශ්වාස කොට ඉන් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කර සිටියි.
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා ස්වර්ගයට ප්‍රවේශ කරවන, අපා ගින්නෙන් මා දුරස් කරවන ක්‍රියාවක් මට දැනුම් දෙන්න" යැයි පැවසුවෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය. ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නො කරන්න. සලාත් ඉටු කරන්න; සකාත් දෙන්න. රමළාන් මාසයේ උපවාසයේ යෙදෙන්න. දේව නිවසෙහි හජ් ඉටු කරන්න." පසුව මෙසේ ද ප්‍රකාශ කළහ: යහපතේ දොරටු පිළිබඳ මම ඔබට පෙන්වා දෙන්න ද? උපවාසය පළිහකි. ජලය ගින්න නිවා දමන්නාක් මෙන් දානය වැරදි මකා දමනු ඇත. මධ්‍යම රාත්‍රියේ මිනිසා ඉටු කරන සලාතය. පසුව මෙසේ පාරායන කර පෙන්වූහ. "තතජාෆා ජුනූබුහුම් අනිල් මලාජිඉ" සිට "බලග යඃමලූන්" දක්වා. පසුව එතුමාණෝ: "විෂය ශීර්ෂය එහි කුළුන හා එහි මුදුන් මුල ගැන මා ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. එවිට මම "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "විෂය ශීර්ෂය ඉස්ලාමයයි. එහි කුළුන සලාතයයි. එහි මුදුන් මුල ජිහාදයයි." යැයි පැවසූහ. පසුව එතුමාණෝ "ඒ සියල්ල හිමි කර දෙන මුඛ්‍ය කරුණ ගැන ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ තම දිව අල්ලාගෙන "මෙය වළක්වා ගන්න" යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ නබිවරයාණනි, අපි කතා කරන දැයින් ග්‍රහණය කරනු ලබන්නෙම් ද? එවිට එතුමාණෝ: "ඔබේ මවට ඔබ අහිමි වේවා1! මිනිසුන් ඔවුන් මුණින් අතට -හෝ ඔවුන්ගේ නාසය මත- වැටෙන්න සළස්වන්නේ ඔවුන්ගේ දිවවල් සොයාගත් අස්වැන්න හැර වෙනත් කිසිවක් වන්නේ ද!" යැයි පැවසූහ. 1.සකිලත්ක උම්මුඛ. එහි වචනාර්ථය මෙහි ලබා දී ඇති නමුත් මෙම වාක්‍ය ඛණ්ඩය අරාබි භාෂාවෙන් භාවිතා කර ඇත්තේ "වැරදි සහ නිෂ්ඵල කතා නොකියන්න!" යන අර්ථය හඟවමිනි.
رواه الترمذيමුආද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් එතුමාණන් සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්‍රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” විමසා සිටියෙමි. එතුමාණෝ: “සැබැවින්ම ඔබ ආත්මයට වඩාත් වැදගත් කරුණක් පිළිබඳ මගෙන් විමසා ඇත්තෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය. ඔබ ඉස්ලාමයේ වගකීම් ඉටු කරන්න:" යැයි පැවසුහ. පළමුවැන්න: ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. දෙවැන්න: දහවල් හා රාත්‍රී කාලයන්හි අනිවාර්යය කරන ලද ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, සහ ඊෂා යන සලාත් වාරයන් ෂුරූත් හෙවත් ඒවායෙහි කොන්දේසි, අර්කාන් හෙවත් මූලිකාංග හා වාජිබාත් හෙවත් අනිවාර්යය කටයුතු පිළිපදිමින් විධිමත්ව ඉටු කරන්න. තුන්වැන්න: නියම කරනු ලැබූ සකාත් ද නිකුත් කරන්න. එය මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ආගමික නීතිය තුළ නියම කරන ලද ප්‍රමාණයට තම මුදල ලඟා වී ඇත්නම් එය නිකුත් කළ යුතු අතර එයට සුදුසුකම් ලබන්නන් හට පිරිනමනු ලැබේ. සිව්වැන්න: රමළාන් උපවාසය රැකීම. එනම් අල්ලාහ්ට කරන නැමදුමක් ලෙස අදිටන් කර අලුයම උදාවේ සිට හිරු අවරට යන කාලය දක්වා ආහාර පාන හා අනෙකුත් උපවාසය අවලංගු කරන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය. පස්වැන්න: සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමක් ලෙස වන්දනාමාන ඉටු කිරීම සඳහා මක්කා වෙත ගොස් දේව නිවසෙහි හජ් වන්දනාව ඉටු කිරීම. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු වෙත ළඟා කරවන මාධ්‍යයන් පිළිබඳ මා නුඹලාට කියා දිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. "එනම්, එම වගකීම් ඉටු කරනවාත් සමග අදාළ අතිරේක දෑද පිළිපැදීමය." පළමුව: අතිරේක උපවාසය වේ. එය පාපකම් තුළට වැටීමෙන් ආරක්ෂා කරන්නක් වන අතර කාමුක ආශාවන් බිද දමන්නකි. ශක්තිය හීන කරන්නකි. දෙවැන්න: සදකා හෙවත් අමතරව ඉටු කරන දානයයි. එය වරදක් සිදු කළ පසුව එය නිවා දමනු ඇත. එය පහ කරනු ඇත. ඉන් ඇතිවන බලපෑම මකා දමනු ඇත. තුන්වැන්න: රාත්‍රියේ අවසන් තුනෙන් එකක පළමු කොටසෙහි තහජ්ජුද් සලාතය ඉටු කිරීමය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “තතජාෆා ජුනූබුහුම්" ඔවුන්ගේ ඇළපැති ඈත්ව තබති "අනිල් මළාජිඉ" නිදිහයනින් යන පාඨය පාරායනය කළහ. එනම්, එය සලාතය, දික්ර් හෙවත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, ප්‍රාර්ථනා කිරීම යනාදිය සඳහාය. (එය කැමැත්තෙන් හා භක්තියෙන් යුතුව ය. අපි ඔවුන්ට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති. ඔවුන් වෙනුවෙන් සඟවා ඇති නෙතට සිසිලස ගෙන දෙන දෑ කිසිදු ආත්මයක් නොදනී.) එනම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ පවතින ඔවුන්ගේ නෙත් පිනවන සුව පහසුකම්ය. (එය ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.) පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "දහමෙහි මූලය, එය රැඳී ඇති එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මුආද් (රළියල්ලාහු අන්හු) තුමා: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පවසා සිටියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එය සාක්ෂියේ ප්‍රකාශ දෙක ය. දහමෙහි මූලය මිනිසා සමග බැඳී පවතිනුයේ ඒ දෙක සමගය. යැයි පැවසුහ. එහි කුළුණ සලාතයයි. සලාතයෙන් තොරව ඉස්ලාමය නැත. එය කුළුනක් නොමැතිව නිවසක් පිහිටන්නේ නැති සේය. කවරෙකු සලාතය ඉටු කළේ ද ඔහුගේ දහම ශක්තිමත් වී එය උසස් වන්නේය. එහි උච්චතම හා ඉහළම ස්ථානය ජිහාද් හෙවත් අරගලය වේ. අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් වනු පිණිස දහමට විරුද්ධවන සතුරන් සමග අරගල කිරීමට තමන්ව කැප කිරීමකි. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "ඉකුත්ව ගිය දෑහි පදනම හා තීන්දුව මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා එතුමාණෝ තම දිව අල්ලා ‘ඔබ මෙය වළක්වා ගන්න. ඔබට අවශ්‍ය නැති දෑ ගැන ඔබ කතා නොකරන්න' යැයි පවසා සිටියහ. මුආද් තුමා: "අපි කතා කරන සෑම කරුණක් ගැන අපෙන් විසමනු ඇත් ද? ඒ හේතුවෙන් අපි වැරදි කරුවන් බවට හසු කර, දඬුවම් කරනු ඇත් ද?" යැයි විමසුවේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! (මෙය ඔහුට එරෙහිව කළ ප්‍රාර්ථනාවක් නොවේ. මෙය යමක් දැනුම් දීමට හෝ දැනුම්වත් කිරීමට හෝ අවශ්‍ය කරුණක් වී නම්, ඒ ගැන අවදි කිරීම සඳහා අරාබිවරුන් භාවිතා කරන සාමාන්‍ය ප්‍රකාශයකි). පසුව එතුමාණෝ: "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ අවිශ්වාසය, අපහාසය, ශාප කිරීම, බැන වැදීම, අවමන් කිරීම, අපහාස කිරීම යනාදී ඔවුන්ගේ දිවවල් නෙළා ගත් දෑ මිස වෙන කුමක් දැ?"යි පවසා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම උත්තරීතර පරමාධිපතියාණන් පිළිබඳ දන්වා සිටිය දී මෙසේ ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් කුසල් හා අකුසල් සටහන් කර ඇත." පසුව ඒවා පැහැදිළි කළහ. කවරෙකු යම් කුසලක් කිරීමට සිතා එය නොකළේ නම්, අල්ලාහ් තමන් අබියස පූර්ණ කුසලක් සටහන් කරනු ඇත. එය සිතා සිදු කළේ නම්, අල්ලාහ් තමන් අබියස කුසල් දහයේ සිට හත්සිය දක්වා ගුණ කරමින් එය ද තවත් වැඩියෙන් ගුණ කරමින් සටහන් කරනු ඇත. ඔහු යම් අකුසලයක් සිතා එය සිදු නොකළේ නම්, අල්ලාහ් තමන් අබියස පූර්ණ කුසලක් සටහන් කරනු ඇත. ඔහු එය සිතා සිදු කළේ නම්, අල්ලාහ් එක් අකුසලයක් පමණක් සටහන් කරනු ඇත."
رواه البخاري ومسلم في صحيحيهما بهذه الحروفයහපත් දෑ හා අයහපත් දෑ අල්ලාහ් නියම කර ඇති බවත් අනතුරුව එය ලියනුයේ කෙසේදැ?යි ඔහු මලක්වරු දෙදෙනාට පැහැදිලි කළ බවත් දූතයාණෝ පැහැදිළි කර සිටියහ. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, අදිෂ්ඨාන කොට, පසුව එය සිදු නොකළ ඔහුට කුසලක් ලියනු ලැබේ. ඔහු එය ඉටු කළේ නම්, කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කරනු ලැබේ. අධික කුසල් පිහිටනුයේ සිත තුළ පවතින අවංකභාවය හා ප්‍රතිඵල වැඩියෙන් බලාපොරොත්තු වීම යනාදිය තුළිනි. එමෙන්ම කවරෙකු හෝ යම් නපුරක් සිතා එය අදිෂ්ඨාන කර පසුව එය අල්ලාහ් වෙනුවෙන් අත්හැර දැමුවේ නම්, ඔහුට කුසලක් ලියනු ලැබේ. අදාළ කරුණ සිදු කිරීමෙන් තොරව එහි නිරතවෙමින් හිඳ, පසුව අත්හැරියේ නම්, ඔහුට කිසිවක් ලියනු ලැබේ. ඔහු එයට නොහැකියාව හේතුවෙන් එය අත් හැරියේ නම් ඔහුගේ චේතනාව ලියනු ලැබේ. ඔහු එය සිදු කළේ නම්, එක් පාපයක් පමණක් ලියනු ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ. තවද මාගේ ගැත්තා මම ඔහුට ආදරය කරන තුරු නෆිල් (අමතර) ක්‍රියාවන් සමඟ මා වෙත ළං වෙමින් ම සිටී. මම ඔහුට ප්‍රේම කරන විට, මම ඔහු අසන ඔහුගේ ශ්‍රවණය, ඔහු දකින ඔහුගේ දෘෂ්ටිය, ඔහු අල්ලන ඔහුගේ අත සහ ඔහු ඇවිදින ඔහුගේ පාදය වෙමි. ඔහු මගෙන් (යමක්) ඉල්ලුවොත්, මම එය නිසැකවම ඔහුට දෙන්නෙමි; ඔහු මාගෙන් රැකවරණය පැතුවොත්, මම නිසැකවම ඔහුට රැකවරණය ලබා දෙන්නෙමි."
رواه البخاري'හදීස් අල් කුද්සි' හෙවත් දිව්‍ය කියමන් සහිත නබි වදනක සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු මෙසේ පැවසීය. කවරෙකු මාගේ සමීපතයින් අතරින් සමීප අයෙකුට සතුරුකම් කරන්නේ ද, ඔහු සමග කෝප වී ක්‍රෝධ වන්නේ ද මම ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තෙමි. මම ඔහුට ඒ ගැන දැනුම් දී ඇත්තෙමි. සමීපතයා යනු: දේවත්වය විශ්වාස කරන භක්තිමත් අයයි. ගැත්තකු සතු දේව විශ්වාසයේ හා භක්තියේ ප්‍රමාණයට අනුව අල්ලාහ්ගේ සමීපත්වයේ ඔහුගේ කොටස පිහිටනු ඇත. අවනත වී ක්‍රියා කරන මෙන් හා තහනම් කරන ලද දෑ මග හරින මෙන් අල්ලාහ් නියම කළ හා අනිවාර්ය කළ දෑට වඩා ඔහු වෙත සමීප වීමට ප්‍රිය මනාප වෙනත් කිසිවක් නැත. මුස්ලිම්වරයා අල්ලාහ්ගේ ආදරය හිමි කර ගන්නා තෙක් නියම කරන ලද දෑ සමග අතිරේක ක්‍රියාවන් ද සිදු කරමින් තම පරමාධිපති වෙත සමීප වෙමින් සිටියි. එසේ අල්ලාහ් ඔහුට ප්‍රිය කළ විට අවයව හතරක මඟ පෙන්වා ඔහුට උපකාර කරයි. ඔහුගේ ශ්‍රවණය තුළින් ඔහුට උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් ප්‍රිය කරන දෑ හැර වෙනත් කිසිවකට ඔහු සවන් දෙන්නේ නැත. ඔහු දකින ඔහුගේ බැල්ම තුළින් උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් බලන්නට ප්‍රිය කරන, තෘප්තියට පත්වන දෑ වෙත හැර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නැත. ඔහුගේ අතෙහි ඔහුට උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් සතුටු වන දෑ මිස වෙනත් කිසිවක් ඔහුගේ අතින් සිදු කරන්නේ නැත. තවද ඔහු ගමන් කරන ඔහුගේ පාදය තුළින් ද උපකාර කරයි. ඒ අනුව, අල්ලාහ් සතුටු වන දෑ වෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නැත. යහපත ඇති දෑ වෙත මිස වෙනත් කිසිවක් වෙත පය තියන්නේ නැත. ඒ සමගම ඔහු අල්ලහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම අල්ලාහ් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමු වූයේ නම් සැබැවින්ම ශුද්ධ වූ අල්ලාහ් ඔහුට රැකවරණය දෙනු ඇත. ඔහු බියවන දැයින් ඔහුව මුදවාලනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ මුහම්මද් අබ්දිල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය."
رويناه في كتاب الحجة بإسناد صحيحඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ නියෝගයක්, තහනම් නියෝගයක් මෙන්ම වෙනත් කවර හෝ කරුණක් පිළිපැදීම පුද්ගලයකුට වඩාත් ප්‍රිය ජනක කටයුත්තක් වන තෙක් ඔහු සම්පූර්ණයෙන්ම විශ්වාසය සහිත කෙනෙකු වන්නේ නැති බව එතුමාණෝ පැහැදිළි කළහ. එබැවින් එතුමාණන් කවර කරුණක් නියෝග කළේ ද එයට ප්‍රිය කළ යුතු අතර කවර කරුණක් තහනම් කළේ ද එය පිළිකුල් කළ යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා පවතින්නේ ද ඔහු කුහකයකු වේ. ඒවා අතරින් එක් කරුණක් පමණක් පවතින්නේ ද, එය ඔහු අත් හරින තෙක් කුහකත්වයේ එක් කරුණක් ඔහු තුළ පවතී. ඔහු වනාහි: කතා කළ විට බොරු කියයි. පොරොන්දු දුන් විට කඩ කරයි. වාද කළ විට දුෂ්ටකම් කරයි. ගිවිස ගත් විට උල්ලංඝණය කරයි."
رواه البخاري ومسلمකරුණු හතරක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඒවා මුස්ලිම්වරයකු තුළ එකතු වී තිබූ විටෙක එම කරුණ හේතුවෙන් ඔහු කුහකයින්ට දැඩි සේ සමාන වනු ඇත. මෙහි පවසා ඇත්තේ එම කරුණු අබිබවා ගිය අය සම්බන්ධයෙනි. නමුත් මේ ගුණාංග දුර්ලබ කෙනෙකු නම් ඔහු ඒ තුළට නොවැටෙනු ඇත. එනම්: පළමුවැන්නා: ඔහු කතා කළ විට වුවමනාවෙන්ම බොරු කියයි. ඔහුගේ කතාව තුළ සත්‍යයක් දකින්නට නොලැබේ. දෙවැන්නා: යම් ගිවිසුමක් ගිවිස ගත් විටෙක, එය සම්පූර්ණ නොකරයි. අදාළ තැනැත්තාට වංචා කරයි. තුන්වැන්නා: යම් පොරොන්දුවක් දුන් විටෙක එය ඉටු නොකර, ඒ තැනැත්තා එය කඩ කරයි. සිව්වැන්නා: යමෙක් සමග ඔහු වාද විවාද කළ විට ඔහුගේ තර්කය කෲර වේ. සත්‍යයෙන් වෙනතකට නැඹුරු වෙයි. එය ප්‍රතික්ෂේප කිරීමට හා නිෂ්ඵල කිරීමට පෙළඹේ. බොරුව හා ව්‍යාජ දෑ පවසයි. සැබැවින්ම කුහකත්වය යනු අභ්‍යන්තරයේ ඇති දෑට පටහැනි යමක් ප්‍රදර්ශනය කිරීමකි. මෙම ගුණාංග ඇති උදවිය තුළ මෙම අර්ථය දක්නට ලැබේ. ඔහුගේ කුහකත්වය මිනිසුන් අතරින් ඔහු කවර අයකු සමග කතා කළේ ද, ඔහු කවර අයකුට පොරොන්දු දුන්නේ ද, කවර අයකු විසින් ඔහුව විශ්වාස කළේ ද කවර අයකු සමග ඔහු තර්ක කළේ ද කවර අයකු සමග ගිවිසුම්වලට එළැඹුනේ ද එවැන්නාගේ අයිිතිය තුළ පවතින්නකි. ඉස්ලාමය තුළ මුනාෆික් (කුහකයා) යනු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේප සඟවාගෙන මතුපිටින් ඉස්ලාමය ප්‍රදර්ශනය කරන්නාය. මෙම කරුණු අතරින් යම් කරුණක් කවරෙකු තුළ හෝ වී නම් ඔහු එය අත්හැර දමන තෙක් ඔහු තුළ කුහකත්වයේ ලක්ෂණයක් වන්නේමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් මත දිවුරමින්, සැබැවින්ම මෙම සමාජය තුළ යුදෙව් හෝ කිතුනු හෝ වෙනත් කිසිදු ප්රජාවකින් කිසිවෙකු හෝ තමන් ගැන ගැන සවන් දී, නබි තුමාණන්ගේ ඇරයුම ඔහු වෙත ළඟා වී, පසුව ඒ ගැන විශ්වාස නොකරම මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු වූ බවත් ඔහු එහි සදාතනිකව පසුවන බවත් පවසා සිටියහ.
ආඉෂා තුමිය හා අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් වෙත (මරණයේ දූතයා) පහළ වූ කල්හි එතුමාණන්ගේ මුහුණ මත ඉරි සහිත රෙදි කඩක් එළීය. එය එතුමාණන්ගේ හුස්ම හිරකළ කල්හි, එතුමාණෝ තම මුහුණින් එය ඉවත් කර ගත්හ. -එතුමාණන් එසේ සිටිය දී,- යුදෙව්වන් හා කිතුනුවන් මත අල්ලාහ්ගේ දොසක්ම වේවා! ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ගේ මිණීවලවල් දේවස්ථාන බවට ගත්තෝය. යැයි පවසා ඔවුන් සිදු කළ දෑ ගැන අවවාද කරමින් සිටියහ.
متفق عليهආඉෂා රළියල්ලාහු අන්හා තුමිය අපට මෙසේ දන්වා සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණෝ තම මුහුණ මත රෙදි කැබැල්ලක් එළීය. මරණයේ වේදනාව හේතුවෙන් හුස්ම ගැනීමට එතුමාණන්ට අපහසු වූ විට තම මුහුණින් එය ඉවත් කර ගත්හ. එම බරපතල අවස්ථාවේ එතුමාණෝ "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කරත්වා! ඔහුගේ කරුණාවෙන් ඔවුන් දුරස් වූවෝය. එය ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් දේවස්ථාන බවට පත් කර ගත් බැවිනි." යැයි පැවසූහ. එය බරපතල කරුණක් නොවී නම්, එම තත්ත්වයේ එතුමාණන් ඒ ගැන පවසන්නට නොවීය. ඒ අනුව, එවැනි ක්‍රියාවන්ට සමාන දැයින් තම ප්‍රජාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. එය යුදෙව් හා කිතුනුවන්ගේ ක්‍රියාවලිය විය. එමෙන්ම එය අල්ලාහ්ට ආදේශ කිරීම වෙත යොමු කරන පහත් ක්‍රියාවක් විය.