





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මාගේ සමූහයාගේ අවසන් කාලයේ නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ සවන් නොදුන් දෑ නුඹලාට පවසා සිටින පිරිසක් මතු බිහිවනු ඇත. එබැවින් නුඹලා වැළකී සිටිනු. ඔවුන් ද වැළකී සිටිය යුතුය."
رواه مسلمතම සමූහයාගේ අවසන් කාලයේ බොරු ගොතා පවසන මිනිසුන් බිහිවනු ඇති බවත් ඔවුනට පෙර සිටි කිසිවකු නොපැවසූ දෑ ඔවුන් පවසා සිටිනු ඇති බවත් ගොතන ලද බොරු හදීස් දන්වා සිටිනු ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එබැවින් ඔවුන්ගෙන් දුරස්වන මෙන් ද ඔවුන් සමග වාඩි නොවන මෙන් ද ඔවුන්ගේ කතාවට සවන් නොදෙන මෙන් ද එතුමාණෝ අපට නියෝග කළහ. එය, ගොතන ලද හදීස් සිත් තුළ සහතික නොවනු පිණසය. එසේ වී නම්, ඉන් මිදීමට අපොහොසත් වන්නෙමු.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරු මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකු ලෙස සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් සවන් දෙන සෑම කරුණක්ම ඔබ ලියන්නෙහි ද? පසුව මම ලිවීම නතර කළෙමි. ඒ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත සැළ කර සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ.
رواه أبو داودඅබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ලිඛිතව ආරක්ෂා කිරීම පිණිස ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරුන් පිරිසක් මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකි. ඇතැම් විට වැරදෙන්නට ඉඩ ඇත. පසුව මම ලිවීම නතර කළෙමි. පසුව ඔවුන් පවසා සිටි දෑ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත දන්වා සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. කෝපයෙහි හෝ සතුටෙහි ද කවර තත්ත්වයක පසුවුව ද මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැති" බව පැවසූහ. උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් ගැන මෙසේ පැවසීය: "තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි. එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත." (අන්-නජ්ම්: 3,4)
වාසිලා ඉබ්නු අස්කඃ -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((නියත වශයෙන්ම මුසාවෙන් අතිමහත් මුසාව තම පියා නොවන මිනිසෙකු පියා යැයි අමතනු ලැබීමත් තමන් නොදුටු දෑ දෑසින් දුටු බව පෙන්වීමත් අල්ලාහ්ගේ දූතයාණන් නොපැවසූ දෑ පැවසූ බවට පැවසීමත්ය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅල්ලාහ් කෙරෙහි ගොතන වඩාත් දරුණුතම බොරු අතුරින් මහත් බොරුවක් වනුයේ මිනිසෙකු සැබෑ පියා නොවන කෙනෙකු වෙත පීතෘත්වය ඈදා සිටීම හෝ පියකු නොවන කෙනෙකුට තමන් පියා යැයි පවසා එය ඔහුට පිළිගැනීමට සැළැස්වීමයි. මෙය බොරු වර්ග අතුරින් දරුණුතම බොරුවකි. එමෙන්ම අල්ලාහ් අබියස වඩාත් දරුණුතම බොරු අතුරින් තවත් මහා බොරුවක් වනුයේ සිහිනෙන් දුටු, මූලික වශයෙන් නොදුටු දෙයක් සම්බන්ධයෙන් පුද්ගලයකු වාද කිරීමය. එමෙන්ම අල්ලාහ් අබියස වඩාත් දරුණුතම බොරු අතුරින් තවත් මහා බොරුවක් වනුයේ ක්‍රියාවෙන් වචනයෙන් හා පිළිගැනීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අභියස නොවූ දෙයක් එතුමාට ඈඳීමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු තුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
رواه البخاري ومسلمනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සමාන කළේ ගොඩනැගිල්ලකට ආධාරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලාමයේ ඉතිරි කරුණු ගොඩනැගිල්ල සම්පූර්ණ කරන්නක් වැනි ය. පළමු මූලිකාංගය වනුයේ: සාක්ෂියේ ප්‍රකාශ දෙකයි; එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවට සාක්ෂි දැරීම හා සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීමය. ඒ දෙකින් එකක් අනෙකෙන් වෙන් කළ නොහැකි ය. අල්ලාහ්ගේ ඒකීයත්වය හා නැමදුමට සුදුස්සා ඔහු පමණක් හැර වෙනත් කිසිවෙකු නැති බව පිළිගනිමින්, එය අපේක්ෂා කරන කරුණු ක්‍රියාවට නංවමින්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පණිවිඩය විශ්වාස කරමින් හා ඔහුව අනුගමනය කරමින් ගැත්තෙකු මෙම වදන් දෙක ප්‍රකාශ කරයි. දෙවන මූලිකාංගය: සලාතය විධිමත්ව ස්ථාපිත කිරීමය. එනම් රාත්‍රියේ සහ දහවල් කාලයේ අනිවාර්යය කරන ලද ෆජ්ර්, ළුහර්, අසර්, මග්රිබ් සහ ඉෂා යන සලාත් වාර පහ ඒවායෙහි රීති, මූලිකාංග හා අනිවාර්යය දෑ පිළිපදිමින් ඉටු කිරීමය. තුන්වන මූලිකාංගය: නියම කරන ලද සකාත් නිකුත් කිරීමය. ආගමික නීතිය තුළ නියම කරන ලද නියමිත ප්‍රමාණය ලබා ඇති සෑම ධනයකම අනිවාර්යය කරන ලද මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ඒවා නියමිත අය වෙත පිරිනමනු ලැබේ. සිව්වැනි මූලිකාංගය: හජ්, එනම් සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් වශයෙන් කෙරෙන වන්දනා කටයුතු ඉටු කිරීම සඳහා මක්කාව දෙසට පිය නැගීමය. පස්වන මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, එනම් අල්ලාහ් වෙනුවෙන් සිදු කරන නැමදුමක් බවට අදිටන් කරමින්, අළුයම් කාලයේ සිට හිරු අවරට යන තෙක් කෑමෙන් බීමෙන් හා උපවාසය කඩ කරන අනෙකුත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.
අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ පවසා සිටින ලදී. "අල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ දෙසූහ. එතුමාණෝ සත්යවාදියකු මෙන්ම සත්යවාදියෙකු ලෙස සහතික කරනු ලැබූ අයෙකි. "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක කාලයක එක්ළැස් කෙරෙයි. පසුව එය (කූඩැල්ලෙකුගේ ස්වරූපය ගත්) ලේ කැටියක් ලෙස ඒ හා සමාන කාලයක් පවතී. පසුව එය මස් කැබැල්ලක් ලෙස ඒ හා සමාන කාලයක් පවතී. පසුව ඒ වෙත මලක් හෙවත් සුර දූතයකු එවනු ලැබේ. ඔහු එහි ප්‍රාණය පිඹියි. එය ඔහුගේ පෝෂණය, ඔහුගේ ආයු කාලය, ඔහුගේ ක්‍රියාදාමය හා භාග්‍යවන්ත ද අභාග්යවන්තද යන වග සටහන් කරමින් කරුණු හතරක් නියම කරනු ලැබේ. ඔහු හැර වෙනත් දෙවියකු විය නොහැකි ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු ස්වර්ග වාසීන්ගේ ක්‍රියාවන් අනුව ක්‍රියා කරනු ඇත. එය කෙතරම් ද යත් ඔහු හා ඒ අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තෙක්ම පිහිටයි. නමුත් ලියවිල්ල ඔහු ඉක්මවා ගොස් අපා වාසීන්ගේ ක්‍රියාවන්ට අනුගත වී කටයුතු කරයි. පසුව ඔහු එහි පිවිසෙයි. එමෙන්ම සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු අපා වාසීන්ගේ ක්‍රියාවන් අනුව ක්‍රියා කරනු ඇත. එය කෙතරම් ද යත් ඔහු හා ඒ අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තරම්ම පවතී. නමුත් ලියවිල්ල ඔහු ඉක්මවා ගොස් ස්වර්ග වාසීන්ගේ ක්‍රියාවන්ට අනුගතව කටයුතු කරයි. පසුව ඔහු එහි පිවිසෙයි."
رواه البخاري ومسلمඅල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් එතුමාණන්ව සහතික කළ පරිදි එතුමාණෝ අවංක හා සත්යවාදියෙකු වූහ. එතුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම එක්කාසු කරනු ලැබේ. එනම් මිනිසෙකු තම බිරිය සමග සංසර්ගයේ යෙඳුණු විටෙක, විසිරී යන ඔහුගේ ශුක්‍රාණු එම කාන්තාවගේ කුසෙහි දින හතළිහක කාලයක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු වේ. පසු ව එය ලේ "අලකා" බවට පත් වේ. එනම් එය ඝණ රුධිර කැටියකි. එය දෙවන දින හතළිහේ අදියර වේ. පසුව එය "මුළ්ආ" බවට පත් වේ. එය හපන්නට හැකි තරමින් වූ මස් ගොබයකි. එය තුන්වන හතළිස්-දින අදියර වේ. පසුව අල්ලාහ් ඔහු වෙත මලක්වරයකු එවා තුන්වන හතළිහ අවසන් වූ පසු ආත්මයක් ඒ තුළට පිඹ රෝපණය කරයි. නියමයන් හතරක් ලියන මෙන් එම මලක්වරයාට නියෝග කරනු ලැබේ. එනම්: ඔහුගේ පෝෂණයයි. එය ඔහුගේ ආයුකාලය තුළ ඔහු ලබන සුව පහසුකම්වල සීමාවේ ප්‍රමාණයයි. ඔහුගේ ආයුකාලය, එනම් ඔහු මෙලොවෙහි නැවතී සිටින කාල පරිච්ඡේදයයි. ඔහුගේ ක්‍රියාව කුමක් ද? භාග්‍යවන්ත ද එසේ නැතහොත් අභාග්‍යවන්ත ද යනුවෙන් ලියනු ලැබේ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා මෙසේ පැවසූහ. "තැනැත්තෙකු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාව සිදු කරයි. ඔහුගේ එම ක්‍රියාව දැහැමි වේ. එනම් එය මිනිසුනට පෙනෙන දෑහි ය. එසේම ඔහු අතර හා ස්වර්ගය අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තරමට එය පත්වෙයි. එනම් ඔහු අතර හා ඔහු එයට පිවිසීම අතර දුර ප්‍රමාණය තමන් අතර හා මහපොළොවේ යම් තැනක් අතර බාහුවක තරම් ප්‍රමාණයක දුරින් සිටින කෙනෙකු මෙනි. පසුව ඔහුගේ ලේකනය හා ඔහු වෙත නියම කරන ලද දෑ එය අභිබවා යයි. පසුව ඔහු අපා ගින්නේ වැසියන්ගේ ක්‍රියාවක් එහි සිදු කරයි. ඒ සමගම ඔහු අවසන් ගමන් යයි, පසුව ඔහු අපා ගින්නට පිවිසෙයි. ඊට හේතුව එහි නොපෙරළී ඒ මත ස්ථාවර ව සිටීම ඔහුගේ ක්‍රියාව පිළිගැනීම සඳහා වන කොන්දේසිය වන බැවිනි. තවත් තැනැත්තෙකු අපා ගින්නට ළඟා වන තරමට අපා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා අපා ගින්න අතර මහපොළොවෙන් බාහුවක තරම් ප්‍රමාණක දුරින් ඔහු සිටිනවාක් මෙනි. අවසානයේ ලේඛනය හා ඔහු වෙත නියම කරනු ලැබූ දෑ අභිබවා ගොස් ඔහු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාවක් සිදු කර ස්වර්ගයට පිවිසෙයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට මුඃමින්වරුන්ගේ මාතාවක වූ උම්මු අබ්දිල්ලාහ් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි." මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක: "කවරෙකු අපගේ කටයුතු අතර නැති දෙයක් ක්‍රියාවට නැංවූයේ ද එය ප්‍රතික්ෂේප කරන ලද්දකි."
رواه البخاري ومسلمකවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි දෑට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා අබ්දුර් රහ්මාන් ඉබ්නු සහ්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: "මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු. ඔබට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන්ගේ අධික ප්‍රශ්න කිරීම් හා ඔවුන්ගේ වක්තෘවරුන් පිළිබඳව ඔවුන් තුළ තිබූ මතභේදය නිසාය."
رواه البخاري ومسلمඅල්ලාහ්ගේ දූතයාණන් අපට යම් දෙයකින් වළක්වා ඇත්නම්, කිසිදු ව්‍යතිරේකයකින් තොරව ඉන් අපි වැළකී සිටිය යුතු බවත් එතුමාණන් අපට යම් ක්‍රියාවක් කරන මෙන් නියෝග කර ඇත්නම් අපට හැකි පමණින් එය අප ඉටු කළ යුතු බවත් එතුමාණෝ පැහැදිළි කළහ. පසුව පෙර විසූ ඇතැම් ජන සමූහයන් තම නබිවරුන්ට විරුද්ධ වී ඔවුන්ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටීම හේතුවෙන් විවිධාකාර විනාශයන් තුළින් අල්ලාහ් දඬුවම් කළ අය මෙන් අප ද නොවන ලෙස එතුමාණෝ අපට අවවාද කළහ. එබැවින් එසේ ඔවුන් විනාශ වී ගියාක් මෙන් අප ද විනාශ වී යන තරමට ඔවුන් මෙන් අප කටයුතු නොකළ යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. පිවිතුරු දෑ හැර වෙනත් කිසිවක් ඔහු පිළිගන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ධර්ම දූතවරුන් හට කවර නියෝගයක් කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ටත් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. "අහෝ ධර්ම දූතවරුණි, ඔබ පිවිතුරු දැයින් අනුභව කරන්න. දැහැමි කටයුතු සිදු කරන්න." තවදුරටත් අල්ලාහ් මෙසේ පවසා ඇත. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි, අප ඔබට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ ඔබ අනුභව කරන්න." පසුව දිගු ගමනක නිරත වුනු, හිසකෙස් අවුල් වී ගිය, දූවිලි තැවරී ඇති මිනිසකු පිළිබඳ සිහිපත් කළහ. ඔහු තම අත් දෙක අහස දෙසට ඔසවා "අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!" යැයි කණ්ණලව් කරයි. නමුත් ඔහුගේ ආහාරය හරාම් (තහනම් කරනු ලැබූවකි), ඔහුගේ පානය හරාම්, ඔහුගේ වස්ත්‍රය හරාම් ඔහු හරාමයෙන්ම පෝෂණය වී ඇත. එබැවින් එයට කෙසේනම් පිළිතුරු දෙනු ලබන්නේ ද?"
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය; පාරිශුද්ධය; සියලුම අඩුපාඩුවලින් තොර ය පූර්ණ භාවයන්ගෙන් හෙබි ය. පිවිතුරු දෑ මිස වෙනත් ක්‍රියාවන් හෝ ප්‍රකාශ හෝ විශ්වාසයන් හෝ ඔහු පිළිගන්නේ නැත. ඒවා අල්ලාහ්ට පමණක් විය යුතු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීමට අනුගත විය යුතු ය. මෙමගින් හැර අල්ලාහ් වෙතට කිසිවෙකුට සමීප විය නොහැක. දේවත්වය විශ්වාස කරන්නා ළඟ තිබිය යුතු අති වැදගත් පිවිතුරු ක්‍රියාව වනුයේ ඔහුගේ ආහාරයේ පිවිතුරු භාවයයි. එනම් එය අනුමත අහරක් විය යුතු ය. ඒ සඳහා ඔහුගේ ක්‍රියාව පිවිතුරු විය යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අනුමත ආහාර හා දැහැමි ක්‍රියාවන් අතරින් කවර කරුණක් සම්බන්ධයෙන් රසූල්වරුන්ට නියම කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත්තේ එබැවිනි. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පාරායනය කර පෙන්වූහ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ. පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය. දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි. තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි. සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි. මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
අබුල් අබ්බාස් අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. දිනක් මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පසුපසට වී සිටයෙමි. එවිට එතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න; (ලොව සිටින) සියලු දනන් එකතු වි ඔබට හානියක් සිදු කිරීමට තැත් කළ ද, අල්ලාහ් ඔබට නිර්ණය කළ දෑ හැරෙන්නට ඔවුන් සියලු දෙනාට ඔබට කිසිදු හානියක් සිදු කිරීමට නොහැක. පන්සිද ඔසවනු ලැබීය, කඩදාසි වියැළින' තිර්මිදි තුමා කළ ප්‍රකාශය හැර වෙනත් වාර්තාවක, "ඔබ අල්ලාහ්ව (හදවතේ) ආරක්ෂා කරගන්න. ඔබ ඉදිරියේ ඔබ ඔහුව දකිනු ඇත. සතුටු දායක අවස්ථාවන්හි අල්ලාහ්ව හඳුනා ගන්න. දුෂ්කර අවස්ථාවන්හි ඔහු ඔබව හඳුනා ගනියි. දැනගන්න. ඔබට යමක් මග හැරුණේ නම් එය ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවීය. එමෙන්ම ඔබට යමක් ලැබුණේ නම් එය ඔබට මග හැරෙන්නට තිබූ දෙයක් නොවීය. දැනගන්න. සැබැවින්ම උපකාරය ඉවසීම සමග ය. සහනය දුක සමග ය. දුෂ්කරතාව පහසු ව සමගය." යැයි සඳහන් වේ.
رواه الترمذي وغيرهඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා අවදියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එතුමාණන්ගේ පසුපසින් වාඩි වී (ගමන් යමින්) සිටියේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට: "අල්ලාහ් ඔබට ප්‍රයෝජනය ලබා දෙන කරුණු හා විෂයයන් කිහිපයක් මම උගන්වමි" යැයි පවසා සිටියහ. ඔබ අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුගේ කරුණ ආරක්ෂා කරන්න. එය පාපකම් හා පිටුපෑම් තුළ නොව, අවනතවීම් හා සමීපවීම් තුළින් ඔබ ලැබිය යුතු ය. ඔබ එසේ කළේ නම් ඔබේ ප්‍රතිඵලය වනුයේ මෙලොව හා මතුලොව පිළිකුල් සහගත දැයින් අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඔබ කොතැනක සිටියත් ඔබගේ වැදගත් කටයුතුවල දී ඔහු ඔබට උපකාර කරනු ඇත. ඔබ යමක් ඉල්ලන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ්ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් නො ඉල්ලන්න. සැබැවින්ම ඉල්ලා සිටින්නන් හට පිළිතුරු සපයන්නා ඔහු පමණය. ඔබ උදව් පතන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ් වෙතින් මිස වෙනත් කිසිවකුගෙන් උදව් නො පතන්න. සැබැවින්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන, එමෙන්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් හානියක් කිරීමට ඔවුන් එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන යන වග ඔබ තුළ ස්ථීර කර ගත යුතු ය. එමෙන්ම මෙම කාරණය සර්ව බලධාරී අල්ලාහ් විසින් නියම කරන ලද අතර, ඔහුගේ ප්‍රඥාව හා දැනුමට අවශ්‍ය දේ අනුව නියම කරන ලද වගත්, අල්ලාහ් නියම කර ඇති දෑහි කිසිදු වෙනසක් නොමැති වගත් ඔබ තුළ ස්ථීර කර ගත යුතුය. කවරෙකු අල්ලාහ්ගේ නියෝග ආරක්ෂා කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් අල්ලාහ්ව ආරක්ෂා කළේ ද, සැබැවින්ම අල්ලාහ් කවුදැයි ගැත්තා ඉදිරියෙන් ඔහු පෙන්වා දෙනු ඇත. එමෙන්ම ගැත්තාට උපකාර කර සහය දක්වනු ඇත. සැබැවින්ම මිනිසා සතුටුදායක අවස්ථාවන්හි අල්ලාහ්ට අවනත වූ විට, දුෂ්කර අවස්ථාවන්හි අල්ලාහ් ඔහුට නිදහස හා මිදීම ලබා දෙනු ඇත. සෑම ගැත්තෙකුම අල්ලාහ් ඔහුට නියම කර ඇති යහපත හා අයහපත පිළිගත යුතු ය. දුෂ්කරතත්වය කාර් ය බහුලත්වය සමග ගැත්තා ඉවසීම ප්‍රගුණ කළ යුතුය. මක්නිසාදයත් මිදීමේ හා නිදහස ලැබීමේ යතුර ඉවසීම වන බැවිනි. සැබැවින්ම ව්‍යසනය වනාහි එය දරුණු වූ විට මිදීම අල්ලාහ්ගෙන් පමණක් පැමිණෙන බැවිනි. සැබැවින්ම දුෂ්කරතාවක් ඇති වූ විටෙක අල්ලාහ් ඔහුට ප්‍රතිඵල වශයෙන් පහුසව පිරිනමනු ඇත.