





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බියට පත්වූ අයකු සේ තමන් වෙත පිවිස මෙසේ පවසා සිටි බව සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්‍රමාණයට විවෘත වී ඇත.” යැයි එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වුහ. එවිට මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද?" යැයි විමසා සිටියෙමි යැයි ඇය පැවසුවාය. එතුමා: “ඔව්, නපුර අධික වූ විට” යැයි එතුමා පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෙයිනබ් බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත බිය හා තැතිගත් තත්ත්වයේ පිවිස, "ලා ඉලාහ ඉල්ලල්ලාහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසා ශුද්ධ වූ අල්ලාහ් වෙත යොමු වීම හැර ඉන් මිදීමට වෙනත් මඟක් නැති, සිදුවන නපුරක් සම්බන්ධයෙන් පවසන්නට විය. එතුමාණෝ මෙසේ පැවසූහ: සිදුවන්නට ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේවා! යඃජූජ් මඃජූජ් හිර කර ඇති දුල් කර්නයින් විසින් නිර්මාණය කළ බාධකය අද දින මේ ප්‍රමාණයට විවෘත වී ඇත යැයි පවසා එතුමාණෝ තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වූහ. එවිට සෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය, "අප අතර දැහැමියන් සිටිය දී අල්ලාහ් අප විනාශ කරනුයේ කෙසේ ද?" යැයි විමසා සිටියාය. එවිට එතුමාණෝ ඇයට මෙසේ පැවසූහ. "පාපකම්, දුෂ්ටකම්, දුරාචාරය, මත්ද්‍රව්‍ය හා අපරාධ යනාදී නපුරු අධික වූ විට විනාශය සිදු වනු ඇත."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."
رواه الترمذي وأحمد"දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය තුළ ශරීර සෞඛ්යතාවෙහි මෙන්ම ඔවුන්ගේ දරුවන් අතර විවිධ ලෙඩ රෝග, මරණ, හිංසන හා වෙනත් එවැනි පීඩාවන් ඇති වීම, ඔවුන්ගේ ධනයෙහි දිළිඳු බව ඇති වීම, ව්‍යාපාර කඩා වැටීම, සොරකමට ලක්වීම, ආහාර සම්පත්වල හිඟභාවය, මානසික අවපීඩනය සහ ජීවන සම්පත්හි අගහිඟකම් ඇතිවීම යනාදී පරීක්ෂණ හා විභාග ගැත්තාගෙන් අහකට යන්නේ නැත. එම පරීක්ෂණ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ සියලු පාපකම් හා වැරදි වලට සමාව දෙයි. එය කෙතරම් දුරටද යත් අල්ලාහ්ව ඔහු මුණ ගැසුණු විට ඔහු කළ සියලුම පාපකම් හා වැරදිවලින් ඔහු පිරිසිදු වනු ඇත." යයි නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමා දැන්වුහ .
“නුඹලා දැනුවත්වම අල්ලාහ්ට ආදේශයන් නොතබන්න.” යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය වනාහි. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා එම පාඨයේ සඳහන්: ‘අන්දාද්’ නම් අරාබි පදය රාත්‍රී අන්ධකාරයේ කළු මුඩු ගලක් මත කුහුඹුවා ගමන් කිරීමට වඩා සිහින්ව සිදුවන ආදේශ තැබීම යැයි අදහස් කර ඇත. එය ‘අල්ලාහ් මතත් අහෝ මිනිස ඔබේ ජීවිතය හා මගේ ජීවිතය මතත් දිවුරා පවසමි’ යැයි පැවසීම, ‘මේ සුරතල් සුනඛයා නොසිටියේ නම් අප වෙත කොල්ලකරුවන් පැමිණෙන්නට තිබුණි. අප නිවසේ මේ තාරාවා නොසිටියේ නම්, කොල්ලකරුවන් අප වෙත පැමිණෙන්නට තිබුණි’ යනාදී ලෙස ඔබ පැවසීම, එමෙන්ම පුද්ගලයකු තම සගයාට: ‘අල්ලාහ් අභිමත කළ පරිදි හා ඔබ අභිමත කළ පරිදි සිදුව ඇත.’ යැයි පැවසීම, ‘අල්ලාහ් හා ඒ පුද්ගලයා හැරෙන්නට’ යැයි මිනිසා පැවසීම යනාදියයි. එහිදී පුද්ගලයකු ඔබ පත් නොකළ යුතු වේ. මේ සියල්ල ආදේශ කිරීමයි.
ඉබ්නු අබී හාතම් එය වාර්තා කර ඇත“නුඹලා දැනුවත්වම අල්ලාහ්ට ආදේශයන් නොතබන්න.” යැයි උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කර ඇති අතර සැබැවින්ම මැවුම්කරු හා පෝෂක අල්ලාහ් පමණක් වන බවත් සැබැවින්ම තබන ලද ආදේශයන්ට කිසිදු කටයුත්තක් අයිති නොමැති බවත් ඔවුන් නොහැකියාවෙන් යුත් දිළිඳුන් බවත් මැනවින් දැන සිටියදී එවැනි දෑ ඔහුට සමානයන් හා ආදේශයන් ලෙස පත් කොට, ඔහු වෙනුවෙන් කරන නැමදුම්වල දී යමක් ඔවුන් වෙත යොමු කර සිටීම අල්ලාහ් මිනිසුනට තහනම් කළේය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා ‘අන්දාද්’ නම් අරාබි පදය ‘ආදේශ තබනු ලබන්නන්’ යැයි හඳුන්වා දී ඇත. එය පිළිපදිමින් උදාහරණයක් ද මෙනෙහි කළේය. එනම් රාත්‍රී අන්ධකාරයේ කළු මුඩු ගලක් මත කුහුඹුවකු ගමන් කිරීමට වඩා එය සැහැල්ලුවෙන් බලපාන කරුණක් බවයි. පසුව ඒ සඳහා උදාහරණ මෙනෙහි කළේය. එනම් ඔබ අල්ලාහ් නොවන දෑට දිවුරා සිටීමයි. ඒ අතරින් වඩාත් බරපතල වනුයේ අල්ලාහ්ට සම තත්ත්වයේ එය තබා ‘අල්ලාහ් හා මාගේ ජීවිතය මත දිවුරමි’ යැයි ඔබ පැවසීම හෝ හේතුවට සාධක වූ දෑ අතහැර හේතුව වෙත අවධානය යොමු කිරීම හෝ අල්ලාහ් වෙනුවෙන් කටයුතු යොමු නොකර ‘අප ආරක්ෂා කරන මේ සුනඛයා නොහිටින්නට අප වෙත කොල්ලකරුවන් පැමිණෙනු ඇත’ යැයි පැවසීම හෝ ‘අප වෙත කිසියම් පිටස්තරයෙකු පිවිසුනේ නම් ඒ ගැන සැලකරන මෙම තාරාවා නිවසේ නොහිටින්නට එම කොල්ලකරුවන් එන්නට තිබුණි’ යැයි පැවසීමය. ආදේශ තැබීම අතරින් තවත් කරණක් වනුයේ මිනිසා තම සගයාට ‘අල්ලාහ් අභිමත කළ පරිදිත් ඔබ අභිමත කළ පරිදිත් සිදුවිය’ යැයි පැවසීම අල්ලාහ් හා මේ පුද්ගලයා නොහිටින්නට යැයි පැවසීමය. එහි දී කිසිදු පුද්ගලයකු පත් නොකළ යුතු වේ. පසුව ඒ සියල්ල සුළු ෂිර්ක් ගණයට අයත් බව තරයේ ප්‍රකාශ කර සිටියහ. එසේ පවසන්නෙකු සැබැවින්ම අල්ලාහ්ගෙන් තොරව එම මිනිසා හෝ තාරාවා හෝ සුනඛයා විසින් බලපෑම් සිදුවන බව විශ්වාස කළේ නම් එය මහා ෂිර්ක් ගණයට අයත් වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව හුදෙයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”
رواه أبو داود والنسائي في الكبرى وأحمد'මාෂා අල්ලාහ් වෂාඅ ෆුලාන්' (අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය) යැයි පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. එසේ නැතහොත් අල්ලාහ් හා මෙම පුද්ගලයාගේ අභිමතය පරිදි යැයි පැවසීම ද තහනම් කළහ. ඊට හේතුව අල්ලාහ්ගේ අභිමතය සහ ඔහුගේ කැමැත්ත නිරපේක්ෂ වන අතර කිසිවෙකු ඔහු සමඟ එහි හවුල් නොවන බැවිනි. 'වාව්' නම් නිපාත පදය යෙදීමෙන් අල්ලාහ් සමග කිසිවකු හවුල් බවට හෝ ඔහුට සමාන වන බවට හෝ හැඟීමක් ඇති කරයි. නමුත් අල්ලාහ්ගේ අභිමතය පරිදි යැයි පවසා පසුව එම තැනැත්තාගේ කැමැත්ත පරිදි යැයි පැවසිය හැක. ගැත්තාගේ අභිමතය අල්ලාහ්ගේ අභිමතය අනුගමනය කරන්නක් විය යුතු පිණිස 'වාව්' නිපාතය වෙනුවට 'සුම්ම' (පසුව) යන නිපාතය නියම කළේය. හේතුව සුම්ම (පසුව) යන නිපාතයෙන් 'ඉන් පසුව' හෝ 'ප්‍රමාදය' යන අදහස දක්වයි.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “බොරුකාරයකු ලෙස අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු ලෙස ඔහු හැර වෙනත් කෙනෙකු මත දිවුරා සිටීමට වඩා මා වෙත ප්‍රියමනාපය.”
ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - අබුදර් රස්සාක් එය වාර්තා කර ඇතඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: යම් කරුණක් සම්බන්ධව එය සිදු වූවා යැයි උපකල්පනය කරමින් එහිදී මම බොරුකාරයකු බව අල්ලාහ් මත මා දිවුරා සිටීම වනාහි, එය කරුණක් සම්බන්ධව, එහිදී මම සත්යවාදියෙකු යැයි අල්ලාහ් නොවන දෑට මා දිවුරා සිටීමට වඩාත් ප්‍රිය ජනකය. තමන් බොරු කාරයකු යැයි අල්ලාහ් මත දිවුරා සිටීම සත්යවාදියෙකු යැයි අල්ලාහ් නොවන දෙයක් මත දිවුරා සිටීමට වඩා සුදුසුය. මෙම තත්ත්වයේ අල්ලාහ් මත දිවුරා සිටීම වනාහි, එහි දේවත්වය ඒකීය කරණයේ අලංකාරය පවතී. එමෙන්ම බොරුවේ නපුර ද පවතී. තමන් සත්යාවාදියෙකු යැයි වෙනත් අයකු මත දිවුරා සිටීම වනාහි, එහි සත්‍යයේ අලංකාරය පවතින අතරම ෂිර්ක් හෙවත් දේව ආදේශයේ නපුරද පවතී. දේවත්වය ඒකීයකරණයේ අලංකාරය සත්‍යයේ අලංකාරයට වඩා වැදගත් වන්නේය. බොරුවේ නපුර ෂිර්ක්හි නපුරට වඩා සැහැල්ලු වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා වියතින් වියත බාහුවෙන් බාහුව අනුගමනය කරනු ඇත. එය කෙතරම් ද යත්, ඔවුන් තලගොයි ගුලකට පිවිසුණද නුඹලා ද ඔවුන් අනුකරණය කරනු ඇත.” අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! (ඔවුන්) යුදෙවවන් හා කිතුනුවන් දැ?"යි විමසුවෙමු. එතුමා: “වෙන කවුරුන්දැ?”යි එතුමා ප්‍රකාශ කළහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ යුගයෙන් පසු තම සමූහයාගේ තත්ත්වය කෙසේ වනු ඇත්දැ?යි දන්වා සිටියහ. එනම් ඔවුන් යුදෙව් හා කිතුනුවන්ගේ ප්රතිපත්තීන්, ක්‍රියාමාර්ග, සිරිත් විරිත් හා ඔවුන්ගේ සම්ප්‍රදායන් තුළ ඔවුන්ගේ මාර්ගය අනුගමනය කිරීම ය. එමෙන්ම තත්ත්පරයෙන් තත්ත්පරය, අඟලින් අඟල, රියනෙන් රියන ඔවුන්ව අනුකරණය කිරීමය. ඔවුන් තලගොයි ගුලකට ගිය ද මොවුන් ද ඒ තුළට ඔවුන් පසුපස පිවිසෙනු ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”
رواه مسلمකවරෙකු සත්‍යය සහිත ඍජු මාර්ගය වෙත වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මිනිසුනට මඟ පෙන්වා, ඇරයුම් කර, දිරි ගැන්වූයේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. අනුගමනය කරන්නාගේ කුසලින් කිසිවක් එය අඩු කරන්නේ නැත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එමෙන්ම කවරෙකු වැරදි හා පාපය ඇති නපුරු ව්‍යාජ මාර්ගයක් වෙත හෝ අනුමත නොවන කටයුත්තක් වෙත හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් මිනිසුනට මඟ පෙන්වා ඔවුනට ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපයන් ඔහුට ද හිමිවනු ඇත. පාපකම් කළවුන්ගෙන් කිසිදු පාපයක් එය අඩු කරන්නේ ද නැත.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. ‘ගුණාංගයන්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් පවසන හදීසයකට සවන් දුන් කල්හි වෙව්ලා යන මිනිසෙකු දැක -එය හෙළා දකිමින්-. ‘මොවුන්ගේ වෙනස කුමක් ද? ස්ථාවර කරුණක දී මෘදු මොළොක් බව සොයති. සැක කරන කරුණක දී ඔවුහු විනාශ වන්නට බලති.
ඉබ්නු අබී ආසිම් එය වාර්තා කර ඇත - අබුදර් රස්සාක් එය වාර්තා කර ඇතපොදු ජනයා අතරින් තම සභාවට පැමිණෙන ඇතැම් මිනිසුන් පිළිබඳව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා පිළිකුල් කළේය. ගුණාංග පිළිබඳ පවසන හදීස් අතරින් යමක් ඔවුන් සවන් දෙන අවස්ථාවේදී ඔවුන් ගැන බියක් ඇතිවිය. එය දැඩි ලෙස හෙළා දැකීමෙන් වෙව්ලා යති. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් නිවැරදිව පවසන දෑ පිළිබඳ අතිශයින් විශ්වාස කිරීමක් ඔවුනට නොවීය. කුර්ආනයෙන් වූ ඒහි අර්ථය ඔවුහු දැන සිටියෝය. එයයි සත්‍යය. එහිදී දේවත්වය විශ්වාස කරන්නකු සැක කරන්නේ නැත. නමුත් ඔවුන්ගෙන් ඇතැමෙකු අල්ලාහ් අදහස් කළ අර්ථයට පටහැනි අර්ථයක් මත පදනම්ව එමගින් ඔවුන් විනාශ වී යන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.
رواه أبو داود والترمذي وابن ماجه وأحمدඅසුභවාදය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එනම් කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන අසන ලද හෝ දකින ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සුභ අසුභවාදය බැලීමය. එතුමාණන් අසුභවාදය ගැන සඳහන් කළේ, එය ඉස්ලාමයට පෙර වූ අඥාන යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නිසා ය. එහි මූලාරම්භය වන්නේ ගමනක, වෙළඳාමක හෝ වෙනත් ඕනෑම දෙයක යෙදෙන විට කුරුල්ලකු මුදා හැරීමයි. එවිට එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය දේ සිදු කරයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත් ව සිටියි. සැබැවින්ම එය ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමක් බව එතුමාණෝ දන්වා සිටියහ. අසුභවාදය ෂිර්ක් වනුයේ සැබැවින්ම අල්ලාහ් හැර වෙනත් කිසිවකුට යහපත සැළසිය නොහැකි බැවින් හා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නපුර වළක්වන නොවන බැවිනි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා සඳහන් කළේ, මුස්ලිම්වරයෙකුගේ හදවතේ යම් අශුභවාදී හැඟීම් ඇති විය හැකි නමුත්, ක්‍රියාමාර්ග ගැනීමත් සමඟම අල්ලාහ් මත විශ්වාසය තැබීමෙන් ඔහු එය වළක්වා ගත යුතු බවයි.