





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබ්දුල්ලාහ් ඉබ්නු අෂ්-ෂික්හීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. “බනූ ආමිර් ගෝත්‍රයේ පිරිසක් සමග මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෙමි. එවිට අපි, ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”
رواه أبو داود وأحمدපිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට ඔවුන් එතුමාණන් සමීපයට ගිය කල්හි, ඔවුහු එතුමාණන්ට -එතුමාණන් ප්‍රිය නොකරන ඇතැම් වචන භාවිත කරමින් ප්‍රශංසා කළෝය. එවිට ඔවුහු "ඔබ අපේ නායකයාණන්ය." යැයි පැවසූහ. එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” මැවීම් කෙරෙහි වූ පූර්ණ නායකත්වය ඔහු සතුය. මැවීම් ඔහුගේ ගැත්තෝ වෙති. "ඔබ අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය." යැයි පැවසුවෝය. එනම් නිලයෙන් ගෞරවයෙන් හා භාග්‍යයෙන් අපට වඩා උසස්ය. තවද, "ඔබ අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ උසස්කමින් උදාරත්වයෙන් හා ගෞරවයෙන් අපට වඩා ඉමහත්ය. පසුව ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රකාශයෙන් කතා කරන මෙන් ද, බර වචන නොයෙදෙන මෙන් ද තහනම් කරන ලද දේව ආදේශය හා එහි මාධ්‍යයන් තුළට ෂෙයිතාන් ඇද ගෙන යන්නට බලන පුරසාරම් දෙඩීමෙන් හා ඉහවහා ප්‍රශංසා කිරීමෙන් වැළකි සිටින මෙන් ද ඒවා වෙත ෂෙයිතාන් ඔවුන් ඇදගෙන නොයා යුතු මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ දන්වා සිටියේය. “සැබැවින්ම එතුමා පැමිණ තම පරමාධිපතිට සිරස නමමින් සුජූද් කරයි. ඔහුට ප්‍රශංසා කරයි. (පළමුව මැදිහත්වීමෙන් ආරම්භ නොකරයි.) පසුව එතුමාට මෙසේ පවසනු ලැබේ. “ඔබේ හිස ඔසවන්න; විමසන්න; ඔහු සවන් දෙනු ඇත. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරනු ලබනු ඇත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැමිණ අල්ලාහ්ට සිරස නමා සුජූද් කරයි. ප්‍රාර්ථනා කරයි. පසුව මහත් මැදිහත් වීම සඳහා එතුමාණන්ට අල්ලාහ් අවසර දෙමින් මෙසේ පවසයි. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරවනු ලබනු ඇත. එනම් ඔබේ ඉල්ලීම පිළිගනු ලබන්නකි. ඔබේ මැදිහත්වීමත් පිළිගනු ලබන්නකි.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අකබා උදෑසන තම ඔටුවා මත හිඳ මෙසේ පැවසූහ. "මට ගල් කැට අහුලා දෙන්න." එවිට මම එතුමාණන් වෙනුවෙන් ගල් කැට හතක් අහුලා දුනිමි. ඒවා බොරළු කැට විය. පසුව ඔහු ඒවා තම අත්ලෙහි සොලවා මෙසේ කීවේය: “මේවා මෙන් ඔබ විසි කරන්න.” ඉන්පසු එතුමාණෝ මෙසේ පැවසීය.“අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ ආගම විෂයෙහි අතිශයෝක්තියයි."
رواه ابن ماجه والنسائي وأحمدහජ්ජතුල් වදා නම් අවසන් හජ් සමයේ අවුරුදු දින අකබාවට ගල් වීසීකරන උදෑසන තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. එවිට විසිකරන ගල්කැට එතුමාණන් වෙනුවෙන් අහුලා දෙන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. එතුමාණන් වෙනුවෙන් හෙතෙම ගල්කැට හතක් අහුලා දුන්නේය. ඉන් එකක් කඩල ඇටයක හෝ ධාන්‍ය ඇටයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය අතේ තබා ගෙන මෙසේ පැවසූහ. මෙම ප්‍රමාණයෙන් සමාන වූ දෑ විසි කරන්න. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අන්තවාදයට, අතිශයෝක්තිභාවයට සහ ආගමික කාරණාවලදී සීමාව ඉක්මවීමට එරෙහිව අනතුරු ඇඟවූහ. සැබැවින්ම පෙර සමූහයන් විනාශයට පත් වූයේ ආගමේ සීමාව ඉක්මවා යෑම, අතිශයෝක්තිභාවය හා අන්තවාදය බව පෙන්වා දුන්හ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “(අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව) ආසාදනය වීමක් නැත. පක්ෂීන් මුල් කරගත් අසුභවාදය ද නැත. බස්සන් මුල් කරගත් අසුභවාදය ද නැත. සෆර් මාසය මුල් කරගත් අසුභවාදය ද නැත. ඔබ සිංහයෙකුගෙන් පලා යන්නාක් මෙන් ලාදුරු රෝගියාගෙන් පලා යන්න"
متفق عليهඅඥාන යුගයේ පැවතුනු ඇතැම් කටයුතුවලින් ආරක්ෂා වනු පිණිස ඒවා අනතුරු ඇඟවීමක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළ අතරම සැබැවින්ම සියලුම කරුණු අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහුගේ නියෝගය හෝ ඔහුගේ පෙර නියමයෙන් තොරව කිසිවක් සිදු නොවන බවත් පැහැදිළි කළහ. ඒවා නම්: පළමුවැන්න: රෝගය ඉබේ ආසාධනය වන බව ආඥාන යුගයේ ජනයා සිතමින් සිටියහ. රෝගයක් රෝගියාගෙන් වෙනත් අයකුට ස්වභාවයෙන්ම ආසාධනය වන බව විශ්වාස කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. හේතුව විශ්වය තුළ සියලු දෑ ක්‍රියා කරවන්නා අල්ලාහ් වන බැවිනි. රෝගය පහළ කරන්නේත් එය ඉවත් කරන්නේත් ඔහු ය. ඒ කිසිවක් ඔහුගේ අභිමතය හා ඔහුගේ පෙර නියමය අනුව මිස සිදුවන්නේ නැත. දෙවැන්න: අඥාන යුගයේ ජනයා යම් ගමනක් හෝ යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා බැහැර ව ගිය විට, ඔවුන් පක්ෂියකු ඵලවා හරියි. ඌ දකුණු දෙසට පියඹා ගියේ නම් භාග්‍යයක් කොට සැළකූ අතර, ඌ වම් දෙසට පියාඹා ගියේ නම්, එය අභාග්‍යයක් කොට සලකා නැවත හැරී එති. මෙසේ පක්ෂීන් යොදා ගෙන ගුණනුගුණ බැලීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූ අතර සැබැවින්ම එම විශ්වාසය අර්ථවිරහිත බව ද පැහැදිළි කළහ. තුන්වැන්න: අඥාන යුගයේ ජනයා බකමූණෙකු නිවසක් මතට වැටුණේ නම් එම නිවැසියන්ට අභාග්‍යයක් අත්වන බව පවසමින් සිටියෝය. මෙවැනි අසුභවාදය පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. සිව්වැන්න: සෆර් මාසය මුල් කරගෙන සුභ අසුභ බැලීමෙන් ද වැළැක්වූහ. එය චන්ද්‍රමාස අනුව දෙවන මාසයයි. එමෙන්ම, සෆර් යනු මිනිසුන් මෙන්ම සිවුපාවුන්ගේ කුසෙහි ඇතිවන පණු රෝගයක් බව ද පැවසේ. සැබැවින්ම එය පණු හොරි රෝගයට වඩා දරුණු බව ඔවුහු විශ්වාස කරමින් සිටියෝය. මෙම විශ්වාසය ද එතුමාණෝ නැති කළහ. පස්වැන්න: සිංහයාගෙන් පළා යන්නාක් මෙන් ලාදුරු රෝගය වැළඳුනු පුද්ගලයාගෙන් දුරස් වන මෙන් එතුමාණෝ නියෝග කර ඇත්තාහ. එය තමන්ට ආරක්ෂාව කර ගැනීමටයි. අල්ලාහ් නියෝග කර ඇති හේතුසාධක ක්‍රියාත්මක කිරීමකි. ලාදුරු රෝගය යනු මිනිස් අවයව කා දමන රෝගයකි.
සැබැවින්ම හසන් තුමා විසින් වාර්තා කරන ලදී. “හූනියම් දන්නා අයකුට මිස හූනියම ලිහිය නොහැක.”
ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - ඉමාම් කත්තාබි එය වාර්තා කර ඇතමෙහි ප්‍රචාරය හූනියම ලිහීමය. හසන් තුමාගේ ප්‍රකාශයේ මතුපිටින් පෙනෙන්නේ පොදුවේ එය තහනම් කර ඇති බවයි. ඊට හේතුව හූනියම් ගැන දන්නා කෙනෙකුට මිස හූනියම ලිහීමට වෙනත් කිසිවකුට නොහැකි වීමය. හූනියම ඒ හා සමාන හූනියමකින් ලිහීම මෙහි අන්තර්ගත වී ඇත. එය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. ඉබ්නු අල් කය්යුම් තුමා ඉන් ඇති වන දේ මෙසේ පැහැදිලි කළේය. හූනියම් කරන ලද්දකට අනුමත ප්‍රාර්ථනාවන් තුළින් හා අල් කුර්ආනය තුළින් ප්‍රතිකාර කිරීම අනුමත ක්‍රියාවකි. නමුත් එය හූනියම මගින් ප්‍රතිකාර කිරීම තහනම් කරන ලද්දකි.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකුගේ අතෙහි ඇති අබ ඇටයක් මෙන් මිස අහස් හත හා මහ පොළොවල් හත මහා කාරුණිකයාණන්ගේ අතෙහි නොවනු ඇත.”
ඉබ්නු ජරීර් එය වාර්තා කර ඇත - අල් උලූ හි ඉමාම් දහබී එය වාර්තා කර ඇත - අබ්දුල්ලාහ් බින් ඉමාම් අල් අහ්මද් එය වාර්තා කර ඇතඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙම හදීසයේ අපට දන්වා සිටිනුයේ, සැබැවින්ම අහස් හත හා මහපොළොවල් හත ඒවායෙහි විශාලත්වය සමග මහා කාරුණිකයාණන්ගේ අතෙහි තිබේ නම්, එය සසදා බලන කළ අප අතරින් කිසිවකුගේ අතෙහි තිබෙන කුඩා අබ ඇටයකට සමාන වන්නේය. මෙම සංසන්ධනය ප්‍රමාණය පෙන්වීමට මිස අතට අත සංසන්දනය කිරීමක් නොවන්නේය. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ්ගේ පැවැත්ම කිසිවකට සමාන නොවන්නාක් මෙන්ම ඔහුගේ ගුණාංගද කිසිවකට සමාන වන්නේ නැති බැවිණි.
අබූ දර් අල්-ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දේව රාජ්‍යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.”
අර්ෂ් පිළිබඳ පාඩමෙහි ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - අල් උලූ හි ඉමාම් දහබී එය වාර්තා කර ඇතඅබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා ඇත්තේ, සැබැවින්ම දේවාසනය එහි විශාලත්වය හා එහි ප්රමාණත්වය දේවරාජ්‍යය සමග සසදා බලන කල විශාල කාන්තාර පාළු භූමියක තබන ලද යකඩ මුද්දක් මෙනි. මෙය එහි මැවුම්කරුගේ විශාලත්වය හා පූර්ණ බලය පෙන්වා දෙයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි එතුමාණෝ පැවසූහ."
متفق عليهඅල්ලාහ්ගේ නියමයෙන් තොර ව ලෙඩ රෝග තමන්ගෙන් තවත් කෙනෙකුට වැළදෙනු ඇතැයි අඥාන ජනයා විශ්වාස කරමින් සිටි ආසාදන ක්‍රියාවලිය ව්‍යාජ මතයක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එමෙන්ම අශුභවාදය ද ව්‍යාජ මතයකි. එනම්: කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ වෙනත් ඕනෑම ඇසෙන හෝ දෘශ්‍යමාන දෙයකින් දකින අශුභවාදයයි. අසුභවාදය ගැන සඳහන් කර ඇත්තේ, එය ඉස්ලාමයට පෙර වූ අඥාන යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නිසා ය. එහි මූලාරම්භය ගමනක, වෙළඳාමක හෝ වෙනත් ඕනෑම දෙයක යෙදෙන විට කුරුල්ලකු මුදා හැර, එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය දේ සිදු කරයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත් ව සිටියි. සුභවාදය ගැන තමන් සතුටු වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එනම්: දැහැමි වචනයෙන් ලබන සතුට හා ප්‍රීතිය හේතුවෙන් මිනිසාට හට ගන්නා දෑය. එය තම පරමාධිපති කෙරෙහි යහපත් සිතුවිලි ඇති කරනු ඇත.
අල් බරාඃ (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත."
متفق عليهමදීනා වාසීන් වන අන්සාරිවරුන් කෙරෙහි ආදරය දැක්වීම දේව විශ්වාසයේ පූර්ණත්වය සඳහා වන ලක්ෂණයකි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය ඉස්ලාමයටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් උපකාර කිරීමේ දී ඔවුන් පෙරටුගාමීන් වූ බැවින් හා මුස්ලිම්වරුන්ට පිහිට වීමට වෙර දැරීම හා අල්ලාහ් වෙනුවෙන් තම මුදල් හා ජීවිත ඔවුන් වෙනුවෙන් ලබා දුන් බැවිනි. ඔවුන්ට වෛර කිරීම කුහකකමේ සලකුණකි. පසුව කවරෙකු අන්සාර් වරුන්ට ප්‍රිය කළේ ද අල්ලාහ් ඔහු ප්‍රිය කරන බවත් කවරෙකු ඔවුන් සමග කෝප වූයේ ද අල්ලාහ් ද ඔහු සමග කෝප වන බවත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිළි කළහ.