





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් ඔහු සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්‍රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” මම විමසා සිටියෙමි යැයි පවසා සිටියේය. එතුමාණෝ: “සැබැවින්ම ඔබ වැදගත් කරුණක් පිළිබඳ විමසුවෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය.” ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. සලාතය විධිමත්ව ඉටු කරන්න. සකාත් ද නිකුත් කරන්න. රමළාන් උපවාසය රකින්න. දේව නිවස කරා හජ් වන්දනා කරන්න.” පසුව එතුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු ගැන මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? උපවාසය පලිහකි. සදකා හෙවත් දානය, ජලය ගින්දර නිවා දමන්නාක් මෙන් වැරදි නිවා දමන්නකි. රාත්‍රිය මැද කොටසේ මිනිසා ඉටු කරන සලාතයක් ඇත." යැයි පවසා පසුව “තතජාෆා ජුනූබුහුම් අනිල් මළාජිඉ -ඔවුන්ගේ ඇළපැති නිදිහයනින් ඈත් ව තබති - යන (සූරා සජදා හි 16 වැනි) පාඨයේ සිට “යඃලමූන්” - ඔවුහු දැන සිටිති- යන (එහි 17 වැනි) පාඨය දක්වා පාරායනය කළහ. පසුව එතුමාණෝ: “කටයුත්තේ සිරස, එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එහි කුළුණ සලාතයයි. එහි උච්චතම ස්ථානය ජිහාද් හෙවත් අරගලයයි" යැයි පැවසූහ. පසුව එතුමාණෝ තවදුරටත්: "මේ සියලු දෑහි පදනම මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මම: "එසේය වක්තෘවරයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ එතුමාණන්ගේ දිව අල්ලා ‘ඔබට එරෙහි වීමෙන් මෙය වළක්වා ගන්න’ යැයි පැවසූහ. මම: 'අහෝ වක්තෘවරය, අප කවර කරුණක් කතා කරන්නේ ද එමගින් අප හසුකරනු ලබන්නෙමු ද?' යැයි විමසුවෙමි. එවිට එතුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! ඔබට කුමක් වීද!" යැයි පවසා, "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ දිවවල් නෙළාගත් දෑ මිස වෙන කුමක් දැ"යි පවසා සිටියහ.
رواه الترمذي وابن ماجه وأحمدමුආද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් එතුමාණන් සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්‍රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” විමසා සිටියෙමි. එතුමාණෝ: “සැබැවින්ම ඔබ ආත්මයට වඩාත් වැදගත් කරුණක් පිළිබඳ මගෙන් විමසා ඇත්තෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය. ඔබ ඉස්ලාමයේ වගකීම් ඉටු කරන්න:" යැයි පැවසුහ. පළමුවැන්න: ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. දෙවැන්න: දහවල් හා රාත්‍රී කාලයන්හි අනිවාර්යය කරන ලද ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, සහ ඊෂා යන සලාත් වාරයන් ෂුරූත් හෙවත් ඒවායෙහි කොන්දේසි, අර්කාන් හෙවත් මූලිකාංග හා වාජිබාත් හෙවත් අනිවාර්යය කටයුතු පිළිපදිමින් විධිමත්ව ඉටු කරන්න. තුන්වැන්න: නියම කරනු ලැබූ සකාත් ද නිකුත් කරන්න. එය මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ආගමික නීතිය තුළ නියම කරන ලද ප්‍රමාණයට තම මුදල ලඟා වී ඇත්නම් එය නිකුත් කළ යුතු අතර එයට සුදුසුකම් ලබන්නන් හට පිරිනමනු ලැබේ. සිව්වැන්න: රමළාන් උපවාසය රැකීම. එනම් අල්ලාහ්ට කරන නැමදුමක් ලෙස අදිටන් කර අලුයම උදාවේ සිට හිරු අවරට යන කාලය දක්වා ආහාර පාන හා අනෙකුත් උපවාසය අවලංගු කරන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමය. පස්වැන්න: සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමක් ලෙස වන්දනාමාන ඉටු කිරීම සඳහා මක්කා වෙත ගොස් දේව නිවසෙහි හජ් වන්දනාව ඉටු කිරීම. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු වෙත ළඟා කරවන මාධ්‍යයන් පිළිබඳ මා නුඹලාට කියා දිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. "එනම්, එම වගකීම් ඉටු කරනවාත් සමග අදාළ අතිරේක දෑද පිළිපැදීමය." පළමුව: අතිරේක උපවාසය වේ. එය පාපකම් තුළට වැටීමෙන් ආරක්ෂා කරන්නක් වන අතර කාමුක ආශාවන් බිද දමන්නකි. ශක්තිය හීන කරන්නකි. දෙවැන්න: සදකා හෙවත් අමතරව ඉටු කරන දානයයි. එය වරදක් සිදු කළ පසුව එය නිවා දමනු ඇත. එය පහ කරනු ඇත. ඉන් ඇතිවන බලපෑම මකා දමනු ඇත. තුන්වැන්න: රාත්‍රියේ අවසන් තුනෙන් එකක පළමු කොටසෙහි තහජ්ජුද් සලාතය ඉටු කිරීමය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “තතජාෆා ජුනූබුහුම්" ඔවුන්ගේ ඇළපැති ඈත්ව තබති "අනිල් මළාජිඉ" නිදිහයනින් යන පාඨය පාරායනය කළහ. එනම්, එය සලාතය, දික්ර් හෙවත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, ප්‍රාර්ථනා කිරීම යනාදිය සඳහාය. (එය කැමැත්තෙන් හා භක්තියෙන් යුතුව ය. අපි ඔවුන්ට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති. ඔවුන් වෙනුවෙන් සඟවා ඇති නෙතට සිසිලස ගෙන දෙන දෑ කිසිදු ආත්මයක් නොදනී.) එනම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ පවතින ඔවුන්ගේ නෙත් පිනවන සුව පහසුකම්ය. (එය ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.) පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "දහමෙහි මූලය, එය රැඳී ඇති එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මුආද් (රළියල්ලාහු අන්හු) තුමා: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පවසා සිටියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එය සාක්ෂියේ ප්‍රකාශ දෙක ය. දහමෙහි මූලය මිනිසා සමග බැඳී පවතිනුයේ ඒ දෙක සමගය. යැයි පැවසුහ. එහි කුළුණ සලාතයයි. සලාතයෙන් තොරව ඉස්ලාමය නැත. එය කුළුනක් නොමැතිව නිවසක් පිහිටන්නේ නැති සේය. කවරෙකු සලාතය ඉටු කළේ ද ඔහුගේ දහම ශක්තිමත් වී එය උසස් වන්නේය. එහි උච්චතම හා ඉහළම ස්ථානය ජිහාද් හෙවත් අරගලය වේ. අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් වනු පිණිස දහමට විරුද්ධවන සතුරන් සමග අරගල කිරීමට තමන්ව කැප කිරීමකි. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "ඉකුත්ව ගිය දෑහි පදනම හා තීන්දුව මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා එතුමාණෝ තම දිව අල්ලා ‘ඔබ මෙය වළක්වා ගන්න. ඔබට අවශ්‍ය නැති දෑ ගැන ඔබ කතා නොකරන්න' යැයි පවසා සිටියහ. මුආද් තුමා: "අපි කතා කරන සෑම කරුණක් ගැන අපෙන් විසමනු ඇත් ද? ඒ හේතුවෙන් අපි වැරදි කරුවන් බවට හසු කර, දඬුවම් කරනු ඇත් ද?" යැයි විමසුවේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! (මෙය ඔහුට එරෙහිව කළ ප්‍රාර්ථනාවක් නොවේ. මෙය යමක් දැනුම් දීමට හෝ දැනුම්වත් කිරීමට හෝ අවශ්‍ය කරුණක් වී නම්, ඒ ගැන අවදි කිරීම සඳහා අරාබිවරුන් භාවිතා කරන සාමාන්‍ය ප්‍රකාශයකි). පසුව එතුමාණෝ: "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ අවිශ්වාසය, අපහාසය, ශාප කිරීම, බැන වැදීම, අවමන් කිරීම, අපහාස කිරීම යනාදී ඔවුන්ගේ දිවවල් නෙළා ගත් දෑ මිස වෙන කුමක් දැ?"යි පවසා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් අනුභව කරනු, දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කරන්නනි! අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පවසා සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය, දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට. ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!' යැයි ප්‍රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ ඇඳුම අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?' යැයි පැවසුහ.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය; පාරිශුද්ධය; සියලුම අඩුපාඩුවලින් තොර ය පූර්ණ භාවයන්ගෙන් හෙබි ය. පිවිතුරු දෑ මිස වෙනත් ක්‍රියාවන් හෝ ප්‍රකාශ හෝ විශ්වාසයන් හෝ ඔහු පිළිගන්නේ නැත. ඒවා අල්ලාහ්ට පමණක් විය යුතු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීමට අනුගත විය යුතු ය. මෙමගින් හැර අල්ලාහ් වෙතට කිසිවෙකුට සමීප විය නොහැක. දේවත්වය විශ්වාස කරන්නා ළඟ තිබිය යුතු අති වැදගත් පිවිතුරු ක්‍රියාව වනුයේ ඔහුගේ ආහාරයේ පිවිතුරු භාවයයි. එනම් එය අනුමත අහරක් විය යුතු ය. ඒ සඳහා ඔහුගේ ක්‍රියාව පිවිතුරු විය යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අනුමත ආහාර හා දැහැමි ක්‍රියාවන් අතරින් කවර කරුණක් සම්බන්ධයෙන් රසූල්වරුන්ට නියම කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත්තේ එබැවිනි. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පාරායනය කර පෙන්වූහ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ. පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය. දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි. තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි. සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි. මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
අල්-මික්දාද් ඉබ්නු අම්ර් අල්-කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී මිනිසෙකු මා හමු වී අපි එකිනෙකා සටන් වැද මගේ අත් දෙකින් එක් අතකට ඔහු කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු මගෙන් පළා ගොස් ගසකට මුවා වී පසුව 'මම අල්ලාහ්ට යටත් වෙමි' යැයි පවසයි. අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහු පැවසූ පසුව ඔහුව මා මරා දැමීම ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසුවේය. එවිට එතුමා “ඔබ ඔහු මරා නොදැමිය යුතුය” යැයි පැවසූහ. පසුව මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු මගේ අත් දෙකින් එකක් කපා ඇත. ඔහු එසේ එය පවසා සිටියේ කපා දැමුවායින් පසුවය? යැයි පවසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්‍රකාශ කළ වදන ඔහු ප්‍රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ.
متفق عليهඅල්-මික්දාද් ඉබ්නුල් අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. හෙතෙම දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී මිනිසෙකු යුද පිටියේ හමු වී තමන් එකිනෙකා සටන් වැද අවසානයේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අය තම අතකට කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු පළා ගොස් ගසකට මුවා වී ආරක්ෂාව සළසා ගෙන අවසානයේ ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත)' යැයි පවසා සිටියේය. ඔහු මගේ අත කපා දැමීමෙන් පසු මා විසින් ඔහු මරා දැමීමට මට අවසර ඇත්දැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “ඔබ ඔහු මරා නොදැමිය යුතු යැ"යි ඔහුට පවසා සිටියහ. එවිට ඔහු: "අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඔහු මගේ අතක් කපා දමා ඇත. එසේ තිබිය දී මා ඔහු මරා දැමීමට මට නොහැකි ද?" යැයි වමසුවේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, "ඔබ ඔහු මරා නොදමනු යැයි" පවසා "දැන් ඔහුගේ ජීවිතය නැතිකරන්නට තහනම් තත්ත්වයක ඔහු පසුවන්නේය. එහෙයින් ඔහු ඉස්ලාමයට පැමිණි පසු ඔබ ඔහුව මරා දැමුවෙහි නම්, දැන් ඔහු ඔබේ නිලයෙහි පසුවන බවත් ඔහු ඉස්ලාමයට පැමිණීමත් සමග ඔහුගේ ජීවිතයට ආරක්ෂාව ලැබුණු බවත් දැනගත යුතුය. එමෙන්ම ඔබ සිටින්නේ ඔහුගේ නිලයෙහිය. ඔබට ඔහු මරා දැමීමට අවසරය ඇත්තේ සමප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පමණ ය." යැයි පැවසුහ.
උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුහයිනා ගෝත්‍රයේ අල් හුරකා ප්‍රජාව වෙත අප එවූහ. අප ද එම පිරිස වෙත ඔවුන්ගේ ජලාශ්රයක් අසළට උදෑසන පැමිණියෙමු. මා හා අන්සාරිවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතරින් වූ මිනිසෙකු දුටුවෙමි. අපි ඔහු ආක්‍රමණය කළ කල්හි ඔහු ‘ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පැවසීය. එවිට එම අන්සාරිවරයා ඔහුගෙන් වැළකී සිටි අතර මම ඔහු මරා දමන තුරු මාගේ හෙල්ලෙන් ඔහුට ඇන්නෙමි. පසුව අපි මදීනාවට පැමිණි කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබිණ. එවිට එතුමා මට: “අහෝ උසාමා! ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද? යැයි විමසූහ. මම: අල්ලාහ්ගේ දූතයාණනි. සැබැවින්ම ඔහු එසේ කටයුතු කළේ ආරක්ෂාව පතන්නෙකු ලෙස යැයි. පැවසුවෙමි. එවිට එතුමා ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද? යැයි නැවත විමසා සිටියහ. මෙදිනට පෙර සැබැවින්ම මම ඉස්ලාමය වැළඳ නොසිටින්නට තිබුණි යැයි සිතන තරමටම එතුමා එසේ පවසමින්ම සිටියේය. තවත් වාර්තාවක: අල්ලාහ්ගේ දූතයාණන් “ඔබ ඔහු ඝාතනය කළ අවස්ථාවේ ඔහු ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි පවසා සිටියේ ද?” යැයි විමසූහ. මම: අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ පවසා සිටියේ අසිපතට බියෙනි යැයි පැවසුවෙමි. එතුමා: ‘ඔහු එය එසේ පැවසුවේ ද නැත් ද? යන්න වග ඔබ දැනගන්නට ඔහුගේ හදවත පළා බැලුවෙහි ද යැයි විමසීය. සැබැවින්ම මා ඉස්ලාමය වැළඳ ගන්නට තිබුණේ මෙදින යැයි සිතන තරමටම එතුමා එසේ නැවත නැවතත් පවසමින්ම සිටියේය. ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම්වරුන් අතරින් පිරිසක් දේවත්වය ආදේශ කරන පිරිසක් වෙත එවා සිටියහ. ඔවුහු ඔවුන් හමු වූහ. දේවත්වය ආදේශ කරන එම පිරිසගෙන් මිනිසෙකු විය. ඔහු මුස්ලිම්වරුන්ගෙන් පුද්ගලයකු සෙවීමට සිතූවේ නම්, ඔහුව සොයා ඝාතනය කරන්නට විය. නමුත් සැබැවින්ම මුස්ලිම්වරුන්ගෙන් පුද්ගලයකු එම පැතුම ඉටු කළේය. ‘සැබැවින්ම ඔහු උසාමා ඉබ්නු සෙයිද් යැයි අප කතා කරමින් සිටියෙමු. ඔහුට එරෙහිව ඔහු අසිපත එසවූ කල්හි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි ඔහු පැවසීය. නමුත් ඔහු ඔහුව ඝාතනය කළේය. පසුව බෂීර් තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ඒ ගැන විමසා සිටියහ. එම පුද්ගලයා කටයුතු කළේ කෙසේ දැයි යන්න වග ඔහු ගැන තොරතුරු දන්වා සීටියේය. පසුව ඔහුව කැඳවා ඔහුගෙන් “ඔබ ඔහුව ඝාතනය කළේ ඇයි? දැයි විමසා සිටියහ. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි, මුස්ලිම්වරුන් අතරට වඩාත් වේදනාව ගෙන දුන් අයෙකි. මේ මේ පුද්ගලයාව ඔහු මරා දමා ඇත. ඔහුට එක් කණ්ඩායමක් ලෙසින් නම් කර තිබිණ. මම ඔහුට එරෙහිව නැගී සිටියෙමි. ඔහු අසිපත දුටු කල්හි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීය. අල්ලාහ්ගේ දූතයාණන්: ‘ඔබ ඔහු මරා දැමුවෙහි ද?’ යැයි විමසූහ. ඔහු: එසේය. එතුමා: ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්‍රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? අල්ලාහ්ගේ දූතයාණනි මා වෙනුවෙන් සමාව අයැද සිටින්නැයි පවසා සිටියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්‍රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? එතුමා මෙසේ ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්‍රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද?’ යැයි පැවසීමට වඩා අමතර දෙයක් නොපවසන්නට වූහ.
මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ ඉමාම් මුස්ලිම් මෙය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජුහයිනා ගෝත්‍රයේ අල් හුරුකා ප්‍රජාව වෙත උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමාව ගවේෂණ කණ්ඩායමක එවූහ. ඔවුහු එම පිරිසට ළඟා වූ කල්හි ඔවුන්ව ආක්‍රමණය කළෝය. දෙවත්වයට ආදේශ තබන්නන් අතරින් මිනිසෙකු පලා යන්නට තැත් කළේය. එවිට උසාමා හා තවත් අන්සාරි පුද්ගලයකු ඔහුව හමු වූ කල්හි ඔවුන් දෙදෙනා ඔහුව ලුහුබැද ගොස් මරා දමන්නට සිතූහ. පසුව ඔහුව අල්ලාගත් කල්හි ඔහු: ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීය. ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසූ හේතුවෙන් අන්සාරී පුද්ගලයා ඔහුව අතහැර දැමූ නමුත් උසාමා ඔහුව ඝාතනය කළේය. ඔවුහු මදීනාවට නැවත හැරී ආ කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබිණ. එවිට එතුමා උසාමා දෙස බලා “‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීමෙන් පසුවද ඔබ ඔහුව මරා දැමුවේ” යැයි විමසූහ. ඔහු: එසේය, අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ පවසා සිටියේ ඝාතනය කරනු ලැබීමෙන් ආරක්ෂාව ලබා ඉන් වාසි ලබනු පිණිසය. එතුමා නැවතත්: ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමෙන් පසුව ද ඔබ ඔහු ඝාතනය කළේ? යැයි විමසූහ. එසේය. ඔහු ඝාතනයට ලක්වීමෙන් ආරක්ෂාව පතනු පිණිසය ඔහු එය පවසා සිටියේ. සැබැවින්ම ඔහු මුස්ලිම්වරුන්ට හිංසා කර තිබිණ. ඔවුන් අතර මේ මේ පුද්ගලයින් මරා දමා තිබිණ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට: එය ස්ථීර කර ගන්නා පරිදි තහවුරු කර ගනු පරිදි ඔබ ඔහුගේ හදවත පළා බැලුවෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්‍රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? ඔබ වෙනුවෙන් මැදිහත් වන්නේ කවරෙකු ද? ඔබ වෙනුවෙන් තර්ක කරනුයේ කවරෙකු ද? තව්හීද් හි ප්‍රකාශය ගෙන එනු ලැබ, එය පැවසූ අය ව ඔබ ඝාතනය කළේ කෙසේ දැ?යි විමසනු ලැබූ විට ඒ ගැන වාද කරනුයේ කවරෙකු ද? උසාමා රළියල්ලාහු අන්හු තුමා මෙසේ පවසා සිටියහ. මෙදිනට පෙර මම ඉස්ලාමය වැළඳගෙන නොසිටියා නම් යැයි සිතන තරමටම එය විය. සැබැවින්ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු වී පසුව ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේ නම්, අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. නමුත් ඔහු දැන් මෙම ක්‍රියාව කර ඇත්තේ මුස්ලිම්වරයකු ලෙස සිටියදීය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ බර්සා අල්-අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”
رواه الترمذيමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරන ස්ථානයෙන් ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ කරුණු කිහිපයක් විමසනු ලබන තෙක් කිසිදු මිනිසෙකු තරණය නොකරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පළමු වැන්න: ඔහු ගත කළ ඔහු වැය කළ ඔහුගේ ජීවිතය. දෙවැන්න: ඔහුගේ දැනුම ගැන. ඔහු එය අල්ලාහ් වෙනුවෙන් සෙව්වේ ද? ඒ අනුව කටයුතු කළේ ද? එය අදාළ තැනැත්තන්හට දන්වා සිටියේ ද යන වග, තුන්වැන්න: ඔහුගේ ධනය ගැන. ඔහු එය සෙව්වේ කොතැනින් ද? එය අනුමත ද තහනම් ද? අල්ලාහ් තෘප්තියට පත්වන කරුණක වියදම් කළේ ද නැතහොත් ඔහු උරණ වන කරුණක වියදම් කළේ ද? යන වග, සිව්වැන්න: ඔහුගේ ශරීරය, ඔහුගේ බලය, ඔහුගේ සුවය, ඔහුගේ තාරුණ්‍යය ගැන. එය කවර කරුණක වැය කළේ ද එය කවර ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ ද යන වග.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කයිබර් දිනයේ ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්‍රහණය ඇති කරයි.” යනුවෙන් පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා: 'එදින හැර වෙනත් කිසිදිනෙක නායකත්වයට මම ප්‍රිය නොකළෙමි. එබැවින් ඒ සඳහා මා ඇරයුම් කරනු ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් සිටියෙමි' යැයි පැවසීය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් කැඳවා එය ඔහුට පිරිනමා “ඔබ ගමනේ යනු. අල්ලාහ් ඔබට ජයග්‍රහණය පිරිනමන තෙක් නො හැරෙනු” යැයි පැවසූහ. අලී ඉදිරියට ගමන් කොට හැරී නො බලාම නැවතී ‘අල්ලාහ්ගේ දූතයාණනි! මම ජනයා සමග සටන් කළ යුත්තේ කුමක් සඳහා ද?' යැයි හඬ නගා විමසීය. එතුමා “සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් ඔවුන් සාක්ෂි දරන තුරු නුඹ ඔවුන් සමග සටන් කරනු. එසේ ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් වළක්වා ගත්තෝය. නමුත් ඒවායෙහි නීත්‍යානුකූල හේතුවක් නිසාවෙන් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.” යැයි පැවසූහ.
رواه مسلمමදීනාවට සමීපයෙන් පිහිටි නගරයක් වූ කයිබර්හි යුදෙව්වන් හෙට දින පරාජය කොට මුස්ලිම්වරුන් ජයග්‍රහණය ලබන බවත්, එහිදී එම ධජය කවරෙකුට පිරිනමනු ලබන්නේ ද එම පුද්ගලයාගේ අතින් එය සිදුවන බවත් සහාබාවරුන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ධජය යනු සේනාවක් විසින් සංඛේතයක් ලෙස රැගෙන යන කොඩියකි. මෙම පුද්ගලයා ගැන ගුණ වර්ණනා කළේ, සැබැවින්ම හෙතෙම අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් ප්‍රිය කරන අතරම අල්ලාහ් හා ඔහුගේ දූතයා ද ඔහුට ප්‍රිය කරන පුද්ගලයෙකු වන වගයි. උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කර සිටියහ. සැබැවින්ම තමන් පාලන ධූරයට අපේක්ෂා කළේ එදින පමණය. ඒ හැර වෙනත් කිසි දිනක ඒ සම්බන්ධයෙන් හෙතෙම ප්‍රිය නොකළ බවයි. එය ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ ආදරය හිමි කර ගැනීමේ කැමැත්තෙනි. උමර් (රළියල්ලාහු අන්හු) තුමා, තමන්ව ඒ සඳහා කැඳවනු ඇතැයි සිතා, එම ධජය ලබන්නට කැමැත්තෙන් හා ආශාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙනෙන පරිදි එතුමා තම ශරීරය උලුප්පා ගත්හ. නමුත් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාව කැඳවා එම කොඩිය ඔහුගේ අතට දුන්හ. පසුව එතුමාණෝ ඔහුට සේනාව මෙහෙයවන ලෙසත්, සතුරා හමුවීමෙන් පසු මෙම බලකොටුවලට ජයග්‍රහණය අල්ලාහ් තමන්ට හිමි කර දෙන තෙක් හා ඒවා ආක්‍රමණය කරන තෙක් සටනින් ඉවත් වී විවේක නො ගන්නා ලෙසත්, නතර නොවන ලෙසත් එතුමාට නියෝග කළහ. පසුව අලී (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියට ගොස්, නබි තුමාණන්ගේ නියෝගයට පිටු නොපාන පරිදි, හැරී නොබලාම නතර වී, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා ජනතාව සමග අරගල කළ යුත්තේ ඇයි"දැයි හඬනගා විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බව හා මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දරන තුරු ඔහු ඔවුන් සමග සටන් කළ යුතු බවත්, එසේ ඔවුන් පිළිතුරු දී ඉස්ලාමයට පිවිසුණේ නම්, ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් ආරක්ෂා කර ගත් බවත්, ඔබට ඒවා තහනම් බවත් පවසා සිටියහ. නමුත් ඒවායෙහි නීත්‍යානුකූල හේතුවක් නිසාවෙන් මිස. එනම් වරදකට ඉස්ලාම් අනිවාර්යය කරන ලද මරණ දඬුවම ඔවුන් උරුම කර ගත්තේ නම් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් මැවීම් මැවූ කල්හි, සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපය අබිබවා යනු ඇත යැයි අර්ෂ් හෙවත් දේව රාජධානියට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක ලිවීය.” තවත් වාර්තාවක: ‘එය මාගේ කෝපය අබිබවා ගොස් ඇත.’ තවත් වාර්තාවක: ‘එය මාගේ කෝපය පසුකර ගොස් ඇත.’
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතකීර්තිමත් සර්වබලධාරී අල්ලාහ් සියලු මැවීම් මැවූ කල්හි අර්ෂයට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක: ‘සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපටයට වඩා අධිකව ඉහවහා ගොස් ඇත. යැයි ලිවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය. “මාගේ කරුණාව සියලු දෑහි ව්‍යාප්තව ඇත.” මෙය අපේක්ෂාභංගත්වයෙන් තොර වීම සඳහා මුස්ලිම්වරයා දිරි ගන්වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනෙහස පෑමෙහි ද ඔවුන් එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විඳින විට අවදිව සිටීමෙන් හා උණ ගැනීමෙන් ශරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරයුම් කරන ශරීරයේ උපමාව මෙනි."
متفق عليهමුස්ලිම්වරුන් එකිනෙකා අතර අන්‍යෝන්‍යව පෙන්වන යහපත් ආදරය, කරුණාව හා උදව් උපකාරය, ඔවුනට යම් හානියක් ඇති වූ විට වේදනාව දැනීම ශරීරයක උපමාව හා සමාන විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඉන් එක් අයවයක් රෝගාතුර වූ විටෙක මුළු ශරීරයම උණෙන් හා අවදියෙන් තබනු ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග ගමනක් ගොස් එක් ස්ථානයකට ගොඩ බැස්සෙමු. අප අතරින් ඇතැමුන් කූඩාරම් සකස් කරමින් ද ඇතැමුන් දුනු හී තරඟ පවත්වමින් ද සිටි ඔහු අතර තවත් ඇතැමුන් සතුන් තණ බුදින්නට දක්කාගෙන යමින් සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිවේදකයෙක් සලාතය සඳහා රැස්විය යුතු බවට නිවේදනය කළ විට අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වටා රැස් වූයෙමු. එවිට එතුමා: “මට පෙර සිටි සෑම නබිවරයෙක්ම තම අනුගාමිකයන්ට යහපතක් වන බව හඳුනන දෑ වෙත ඔවුනට මඟ පෙන්වීමටත් ඔවුනට අයහපතක් වන බව හඳුනන දෑ ගැන ඔවුනට අනතුරු ඇඟවීමටත් මිස වෙනත් කරුණකට බැඳී සිටියේ නැත. සැබැවින්ම නුඹලාගේ මේ සමූහයා වනාහි, එහි පැවැත්මේ මුල් අවධිය ආරෝග්යමත් කළේය. නමුත් එහි පැවැත්මේ අවසන් අවධියේ පරීක්ෂාවන් සහ නුඹලා පිළිකුල් කරන කරුණු සිදු වනු ඇත. එම පරීක්ෂණ එකින් එක සිහින්ව පැමිණෙනු ඇත. එම අර්බුධය පැමිණ විට, දේවත්වය විශ්වාස කරන්නා: ‘මෙය මාගේ විනාශය ගෙන දෙන්නක්’ යැයි පවසනු ඇත. එහෙයින් කවරෙකු නිරයෙන් ඉවත් කරනු ලැබ ස්වර්ගයට පිවිසීමට ප්‍රිය කළේ ද ඔහු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරමින් සිටින තත්ත්වයේ ඔහුගේ මරණය ඔහුට පැමිණීම ප්‍රිය කළ යුතු වේ. ඔහු වෙත දෙනු ලැබීමට ඔහු ප්‍රිය කරන දෑ ජනයා වෙත ද ගෙන ආ යුතු වේ. කවරෙකු නායකයකුට පක්ෂපාතීව දිවුරුම් දී අතට අත දී තම හදවතේ සාරය ද (අවංකභාවය) ඔහුට පිරිනැමුවේද ඔහු තමන්ට හැකි පමණින් ඔහුට අවනත විය යුතුය. වෙනත් කිසිවකු හෝ ඔහු සමග ගැටුම් ඇති කිරීමට පැමිණියේ නම් එම පිටස්තරයාගේ හිස නුඹලා ගසා දමනු.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතයහපත වටහා දීම, ඒ සඳහා උනන්දු කරවීම, ඒ වෙත මිනිසාට මඟ පෙන්වීම මෙන්ම නපුර වටහා දීම, ඒ ගැන අවවාද කිරීම යනාදී නබිවරුන්හට අනිවාර්යය වූ කරුණු දහම වෙත ඇරයුම් කරන්නන්හටත් අනිවාර්යය වන බව මෙම හදීසයේ සඳහන් වී ඇත. එමෙන්ම මෙම සමූහයා ආරම්භ කාලයේ යහපත ලැබූ අතරම දැවැන්ත පරීක්ෂණවලින් ආරෝග්යමත් වූ බවත් මෙම ප්‍රජාවේ අවසන් අවධියේ නපුරුකම් හා පරීක්ෂණ ඇති වන බවත් සඳහන් වී ඇත. පැමිණෙන අර්බුද පෙර පැවැති අර්බුදවලට වඩා සැහැල්ලු නොවන්නේය. ඉන් මිදීමක් ඇත්තේ ඒකදේවත්වය විශ්වාස කිරීම, නබි තුමාගේ චරිතය පිළිපැදීම, මිනිසුන් සමග දැහැමි ලෙස ගනු දෙනු කිරීම, පාලකයාට ප්‍රතිඥා දීමට බැඳී සිටීම, ඔහුට එරෙහිව නැගී සිටීමෙන් වැළකීම, මුස්ලිම් සමූහයා වෙන් කරන්නට බලන්නන් නසා දැමීම යනාදිය තුළිනි.