





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත."
رواه مسلمමුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයාගේ කටයුතු අතරින් යම් කටයුත්තක් සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ කටයුතු සඟවනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ප්‍රතිඵල හිමිවනුයේ අදාළ ක්‍රියා වර්ගයෙන්මය. ඔහුගේ අඩුපාඩු ඔහුගේ පාපකම් මහ්ෂර් දිනයේ ප්‍රචාරය කිරීමෙන් අල්ලාහ් ඔහු වෙනුවෙන් සඟවනු ඇත. ඇතැම් විට ඒ සඳහා වන විනිශ්චය හා එය ඔහුට මෙනෙහි කර සිටීම පවා අත්හැර දමන්නට පුළුවන.
අබූ මුස්ලිම් අල්-හඃව්ලානී විසින් වාර්තා කරන ලදී. හබීබුල් අමීන් මට මෙසේ පැවසීය. ඔහු මා වෙත ප්‍රයමනාප අයෙකි. එමෙන්ම මා ඉදිරියේ ඔහු විශ්වාස වන්ත අයෙකි. අව්ෆ් ඉබ්නු මාලික් අල් අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබියස අපි හත් අට දෙනෙක් හෝ නව දෙනෙක් පමණ සිටියෙමු. එවිට එතුමා 'ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?' යැයි පැවසූහ. එවිට අපි බය්ආ හි ප්‍රතිඥා දුන්නේ ටික වේලවකට පෙරය. එහෙයින් අපි : “අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබට ප්‍රතිඥා දී ඇත්තෙමුයි" පැවසුවෙමු. පසුව ද එතුමාණෝ: "ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?" යැයි විමසූහ. පසුව අපගේ අත් දිගුකොට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබට ප්‍රතිඥා දීමට -කැමෙත්තෙන්- සිටිමු. එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ. මෙම පිරිසෙන් ඇතැමුන් වෙත මගේ අවධානය යොමු කර ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුගේ සැරයටිය බිම වැටුණ ද එය තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් කිසිවකුගෙන් ඉල්ලීමක් නොකළෝය.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන් කිහිප දෙනෙකු අතර සිටියදී, තමන්ට ප්‍රතිඥා දෙන ලෙසත් කරුණු කිහිපයක් පිළිපදින බවට දිවුරුම් දෙන ලෙසත් තුන් වරක්ම ඉල්ලා සිටියහ. පළමුවැන්න: අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් එමෙන්ම ඔහුට කිසිවක් ආදේශ නොකරමින් ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම. දෙවැන්න: දහවලේ හා රාත්‍රියේ නියම කරන ලද පස්වාර සලාත් ඉටු කිරීම. තුන්වැන්න: මුස්ලිම්වරුන්ගේ කටයුතු භාර උදවියට යහපත් කටයුතුවලදී සවන් දීම හා අවනත වීම. සිව්වැන්න: තම සියලු ආකාරයේ අවශ්‍යතා අල්ලාහ්ගෙන් පැතීම, ඒ කිසිවක් මිනිසුන්ගෙන් නොපැතිය යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ පිළිබඳ පවසා සිටියේ සිහින් හඬිනි. සහාබාවරු එතුමාණන්ට ප්‍රතිඥා දුන් පරිදිම කටයුතු සිදු කර ඇත්තාහ. එය කෙතරම් ද යත් හදීස් වාර්තාකරු මෙසේ පැවසීය: 'අතැම් සහාබාවරුන් මම දැක ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුගේ සැරයටිය බිම වැටුණ ද එය තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් කිසිවකුගෙන් ඉල්ලීමක් නොකරති.'
ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.“කවරෙකුට දැඩි අවශ්‍යතාවක් ඇති වී, ඔහු මිනිසුන්ගෙන් එය ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ අවශ්‍යතාව සපුරනු ලබන්නේ නැත. කවරෙකු එය අල්ලාහ් වෙතින් ඉල්ලා සිටින්නේ ද මතුලොවෙහි හෝ මෙලොවෙහි හෝ පෝෂණය අල්ලාහ් ඔහුට ළඟා කර දෙයි.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. “කවරෙකුට දුෂ්කරතාවයක් ඇති වී, එනම් දැඩි අවශ්‍යතාවය, දුෂ්කරත්වයේ දැඩි දරිද්‍රතාවයේ දැඩි ලෙස කටයුතු කිරීමය. “ඔහු මිනිසුන්ගෙන් එය ඉල්ලා සිටින්නේ නම්” එනම්: එය ඔවුනට ඉදිරිපත් කොට ඔවුන්ගේ ආයාචනා කරමින් එය හෙළි කොට එම දුෂ්කරතාවෙන් ඔහුව ඉවත් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් යන්නයි. එහි ප්‍රතිඵලය “ඔහුගේ අවශ්‍යතාව සපුරනු ලබන්නේ නැත.” යන්නයි. එනම් ඔහුගේ අවශ්‍යතාව ඉටු වන්නේ නැත. ඔහුගේ දුෂ්කරතාව ඉවත් වන්නේ නැත. අවශ්‍යතාව සපුරා ගන්නට බලන සෑම අවස්ථාවකම ඊට වඩා දරුණු තවත් කරුණක් ඔහුට ඇති වනු ඇත. තම භාරකරු වන අල්ලාහ් මත ස්ථාවරව හිදිමින් “කවරෙකු එය අල්ලාහ් වෙතින් ඉල්ලා සිටින්නේ ද කල් ඇතිවම මෙලොවෙහි ඉක්මන් කර දෙනු ඇත. ඉතා සමීපයෙන් ඔහුට ධනය පිරිනමා ඔහුව පොහොසතකු බවට පත් කරනු ඇත. එසේ නැතහොත් මතුලොවෙහි එය ප්‍රමාද කර දෙනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අල් බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුස්ලිම්වරයා මිනීවල තුළ ප්‍රශ්න කරනු ලබන විට ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරයි." එහි උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය: “විශ්වාස කළවුන් ස්ථාවර ප්‍රකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (ඉබ්රාහීම්: 27)
متفق عليهමුඃමින්වරයා මිනීවල තුළ ප්‍රශ්න කරනු ලබනු ඇත. එහි ඔහුගෙන් විමසා සිටිනුයේ හදීස් ගණනාවකම නම් කර ඇති පරිදි ඒ සඳහා භාරකරන ලද මලක්වරුන් දෙදෙනා වන මුන්කර් හා නකීර් විසිනි. එවිට අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔහු සාක්ෂි දරනු ඇත. අල්ලාහ් පවසා ඇති පරිදි මෙය ස්ථාවර වදනක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. “විශ්වාස කළවුන් ස්ථාවර ප්රාකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (සූරා ඉබ්රාහිම් : 27)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මිනිසුන්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දරා සලාතය විධිමත්ව ඉටු කර, සකාත් ද පිරිනමන තෙක් ඔවුන් සමග අරගල කරන මෙන් මම අණ කරනු ලැබුවෙමි. එසේ ඔවුන් ඒවා සිදු කළේ නම්, ඉස්ලාමයේ ඇති උරුමයක් වෙනුවෙන් හැරෙන්නට ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ දේපළ ඔවුහු මගෙන් ආරක්ෂා කර ගත්තෝය. ඔවුන්ගේ විනිශ්චය ඇත්තේ උත්තරීතර අල්ලාහ් අබියසය.”
متفق عليهසැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවකු නැති බවට සාක්ෂි දරා, සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දිව්‍ය පණිවිඩය ලැබූ බවටත් සාක්ෂි දරා, මෙම සාක්ෂියේ ප්‍රකාශය අපේක්ෂා කරන රාත්‍රි හා දහවල් කාලයේ නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කිරීම, නියම කරන ලද සකාත් සුදුස්සන් හට පිරිනැමීම යන ක්‍රියාවන් සිදු කරන තෙක් මිථ්යාදෘෂ්ඨිකයික් සමග අරගල කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියි. එසේ ඔවුන් එම කටයුතු සිදු කළේ නම්, ඉස්ලාමය ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරනු ඇත. ඉස්ලාමීය නීතිය නියම කරන මරණ දඬුවමට අයත් වරදක් සිදු කළ විටෙක හැර ඔවුන් මරා දැමීම අනුමත වන්නේ නැත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ රහස් අල්ලාහ් හඳුනන නිසාවෙන් ඔවුන්ගේ විනිශ්චය උත්තරීතර අල්ලාහ් භාර ගනී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
رواه ابن ماجه والبيهقي وغيرهماසැබැවින්ම අල්ලාහ් තම සමූහයාගෙන් අවස්ථා තුනක දී ඔවුන් සිදු කරන කරුණු නොසළකා හරින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. පළමුවැන්න: අත්වැරදීම්, එනම් කිසිදු උවමනාවකින් (චේතනාවකින්) තොරව ඔවුන් විසින් සිදු වන දෑ, එනම් මුස්ලිම්වරයකු යම් ක්‍රියාවක් සිදු කරන්නට අපේක්ෂා කර එම ක්‍රියාව ඔහු අපේක්ෂා කළ දෑට පටහැනිව සිදු වීමය. දෙවැන්න: අමතක වීම්: එනම් මුස්ලිම්වරයකුට යමක් මතකයෙන් සිදු කළ යුතුව තිබී නමුත් එම ක්‍රියාව සිදු කරන අවස්ථාවේ ඔහුට එය අමතක වී යාමය. එවිට ඒ සඳහා පවක් ඔහුට හිමි වන්නේ නැත. තුන්වැන්න: බලකරනු ලැබීම: ගැත්තෙකු තමන් අකැමැති ක්‍රියාවක් එය ඔහුට වැළැක්වීමට හැකියාවක් නොමැතිව සිදු කිරීමට බල කරනු ලබන්නේ නම්, එවිට ද ඔහු කෙරෙහි පාපයක් හෝ වරදක් හෝ හිමි වන්නේ නැත. ගැත්තා හා ඔහුගේ පරමාධිපතියාණන් අතර පවතින තහනම් කරන ලද කටයුතු පිළිබඳව සැළකීමේ දී මෙම හදීසයේ සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින්, අමතක වීම හේතුවෙන් නියෝග කරනු ලැබූ දෙයක් මඟ හැරුණු විටෙක ඔහු එම වගකීමෙන් බැහැර වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව අපරාධයකට හේතු වුවහොත් මැවීම් සඳහා වන වගකීම ද ඉවත් වන්නේ නැත. එය වැරදීමකින් කෙනෙකු ඝාතනය වූ විටෙක වැරැද්ද සිදු කළ පුද්ගලයා විසින් වන්දි පිරිනැමීම හෝ වැරදීමකින් වාහනයක් විනාශයට පත් වූ විටෙක එහි වගකීම විනාශ කළ පුද්ගලයා විසින් දරන්නාක් මෙනි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මරණයට පත් වූහ. මා සතු රාක්කයක තිබුණ බාර්ලි කොටසක් හැර කුස ඇත්තන් ආහාරයට ගන්නා යමක් මාගේ නිවසෙහි නොතිබිණ. දිගු කාලයක් ගත වන තුරුම මම එයින් අනුභව කළෙමි. පසුව මම එය කිරුවෙමි. ඒ සමගම එය අවසන් වී ගියේය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වූහ. ඇයගේ නිවසේ බාර්ලි භාගයක් හැර වෙනත් කිසිවක් නොවීය. තිර්මිදි තුමා එය බාර්ලි යම් ප්‍රමාණයක් යැයි විග්රහ කළේය. නබි තුමාණන් හැර දමා ගිය එම බාර්ලි දිගු කාලයක් එතුමිය ආහාරයට ගත්තාය. පසුව ඇය එය කිරන්නට ගත් කල්හි අවසන් විය. මෙය කිරීමකින් තොරව අල්ලාහ් මත විශ්වාසය තැබූ අඩු ආහාරයක දී පැවති නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමෘද්ධිමත්භාවය අඛණ්ඩව තිබුණු බවට වූ සාධකයකි. ගනු දෙනුවලදී කිරුම් මිණුම් අපේක්ෂා කරනු ලැබේ. එය ගනුදෙනු කරුවන්ගේ අයිතිය බැඳී ඇති හේතුවෙනි. නමුත් වියදම් කිරීමේදී කිරා මැණ බැලීම සතුටුදායක කරුණක් නොවේ.
සෆ්වාන් ඉබ්නු මුහ්රිස් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. 'අල්ලාහ්ගේ හමුව සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයවලට ඔබ කවර ආකාරයෙන් සවන් දී ඇත්තේ දැ?' යි මිනිසකු ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමාණන් මෙසේ ප්‍රකාශ කරනු මම සවන් දී ඇත්තෙමි යැයි හෙතෙම ප්‍රකාශ කළහ. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි. පසුව "ඔබ මෙය දන්නෙහි ද?" යැයි විමසයි. එවිට 'මාගේ පරමාධිපතියාණනි! එසේය, මම දනිමි' යැයි ඔහු පවසයි. පසුව මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන් ඒවාට සමාව දුනිමි. පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරු හා කුහකයෝ වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලැබේ."
متفق عليهමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේවත්වය විශ්වාස කළ තම ගැත්තා සමග වන හමුව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වය විශ්වාස කරන ගැත්තා තම පරමාධිපති වෙත සමීප කරනු ලබන අතර, අන් කිසිවෙකුට එබී බැලිය නොහැකි සේ ආවරණය කරයි. එවිට ඔහුට මෙසේ පවසයි: පසුව 'ඔබ මේ මේ දේ දන්නෙහි ද?' යැයි විමසා, ගැත්තා හා ඔහුගේ පරමාධිපතියාණන් අතර සිදු වූ පාපයන් ඔහුට පිළිගන්නට සළස්වයි. එවිට ඔහු 'මාගේ පරමාධිපතියාණනි! එසේය' යැයි ඔහු පවසයි. අවසානයේ දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයා බිය වූ විට, අල්ලාහ් ඔහුට මෙසේ පවසයි: "මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඒවා වෙනුවෙන් ඔබට මම සමාව දුනිමි." පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා හා කුහකයා වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලබති. අපාරාධකරුවන් හට අල්ලාහ්ගේ ශාපය අත් නොවේ ද!
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි.” තවත් වාර්තාවක “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් සතුව කරුණා ගුණ සියයක් ඇත. ඒවායින් එක් කොටසක් ජින්නුන්, මිනිසුන්, සතුන් හා කෘමීන් අතරට පහළ කළේය. එමගින් ඔවුහු එකිනෙකා සෙනෙහෙකම් පාති. එමගින් ඔවුන් එකිනෙකා ආදරය කරති. මෘග සතුන් තම පැටවා මත සෙනෙසහ පාන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ තම ගැත්තන්හට එමගින් කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවයක් අල්ලාහ් ප්‍රමාද කර ඇත.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම කරුණා ගුණ සියයක් අල්ලාහ් සතුව ඇත. ඒවායින් එක් කරුණා ගුණයක් ඇත. මැවීම් ඔවුන් අතර එකිනෙකා ආදරය කරනුයේ එමගිනි. තවත් අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය දක්වා රඳවාගෙන ඇත.” තවත් වාර්තාවක: “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දිනයේ කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස් අතර පොළොව දක්වා ආවරණය වී ඇත. ඒවායෙන් එක් කරුණා ගුණයක් මහපොළොවට පත් කළේය. මව තම දරුවාට පෙන්වන සෙනෙහසත් මෘග සත්වයා හා පක්ෂීන් උන් එකිනෙකාට පෙන්වන සෙනෙහසත් එමගින් වූවකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වූ විට එය මෙම කරුණා ගුණ තුළින් සම්පූර්ණ කරනු ඇත.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඋත්තරීතර අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට පත් කර ඇත. මෙලොවට එක් කරුණාවක් පහළ කොට අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සඳහා රඳවා ගෙන ඇත. මිනිසුන්, ජින්නුන්, සතුන් හා කෘමීන් සියලු මැවීම් එකිනෙකාට සෙනෙහස පානුයේ එම කරුණාව තුළිනි. එය කෙතරම් ද යත් සැහැල්ලු හා සංචලනය වන අශ්වයා තම පැටවාට යම් හානියක් ඇති වනු ඇති බියෙන් උගේ කොර ඌට හිංසාවක් අති නොවන පරිදි වළක්වා ගන්නේ ද මෘග සතුන් උගේ පැටවාට කරුණාව පෙන්වන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා තම ගැත්තන්හට කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවය උත්තරීතර අල්ලාහ් ප්‍රමාද කර තබා ඇත. දෙවන හදීසය: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දින කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස හා පොළොව අතර පිරෙන තරම් විය. මෙලොවට එක් ගුණයක් පමණක් නියම කළේය. මව තම දරුවාට පෙන්වන ආදරයත් සිව්පාවුන් හා පක්ෂීන් උන් එකිනෙකා අනෙකාට පෙන්වන ආදරයත් ඒ හේතුවෙන් වූවකි. පසුව මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ලෝ වැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ් සෙසු අනූ නවය තුළින් එය සම්පූර්ණ කරයි. කැළඹීම් මත ගොඩ නැගුණු මෙලොව නිවහනේ කීර්තිමත් අල්ලාහ්ගේ අතිමත් ආශිර්වාදයක් තුළින් මිනිසා යමක් ලබා ගන්නා විට එය ලබනුයේ ද එම එක් කරුණාව හේතුවෙනි. ප්‍රතිඵල පිරිනමනු ලබන සදාතනික නිවහන වන මතු ලොව නිවහනේ කරුණා ගුණ සියය ගැන කල්පනය කෙසේනම් පවතිනු ඇත්ද?