





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”
متفق عليهඅඥාන යුගයේ මිනිසුන් කළ ක්‍රියාවන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළ අතර ඒවා වැළැක්වූහ. එමෙන්ම "ඔහු අපෙන් කෙනෙකු නොවේ" යැයි ද පවසා සිටියහ. පළමුවැන්නා: කම්මුල්වලට පහර දෙන්නාය. විශේෂයෙන් කම්මුලට පහර දීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ බහුතරයක් එලෙස කරන බැවිනි. එසේ නොමැතිනම්, මුහුණේ ඉතිරි කොටස්වලට පහර දීම ද එම තහනම තුළට ඇතුළත් වේ. දෙවැන්නා: හිස එහි ඇතුළත් කළ හැකි පරිදි වස්ත්‍රයේ විවර ව ඇති දෑ අධික කණස්සල්ල හේතුවෙන් ඉරා දැමීමය. තුන්වැන්න: පූර්ව-ඉස්ලාම් යුගයේ මිනිසුන් කන්නලව් කොට ප්‍රාර්ථනා කළ දෑට උදාහරණ නම් ශාප කරගැනීම, වැළපීම, විනාශය ප්‍රාර්ථනා කිරීම හා එවැනි වෙනත් අකටයුතු වේ.
සැබැවින්ම අල්ලාහ්ගේ නබිවරයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “(නිරා වාසීන් වන) ඔවුන් අතර අපා ගින්න ඔහුගේ වළලු කර දෙක දක්වා ඔහුව ග්‍රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ දණහිස් දෙක දක්වා ඔහුව ග්‍රහණය කරන අය ද වෙති. ඔවුන් අතර එය ඔහුගේ ඉණ දක්වා ඔහුව ග්‍රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ උගුරු දණ්ඩ දක්වා ග්‍රහණය කරන අය ද වෙති.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා අපා ගින්නේ දඬුවම ගැන බිය වීම පෙන්වා දෙන හදීසයකි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම වළලු කරවල් දෙක දක්වාත් තම දණහිස් දෙක දක්වාත් තම ඉණ දක්වාත් අපා ගින්න ග්‍රහණය කරන අය එම ජනයා අතර සිටින බවත් තම ගෙල දක්වා එය ඔහුව ග්‍රහණය කරන අයත් ඔවුන් අතර සිටින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැහැදිළි කළහ. ජනයා මෙලොවෙහි කළ ක්‍රියාවන් අනුව ඔවුන්ගේ දඬුවම උස්පහත් වන්නේය. එයින් සැනසුම අල්ලාහ්ගෙන් පතමු.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
رواه الترمذيනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය වාක්‍යය සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කළ බව දන්වා සිටියහ. "අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මගෙන් ප්‍රාර්ථනා කර, කිසිදු අවිශ්වාසයකින් තොරව මාගේ ආශිර්වාදය ඔබ බලාපොරොත් වන්නේ නම්, ඔබේ පාපකම් හා වැරදි මහා පාපකම් අතරින් වුව ද මම ඒවා වසන් කරමි. ඒවා ගණන් නොගෙන මකා දමමි. අහෝ ආදම්ගේ දරුව! අහස් හා මහපොළොව අතර ඇති දෑ පිරෙන තරමට ඒවායෙහි පැතිකඩවල විසිරී එම ප්‍රදේශ ආවරණය වන තරමට ඔබ පාපකම් අධික ව සිදු කර පසුව ඔබ මගෙන් ඒ වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටියේ නම් මම ඒවා මකා දමමි. එහි අධිකත්වය කොපමණ තිබුණත් ඒ ගැන නොතකා ඒ සියල්ල සඳහා මම ඔබට සමාව දෙමි. ආහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මහපොළොව පිරෙන තරමට පාපකම් හා වැරදි කර, මට කිසිවක් ආදේශ නොකර මා පමණක් විශ්වාස කළ තත්ත්වයේ ඔබ මරණින් පසු ඔබ මා වෙත පැමිණියේ නම්, එම පාපකම් හා වැරදි සඳහා මහපොළොව පිරෙන්නට සමාව දානය කරමි. සැබැවින්ම මම සමාව දානය කිරීමෙහි අති මහත්ය. ෂිර්ක් හෙවත් මට ආදේශ තැබීමේ වරදට හැර සෙසු සියලු පාපකම්වලට මම සමාව දෙමි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "සෑම ගැත්තෙක්ම ඔහු කවර තත්ත්වයක මිය ගියේ ද ඒ මතම ඔහු අවදිකරනු ලබනු ඇත."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසෑම ගැත්තෙක්ම ඔහු කවර තත්ත්වයක මිය ගියේ ද ඒ මතම ඔහු අවදිකරනු ලබනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. "එසේ වී නම්" ෂෙයිතාන්ගේ ක්‍රියාව ඔබ විවෘත කරනු ඇත."
رواه مسلم"සැබැවින්ම මුඃමින්වරයකුට සෑම දෙයකම යහපත් ය. නමුත් තම විශ්වාසයේ තම ස්ථාවරත්වයේ තම ධනයෙහි හා අනෙකුත් සියලුම බලගන්වන දෑ හි ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය, අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාපය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියේය. තමන්ට මෙලොව හා මතුලොව ප්‍රයෝජනවත් වන කරුණු වලදී උත්තරීතර අල්ලාහ් මත ස්ථාවරව සිට, ඔහුගෙන් උපකාර ඉල්ලා, ඔහු මත සියල්ල භාර කරමින් අවශ්‍ය සාධක රැගෙන කටයුතු කරන මෙන් මුඃමින්වරයාට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙස් දුන්හ. දෙ ලොවටම ප්‍රයෝජනවත් වන ක්‍රියාවලදී නොහැකියාව, මැලිකම හා නොසැලකිලිමත් භාවයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. මුඃමින්වරයකු යම් කටයුත්තක වෙහෙස වූ විට, අල්ලාහ්ගෙන් උපකාර පතමින් එයට අදාළ සාධක ක්‍රියාත්මක කරයි. යහපත අල්ලාහ්ගෙන් පතයි. ඉන් පසුව තම කටයුතු සියල්ල අල්ලාහ්ට පැවරීම මිස වෙනත් කිසිවක් මත ඔහු නොසිටියි. සර්ව බලධාරී අල්ලාහ්ගේ තේරීම යහපත් බව ඔහු මැනවින් දනියි. ඉන්පසු යම් අභාග්‍යමත් සිදු වීමක් ඔහුට අත්වූයේ නම්, ඔහු මෙසේ නොපවසයි: 'මම මෙසේ කර තිබුණා නම් මේ මේ අයුරින් වන්නට තිබුණි' මක්නිසාද යත් පෙරනියමයට විරුද්ධ වීම සහ අතපසු වූ දෑ ගැන දුක් වීම යන විෂයයෙහි ඔහු ෂෙයිතාන්ගේ කාර්යය විවෘත කරන බැවිනි. නමුත් ඔහු යටහත් පහත්ව හා තෘප්තිමත්ව මෙසේ පවසයි: "අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දේ සිදු කර ඇත්තේය." යමක් සිදු වූයේ නම් එය අල්ලාහ් අභිමත කළ දෑමය. සැබැවින්ම ඔහු සිතන දේ මැනවින් සිදු කරන්නාය. ඔහුගේ තීන්දුවට විරුද්ධවන කිසිවෙකු නැත. ඔහුගේ නීතියට පසු විපරමක් නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන්ම කීර්තිමත් වූ හා සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුතණුවනි, මා රෝගාතුර වූයෙමි. නමුත් නුඹ මාගේ සුවදුක් නොවිමසුවෙහිය. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබෙන් සුවදුක් විමසනුයේ කෙසේදැ?යි විමිසයි. ඔහු (අල්ලාහ්) : ඔබ නොදන්නෙහි ද නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු රෝගාතුර ව සිටියේය. නමුත් ඔබ ඔහුගේ සුවදුක් නොවිමසුවෙහිය. ඔබ නොදන්නෙහි ද ! සැබැවින්ම ඔබ ඔහුගේ සුවදුක් විමසුවෙහි නම් ඔහු අසළ ඔබට මා දැකගන්නට තිබිණ. අහෝ ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ආහාර පැතුවෙමි. නමුත් ඔබ මට අහාර නොදුන්නෙහිය. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබට ආහාර සපයනුයේ කෙසේදැ?යි විමිසයි. ඔබ නොදන්නෙහි ද නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු ඔබෙන් ආහාර පැතුවේය. නමුත් ඔබ ඔහුට ආහාර නොදුන්නෙහිය. ඔබ නොදන්නෙහි ද ! සැබැවින්ම ඔබ ඔහුට ආහාර සපයා ඇත්නම් ඔහු අසළ ඔබට එය දැකගන්නට තිබිණ. යැයි පවසයි. ඔහු (අල්ලාහ්) : අහෝ ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ජලය පැතුවෙමි. නමුත් ඔබ මට ජලය නොදුන්නෙහිය. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබට ජලය සපයනුයේ කෙසේදැ?යි විමසයි. ඔබ නොදන්නෙහි ද ! නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු ඔබෙන් ජලය පැතුවේය. නමුත් ඔබ ඔහුට ජලය නොදුන්නෙහිය. ඔබ නොදන්නෙහි ද ! සැබැවින්ම ඔබ ඔහුට ජලය සපයා ඇත්නම් ඔහු අසළ ඔබට එය දැකගන්නට තිබිණ. යැයි පවසයි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුතණුවනි, මා රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මාගේ සුවදුක් නොවිමසුවෙහිය. එවිට ඔහු: ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබෙන් සුවදුක් විමසනුයේ කෙසේදැ?යි විමිසයි. එනම් මම ඔබෙන් සුවදුක් විමසන තෙක් මා වෙත කිසිදු අවශ්‍යතාවක් ඇත්තෙකු ලෙස ඔබ නොසිටියෙහිය යන්නයි. ඔහු (අල්ලාහ්): ඔබ නොදන්නෙහි ද නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු රෝගාතුර ව සිටියේය. නමුත් ඔබ ඔහුගේ සුවදුක් නොවිමසුවෙහිය. සැබැවින්ම ඔබ ඔහුගේ සුවදුක් විමසුවෙහි නම් ඔහු අසළ ඔබට මා දැකගන්නට තිබිණා නොවේ ද? මෙම හදීසයේ මම රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මගෙන් සුවදුක් නොවිමසුවෙහිය යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නැත. රෝගය යනු අල්ලාහ්ට තිබිය නොහැක්කකි. රෝගය අඩුපාඩු පෙන්වන ගුණාංගයකි. සුවිශුද්ධ අල්ලාහ් සියලු අඩුපාඩුවලින් තොර වූවෙකි. නමුත් මෙහි රෝගය යනුවෙන් අදහස් කරනුයේ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හා ඔහුට ඉතා සමීපවූවන් අතුරින් ගැත්තෙකු රෝගාතුර වීම ගැනය. ඔවුහු ඔහුගේ සුවිශේෂි අය වෙති. එහෙයින් ඔහු මෙසේ පවසා සිටියේය. සැබැවින්ම ඔබ ඔහුගේ සුවදුක් විමසුවෙහි නම් ඔහු අසළ ඔබ මා දැකගන්නට තිබිණ. නමුත් ආහාර හා පානය සම්බන්ධව පවසන විට දන්වා සිටියාක් මෙන් ඔබ එය මා අසළ දැක ගන්නට තිබිණි යැයි නොපවසා ඒ වෙනුවට ඔබ මා දැක ගන්නට තිබුණි යැයි පවසා සිටියේය. රෝගියා අල්ලාහ්ට සමීපයෙන් සිටින බව මෙය පෙන්වා දෙයි. එහෙයින් විද්වත්හු ඇත්තෙන්ම රෝගියා යමෙකුගේ යහපත වෙනුවෙන් හෝ යමෙකුට එරෙහිව හෝ ප්‍රාර්ථනා කළේ නම් එයට පිළිතුරු ලබන්නට වඩාත් සුදුස්සකු වේ. ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ආහාර පැතුවෙමි. නමුත් ඔබ මට අහාර නොදුන්නෙහිය. යන ප්‍රකාශයෙන් අදහස් වනුයේ මම ඔබෙන් ආහාර ඉල්ලා සිටියෙමි. නමුත් ඔබ නොදුන්නෙහිය යන්නයි. සූරා අල් අන්ආම්හි 14 වන වැකියේ ‘ඔහු ආහාර සපයන්නාය. ඔහුට ආහාර සපයනු නොලැබේ‘ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුව අල්ලාහ් තමන් වෙනුවෙන් ආහාර ඉල්ලා නොසිටින බව දන්නා කරුණකි. ඔහු සියලු දැයින් පොහොසත්ය. ආහාර හෝ පාන අවශ්‍ය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් ගැත්තෙකු කුසගින්නෙන් සිටියේය. ඔහු ගැන යමෙකු දැන සිටියද ඔහු ඔහුට ආහාරා දුන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. සැබැවින්ම ඔබ ඔහුට ආහාර සපයා ඇත්නම් මා අසළ ඔබට එය දැකගන්නට තිබිණ යැයි පවසයි. මෙයින් අදහස් වන්නේ එහි කුසල මා ඔබ වෙනුවෙන් රැස් කර ඇත්තෙමි යහපතට ඒ හා සමාන යහපත හත්සීයයක් දක්වා ගුණ කොට තව තවත් අධිකව ගුණ කොට ඇත.අහෝ ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ජලය පැතුවෙමි. එනම් ඔබ මට ජලය සපයන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිය ද ඔබ මට ජලය පිරිනැමුවේ නැතැයි යන්නයි. තවදුරටත් ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබට ජලය සපයනුයේ කෙසේදැ?යි විමසයි. එනම් ආහාර හෝ පානයක අවශ්‍යතාවක් ඔබට නැතැයි යන්නය. නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු පිපාසිතව සිටියේය. ඔබෙන් ඔහු ජලය පැතුවේය. නමුත් ඔබ ඔහුට ජලය නොදුන්නෙහිය. ඔබ නොදන්නෙහි ද! සැබැවින්ම ඔබ ඔහුට ජලය සපයා ඇත්නම් මා අසළ ඔබට එය දැකගන්නට තිබිණ. යැයි පවසයි. ඔබෙන් ජලය පතන කෙනෙකුට ජලය සපයා සිටියේ නම් මම ඔහුට ජලය සපයමි. එය ඔබ අල්ලාහ් අබියස රැස් කර තිබෙනු ඔබ දැකගනු ඇත. යහපතට ඒ හා සමාන යහපත හත්සීයයක් දක්වා ගුණ කොට තව තවත් අධිකව ගුණ කොට පිරිනමනු ඇත.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප ඉදිරියේ සිටියදී අපි හජ්ජතුල් වදා සම්බන්ධයෙන් කතා කරමින් සිටියෙමු. හජ්ජතුල් වදා යනු කුමක් දැයි අපි නොදැන සිටියෙමු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කළේය. පසුව එක් ඇසක් පොට්ට මහා බොරුකාර දජ්ජාල් ගැන මෙනෙහි කළේය. ඔහු ගැන මෙනෙහි කිරීමේදී එතුමා මෙලෙස දන්වා සිටියහ. “කිසිදු නබිවරයකු ඔහුගේ සමූහයාට ඔහු ගැන අවවාද කිරීමෙන් තොරව එව්වේ නැත. ඔහු ගැන නූහ් හා ඔහුගෙන් පසු නබිවරුන් ද අවවාද කළේය. සැබැවින්ම ඔහු නුඹලා අතර ඔහු හෙළි වූයේ නම්, ඔහුගේ කරුණු කිසිවක් ඔහු නුඹලාට සඟවන්නේ නැත. නුඹලා වෙත සැඟවෙන්නේ ද නැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති එක් ඇසක් පොට්ට අයකු නොවේ. නමුත් සැබැවින්ම ඔහු දකුණු ඇස පොට්ටයෙකු වන්නේය. ඔහුගේ එම ඇස නෙරා ඇති මිදි ගෙඩියක් මෙන් වේ. දැනගනු. නුඹලාගේ මේ දිනයේ නුඹලාගේ මේ නගරයේ නුඹලාගේ මේ මාසයේ තහනම් කර ඇත්තාක් මෙන් සැබැවින් අල්ලාහ් නුඹලාගේ ජීවිත හා නුඹලාගේ සම්පත් (විනාශ කිරීම) නුඹලා කෙරෙහි තහනම් කර ඇත්තේය. මම නුඹලාට දන්වා සිටියෙම් ද? ඔවුහු: එසේය. යැයි පැවසුවෝය. ඔහු: ‘අහෝ අල්ලාහ් සාක්ෂි දරනු’ යැයි තුන්වරක් පැවසීය. “අහෝ! හොඳින් බලනු. මගෙන් පසුව නුඹලා එකිනෙකා ගෙලවලට පහර දෙන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් බවට හැරී නොයනු.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාර්ගයේ සිටියදී හජ්ජතුල් වදා යනු කුමක් ද? යැයි අපි විමසා සිටියෙමු. හජ්ජතුල් වදා යනු කුමක්දැයි අපි නොදැන සිටියෙමු. හජ්ජතුල් වදා යනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හිජ්රි දහවන වර්ශයෙන් ඉටු කළ අවසන් හජ් වන්දනාවයි. එහිදී එතුමා ජනයාගෙන් සමු ගත්තේය. ඇසක් පොට්ට මහාබොරුකාර දජ්ජාල් පිළිබඳ මෙනෙහි කළේය. ඔහුගේ කරුණෙහි බරපතලකම පෙන්වූහ. ඔහු ගැන ප්‍රවේසම් වන මෙන් දන්වා සිටියහ. පසුව සියලුම නබිවරුන් තමන්ගේ සමූහයාට දජ්ජාල් ගැන අවවාද කර සිටි බවත් ඔවුන් ඉදිරියේ ඔහුගේ කරුණ ගැන ඔවුනට බිය ගන්වා බලවත් සේ පැවසූ බවත් සැබැවින්ම ඔහු නුඹලාට සැඟවෙන්නේ නැති බවත් දන්වා සිටියේය. නුඹලාගේ පරමාධිපති පොට්ටයෙකු නොවේ. නමුත් ඔහු වනාහි දකුණැස පොට්ට නෙරා ඇති මිදි ගෙඩියක් මෙන් පවතින කෙනෙකි පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පැවසූහ. හජ් අවුරුදු දිනයේ ගෞරවය මක්කාවේ ගෞරවය දුල් හිජ්ජා මාසයේ ගෞරවය මෙන්ම සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්‍රාණ නැසීම කිසිදු යුක්තියකින් තොරව නුඹලාගේ සම්පත් පැහැර ගැනීම තහනම් කොට ගෞරවය කර ඇත්තේය. පසුව නුඹලාට දන්වා සිටීමට නියෝග කරනු ලැබූ දෑ මම නුඹලාට දන්වා සිටියෙම් ද? යැයි එතුමා විමසූහ. ඔවුහු: ‘එසේය’ යැයි පැවසූහ. එතුමා: අහෝ අල්ලාහ් මම ඔවුන්ට දන්වා සිටීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂියට ඔබ සාක්ෂි කරුවකු සිටින්න’ යැයි තුන්වරක් පැවසීය. අනතුරුව මින් පසුව එකිනෙකා මරා ගන්නා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මෙන් නොවන මෙන් ද එතුමා ඔවුනට නියෝග කළහ.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "කිසිදු නබිවරයකු තම සමූහයා වෙත බොරුකාර, ඇසක් ඇත්තා ගැන අවවාද කර සිටියා මිස නැත. දැනගනු සැබැවින්ම ඔහු එක් ඇසැක් ඇත්තෙකි. නුඹලාගේ පරමාධිපති අන්ධයකු නොවේ. ඔහුගේ දෑස් දෙක අතර ක, ෆ, ර යනුවෙන් ලියනු ලැබී ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ් විසින් එවන ලද සෑම නබිවරයකුම දජ්ජාල් පිළිබඳ තම සමූහයාට අවවාද කොට අනතුරු අැඟවූහ. හේතුව සැබැවින්ම ඔවුන් ඔහුගේ බැහැර වීම හා ඔහුගේ අර්බුධවල දරුණුකම පිළිබඳ දන්නා අය වූ බැවිනි. එහෙයින් ඔවුහු ඔවුනට ඔහුගේ ගුණාංගවලින් ඇතැම් දෑ පැහැදිලි කළහ. මෙම හදීසයෙහි ඔහු අන්ධයකු බව සඳහන්ව ඇත. අල්ලාහ් එම ගුණාංගයෙන් පිවිතුරු අයෙකි. ඔහුගේ ගුණාංගවලින් තවත් එකක් වනුයේ ඔහුගේ දෑස් දෙක අතර ක,ෆ,ර යනුවෙන් ලියවී තිබීමය.
හුදෙයිෆා ඉබ්නු අල් යමාන් තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අති උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ් මිනිසාව රැස් කරනු ඇත. ස්වර්ගය ඔවුනට සමීප කරවන තෙක්ම දේවත්වය විශ්වාස කරන්නන් කටයුතු කරමින් සිටියි. ඔවුන් ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණ ‘අපගේ පියාණනි! ස්වර්ගය අප වෙනුවෙන් විවෘත කරන්නට පතන්නයි’ පවසති. එතුමා: “නුඹලාව ස්වර්ගයෙන් පිටුවහල් කළේ නුඹලාගේ පියාගේ වරද මිස වෙනත් කිසිවක් නොවීය. (එහෙයින්) ඒ සඳහා සුදුසු පුද්ගලයා මම නොවෙමි. අල්ලාහ්ගේ මිතුරා වන මාගේ පුත් ඉබ්රාහිම් වෙත පිය නගන්නැ”යි පවසයි. පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණෙති. එවිට ඉබ්රාහීම්: “ඒ සඳහා සුදුසු පුද්ගලයා මම නොවෙමි. මම මිතුරෙක් වූයේ පසුවය. අල්ලාහ් සමග කතා කළ මූසා වෙතට යනු” යැයි පවසයි. පසුව ඔවුහු මූසා වෙත පැමිණෙති. එතුමා: මම එයට සුදුසු පුද්ගලයකු නොවෙමි. අල්ලාහ්ගේ වදන හා ඔහුගෙන් වූ ප්‍රාණය වන ඊසා වෙතට පිය නගනු යැයි පවසයි. එවිට ඊසා තුමා: “ඒ සඳහා සුදුසු පුද්ගලයා මම නොවෙමි” යැයි පවසයි. පසුව ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණෙති. එතුමා ක්‍රියාත්මක වෙමින් ඒ සඳහා නිවේදනය කරයි. ‘අල් අමානා’ හෙවත් පැවරුම් හා ‘අර් රහ්ම්’ හෙවත් ලේ ඥාතීත්වය සිරාත් නම් පාලම දෙපස දකුණෙන් හා වමෙන් නැගී සිටී. නුඹලා අතරින් පළමු වැන්නා විදුලි වේගය මෙන් ගමන් කරනු ඇත.” එවිට මම: මගේ පියා හා මගේ මව කැප වේවා! විදුලි වේගයෙන් ගමන් කිරීම මෙන් යනු කවර විෂයක්දැ?යි විමසුවෙමි. එතුමා: ‘ඇස පිය හෙළන සැනින් එය පසුකර ආපසු එන ආකාරය නුඹලා නොදුටුවෝ ද? පසුව සුළං ගමන් කරන්නාක් මෙන් පවතී. පසුව පක්ෂීන් ගමන් කරන්නාක් මෙන් පවතී. අතැම් මිනිසුන්ගේ ක්‍රියාවන් ඔවුන් සමග ගමන් කරමින් ඔවුන් ශක්තිමත් කරයි. නුඹලාගේ නබිවරයා එම සිරාත් නම් පාලම මත සිට මාගේ පරමාධිපතියාණනි, ශාන්තිය ලබා දෙනු මැනව! ශාන්තිය ලබා දෙනු මැනව! යැයි ගැත්තන්ගේ ක්‍රියාවන් දුර්වල වන තෙක්ම පවසා සිටියි. එසේ අවසානයේ බඩගාමින් මිස ගමන් කළ නොහැකි මිනිසා පැමිණෙන තෙක්ම වනු ඇත. ‘සිරාත්’නම් පාලම දෙකෙළවරෙහි අණ දෙනු ලබන්නන් අල්ලන්නට නියෝග කරනු ලැබූ එල්ලා තබන ලද යකඩ මුගුරු තිබේ. ඉන් මිදුනු අය පොඩි පට්ටම් කරනු ලැබ නිරා ගින්නට හෙළනු ඇත.” යැයි පැවසූහ. අබූහුරෙයිරාගේ ප්‍රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින් සැබැවින්ම නිරයේ පතුල වසර හැත්තෑවකි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්‍රතිඵල සඳහා අල්ලාහ් මිනිසුන් එක් රැස් කරනු ඇත. දේවත්වය විශ්වාසය කරන්නෝ ඔවුනට ස්වර්ගය සමීප කරවන තෙක්ම කටයුතු කරමින් සිටිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තත්ත්වය හේතුවෙන් ඔවුනට එය විවෘත කරනු නොලැබේ. එහෙයින් ඔවුහු ඔවුන් වෙනුවෙන් ස්වර්ගය විවෘත කර දෙන මෙන් අල්ලාහ්ගෙන් පතන්නැයි ඉල්ලා ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණෙති. ඒ සඳහා තමන් සුදුසු පුද්ගලයකු නොවන බව ඔවුනට ප්‍රතිචාර දක්වා පසුව ඔවුන් ඉබ්රාහීම් වෙත එවනු ඇත. ඊට හේතුව ඔහු අල්ලාහ්ගේ මිතුරකු වන බැවිණි. මිත්‍රත්වය යනු ආදරයේ උසස්ම මට්ටමයි. ඒ අනුව ඔවුහු ඉබ්රාහිම් වෙත පැමිණෙති. එවිට එතුමා ඔවුනට ‘එම උසස් නිලයට මම සුදුසු නොවෙමි. නුඹලා මූසා වෙත යන්න. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් කිසිදු මාධ්‍යයකින් තොරව ඍජුව එතුමා සමග කතා කර ඇත’ යැයි පවසයි. පසුව ඔවුහු මූසා (අලෙයිහිස් සලාම්) වෙත පැමිණෙති. එවිට එතුමා ඔවුනට: ‘මම ඒ සඳහා සුදුසු පුද්ගලයකු නොවෙමි. නුඹලා ඊසා තුමා වෙත යන්න. සැබැවින්ම අල්ලාහ් එතුමාව ඔහුගෙන් වූ වදනින් මවා ඇත්තේය. එවිට ඔවුහු ඊසා (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණෙති. එවිට එතුමාද මම ඒ සඳහා සුදුසු පුද්ගලයකු නොවෙමි යැයි පවසයි. පසුව ඔවුහු අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණෙති. අනතුරුව ඔවුන් අතර වෙන් කර ඔවුන් වෙනුවෙන් ස්වර්ගය විවෘත කර දෙන මෙන් ඔවුහු එතුමාගෙන් ඉල්ලා සිටිති. පසුව එතුමාණෝ ඔවුනට පිළිතුරු දී අනුමත පතා ඒ ගැන නිවේදනය කරනු ඇත. ‘අමානත්’ හෙවත් පැවරුම් හා ‘රහ්ම්’ හෙවත් ඥාතිත්වය සිරාත් නම් පාලමේ දෙකෙළවර මත සිට ගනී. එය නිරයට ඉහළින් දිගුවට තබන ලද පාලමකි. ජනයා තමන්ගේ ක්‍රියාවන්වලට අනුකූලව එහි ප්‍රමාණයට ඒ මත ගමන් කරනු ඇත. කවරෙකු මෙලොවෙහි දැහිමි කටයුතු සඳහා යුහුසුළු වූයේ ද ඔහු සිරාත් පාලම මත වේගයෙන් ගමන් කරන්නෙකි. ඊට ප්රතිවිරුද්ධතාවත් එලෙසම පවතී. ඔවුන් අතරින් ඉන් මිදෙන්නන් මෙන් ම අපා ගින්නට වැටෙන්නන් ද වෙති. සැබැවින්ම අපා ගින්නේ පතුල දුරින් පිහිටා ඇති බැවින් වසර හැත්තෑවකින් පසුව මිස එයට සේන්දු වන්නේ නැත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!