





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ වාකිද් අල්-ලයිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගිය කල්හි, එතුමාණෝ බහුදේව වාදීන් සතු ගසක් අසළින් ගමන් ගත්හ. එයට 'සාතු අන්වාත්' යනුවෙන් කියනු ලැබේ. ඔවුන්ගේ ආයුධ එහි එල්ලා තබති. එවිට ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සතු 'සාතු අන්වාත්' මෙන් අපටද සාතු අන්වාතයක් නියම කරන්නයි' පැවසූහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) මෙය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න" (අල්-අඃරාෆ්: 138) යැයි මූසාගේ ප්‍රජාව පවසා සිටියාක් මෙනි. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ.
رواه الترمذي وأحمد"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගියහ. එය තාඉෆ් හා මක්කාව අතර වූ මිටියාවතකි. සමීපයෙන් ඉස්ලාමය වැළදගත් සහාබාවරුන් කිහිප දෙනෙකු ද එතුමාණන් සමග වූහ. ඔවුහු 'සාතු අන්වාත්' නම් ගසක් අසළින් ගමන් ගත්හ. එනම් එල්ලා තබන ලද දෑ යන අර්ථය වේ. බහුදේව වාදීන් එයට ගරුබුහුමන් කළ අතර ඔවුන්ගේ ආයුධ හා වෙනත් දෑ ආශිර්වාද ලබනු පිණිස එහි එල්ලා තබති. ආශිර්වාද පතමින් තම ආයුධ එල්ලා තබන්නට ඒ හා සමාන ගසක් තමන්ටත් නියම කරන මෙන් ඔවුහු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉල්ලා සිටියහ. එසේ ඔවුන් ඉල්ලා සිටියේ එය අනුමත කරුණක් බව සිතමිනි. මෙම ප්‍රකාශය හෙළා දකිමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් "සුබ්හානල්ලාහ්" යැයි අල්ලාහ්ට ගරුබුහුමන් කොට තස්බීහ් පැවසූහ. එමෙන්ම සැබැවින්ම මෙම ප්‍රකාශය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න." යැයි මූසාගේ ජනයා කළ ප්‍රකාශයට සමාන බව ද දන්වා සිටියහ. ඔවුන් පිළිම වන්දනා කරන ජනයා දුටු කල්හි, බහුදේවවාදීන්ගේ ක්‍රියා කලාපය අනුගමනය කරමින් ඔවුනට තිබෙනවාක් මෙන් තමන්ටත් පිළිම නියම කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ. සැබැවින්ම මෙම සමූහයා යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේ මාර්ගය අනුගමනය කරනු ඇතැයි ද ඔවුන්ගේ ක්‍රියාවන් අනුව කටයුතු කරනු ඇතැයි ද ඒ ගැන අවවාද අනතුරු අඟවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ.
رواه ابن ماجه والنسائي في الكبرى وأحمدමිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. පසු ව ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එම ප්‍රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දැක, අල්ලාහ්ගේ අභිමතය මැවීම්වල අභිමතය හා 'වාව්' (සහ) යන නිපාත පදය යොදා සම්බන්ධ කිරීම කුඩා ෂිර්ක් ගණයට අයත් කරුණක් බව දන්වා සිටියහ. එලෙස මුස්ලිම්වරයකු ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැත. පසුව "මා ෂා අල්ලාහ් වහ්දහූ" (අල්ලාහ්ගේ අභිමතය පරිදි පමණක්) යන නියම ප්‍රකාශය වෙත එතුමාණෝ මඟ පෙන්වූහ. එහිදී අල්ලාහ්ගේ අභිමතය වෙන් කළේය. සම්බන්ධ කරන කවර වර්ගයක පදයකින් හෝ එම අභිමතය සම්බන්ධ කළේ නැත.
දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මා වෙත පැමිණියහ. මා විසින් මගේ කුටියේ (දොරටුවට) මා සතු පින්තූර සහිත තිරයකින් ආවරණය කර තිබුණි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය දුටු විට, එය ඉවත් කළහ. එතුමාණන්ගේ මුහුණේ වර්ණය ද වෙනස් විය. එතුමාණෝ: "අහෝ ආඉෂා! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ." යැයි පැවසූහ. ආඉෂා තුමිය තවදුරටත්: 'අපි එය කෑලි කර ඉන් එක් කොට්ටයක් හෝ කොට්ට දෙකක් සාදා ගත්තෙමු' යැයි පැවසුවාය.
متفق عليهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැකීමට ඔහුගේ නිවසට ඇතුළු වූහ. එවිට, ඇය බඩු බාහිරාදිය තබා ඇති කුඩා අල්මාරිය සජීවී ජීවීන්ගේ රූප සහිත රෙදි කඩකින් ආවරණය කර ඇති බව එතුමාණන්ට පෙනී ගියේය. එවිට අල්ලාහ් වෙනුවෙන් එතුමාණන් කෝපයට පත්වී එතුමාණන්ගේ මුහුණේ වර්ණය ද වෙනස් වූ අතර එතුමාණන් එය ඉවත් කර මෙසේ පැවසීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවම් ලබන මිනිසුන් වනුයේ අල්ලාහ් මැවූ සජීවී හැඩරුවන්ට යමක් සමාන කිරීමට උත්සාහ කරන්නන් වෙති. ආඉෂා තුමිය තවදුරටත්: 'අපි එමගින් කොට්ටයක් හෝ කොට්ට දෙකක් සාදා ගත්තෙමු' යැයි පැවසුවාය.
බුරෙයිදා ඉබ්නු අල්-හුසෙයිබ් අල් අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට, ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් කටයුතු කරන මෙන් ද අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද උපදෙස් දෙන්නෙකු වූහ. එවිට එතුමා මෙසේ පවසයි: “අල්ලාහ්ගේ නාමය පවසා අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්න. අල්ලාහ්ව ප්‍රතික්ෂේප කොට ද්‍රෝහිකම් කළවුන් සමග සටන් වදින්න. නුඹලා (යුද්ධයෙන් අත්පත් කරගන්නා දෑහි) වංචා නොකරන්න. (සතුරන්ගේ දේහ) විකෘති නොකරන්න. (වැඩිවියට පත් නොවූ) දරුවන් මරා නොදමන්න. ඔබ දේව ආදේශකයින් අතරින් ඔබේ සතුරකු ඔබ මුණ ගැසුණු විට කරුණු තුනක් වෙත ඔවුන්ව ඇරයුම් කරන්න. ඒ කවර හෝ දෙයකට ඔවුහු නුඹලාට පිළිතුරු දුන්නේ නම් ඔබ ඔවුන්ව පිළිගෙන ඔවුන් (සමග සටන් කිරීමෙන්) වළක්වා ගන්න. පසුව ඉස්ලාමය වෙත ඔවුන් ඇරයුම් කරන්න. එවිට ඔවුහු නුඹට අවනත වූයේ නම් ඔවුන්ව පිළිගන්න. පසුව ඔවුන්ගෙන් නිවහනින් මුහාජිර්වරුන් හෙවත් (නික්ම ගියවුන්ගේ) නිවහන වෙත හැරෙන්නට ඔවුන්ට ඇරයුම් කරන්න. සැබැවින්ම ඔවුන් එය සිදු කළේ නම් මුහාජිර්වරුන්ට සතු දෑ ඔවුනට ඇති බවත් මුහාජිරීන් වරුන් මත කවර කරුණක් පවතින්නේ ද එය ඔවුන් මත ද පවතින බවත් ඔවුනට දන්වන්න. නමුත් ඔවුන් ඉන් හැරීමට ප්‍රතික්ෂේප කළේ නම් එවිට උත්තරීතර අල්ලාහ්ගේ නීතිය ක්‍රියාත්මක වන ගම්බද අරාබි මුස්ලිම්වරුන් සේ ඔවුහු පත්වනු ඇත. මුස්ලිම්වරුන් සමග එක්ව ඔවුන් අරගල කිරීමෙන් තොරව සතුරා විසින් යුද පිටියේ හැර දමා ගිය වස්තුවෙහි ඔවුනට කිසිවක් නොවනු ඇත. ඔවුන් එය ප්‍රතික්ෂේප කළේ නම් ඔවුන්ගෙන් බදු ඉල්ලා සිටින්න. ඔවුහු ඔබට පිළිතුරු දුන්නේ නම් ඔබ ඔවුන් පිළිගනු. ඔවුන්ගෙන් වැළකී සිටිනු. එය ද ඔවුන් ප්‍රතික්ෂේප කළේ නම් අල්ලාහ්ගෙන් උදව් පතා ඔවුන් සමග සටන් කරනු. යම් බලකොටුවක ජනයා නුඹ කොටුකර ගත් විට අල්ලාහ්ගේ ආරක්ෂාව හා ඔහුගේ නබිවරයාගේ ආරක්ෂාව ඔවුන් වෙනුවෙන් ඔබ පත් කිරීම සඳහා ඔවුහු ඔබට යෝජනා කළේ නම්, ඔබ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගේ ආරක්ෂාව හා ඔහුගේ නබිවරයාගේ ආරක්ෂාව ඔවුනට පත් නොකර, ඔබේ ආරක්ෂාව හා ඔබේ මිතුරන්ගේ ආරක්ෂාව ඔවුනට පත් කරන්න. සැබැවින්ම නුඹලා නුඹලාගේ ආරක්ෂාව හා නුඹලාගේ මිතුරන්ගේ ආරක්ෂාව ගැන ප්‍රතිඥාව කඩ කිරීම අල්ලාහ්ගේ ආරක්ෂාව හා ඔහුගේ නබිවරයාගේ ආරක්ෂාව ගැන ප්‍රතිඥාව කඩ කිරීමට වඩා සැහැල්ලුය. බලකොටු වාසීන්ව නුඹ කොටු කරගත් විට අල්ලාහ්ගේ නීතිය මත ඔබ ඔවුන් බැස්ස වීම සඳහා ඔවුහු නුඹලාට යෝජනා කළේ නම් නුඹලා එසේ ඔවුන්ව නොබස්සවනු. නමුත් නුඹේ නීතිය මත ඔවුන්ව නුඹ බස්සවනු. ඊට හේතුව සැබැවින් ඔවුන් අතර අල්ලාහ්ගේ නීතිය ඔබට ක්‍රියාත්මක කිරීමට හැකි ද නොහැකිද යන්න ඔබ නොදන්නා බැවිණි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතබුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කර සිටියි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් භට පිරිසක් හෝ ගවේෂණ කණ්ඩායමක් හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩකාරී පිරිසක් සමග සටන් කිරීම සඳහා එවන විට, ඔවුන්ගේ ඒකීයත්වය ආරක්ෂා කරනු පිණිසත් ඔවුන්ගේ කටයුතු විධිමත් කරනු පිණිසත් ඔවුන් මත නායකයකු නියම කරයි. පසුව අල්ලාහ් පිළිබඳ බැතිමත්ව කටයුතු කරන මෙන් ද ඔහු සමග වූවන් සමග යහපත් ලෙස කටයුතු කරන මෙන් ද ඔහුට එතුමා උපදෙස් දෙයි. සතුරන් සමග ඔවුන් කටයුතු කළ යුතු ආකාරය ද එතුමා ඔවුනට මග පෙන්වීය. වංචනිකභාවය, කූටකම, දේහ විකෘති කිරීම හා වැඩිවියට පත් නොවූවන් ඝාතනය කිරීමෙන් වැළකී සිටින මෙන් ද මග පෙන්වීය. තවදුරටත් දේව ප්රතික්ෂේපකයින් සමග කටයුතු කිරීමේදී පළමුව ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමෙන් ආරම්භ කිරීම ඔවුන්ගේ වගකීම බව පෙන්වා දුන්හ. එයට ඔවුන් පිළිතුරු දුන්නේ නම් ඔවුන් මදීනාව වෙත නික්ම යෑමට දිරි ගන්වන මෙන් ද මුල් මුහාජිරීන්වරුනට සතු කුසල් ඔවුනට හිමි බවත් මුහාජිර්වරුන්ට කවර අයිතිවාසිකම් හා වගකීම් ඇත්තේ ද එය ද ඔවුන් වෙත පවතින බවත් ඔවුනට දන්වා සිටින මෙන් පැවසීය. නමුත් ඔවුන් හිජ්රත් (නික්ම යෑමට) ප්‍රතික්ෂේප කළේ නම් මුස්ලිම් ගම්බද අරාබිවරුන් සමග ගනුදෙනු කරන පරිදි ඔවුන් සමගත් කටයුතු කළ යුතු වේ. නමුත් ඔවුන් ඉස්ලාමය ප්‍රතික්ෂේප කළේ නම්, ඔවුන්ගෙන් ජිසියා බදු අය කළ යුතු වේ. එය ගෙවීමට ඔවුන් ප්‍රතික්ෂේප කළේ නම් අල්ලාහ්ගෙන් උදව් පතා ඔවුන් සමග අරගල කළ යුතු වේ. බලකොටු වාසීන් කොට කර ගත් විට ඔවුනට අල්ලාහ්ගේ ප්‍රතිඥාව හා ඔහුගේ දූතයාණන්ගේ ප්‍රතිඥාව ඔවුනට නොදිය යුතුය. එසේ ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුනට පිරිනැමුවේ නම්, ඔවුන්ගේ ගිවිසුම එසේ කඩ කිරීම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම කඩ කිරීමට වඩා පාපයෙන් ඉතා සුළු වන බැවිණි. එසේ අල්ලාහ්ගේ නීතිය ඔවුන් අතර නීතිගත කරන්නැයි ඔවුන් ඉල්ලා සිටි විටෙක ස්වකීය නීතිය අනුව කටයුතු කිරීමට නොහැකිව අල්ලාහ්ගේ නීතිය මත පමණක්ම ක්‍රියාත්මක වනු ඇත. එවිට ඔවුන් අතර පවතින අල්ලාහ්ගේ නීතිය ඔවුන් ක්‍රියාත්මක කළ නොහැකි වේ. සැබැවින්ම ඔවුහු ඔවුන් සමග කටයුතු කළ යුත්තේ ඔවුන්ගේ නීතිය මත පදනම්ව හා ඔවුන් ගැන පරිශීලනය කිරීමේ පදනම මත සිටය.
ඉබ්නු අද්-දයිලමී විසින් මෙසේ වාර්තා කරන ලදී. මම උබෙයි ඉබ්නු කඃබ් තුමා වෙත පැමිණ ‘මගේ සිත තුළ පෙර නියමය ගැන යමක් පවතී. එබැවින් මාගේ සිතෙන් එය අල්ලාහ් පහකරනු වස් යමක් මට කියා දෙන්නැයි අසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය. “ඔබ උහුද් කන්ද මෙන් රත්රන් වියදම් කළ ද, ‘කද්ර්’ හෙවත් ඔබ පෙර නියමය විශ්වාස කරන තෙක් හා ඔබට අත් වූ දෑ ඔබට වැරදෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබට වැරදුනු දේ ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවූවක් බවත් ඔබ වටහා ගන්නා තෙක් අල්ලාහ් ඔබෙන් එය පිළිගන්නේ නැත. මේ හැර වෙනත් තත්ත්වයක ඔබ මියයැදුණේ නම් ඔබ නිරා ගින්නේ වැසියන් අතරට පත් වනු ඇත.” තවදුරටත් හෙතෙම: මම අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද්, හුදෙයිෆා ඉබ්නු අල් යමාන් සහ සෙයිද් ඉබ්නු සාබිත් යන උතුමන්ලා වෙත ගියෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා තිබෙන බව ඔවුන් සියලු දෙනාම මට දන්වා සිටියෝය.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅබ්දුල්ලාහ් ඉබ්නු ෆයිරෑස් අද්-දයිලමී (රහිමහුල්ලාහ්) විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම ඔහුගේ සිත තුළ ‘කද්ර්’ හෙවත් පෙර නියමය ගැන ගැටලුවක් පැවතිනි. එය ප්‍රතික්ෂේප කිරීමට තමන්ව යොමු කරනු ඇතැයි ඔහු බිය විය. මෙම ගැටලුව විසදා ගැනීම සඳහා ඔහු උගත් සහාබාවරුන් වෙත ගියේය. දේවත්වය විශ්වාස කරන්නෙකු තමන්ට ගැටලුවක් ඇති වූ විට ‘නුඹලා නොදන්නෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු’ යන අල්ලාහ්ගේ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමක් ලෙස එසේ දැනුමැත්තන්ගෙන් විමසා සිටීම අත්‍යවශ්‍යය වන්නේය. පසුව එම විද්වත්හු සියලු දෙනාම පෙර නියමය හා ඉරණම විශ්වාස කිරීම අනිවාර්යය බවත් කොපමණ ප්‍රමාණයක් තමන් වියදම් කළ ද පෙරනියමය විශ්වාස නොකන අයගෙන් ඒවා පිළිගන්නේ නැති බවත් කවරෙකු එය විශ්වාස නොකරන තත්ත්වයේ මිය ගියේද ඔහු නිරා ගින්නේ වැසියන් බවට පත්වන බවත් විශ්වාස කිරීම අනිවාර්යය වේ යැයි තීන්දු දුන්හ.
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අහෝ මාගේ පුතනුවනි! සැබැවින්ම නුඹට හිමි වූ දේ නුඹට වැරදෙන්නට තිබූ එකක් නොවන බවත් නුඹට වැරදුනු දේ නුඹට හිමිවන්නට තිබූ එකක් නොවන බවත් නුඹ වටහා ගන්නා තෙක් ඊමාන් හෙවත් විශ්වාසයේ සුවය නොලබන්නෙහුමය. අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම මෙසේ සවන් දී ඇත්තෙමි. “සැබැවින්ම අල්ලාහ් මැවූ පළමු දේ පන්හිදය. පසුව ඔහු එයට: ලියනු යැයි පැවසීය. එය මාගේ පරමාධිපතියාණනි! මා ලිවිය යුත්තේ කුමක් ද? යැයි විමසීය. අවසන් හෝරාව ක්‍රියාත්මක වන තෙක් සෑම දෙයකම නියමයන් ලියනු යැයි ඔහු පැවසීය. අහෝ පුතනුවනි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පවසා සිටි තවත් ප්‍රකාශයකට මම මෙසේ සවන් දී ඇත්තෙමි. “මේ හැර වෙනත් පදනමක් මත වී කවරෙකු මිය ගියේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය.” අහ්මද් හි සඳහන් තවත් වාර්තාවක: “අල්ලාහ් මැවූ පළමු දේ පන්හිදය. පසුව ඔහු එයට: ලියනු යැයි පැවසීය. එවිට එම හෝරාවේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන දෑ සමග එය ක්‍රියාත්මක වන්නට විය.” ඉබ්නු වහබ් සතු වාර්තාවක මෙසේ සඳහන් වෙයි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පැවසූහ. “කවරෙකු තම යහපත හෝ අයහපත පෙර නියමය අනුව සිදුවන බව විශ්වාස නොකළේ ද අල්ලාහ් ඔහුව අපා ගින්නෙන් පුළුස්සා දමනු ඇත.”
දෛවය පිළිබඳ පාඩමෙහි ඉබ්නු වහබ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා ඔහුගේ පුතු වලීද්ට හොද හෝ නරක හෝ වේවා පෙර නියමයට අනුව එය සිදුවන බව විශ්වාස කරන මෙන් උපදෙස් දුන්නේය. එමෙන්ම එය විශ්වාස කිරීම මත මෙලොවෙහි හා මතුලොවෙහි හිමිවන යහපත් ප්‍රතිඵල හා යහපත් ප්‍රයෝජන ගැන ද පෙළගස්වා පැහැදිලි කළේය. එමෙන්ම පෙරනියමය ප්‍රතික්ෂේප කිරීමෙන් මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඇතිවන අනතුරු හා නපුරුකම් පිළිබඳවද පෙළගස්වා පැහැදිලි කළේය. හෙතෙම තමන් පවසා සිටි දෑ සඳහා අල්ලාහ්ගේ දූතයාණන් ගේ පිළිවෙත සාධක ලෙස ඉදිරිපත් කළේය. සැබැවින්ම අල්ලාහ් පෙර නියමයන් නියම කළේය. මෙම මැවීම් බිහිවීමට පෙර ඒවා ලියන්නට පන්හිදට නියෝග කළේය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පවතින කිසිවක් පෙර නියමය හා පෙර තීන්දුව අනුව මිස මෙලොවෙහි සිදු වන්නේ නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ගෞරවය යනු මාගේ යටි සළුවයි. අහංකාරය යනු මාගේ උඩු සළුවයි. එහෙයින් කවරෙකු ඒ දෙකින් කිසිවකින් මා නින්දාටව පත් කළේ ද මම ඔහුට දඬුවම් කරමි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතගෞරවය හා අහංකාරය අල්ලාහ් සතු විශේෂිත ගුණාංග දෙකකි. වෙනත් කෙනෙකු ඇඳගත් උඩු සළුව හා යටි සළුව අදින්නට තවත් මිනිසා හවුල් නොවනවාක් මෙන් ඒ දෙකෙහි ඔහු සමග වෙනත් අය සහභාගී කරවා ගන්නේ නැත. එබැවින් උත්තරීතර අල්ලාහ් මෙම ගුණාංග දෙක ඔහුට අනිවාර්යය කර ගත්තේය. එහි කිසිවක් ඔහුට හවුල් කිරීම ඔහු පිළි නොගැනීම ඔහුගේ සුවිශේෂී කාරණකි. කවරෙකු ගෞරවය හා අහංකාරය පිළිබඳ වාද කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ අයිතියෙහි නින්දාවක් ඇති කළේය. කවරෙකු අල්ලාහ්ව නින්දාවට ලක් කළේ ද ඔහු ඔහුට දඬුවම් කරනු ඇත.
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තම පියා නොවන (බව දැන සිටියදී ඔහු නොවන) කෙනෙකුට (ඔහුගේ පීතෘත්තවය සම්බන්ධයෙන්) වාද කරන මිනිසා දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු මිස නැත. තමන්ට අයිති නොමැති දෙයක් සම්බන්ධයෙන් කවරෙකු වාද කළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවන්නේය. අපා ගින්නෙන් යුත් ඔහුගේ නවාතැන ඔහු වෙන් කර ගනිත්වා! කවරෙකු මිනිසෙකුට දේව ප්රතික්ෂේපය සම්බන්ධ කරමින් වාද කළේ නම් හෝ අල්ලාහ්ගේ සතුරා යැයි පවසා සිටියේ නම් හෝ ඔහු ද එසේ නොවන තත්ත්වයේ සිටියදී (වාද කළ) ඔහු ඒ වෙතටම යොමු වනවා මිස නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතකරුණු තුනෙන් එකක් සිදු කරන තැනැත්තාට දැඩි අවවාදයක් හා බලවත් තරවටු මෙම හදීසයේ සඳහන්ව ඇත. එසේනම් මෙම ක්‍රියා තුනම එකට සිදු කරන්නාගේ තත්ත්වය කෙසේනම් වනු ඇත් ද? පළමුවැන්නා: තම පියා හොඳින් හඳුනන්නෙකු හා තම පරම්පරාව ගැන හොඳින් තහවුරු කරගත් අයකු ලෙස සිටියදී එය ඔහු හෙළා දැක නොදන්නා සේ හිද වෙනත් පියකු වෙත හෝ ඔහුගේ වෙනත් ගෝත්‍රයක් වෙත ඔහුගේ පරම්පරාව ඈඳමින් වාද කරන්නාය. දෙවැන්නා: තමන් දැනුවත්ව තමන්ට අයිති නැති පරම්පරාවක් හෝ වස්තුවක් හෝ වගකීම් අතරින් යම් වගකීමක් හෝ ක්‍රියාවන් අතරින් යම් ක්‍රියාවක් හෝ දැනුම් අතරින් යම් දැනුමක් හෝ තමන් සතු වූවක් බව වාද කරන්නේ ද එසේ නැතහොත් සූරා කෑ යම් ගුණාංගයක් ඔහු තුළ ඇති බව විශ්වාසය ඇති කරවා බොරු පවසමින් ජනයාට මුහුණ දී කටයුතු කරන්නේ ද ඔහුගේ දඬුවම බිහිසුණුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එවැන්නන්ගෙන් ඉවත් වූහ. අපා ගින්නේ ස්ථානයක් තෝරා ගන්නා මෙන් එතුමා ඔහුට නියෝග කළේය. එය ඔහු එයට අදාළ පුද්ගලයකු වන බැවිණි. තැන්වැන්න: නිරපරාධියෙකු වෙත දේවත්වය ප්‍රතික්ෂේප කිරීම හෝ යුදෙව්වාදය හෝ කිතුනුවාදය හෝ සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරන් අතරින් කෙනෙකු යැයි හෝ ඈදා ඔහුට චෝදනා නැගීමය. මෙසේ පැවසීමෙන් ඔහු පැවසූ දෑ වෙත ඔහුම යොමු වනු ඇත. තම නපුරු ක්‍රියාවන් හා ප්‍රකාශයන් සම්බන්ධයෙන් අනවධානීව සිටින මුස්ලිම්වරයකුට වඩා මෙම අශීලාචාර ගුණාංග තුළින් ඔහු එයට වඩාත් සුදුස්සකු වන බැවිණි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙසේ පවසන ලදී. “උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය. ඔහු මා බොරු කිරීම වූ කලී, 'මා උත්පාදනය වූවාක් මෙන්ම මා නැවත කිසිවිටෙක හැරී යන්නේ නැත’ යැයි ඔහු කළ ප්‍රකාශයයි. මැවීම් පළමුව උත්පාදනය කර තිබීම, එය නැවත ගෙන එන්නට මට වඩාත් පහසු කාර්යයක් නොවන්නේ ද? ඔහු මට බැණ වැදීම වූ කලී, ‘අල්ලාහ් දරුවකු ගත්තේ ය' යැයි ඔහු කළ ප්‍රකාශයයි. මා කිසිදු අවශ්‍යතාවයකින් තොර වූ ඒකීයය. මා දාව කිසිවකු බිහි නොකළෙමි. කිසිවෙකු විසින් බිහි කරනු ලැබුවේ ද නැත. මට සමාන කිසිවකු නැත.”
رواه البخاريනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' නම් දේව ප්‍රකාශ සහිත හදීසයක මෙසේ පැහැදිළි කළහ. සැබැවින්ම බහුදේවවාදීන් හා දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන් තමන්ව බොරු කරන බවත් අඩුපාඩු සහිත දැයින් තමන්ව වර්ණනා කරන බවත් ඔවුන් ගැන අවධාරණය කරමින් එය ඔවුනට සුදුසු කාර්යයක් නොවන බව දන්වා සිටියහ. අල්ලාහ් සඳහා පවසන ඔවුන්ගේ බොරුව වනාහි, ඔවන් ශුන්‍ය තත්ත්වයෙන් පළමුව මැව්වා සේ ඔවුන් මියගිය පසු නැවතත් ඔවුන් කිසිවිටෙක ඔහු විසින් අවදි කළ නොහැකියි යන ඔවුන්ගේ සිතුවිල්ලයි. ශුන්‍යතාවයෙන් මැවීම: පළමුව උත්පාදනය කළ මැවුම්කරු ඔවුන් නැවත ගෙන එන්නට වඩාත් බලවත් මෙන්ම එය ඔහුට වඩාත් පහසු කාර්යයක් බව පවසා ඔවුනට පිළිතුරු දුන්නේය. අල්ලාහ් සම්බන්ධයෙන් ගත් කළ මැවීම හා යළි උත්පාදනය කිරීම යන දෙකම එකසමාන තත්ත්වයේ නම් අල්ලාහ් සියලු කාර්යයන් කෙරෙහි සර්ව බලධාරී වේ. ඔවුන්ගේ දොස් නැගීම වනාහි, සැබැවින්ම අල්ලාහ්ට දරුවකු ඇතැයි පැවසීමය. සැබැවින්ම ඔහු ඒකීය බවත් ඔහුගේ නාම හා ගුණාංග මෙන්ම ඔහුගේ ක්‍රියාවන්හි ඔහු පරිපූර්ණතාවන්ගෙන් සපිරුණු අයකු බවත් සියලු අඩුපාඩුවලින් පිවිතුරු සුවිශුද්ධයෙකු බවත් කිසිවෙකුගේ අවශ්‍යතාවක් උවමනා නොවන ස්වාධීනයකු බවත් සෑම කෙනෙකුම ඔහුගේ අවශ්‍යතාව පතන බවත් ඔහු කිසිවකුගේ පියකු නොවන බවත් කිසිවකුගේ පුතකු ද නොවන බවත් ඔහු මෙන් ඔහුට සමාන කිසිවකු නැති බවත් පවසමින් ඔහු ඔවුනට පිළිතුරු දුන්නේය.