





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "අල්ලාහ් ගර්භාෂයට මලක්වරයකු පත් කළේය. ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්රානුවකි. පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි.” යැයි පවසයි. එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට, “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද එසේ නැතහොත් ගැහැණියකු ද? භාග්‍ය වන්තයකු ද එසේ නැතහොත් අභාග්යවන්තයෙකු ද? පෝෂණ සම්පත් කුමක් ද? ආයු කාලය කුමක් ද? එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කරයි: “නියත වශයෙන්ම උත්තරීතර අල්ලාහ් ගර්භාෂයට මලක්වරයෙකු පත් කළේය.” එනම්: අල්ලාහ් ගර්භාෂයේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මලක්වරුන් අතරින් එක් මලක්වරයකු නියම කර ඇත. එය ‘රහ්ම්’ යනු මව් කුස තුළ දරුවන් බිහිවන ස්ථානයයි. පසුව ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්‍රාණුවකි” යැයි පවසයි. එනම්: පරමාධිපතියාණනි, මෙය ‘නුත්ෆා’ ශුක්‍ර බිඳුවකි යන්නයි. ශුක්‍රාණු යනු පිරිමියාගෙන් පිටවන ජල වස්තුවකි. ඉන් පසුව ඒ සමාන තවත් ප්‍රකාශයක් සිදු කළහ. “පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. එනම්: පරමාධිපතියාණනි! මෙය ගර්භාෂයේ එල්ලී ඇති ‘අලකා’ හෙවත් ලේ කැටියකි. ‘අලකා’ යනු: කැටිවුනු ලේ දල්ලකි. පසුව ඔහු: “පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි. එනම් පරමාධිපතියාණනි! මෙය ‘මුළ්ආ’ නොහොත් මස් කැබැල්ලකි. තවත් වාර්තාවක විස්තර කර ඇති පරිදි ඒ සෑම අදියරයකටම කාලය දින හතළිහක් බැගින් වේ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙසේ පැවසීය. “එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට” එනම් මස් කැබැල්ලෙහි නිමාවයි. අවසන් අදියරය එයයි. ‘නිමා කිරීම’ යනුවෙන් අදහස් කරනුයේ එය මවා අවසන් කිරීමය. තවත් වාර්තාවක පැහැදිළි කර ඇති පරිදි දින එකසිය විස්සකට පසුව එහි ප්‍රාණය පිඹිනු ලැබීමෙනි. මලක්වරයා නැවතත් “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද ගැහැණියකු ද” එනම් පරමාධිපතියාණනි, පිරිමියෙක් ද මම ඔහුව සටහන් කර ගන්නම්. එසේ නැතහොත් ගැහැණියක් ද? “භාග්‍ය වන්තයකු ද අභාග්යවන්තයෙකු ද?” එනම් ඔහු අපා ගින්නේ වාසීන් අතරට පත් වන අභාග්‍යවන්තයෙක් ද මම ඔහුව සටහන් කර ගන්නම්. එසේ නැතහොත් ඔහු ස්වර්ගවාසීන් අතරට පත්වන භාග්‍යවන්තයෙක් ද? එලෙස එය ද මම සටහන් කර ගන්නම්. යනුවෙන් පවසයි. “පෝෂණ සම්පත් කුමක් ද?” අඩුවෙන් විය යුතුද වැඩියෙන් විය යුතු ද, එහි ප්‍රමාණය කුමක් ද? “ආයු කාලය කුමක් ද?” ඔහුගේ වයස කුමක් ද? දිගු කල් ජීවත් වන්නක් ද එසේ නැතහොත් අඩු වයසින් මිය යන්නක් ද? යනුවෙන් ද විමසයි. “එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.” එනම් එසේ මව් කුස තුළ වැඩෙන දරුවාගේ තත්ත්වය අල්ලාහ් නියෝග කළ පරිදි සඳහන් දෑ ලියනු ලැබේ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මව්කූෆ් ගණයට අයත් හදීසයකි. “අල් කුර්සී හෙවත් රාජාසනය දෙපා අසළ පවතින්නකි. අර්ෂ් හෙවත් රාජධානිය එහි ප්‍රමාණය නිර්ණය කරන කිසිවකු නැත.”
තවුහීද් පිළිබඳ පාඩමෙහි ඉබ්නු හුසයිමා එය වාර්තා කර ඇත - සුනන් හි අබ්දුල්ලාහ් බින් අහ්මද් එය වාර්තා කර ඇත“අල් කුර්සී හෙවත් රාජාසනය දෙපා අසළ පවතින්නකි.” එනම් අල් කුර්සී හෙවත් රාජාසනය අල්ලාහ් තමන් සමග එකතු කර ගත්තේය. එය ඔහුගේ පාද දෙක අසළ තිබෙන්නකි. ‘කුර්සී’ සම්බන්ධව මෙම අර්ථය සඳහන් කර ඇත්තේ ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසිනි. අහ්ලුස් සුන්නාවරුන් අතර එය ප්‍රචලිත මතයකි. එය සුරක්ෂිතව පවතින්නකි. සැබැවින්ම කුර්සී විෂයයෙහි එය සළකුණක් යනුවෙන් ද වාර්තා වී ඇත. නමුත් එය සුරක්ෂිත අදහසක් නොවන්නකි. හසන් විසින් වාර්තා කරන ලද හදීසයක සැබැවින්ම ‘කුර්සී’ යනු එය අර්ෂ් හෙවත් රාජධානිය වේ. එය දුර්වල මතයක් වන අතර නිවැරදි වන්නේද නැත. තවද මෙහිදී අල්ලාහ්ට පාද දෙකක් ඇතැයි සඳහන්ව ඇත. එහි ව්‍යූහයක් හෝ උපමාවක් හෝ විස්තර කිරීමක් හෝ විකෘති කිරීමක් තොරව ඔහුගේ බලමහිමයට ගැලපෙන අයුරින් පිහිටා ඇති බව ඇති බව ස්ථීර කර ඇත. “මෙම අර්ෂ් හෙවත් රාජධානිය එහි ප්‍රමාණය නිර්ණය කරන කිසිවකු නැත.” එනම්, අල්-අර්ෂ් හෙවත් රාජධානිය එ මත අල්ලාහ් අතිමහත් මැවීමක් ස්ථාපනය කළේය. එහි වර්ග ප්‍රමාණය හා විශාලත්වය උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනියි.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම යුදෙව්වෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමණ: “අහෝ මුහම්මද්! සැබැවින්ම අල්ලාහ් අහස් ඇඟිල්ලක් මත ද මහපොළොවවල් ඇඟිල්ලක් මත ද කඳු ඇගිල්ලක් මත ද ගස් ඇඟිල්ලක් මත ද මැවීම් ඇඟිල්ලක් මත ද රදවා තබමින් පසුව මමයි රජු යැයි ඔහු පවසයි” යනුවෙන් පැවසීය. “එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම හකුදත් මතුවන තරමට සිනහසී පසුව “අල්ලාහ්ව, ඔහුගේ නියම ප්‍රමාණයට ඔවුන් විසින් ප්‍රමාණ කළ නොහැක’ යන පාඨය කියවීය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසියලු අහස් ගෞරවනීය බලපරාක්රමාණන්ගේ අතෙහි ඇඟිලිවලින් එක් ඇඟිල්ලක් මත තබා ඇතැයි පවසමින් මෙම හදීසය අල්ලාහ්ගේ බලය පෙන්වා දෙයි. විශාලත්වයෙන් හා ප්‍රමාණයෙන් මවා ඇති මැවීම් එකිනෙක ගණන් කරමින් ඒ ගැන පවසා ඇත. අහස්, මහපොළොවවල් එහි වෙසෙන්නන් යන සෑම දෙයක් ම අල්ලාහ් ඔහුගේ ඇඟිලි අතරින් එක් ඇඟිල්ලක් මත තබන්නට ද අභිමත කළේ නම් සැබැවින්ම ඒ හැම වර්ගයක් ද උත්තරීතර අල්ලාහ් තම ඇගිල්ලක් මත තබනු ඇතැයි ද හදීසය අවධාරණය කර ඇත. මෙය නබිවරුන්ට අල්ලාහ්ගෙන් දිව්‍ය පණිවිඩ අතරින් දෙනු ලැබූ ඔවුනට උරුම වූ දැනුමෙන් කොටසකි. යුදෙව්වාගේ ප්‍රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහවුරු කළේ එබැවිණි. නමුත් ඒ ගැන ඔහුට පුදුමය දනවමින් ඔහු ගැන සතුටු කෙරෙව්වේය. ඔහුව සහතික කරමින් එතුමාගේ හකු දත් පෙනෙන තරමට සිනහසෙන්නට වූහ. අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් වාර්තා කළ තවත් වාර්තාවක සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් “තවද අල්ලාහ් ව ප්‍රමාණ කළ යුතු නියම අයුරින් ඔවුහු ඔහු ප්‍රමාණ කොට නොසැලකූහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය.” යන පාඨය පාරායනය කරන්නෙකු වූහ. එහි යුදෙව්වා පැවසූ දෑ ස්තීර කරමින් එය තහවුරු කරමින් අල්ලාහ් සතුව අත් දෙකක් ඇති බව සනාථ කර ඇත. සැබැවින්ම අල්ලාහ් සතුව ඇඟිලි ඇති බවත් ඔහුගේ මැවීමට ඒවා සමානව පිහිටි ඇති බවත් විශ්වාස කරමින් විකෘති අදහස් ගොඩ නගන්නන් හා අල්ලාහ් සතුව ඇඟිලි නැතැයි පවසන්නන්ගේ ප්‍රකාශ වෙත නොහැරිය යුතුයි. මෙසේ අදහස් විකෘති කරන්නා කිසිවකුට සමාන කළ නොහැකි මෙම ගුණාංගය අල්ලාහ් සතු බව නොදැන සිටියි. එය සැබැවින්ම අල්ලාහ් සතුව ජීවය, බලය, ශක්තිය, ශ්රව්යශක්තිය, දෘෂ්ටිශක්තිය යනාදිය අපි තහවුරු කරන්නාක් මෙනි. නමුත් එවා ඔහුගේ මැවීම්වලට සමාන වන්නේ නැත. එසේ නම් අල්ලාහ් වනාහි “ඔහු මෙන් සමාන කිසිවක් නැත. ඔහු සර්ව ශ්රාවකය. සර්ව නිරීක්ෂකය.”
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළේය. “නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: "යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්‍රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්‍රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්‍රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි. එසේ මම ඔහුව ප්‍රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්‍රවණයත්, ඔහු දකින ඔහුගේ බැල්මත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් රැකවරණය පතන්නේ නම්, සැබැවින්ම මම ඔහුට රැකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා ඔහුට හානි ඇති වීම ගැන මම පිළිකුල් කරන බැවිණි.”
رواه البخاريනියත වශයෙන්ම සර්ව බලධාරී අල්ලාහ් පවසා ඇති බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය ප්‍රකාශ ඇතුළත් හදීසයක මෙසේ දන්වා සිටියහ. යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, ඔහු සමග කෝප වූයේ නම්, ඔහු සමග ක්‍රෝධය ඇති කර ගත්තේ නම්, මම ඔහුට විරුද්ධ වන බව ප්‍රසිද්ධියේ මා දන්වා සිටිමි. වලී යනු: ශ්රද්ධාවන්ත දේව විශ්වාසියාය. ගැත්තා සතු දේව විශ්වාසයේ හා ශ්‍රද්ධාවේ තරමට අල්ලාහ්ගේ මිතුරුකමේ තම පංගුව පිහිටනු ඇත. මුස්ලිම්වරයා තම පරමාධිපති ඔහුට නියම කළ හා ඔහුට අනිවාර් යය කළ අවනතවීම් සිදු කරමින් හා තහනම් දැයින් වැළකෙමින් ඔහුට වඩාත් ප්‍රියමනාප කටයුතු තුළින් ඔහුට සමීප වෙයි. අල්ලාහ්ගේ ආදරය ලබන තුරු ඔහු අනිවාර්යය කටයුතු සමග අතිරේක ක්‍රියාවන් තුළින්ද ඔහු වෙත සමීප වෙමින්ම සිටියි. එසේ අල්ලාහ් ඔහුව ප්‍රිය කළ විට, පහත සඳහන් අවයව තුළිින් මෙහෙයවන්නෙකු ලෙස ඔහු පෙනී සිටියි. ඔහුගේ ශ්‍රවණය තුළින් ඔහුට උපකාර කරයි. එබැවින් අල්ලාහ් ප්‍රිය කරන දෑ හැර වෙනත් කිසිවකට ඔහු සවන් නොදෙයි. ඔහු දකින ඔහුගේ බැල්ම තුළින් උපකාර කරයි. එබැවින් අල්ලාහ් බලන්නට ප්‍රිය කරන, තෘප්තියට පත්වන දෑ වෙත හැර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නැත. ඔහුගේ අතෙහි ඔහුට උපකාර කරයි. එහෙයින් අල්ලාහ් සතුටු වන දෑ මිස වෙනත් කිසිවක් ඔහුගේ අතින් සිදු නොකරයි. තවද ඔහු ගමන් කරන ඔහුගේ පාදය තුළින් ද උපකාර කරයි. එහෙයින්, අල්ලාහ් සතුටු වන දෑ වෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නැත. යහපත ඇති දෑ වෙත මිස වෙනත් කිසිවක් තුළිින් කැප වන්නේ නැත. ඒ සමගම ඔහු අල්ලහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම අල්ලාහ් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමු වූයේ නම් සැබැවින්ම ශුද්ධ වූ අල්ලාහ් ඔහුට රැකවරණය දෙනු ඇත. ඔහු බියවන දැයින් ඔහුව මුදවාලනු ඇත. පසුව උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් කරුණාවක් ලෙස දේව විශ්වාසියාගේ ආත්මය මා අත්පත් කර ගැනීම ගැන මම පසුබට වෙමි. හේතුව ඔහු මරණයේ දී පීඩා විඳීම ඔහු පිළිකුල් කරන බැවින් හා දේව විශ්වාසියාට අත්වන වේදනාව ගැන අල්ලාහ් පිළිකුල් කරන බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
رواه مسلمජනයා අතර පවතින දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් හා අඥාන යුගයේ සිරිත්විරිත් අතරින් කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ දෙක නම්: පළමුවැන්න: මිනිස් පරම්පරාවන් පිළිබඳ අපහාස කිරීම, ඔවුන් පිළිබඳ අඩුපාඩු පැවසීම හා ඔවුනට එරෙහිව අහංකාරකම් පෑමය. දෙවැන්න: අනතුරක් සිදු වූ අවස්ථාවක පෙර නියමය මත ඇති කෝපයෙන් කෑ ගැසීම හෝ දැඩි පීඩනය හේතුවෙන් ඇඳුම් ඉරා ගැනීමය.
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ‘පිත්තලින් යුත් වළල්ලක් අතේ තිබූ මිනිසෙකු දුටුහ. එය කුමක්දැ?යි විමසූහ. ඔහු අත් අමාරුව නිසාවෙන් පැළැද ඇතැ?යි පැවසීය. එවිට එතුමා “එය ගළවා දමනු. සැබැවින්ම එය ඔබට සැකය මිස වෙනත් කිසිවක් වර්ධනය නොකරයි. එය ඔබ මත තිබියදී ඔබ මිය ගියේ නම්, කිසිවිටෙක ඔබ ජය නොලබනු ඇත.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ෂිර්ක්’ හෙවත් දේවත්වයට ආදේශ තැබීම වෙනුවෙන් අරගල කිරීමේ හා ජනයා ඉන් මුදවා ගැනීමේ අවස්ථා අතරින් එක් අවස්ථාවක් පිළිබඳ ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් අපට මෙසේ මෙනෙහි කර පෙන්වීය. සැබැවින්ම එතුමා පිත්තලවලින් සාදන ලද කුඩා වළල්ලක් පැළඳගත් මිනිසෙකු දුටුහ. පසුව එය පැළඳීමට ඔහුට තුඩුදුන් හේතුව කුමක්දැයි එතුමා ඔහුගෙන් විමසූහ. එයට එම පුද්ගලයා පිළිතුරු දෙමින් වේදනාවෙන් තමන්ව ආරක්ෂා කිරීම සඳහා එය පැළඳ ඇතැයි දැන්වූහ. එය ක්ෂණිකව ගලවා විසිකරන්නැයි නියෝග කළහ. එමෙන්ම සැබැවින්ම එය ඔහුට ප්‍රයෝජනය නොසලසන බවත් එය ඔහුට හිංසා කරනු ඇති බවත් දන්වා සිටියහ. එමෙන්ම සැබැවින්ම එය ඒ හේතුවෙන් පැළඳ ඇති පුද්ගලයාගේ රෝගය වර්ධණය වන බවත් එය ඉතා බරපතල බවත් මරණය දක්වාම එය අඛණ්ඩව තිබුණේ නම් මතුලොවෙහි ජනගහ්රහණය තහනම් කරනු ලබන බවත් දන්වා සිටියේය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි එතුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ තමන්ට දිර්හම් හෝ වස්තුව හෝ නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලාතය, උපවාසය හා සකාත් යන වගකීම් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා, මොහු ගැන අවලාද නගා, මොහුගේ ධනය සූරා කා, මොහුගේ රුධිරය හලා, මොහුට පහර දී පැමිණෙන පුද්ගලයා ය. එවිට ඔහුගේ කුසල් කර්ම ඒ අයට පිරිනමනු ලැබේ. එය ඔහුගේ යහකම් වෙති. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ කුසල් අවසන් වූ විට මොවුන්ගේ වැරදි ගෙන ඔහු වෙත හෙළනු ලැබේ. පසුව ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.”
رواه مسلم“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ දිර්හම් හෝ වස්තුව නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ කෙනෙක් සලාතය, උපවාසය හා සකාත් වැනි යහ ක්‍රියාවන් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා බැන වැද, ඔහුගේ මාන්‍ය කෙළෙසන පරිදි ඔහු ගැන අවලාද නගා, ඔහුගේ ධනය සූරා කා පැහැර ගෙන, ඔහුගේ රුධිරය හළා ඔහුට අපරාධ කර, ඔහුට පහර දී අවමානයට පත් කර තත්ත්වයේ පැමිණෙන පුද්ගලයා ය. එවිට අපරාධ කළ තැනැත්තාගේ යහපත ගෙන අගතියට පත් වූ තැනැත්තාට පිරිනමනු ලැබේ. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ යහපත අවසන් වූ විට අගතියට පත් වූ අයගේ වැරදි ගෙන අපරාධකරුගේ වාර්තාව තුළට ඇතුළත් කරනු ලැබේ. පසුව ඔහුට යහකම් නැති වූ තත්ත්වයේ ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.” "අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔටු හිමියන් පිළිබඳ කුමක්ද?" යනුවෙන් විමසන ලදී. එතුමාණෝ: ඔටුවන් සතු අයකු ඒ සඳහා වූ නියමය ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් -ඌ කිරි දෙන දිනයේ උගේ කිරි දොවා (නිකුත් කිරීම ද) ඌ සතු නියමයක් වන්නේය.- මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශාල සහ සමතලා ස්ථානයක ඔහු විසිකරනු ලැබේ. ඔටුවන්ට බාධාවකින් තොරව පාගා දැමීම සඳහා එය වඩාත් ඉඩකඩ සහිත වනු ඇත. ඔහු සතු වූ සියළු ඔටුවන් ඔහු වෙත පැමිණ උගේ කුරවලින් ඔහුව පාගා දමා උගේ කටින් ඔහුව සපා කයි. උන්ගෙන් ප්‍රථම ඔටුවා ඔහු පසු කර ගිය සෑම අවස්ථාවකම උන්ගෙන් තවත් ඔටුවෙකු ඔහු වෙත නැවත යොමු කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.” "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ගව හා එළු හිමියා ගැන කුමක්ද?" යැයි විමසන ලදී. "ගවයන් හා එළුවන් හිමි පුද්ගලයා ඒවායෙහි නියමයන් ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශාල සහ සමතලා ස්ථානයක ඔහු විසිකරනු ලැබේ. උන්ගෙන් කිසිවක් අඩු නොකරනු ඇත. එහි ඇඹුරුණු අං හෝ අං රහිත උන් හෝ ඇතුළතින් අං කැඩුණු සෑම සතෙකුම උන්ගේ අංවලින් ඔහුට අණින්නට ගනී. උන්ගේ කුර වලින් ඔහුව පාගන්නට ගනී. උන්ගෙන් ප්‍රථම සතා ඔහු පසු කර ගිය සෑම අවස්ථාවකම උන්ගෙන් තවත් සතෙකු ඔහු වෙත නැවත යොමු කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”" යැයි පැවසුහ. "අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම් අශ්ව හිමියා ගැන කුමක්ද?" යැයි විමසන ලදී. එතුමා: අශ්වයින් වර්ග තුනකි: ඌ විටෙක මිනිසාට බරකි. තවත් විටෙක ඌ මිනිසාට ආවරණයකි. තවත් විටෙක ඌ මිනිසාට කුසල් හිමි කර දෙන්නකි. මිනිසාට බරක් වන උන් වනාහි, ඉස්ලාම් වාසීන්ට එරෙහිව මිනිසකු විසින් මුහුණිච්ඡාව, උඩඟුකම සහ අපකීර්තිය උදෙසා බැද දමා තිබෙන සතුන්ය. උන් ඔහුට එය බරකි. ඔහුට ආවරණයක් වන උන් වනාහි, මිනිසකු විසින් අල්ලාහ්ගේ මාර්ගයේ ගමන් කිරීම සඳහා බැඳ දමා ඇති සතුන්ය. පසුව උන්ගේ පිටවල් හා බෙලි මත අල්ලාහ් නියම කළ නියමය ඔහු අමතක නොකළේය. උන් ඔහුට ආවරණයකි. ඔහුට කුසල් හිමි කර දෙන උන් වනාහි, මිනිසෙකු ඉස්ලාම් වැසියන් සඳහා තණ බිමක හෝ සරුසාර වත්තක හෝ ඌන් බැඳ දමා තිබෙයි. එසේ තණ බිමෙන් හෝ සරුසාර වත්තෙන් අනුභව කරන ප්‍රමාණයට ඔහුට යහපත ලියනු ලැබේ. උන්ගේ අසූචි හා රෝම ප්‍රමාණයට යහපත ලියනු ලැබේ. ඌ කඹය කඩා උස් තැනි තලාවක් හෝ තවත් තැනිතලාවන් දෙකකට ගමන් ගත්තේ නම් ද උගේ අඩි සළකුණු හා උගේ බෙටිවල ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය. උගේ හිමිකරු ඌ කැටුවාගෙන ගඟක් අසළින් ගමන් ගත් විට, ඌ ඉන් පානය කළේ නම්, ඌට ජලය සැපයීමට ඔහු අපේක්ෂා නොකළ ද ඌ බොන වතුරේ ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය." යැයි පැවසුහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇතැම් වස්තු සඳහන් කරමින් ඒවාට අදාළ සකාත් නියමය ඉටු නො කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ප්‍රතිඵල පිළිබඳ පැහැදිළි කළහ. පළමුව: රන් රිදී හා එම නීතියට ඇතුළත් වන වස්තු හා ව්‍යාපාරික භාණ්ඩ ය. එහි දී සකාත් නිකුත් කිරීම අනිවාර්යය වී, එය ඉටු කරනු නොලැබුවේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා උණු කරනු ලැබ, කැබලි මෙන් හැඩයට ඒවා නිමවා, අපා ගින්නේ ඒවා රත් කර, එමගින් අදාළ පුද්ගලයාට දඬුවම් දෙනු ලැබේ. පසුව එමගින් ඔහුගේ ඇළපත, ඔහුගේ නළල හා ඔහුගේ පිට මදිනු ලැබේ. එය සිසිල් වූ සෑම විගසම නැවතත් එය උණු කරනු ලැබේ. දඬුවම් විඳින මෙම තත්ත්වයේ වසර පනස් දහසක ප්‍රමාණයෙන් යුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පුරාම අඛණ්ඩව මෙම වද හිංසාව පවතිනු ඇත. අවසානයේ අල්ලාහ් මැවීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග වාසීන් අතරට හෝ අපා වාසීන් අතරට හෝ පත් වනු ඇත. දෙවැන්නා: ඔටුවන් තිබී ඒවාට අදාළ සකාත් හා අයිතිය ඉටු නොකරන ඔටු හිමිකරුය. උගේ කිරි දොවන විට ඒ අසළ සිටින දුප්පතුන්ට ද ඉන් කොටසක් නිකුත් කිරීම ද වගකීමකි. මෙම ඔටුවන් වෙනුවට පුෂ්ටිමත් හා විශාල මෙන්ම උන්ගේ ප්‍රමාණයට වඩා අධික දෑ දෙනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශාළ භූමියකු අදාළ තැනැත්තාව උන් සඳහා ඉදිරිපත් කර කොටු කර තබයි. උන්ගේ පාදවලින් ඔහු පාගා දමයි. උන්ගේ දත්වලින් ඔහුව සපා කයි. උන්ගෙන් අවසානයා ඔහු පසු කර ගිය සෑම අවස්ථාවකම නැවත ඔහු වෙත පළමුවැන්නා යවයි. දඬුවම් විඳින මෙම තත්ත්වයේ වසර පනස් දහසක ප්‍රමාණයෙන් යුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පුරාම අඛණ්ඩව ඔහු සිටිනු ඇත. අවසානයේ අල්ලාහ් මැවීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග වාසීන් අතරට හෝ අපා වාසීන් අතරට හෝ පත් වනු ඇත. තුන්වැන්නා: ගව හා එළු හිමිකරුය. - එහි බැටළුවන් හා එළුවන් ද ඇතුළත් වේ- එම හිමිකරු විසින් උන් සඳහා නිකුත් කළ යුතු අනිවාර්යය සකාතය ඉටු කර නැත. එවිට උන්ගේ ප්‍රමාණයේ කිසිවක් අඩු නොකර උන් වෙනුවට පිරිසක් පිරිනමනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැනිතලා විශාල භූමියක අදාළ පුද්ගලයාව උන් ඉදිරියේ කොටු කර තබයි. උන් අතර අං ඇද වූ සතුන් හෝ අං නැති සතුන් හෝ අං කැඩුණු සතුන් හෝ දැක ගන්නට නොලැබේ. ඒවා සම්පූර්ණ ස්වභාවයෙන්ම පවතිනු ඇත. පසුව උන්ගේ අං වලින් ඔහුට අණිනු ඇත. උන්ගේ පාදවලින් ඔහුව පාගා දමනු ඇත. උන්ගේ අවසාන සත්වයා ඔහු පසු කර ගිය පසුව නැවතත් උන්ගේ ආරම්භක සත්වයාව ඔහු වෙත යොමු කරනු ලැබේ. ඔහු දඬුවම් විඳින මෙම තත්ත්වයේ වසර පනස් දහසක ප්‍රමාණයෙන් යුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පුරාවටම අඛණ්ඩව සිටිනු ඇත. අවසානයේ අල්ලාහ් මැවීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග වාසීන් අතරට හෝ අපා වාසීන් අතරට හෝ පත් වනු ඇත. සිව්වැන්න: අශ්ව හිමිකරුවා, ඔවුන් වර්ග තුනකි. පළමු වැන්න: ඌ විටෙක මිනිසාට පව් හිමි කර දෙන්නෙකි. මුහුණිච්ඡාව, උඩඟුකම පෙන්වීම සඳහා හිමි කර ගත්තේ නම් හෝ මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම සඳහා බැඳ තැබුවේ නම් එවැනි අවස්ථාවක එය පවකි. දෙවැන්න: උන් ඔහුට ආවරණයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා වෙන් කරන ලද සතුන්ය. ඔහු ද උන් සමග නිසි අයුරින් කටයුතු කරයි. උන්ට අවශ්‍ය ආහාර සපයයි. අනෙකුත් වියදම් ද දරයි. උන්ගේ අනෙකුත් අවශ්‍යතා ද ඉටු කර දෙයි. තුන්වැන්නා: ඔහුට කුසල් හිමි කර දෙනවුන්ය. එනම්, අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීම සඳහා වෙන්කරන ලද සතුන්ය. උලාකෑම සඳහා තණ බිමක හෝ සරුසාර වත්තක හෝ ඔහු විසින් ඌන් බැඳ දමා තිබෙයි. එහි උන් අනුභව කරන ප්‍රමාණයට ඔහුට යහපත ලියනු ලැබේ. උන්ගේ අසූචි හා රෝම ප්‍රමාණයට යහපත ලියනු ලැබේ. ඌ සිටින තාක් කල් ඒවා විසන්ධි නොවේ. ඌ කඹය කඩා උස් තැනිතලාවක ගමන් ගත්තේ නම්, උගේ අඩි සළකුණු හා උගේ අසූචිවල ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය. උගේ හිමිකරු ඌ කැටුවාගෙන ගඟක් අසළින් ගමන් ගත් විට, ඌ ඉන් පානය කළේ නම්, ඔහු ඌට ජලය සැපයීමට අපේක්ෂා නො කළ ද ඌ බොන ජලයේ ප්‍රමාණයට අල්ලාහ් ඔහුට කුසල් ලියන්නේමය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් බූරුවා පිළිබඳ අසා ඌ අශ්වයාට සමාන වේදැයි විමසන ලදී. එවිට එතුමාණෝ, අද්විතීය විස්තීරණ වූ මෙම වැකිය මිස වෙනත් විශේෂ කිසිවක් ඌ සම්බන්ධයෙන් පහළ නොවූ බව පවසා සිටියහ. මෙය සියලුම වර්ග සඳහා ඔවුන්ගේ අවනතවීම හා පිටුපෑම යන්නෙහි පොදු නියමයකි. උත්තරීතර අල්ලාහ්ගේ එම ප්‍රකාශය මෙසේය: “එනම් කවරෙකු පරමාණුවක බරක් තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දැක ගනී. කවරෙකු පරමාණුවක බරක් තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දැක ගනී. (සූරා අස්-සල්සාල් 99: 7,8) බූරුවන් හිමිව තිබිය දී ඔහු අවනතව කටයුතු කර තිබුණේ නම්, එහි කුසල් ඔහු දකිනු ඇත. ඔහු පිටුපාමින් කටයුතු කර තිබුණේ නම් එහි විපාකය ද ඔහු දකිනු ඇත. මෙය සියලුම ක්‍රියාවන් සඳහා වූ පොදු කාරණාවකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අදී ඉබ්නු හාතිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත. ඔහු ඔහුගේ දකුණු දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහුගේ වම් දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහු ඉදිරියේ බලයි. ඔහුට මුහුණලා අපා ගින්න හැර වෙනත් කිසිවක් නොදකියි. එබැවින් රට ඉඳි කෑල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න."
متفق عليه"දේවත්වය විශ්වාස කරන සෑම මුඃමින්වරයකුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඉදිරියේ තනි ව සිටගනු ඇත. සැබැවින්ම උත්තරීතරයාණන් වන අල්ලාහ් ඔහු සමග කිසිදු මාධ්‍යයකින් තොරව කිසිදු පරිවර්තකයකුගෙන් තොරව ඍජුව කතා කරනු ඇත. එවිට ඔහු දැඩි බියෙන් දකුණු දෙසට හා වම් දෙසට හැරෙයි. එය තමන් ඉදිරියේ ඇති අපා ගින්නෙන් මිදී ගැලවී යන්නට මගක් සොයන්නාක් මෙන් පවතී" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඔහුගේ දකුණු දෙසට හැරෙන විට ඔහු කලින් සිදු කළ දැහැමි ක්‍රියවන් හැර වෙනත් කිසිවක් එහි ඔහු නොදකී. එමෙන්ම ඔහු වම් දෙසට හැරෙන විට ඔහු කලින් කළ දුෂ්ට ක්‍රියාවන් හැර වෙනත් කිසිවක් ඔහු එහි දකින්නේ නැත. ඔහු ඉදිරියේ බලන විට, අපා ගින්න හැර වෙනත් කිසිවක් ඔහුට දකින්නට ලැබෙන්නේ නැත. ඉන් මිදීමට ඔහුට නොහැකි වනු ඇත. එවිට ඔහු සිරාත් නම් පාලම මත ගමන් කළ යුතු වේ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ. "ඔබ අතර හා අපා ගින්න අතර ඉඳි ගෙඩි කීතුවක් වැනි කුඩා ප්‍රමාණයක් හෝ දන් දීමෙන් හා ධර්මිෂ්ට ක්‍රියා සිදු කිරීමෙන් ආරක්ෂාවක් තබා ගනු."