





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිරිසක් පැමිණියේය. එතුමා නව දෙනෙකුටම ප්‍රතිඥා දුන් අතර එක් අයකුගෙන් වැළකී සිටියේය. එවිට ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! නව දෙනෙකුටම ඔබ දිවුරුම් දී මොහුව අත්හැරියේ ඇයිදැ?යි විමසූහ. එතුමාණෝ "ඔහු මත සුරයක් විය" යැයි පැවසූහ. පසුව ඔහුගේ අත දමා එය කඩා දැමුවේය. පසුව ඔහුට දිවුරුම් දී මෙසේ පැවසූහ: "කවරෙකු සුර එල්ලන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය."
رواه أحمدපිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එම සංඛ්‍යාව දස දෙනෙකු පමණ විය. ඔවුන් අතරින් නව දෙනෙකුගෙන් ඉස්ලාමය හා එය පිළිපැදීම සම්බන්ධව ප්‍රතිඥා ගත් අතර දස වැන්නාගෙන් ප්‍රතිඥා ගත්තේ නැත. ඒ ගැන හේතුව විමසා සිටි කල්හි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. සැබැවින්ම ඔහු මත සුරයක් විය. එය ඇස්වහ සහ උවදුරුවලින් වැළකීම සඳහා පබලු වලින් හා වෙනත් දැයින් අමුණන ලද හා එල්ලන ලද්දක් විය. පසුව එම මිනිසා සුරය ඇති ස්ථානයට අත දමා එය කඩා දමා ඉන් නිදහස් විය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම අවස්ථාවේ ඔහු සමග ප්‍රතිඥාව ගිවිස ගත්හ. තවදුරටත් එතුමාණෝ සුර ගැන අවවාද කරමින් හා එහි නීතිය පැහැදිලි කරමින් මෙසේ පැවසූහ. "කවරෙකු සුර එල්ලන්නේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය."
අල්ලාහ්ගේ දූතයාණන් මට මෙසේ පැවසීය යැයි පවසමින් රුවෙයිෆඃ තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අහෝ රුවෙයිෆඃ! ජීවිතය ඔබට දීර්ගවනු ඇතැයි පෙනේ. තම රැවුල ගෙට ගසා සකසන්නන් හෝ මාල පළදින්නන් හෝ සත්ව අසූචි හා අස්ථිවලින් පිරිසිදු කරගන්නන්හට සැබැවින්ම මුහම්මද් ඉන් නිදහස් අයෙකි යැයි දන්වනු.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙතට විරුද්ධව කටයුතු කරන පිරිසක් මුණ ගැසෙන තුරු සැබැවින්ම එම සහාබිවරයාගේ ජීවිත කාලය ඔහුට දීර්ග වන බව එතුමාණෝ දන්වා සිටියේය. රැවුල සම්බන්ධයෙන් නම් එය පූර්ණ ලෙස වැවීම පිටස්තරයන්ට හෝ සැප පහසුකම් ඇති සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන්නන්හට අනුකූලව එය විකෘති කරමින් එයට සාත්තු කිරීමය. එසේ නැතහොත් දේවත්වයට ආදේශ තබන මාධ්‍යයන් භාවිතා කරමින් ඒකදේව වාදී ප්‍රතිපත්තිය විකෘති කොට මාල පැළඳ එවා ඔවුන්ගේ සතුන්ටත් පළන්දවා එමගින් අනතුරු වළක්වාගන්නට බැලීමය. එසේ නැතහොත් සත්ව අසූචි හා අස්ථි තුළින් පිරිසිදු කිරීම වැනි ඔවුන්ගේ නබිවරයා ඔවුනට තහනම් කළ දෑ සිදු කිරීමය. ඒ අනුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරාට එවන් සමූහයක් දකිනු ඇතැයි ද එවන් කිසිවක් සිදු කරන්නන්ගෙන් නබිවරයා නිදොස් බවද දන්වා උපදෙස් දුන්හ.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය. ජින්නුන් ගිනි ජාලාවෙන් මවනු ලැබීය. ආදම් ඔබට වර්ණනා කරනු ලැබූ දැයින් මවනු ලැබීය.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමැවීම්හි ආරම්භය පිළිබඳ සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙහි දන්වා සිටියහ. සැබැවින්ම මලක්වරු ආලෝකයෙන් මවනු ලැබූවන් බව සිහිපත් කළහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අල්ලාහ්ට පිටු නොපාති. ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නොවෙති. ජින්නුන් වනාහි, නියත වශයෙන්ම ඔවුන් ගින්නෙන් මවනු ලැබූවන් යැයි එතුමා පවසා සිටියහ. එහෙයින් සතුරුකම, ක්‍රෝධය, වෛරය වැනි ගුණාංගවලින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වර්ණනා කරනු ලබති. එමෙන්ම ආදම් තුමාව මවනු ලැබුවේ ඔබට මෙනෙහි කළ දැයින් යැයි සඳහන් වේ. එනම්, මිනිසා මැටියෙන්, පසින්, හඬක් ඇති වියළි මැටියෙන් මවනු ලැබූ බව සිහිපත් කර සිටියි. හේතුව, පස් මැටි බවට පත් වෙයි. පසුව එය හඬක් ගෙන දෙන වියළි මැටි භාණ්ඩයක් බවට පත් වෙයි. එයින් ආදම් අලය්හිස් සලාම් -තුමා මවනු ලැබීය.
අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ප්‍රජාවෙන් හැත්තෑ දහසක් දෙනා කිසිදු විනිශ්චයකින් හෝ කිසිදු දඬුවම් කිරීමකින් හෝ තොරව ස්වර්ගයට ඇතුළත් කරන බවට මාගේ පරමාධිපති මට ප්‍රතිඥා දී ඇත. ඒ සෑම හැත්තෑ දහසක් දෙනා සමග මාගේ පරමාධිපතිගේ අතලොස්ස තුනක් තිබෙනු ඇත.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම උත්තරීතර අල්ලාහ් කිසිදු විනිශ්චයකින් හෝ දඬුවම් කිරීමකින් තොරව මෙම ප්‍රජාවෙන් හැත්තෑ දහසක් දෙනා ස්වර්ගයට ඇතුළත් කරන බවට තමන්ට පොරොන්දු දී ඇතැයි නබි (සල්ලල්ලාලහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා ඇත. ඒ සෑම හැත්තෑ දහසක පිරිස සමග තවත් හැත්තෑ දහසක් දෙනා වෙති. ඔහුගේ ගෞරවනීය අතින් මිටි තුනකින් ඔවුන්ව හසුකරගනු ඇත. පසුව ස්වර්ග උයනට ඇතුළත් කරනු ඇත.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ලේ ඥාතීත්වය සමීපයෙන් බැඳී පවතින්නකි. රහ්මාන් වන මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් ගනු ලැබූවකි. ඒ සමග සම්බන්ධකම් පවත්වන්නා සමග ඔහු සම්බන්ධකම් පවත්වයි. එය කපා හරින්නා සමග සම්බන්ධකම් කපා හරියි.”
අහ්මද් එය වාර්තා කර ඇතලේ ඥාතීත්වය අල්ලාහ් සමග සම්බන්ධ වූවකි. එය ‘රහ්මාන්’ මහා කාරුණික යන නාමයෙන් බිඳී ආ පදයකි. මෙම හදීසය සමස්ත ගුණාංග පිළිබඳ හදීස් අතරින් වූවකි. එය සඳහන්ව පැමිණ ඇති අයුරින්ම ගෙන යා යුතු බව විද්වතුන් පෙන්වා දෙති. ඔහු සතු එම ගුණාංගය නැතැයි පවසන්නන්හට ඔවුහු ප්‍රතිචාර දක්වති. ඒ අනුව ඉණද කිසිදු විකෘති කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්‍රමය පැහැදිලි කිරීමකින් හෝ උපමා කිරීමකින් හෝ තොරව විශ්වාස කළ යුතු අනිවාර්යය ගුණාංග අතරින් එකකි. සැබැවින්ම ඥාතීත්වය යනු බැදී ඇති සමීප සම්බන්ධතාවයි. සැබැවින්ම අල්ලාහ් ඒ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග සම්බන්ධකම් පවත්වනු ඇත. කවරෙකු ඔහුගේ ඥාතීත්වය බිද දැමුවේ ද ඔහුගේ සමීප සම්බන්ධතාව ඔහුට සේන්දු වන්නේ නැත. අල්ලාහ් ද ඔහුව කපා හරිනු ඇත. අල්ලාහ් කවරෙකුගේ සම්බන්ධකම් කපා හැරියේ ද අල්ලාහ්ගේ සතුරා වන පළවා හරින ලද ෂෙයිතාන් සමගම ඔහුවද කපාහරිනු ඇත. සියලුම මැවීම් ඔහු සමග සම්බන්ධකම් ඇති කරන්නට බැලුවත් යම් සෙතක් කරන්නට බැලුවත් එය ඔහුට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් මැවීම් මැව්වේය. එය නිමා කළ කල්හි, ලේ ඥාතීත්වය නැගී සිට මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් අල්ලාහ් ගත්තේය. එවිට ඔහු: “කුමක් සිදුවී ද?”යැයි එයින් විමසීය. එය: “සම්බන්ධකම් බිඳ දැමීමෙන් ඔබෙන් ආරක්ෂාව පතන ස්ථානයයි මෙය” යැයි පැවසීය. ඔහු: “නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?”යැයි විමසීය. එය: එසේය, මාගේ පරමාධිපතියාණනි! එසේ විය යුත්තකි.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තවදුරටත් නුඹලා කැමතිනම් “නුඹලාට පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?” යන පාඨය කියවනු. බුහාරි හි සඳහන් තවත් වාර්තාවක උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. “කවරෙකු ඔබ සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද මම ද ඔහු සමග සම්බන්ධකම් පවත්වමි. කවරෙකු ඔබව කපා හැරියේ ද මම ද ඔහුව කපා හරිමි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත“අල්ලාහ් මැවීම් මැව්වේය. එය නිමා කළ කල්හි” යන ප්‍රකාශය වනාහි, එනම්, සියලු මැවීම් මවා අවසන් කළ කල්හි යන්නයි. ඒ සියල්ල නියමිත වේලාවක සිදු වී ඇති බව මෙය පෙන්වා දෙයි. උත්තරීතර අල්ලාහ් තම ශක්තිය සීමා රහිත වුව ද ඔහුගේ යම් ප්‍රඥාවක් හේතුවෙන් එය නියමිත වේලාවක අවසන් කළේය. ඔහු කිසිදු කරුණක් ගැන සැළකිලිමත් වන කෙනෙකු නොවේ. නමුත් සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ අභිමතය සමග බැඳී ඇති බවත් යමක් කිරීමට ඔහු අපේක්ෂා කළේ නම් එය ඔහු සිදු කරන බවත් මෙය පෙන්වා දෙයි. ‘නිමා කළ කල්හි’ යන ප්‍රකාශයේ අර්ථය සැබැවින්ම උත්තරීතරයාණන් සියලු දෑහී මැවීම් අවසන් කර ඇතැයි යන වග නොවේ. ඔහුගේ මැවීම් එකින් පසු එකක් ලෙස දැක ගත හැකි වේ. නමුත් ඒවා පිළිබඳ දැනුමත් ඒවාට නියමිත නියමයන් හා ඒවා පිළිබඳ ඔහුගේ සටහන් කල් ඇතිව නියම වී පැවතිනි. පසුව ඔහුගේ අභිමතය අනුව එය සිදු වනු ඇත. ඔහුගේ පෙර දැනුම, ඔහුගේ සැළසුම, ඔහුගේ සටහන් කිරීම හා ඔහුගේ අභිමතය යනාදියෙන් තොරව කිසිවක් දැක ගන්නට නොලැබෙනු ඇත. “ලේ ඥාතීත්වය නැගී සිට මහාකාරුණිකයාණන්ගේ ඉණෙන් අල්ලාහ් ගත්තේය. එවිට ඔහු: “කුමක් සිදුවී ද?” යැයි එයින් විමසීය.” මෙම ක්‍රියාවන් ලේ ඥාතිත්වය යන පදය සමග සම්බන්ධ කරනු ලැබ, ක්‍රියාවෙන් හා ප්‍රකාශයෙන් යුක්ත වන්නේය. හදීසය මතුපිටින් පෙනෙන අදහස ඥාතීත්වය මිනිසුන් විසින් ක්‍රියාත්මක කිරීම යන අර්ථයෙන් වුව ද මතුපිටින් පෙනෙන නියම අදහස එයම වෙයි. නමුත් අල්ලාහ්ගේ බලය මිනිස් බුද්ධියට වැටහෙන අයුරින් අනුකූල නොවන්නේය. මෙම හදීසය විද්වතුන් පෙන්වා දෙන පරිදි එය සඳහන් වූ අයුරින්ම ගෙන යා යුතු බවය. එය නැතැයි පවසන්නන්හට ඔවුන් ප්‍රතිචාර දක්වා ඇත. මෙය සමස්තයක් වශයෙන් අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ පැවසෙන හදීසයකි. හදීසයේ මතු පිටින් පෙනෙන පරිදි හමින් හෝ ලෝම වලින් හෝ කපුවලින් සාදන ලද මිනිසා අඳින වේට්ටියක් හෝ සළුවක් වැනි ඇදුම් වර්ගයක් අල්ලාහ් සතුව ඇතැයි යන අදහස දරන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්ව ශ්රාවකය සර්ව නිරීක්ෂකය.” “සම්බන්ධකම් බිඳ දැමීමෙන් ඔබෙන් ආරක්ෂාව පතන ස්ථානයයි මෙය” වේ යන ප්‍රකාශය වනාහි, එය වඩාත් බලවත් ස්ථානයකි. මහත්සේ ආරක්ෂාව පතන්නා ඉමහත් සේ ආරක්ෂාව පතයි. ඥාතී සම්බන්ධකම් පැවැත්වීම වෙනුවෙන් ගරුබුහුමන් කිරීම හා එය බිඳ දැමීමේ බරපතලකම මෙය පෙන්වා දෙයි. බිඳ දැමීම යනු සම්බන්ධකම් බිඳ දැමීමය. සම්බන්ධකම් පැවැත්වීම යනු ඥාතීන් හට උපකාරශීලීව කටයුතු කිරීම, ඔවුනට සෙනෙහස පෑම, ඔවුනට සමීප වීම, ඔවුනට උදව් කිරීම, ඔවුනට අත්වන දුෂ්කරතා ඉවත් කිරීම, මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔවුනට ප්‍රයෝජනවත් වන දෑ හිමිවීම ගැන කැමැත්ත දැක්වීම යනාදියයි. “නුඹ සමග සම්බන්ධකම් පවත්වන්නන් සමග මා සම්බන්ධකම් පැවැත්වීමත් නුඹ සමග සම්බන්ධකම් බිඳ දමන්නන් සමග මා ද සම්බන්ධකම් බිඳ දැමීමත් ගැන නුඹ තෘප්තියට පත් නොවන්නෙහු ද?” එනම් කවරෙකු තම ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්නේ ද අල්ලාහ් ඔහු සමග සම්බන්ධකම් පවත් වනු ඇත. අල්ලාහ් කවරෙකු සමග සම්බන්ධකම් පැවැත්වූයේ ද මෙලොව හා මතුලොව සියලු ආකාරයේ සතුට හා යහපත වෙත සේන්දු කරවනු ඇත. එහි අවසානය ඔහුගේ පරමාධිපති සමග ෆිර්දවුස් නම් ස්වර්ගයේ අසළින් සිටීමය. සැබැවින්ම සම්බන්ධකම් පැවැත්වීම එයින් මිස අවසන් වන්නේ නැත. එවිට ඔහු ඔහුගේ පරමාධිපතිගේ ගෞරවනීය මුහුණ දෙස බලයි. නමුත් කවරෙකු ඔහුගේ සම්බන්ධකම් කපා හැරියේ ද අල්ලාහ් ඔහු සමග වූ සම්බන්ධකම් කපා හරිනු ඇත. අල්ලාහ් කවරෙකුගේ සම්බන්ධකම් කපා හැරියේ ද ඔහු අල්ලාහ්ගේ සතුරා වන නෙරපා හරින ලද ෂෙයිතාන් සමගම කපාහරිනු ලැබූවකු වන්නේය.
අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නිරය මධ්‍යයේ සිරාත් පාලම තබනු ලැබේ. ඒ මත ‘සඃදාන්’ ශාඛ වර්ගයේ කටු මෙන් ඝණ කටුවක් තිබේ. පසුව මිනිසුන් අයැද සිටිති. එහි ආරක්ෂා කරනු ලැබ දිවි ගලවා ගන්නා අය වෙයි. තවද එමගින් සීරීමට ලක්ව පසුව දිවි ගලවා ගන්නා අය ද වේ. එමගින් රඳවා තබනු ලැබ, හිස උඩු යටිකුරු අතට පෙරළනු ලබන අය ද එහි වේ. කීර්තියට පත් සර්වබලධාරී අල්ලාහ් ගැත්තන් අතර තීන්දු ලබා දී අවසන් කළ පසු, තමන් සමග මෙලොවෙහි තම සලාතය මෙන් සලාත් ඉටු කරමින් සිටි, තම සකාතය මෙන් සකාත් පිරිනමමින් සිටි, තම උපවාසය මෙන් උපවාසය රකිමින් සිටි, තම හජ් මෙන් හජ් ඉටු කරමින් සිටි තමන් යුද්ධ කළාක් මෙන් යුද්ධ කරමින් සිටි මිනිසුන්ව දෙවත්වය විශ්වාස කළ ජනයා නොදකිනු ඇත. එවිට ඔවුහු: ‘අපගේ පරමාධපතියාණනි! අපගේ සලාතය මෙන් සලාතය ඉටු කරමින් සිටි, අපගේ සකාතය මෙන් සකාත් නිකුත් කරමින් සිටි, අපගේ උපවාසය මෙන් උපවාසය රකිමින් සිටි, අප යුද්ධ කළාක් මෙන් යුද්ධ කරමින් සිටි ඔබේ ගැත්තන් අතරින් වූ එවන් ගැත්තන්හට කුමක් වීද? ඔවුන්ව අපි නොදකිමු’ යැයි පවසති. එවිට ඔහු: ‘නුඹලා අපා ගින්න වෙත යනු. ඔවුන් අතරින් කවරෙකු එහි නුඹලා දුටුවේ ද ඔවුන්ව එයින් බැහැරට ගනු.’ යැයි පවසයි. පසුව ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව අපා ගින්න ඔවුන් හසුකරමින් තිබෙනු ඔවුන් දකිනු ඇත. ඔවුන් අතරින් තම දෙපා දක්වා ග්‍රහණය කළවුන් වෙති. තවද ඔවුන් අතරින් තම කෙණ්ඩ දෙකෙහි අඩක් දක්වා ග්‍රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම දණහිස් දෙක දක්වා තමන්ව ග්‍රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම පපුදෙක දක්වා ග්‍රහණය කළවුන් ද වෙති. ඔවුන් අතරින් ඉණට පැළැන්දවුන් ද වෙති. ඔවුන් අතරින් තම ගෙල දක්වා ග්‍රහණය කළවුන් ද වෙති. නමුත් ඔවුන්ගේ මුහුණු ආවරණය කරනු නොලැබේ. පසුව එයින් ඔවුන් එළියට රැගෙන ජීවත් කරවන ජලයේ විසි කරනු ලැබේ.’ යැයි පවසයි. ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජීවත් කරවන ජලය යනු කුමක් ද? යැයි විමසනු ලැබීය. එතුමා ස්වර්ගවාසීන් සෝදන ජලයයි. එමගින් කෙතෙහි පැලෑටි මෙන් ඔවුහු හටගනිති.” තවත් වාරයක් මෙසේ කීය. “කොළරොඩු සමග ගලන ජලයේ පැලෑටි හටගන්නාක් මෙන් ඔවුහු එහි වෙති.” පසුව “අවංක ලෙසින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැතැයි සාක්ෂි දැරූ සෑම කෙනෙකු විෂයයෙහිම නබිවරුන් මැදිහත් වී ඔවුන්ව එයින් බැහැර කරති.” යැයි පැවසීය. තවදුරටත් ‘පසුව අල්ලාහ් එහි සිටින්නන් හට තම දයාවෙන් කරුණාව පෙන්වනු ඇත. තම හදවතෙහි අබ ඇටයක තරම් දේව විශ්වාසයක් සහිත ගැත්තෙකු වී නම්, ඔහුව එයින් බැහැර කරනු මිස අත්හැර නොදමනු ඇත.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට උත්තරීතර අල්ලාහ් නිරා ගින්න මධ්‍යයේ සිරාත් පාලම තබනු ඇත. එම සිරාත් පාලම මත මුඩු කටුවක් තිබේ. පසුව ඒ මතින් ගමන් කරන මෙන් ජනයාට නියෝග කරනු ලැබේ. ඔවුන් අතරින් ඉන් මිදී ආරක්ෂාව ලබන්නන් සිටිති. අපා ගින්න ඔවුනට හිමි වන්නේ නැත. ඔවුන් අතරින් සීරීමට ලක්ව පසුව ආරක්ෂාව ලබා මිදෙන්නන් ද සිටිති. එමෙන්ම ඔවුන් අතරින් අපා ගින්නට වැටෙන්නන් ද සිටිති. අල්ලාහ් තම ගැත්තන්ගේ විනිශ්චය නිමා කොට, ස්වර්ග වාසීන් ස්වර්ගයටත් අපා වාසීන් අපා ගින්නටත් ඇතුළු කළ පසුව, ස්වර්ග වාසීන් අතර සිටින දේවත්වය විශ්වාස කරන්නෝ ඔවුන් සමග මෙලොවෙහි සලාත් ඉටු කරමින්, සකාත් නිකුත් කරමින්, උපවාසය රකිමින්, හජ් ඉටු කරමින්, ඔවුන් සමග එක්ව ජිහාද් කරමින් සිටි පිරිස නොදකිති. එවිට ඔවුහු උත්තරීතර අල්ලාහ්ගෙන්: “සැබැවින්ම අප සමග මෙලොවෙහි සලාත් ඉටු කරමින්, සකාත් නිකුත් කරමින්, උපවාසය රකිමින් හජ් ඉටු කරමින් හා ජිහාද්හි නිරත වෙමින් සිටි ජනයා අපි නොදකින්නෙමු’ යැයි පවසති. එවිට අල්ලාහ් නුඹලා අපා ගින්න වෙත යනු. ඔවුන්ගෙන් කිසිවකු හෝ නුඹලා එහි දුටුවේ නම් ඔහුව ඉන් බැහැරට ගනු. යැයි පවසයි. එවිට තම ක්‍රියාවන්ට අනුව අපා ගින්න අත් වූ ඔවුන්ව ඔවුන් දකිනු ඇත. ඔවුන් අතරින් තම දෙපා දක්වා ග්‍රහණය කළවුන් වෙති. තවද ඔවුන් අතරින් තම කෙණ්ඩ දෙකෙහි අඩක් දක්වා ග්රහනය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම දණහිස් දෙක දක්වා ග්‍රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම පපුදෙක දක්වා ග්‍රහණය කළවුන් ද වෙති. ඔවුන් අතරින් ගෙල දක්වා ග්‍රහණය කළවුන් ද වෙති. එනමුත් අපා ගින්න ඔවුන්ගේ මුහුණු වෙත ළඟා නොවෙයි. පසුව ඔවුන් සම්බන්ධයෙන් ඔවුහු මැදිහත් වී අපා ගින්නෙන් බැහැරට ගෙන ජීවත් කරවන ජලයට හෙළනු ලැබේ. එය එහි ගිලෙන්නන් ජීවත් කරවන ජලයයි. ගලා යන ජලයේ පැළෑටි හටගන්නාක් මෙන් ඔවුහු හටගනිති. පසුව එයින් ඔවුන් එළියට රැගෙන ජීවත් කරවන ජලයේ විසි කරනු ලැබේ.’ යැයි පවසයි. ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජීවත් කරවන ජලය යනු කුමක් ද? යැයි විමසනු ලැබීය. එතුමා ස්වර්ගවාසීන් සෝදන ජලයයි. පසුව “අවංක ලෙසින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැතැයි සාක්ෂි දැරූ සෑම කෙනෙකු විෂයයෙහිම නබිවරුන් මැදිහත් වී ඔවුන්ව අපා ගින්නෙන් බැහැර කරති. පසුව අල්ලාහ් අපා ගින්නේ සිටින්නන් හට තම දයාවෙන් කරුණාව පෙන්වනු ඇත. තම හදවතෙහි අබ ඇටයක තරම් දේව විශ්වාසයක් සහිත ගැත්තෙකු වී නම්, ඔහුව එයින් බැහැර කරනු මිස අත්හැර නොදමනු ඇත.”
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඋත්තරීතරයාණන් තම ගෞරවනීය කෙණ්ඩය නිරාවරණය කරයි. දේවත්වය විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. නමුත් ජනයාට ප්‍රදර්ශනය කිරීම සඳහා මෙලොවෙහි සුජූද් කරමින් සිටි කුහකයෝ වනාහි, ඔවුන් එසේ සුජූද් කිරීමෙන් වළක්වනු ලබති. ඔවුන්ගේ පිටවල් එකම තට්ටුවක් බවට පත් කරනු ලැබේ. නැමීමට හෝ සුජූද් කිරීමට හෝ ඔවුනට නොහැකි වේ. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සැබෑ ලෙසින්ම අල්ලාට සුජූද් කරන්නන් නොවූහ. ඔවුන් සුජූද් කරමින් සිටියේ ලෞකකි හේතූන් වෙනුවෙනි. කෙණ්ඩය නම් අවයවය දරුණු හෝ වේදනාසහගත හෝ වෙනත් යම් ආකාරයෙන් අර්ථවත් කිරීම සුදුසු වන්නේ නැත. සැබැවින්ම එය කිසිදු විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව එමෙන්ම කිසිදු විකෘති කිරීමකින් හෝ අඩුවැඩි කිරීමකින් තොරව අල්ලාහ් සතු ගුණාංගයක් (ලක්ෂණයක්) බව තහවුරු කිරීම අනිවාර්යය වේ.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
رواه أبو داودනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට මෙසේ පැවසූහ: أعوذ بالله العظيم අල්ලාහ් හා ඔහුගේ ගුණාංග තුළින් මම ආරක්ෂාව පතමි. රැකවරණය පතමි. وبوجهه الكريم පරිත්‍යාගශීලී ගෞරවණීය ඔහුගේ මුහුණේ නාමයෙන් ද; وسلطانه තවද ඔහු තම මැවීම් මත යොදන ඔහුගේ බලය, ශක්තිය හා ආධිපත්‍යයේ නාමයෙන් ද; القديم සදා පවතින... من الشيطان الرَّجِيم දුරස් කරනු ලැබූ, පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ්ගේ කරුණාවෙන් හා ආශිර්වාදයෙන් ආරක්ෂාව (මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් පතමි) එනම්: අහෝ දෙවිඳුනි! ෂෙයිතාන් මා නොමඟ හැරීමෙන් ද ඔහුගේ කුකුසෙන් ද, ඔහුගේ සිතුවිලිවලින් ද, ඔහුගේ මුළාවෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි. සැබැවින් ඔහු නොමගට හේතුව වන අතරම මුළාවට හා අවිද්‍යාවට ද හේතුව වේ. අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ගෙන් 'මෙය පමණක් දැ?'යි විමසන ලදී. එනම්: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටියේ මෙය පමණක් ද යන්නයි. ඔහු: එසේය යැයි පැවසීය. මස්ජිදයට පිවිසෙන තැනැත්තා මෙම ප්‍රාර්ථනාව පවසා සිටි විටෙක: ෂෙයිතාන්: 'පිවිසුනු මෙම තැනැත්තා මුලු රාත්‍රිය හා දහවල කාලය පුරාවට මගෙන් ආරක්ෂා විය.' යැයි පවසයි.