





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාවක වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව" (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම මෙසේ විමසා සිටියෙමි. මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු ද? අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත හිජ්රත් ගිය පළමු නිවැසියා ඔහු ය. පසු ව ඇත්තෙන්ම මම එය පවසා සිටියෙමි. අල්ලාහ්, ඔහුගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
رواه مسلمවරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ මෙනෙහි කරන ලදී: කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී අල්ලාහ් ඔහුට ප්‍රිය කරන දෑ ඔහු පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) "අල්ලාහුම්ම අඃජුර්නී" මාගේ ඉවසීමට මට ප්‍රතිඵල පිරිනමනු මැනව. "ෆී මුසීබතී" මට අත්ව ඇති විපතට ප්‍රතිකර්මයක් කරනු මැනව "වඅඃක්ලිෆ් ලී" ඒ වෙනුවට මට පසුවට පිරිනමනු මැනව "කයිරන් මින්හා" ඊට වඩා යහපත් දෑ (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම, 'මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු දැ?'යි විමසා සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත විතැන්ව ගිය පළමුවැන්නා ඔහු ය. පසුව සැබැවින්ම අල්ලාහ් මට උපකාර කළේය. පසුව මම එය පවසා සිටියෙමි. අල්ලාහ් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ ඔහුගේ දූතයාණන් ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
ෆජ්ර් සලාතයක දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බිලාල් තුමාට මෙසේ පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරයි: "අහෝ බිලාල්! බලාපොරොත්තු සහගතව ඔබ ඉස්ලාමයේ කවර ක්‍රියාවක් කර තිබේ ද? සැබැවින්ම ස්වර් ගයේ මා ඉදිරියෙන් ඔබ තබන ඔබේ පාවහන් දෙකෙහි හඬ මට ඇසුණි" යැයි පැවසුහ. බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා: 'බලාපොරොත්තු සහගතව සිදු කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නොවීය. නමුත් සැබැවින්ම මම රාත්‍රියේ හෝ දහවලේ හෝරාවක පිරිසිදු කරගත්තේ නම්, එම පිරිසිදුභාවයෙන්ම මට ඉටු කිරීමට නියම කළ සලාතය ඉටු කළෙමි' යැයි පැවසීය."
متفق عليهතමන් ස්වර්ගයේ ඉන්නා දසුනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිහිනෙන් දුටුහ. එවිට එතුමාණන් බිලාල් ඉබ්නු රබාහ්ට: "ඉස්ලාමය තුළ බලාපොරොත්තුවෙන් යුතුව ඔබ කළ අතිරේක ක්‍රියාව කුමක්දැයි මට දන්වන්න. ස්වර්ගයේ දී ඔබ මා ඉදිරියෙන් ගමන් කරන විට ඔබේ පාවහන් යුගල සෙලවන විට එහි හඬට මම සවන් දුන්නෙමි" යැයි පවසා සිටියහ. බිලාල් තුමා මෙසේ පැවසීය: බලාපොරොත්තු සහගතව මා කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නැත. රාත්‍රියේ හෝ දහවලේ හෝ වේවා වුළූ ගත් තත්ත්වයෙන් මිස එක් හෝරාවක් හෝ මම කිලිටි තත්ත්වයේ හිඳ නැත. පසුව එම වුළූ තත්ත්වයෙන්ම මා වෙත නියම කරන ලද පොදු අතිරේක සලාතයන් මම මාගේ පරමාධිපතිට ඉටු කළෙමි.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඔබට මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිබඳ කතා කරන්නේ නම්, එතුමාණන් කෙරෙහි අසත්‍ය ප්‍රකාශ කිරීමට වඩා අහසින් ඇද වැටීම මට ප්‍රිය මනාප වන්නේය. මා අතර හා ඔබ අතර මා කතා කරන විට, සැබැවින්ම යුද්ධය යනු උපාය මාර්ගයකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම මෙසේ සවන් දී ඇත්තෙමි." "අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන්ගේ දේවවිශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත. ඔබ ඔවුන් කොතැනක දුටුවත් ඔවුනට මරණ දඬුවම පිරිනමන්න. සැබැවින්ම ඔවුනට මරණ දඬුවම පිරිනැමීම වනාහි, මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තාට ප්‍රතිඵල ඇත."
متفق عليهදේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ නායකයකු වූ අලී ඉබ්නු අබී තාලිබ් තුමා විසින් මෙසේ දන්වන ලදී. "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන යමක් පවසා සිටින අවස්ථාවේ නුඹලා එයට සවන් දෙන විට, සැබැවින්ම මම යමක් සඟවා හෝ යමක් නිරූපණය කර හෝ යමක් වසන් කර හෝ එතුමාණන් ගැන පවසන්නේ නැත. සැබැවින්ම මම පැහැදිලිව පවසා සිටිමි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි බොරුවක් පවසමින් එතුමාණන් ගැන කතා කිරීමට වඩා මම අහසින් ඇද වැටීම මට පහසු හා සැහැල්ලු කටයුත්තකි. මා අතර හා මිනිසුන් අතර යමක් මම කතා කරන්නේ නම්, සැබැවින්ම යුද්ධය යනු උපාය මාර්ගයකි. සැබැවින්ම මම යමක් සඟවා හෝ යමක් නිරූපණය කර හෝ යමක් වසන් කර හෝ පවසන්නේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම මෙසේ සවන් දී ඇත්තෙමි." "අවසන් කාලය වන විට බුද්ධි හීන, වයසින් අඩු තරුණ පිරිසක් පැමිණෙනු ඇත. ඔවුහු අල්-කුර්ආනයෙන් කරුණු ඉදිපත් කරති. අධික ලෙස එය කියවති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වෙති. එහි සීමාවන් උල්ලංඝනය කරති. ඔවුන්ගේ විශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත. ඔබ ඔවුන් කොතැනක දුටුවත් ඔවුනට මරණ දඬුවම පිරිනමන්න. සැබැවින්ම ඔවුනට මරණ දඬුවම පිරිනැමීම වනාහි, මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තාට ප්‍රතිඵල ඇත."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි. එසේ ඔබ වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වනුයේ: ඔබ ඔහුට නැමදීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම හා ඔබ වෙන්ව නොයා සියලු දෙනා අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමය. ඔබ වෙනුවෙන් ඔහු පිළිකුල් කරනුයේ 'ඕපාදූප කීම, අධික ලෙස ප්‍රශ්න කිරිම හා ධනය නාස්ති කිරීම ය."
رواه مسلمසැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් කරුණු තුනක් සම්බන්ධව ප්‍රිය කරන බවත් ඔවුන්ගෙන් සිදුවන තවත් කරුණු තුනක් සම්බන්ධව පිළිකුල් කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. ඒ අනුව ඔවුන්ගෙන් ඔහු ප්‍රිය කරනුයේ: ඔහු ඒකීයත්වයට පත් කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම, අල්ලාහ්ගේ ගිවිසුම, කුර්ආනය හා ඔහුගේ නබිවරයාගේ සුන්නාව සියලු දෙනා තදින් පිළිපැද මුස්ලිම් සමාජයෙන් වෙන්ව නො යෑම. ඔවුනට පිළිකුල් කරනුයේ: 'පුහු ප්රකාශයන්හි නිරත වීම, තමන්ට ප්‍රයෝනජවත් නොවන දෑ සම්බන්ධව වාචාල ලෙස කතා කිරීම, සිදු නොවූ දෙයක් පිළිබඳ විමසා සිටීම හෝ මිනිසුන්ගේ ධනය, ඔවුන් සන්තකයේ ඇති වස්තුව තමට අවශ්‍යතාවක් නැති දෑ යනාදිය ඉල්ලා සිටීම, ධනය නාස්ති කිරීම එය ආගම නොපෙන්වූ ආකාරයෙන් වියදම් කිරීම, විනාශ කිරීම සඳහා ඒවා නිරාවරණය කිරීම.' යනාදියයි.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මරණයට පත් වූ පසුව අබූ බක්ර් තුමා උමර් තුමා දෙස බලා: “අපි උම්මි අය්මන් -රළියල්ලාහු අන්හා- තුමිය වෙත ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇයව මුණ ගැසුණාක් මෙන් අපද මුණ ගැසෙමු.“ යැයි පැවසූහ. අනතුරුව ඔවුන් දෙදෙනා එතුමිය වෙත ගිය කල්හි, එතුමිය අඬන්නට විය. එවිට ඔවුන් දෙදෙනා එතුමියගෙන්: “ඔබ අඬන්නට සැළැස්වූයේ කළේ කුමක්ද? අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ඇති යහපත ගැන ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියෝය. එවිට ඇය: අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ කුඩා හෝ විශාල දෙයක් වුවද ඒවා අනුගමනය කිරීමෙහි ලා මිනිසුන් අතුර වඩාත් ආශාවක් දැක්වූවෝ වූහ. එතුමාගේ ජීවිතයේ එතුමා ඇවිද ගිය ආකාරය එතුමා වාඩිවූ ආකාරය එතුමා පය තැබූ ආකාරය වැනි එතුමා සිදු කළ බවට ඔවුන් දැනගත් සියල්ල අනුගමනය කරන තරමටම විය. මෙම හදීසය ඒ ගැන තරයේ ප්‍රකාශ කර සිටියි. අබූ බක්ර් හා උමර් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුණ ගැසුණ කාන්තාව මුණ ගැසෙන්නට ගිය කතා වස්තුව ප්‍රකාශ කරයි. ඔවුන් දෙදෙනා ඇයව හමුවූයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය මුණ ගැසුණු හේතුව මුල් කර ගනිමිනි. දෙදෙනාම ඇය අබියස සිටි විට ඇය අඬන්නට වූවාය. එවිට ඔවුන් දෙදෙනා: ඔබ මෙසේ අඬන්නට පත් කළේ කුමක්ද? අල්ලාහ් අබියස ඔහුගේ දූතයාණන්ට ඇති යහපත ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියහ. එවිට ඇය: සැබැවින්ම මම ඒ හේතුවෙන් නොඅඬමි. නමුත් මම අඬන්නේ වහී (දේව පණිවිඩ) නතර වූ හේතුවෙනි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මිය ගිය කල්හි වහී නතර විය. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් පසුව වහී නැත. එතුමා මරණයට පත්වන්නට පෙර අල්ලාහ් එමගින් ඔහුගේ ආගම සම්පූර්ණ කළේය. අල්ලාහ් මෙසේ පවසා සිටියි. “අද දින මම නුඹලාට නුඹලාගේ දහම සම්පූර්ණ කළෙමි. තවද මාගේ ආශිර්වාදයන් මම නුඹලාට පූර්ණව දායාද කළෙමි. තවද දහමක් ලෙසින් මම නුඹලාට ඉස්ලාමය පිළිගත්තෙමි.“ (මාඉදා:3) එය, දෙදෙනා අඬන්නට පත් කළේය. හේතුව ඔවුන් දෙදෙනාට අමතක වී තිබූ දෙයක් ඇය ඔවුන් දෙදෙනාට මතක් කර සිටි බැවිනි.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජිබ්රීල් තුමා දෙස බලා “ඔබ අප හමුවන බොහෝ කාලයක් ඔබ අප හමුවීමෙන් ඔබව වැළැක්වූයේ කුමක්ද?යැයි පැවසූහ. එවිට සූරා මර්යම් :64 වැනි පාඨය පහළ විය. එනම්: “නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑද අප පසුපසින් ඇති දෑද ඒ අතර ඇති දෑද ඔහු සතුය.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජිබ්රීල් -අලය්හිස් සලාම්- තුමා වෙත කළ පැමිණිල්ල මෙම හදීසය කතා කරයි. හේතුව ජිබ්රීල් අලය්හිස් සලාම් තුමා දින හතළිහක් ප්‍රමාද වී නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වෙත පැමිණියේය. එවිට නබි තුමා එතුමා දෙස බලා: අහෝ ජිබ්රීල් “ඔබ අප හමුවීමෙන් ඔබව වැළැක්වූයේ කුමක්ද?“ යැයි විමසා සිටියහ. එනම්, ඔබ වෙත මා පැමිණිලි කරන තෙක්ම ඔබ පහළ නොවූයේ මන්ද යන්නයි. එවිට අල්ලාහ් ජිබ්රීල් තුමා වෙත “නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු“ යනුවෙන් එතුමාණන්ට දන්වා සිටින මෙන් දේව පණිවිඩය එව්වේය. එනම්, අල්ලාහ් මෙසේ පැවසීය: “අහෝ ජිබ්රීල් අල්ලාහ් තීන්දු කළ පරිදි ඔහුගේ අනුමැතියෙන් මිස අපි දිගු කාලයක් පහළ නොවූයෙමු. ඔහු සුවිශුද්ධය.“අප අතර ඇති දෑ ඔහු සතුය“ එනම් අප ඉදිරියේ ඇති මතුලොවෙහි කටයුතු ඔහු සතුය යන්නයි. “අප පසුපසින් ඇති දෑ) එනම් මෙලොව කටයුතු වේ. පාඨය සම්පූර් කරමින් ඒ දෙක අතර ඇති දෑ යැයි සඳහන්ව ඇත. එනම් මෙම වේලාවේ සිට අවසන් හෝරාව ඇතිවන තෙක් පවතින දෑ යන්නයි. එනම් ඒ සියල්ල පිළිබඳ දැනුම ඔහු සතුය යන්නයි. ඔබේ පරමාධිපති ඔබව අමතක කළ අයකු නොවේ. එනම් ඔබෙන් වහී ප්‍රමාද කිරීමෙන් ඔබව අත් හැරූ අයකු නොවේ. යන්නයි. සැබැවින්ම මෙම හදීසය යහපත් අය සමග මිතුදම් පෑම මිනිසාට අවශ්‍ය බවත් ඔවුන්ව මුණ ගැසිය යුතු බවත් ඔවුහු යහපත ඇති දෑහි ඔහුව හමුවිය යුතු බවත් දන්වා සිටියි.
සෙයිද් ඉබ්නු අර්කම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග ගමනක පිටත්ව ගියෙමු. එහි දී ජනයාට දැඩි පීඩාවක් ඇති විය. එවිට අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් හට ඔවුන් වෙන්ව යන තෙක් ඔබලා වියදම් නොකරනු. තවද මෙසේ පැවසීය. අපි මදීනාවට නැවත හැරී ගියේ නම් එහි සිටින වැදගත් ජනයා පහත් ජනයා පිටුවහල් කරනු ඇත යැයි පැවසීය. එවිට මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ ඒ පිළිබඳ එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි වෙත දූතයකු යැවීය. ඔහු සිදු කළ දෑ සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස දිවුරා සිටියේය. එවිට ඔවුහු, සෙයිද්, අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට බොරු පැවසීය යැයි පවසා සිටියහ. මා සත්‍යය කරවමින් අල්ලාහ් "ඉදා ජාඅකල් මුනාෆිකූන්" යන පාඨ පහළ කරන තෙක්ම ඔවුන් පැවසූ දෑ මාගේ සිතෙහි දැඩිව කා වැදී තිබිණ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔවුනට සමාව දෙනු පිණිස ඔවුන්ව කැඳවූහ. නමුත් ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගත්තෝය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසෙය්ද් ඉබ්නු අර්කම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග ගමනක නිරතව සිටියහ. එතුමා සමග දේව විශ්වාසවන්තයින් හා කුහකයින් ද සිටියෝය. එවිට ජනයාට පීඩාකාරී තත්ත්වයක් ඇති විය. එය ඔවුන් ගෙන ගිය කළමනා සම්වබන්ධව හිඟයක් ඇති වූ බැවිනි. එවිට දේව ප්රතික්ෂේපයේ හා කුහකත්වයේ නායකයකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙය් ඉබ්නු සලූල්, "අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් ඔවුන් වෙන්ව යන තෙක් ඔවුනට ඔබලා වියදම් නොකරනු" (මුනාෆිකූන්: 7) යැයි පවසා සිටියේය. එනම්, ඔවුන් සාගින්නෙන් පෙළී වෙන්ව ගොස් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව අතහැර දමන තෙක් කිසිදු වියදමක් ඔවුන් වෙනුවෙන් නොකරනු යන්නයි. තවදුරටත් ඔහු: "අපි මදීනාවට පැමිණියේ නම් වැදගත් උදවිය පහත් උදවිය පිටුවහල් කරනු ඇත" යැයිද පවසා සිටියේය. (මුනාෆිකූන්: 8) මෙහි වැදගත් උදවිය ලෙස සලකනු ලැබුවේ තමන් හා තමන්ගේ පිරිසයි. පහත් අය ලෙස සලකනු ලැබුවේ අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාය. මෙය සෙයිද් ඉබ්නු අල්අර්කම් -රළියල්ලාහු අන්හු- තුමාගේ කණට වැකුණි. පසුව එතුමා අබ්දුල්ලාහ් ඉබ්නු අබී ඉබ්නු සලූල් තුමා මේ මේ අයුරින් පවසා සිටි බව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ එතුමාට දන්වා සිටියේය. පසුව ඔහු (කුහකයින්ගේ නායකයා) එසේ නොපැවසූ බවට දිවුරා සිටියේය. එය කුහකයින්ගේ සිරිතක් විය. ඔවුන් දැන දැනම බොරුව මත දිවුරා සිටිති. ඒ අනුව තමන් නොපැවසූ බවට ඔහු දිවුරා සිටියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාද මතුපිටින් එය පිළිගත්තද එහි ඇතුළාන්තය අල්ලාහ් වෙත අතහැරියේය. එය සෙයද් ඉබ්නු අල් අර්කම් තුමාට දැන ගන්නට ලැබුණු විට එය එතුමාට බැරෑරුම් කරුණක් විය. හේතුව එම පුද්ගලයා අල්ලාහ්ගේ දූතයාණන් අබියස දිවුරා සිටිමින් ඔහුගේ දිවුරුමෙහි ඔහු තරයේම සිටි බැවින් ඔවුහු සෙයිද් ඉබ්නු අල් අර්කම් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට බොරු පවසා ඇතැයි පැවසූ බැවිනි. එනම් සෙය්ද් තුමා නබි තුමාණන් වෙත ගෙන ආ පණිවිඩය මුසාවක් යැයි පැවසූහ. අල්ලාහ් "ඉදා ජාඅකල් මුනාෆිකූන්" යන පාඨය ප්‍රකාශ කරමින් නිර්දෝෂීබව තහවුරු කරමින් එය පැහැදිලි කරන තෙක් සෙයිද් ඉබ්නු අල් අර්කම් තුමාට එය මහත් කරුණක් විය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහු කළ නොමනා කතාව හේතුවෙන් ඔවුනට සමාව පිරිනමනු පිණිස කුහකයින් හා ඔවුන්ගේ නායක අබ්දුල්ලාහ් ඉබ්නු උබය්ව කැදවා සිටියහ. නමුත් ඔවුන් තුළ තිබූ අහංකාරය හා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තමන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටීම තමන්ට අවමානයක් යැයි සිතූ බැවින් එයින් ඔවුන් වැළකී සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. “මේ මේ පුද්ගලයින් දෙදෙනා අපගේ දහම පිළිබඳ කිසිවක් දන්නේ යැයි මම නොසිතමි.“ මෙම හදීසය වාර්තා කළ වාර්තාකරුවන් අතුරින් අල්ලෙය්ස් ඉබ්නු සඃද් නම් වාර්තාකරු මෙම මිනිසුන් දෙදෙනා කුහකයින් අතර සිටි දෙදෙනෙකු වූහ යැයි පවසා සිටියේය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මිනිසුන් දෙදෙනෙකු ගැන පෙන්වා දෙමින් ඔවුන් දෙදෙනා ඉස්ලාමය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඔවුන් දෙදෙනා ඉස්ලාමය මතුපිටින් පෙන්වා අභ්‍යන්තරයේ ප්රතික්ෂේපය සඟවා සිටින බවත් අවධාරණය කරමින් තමන්ට දන්වා සිටි බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය දන්වා සිටියි. මෙසේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මේ මිනිසුන් දෙදෙනා පිළිබඳ සඳහන් කළේ ඔවුන් දෙදෙනා නොමැති තැනකදීය. එය තහනම් කරන ලද කේළමක් නොවන්නේය. එය දන්වා සිටිය යුතු කරුණකි. හේතුව ඔවුන් දෙදෙනාගේ මතු පිට ස්වරූපය නොදන්නා උදවිය ඔවුන් දෙදෙනා ගැන දැන, ප්‍රවේශම් විය යුතු බැවිනි. මම නොසිතමි යන ප්‍රකාශ වනාහි මෙහි සිතීම යනු ස්ථීර ලෙස පැවසූවක් වේ. හේතුව අල්ලාහ් සූරත් බරාඅත්හි කුහකයින් පිළිබඳ දන්වා සිටියේය. එහෙයින් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔවුන් ගැන සැබෑ ලෙසින් දැන සිටියේය. අපද බියවන තරමට මොවුන් ගැන යැයි අල් කුර්ආන් වැකි පහළවෙමින්ම පැවතිනි. යැයි ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා දන්වයි.
නාෆිඃ තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම උමර් ඉබ්නු අල් කත්තාබ් තුමා ප්රාරම්භක මුහාජිර්වරුන් හට හාරදහසක් නියම කළ අතර තම පුතණුවන්ට තුන්දහස් පන්සියයක් නියම කරන්නෙකු වූහ. එවිට ඔහු මුහාජිර්වරුන් අතුරින් කෙනෙකි. නමුත් ඔබ ඔහුට අඩු කළේ ඇයිදැ?යි විමසන ලදී. එවිට එතුමා සැබැවින්ම ඔහු හිජ්රත් කළේ තම පියා සමගය යැයි පැවසූහ. තවදුරටත් ඔහු තනිව හිජ්රත් කළ අයකු මෙන් නොවේ යැයි පැවසීය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඋමර් තුමා මුහාජිර්වරුන්ට 4000ක් පිරිනැමූහ. නමුත් මුහාජිර්වරුන් අතර සිට තම පුතණුවන්ට 3500ක් පිරිනැමූහ. හේතුව ඔහු වැඩිවියට පත් නොවූ කාලයේ එතුමා සමඟ ඔහු හිජ්රත් කළ බැවිනි.ඔහු වැඩිවියට පත් වූ අය සමග එකතු කිරීමට එතුමා අදහස් නොකළහ. එබැවින් තමන් විසින්ම හිජ්ර්ත් කළ අයට පිරිනමන දෑට වඩා අඩුවෙන් ඔහුට පිරිනැමීය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් පසුව උමර්-රළියල්ලාහු අන්හු- තුමා මෙන් පොදු ජනයාට අයත් සම්පත් විෂයයෙහි යුක්තිගරුකව තීන්දු දෙන, හික්මීමක් ඇති තැන්පත් බවින් යුත් කිසිවකු හඳුනාගත නොහැකි තරම්ය. මෙලෙස මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් සිදු කරන කටයුතු වල කිසිවක් හෝ කිසිවකු විසින් භාරගෙන ඇත්නම් තමන්ගේ සමීපතයින්ට හෝ තම ධනය හේතුවෙන් ධනවතුන්ට හෝ තම දිළිඳුභාවය හේතුවෙන් දිළින්දුන්ට හෝ ප්රමුඛත්වයක් දිය යුතු නොවේ. සෑම කෙනෙකුගේම තත්ත්වය අනුව ඔහුද පහළට බැසිය යුතුයි. එය තැන්පත්භාවය හා යුක්තිය ඉටුකිරීමේ ලක්ෂණයකි.