





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ෆළාලා ඉබ්නු උබෙයිද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජනයාට සලාතය මෙහෙයවන විට දැඩි කුසගින්න හේතුවෙන් සලාතයේ කියාම් ඉරියව්වෙහි ඇතැම් මිනිසුන් බිම ඇඳ වැටුණේය. -ඔවුහු පිළේ වැසියෝ වූහ. - මොවුහු කුසගින්නෙන් පෙළෙන්නෝ වෙති යැයි අරාබිවරු පවසන තරමට විය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සලාතය ඉටු කළ පසුව ඔවුන් වෙත හැරී, “උත්තරීතර අල්ලාහ් අබියස ඇති දෑ ඔබ දන්නෙහු නම් දිළිඳුකම හා අවශ්‍යතා වැඩිවීම ගැන ඔබ ප්‍රිය කරනු ඇත.“ වැවි පැවසුහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතසලාතයේ කියාම් ඉරියව්වේ සිටියදී කුසගින්න හා දුර්වලකම හේතුවෙන් ඇතැම් මිනිසුන් බිම ඇද වැටුණු බව මෙම හදීසයේ සඳහන් වේ. ඔවුහු පිළේ වැසියන්ය. එමෙන්ම සහබාවරුන් අතුරින් දුප්පත්, දිළිඳු, අහිංසක පිරිසක් වූහ. ඔවුහු හැත්තෑවක් පමණ දෙනක් වූහ. ඇතැම් විට ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර තවත් විටෙක ඔවුන්ගේ සංඛ්‍යාව අඩු විය. ඔවුහු මස්ජිදයේ පිළේ වාසය කළහ. ඔවුනට නියමිත වාසස්ථානයක් හෝ ධනය හෝ දරුවන් හෝ නොවීය. නියත වශයෙනන්ම ඔවුන් කුසගින්නෙන් සිටින්නන් බව ගැමි අරාබි ජනයා සිතන තරමට විය. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා උත්තරීතර අල්ලාහ් අබියස යහපත් දැයින් ඔබට ඇති දෑ ඔබ දන්නෙහු නම් ඔබගේ දිළිඳුකම හා ඔබගේ අවශ්‍යතා වැඩිවීම ගැන ඔබ ප්‍රිය කරනු ඇත යැයි පවසා සිටියහ.
අබූ සල්මාන් කාලිද් ඉබ්නු අල් වලීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඅත්තා යුද දිනයේ මාගේ අතෙහි අසිපත් නවයක් සැබැවින්ම කැඩී ගියේය. යමන් දේශයේ කඩුවක් හැර වෙන කිසිවක් මාගේ අතෙහි ඉතිරි වූයේ නැත.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතකාලිද් ඉබ්නු වලීද් -රළියල්ලාහු අන්හු- තුමා අල්ලාහ්ගේ අසිපතය, ඉස්ලාමයේ අශ්වාරෝහකය, නරඹන්නන්ගේ සිංහයාය, දිවි පරදුවට තබන්නන්ගේ ප්රධානියාය. එතුමා අඥාන යුගයේ කුරෙය්ෂි ප්‍රධානීන් අතුරින් කෙනෙකු වූහ. මක්කා ජයග්‍රහණයට පෙර ඉස්ලාමය වැළද ගත්හ. උහද් යුද්ධයේදී දේව ආදේශක කුරෙය්ෂි සේනාවේ කෙනෙකු වූහ. පසුව ඉස්ලාමය වැළද ගත්හ. අල්ලාහ්ගේ පූර්ණ ශක්තිය විදහා පාන සාධකයක් මෙහි ඇත. සියලු කරුණුවල ස්ථාවරත්වය ඔහු සතු වන්නේය. ඔහු අභිමත කරන අය නොමග හරින අතර ඔහු අභිමත කරන අයට මග පෙන්වා දෙනු ඇත. මුඅත්තා යුද සමයෙහි තම අතෙහි කඩු කැඩී තිබුණු බව එතුමා දන්වා සිටියි. මෙය එතුමාගේ වීරත්වය පෙන්වා දෙන්නකි.
අබ්දුල්ලාහ් ඉබ්නු ජඃෆර් -රළියල්ලාහු අන්හුමා- විසින් දන්වා සිටියි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජඃෆර් -රළියල්ලාහු අන්හු- තුමාගේ පවුලට දින තුනක් කල් දුන්හ. පසුව ඔවුන් වෙත පැමිණ මෙසේ පවසා සිටියහ. "අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු." යැයි පවසා පසුව තවදුරටත් "ඔබලා මාගේ සහෝදරයාගේ දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න" යැයි ප්‍රකාශ කළහ. පසුව එතුමා අපව කැඳවූහ. අපි කුරුළු පැටව් මෙන් සිටියෙමු. එවිට එතුමා "මා වෙත කරණවෑමියකු ගෙන එනු යැයි පවසා සිටියහ. පසුව එතුමා ඔහුට (හිසකෙස් බාන මෙන්) අණ කළහ. ඔහු අපගේ හිස බෑවේය.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජඃෆර්ගේ පවුලේ උදවියට දින තුනක් කල් දී පසුව ඔවුන් වෙත පැමිණියහ. මුවත්තා යුද්ධයේදී ජඃෆර් ඉබ්නු අබී තාලිබ් දිවිපිදූ අවස්ථාවේ යුද්ධය අවසන් වී දින තුනක් ගත වන තුරු නබි තුමාණෝ ඔහුගේ පවුල වෙත නොගියහ. එසේ දින තුනක් ප්‍රමාද වී පැමිණෙන්නට හේතුව ඔවුන්ගේ සිත් සන්සුන් වී සිත්තුළ ඇති දුක හා තැවුල තුනී වන්නට ඉඩ හරිමිනි. පසුව එත්මා ඔවුනට "අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු." යැයි පවසා සිටියහ. එනම්: දින තුනකට පසුව ඇඬීමෙන් ඔවුන් වැළැක්වූහ. එය විපතක මුල් අවස්ථාව හා ශෝකයේ කාලය දිගු නොවිය යුතු බැවිනි. මෙහි සඳහන් වී ඇති තහනම වනුයේ දින තුනින් පසු ඇඬීම නුසුදු ක්‍රියාවක් සමඟ මුසු වී ඇත්නම් ඒ සඳහා වූ අවවාදයක් ලෙසිනි. පසුව එතුමා: "ඔබලා මාගේ සහෝදරයාගේ දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න" යැයි ප්‍රකාශ කළහ. ඔවුහු මුහම්මද්, අබ්දුල්ලාහ් හා අව්ෆ් වූහ. “පසුව එතුමා අපව කැඳවූහ. අපි කුරුළු පැටව් මෙන් සිටියෙමු. ඔවුන්ගේ පියාගේ විපත ගැන දුකින් ඔවුන් එසේ පෙනෙන්නට විය. එතුමා "තමන් වෙත කරණවෑමියකු ගෙන එනු යැයි පවසා සිටියහ. පසුව එතුමා ඔහුට (හිසකෙස් කපන මෙන්) අණ කළහ. ඔහු අපගේ හිසකෙස් බෑවේය.“ එනම්: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔවුන්ගේ හිස් බාන මෙන අණ කළහ. එසේ හිස කෙස් බාන්නට හේතුවූයේ ඔවුන්ගේ මව අස්මා බින්ත් උමෙය්ස් -රළියල්ලාහු අන්හා- තුමිය තම සැමියා අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව සිටියදී ඔහුට අත් වූ විපත ගැන කණස්සල්ලෙන් සිටි නිසා තම දරුවන්ගේ හිසකෙස් පීරන්නට නොහැකි වූ බැවින් ඔවුන්ගේ හිස් රෝඩු හා උකුණන්ගෙන් පිරී තිබුණි. එය ඉවත් කළ විට තම තම දරුවන්මගේ හිසකෙස් ගැන අවදානය යොමු කිරීමෙන් ඇයට යම් සහනයක් යහපතක් හෝ ප්‍රයෝජනයක් ලැබෙන බැවිනි. සැලකිලිමත් වනු පිණිස: යම් කිසි විපතක් වූ විට හිසකෙස් බෑම අනුමත නොවන්නකි. හදීස්හි මෙසේ සඳහන්ව ඇත. “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අස් සාලිකා, අල්හාලිකා, අෂ්-ෂාක්කා යන අයට ශාප කර ඇත්තාහ. අල් හාලිකා: විපතක දී තම හිසකෙස් බාන්නන්. අෂ්ෂාක්කා: විපතක දී තම ඇඳුම් ඉරා ගන්නන්. අස්සාලිකා: විපතකදී මොර දී කෑ ගසන්නන්. නමුත් මෙහි ජඃෆර් -රළියල්ලාහු අන්හු- තුමාගේ මරණයෙන් පසුව එතුමාගේ දරුවන්ගේ හිස බෑමෙන් බලාපොරොත්තු වූයේ, ඔවුන්ගේ මව ඔවුන්ගේ හිසකෙස් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා සිටි බැවිනි. එවිට එතුමා තුළ රොඩු හා උකුණන් හේතුවෙන් එම දරුවන්ට යම් උවදුරක් සිදු වනු ඇතැයි යන බිය ඇතිවිණ. එහෙයින් එතුමා ඔවුන්ගේ හිසකෙස් බාන මෙන් නියෝග කළහ. හිසකෙස් බෑම විපතක ප්රතිනිරූපණයක් නොවේ. අවුනුල් මඃබූද්ගේ සුනන් අබූ දාවුද්හි විවරණය: 11/164, ඉබ්නු උසෙය්මිය්යීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය: 6/382, උබ්බාද්ගේ සුනන් අබු දාවුද්හි විවරණය: ඉලෙක්ට්‍රොනික පිටපත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."
متفق عليهමුස්ලිම්වරුන් බිය වැද්දීමට හෝ ඔවුන් කොල්ලකන්නට හෝ ඔවුනට එරෙහිව අවි ආයුධ එසවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. කිසිදු යුක්තියකින් තොරව කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම ඔහු මහා පාපයන් අතරින් බරපතල වරදක් සිදු කළේය. මෙම දැඩි අවවාදයට ඔහු නියම වන්නේය.
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය.
متفق عليهදේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රධානියෙකු වූ උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා හජර් අල් අස්වද් හෙවත් කඃබාවෙහි කොනක තැන්පත් කොට ඇති ගල වෙත පැමිණ එය සිප ගෙන මෙසේ පවසා සිටියේය: "නියත වශයෙන්ම ඔබ ගලක් බව මම දනිමි. හිංසාවක් කිරීමට හෝ සෙතක් සැලසීමට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා දැක නොතිබුණේ නම් මම ඔබ සිප නොගනිමි."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ජනාසාව (මළ දේහය) තබනු ලැබ පිරිමින් ඔවුන්ගේ කර මත එය උසුලාගෙන යන විට එය යහපත් නම් එය මෙසේ පවසනු ඇත. "මාව ඉක්මන් කරන්න" එය යහපත් නොවී නම්, එය මෙසේ පවසනු ඇත. "අහෝ විනාශය! ඔවුන් මෙය ගෙන යන්නේ කොයිබට ද?" මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, ඔහු කම්පනයට පත්වනු ඇත."
رواه البخاري"මළ දේහය ඇඳ මත තබනු ලැබ පසුව එය පිරිමින් ඔවුන්ගේ කර මත උසුලාගෙන යන විට එය යහපත් නම්, තමන් ඉදිරියේ ඇති ස්වර්ගය දකිනු වස් තමන්ව ඉක්මන් කරන මෙන් පවසන බවත්, එය යහපත් නොවී නම්, තමන් ඉදිරියේ ඇති දඬුවම දකින බැවින් පිළිකුල් සහගත මහා හඩින්, 'අහෝ විනාශය! තමන්ව රැගෙන යන්නේ කොයිබට ද?' යැයි විමසා සිටින බවත්, එය මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, එහි ඇති දැඩි හඬ හේතුවෙන් ඔහුව කම්පනයට පත් කරනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අල්-මික්දාද් ඉබ්නුල් අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මීල් (සැතපුමක) තරම් පිහිටන තරමට හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සුලෙයිම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පැවසීය: අල්ලාහ් මත දිවුරා පවසමි "මීල්" යනු කුමක්දැ?යි මම නොදනිමි. එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ ඉඟටිය දක්වා ද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි" එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.
رواه مسلمමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සමීප කරවනු ලැබේ. එය සැතපුමක තරම් ඔවුන්ගේ හිසට ඉහළින් පිහිටන ආකාරයෙනි. අත්-තාබිඊ සලීම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පවසයි: අල්ලාහ් මත දිවුරා පවසමි. "මීල්" යනු එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? යන දෙකින් කුමක්දැයි මම නොදනිමි. එතුමා මෙසේ පැවසීය: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ සරම් ගැට ගසන ඉඟටිය දක්වාද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි යැයි පවසා කතාව නතර කර ගත්හ." එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.
අබූ බුර්දා ඉබ්නු අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අබූ මූසා තුමා දැඩි වේදනාවකින් පෙළුණහ. එහෙයින් ඔහුගේ පවුලේ එක් කාන්තාවකගේ ඔඩොක්කුව මත ඔහුගේ හිස තිබිය දී ඔහු ක්ලාන්ත විය. ඇයට කිසිවකින් පිළිතුරු දීමට ඔහුට නොහැකි විය. ඔහු අවදි වූ කල්හි මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කෙනකුගෙන් ඉවත් වූයේ ද මම ද ඔහුගෙන් ඉවත් වන්නෙක්මි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මොර දී වැළපෙන්නාගෙන් ද හිස මුඩුගා වැළපෙන්නාගෙන් ද ඇඳුම් ඉරාගෙන වැළපෙන්නාගෙන් ද ඉවත් වූහ.”
متفق عليهඅබූ බුර්දා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: "අබූ මූසා අල් අශ්අරී (රළියල්ලාහු අන්හු) තුමා දැඩි රෝගයකින් පෙළුණි. ඒ හේතුවෙන් එතුමා ක්ලාන්ත දමා වැටුණි. එතුමාගේ හිස එතුමාගේ පවුලේ එක් කාන්තාව කගේ ඔඩොක්කුව මත විය. ඇය මොර දී වැළපෙන්නට වූවාය. නමුත් එතුමා ක්ලාන්තව සිටි බැවින් ඇයට කිසිදු පිළිතුරක් දීමට එතුමාට නොහැකි විය. එතුමා අවදි වූ කල්හි මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කෙනකුගෙන් ඉවත් වූයේ ද මම ද ඔහුගෙන් ඉවත් වන්නෙක්මි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉවත් වූයේ: අස්-සාලිකා හෙවත් අභාග්‍යයක් අත් වූ අවස්ථාවක උස් හඬින් මොර දී වැළපෙන්නිය. හාලිකා හෙවත් අභාග්‍යයක් අත් වූ අවස්ථාවක හිස මුඩුගා වැළපෙන්නිය. සහ අෂ්-ෂාක්කා හෙවත් අභාග්‍යයක් අත් වූ අවස්ථාවක ඇඳුම් ඉරාගෙන වැළපෙන්නිය. සැබැවින්ම ඒවා අඥාන යුගයේ පැවති කරුණු වේ. නමුත් කරදරයක් අත් වූ අවස්ථාවක ඉවසීමෙන් කටයුතු කරන මෙන් ද එහි ප්‍රතිඵල අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන මෙන් ද නියෝග කරන ලදී.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”
رواه مسلمමුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්න: ඔහුව මුණ ගැසී "අස්සලාමු අලයිකුම්" යැය පවසා සලාම් දුන් විට, පිළිතුරු වශයෙන් "වඅලෙයිකුමුස් සලාම්" යැයි පවසා ඔහුට පිළිතුරු සැපයීම. දෙවැන්න: වලීමා හෝ වෙනත් සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දීම. තුන්වැන්න: ඔහු ඔහුගෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දීම. ඔහුට සමච්චල් නොකරන්න. ඔහුව රවටා නොගන්න. සිව්වැන්න: ඔහු කිවිසුම් හැර "අල්හම්දු ලිල්ලාහ්" යැයි පවසා අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට "යර්හමුකල්ලා" යැයි පැවසීම. ඔහු නැවතත් පිළිතුරු වශයෙන් "යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්" යනුවෙන් පවසනු ඇත. පස්වැන්න: ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක ඔහුගේ සුවදුක් විමසීම. හයවැන්න: ඔහු මිය ගිය විට ඔහුට ජනාසා සලාතට ඉටු කර ඔහු ව වළ දමන තෙක් ජනසා කටයුතුවල සහභාගී වීම.