





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණ මංචකයේ දැඩි සේ රෝගාතුරව සිටිය දී මෙසේ ප්‍රකාශ කළ බව උම්මුල් මුඃමිනීන් හෙවත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා සිටියාය. "යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ්ගේ ශාපය වේවා! ඔහුගේ කරුණාවෙන් ඔවුන් නෙරපා හරිත්වා! එය ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත් බැවින් හා ඒ මත ගොඩනැගිලි ඉදි කිරීම හෝ ඒ අබියස හෝ ඒ වෙත යාඥා කටයුතු සිදු කළ බැවිනි." පසුව ඇය මෙසේ පවසා සිටියා ය. "එම තහනම හෝ අවවාදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සිදු කරනු නොලැබුවේ නම් යුදෙව්වන් හා කිතුනුවන් තමන්ගේ නබිවරුන්ගේ සොහොන් සමග ක්‍රියා කළ පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල සමග ක්‍රිය කරනු ඇතැයි සහාබාවරු බිය නොවී නම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලැබ ප්‍රසිද්ධියට පත්වන්නට තිබුණි."
අබූ සඊද් අල් කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යෙමනයේ සිට පදම් කරන ලද හම් මල්ලක රන් කැබැල්ලක් එවා සිටියේය. එම රන් කැබැල්ල පසින් පිරිසිදු කර තිබුණේ නැත. පසුව ඔහු මෙසේ පැවසීය. "එතුමාණෝ එය සිව්දෙනෙකු අතර බෙදා දුන්හ. ඒ අනුව උයෙයිනා ඉබ්නු බද්ර්, අක්රඃ ඉබ්නු හාබිස්, සෙයිදුල් හඃයිල් අතර හා සිව්වැන්නා ලෙස අල්කමා හෝ ආමිර් ඉබ්නු තුෆෙයිල් අතර බෙදා හැරියහ. එවිට එතුමාණන්ගේ සගයින් අතරින් මිනිසෙක් "මොවුන්ට වඩා අපි මෙය ලබන්නට සුදුස්සෝ වෙමු" යැයි පැවසීය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?" ඔහු මෙසේ පැවසීය: එවිට ඇස් දෙක ඇතුළට නෙරා ගිය, කම්මුල කැපී පෙනෙන, නළල උසින් පිහිටුනු, ඝණ රැවුලක් සහිත, හිස මුඩු කළ, වෙට්ටිය ඔසවා නවා ගත් මිනිසෙකු මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අල්ලාහ්ට බියවන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසීය: "ඔබට විනාශය අත් වේවා! අල්ලාහ් කෙරෙහි වන භක්තිමත්භාවයෙහි පොළෝවාසීන් අතර මා වඩාත්ම සුදුස්සා නොවේ ද?" එතුමා තවදුරටත් මෙසේ පැවසීය: පසුව එම මිනිසා හැරී ගියේය. කාලිද් ඉබ්නු අල්-වලීද් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි මා ඔහුගේ ගෙල සිඳ දැමිය යුතු නොවේ ද? එතුමාණෝ "නැත, ඔහු සලාත් ඉටු කරන්නෙකු විය හැක" යැයි පැවසූහ. එවිට කාලිද් තුමා, "තම සිතේ කිසිවක් නැති, තම දිවෙන් පමණක් පවසා සලාතය ඉටු කරන කොපමණ දෙනෙක් සිටිත් ද?" යැයි කීය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසුන්ගේ හදවත් සෝදිසි කිරීමට මම අණ කරනු නොලැබුවෙමි. ඔවුන්ගේ ඇතුළාන්තය මම විවෘත කර නොබලමි. සැබැවින්ම මා අණ කරනු ලැබුවේ ඔවුන්ගේ කටයුතුවල බාහිරය සැලකිල්ලට ගන්නා ලෙසය." නැවතත්, ඔහු සිටිගෙන සිටිය දී ඔහු දෙස බලා මේ පිළිබඳව එතුමාණෝ මෙසේ පවසන්නට වූහ. "මෙම (මනුෂ්‍යයාගේ) පරම්පරාවෙන් අල්-කුර්ආනය ප්‍රසන්න ලෙස පාරායනය කරන, දිව තෙත්ව ඇති නමුත් එය ඔවුන්ගේ උගුරෙන් ඔබ්බට නොයන ජනතාවක් බිහි වනු ඇත. ඊතලය ගොදුර හරහා ගමන් කරන්නාක් මෙන් ඔවුහු ආගම හරහා ඉක්මනින් ගමන් කරති." එතුමාණෝ මෙය ද පැවසූ බව මම සිතමි. "මම ඔවුන් සොයා ගත්තේ නම්, සමූද්වරුන් මරා දැමූ ආකාරයටම මම ඔවුන්ව ද මරා දමමි."
متفق عليهඅලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යෙමනයේ සිට පදම් කරන ලද හම් මල්ලක රන් කැබැල්ලක් එවා සිටියේය. එම රන් කැබැල්ල පසින් ඉවත්ව තිබුණේ නැත. පසුව ඔහු මෙසේ පැවසීය: පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිව් දෙනෙකු අතර එය බෙදා දුන්හ. උයෙයිනා ඉබ්නු බද්ර් අල්-ෆිසාරී, අක්රඃ ඉබ්නු හාබිස් අල්-හන්ළලී, සෙයිදුල් කඃයිල් අන්-නබ්හානී, අල්කමා ඉබ්නු අලාසා අල්-ආමිරී. එවිට එතුමාණන්ගේ සගයින් අතරින් මිනිසෙක් මෙසේ පැවසීය: "මොවුන්ට වඩා අපි මෙය ලබන්නට සුදුස්සෝ වෙමු" යැයි පැවසීය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?" ඔහු මෙසේ පැවසීය: ඇස් දෙක ඇතුළට නෙරා ගිය, කම්මුල ඉහළට එසවී කැපී පෙනෙන, නළල උසින් පිහිටුනු, දිගු නොවන ඝණ රැවුලක් සහිත, හිස මුඩු කළ, තම ශරීරයේ පහළ කොටස ආවරණය කර ඇති ඔහුගේ වේටිවිය ඔසවා ගත් මිනිසෙකු මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අල්ලාහ්ට බියවන්න." එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසීය: "ඔබට විනාශ වේවා! අල්ලාහ් මත භක්තිමත් වීමෙහි පොළෝවාසීන් අතර මා වඩාත්ම සුදුස්සා නොවේ ද?" එතුමා තවදුරටත් මෙසේ පැවසීය: පසුව එම මිනිසා හැරී ගියේය. කාලිද් ඉබ්නු අල්-වලීද් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා ඔහුගේ ගෙල සිඳ දැමිය යුතු නොවේ ද?" එතුමාණෝ, "නැත. ඔහු සලාත් ඉටු කරන්නෙකු විය හැක" යැයි පැවසූහ. එවිට කාලිද් තුමා මෙසේ පැවසීය. "තම සිතේ කිසිවක් නැති, තම දිවෙන් පමණක් පවසා සලාතය ඉටු කරන කොපමණ දෙනෙක් සිටිත් ද?" යැයි පැවසීය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසුන්ගේ හදවත් සෝදිසි කිරීමට මම අණ කරනු නොලැබුවෙමි. ඔවුන්ගේ ඇතුළාන්තය මම විවෘත කර නොබලමි. සැබැවින්ම මා අණ කරනු ලැබුවේ ඔවුන්ගේ කටයුතුවල බාහිරය සැලකිල්ලට ගන්නා ලෙසය." ඔහු නැවතත් ඔහු සිටිගෙන සිටිය දී ඔහු දෙස බලා මේ පිළිබඳව එතුමාණෝ මෙසේ පවසන්නට වූහ. "මෙම (මනුෂ්‍යයාගේ) පරම්පරාවෙන් හෝ ඔහුගේ සහගාමීන්ගෙන් හෝ ඔහුගේ ගෝත්‍රයෙන් අල්-කුර්ආනය ප්‍රසන්න ලෙස පාරායනය කරන පිරිසක් මතු වේ. කුර්ආනය අධිකව පාරායනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ දිව තෙතමනයට පත්ව තිබේ. නමුත් එය ඔවුන්ගේ උගුරෙන් ඔබ්බට නොයන අතර ඔවුන්ගේ හදවත් දුර්වල වී යයි. අල්ලාහ් ඔවුන්ව උසස් නොකරන අතර ඔවුන්ව පිළිගන්නේ ද නැත. ඊතලය ගොදුර හරහා ඉතා වේගයෙන් ගමන් කරන්නාක් මෙන් ඔවුහු ඉස්ලාමයෙන් බැහැරව යනු ඇත." එතුමාණෝ මෙය ද පැවසූ බව මම සිතමි. "මුස්ලිම්වරුන්ට එරෙහිව අසිපත ඔසවාගෙන ඔවුන් පිටත් වූ බවට මම දැන ගත්තේ නම්, සමූද් ප්‍රජාවට සිදු වූවාක් මෙන් මම ඔවුන් දැඩි සේ මරා දමමි."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.
رواه مسلمස්වර්ගයට පිවිසෙන්නන් හට ස්වර්ගයේ පවතින අවම නිලය අවම මට්ටම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: එය, "ඔබ පතනු"යි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. ඔහුට කීමට තරම් කිසිදු ආශාවක් ඉතිරිව නොපවතින තරමට පතයි. එවිට ඔහුට: "ඔබ පැතුවෙහිදැ?"යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට:"ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන තවත් දෙයක් ද ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මස් ව්‍යාංජනයක් ගෙන එන ලදී. පසුව එළු ගාතක් එතුමා වෙත පිළිගන්වනු ලැබීය. එය එතුමාට වඩාත් ප්‍රියමනාප විය. පසුව එතුමා එයින් කොටසක් සපා අනුභව කළහ. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්‍රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑ ගැන සිතා නො බැලුවෙ හි ද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා සොයා නොබැලුවෙහි ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාට ආදම් සිටියි” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ජීවයෙන් ඔබ තුළට පිඹ ඇත. මලක්වරුන්ට (සුජූද් කරන්නට) නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් වන්න. අපි සිටින්නේ කොහේදැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද? යැයි විමසති. එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. “සැබැවින්ම ගස මට තහනම් කර තිබිණ. නමුත් මම ඔහුට පිටුපෑවෙමි. "අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය!" යැයි පවසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තැබීය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අපි සිටින්නේ කවර තත්ත්වයක දැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද?" යැයි පවසති. එවිට ඔහු "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. සැබැවින්ම මට සතුව ප්‍රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසා, "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යයි කීහ.පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙ හි ද?" එවිට ඔහු ඔවුනට මෙසේ පවසයි. "මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝපවී ඇත. එමෙන්ම සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසයි. "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න" යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දමා ඇත්තෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුන් මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?" පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ, මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න. ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ." යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, අහෝ මාගේ පරමාධපතියාණනි! මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව! යනුවෙන් පවසමි. එවිට "අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා හිම්යර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක්තරා සංග්‍රහයක් අතර තම මිතුරන් සමග සිටියහ. එතුමාණන් වෙත එළු අතක් පිළිගන්වනු ලැබීය. එතුමාණන් වඩාත් ප්‍රිය කරන මස් කොටස එය විය. එතුමාණන් තම දත් කොණින් කටක් හපා ඔවුනට මෙසේ පවසා සිටියහ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ආදම්ගේ දරුවන් අතර ප්‍රධානියා වෙමි. එය උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද පවසා සිටින්නක් ලෙසය." "ඒ ගැන ඔබලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් විශාල පුළුල් දිගු හැරුණු එක් තැනක සියලු දෙනා රැස් කරනු ලැබේ. එහි ඇරයුම් කරන්නාගේ ඇරයුමට සවන් වැකෙන්නටත්, බලන්නාට ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. ඔවුන් අතරින් කිසිවෙකු ඉන් සැඟවෙන්නේ නැත. මහ පොළොව පැතිලි බැවින් දකින කිසිවෙකු ඔහුට මුවා වෙන්නේ නැත. බැල්ම ඔවුන් මත ක්‍රියාත්මක වෙයි. ඉන් අදහස් කරන්නේ මිනිසා යමක් කතා කළ විට තවත් කෙනෙකු ඔවුනට සවන් දෙයි. ඔවුන් දෙස බලයි. හිරු සැතපුමක දුර ප්‍රමාණයෙන් ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ඉන් මිදීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන උදවිය සොයන්නට ගනී." මානවයාගේ පියා ආදම් වෙත යන්නට අල්ලාහ් දේවත්වය විශ්වාස කළ ජනයාට ආශිර්වාද කරයි. ඔවුහු ඔහු වෙත ගොස් ඔහුගේ මහිමය මෙනෙහි කර සර්වබලධාරී අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වනු මැනව යැයි පවසා, "අහෝ ආදම්! ඔබ මිනිස් වර්ගයාගේ පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔබට සුජූද් කිරීමට මලක්වරුන්ට ඔහු නියම කළේය. සෑම දෙයකම නාමයන් ඔහු ඔබට ඉගැන්වීය. ඔහුගේ ප්‍රාණයෙන් ඔබ වෙත පිම්ඹේය. එහෙයින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න" යැයි ඉල්ලා සිටිති. නමුත් එතුමා නිදහසට කරුණු දක්වමින්, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත" යැයි පවසා තම වැරැද්ද මෙනෙහි කර සිටියි. එය සුවිශුද්ධ අල්ලාහ් එක්තරා ගසකින් අනුභව කිරීම තහනම් කර තිබිය දී තමන් එය අනුභව කර තිබීමය. තවදුරටත් හෙතෙම එම වැරැද්ද උරුම වූ "අහෝ මගේ ආත්මය! කෙසේ නම් මැදිහත් වන්න ද?" යැයි පවසා "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ මෙසේ පවසති. "පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තබා ඇත. (එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න.)" යැයි ඉල්ලා සිටිති. ඔහු ද නිදහසට කරුණු දක්වමින් සැබැවින්ම අල්ලාහ් මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇති බවත් තමන් සතුව ප්‍රාර්ථනාවක් තිබුණු බවත්, එය තම ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කිරීමට යොදා ගත් බවත් පවසා, මැදිහත් වීම නියම වූ අහෝ මාගේ ආත්මය! යැයි පසුතැවිලි වී "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යැයි පවසයි. පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "ඔබ පොළෝවාසීන් අතර අල්ලාහ්ගේ මිතුරා විය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරන්න. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නො දුටුවෙ හි ද?" එවිට එතුමා ඔවුනට, "සැබැවින්ම මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝප වී ඇත. සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. පළමු ප්‍රකාශය සැබැවින්ම මම කුඩා අයෙකි. දෙවැනි ප්‍රකාශය මේ දේ සිදු කළේ ඒවා අතර ඇති මේ විශාල දෑය. තුන්වැනි ප්‍රකාශය, ඔහුගේ බිරිය වන සාරාට, මම ඔබේ සහෝදරයා යැයි ඔහුට පවසනු. එවිට ඔහුගේ හිංසනයෙන් ඔහු ආරක්ෂාව ලබනු ඇත. සැබෑ යථාර්ථය නම් මෙම ප්‍රකාශ තුන සිදු වූයේ වක්රාකාර කතනයක් ලෙසිනි. නමුත් එහි ස්වරූපය සත්‍යයට පටහැනි ස්වරූපයෙන් විය. කවරෙකු අල්ලාහ්ව මැනවින් වටහා ගත්තේ ද තරාතිරමින් වඩාත් සමීප වූයේ ද බලවත් සේ බියට පත් වන්නා ඔහු වැන්නන් වන බැවින් මැදිහත් වීමට තමන් පහත් අයකු ලෙස සිතා මෙසේ පවසා සිටියේය. "මැදිහත් වීමක් වෙත අවශ්‍ය වන්නේ මගේ ආත්මයයි! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න නුඹලා මූසා වෙත යන්න." යැයි පැවසුහ. පසුව ඔවුහු මූසා වෙත ගොස්, "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු ද එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම මරණ දඬුවම දීමට නියෝග කරනු නො ලැබූ ආත්මයක් මම මරා දමා ඇත්තෙමි. "මැදිහත් වීමක් වෙත අවශ්‍ය වන්නේ මගේ ආත්මයයි! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස් ඔවුහු, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී කුඩා වියේම ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට එතුමා, “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. මැදිහත් වීමට ඉල්ලා සිටින මාගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුහු මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද් ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. ඔබේ පෙර පව් හා පසු පව් සඳහා අල්ලාහ් ඔබට සමාව දී ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්නට පෙනී සිටන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?". "පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ. මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. 'අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න, ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න, ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ.' යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, 'අහෝ මාගේ පරමාධපතියාණනි!, මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි!, මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව!' යනුවෙන් පවසමි. එවිට එතුමාණන්ගේ මැදිහත් වීම පිළිගනු ලබයි. එහිදී එතුමාණන්ට මෙසේ පවසනු ලැබේ. "අහෝ මුහම්මද්! කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටු අතර දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල සිටින ඔවුනට හවුල්කාර පිරිසක් වෙති. පසුව එතුමාණෝ, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා යමනයේ සන්ආ අතර පවතින දුර හෝ මක්කාව හා සිරියාවේ බස්රා අතර පවතින දුර හා සමානය. එය හවුරාන් නගරය වේ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
رواه النسائي في الكبرى وابن ماجه بمعناه وأحمدකාන්තාවන්ට ආවේනික වූ ඇඳුම් පැළඳුම්වල දී කාන්තාවට සමාන ලෙස ඇඳුම් පැළඳුම් අඳින සෑම පිරිමියෙකුම අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබීමට හා නෙරපා හරිනු ලැබීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. එය හැඩයෙන් හෝ වේවා වර්ණයෙන් හෝ වේවා ක්‍රමයෙන් හෝ වේවා ඇඳුම් විලාශයෙන් හා අලංකාරයෙන් හෝ වේවා ඒ හැර වෙනත් දෙයකින් හෝ වේවා එක සමානය. එසේ නැතහොත් පිරිමින්ට ආවේනික ඇඳුම් පැළඳුම් වල දී කාන්තාව ඔහුට සමානව ඇඳ පැළඳ ගැනීම ද එලෙසමය. එය මහා පාපකම් අතරින් වූ පාපයකි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත. ඔවුන් මුත්‍රා කරන්නේ නැත; මළපහ කරන්නේ නැත; කෙළ ගසන්නේ නැත; හෝ නාසයේ ස්රාවය ඉවත හෙළන්නේ නැත. ඔවුන්ගේ පනා රන්වන් ය. ඔවුන්ගේ දහඩිය කස්තුරි ය. සුවඳ දුම් දග්වන උදුනෙන් වඩාත් සුවඳැති සුවඳ දුම් පතුරුවා හරිනු ලැබේ. ඔවුන්ගේ භාර්යාවන් හූරුන් ඊන් (දැකුම් කළු ලලනාවන්) වෙති. එකම මිනිසකුගේ ස්වරූපයෙන් ඔවුන් සිටිනු ඇත. අහසට විහිදෙන රියන් හැටක් උසින් යුත් ඔවුන්ගේ පියා ආදම්ට සමාන වනු ඇත."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතරින් ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම වනාහි, ඔවුන්ගේ මුහුණ පුර පසළොස්වක රාත්‍රියේ බැබලෙන හඳෙහි ස්වරූපයෙන් දීප්තිමත්ව පවතී. ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත. ඔවුන්ට පරිපූර්ණ ගුණාංග පවතී. එනම් ඔවුන් මුත්‍රා කරන්නේ නැත; මළපහ කරන්නේ නැත; කෙළ ගසන්නේ නැත; හෝ නාසයේ ස්රාවය ඉවත හෙළන්නේ නැත. ඔවුන්ගේ පනා රන්වන් ය. ඔවුන්ගේ දහඩිය කස්තුරි ය. ඔවුන්ගේ මධ්‍යස්ථාන වඩාත් සුවඳැති හොඳම සුවඳ හා මිහිරි සුවඳ දුම් පිට කරයි. ඔවුන්ගේ භාර්යාවන් හූරුල් ඊන් (දැකුම් කළු ලලනාවන්) වෙති. ඔවුන්ගේ හැඬරුව එකම මිනිසකුගේ ස්වරූපයෙන් පවතී. උසින් හා හැඩරුවෙන් අහසට විහිදෙන රියන් හැටක් උසින් යුත් ඔවුන්ගේ පියා ආදම්ට සමාන වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයේ සිය ගණනක් තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර ප්‍රමාණය අහස හා පොළොව අතර ප්‍රමාණය මෙනි. ඒවා අතරින් උසස්ම තරාතිරම වනුයේ ෆිර්දව්ස් ය. ඉන් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසිනු ඇත. ඊට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න."
رواه الترمذيනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "ස්වර්ගයේ සිය ගණනක් නිලයන් හා තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර දුර ප්‍රමාණය අහස හා පොළොව අතර දුර ප්‍රමාණය මෙනි. එම ස්වර්ග උයන් අතරින් උසස්ම ස්වර්ග උයන ෆිර්දව්ස් ය. එමගින් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසී. ෆිර්දවුස් නම් ස්වර්ගයට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, සියලුම ස්වර්ගවලට ඉහළින් ඇති ෆිර්දව්ස් ස්වර්ගයම ඔහුගෙන් ඉල්ලා සිටින්න."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අල්-මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මාගේ සමූහයා අතරින් පිරිසක් ඔවුන් ප්‍රමුඛයෝ (ජයග්‍රාහී) ලෙස සිටියදී අල්ලාහ්ගේ නියෝගය (අවසන් හෝරාව) ඔවුන් වෙත පැමිණෙන තෙක් ප්‍රමුඛයින් (ජයග්‍රාහී) ලෙසම සිටිනු ඇත.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: මාගේ සමූහයා අතරින් පිරිසක් ඔවුනට විරුද්ධව කටයුතු කරන්නන් මත ආක්‍රමණය කරමින් ඔවුන් ප්‍රමුඛයෝ ලෙස සිටියදී අවසන් හෝරාව පැමිණීමට පෙර ලොවේ අවසන් කාලයේ ඔවුන්ගේ ආත්මාව අත්පත් කර ගන්නට අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණෙන තෙක් එලෙසම සිටිනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත.
متفق عليهමුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයකුට, "අහෝ කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා)' යැයි පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එසේ පවසනු ලබන එම කාෆිර් යන ප්‍රකාශය ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු වෙත උරුම වනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේ වනු ඇත. එසේ නැතහොත් තම සහෝදරයාට කාෆිර් යැයි කළ චෝදනාව ඔහුට එරෙහිව හැරී එනු ඇත.