





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් වඩාත් ශ්‍රේෂ්ටතම උදවිය මාගේ යුගයේ උදවියයි. අනතුරුව ඔවුනට පරව සිටින්නෝ වෙති. පසුව ඔවුනට පරව සිටින්නෝ වෙති" ඉම්රාන් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉන්පසු පවසා සිටියේ යුග දෙකක් ද තුනක් ද යන්න ගැන තමන්ට මතක නැති බව ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් වඩාත් දුරස්ත පිරිසක් ද වෙති. ඔවුහු වංචා කරති; ඔවුන්ව විශ්වාස කළ නොහැක. සාක්ෂි දරති; ඔවුන්ගෙන් සාක්ෂි දෙන මෙන් ඉල්ලා නැත. ඔවුන් භාර වෙති; එය ඉටු කරන්නේ නැත. ඔවුන් අතර තරබාරුකම දිස්වනු ඇත."
متفق عليهඑකම යුගයක එකිනෙකා මුණ ගැසෙන මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨතම අය වනුයේ අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ සහගාමීන් ජීවත් වූ යුගය බවත් ඔවුනට පසුව අල්ලාහ්ගේ දූතයාණන් හමු නොවුණ ද සෙසු සහාබාවරුන් හමු වූ යුගයේ අය බවත් පසුව එම අනුගාමකියන් අනුගමනය කළ යුගයේ අය බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඉන් පසු ඔවුනට පසුව එන සිව් වැනි යුගය ගැන සඳහන් කිරීමේ දී එම සහාබිවරයා පසුබට වී ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: ඔවුන් අතරින් පිරිසක් වෙති. ඔවුන් වංචා කරති. ඔවුන් ගැන මිනිසුන්ට විශ්වාස කළ නොහැක. ඔවුන්ගෙන් සාක්ෂියට පෙනී සිටින මෙන් ඉල්ලා සිටීමට පෙර ඔවුන් සාක්ෂි දෙති. ඔවුන් භාර වෙති. නමුත් එය ඔවුන් ඉටු නොකරති. ඔවුන් තුළ තරබාරුකම පෙනෙන තරමට ආහාර පාන විශාල වශයෙන් ගනිති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළ බව අබූ සඃලබා අල්-හුෂනී ජුර්සූම් බින් නාෂිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න."
رواه الدارقطني في سننه وغيرهනියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් කරුණු අණිවාර්යය කර ඇත. එමෙන්ම ඇතැම් වගකීම් ද අනිවාර්යය කර ඇත. ඒවා පිළිපැදිය යුතුය. මග හැරීමෙන් හෝ නොසැලකිලිමත්කමින් හෝ ඒවා අතපසු නොකළ යුතුය. තවද ඔහු ඔබට බාධක සහ සීමාවන් නියම කර ඇත. එමඟින් ඔහු අනුමත නොකරන දේ කිරීමෙන් ඔබව දුරස් කරන අතර ඉන් ඔබව වළක්වයි. අල්ලාහ් කවර කරුණක් ආගමානුගත කර තිබේ ද ඊට අමතරව කිසිවක් නොකළ යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා පරිහරණය නොකළ යුතු අතර ඒ වෙත සමීප නොවිය යුතුය. ඒ හැර, කිසිවක් පවසා නැති එමෙන්ම නිහඩ ව සිටි ඇති කරුණු තම ගැත්තන් වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයයි. එය මූලික වශයෙන් අනුමතව පවතින අතර ඒ ගැන විමර්ශනයක් සිදු කළ යුතු නැත.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුනුපුරා වන, අබූ මුහම්මද් අල්-හසන් ඉබ්නු අලී ඉබ්නු අබී තාලිබ් විසින් වාර්තා කරණ ලදී. "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ පාඩම් ලැබුවෙමි." "ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."
رواه الترمذي والنسائيයමක් තහනම් කරනු ලැබූවක් ද එසේ නොවන්නක් ද? එය හරාම් ද අනුමත ද යනාදී සැකයට තුඩු දෙන වචන හා ක්‍රියාවන් අත්හැර දමන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එනම් එය යහපත ය අනුමත ය යන ස්ථාවරත්වය ගොඩ නැගී සැකය දුරු වන තෙක්ම විය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ යඃලා ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මරණ දඬුවම විධිමත්ව ක්‍රියාත්මක කරන්න. ඔබ සත්වයකුගේ ගෙල සිඳන විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද ඔබ අතරින් කෙනෙකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය."
رواه مسلمසියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය. අපරාධයක සම ප්‍රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්‍රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය. ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මාලික් අල්-හාරිස් ඉබ්නු ආසිම් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් පිටව ගොස් තම ආත්මය විකුණයි. එහෙයින්, ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
رواه مسلمවුළූ හා ස්නානය කිරීමෙන් වන බාහිර පිරිසිදුකම සලාතයේ දී කොන්දේසියක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. "අල්හම්දු ලිල්ලාහ්" යන ප්‍රකාශය තුලාව පුරවාලයි." යන කියමන ශුද්ධ වූ අල්ලාහ්ව ප්‍රශංසා කිරීමකි. පූර්ණ ගුණාංග තුළින් ඔහුව ගුණ ගායනා කිරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කිරණු ලැබ ක්‍රියාවන් පිරුණු තරාදිය පුරවාලනු ඇත. "සුබ්හානල්ලාහි වල්හම්දු ලිල්ලාහි" යන ප්‍රකාශය" සියලු අඩුපාඩු සහිත ගුණාංගවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම සහ ඔහුට ආදරය කිරීමෙන්, ඔහුට ගරුබුහුමන් කිරීමෙන් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි පූර්ණවත් ගුණාංගවලින් ඔහු ව ගුණ ගායනය කිරීමය. එය අහස් හා පොළොව අතර පවතින දෑ පුරවාලනු ඇත. "සලාතය ආලෝකයකි" යන ප්‍රකාශය ගැත්තාගේ හදවතෙහි, ඔහුගේ මුහුණෙහි, ඔහුගේ මිනීවලෙහි සහ ඔහු යළි රැස්කිරීමේ දී ඇති වන ආලෝකයයි. "දානය සාක්ෂියකි" එනම් දේවත්වය විශ්වාස කරන්නාගේ දේව විශ්වාසය තහවුරු කරන්නකි. එමෙන්ම සදකාව සඳහා ලබා දී ඇති පොරොන්දුව සහතික නොකර එයින් වැළකී සිටින කුහක තැනැත්තාගෙන් ඔහුව වෙන් කරන්නකි. “ඉවසීම ප්‍රභාවකි” - එය කාංසාව සහ කෝපවීමෙන් වළක්වයි - සූර්යයාගේ ආලෝකය මෙන් තාපය හා දැවෙන ආලෝකයක් ගෙන දෙයි. මක්නිසාද යත් එය දුෂ්කර වන අතරම ස්වයං අරගලයක් එයට අවශ්‍ය වන බැවිනි. එමෙන්ම එය ආශා කරන දැයින් සිරගත කරන බැවිනි. එහෙයින් එයට අදාළ තැනැත්තන් හට එය නිවැරුදි දෑ වෙත අඛණ්ඩව ආලෝකවත් කර මඟ පෙන්වනු ඇත. එය අල්ලාහ්ට කීකරු වීමෙහි සහ ඔහුට අකීකරු වීමෙහි ඉවසීම සහ මෙලොව විපත්ති සහ දුෂ්කරතා වලදී ඉවසීමයි. සැබැවින්ම අල් කුර්ආනය කියවීම තුළින් හා ඒ අනුව ක්‍රියා කිරීම තුළින් එය ඔබට පක්ෂ ව පිහිටයි. එසේ නැතහොත් පාරායන නොකර, ඒ අනුව ක්‍රියා නොකර එය අත්හැර දැමීමෙන් එය ඔබට එරෙහි ව පිහිටයි. සියලුම මිනිස්සු වෙහෙසෙති. ඔවුහු විසිරී යති. ඔවුන්ගේ නින්දෙන් අවදි වෙති. ඔවුන්ගේ නොයෙකුත් වැඩකටයුතු සඳහා ඔවුන්ගේ නිවෙස්වලින් බැහැරව යති යැයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දැනුම් දුන්හ. ඔවුන් අතරින් අල්ලාහ්ට අවනත වී ඍජු මාර්ගයේ ගමන් කර තම ආත්මය අපා ගින්නෙන් නිදහස් කර ගන්නා අය වෙති. එමෙන්ම එයට විරුද්ධව හා විකෘති ලෙස කටයුතු කර පාපයේ වැටී අපා ගින්නට ප්‍රවේශ වීමෙන් තම ආත්මය විනාශ කර ගන්නා අය ද වෙති.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් සඃද් ඉබ්නු මාලික් ඉබ්නු සිනාන් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."
رواه ابن ماجه والدارقطني وغيرهما مسندًاවිවිධාකාරයෙන් මතුවන හිංසාවන් තමන්ගෙන් සහ අන් අයගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමාට හෝ අන් අයට හෝ හානි කිරීමට කිසිවකුට අවසර නොමැති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හානියට හානියක් ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ද නැත. හේතුව එකම ආකාරයේ දෙයකින් හානිය ඉවත් කළ නොහැකි වීමයි. නමුත් සීමාව ඉක්මවා නොගොස් සමප්රතිචාරයක් වශයෙන් ලබා දෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවසර ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."
رواه البيهقي وغيره هكذا وبعضه في الصحيحينකිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැතිව මිනිසුන් යමක් ගැන වාද කළ වහාම ඔවුනට එය පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන්ගේ ධනය හා ජීවිත ඉල්ලා (අසාධාරණ ලෙස) වාද කරනු ඇත. එහෙත්, හිමිකම් කියන්නා ඒ සඳහා අවශ්‍ය සාක්ෂි හා සාධක ඉදිරිපත් කළ යුතු බව නබි තුමාණන් පැහැදිලි කළහ. එසේ ඔහුට සාක්ෂි හා සාධක නොවීනම් නඩුව වාද කරනු ලබන්නාට ඉදිරිපත් කරනු ලබන අතර, එවිට ඔහු එය ප්‍රතික්ෂේප කළේ නම් ඔහු දිවුරා ඉන් නිදොස් විය යුතුය.
අබූ බුර්දා තුමා තම පියාණන් වූ අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමාගෙන් ලබා මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.) මුස්ලිම් තුමා ද මෙය වාර්තා කර ඇති අතර එතුමාගේ වදන් පෙළ මෙසේය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මා හා මුආද්ව යමන් දේශයට යැවූහ. එවිට මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අපේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන ලද පානයක් ඇත. එයට බාර්ලි වලින් සාදන ලද අල්-මිZසරු(සාරය) හා පානය යනුවෙන් පවසනු ලැබේ. මී පැණි වලින් සාදන ලද අල්බිත්උ (සාරය) යනුවෙන් පවසනු ලැබේ. එවිට එතුමාණෝ "මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. මුස්ලිම් තුමා සතු වාර්තාවක: එතුමාණෝ මෙසේ පැවසූහ: සලාතයෙන් දුරස් කරමින් මත් බව ඇති කරන සෑම දෙයක්ම හරාම් (තහනම්) වේ. එතුමා සතු තවත් වාර්තවක: "අල්ලාහ්ගේ දූතයාණන් හට ජවාමිඋල් කලිම් හෙවත් අවසානයේ සංශිප්ත චතුර වදන් දෙනු ලැබූහ. එවිට එතුමාණෝ: "සලාතයෙන් මත් කරවන, මත්බව ඇති කරන සැම දෙයක්ම මට තහනම් කරනු ලැබීය." යැයි පැවසුහ.
رواه البخاري ومسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ව යමන් දේශයට යැවූ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින්, නිෂ්පාදනය කරන ලද පානයක් පිළිබඳව එය තහනම් දැ?යි විමසා සිටිනු ලැබූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන විස්තර කළහ. එවිට අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා: එය අල්-බිත්උ: මී පැණි සාරය හා අල්-මිZසරු: බාර්ලි සාරය යනුවෙන් පැවසීය. ඒ වන විට එතුමාණන්ට ජවාමිඋල් කලිම් හෙවත් සංශිප්ත චතුර වදන් මඟින් දේශනය කිරීමේ හැකියාව ලැබ තිබුණි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ. "මත්බව ඇති කරන සෑම දෙයක්ම හරාම් (තහනම්) වේ."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය."
متفق عليهකවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කර, නොමනා ක්‍රියා සිදු නොකළේ ද එනම්, සංසර්ගයේ නිරත වීම හෝ ඊට පෙර සිදු කෙරෙන සිප ගැනීම හා වැළඳ ගැනීම වැනි දෑය. පොදුවේ අශීලාචාර ප්‍රකාශවලට ද එම පදය යෙදෙයි. නොමනා ක්‍රියා සිදු නොකළේ ද එනම් පාපකාරී හා නපුරු ක්‍රියාවයි. නොමනා ක්‍රියාවන් අතරට ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ ක්‍රියාවන් ද ඇතුළත් වේ. ඔහුගේ හජ් වන්දනාවෙන් ඔහු නැවත හැරී එනුයේ සියලු පාපයන්ගෙන් නිදහස් වූ ඉපදෙන දරුවෙකු සේ තම පාපයන්ට සමාව දෙනු ලැබූ අයකු මෙනි.