





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උමර් ඉබ්නුල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත සිරකරුවන් පැමිණියෝය. එවිට සිරකරුවන් අතර කාන්තාවක් සිටියා ය. ඇය සිරකරුවන් අතර සිටින ඇගේ දරුවා දුටු වහාම ඔහු රැගෙන ඇගේ කුසට තුරුල් කර ගනිමින් ඔහුට කිරි පොවන්නට වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “මෙම කාන්තාව ඇගේ දරුවා නිරා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද?“ යැයි විමසූහ. අපි: "නැත, ඇයට ඔහුව ඉවත දැමිය නොහැක" යැයි පිළිතුරු දුනිමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.“ යැයි පැවසූහ.
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත හවාසින් සිරකරුවන් ගෙන එන ලදී. එවිට ඔවුන් අතරින් තම දරුවා සොයමින් සිටි කාන්තාවක් ද සිටියා ය. ඇය දරුවා දුටු වහාම තම තන්පිඩුවල කිරි පෙවීමට ඔහුව තුරුල් කර ගන්නට සිතුවා ය. එලෙස ඇගේ දරුවා සිරකරුවන් අතර විය. ඔහුව රැගෙන කුසට තුරුල් කර ගෙන කිරි පොවන්නට වූවා ය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මෙම කාන්තාව ඇගේ දරුවා අපා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද? අපි: "ඇය කවරදාකවත් කැමැත්තෙන් ඔහුව ඉවත දමන්නේ නැත" යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දක්වන ආදරයට වඩා අල්ලාහ් තමන්ට අවනත වන තම ගැත්තන් හට ඉතා ආදරවන්ත ය.“ යැයි පැවසූහ.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.“තවත් වාර්තාවක, “නියත වශයෙන්ම (කළ) යහපතකට මුඃමින්වරයකුට අල්ලාහ් අසාධාරණයක් නොකරනු ඇත. ඒ සඳහා මෙලොවෙහි පිරිනමනු ලැබේ. මතුලොවෙහි ද ප්‍රතිඵල දෙනු ලැබේ. නමුත් දේව ප්‍රතික්ෂේපිත කාෆිර්වරයා වනාහි, අල්ලාහ් වෙනුවෙන් සිදු නොකළ යහපත් දෑ සඳහා මතුලොවට ඔහු සේන්දු වන තුරු මෙලොවෙහි පෝෂණය දෙනු ලැබේ. නමුත් ඔහු කළ කිසිදු යහපතකට එමගින් ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසැබැවින්ම කාෆිර්වරයා අවනතව යම් ක්‍රියාවක් කළ විට, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුට මෙලොවෙහි පෝෂණය ලබා දෙනු ඇත. නමුත් මුඃමින්වරයා වනාහි, ඔහු අවනතව යම් ක්‍රියාවක් කළ විට නියත වශයෙන්ම අල්ලාහ් එ්වා මතුලොවෙහි ඔහුට පිරිනමනු පිණිස සුරක්ෂිතව තබයි. එමෙන්ම ඔහුට අවනත වූ හේතුවෙන් මෙලොවෙහිද පෝෂණය සලසයි. “මුඃමින්වරයකු කළ යහපත සඳහා වූ ප්‍රතිඵල නියත වශයෙන්ම අල්ලාහ් මඟ නොහරින්නේය. එමගින් මෙලොවෙහි ඔහුට පෝෂණය ලබා දෙන අතර මතුලොවෙහි එ් සඳහා වූ කුසල් ඔහුට පිරිනමයි. නමුත් කාෆිර්වරයා වූ කල්හි, ඔහුගේ දැහැමි ක්‍රියාවන්ට සරිලන අයුරින් මතුලොවට යන තෙක් මෙලොවෙහි පෝෂණය ලබා දෙනු ඇත. නමුත් ඔහු කළ යහපතට එහි කුසල් පිරිනමනු නොලැබේ.“ නියත වශයෙන්ම දේව ප්රතික්ෂේපකයකු ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මිය යැදුණේ නම් මතුලොවෙහි ඔහුට කිසිදු කුසලක් අත් නොවන්නේය. අල්ලාහ්ට සමීප වීම පිණිස මෙලොවෙහි ඔහු සිදු කළ කිසිදු ක්‍රියාවකට ප්‍රතිඵල දෙනු නොලබන බව විද්වත්හු ඒකමතිකව පවසා ඇත. මෙම හදීසයේ ඉතා පැහැදිලිව පවසා ඇත්තේ, ඔහු කළ යහපත් දෑ වෙනුවට මෙලොවෙහි ආහාර සපයනු ලබන බවය. එනම්, ඔහු අල්ලාහ්ට සමීප වීම පිණිස ඔහු සිදු කළ ක්‍රියාවන් වෙනුවෙනි. එය යහපත් චේතනාව මුල් කර ගෙන සිදු කළ යුත්තකි. උදාහරණ වශයෙන් ඥාතී සම්බන්ධකම් පවත්වා ගැනීම, දානමාන කටයුතුවල නිරතවීම, වහලුන් නිදහස් කිරීම, ආගන්තුක සත්කාර කිරීම, ඒ හා සමාන යහපත් දෑ සිදු කිරීම. නමුත් මෙවන් දැහැමි දෑ දේව ප්රතික්ෂේපකයකු සිදු කොට පසුව ඉස්ලාමය වැළඳ ගත්තේ නම් එවිට සැබැවින්ම මතුලොවෙහි ඒ වෙනුවට කුසල් ලැබෙන බව නිවැරදි සංකල්පය බව ඔවුන් තවදුරටත් පවසා සිටිති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
رواه مسلمසලාතය සඳහා අදාන් පවසා ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලි සහිත අය වෙති. එය ඔවුන්ගේ ක්‍රියාව, ඔවුනට හිමි අධික යහපත හා ඔවුනට හිමි ඉමහත් ප්‍රතිඵලයේ පවතින ගෞරවය හේතුවෙනි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්‍රියේ කිරි හා මත්පැන් බඳුන් දෙකක් එතුමා වෙත ගෙන එන ලදී. පසුව ඒ දෙක වෙත හොඳින් බලා කිරි බඳුන ගත්හ. එවිට ජිබ්රීල් තුමා: "ස්වභාධර්මය (ඉස්ලාමය) වෙත ඔබට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා ! ඔබ මත්පැන් බඳුන ගත්තෙහි නම් ඔබේ සමූහයා නොමඟ යනු ඇත." යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත"නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී." එනම්: එතුමා වෙත මිඃරාජ් රාත්‍රිය හෙවත් ගුවන් ගමන් කළ රාත්‍රියෙහි ජිබ්රීල් තුමා මත් පැන් පිරුණු බඳුනක් හා කිරි පිරුණු බඳුනක් ගෙන ආහ. "එතුමා ඒ දෙක දෙස බැලූහ" එය ඒ දෙකින් එකක් තෝරා ගැනීමට දුන්නාක් මෙනි. කිරි බඳුන තෝරා ගැනීමට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තීරණය කොට එය අතට ගත්හ. එවිට ජිබ්රීල් තුමා: ස්වභාධර්මය හෙවත් ඉස්ලාමය වෙත මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා එනම්: ඉස්ලාමයේ හා ස්ථාවරත්වයේ සංකේතය ඔබ තෝරා ගත්තෙහිය යන්නයි. කිරි ඒ වෙත සංකේතවත් කළේ එය පානය කරන්නන් හට පිරිසිදු පිවිතුරු ඉමිහිරි පහසු පානයකි. අඩුපාඩුවලින් තොරය. ඔබ මත් පැත් ගන්නෙහි නම් ඔබේ සමූහයා ඔබ නොමඟ යවනු ඇත. බලන්න: දලීලුල් ෆාලිහීන් (7/207), රියාලුස් සාලිහීන් හි විග්‍රහය: (5/462)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, කිසිදු වරදක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත. තවද, ඔහුට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත."
رواه أحمدකවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කර ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, ඔහුට අපා ගින්නේ ඔහුගේ පාපයක් හේතුවෙන් දඬුවම් දෙනු ලැබුව ද ඔහු ස්වර් ගවාසීන් අතරින් කෙනෙකු වේ. එමෙන්ම, කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුගේ එම ෂිර් ක් (සමාන කිරීම) හේතුවෙන් ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත. ඔහුට ස්වර් ගය තහනම් වේ.
අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වදන් පහක් සමග අප අතර නැගිට සිටියහ. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: "ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. හිමිවන කොටස ඔහු (ඇතැමුන්ට) පහත් කරයි; (ඇතැමුන්ට) උසස් කරයි. රාත්‍රියේ ක්‍රියාව දහවලේ ක්‍රියාවට පෙර ද දහවලේ ක්‍රියාව රාත්‍රියේ ක්‍රියාවට පෙර ද ඔහු වෙත ආරෝහණය කරනු ලැබේ. ඔහුගේ ආවරණය ආලෝකයයි. - තවත් වාර්තාවක් අනුව, ගින්නයි - ඔහු එය නිරාවරණය කළේ නම්, ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ බැල්ම කවර මැවීමක් වෙත ළඟා වන්නේ ද ඒ සියල්ල පුළුස්සා දමනු ඇත."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සහගාමීන් අතර පරිපූර්ණ වාක්‍යය පහක් දේශනා කරන්නට නැගිට සිටියහ. ඒවා නම්: පළමුවැන්න: සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත යන වගයි. දෙවැන්න: ඔහුගේ පැවැත්ම තුළ නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. එය ඔහුගේ පරමාධිපත්‍යයේ සහ ජීවිතයේ පරිපූර්ණත්වය නිසා ය. තුන්වැන්න: සැබැවින්ම උත්තරීතර ඔහු තමා වෙත නැඟී සිටින ගැත්තන්ගේ ක්‍රියාවන් අතරින් කිරා මැන බලන දේට අනුව සහ පොළොවට බැස යන ඔවුන්ගේ සැපයුම්වලින් කිරා මැන බලන දේට අනුව තරාදිය උස් පහත් කරයි. එබැවින් සෑම ජීවියෙකුට සපයනු ලබන ඔහුගේ කොටස සහ පංගුව සුවිශුද්ධයාණන් වන ඔහු පහත් කර එය හිඟ කරයි. ඇතැම් විට එය ඉහළ නංවා එය පුළුල් කරයි. සිව්වැන්න: ගැත්තන් විසින් රාත්‍රියේ සිදු කරන ක්‍රියාවන්, ඉන් පසු පැමිණෙන දහවලට පෙර ඔහු වෙත ඉහළට ඔසවනු ලැබේ. එමෙන්ම දහවලේ සිදු කරන ඔවුන්ගේ ක්‍රියාවන්, ඉන් පසු පැමිණෙන රාත්‍රියේ ක්‍රියාවට පෙර ඉහළට ඔසවනු ලැබේ. ආරක්ෂක මලක්වරු රාත්‍රියේ සිදු කරන ක්‍රියාවන්, එය ගෙවී ගිය වහාම දහවල් ආරම්භයේ ඉහළට ගෙන යති. එමෙන්ම දහවලේ සිදු කරන ක්‍රියාවන්, එය ගෙවී ගිය වහාම රාත්‍රිය ආරම්භයේ ඉහළට ගෙන යති. පස්වැන්න: අල්ලාහ්ව දැකීමෙන් වළක්වාලන ඔහුගේ ආවරණය ආලෝකයයි. එසේ නැතහොත් ගින්නයි. ඔහු නිරාවරණය වූයේ නම් ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ මැවීම් අතරින් ඔහුගේ දෘෂ්ටියට ළඟා වන සියලු දෑ පුළුස්සා දමනු ඇත. ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ ආලෝකය, ඔහුගේ කීර්තිය හා ඔහුගේ මහිමයයි: ඔහුගේ දර්ශනය වළක්වන බාධකය වන වැස්ම ඉවත් කර, ඔහුගේ මැවීම් ඉදිරියේ ඔහු පෙනී සිටියහොත්, ඔහුගේ මුහුණේ දීප්තිය ඔහුගේ මැවීම් අතුරින් ඔහුගේ ඇසට හසුවන සෑම දෙයක්ම එනම් සියලුම මැවීම් දවාලනු ඇත. මන්ද උත්තරීතර සුවිශුද්ධයාණන් වන ඔහුගේ බැල්ම, සියලු ජීවීන් ආවරණය කරන්නක් වේ.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන්ට (තම සහගාමීන්ට) යමක් කිරීමට අණ කළ සෑම අවස්ථාවකම, ඔවුන්ට කිරීමට හැකි පහසු ක්‍රියාවන් නියම කළහ. ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අපි ඔබ වැනි අය නොවෙමු. සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇත." එවිට අල්ලාහ්ගේ දූතයාණන් කෝපයට පත් වූ අතර එම කෝපය එතුමාණන්ගේ මුහුණෙන් පැහැදිලි විය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ අතුරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි."
رواه البخاريමුඃමින්වරුන්ගේ මෑණියක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනතාවට යම් ක්‍රියාවක් කිරීමට අණ කළ විටෙක, ඔවුන්ට කිරීමට දුෂ්කර නොවන පහසු ක්‍රියාවන් කිරීමට නියම කළහ. එය ඔවුන් අඛණ්ඩව එහි රැඳී සිටීමට අපොහොසත් වේවි යැයි බිය හේතුවෙනි. එමෙන්ම එතුමාණන් ඔවුන්ට අණ කරන දේ පහසුවෙන් කිරීමට හැකිවීම ගැන සැලකිල්ලට ගනිමිනි. නමුත් ඔවුන් එතුමාණන්ට වඩා පහළින් ඇති තම නිලයන් ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ කාර්යය අතිශයෝක්තියට නැංවිය යුතු බව විශ්වාස කළ බැවින් ඔවුන්ට දුෂ්කර කාර්යයන් පවරන ලෙස එතුමාණන්ගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අගේ තත්ත්වය ඔබගේ තත්ත්වය මෙන් නොවේ. මක්නිසාදයත් සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇති බැවිනි. එවිට එතුමාණන්ගේ මුහුණෙන් කෝපය දිස්වන තරමට එතුමාණෝ කෝපයට පත්වූහ. පසුව මෙසේ පැවසූහ. "ඔබ අතරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි. එබැවින්ම මම කවර කරුණක් ඔබට නියෝග කළේ ද එය ඔබ ක්‍රියාත්මක කරන්න."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අපි ප්‍රජාවන් අතුරින් අවසානය වෙමු. විනිශ්චය කරනු ලබන පළමු අය වෙමු. 'නූගත් ජාතිය සහ එහි වක්තෘවරයා කොහේද?' යැයි විමසනු ලැබේ. එවිට අපි අවසන් සහ පළමු අය වෙමු."
رواه ابن ماجهතම ප්‍රජාව පැවැත්මෙන් හා කාලයෙන් අවසාන ප්‍රජාව වන බවත්, නැවත නැඟිටුවනු ලබන දිනයේදී විනිශ්චය කරනු ලබන ප්‍රජාවන් අතර පළමුවැන්න බවත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. නැවත නැඟිටුවනු ලබන දිනයේදී මෙසේ කියනු ලැබේ: 'උම්මි' (නූගත්) ජාතිය සහ එහි වක්තෘවරයා කොහේද?' එය එතුමාණන්ගේ ශිල්ප සාස්ත්‍රයේ එනම්, ලිවීමේ හා කියවීමේ නොහැකියාවට ආරෝපණය කර ඇත. විනිශ්චය කිරීම සඳහා පළමුව ඔවුන් කැඳවනු ලබති. මන්ද අපි කාලය හා පැවැත්ම අනුව අන්තිමයන් වන අතර, නැවත නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කිරීමේ සහ ස්වර්ගයට ඇතුළු වීමේ පළමු ප්‍රජාව වෙමු.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අපගේ සලාතය ඉටු කරන, අපගේ කිබ්ලා දෙසට මුහුණ ලා සිටින සහ අප විසින් කැපූ මස් අනුභව කරන ඕනෑම අයෙකු, අල්ලාහ්ගේ ගිවිසුම සහ ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම සතු වූ මුස්ලිම්වරයකු වේ. එබැවින් අල්ලාහ්ගේ ගිවිසුම කඩ නොකරන්න."
رواه البخاريඅපගේ සලාතය මෙන් සලාත් ඉටු කිරීමෙන්, කාබාව අපගේ කිබ්ලාව ලෙස මුහුණලා, සහ අවසර ලත් පරිදි අප විසින් කැපු මස් අනුභව කිරීමෙන් ආගමේ බාහිර චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින ඕනෑම අයෙකු අල්ලාහ්ගේ සහ ඔහුගේ දූතයාගේ විශ්වාසය සහ ගිවිසුම ඇති මුස්ලිම්වරයකු බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. එබැවින් අල්ලාහ් වන ඔහු සමඟ ඇති විශ්වාසය සහ ගිවිසුම කඩ නොකරන්න.