





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අලි ඉබ්නු රබීආ තුමා විසින් වාර්තා කරන ලදී. “මම අලී ඉබ්නු අබූ තාලිබ් -රළියල්ලාහු අන්හු- තුමා වෙත පැමිණියෙමි. එතුමා නැග යන්නට සත්වයෙකු ගෙන ආහ. එතුමාගේ පාදය එතුමා එම වාහනය මත තැබූ කල්හි: بسم الله බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙනි) යැයි පැවසූහ. ඒ මත නැග සමාන්තරව සිටි කල්හි, الحمد لله الذي سخر لنا هذا وما كنا له مُقْرِنين، وإنا إلى ربنا لمنقلبون අල්හම්දු ලිල්ලාහිල්ල දී සහ්හඃර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. (අපි එයට සමීපවීමට හැකියාවක් නොතිබුණ තත්ත්වයක සිටිය දී අපට එය වසඟ කර දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා, තවද සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙතටම පෙරළී යන්නන් වෙමු.) යැයි පැවසූහ. පසුව الحمد لله අල්හම්දු ලිල්ලාහ් (සියලු පැසසුම් අල්ලාහ්ටය) යැයි තුන්වරක් පැවසූහ. පසුව الله أكبر අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ටය) යැයි තුන්වරක් පැවසූහ. පසුව سبحانك إني ظلمت نفسي فاغفر لي إنه لا يغفر الذنوب إلا أنت සුබ්හානක ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර්ලී ඉන්නහූ ලා යග්ෆිරුද් දුනූබ ඉල්ලා අන්ත (ඔබ සුවිශුද්ධය. සැබැවින්ම මම මාහටම අපරාධ සිදු කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව. නියත වශයෙන්ම ඔබ හැර පව්වලට කිසිවකු සමාව දෙන්නේ නැත.) යැයි පැවසූහ. පසුව මඳ ලෙස සිනහසුනහ. ‘අහෝ මුඃමින්වරුන්ගේ නායකයාණනි, ඔබ කවර හේතුවක් නිසා සිනහසුනෙහිද?‘ යැයි විමසන ලදී. ‘අල්ලාහ්ගේ දූතයාණන් මා සිදු කළාක් මෙන්ම සිදු කොට පසුව එතුමා සිනහවනු මම දුටුමි. පසුව මම අල්ලාහ්ගේ දූතයාණනි!ඔබ කවර හේතුවක් නිසා සිනහසුනෙහිද‘ යැයි විමසුවෙමි. එතුමා, ‘සැබැවින්ම ඔබේ පරමාධිපති, ගැත්තකු මා හැර පාපයන් සමාව දෙන කිසිවකු නොමැතැයි දැන, මාගේ පව්වලට මට සමාව දෙනු මැනව යැයි පවසන විට ඔහු ගැන පුදුමයට පත් විය. යැයි පැවසූහ.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅලී ඉබ්නු රබීආ තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා තාබිඊන්වරුන් අතුරින් ජ්‍යෙෂ්ඨ තාබිඊන්වරයෙකි. එතුමා මෙසේ පවසා සිටියහ. මම අලී ඉබ්නු අබී තාලිබ් තුමා මුණ ගැසුණෙමි. එතුමාගේ වාහනයේ එතුමා පැමිණියේය. එකල, වාහනය යනු මහපොළොවේ ප්‍රවාහනය සඳහා යොදාගත් සිවුපාවුන්ය. එතුමා තම පාදය එම වාහනයේ තැබූ විට බිස්මිල්ලාහ් යැයි පැවසූහ. එනම්, අල්ලාහ්ගේ නාමයෙන් මම නගිමි යන්නයි. උගේ පිටමත නැග වාඩි වූ කල්හි අල්හම්දු ලිල්ලාහ් යැයි පැවසූහ. එනම්, මෙම අතිමහත් දායාදය සඳහා අල්ලාහ්මට සියලු ප්‍රශංසා යන්නයි. එම දායාදය වනාහි, එම සත්වයාගේ යටහත් පහත් භාවයයි. අපි ඌ මත කිසිදු හානියකින් තොරව සුරක්ෂිතව නැග යන්නට උෟ තුළ ඇති කළ අවනත භාවයයි. එය අපට වසග කර දුන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේය. එනම්, නැග යෑම සඳහා අපට අවනතව විය. (අප ඒ සඳහා හැකියාව දරන්නන් ලෙස නොසිටියෙමු. තවද අපි අපගේ පරමාධිපති වෙත පෙරළා යන්නන් වෙමු.) පසුව තමන් වෙත දැක්වූ ආශිර්වාදය වෙනුවට අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් පසුව වෙනත් කිසිවක් සමඟ සම්බන්ධ නොකොට (අල්හම්දු ලිල්ලාහ්) යැයි තුන්වරක් පැවසූහ. මෙසේ වාර ගණනාවක් පැවසීමට හේතුව අල්ලාහ්ගේ කීර්තිය සංකේතවත් කිරීමකි. ගැත්තා බලය නොදරන අතර අල්ලාහ් ඔහුගේ ශක්තියෙන් නිසි ශක්තිය ලබා දෙයි. ඌ අල්ලාහ්ට අවනත වී පසුව ඒ අනුව තමන්ටද අවනත වන්නට අණවනු ලැබූවකි. අල්ලාහු අක්බර් යැයි තුන්වරක් පවසයි. එය අතිශයෝක්තිය පෙන්වා දෙන්නකි. පසුව සුබ්හානක යනුවෙන් පොදුවේ මම ඔබව සුවිශුද්ධ කරමි යැයි පවසා සිටියහ. සැබැවින්ම මම මටම අපරාධ කර ගත්තෙමි. මේ ලබා දුන් ආශිර්වාදය සඳහා නොසැලකිලිමත් භාවයෙන් හෝ වැරදීමකින් හෝ බැලීමකින් හෝ කෘත්ඥවීමට අඩුවක් දක්වමින් මාගේ යුතුකම් නිවැරදිව ඉටු නොකළ බැවින් සැබැවින්ම මම මටම අරපාධ කර ගත්තෙමි, මට සමාව දෙනු මැනව යන්නයි. මාගේ ක්‍රියාවට දඬුවම් නොදී මාගේ පව් සඟවනු මැනව, නියත වශයෙන් ඔබ හැර වෙන කිසිවකු පව් සමා කරන්නේ නැත. යන ප්‍රකාශයෙන් අල්ලාහ් තමන්ට කළ ආශිර්වාද හා සමෘද්ධියට යම් අඩුවක් කර ඇති බවට වූ සංකේතයකි. පසුව මඳලෙස සිනහ වූහ. එවිට මෙසේ පවසනු ලැබීය. එනම් ඉබ්නු රබීආ විමසා සිටීය. එසේ සිනහව ඇති වීමෙන් ඔහු තුළ ඇති කළ විමතිය හෙළි නොවූ විටෙක එහි හේතුව පැහැදිලි කරන මෙන් ඔහු එතුමාගෙන් ඉල්ලා සිටියහ.එය හදීසයේ සඳහන් පරිදි විනයානුකූලව එම ප්රශ්නය එතුමාගේ විමසා සිටියහ. එවිට එතුමා වාහනයේ නැග ගමන් කරන විට ඒ ඒ ස්ථානයේ කළ ප්‍රාර්ථනාවන් මා සිදු කළාක් මෙන් නබි තුමාද සිදු කර සිටිනු මම දුටුවෙමි යැයි පැවසූහ. පසුව සිනහ සී මම අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ කවර කරුණක් හේතුවෙන් සිනහසුනෙහි ද යැයි විමසා සිටියෙමි. එතුමා නියත වශයෙන්ම ඔබගේ පාරිශුද්ධ වූ පරමාධිපති මවිතයට පත් විය යැයි පැවසීය. ඒ ගැන අලී -රළියල්ලාහු අන්හු- තුමා පවසා සිටි කල්හි ඔහුට තව තවත් කෘතගුණ සැලකිය යුතුයි යන උවමනාව හට ගැණින. එතුමා සුබ පතා සිනහසුනහ. එසේ සිනහවීම සමාන්‍ය සිනහවීමක් නොවීය. එසේ අදහස් කිරීම සුදුසු නැත. තම ගැත්තන් තමන් යටතේ සිටියද ගරුත්වයක් එකතු කරනු පිණිස කළ මඳසිනහවකි. මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට සමාව දෙන්නැයි පැවසූ විට. ඔහු දැන සිටියි. එසේ ඔහු පවසනුයේ, මා හැර පව් සමාකරන්නට කිසිවකු නැතැයි යන නොසැලකිලිමත්කමින් නොව මනා ලෙස වටහා ගනිමිනි යන්නයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "තම සහෝදරයාට ඔහුගේ ගෞරවය සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපරාධයක් කළ තැනැත්තා, දිනාර් එකක් හෝ දිර්හම් එකක් නොමැති කාලයක් පැමිණීමට පෙර එදිනම ඔහුගෙන් ඉන් නිදහස් විය යුතුය. ඔහු සතුව යහපත් ක්‍රියාවක් තිබේ නම්, ඔහු කළ අපරාධයේ ප්‍රමාණයට ඔහුගෙන් ලබයි. ඔහු සතුව යහපත් කුසල් නොමැති නම්, තම සගයාගේ නරක ක්‍රියාවලින් සමහරක් ගෙන ඔහු මත පටවනු ලැබේ."
رواه البخاريතමන් විසින් තම සහෝදර මුස්ලිම්වරයාට ඔහුගේ මාන්‍යය, ධනය, ජීවිතය කෙළෙසන පරිදි යම් අපරාධයක් සිදු වූයේ නම්, තමන් කළ වරදට අපරාධයට ලක් වූ තැනත්තාට වන්දි වශයෙන් රන් දීනාරයක් හෝ රිදී දිර්හමයක් හෝ දීමෙන් ප්‍රයෝනජවත් නොවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර මෙලොව සිටිය දීම තමන් විසින් අපරාධයට ලක් වූ එම තැනැත්තාගෙන් සමාව ඉල්ලා නිදහස් විය යුතුයි. එදින සමප්‍රතිචාර දක්වනුයේ කුසලට අකුසලය. එනම් අපරාධයට ලක්වූ තැනැත්තා අපරාධකරුගෙන් තමන්ට සිදු අපරාධයේ තරමට කුසල් අත්පත් කර ගනු ඇත. අපරාධකරු සතුව යහපත් කුසල් නොමැති නම්, අපරාධයට ලක් වූ තැනැත්තාගේ අකුසල් ගෙන අපරාධයේ තරමට අපරාධකරු මත පටවනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින් සහ චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ" මම මෙසේ ඇසුවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?" එතුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ, "අහෝ ආඉෂා! තත්ත්වය ඔවුන් එකිනෙකා බලනවාට වඩා බරපතල වනු ඇත."
متفق عليهමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතැම් තත්ත්වයන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. "මිනිසුන් ඔවුන්ගේ මිනී වලවල්වලින් අවදි කිරීමෙන් පසුව විනිශ්චය සඳහා එක් රැස් කරනු ලබති. එවිට ඔවුන් පාවහන් නොමැතිව හිස් කකුලෙන් ද, ඇඳුමක් හෝ ආවරණයක් නොමැතිව නිරුවතින් ද චර්මච්ඡේදනය නොකර ඔවුන්ගේ මවුවරුන් ඔවුන් ප්‍රසූත කල මුල් උපන් තත්ත්වයේ ද සිටිති." මේ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සවන් දුන් කල්හි, ඇය මවිතයට පත්ව මෙසේ විමසා සිටියාය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණෙනි! පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනා, එකිනෙකා දෙස බලා සිටිනවා නොවේ ද?!" එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ: "මිය ගොස් යළි අවදි කර පසු නවතින, එක්රැස් කරනු ලබන ස්ථානයේ පවතින බිහිසුණුකම හමුවේ ඔවුනොවුන් රහස්‍ය පෙදෙස් වෙත ඔවුන්ගේ බැල්ම හෙළන තරමට සැළකිල්ලක් එදින නොවනු ඇත.
උසුමා ඉබ්නු සෙයිද් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යම් ප්‍රදේශයක කොළරා රෝගීන් පිළිබඳ ඔබ සවන් දුන් විට ඔබ එහි නොපිවිසෙනු. එය යම් ප්‍රදේශයක තිබී, ඔබද එහි සිටින්නෙහු නම් ඔබ එයින් බැහර නොවනු.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතයම් කිසි ප්‍රදේශයක වසංගතයක් පැතිර ඇත්නම් මිනිසා එහි පිවිසීමෙන් වැළකී සිටිය යුතුයි. තමන්ගේ සෞඛ්‍යත්වය හා සෙස්සන්ගේ සෞඛයත්වය ආරක්ෂා කර ගනු වස් එහි පිවිසීම ඔහුට සුදුසු නොවෙයි. තමන් ජීවත්ව සිටින භූමියේ එම රෝගය පැතිර ඇත්නම් ඉන් පිට වීම ඔහුට සුදුසු නොවෙයි. අල්ලාහ්ගේ නියමය අනුව තමන්ට කුසල් ලියනු ලබනු පිණිස ඒ මත ඉවසීමෙන් සිටිය යුතු වේ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වරක් අෂජ්ජි අබ්දුල් කයිස් බලා "නියත වශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්‍රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. එනම්: තීක්ෂන බුද්ධිය හා ඉවසීමය." යැයි පැවසුහ.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අබ්දුල් කයිස් ගෝත්‍රයේ නායකයා වූ මුන්දිර් ඉබ්නු ආඉද් අෂජ්ජි තුමාට මෙසේ පැවසූහ: "නියතවශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්‍රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. ඒ දෙක නම්: තීක්ෂන බුද්ධිය හා ඉක්මන් නොවන සත්‍යාපනය හා ගාම්භීරත්වය."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි. පසුව අහස් වැසියන්ට ද මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු (දේවදූතයන්) ආදරය කරති. පසුව පොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ඇත. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම අල්ලාහ් පුද්ගලයකුට වෛර කර ඇත. ඒ නිසා ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. එවිට පොළොවෙහි වෛරය ඔහුට නියම වනු ඇත."
صحيح مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කරන, ඔහුගේ නියෝගවලට අවනත වන, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින ඔහුගේ ගැත්තෙකුට ආදරය කළ විට, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි:" 'සැබැවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කරයි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, මලක්වරුන්ගේ ප්‍රධානී ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ද ඔහුට ආදරය කරයි. පසුව අහස් වාසී මලක්වරුන් කැඳවා ඔවුන් අතර මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම ඔබේ පරමාධිපතියාණන් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු ඔහුට ආදරය කරති. පසුව පොළොවේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර පිළිගැනීමට ඔහු ව ලක් කරනු ඇත. ඒ අනුව ඔවුහු ඔහුට ආදරය කරති. ඔහු වෙත නැඹුරු වෙති. එමෙන්ම ඔහු ගැන තෘප්තිමත් වෙති. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'සැබැවින්ම මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් පුද්ගලයකුට වෛර කර ඇත. එබැවින් ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. පසුව පොළොවෙහි දේවත්වය විශ්වාස කරන අයගේ හදවත් තුළ ඔහුට වෛරය නියම වනු ඇත. ඔවුන් ඔහු සමග ක්‍රෝධ වෙති, ඔහුව පිළිකුල් කරති.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු අල්ලාහ් හමුවීමට ප්‍රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්‍රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.“ එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි, එය මරණය පිළිකුල් කිරීම ද? එසේ නම් අපි සියලු දෙනා මරණය පිළිකුල් කරන්නෙමු ද යැයි පැවසුවෙමි. එවිට එතුමා, “එය එසේ නොවේ. නමුත් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයකු අල්ලාහ්ගේ කරුණාව, ඔහුගේ තෘප්තිය, ඔහුගේ ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වනු ලැබූ විට අල්ලාහ්ව හමුවීමට ඔහු ප්‍රිය කරනු ඇත. එවිට අල්ලාහ් ද ඔහුව හමුවීමට ප්‍රිය කරයි. දෙවියන් ප්‍රතික්ෂේප කරන අයකුට අල්ලාහ්ගේ දඬුවම ඔහුගේ කෝපය ගැන දන්වනු ලැබූ විට ඔහු අල්ලාහ්ව හමුවීම පිළිකුල් කරයි. අල්ලාහ් ද ඔහු හමුවීමට පිළිකුල් කරයි.“ යනුවෙන් පැවසුහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා “කවරෙකු අල්ලාහ් හමුවීමට ප්‍රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු හමුවීමට ප්‍රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.“ යනුවෙන් පැවසූහ. එවිට ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය, “අල්ලාහ්ගේ දූතයාණනි, එය මරණය පිළිකුල් කිරීම ද? එසේ නම් අපි සියලු දෙනා මරණය පිළිකුල් කරන්නෙමු“ යැයි පවසා සිටියාය. එවිට එතුමා, “එය එසේ නොවේ.“ යැයි පවසා තවදුරටත් “සැබැවින්ම මිනිසා අල්ලාහ් හමුවීමට ප්‍රිය කරන විට අල්ලාහ් ද ඔහු හමුවීමට ප්‍රිය කරයි. එනම්, සැබැවින්ම දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයකු වනාහි, ඔහු ස්වර්ගයේ සූදානම් කර ඇති කුසල් ත්‍යාගය, උසස් පිරිනැමීම් පිළිබඳ විශ්වාස කොට ඒවා ප්‍රිය කරන විට මෙලොව අල්ප යැයි සලකා එයට වැදගත්කමක් නොදී තමන් ඊටත් වඩා යහපත් තැනකට යන්නට සිටින බව හඳුනා ගෙන කටයුතු කරන විට, ඔහු අල්ලාහ් හමුවීමට ප්‍රිය කරනු ඇත. විශේෂයෙන් එය මරණ අවස්ථාවය. අල්ලාහ්ගේ තෘප්තිය හා කරුණාව පිළිබඳ ශුභාරංචි දන්වා සිටින අවස්ථාවේ අල්ලාහ් හමු වීමටත් ඔහු වෙත යෑමටත් ප්‍රිය කරයි. එවිට අල්ලාහ් ද ඔහු හමුවීමට ප්‍රිය කරනු ඇත. නමුත් දේව ප්රතික්ෂේපකයකු වූ කලී, අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය ගැන දන්වා සිටිනු ලබන අවස්ථාවේ අල්ලාහ් මුණ ගැසීමට පිළිකුල් කරයි. එවිට අල්ලාහ් ද ඔහුව මුණ ගැසීමට පිළිකුල් කරනු ඇත.“ තවත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. සැබැවින්ම දේව ප්රතික්ෂෙකයාගේ ආත්මය වනාහි, තමන් කෙරෙහි ඇති කෝපය හා ක්‍රෝධය ගැන දන්වා සිටිනු ලැබ තම ආත්මය ශරීරයෙන් ඉවත් වන විට එය බැහැර වීමට ප්‍රතික්ෂේප කරයි. එහෙයින් දේව ප්රතික්ෂේපකයාගේ ප්‍රාණය ඉවත් වන විට තෙත් පනාවකින් රෝම ඉවත් කරන්නාක් මෙන් පවතියි. එනම් තම ආත්මය ශරීරයෙන් පිටවීමට ඔහු පිළිකුල් කරයි. හේතුව ඔහුට නපුරු දෑ ගැන ශුභාරංචි දන්වා ඇති බැවිනි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි. “අපරාධකරුවන් මරණ වේදනාවේ සිටිනු ඔබ දුටුවේ නම්, මලක්වරු තම අත් විහිදුවාලමින් නුඹලාගේ ප්‍රාණ නුඹලාම ඉවත් කරනු යැයි පවසති.“ මෙය ඔවුන්ගේ ප්‍රාණවල අභාග්යයයි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! තම ප්‍රාණය ඉවත් කිරීම ඔවුහු ප්‍රිය නොකරති. නමුත් මලක්වරු නුඹලාගේ ප්‍රාණයන් නුඹලා ඉවත් කරනු යැයි පවසා සිටිති.එවිට ශුභාරංචි දන්වා සිටින විට ශරීරයෙන් වෙන්ව පවතී. මලක්වරුන් තෙත් රෝම පනාවකින් ඉවත් කරන්නාක් මෙන් එය ඉවතට එන තෙක් ගලවා ගනිති. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි.“සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙලොවෙහි පිහිටා ඇති සය්හාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන ගංගාවන් හතර ස්වර්ගයේ ගංගාවන් අතුරින් වන බව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වර්ණනා කළහ. ඇතැම් විද්වත්හු පවසන අන්දමින්, සැබෑ ලෙසින්ම ඒවා ස්වර්ගයේ ගංගාවන්ය. නමුත් මෙලොවට පහළ කරනු ලැබූ කල්හි මෙලොවෙහි ගංගාවන් ඒ මත ගලා ගොස් ඒවා මෙලොවෙහි ගංගාවන් බවට පත් වී ඇති බවයි.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තමන් වෙත හූණන් මරා දමන මෙන් නියෝග කළ බවත් තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකුව සිටි බව පැවසූ බවත්.උම්මු ෂරීක් -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහූනා මරා දමන මෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කර ඇත්තාහ. එමෙන්ම සැබැවින්ම ඌ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමා ගින්නෙහි සිටින විට එහි ගිනි දළු දැඩි කරනු පිණිස ගින්නට පිඹූ බවත් එතුමා දන්වා සිටියහ. ඒකීයත්වයට පත් කොට අවංකව ඉස්ලාමය පිළිපදින්නන්ට උගේ පූර්ණ විරුද්ධත්වය ඇති බව මෙමගින් පෙන්වා දෙයි.