





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා අතා ඉබ්නු අබී රබාහ් තුමාට මෙසේ කීවේය: “මම ඔබට ස්වර්ගයේ වැසියන්ගෙන් කාන්තාවක් පෙන්වන්නද?” හෙතෙම: ‘එසේය.’ යැයි පැවසීය. එතුමා: මෙසේ කීවේය: “මේ කළු කාන්තාව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසුවාය: ‘මම අපස්මාරයෙන් පෙළෙන අතර, (එහි ප්‍රතිඵලයක් ලෙස) මගේ ශරීරය නිරාවරණය වේ. එබැවින් ඔබ මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින්න.’ එතුමාණෝ ඇයට මෙසේ කීහ: ‘ඔබ කැමති නම්, ඉවසිලිවන්ත වන්න, එවිට ඔබට ස්වර්ගය හිමි වනු ඇත. නැතහොත්, ඔබ කැමති නම්, ඔබව සුව කරන ලෙස මම අල්ලාහ්ගෙන් අයැද සිටිමි.’ ඇය මෙසේ පැවසුවාය: ‘මම ඉවසිලිවන්තව සිටිමි.’ පසුව ඇය මෙසේ පැවසුවාය: ‘නමුත් මම නිරාවරණය වෙමි, එබැවින් මා නිරාවරණය නොවන්නට අල්ලාහ්ගෙන් ඔබ අයැද සිටින්න.’ පසුව එතුමාණෝ ඇය වෙනුවෙන් අයැද සිටියහ.
متفق عليهඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා අතා ඉබ්නු අබී රබාහ් තුමාට: “මම ඔබට ස්වර්ගයේ වැසියන්ගෙන් කාන්තාවක් පෙන්වන්නද?” යැයි විමසා සිටියේය. අතා තුමා: ‘එසේය.’ යැයි පැවසීය. එතුමා: මෙසේ කීවේය: “මේ කළු කාන්තාව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසුවාය: 'මට රෝගයක් වැළඳී ඇත. ඒ හේතුවෙන් මම අපස්මාරයෙන් පෙළෙමි. එවිට මම නිරාවරණය වෙමි. මා නොදැනුවත්වම මගේ ශරීරයේ කොටස් හෙළි වන්නේය. ඔබ මට සුවය පතා මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින්න.’ එතුමාණෝ ඇයට මෙසේ කීහ: "ඔබ කැමති නම්, ඉවසිලිවන්ත වන්න. එවිට ඔබට ස්වර්ගය හිමි වනු ඇත. ඔබ කැමති නම්, ඔබව සුව කරන ලෙස මම අල්ලාහ්ගෙන් අයැද සිටිමි.’* ඇය මෙසේ පැවසුවාය: ‘මම ඉවසිලිවන්තව සිටිමි.’ පසුව ඇය මෙසේ පැවසුවාය: 'මා නිරාවරණය නොවන්නට අල්ලාහ්ගෙන් ඔබ අයැද සිටින්න.’ පසුව එතුමාණෝ ඇය වෙනුවෙන් අයැද සිටියහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව උම්මු දර්දා සහ අබූ දර්දා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. “මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි. නියම කරන ලද මලක්වරයකු ඔහුගේ හිස අසළ සිට තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම කලකම එසේ පත් කරන ලද මලක්වරයා ඒ වෙනුවෙන්, ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබට ද එසේම වේවා‘ යැයි පවසනු ඇත.“
رواه مسلمමුස්ලිම්වරයකු තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. මක්නිසාද යත් එය වඩාත් අවංකව සිදු කරන බැවිනි. එසේ ප්‍රාර්ථනා කරන්නාගේ හිස අසළ නියම කරන ලද මලක්වරයකු වෙයි. තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම අවස්ථාවකම ඔහු වෙනුවෙන් පත් කරන ලද මලක්වරයා: ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබ ප්‍රාර්ථනා කළ දෑ ඔබට ද හිමි වේවා‘ යැයි පවසනු ඇත.
අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අවශ්‍යතාවක් සපුරා දෙන මෙන් ඉල්ලා කෙනෙකු තම සභාගැබ ඉදිරියට පැමිණියේ නම් එවිට එතුමා “නුඹලා මැදිහත් වී පෙනී සිටිනු. නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනු අැත. අල්ලාහ් ඔහුගේ නබිවරයාගේ දිවෙන් තමන් කැමති දෑ තීන්දු කරනු අැත.“ තවත් වාර්තාවක (ඔහුගේ අභිමතය පරිදි) යැයි සඳහන් වී ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසය මූලික හා වඩාත් ප්‍රයෝජනවත් කරුණක් අන්තර්ගත වූවකි. එනම්, නියත වශයෙන්ම ගැත්තා යහපත් කටයුතුවලදී යුහුසුළු විය යුතුය. එහි අරමුණු හා එහි ප්‍රතිඵල ලැබුණ ද ඉන් කොටසක් ලැබුණ ද ඉන් කිසිවක් පූර්ණව නොලැබුණද එය එක හා සමානය. එය ප්‍රධානීන්, නායකින් හා අදාළ අවශ්‍යතාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නන් ඉදිරියේ අවශ්‍යතා ඇත්තන් වෙනුවෙන් මැදිහත්ව පෙනී සිටිනවාක් මෙනි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා තම මැදිහත් වීම පිළිගනුයේ කෙසේද යන්න ගැන අවබෝධයක් නොමැති නිසා එහි කැපවීමෙන් වැළකී සිටිති. ඒ හේතුවෙන් අල්ලාහ්ගෙන් ලැබෙන බොහෝ යහපත් දෑ තමන් අහිමි කර ගනු ඇත. එමෙන්ම තම සහෝදර මුස්ලිම්වරයා ඉදිරියේ තමන් හඳුන්වා දෙනු ලැබීම ද අහිමි කර ගනු ඇත. එහෙයින් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ් ඉදිරියේ ප්‍රතිඵල නෙළාගනු පිණිස ඔහු ඉදිරියේ අවශ්‍යතා ඇත්තන් වෙනුවෙන් මැදිහත් වෙමින් ඔවුනට සහාය වීමට අණ කර ඇත්තාහ. එතුමා, “නුඹලා මැදිහත් වී පෙනී සිටිනු. නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනු අැත.“ එහෙයින්, සැබැවින්ම යහපත සඳහා මැදිහත් වීම අල්ලාහ් සතුටට පත් කරවන්නකි. එමෙන්ම ඔහු තෘප්තියට පත් කරවන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “කවරෙකු යහපත් මැදිහත් වීමකින් කෙනෙකු වෙනුවෙන් මැදිහත් වන්නේ ද ඉන් කොටසක් ඔහුට හිමිවනු ඇත.“ (සූරා අන්-නිසා: 85) ඒ සමගම ඉදිරියේ ඇති ප්‍රතිඵල ඉක්මණින් ඔහුට ලැබෙනු ඇත. එමෙන්ම තම සහෝදරයා සමග යහපත් ලෙස කටයුතු කිරීමට හා උපකාර කිරීමට යුහුසුළු වනු ඇත. තම අතින්ම සිදු කර දෙනු ඇත. අතැම් විට ඔහුගේ මැදිහත් වීම හේතුවෙන් කවර කරුණක් සඳහා ඔහු මැදිහත් වන්නේද එය පූර්ණව හෝ ඉන් කොටසක් හෝ ලබන්නට හේතුවක් වෙයි. එය සිදුවක්නකි. ලැබීම හෝ නොලැබීම යන දෙකම ඇති යහපත් හා දැහැමි කටයුතුවලදී කැපවීම යනු තමන්ට ඉක්මන් යහපත ගෙන දෙන්නකි. යහපත සඳහා උපකාර කිරීමට සිත්වලට කියා පාන්නකි. සිදු වීමට අපේක්ෂා කරනු ලබන්නාවූ එමෙන්ම තහවරු කරනු ලබන්නා වූ මැදිහත් වීම් තුළින් නැගී සිටීමට මුල පුරවන්නකි. “අල්ලාහ් ඔහුගේ නබිවරයාගේ දිවෙන් තමන් කැමති දෑ තීන්දු කරනු අැත“ යන එතුමාගේ ප්‍රකාශය වනාහි, යම් කරුණක් සිදු වීම හෝ ලැබීම හෝ නොලැබීම හෝ සම්බන්ධයෙන් ඔහුගේ අනු දැනුමට පෙර වූ දෑ ගැන අදහස් නොකරයි. මෙය ඉල්ලා සිටිනුයේ, මැදිහත් වන්නටය. කුසල් පිහිටනුයේ එය සම්බන්ධව කටයුතු කිරීමෙනි. එය ඔහු කවර දෙයක් වෙනුවෙන් මැදිහත් වන්නේ ද එය ලැබුණත් එය ලැබීමෙන් යමෙකු වැළැක්වූවත් එක සමානය.
අබූ අබ්දුර් රහ්මාන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන්ව දකින්නාක් මෙනි. එතුමා නබිවරුන් අතුරින් නබිවරයකු ගැන කතාවක් පැවසූහ. (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) ඔහුගේ සමූහයා ඔහුට පහර දී ලේ ගලන තරමට තුවාල කළෝය.ඔහු තම මුහුණෙන් එම ලේ පිස දමමින් මෙසේ පැවසීය. අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅපගේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නබිවරුන් අතුරින් නබිවරයකු පිළිබඳව කතාවක් පැවසූහ. නියත වශයෙන්ම ඔහුගේ සමූහයා ඔහුට පහර දුන්නෝය. එවිට ඔහු තම මුහුණින් එම ලේ පිස දමා ඔවුන් වෙනුවෙන් ඔහු සමාව අයැදි සිටියේය. මෙය ඉවසීමේ හා දරාගැනීමේ උච්චතම අවස්ථාවයි. එපමණක් නොව ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් සීමා කර ගත්තේ නැත. ඔවුනට සමාව ද දුන්නේය. එය ඔවුන් කෙරෙහි දක්වන ආදරයේ ඉහළ අවස්ථාවයි. හේතුව ඔවුන් කරුණුවල යථාර්ථය ගැන නොදැනුවත් බැවිනි.
යම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත්වී ඔවුහුන් කළ පාපයන් හා දූතවරයාගේ සෑම කර්මයක්ම ප්‍රතික්ෂේප කළ බැවින් මෙම විනාශයට ඔවුහුන් ප්රාත්රවේ ඒ් මගින් දූතවරයා තෘප්තිමත්වේ යන
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතයම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත්වී ඔවුහුන් කළ පාපයන් හා දූතවරයාගේ සෑම කර්මයක්ම ප්‍රතික්ෂේප කළ බැවින් මෙම විනාශයට ඔවුහුන් ප්රාත්රවේ ඒ් මගින් දූතවරයා තෘප්තිමත්වේ යන ඉහත සදහන් හදීසයේ අර්ථකථනය වනුයේ කෙනෙකු තමන්ගේ බලය හා දෙවිදුන් වන අල්ලාහ් ලබා දුන් හාස්කමෙන් අන් අය කෙරෙහි කන්නලව්වී ඉදිරිපත්වි අන් අයට කුමන දෑ අවශ්‍යවේද ඒය ලබාදීම පිණිස උත්සාහ කරයි තවද තවත් හදීසයක මෙසේ සදහන්වී තිබේ අවසාන දිනෙයහි පිරිනමනු ලබන හව්ලුල් කව්සර් නම් තටාකය මට අයත් දෙයකි ඒය ප්‍රථමයෙන් භුක්තිවිදිනේ මාද ඔබලාට ලබා දෙන්නේද මාවිසින්ය යන අදහසින් නබි තුමා කීවේය තවද යම් ගෝත්‍රයක් ඒම ගෝත්‍රයට අයත් දූතවරයා ප්‍රානවත්ව සිටින වාතාවරණයේද ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් නූහ් නබිවරයා හා අන් නබිවරැන් ඉදිරිපිට ඒම කල්ලියද තවත් අති විශාල ප්රතික්ෂේපකරැවන් කෙසේ විනාශ කලේද ඒසේම විනාශ කරයි යන අදහසින් පැවසූහ ඒනමුත් උතුම්වු නබිතුමානන්හට ඒතුමාගේ අනුගාමිකයින්ටද ගෝත්රකයින්ටද ඒසේ දැඩි දඩුවමක් ලබා නොදුන්හ ඒ් සම්බන්ධව දෙවිදුන් වන අල්ලාහ් මෙසේ අල්කර්අානයේ පවසයි ඔී නබි තුමණී අප නුඹව සකල ලෝවැසියන්ටම අාශිංසණයක් මිස නොයැව්වමු (සූරා අන්බියා107) තවත් ස්ථානයක් මෙසේ පවසයි ඔී නබි තමණී නුඹ ඔවුන් සමග සිටින තාක් අල්ලාහ් ඔවුනට පූර්ණව දඩුවම් කරන්නා ලෙස නැත තවද ඔවුන් පාපවලට සමාව අයදින තත්වයෙහිද අල්ලාහ් ඔවුනට පූර්ණව දඩුවම් කරන්නා ලෙසද නැත සූරා අන්පාල් (33) නබි තුමාණන්හට දෙවිදුන් වන අල්ලාහ් පොරොන්දු දී අැත ඒතුමාගේ උම්මත්වරැන් කෙරෙහි අල්ලාහ් ඒසේ දඩුවම් කරන්නේද නැත මන්ද යනු ඒතුමාගේ පරිත්‍යාගය කරැණාව දේවභක්තිය ඉවසීම යන වචනයෙන් නිමා කළ නොහැකි පිරිපුන්වූ සත් ගුණාංග මගින්ය
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.))
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසකරිය්යා -අලය්හිස් සලාම්- තුමා රැකියාවක නිරත වී එමගින් මුදල් ඉපැයූ බවත් එය වඩු කර්මාන්තය වූ බවත් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙම හදීසයේ දන්වා සිටියහ.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ මට මෙසේ පැවසූහ. “ඔහු ජිබ්රීල්ය. ඔබ වෙත සලාම් පැවසීය.“ එවිට මම “වඅලය්හිස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු (ඔහු කෙරෙහිද ශාන්තිය ද අල්ලාහ්ගේ රහ්මතය ද ඔහුගේ සමෘද්ධිය ද අත්වේවා) යැයි පැවසුවෙමි“ යැයි පවසා සිටියාය. ඇතැම් පූර්ව සාධක සහිත වාර්තාවල සඳහන් වනුයේ මෙලෙසය. බුහාරි හා මුස්ලිම්හි වබරකාතුහු යන ප්‍රකාශය සඳහන්ව ඇති නමුත් ඇතැම් වාර්තාවල එම ප්‍රකාශය සඳහන් වන්නේ නැත.විශ්වාසවන්තනීය වාර්තාකරුගේ වැඩිපුර වාර්තාකරනය පිලිගනු ලැබේ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමණෝ, “අහෝ ආඉෂා! මොහු ජිබීරීල්ය. ඔබ වෙත සලාම් පැවසීය“ යැයි ඇය වෙත පවසා සිටියහ. තවත් වාර්තාවක “ඔබට ඔහු සලාම් පවසයි“යැයි සඳහන් වී ඇත. එනම්: ඔබ වෙත සලාම් පිළිගන්වයි ඉස්ලාමයේ පැතුමෙන් ඔබට සුබ පතයි යන්නය. එවිට ආඉෂා තුමිය, “වඅලය්හිස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු“ (ඔහුට ශාන්තිය, අල්ලාහ්ගේ කරුණාව, හා ඔහුගේ සමෘද්ධිය හිමිවේවා.) යැයි පවසා සිටියාය. සූරා නිසා 86 වැනි පාඨයේ සඳහන් “ඔබ යම් පැතුමකින් පතනු ලබන්නෙහු නම්, ඊට වඩා යහපත් දැයකින් පතනු. එසේ නැතිනම් එයම පතනු“ යැයි අල්ලාහ්ගේ ප්‍රකාශය ක්‍රියාවට නංවමින් ඇය එම සුබපැතුමට වඩා යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වූවාය. එය සුන්නාවකි. ආඉෂා-රළියල්ලාහු අන්හා- තුමියගේ ප්‍රකාශයට අනුව කෙනෙකු තවත් කෙනෙකු වෙත සලාම් පවසා යවන්නේ නම්, “වඅලෙයිහිස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු“ යනුවෙන් ප්‍රතිචාර දක්වනු ලැබිය යුතුය. ඔහු “අලය්ක වඅලය්හිස් සලාම්“ යැයි හෝ “අලය්හි වඅලෙයිකස් සලාම්“ වරහ්මතුල්ලාහි බවරකාතුහු) යැයි හෝ පැවසීම යහපත්ය. හේතුව සලාමය දන්වා සිටින්නා යහපත් පුද්ගලයකි. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම ඔහුට ප්‍රමාණවත් වනු ඇත. නමුත් වසිය්යත් (අන්තිම කැමැත්ත) වශයෙන් ඔහු වෙත මාගේ සලාමය දන්වන්න යැයි කෙනෙකු පවසා ඇත්නම් එය ඔබ දන්වා සිටීම අනිවාර්යය ද නැද්ද? යැයි බලන කල, ඉස්ලාමීය විද්වත්හු මෙසේ ප්‍රකාශ කරති: එය ඔහු ඔබට අනිවාර්යය කර ඇත්නම්, ඔබ වෙත අනිවාර්යය වන්නේය. උත්තරීතර අල්ලාහ් සූරා නිසා 58 වැනි පාඨයේ මෙසේ පවසා ඇත.‘පැවරුනු වගකීම් එහි හිමිකරුවන්ට ඉටු කරන මෙන් අල්ලාහ් නුඹට නියෝග කරයි.“ මාගේ සලාමය ඔහුට දන්වන්නැයි පවසා නිහඬව සිටියේ නම් හෝ ඔබට මතක් වූ විට දන්වන්නැයි හෝ ඒ හා සමාන ප්‍රකාශයක් කර ඇත්නම් එවිට ඔබට මතක් වූයේ නම් හැර ඔහු වෙත දන්වා සිටීම අනිවාර්යය නොවේ. එසේ මතක් වූ විට සලාම් පැවසීම ඔහුට අනිවාර්යය වේ. නමුත් වඩාත් යහපත් වන්නේ මෙලෙස මිනිසෙකුට නොපැවරීමයි. හේතුව ඇතැම් විට එය ඔහුට දුෂ්කර වන්නේය. නමුත් මා ගැන ඔහු විමසූ විට මාගේ සලාමය දන්වන්නැයි පවසා සිටිය හැක. එය වඩාත් යහපත්ය. එසේ යමෙකුට පැවරීම ප්‍රයෝජනවත් නොවන කටයුත්තකි. හේතුව ඔබ නිසා ඔහු ලැජ්ජාවට පත් වනු ඇත. ඔහු එසේය මම ඔබේ සලාමය දන්වා සිටිමි යැයි පවසා අමතක වූයේ නම් හෝ දිගු කාලයක් ගතවී නම් හෝ ඒ හා සමාන වෙනත් දෙයක් සිදුවූයේ නම් හෝ එවිට එය නොදන්වා සිටි හේතුවෙන් ඔහු ලැජ්ජාවට පත් වෙයි.
රිෆාආ ඉබ්නු රාෆිඃ අස් සුර්කී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ජිබ්රීල් අලය්හිස් සලාම් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණල ඔබ අතර සිටින බද්ර් වාසීන් ගැන ඔබ ගණන් ගෙන ඇත්තේ කුමක් දැ?යි විමසා සිටියහ. එතුමා, ඔවුහු මුස්ලිම්වරුන් අතර සිටින වඩාත් භාග්යමත්ම උදවිය යැයි පැවසූහ.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතකීර්තිමත් සහාබිවරයකු වූ රිෆාආ -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙය අපට දන්වා ඇත. එනම්, ජිබ්රීල් අලය්හිස් සලාම් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ බද්ර් යුද්ධයේදී දිවි පිදූවන්ගේ තත්ත්වය කුමක්දැ?යි විමසා සිටියහ. සැබැවින්ම අල්ලාහ් තම නබිවරයාට හා ඔහු සමග සිටි දේව විශ්වාසවන්තයින්ට ඉමහත් ජයග්‍රහණයක් ලබා දුන්නේය. එවිට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් මෙසේ පවසා සිටියහ, අප අතර සිටින මුස්ලිම්වරුන්ගෙන් වඩාත් භාග්යමත්ම උදවිය මොවුහුය. එවිට ජිබ්රීල් තුමා එයට පිළිතුරු වශයෙන්: එපමණක් නොව ඔවුහු එහි සහභාගී වූ අතර මලක්වරුන් සමග එක්ව යුද වැදුණහ.යයි කීහ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
رواه مسلمප්‍රදේශයක අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථානය මස්ජිද් වේ. මක්නිසාදයත් ඒවා නැමදුම් කිරීමේ නිවෙස් වන බැවිනි. ඒවා ස්ථාපනය කර ඇත්තේ භක්තියෙන් යුතුව ය. එමෙන්ම ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත් පිළිකුල් සහගත ස්ථාන එහි ඇති කඩසාප්පු වේ. මක්නිසාදයත් බොහෝ වේලාවට එම ස්ථානවල වංචාව, දූෂණය, පොලිය, බොරු දිවුරුම්, ප්‍රතිඥා කඩ කිරීම් හා අල්ලාහ්ව මෙනෙහි කිරීමට බාධා පමුණුවන අවස්ථාවන් විය හැකි බැවිනි.