





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. එවිට මිනිසකු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ගැන තොරතුරු මම ඔබට දන්වන්නම් යැයි පවසා ඔහු වෙත ගියේය. එවිට ඔහු තම නිවසේ හිස නමමින් වාඩි වී සිටිනු දුටුවේය. එවිට ඔහු: "ඔබේ කරුණ කුමක් දැ?"යි විමසා සිටියේය. ඔහු 'නපුරකි' නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළින් තම හඬ පැවතුනු බවත් එහෙයින් තම ක්‍රියාව නිෂ්ඵල වී ඇති බවත්, තමන් අපාගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී ඇති බවත් පවසා සිටියේය. පසුව එම මිනිසා පැමිණ සැබැවින්ම ඔහුගේ තත්ත්වය මෙසේ මෙසේ යැයි ැන්වීය. පසුව ඔහු නැවතත් හැරී ගියේ අතිමහත් ශුභාරංචියක් සමගය. එනම් එතුමාණෝ: ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. ඔහු ගැන එතුමාණෝ විමසා සිටියහ. එවිට මිනිසකු මම ඔහුගේ තොරතුරු හා නොපැමිණීමට හේතුව දැන එමි යැයි පැවසීය. පසුව ඔහු වෙත ඔහු ගියේය. එවිට ඔහු තම නිවසේ හිස පහත් කර දුකින් සිටිනු දුටුවේය. "ඔබේ කරුණ කුමක් දැ?"යි ඔහු විමසා සිටියේය. එවිට සාබිත් තුමා තමන් අත්වී ඇති නපුර ගැන ඔහුට දන්වා සිටියේය. හේතුව සැබැවින්ම ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළ හඬකින් කතා කරන්නෙකු විය. සැබැවින්ම එම ක්‍රියාව හේතුවෙන් තම ක්‍රියාවන් නිෂ්ඵල වන බවත් නිරා වාසීන් අතරට පත්වන බවත් අල්ලාහ් තර්ජනය කර ඇත. පසුව එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඒ ගැන තොරුතුරු දන්වා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "නැවත හැරී ගොස් සැබැවින්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු නොව, ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු බව ඔහුට ශුභාරංචි දන්වා සිටින" මෙන් ඔහුට නියෝග කළහ. ඊට හේතු වූයේ, සැබැවින්ම ඔහුගේ හඬ සහජයෙන්ම උස් හඬක් වූ බැවිනි. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශකයා වූ අතරම අන්සාර්වරුන්ගේ ද ප්‍රකාශකයා ද විය.
තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. "අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."
رواه مسلمසලාතය සඳහා අදාන් පවසන මුඅද්දින් වරයාට සවන් දුන් කෙනෙකු ඔහුගෙන් පසුව ඔහුගේ ප්‍රකාශ හා සමානව පවසා ඊට ප්‍රතිචාර දක්වන මෙන් ද 'හය්යඅල' යන පද දෙකෙහි 'ලා හව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහ්' යැයි පවසා ප්‍රතිචාර දක්වන මෙන් ද අදාන් අවසන් වූ පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පවසන මෙන් ද එසේ කවරෙකු එතුමාණන් වෙත එක් සලවාතයක් පවසන්නේ ද ඒ හේතුවෙන් ඔහුට අල්ලාහ් දසවාරයක් සලවාත් පවසනු ඇතැයි ද එතුමාණෝ මඟ පෙන්වූහ. අල්ලාහ් තම ගැත්තන් හට සලවාත් පැවසීම යනු මලාඉකාවරුන් ඉදිරියේ ගැත්තා ගැන ඔහු අගය කිරීමය. පසුව එතුමාණන් වෙනුවෙන් වසීලතය අල්ලාහ්ගෙන් පතන මෙන් එතුමාණෝ නියෝග කළහ. එය ස්වර්ගයේ වූ නිලයකි. එය උසස් නිලයකි. උත්තරීතර අල්ලාහ්ගේ සමස්ත ගැත්තන් අතරින් එක් ගැත්තෙකුට හැර එම නිලය ගැළපෙන්නේ නැත, සුදුසු වන්නේ නැත. එම ගැත්තා මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි යැයි එතුමාණෝ පැවසූහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය පවසා සිටියේ නිහතමානීවය. එම උසස් නිලය එක් අයකුට හැර වෙනත් කිසිවකුට නොවන්නේ නම්, එම නිලය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හැර වෙනත් කිසිවකුට විය නොහැක. හේතුව සැබැවින්ම එතුමාණන් මැවීම් අතරින් වූ ශ්‍රේෂ්ටතම මැවීම වන බැවිනි. පසුව කවරෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් 'වසීලාව' පැතුවේ ද ඔහුට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ෂෆාඅත් හෙවත් මැදිහත්වීම ලැබෙනු ඇත.
උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්‍යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.
رواه مسلمඋස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ෂෙයිතාන් මා හා මාගේ සලාතය අතර බාධා කරයි. එහි පැවතිය යුතු භක්තිය මගෙන් වළක්වාලයි. මාගේ පාරායනය මට අවුල් කරයි. එහි සැකය ඇති කරයි" යනුවෙන් පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) ඔහුට: එය 'හිඃන්සබ් නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබ ඔහුව දකින්නේ නම් හෝ ඔබට ඔහුව දැනෙන්නේ නම්, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. එමෙන්ම ඔහුගෙන් ආරක්ෂාව ද අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට හැරී සුළුවෙන් කෙළ පිට කර තුන් වරක් පිඹින්න යැයි පැවසූහ. උස්මාන් තුමා: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට අණ කළ පරිදි මම එය සිදු කළෙමි. එවිට අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය." යැයි පැවසීය.
අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”
رواه مسلمදේවත්වය පිළිබඳ විශ්වාසය තම සිත තුළ තැන්පත් වූ සැබෑ දේව විශ්වාසියා, ඔහුගේ සිත තුළ පුළුල් බව, විස්තීරණය, සතුට, සුවය, මිහිර අල්ලාහ්ගෙන් ලබනුයේ මෙම කරුණු තුන පිළිගත්තේ නම් පමණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පළමුව: අල්ලාහ්ව පරමාධිපති ලෙස පිළිගැනීමය. එනම් පෝෂණ සම්පත් හා අවස්ථාවන් බෙදා හැරීමේ දී දේව පරිපාලනය අනුව අල්ලාහ් ගෙන් පැමිණෙන දෑ විවෘත හදවතින් පිළිගැනීමය. ඔහුගේ හදවත තුළ එයට පටහැනි දෙයක් විය නොහැක. උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු පරමාධිපති ලෙස නොසෙවිය යුතු යැයි අවවාද කෙරේ. දෙවැන්න: ඉස්ලාමය දහම ලෙස පිළිගැනීමය. එනම් ඉස්ලාමය තුළ පවතින වගකීම් හා පැවරුම් සම්බන්ධයෙන් සෑහීමට පත්ව ඒවා විවෘත හදවතින් බැලීම ය. ඉස්ලාමය හැර වෙනත් මාර්ගයක ඔහු නොයා යුතුය. තුන්වැන්න: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ධර්ම දූතයා ලෙස පිළිගැනීමය. එනම් එතුමාණන් ගෙන ආ සියලු දෑ කිසිදු සැකයකින් හෝ කුතුහලයකින් තොරව ඉතා සතුටින් හා විවෘත හදවතින් පිළිගැනීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමට අනුගත වන දෑ හැර වෙනත් මඟක ගමන් නො කළ යුතු ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
متفق عليهකරුණු හතරක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඒවා මුස්ලිම්වරයකු තුළ එකතු වී තිබූ විටෙක එම කරුණ හේතුවෙන් ඔහු කුහකයින්ට දැඩි සේ සමාන වනු ඇත. මෙහි පවසා ඇත්තේ එම කරුණු අබිබවා ගිය අය සම්බන්ධයෙනි. නමුත් මේ ගුණාංග දුර්ලබ කෙනෙකු නම් ඔහු ඒ තුළට නොවැටෙනු ඇත. එනම්: පළමුවැන්නා: ඔහු කතා කළ විට වුවමනාවෙන්ම බොරු කියයි. ඔහුගේ කතාව තුළ සත්‍යයක් දකින්නට නොලැබේ. දෙවැන්නා: යම් ගිවිසුමක් ගිවිස ගත් විටෙක, එය සම්පූර්ණ නොකරයි. අදාළ තැනැත්තාට වංචා කරයි. තුන්වැන්නා: යම් පොරොන්දුවක් දුන් විටෙක එය ඉටු නොකර, ඒ තැනැත්තා එය කඩ කරයි. සිව්වැන්නා: යමෙක් සමග ඔහු වාද විවාද කළ විට ඔහුගේ තර්කය කෲර වේ. සත්‍යයෙන් වෙනතකට නැඹුරු වෙයි. එය ප්‍රතික්ෂේප කිරීමට හා නිෂ්ඵල කිරීමට පෙළඹේ. බොරුව හා ව්‍යාජ දෑ පවසයි. සැබැවින්ම කුහකත්වය යනු අභ්‍යන්තරයේ ඇති දෑට පටහැනි යමක් ප්‍රදර්ශනය කිරීමකි. මෙම ගුණාංග ඇති උදවිය තුළ මෙම අර්ථය දක්නට ලැබේ. ඔහුගේ කුහකත්වය මිනිසුන් අතරින් ඔහු කවර අයකු සමග කතා කළේ ද, ඔහු කවර අයකුට පොරොන්දු දුන්නේ ද, කවර අයකු විසින් ඔහුව විශ්වාස කළේ ද කවර අයකු සමග ඔහු තර්ක කළේ ද කවර අයකු සමග ගිවිසුම්වලට එළැඹුනේ ද එවැන්නාගේ අයිිතිය තුළ පවතින්නකි. ඉස්ලාමය තුළ මුනාෆික් (කුහකයා) යනු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේප සඟවාගෙන මතුපිටින් ඉස්ලාමය ප්‍රදර්ශනය කරන්නාය. මෙම කරුණු අතරින් යම් කරුණක් කවරෙකු තුළ හෝ වී නම් ඔහු එය අත්හැර දමන තෙක් ඔහු තුළ කුහකත්වයේ ලක්ෂණයක් වන්නේමය.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියස සිටියේය. ඔහු අසලින් තවත් මිනිසෙකු ගමන් කළේය. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම ඔහුට ආදරය කරමි යැයි පැවසීය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: ඔබ එය ඔහුට දන්වා සිටියේදැ?යි ඔහුගෙන් විමසූහ. ඔහු නැතැයි පවසා සිටියේය. එතුමා: ඔබ ඔහුට දන්වා සිටිනු යැයි පැවසූහ. පසුව ඔහුට සමීප වී සැබැවින්ම මම ඔබට ආදරය කරමි. යැයි ඔහු පැවසූය. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත. යැයි පැවසීය.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමිනිසකු තම සහෝදරයාට ආදරය කරන විට එය ඔහුට දන්වා සිටීම පිළිබඳව සල්ලල්ලාහු අලය්හි වසල්ලම්ගේ නියෝගය ක්‍රියාත්මක කරන පරිදි මෙම හදීසය පැමිණ ඇත. එතුමාණන් අසල වාඩි වී සිටි මිනිසා, ඔවුන් දෙදෙනා අසළින් ගමන් කරමින් සිටි මිනිසා දෙස බලා ‘සබැවින්ම මම එම මිනිසාව ප්‍රිය කරමි‘ යැයි එතුමාට පැවසූ කල්හි එතුමා: ‘ඔබ ඔහුට එය දැන්වූයෙහි දැ?‘යි විමසා සිටියහ. මුස්ලිම්වරකු යම් පුද්ගලයකුට ආදරය කරන්නේ නම් ‘මම ඔබට ආදරය කරමි‘ යැයි පවසා සිටීම සුන්නාවකි. එසේ පවසා සිටීම හදවත තුළ ආදරය ඇති කරනු ඇත. හේතුව තම සහෝදරයා තමන්ට ආදරය බව මිනිසකු දැන ගත් විට සැබැවින්ම ඔහුට ඔහු ආදරය කරනු ඇත. සැබැවින්ම ඒ සඳහා ඔහුගේ සිත ඇදී ගොස් එය හඳුනාගනු ඇත. දිවෙන් කතා නොකළද හදවත තුළ සෙනෙහස ඇති වේ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙසේ පවසා සිටියහ. “ප්‍රාණ පෙළගස්වනු ලැබූ සේනාවක් මෙනි. ඔවුන් අතුරින් එකිනෙකා හඳුනා අය බැඳී කටයුතු කරනු ඇත. ඔවුන් අතුරින් එකිනෙකා හඳුනා නොගත් අය වෙන්ව යති.“ නමුත් මිනිසා තම දිවෙන් පවසන විට හදවත තුළ ආදරය වර්ධනය වී නියත වශයෙන්ම මම අල්ලාහ් විෂයයෙහි ඔබට ආදරය කරමි යැයි පවසනු ඇත.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට අබූ ෂුරෙය්හ් කුවෙයිලිද් ඉබ්නු අම්ර් අල් කුසාඊ විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නෙකු ලෙස සිටින්නේ ද ඔහු තම ආගන්තුකයාට අනුමත කාලයක් ඔහුට සත්කාර කළ යුතුයි. අල්ලාහ්ගේ දූතයාණනි අනුමත කාලය යනු කුමක්දැ?යි ඔවුහු විමසුවෝය. එවිට එතුමා එහි දිනයක් හා රාත්‍රියක් වේ. ආගන්තුක භාවය දින තුනකි. ඉන් පසුවටත් වී නම් එය ඔහුට සදකාවක් වන්නේය.“ යැයි පැවසූහ. තවත් වාර්තාවක “තම සහෝදරයා අබියස ඔහු පාපයට පත් කරන තරමට රැඳී සිටීම මුස්ලිම්වරයකුට අනුමත නොවන්නේය. එවිට ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු පාපයට පත් කරනුයේ කෙසේද? එවිට එතුමා: “ඔහු අබියස ඔහු රැඳී සිටියි. නමුත් ඔහුට සත්කාර කිරීමට කිසිවක් ඔහු සතුව නැත.“ යැයි පැවසූහ.
මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතඅබූ ෂුරෙය්හ් අල් කුසාඊ -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසය ආගන්තුකයාට සත්කාර කිරීම සම්බන්ධයෙන් පෙන්වා දෙන්නකි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට එහි මෙසේ සඳහන්ව ඇත. “කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නෙකු ලෙස සිටින්නේ ද ඔහු තම ආගන්තුකයාට සත්කාර කළ යුතුයි.“ මෙය ආගන්තුකාට සත්කාර කිරීම සඳහා උනන්දු කරවන පාඩමකි. ආගන්තුකයාට සත්කාර කිරීම අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කර ඇති බවට වූ සළකුණකි එමෙන්ම අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීමේ පූර්ණභාවය පෙන්වා දෙන්නකි. ආගන්තුකයාට සත්කාර කිරීම යනු, සතුටු මුසු මුහුණෙන් පිළිගැනීම, යහපත් කතාව ඔහු පැමිණි මුල් දිනයේද ඔහු සමුගන්නා දිනයේද ඔහු නවාතැන් ගන්නා දිනයේද කිසිදු අපහසුතාවකින් තොරව දින තුනක් ආහාර සැපයීම වේ. එය ඔහුටත් තමන්ටත් බරක් නොවිය යුතුය. දින තුනකින් පසුව එසේ ඔහු සිදු කරන්නට අපේක්ෂා කරන්නේ නම් එය සදකාවක් ලෙස සළකනු ලැබේ. “ආගන්තුකයාට සත්කාර කළ යුතුයි. එහි අනුමත කාලය දිනයක් හා රාත්‍රියක් වේ. ආගන්තුක භාවය දින තුනකි“ යන ප්‍රකාශය වනාහි, විද්වතුන් එය අනුමත කාලය යැයි අදහස් දරති.එනම් එදින හා එදින රාත්‍රියේ ආගන්තුකයින්ට වැදගත්කමක් දැක්වීම යහපත සැලසීමට හා උපස්ථානය කිරීමට යොමු වීමයි. දෙවන දිනයේ හා තුන්වන දිනයේ තමන්ට පහසු අයුරින් ඔහුට ආහාර සැපයීමයි. සිරිතට අනුව මිස අධික නොකළ යුතුයි. දින තුනකින් පසුව සිදු කරන දෑ සදකාවක් හා යහපත් කටයුත්තක් වේ. ඔහු කැමති නම් සිදු කළ හැක. ඔහු අකමැති නම් අතහැර දැමිය හැක. මුස්ලිම්හි සඳහන් වාර්තාවේ සඳහන් වනුයේ ඔහු පාපයට පත් කරනවන තරමට ඔහු ළඟ ආගන්තුකයකු නොසිටිය යුතු බවය. එහි අර්ථය වනාහි, දින තුනකින් පසුව ඔහු පාපයට ඇද දමන තරමට ආගන්තුකයකු රැදී සිටීම අනුමත නොවන බවය. හේතුව දිගු කලත් ගත වීමෙන් ඔහුට අඩුපාඩු සිදුවනු ඇත එසේ නැතිනම් ඔහුට පීඩාකාරී තත්ත්වයක් උදාවනු ඇත. එසේත් නැතිනම් සුදුසු නොවන දෑ සිතුවිල් හට ගැනෙනු ඇත. මේ සියල්ල සිදුවනුයේ දින තුනක් ගතවූවායින් පසුව ආගන්තුකයා සමු නොගෙන එහි රැඳී සිටින බැවිනි. ආගන්තුකයාට සත්කාර කිරීම ආගන්තුකයන්ගේ තත්ත්වයන්ට අනුව වෙනස්වන බව දැන සිටීම අවශ්‍ය වේ. ජනයා අතර වැදගත් පුත්ගලයෝ වෙති ඔවුන් අතර නිලයක් ඇති පුද්ගලයෝ වෙති. එවිට ඔහුට ගැලපෙන අයුරින් ආගන්තුක සත්කාර කළ යුතුය. එමෙන්ම ජනයා අතර මධ්‍යස්තව සිටින්නෝද වෙති. එවිට ඔහුට ගැලපෙන අයුරින් ආගන්තුක සත්කාර කළ යුතුය. එ් හැර වෙනත් ස්ථාවරයක සිටින්නෝද වෙති එවිට ඔවුනට ගැලපෙන අයුරින් ආගන්තුක සත්කාර කළ යුතුව ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “ඇගිලි අතර ගල්කැට තබා විඳීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වළක්වා “සැබැවින්ම එය දඬයම් සතුන් මරා නොදමන අතර සතුරාද නොවළක්වනු ඇත. නමුත් සැබැවින්ම එය ඇස් අන්ධ කරන අතර දත්ද කඩා දමනු ඇත.“ යැයි පැවසූහ. තවත් වාර්තාවක: ඉබ්නු මුගෆ්ෆල් තුමාට සමිපතයකු ඇගිලි අතර ගල් කැට දමා විද්දේය. එවිට එතුමා ඔහුව වළක්වා: “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ඇගිලි අතර ගල් කැට දමා විඳීමෙන් වළක්වා ඇතැයි පවසා සිටියේය. ඔහු “සැබැවින්ම එය දඬයම් සත්වයා මරා නොදමනු ඇතැයි පවසා නැවතත් සිදු කළේය. එවිට එතුමා: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එයින් වළක්වා ඇති බව මම ඔබට පැවසුවෙමි. ඉන්පසුවත් ඔබ එසේ ඇගිලි අතර ගල් කැට තබා විඳින්නෙහිය. මම කිසිවිටෙක ඔබ සමග කතා නොකරමි යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇගිලි අතර ගල් කැට දමා විඳීමෙන් වැළැක්වූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මුගෆ්ෆල් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් දන්වා සිටියේය. “සැබැවින්ම එය දඬයම් සත්වයා මරා නොදමනු ඇත“ යැයි එතුමා පැවසූහ. තවත් වාර්තාවක දඬයම් සත්වයා දඬයම් නොකරනු ඇතැයි ද සඳහන්ව ඇත. එමෙන්ම සතුරාව නොවළක්වනු ඇත. එය ඇස් අන්ධ කරන අතර දත් කඩා දමනු ඇතැයි සඳහන් වී ඇත. අල් හද්ෆ් යන පදයට විද්වතුන් පවසා සිටිනුයේ, මිනිසා ගල් කැටයක් දකුණු දබරැගිල්ල හා වම් දබරැගිල්ල අතර තබා එසේ නැතිනම් දබරැගිල්ල හා පහපට ඇඟිල්ල අතර තබා මහපට ඇගිල්ල මත ගල් කැටයක් තබා එය දබරැගිල්ලෙන් වළක්වාලීම හෝ දබරැගිල්ල මත තබා මහපොට ඇගිල්ලෙන් එය වළක්වාලීමයි. යන්නයි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එයින් වැළැක්වූහ. එයට හේතුව එය සිදු කළ විට, සැබැවින්ම එය ඇස් අන්ධ කරන අතර දත් කඩා දමනු ඇතැයි පවසා සිටියහ. එය දඬයම් සත්වයා දඬයම් නොකරයි යනුවෙන් පවසා ඇත්තේ එ් සඳහා ප්‍රමාණවත් බලයක් එයට නොමැති බැවිනි. එමෙන්ම සතුරා නොවළක්වනු ඇත යනුවෙන් පවසා ඇත්තේ සතුරාට හී පහරින් බලපෑමක් ඇති වුවද කුඩා ගල් කැට විඳීමෙන් අනතුරක් සිදු නොවන බැවිනි පසුව ඔහුට සමීප අයෙකු පිටතට පැමිණ එසේ ගල් කැට විද්දේය. එවිට එසේ ගල්කැට විඳීමෙන් එතුමා ඔහුව වළක්වා සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එයින් වළක්වා ඇති බව දන්වා සිටියේය. පසුව දෙවන වරටත් ඔහු එසේ විඳිනු දුටු එතුමා නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එසේ ගල්කැට විඳීමෙන් වළක්වා ඇති බව මම ඔබට පවසා සිටියද ඔබ නැවත එසේ ගල් කැට විඳින්නෙහිය මම ඔබ සමඟ කිසිවිටෙක කතා නොකරමි යැයි ඔහුට පැවසූහ. පසුව ඔහුගෙන් ඉවත්ව සිටියහ. හේතුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලලම්- තුමා වැළැක්වූ දෙයකට විරුද්ධව ඔහු කටයුතු කළ බැවිනි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මිනිසකු මිණී වල මත ගොස් එහි පෙරළෙමින් අහෝ මාගේ විනාශය මෙම මිණී වල සතු අයගේ ස්ථානයේ මා සිටිය යුතු නොවේද යැයි පවසන තෙක් මෙලොව පහව යන්නේ නැත. ඔහුට ණයක් නොවීය. එය පරීක්ෂාවට ලක්වීමේ හේතුව මිස වෙනකක් නොවීය.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතගෞරවණීය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට මෙසේ දන්වා සිටියහ. අවසන් කාලයේ මිනිසකුගේ මිණී වලක් වෙත තවත් මිනිසෙකු ගමන් කර එහි පස් මත පෙරළෙමින් ඔහුගේ ස්ථානයේ තමන් විය යුතු නොවේදැයි ප්‍රිය කරයි. එය ඔහුට අත්වී තිබෙන මෙලොව අර්බුදකාරී තත්ත්වයන් හා අධික පරීක්ෂණ හා පීඩාවන් හේතුවෙනි. එය මිය ගිය ඇත්තන්, මෙලොවෙහි ඇති අභාග්‍යයන් හා එහි පීඩාවන්ගෙන් ඉවත්ව සැනසුමෙන් සිටින බැවිනි. මෙම හදීසයේ මරණයට ආශා කිරීමක් සඳහන්ව නැත. එය දන්වා සිටිනුයේ අවසන් කාලයේ මෙවන් තත්ත්වයක් උදාවනු ඇතැයි යන්නයි.