





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
متفق عليهසැබැවින්ම මෙලොව පවතින ගින්න අපා ගින්නේ හැත්තෑවෙන් එක් කොටසක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඒ අනුව, මතුලොව ගින්නෙහි උෂ්ණත්වය මෙලොව ගින්නේ උෂ්ණත්වයට වඩා කොටස් හැට නවයකින් අධිකය, බලවත් ය. ඉන් සෑම කොටසක්ම මෙලොව ගින්නේ උෂ්ණත්වයට සමාන වන්නේය. එවිට "අල්ලාහ්ගේ දූතයාණනි! එහි පිවිසෙන්නාට දඬුවම් කිරීම සඳහා මෙලොව ගින්නම ප්‍රමාණවත් වේ" යැයි පවසනු ලැබීය. එවිට එතුමා: අපා ගින්න මෙලොව ගින්නට වඩා හැට නව කොටසකින් අධික කරනු ලැබ ඇත. ඒවා සියල්ල දැඩි උෂ්ණත්වයෙන් සමානය යැයි පැවසුහ.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට මෙසේ පවසා සිටියහ. එතුමාණෝ අවංක හා සත්යවාදියෙකු වූහ. "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු කරනු ලැබේ. පසුව එය (කූඩැල්ලෙකු සේ) ඒ හා සමාන කාලයක් එල්ලෙමින් පවතින කැටියක් බවට පත් වේ. පසුව එය ඒ හා සමාන කාලයක් මස් ගොබයක් බවට පත් වේ. පසුව ඔහු වෙත අල්ලාහ් දේවදූතයකු එවා ඔහුගේ ක්‍රියාව, ඔහුගේ ආයු කාලය, ඔහුගේ පෝෂණය හා ඔහු භාග්‍යවන්තයකු ද එසේ නැතිනම් අභාග්‍යවන්තයකු ද යනාදී නියමයන් හතරක් නියම කරනු ලබයි. පසුව එහි ප්‍රාණය පිඹිනු ලබයි. ඒ අනුව මිනිසා නිරා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා ඒ අතර බාහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවා යයි. ඔහු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාවන් සිදු කොට ස්වර්ග උයනට පිවිසෙනු ඇත. එමෙන්ම පුද්ගලයෙක් ස්වර්ග වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා ස්වර්ගය අතර බාහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවා යයි. එහෙයින් ඔහු නිරා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කොට නිරා ගින්නට පිවිසෙනු ඇත.”
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් එතුමාණන්ව සහතික කළ පරිදි එතුමාණෝ අවංක හා සත්යවාදියෙකු වූහ. එතුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම එක්කාසු කරනු ලැබේ. එනම් මිනිසෙකු තම බිරිය සමග සංසර්ගයේ යෙඳුණු විටෙක, විසිරී යන ඔහුගේ ශුක්‍රාණු එම කාන්තාවගේ කුසෙහි දින හතළිහක කාලයක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු වේ. පසු ව එය ලේ "අලකා" බවට පත් වේ. එනම් එය ඝණ රුධිර කැටියකි. එය දෙවන දින හතළිහේ අදියර වේ. පසුව එය "මුළ්ආ" බවට පත් වේ. එය හපන්නට හැකි තරමින් වූ මස් ගොබයකි. එය තුන්වන හතළිස්-දින අදියර වේ. පසුව අල්ලාහ් ඔහු වෙත මලක්වරයකු එවා තුන්වන හතළිහ අවසන් වූ පසු ආත්මයක් ඒ තුළට පිඹ රෝපණය කරයි. නියමයන් හතරක් ලියන මෙන් එම මලක්වරයාට නියෝග කරනු ලැබේ. එනම්: ඔහුගේ පෝෂණයයි. එය ඔහුගේ ආයුකාලය තුළ ඔහු ලබන සුව පහසුකම්වල සීමාවේ ප්‍රමාණයයි. ඔහුගේ ආයුකාලය, එනම් ඔහු මෙලොවෙහි නැවතී සිටින කාල පරිච්ඡේදයයි. ඔහුගේ ක්‍රියාව කුමක් ද? භාග්‍යවන්ත ද එසේ නැතහොත් අභාග්‍යවන්ත ද යනුවෙන් ලියනු ලැබේ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා මෙසේ පැවසූහ. "තැනැත්තෙකු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාව සිදු කරයි. ඔහුගේ එම ක්‍රියාව දැහැමි වේ. එනම් එය මිනිසුනට පෙනෙන දෑහි ය. එසේම ඔහු අතර හා ස්වර්ගය අතර එක් බාහුවක තරම් ප්‍රමාණයක් පවතින තරමට එය පත්වෙයි. එනම් ඔහු අතර හා ඔහු එයට පිවිසීම අතර දුර ප්‍රමාණය තමන් අතර හා මහපොළොවේ යම් තැනක් අතර බාහුවක තරම් ප්‍රමාණයක දුරින් සිටින කෙනෙකු මෙනි. පසුව ඔහුගේ ලේකනය හා ඔහු වෙත නියම කරන ලද දෑ එය අභිබවා යයි. පසුව ඔහු අපා ගින්නේ වැසියන්ගේ ක්‍රියාවක් එහි සිදු කරයි. ඒ සමගම ඔහු අවසන් ගමන් යයි, පසුව ඔහු අපා ගින්නට පිවිසෙයි. ඊට හේතුව එහි නොපෙරළී ඒ මත ස්ථාවර ව සිටීම ඔහුගේ ක්‍රියාව පිළිගැනීම සඳහා වන කොන්දේසිය වන බැවිනි. තවත් තැනැත්තෙකු අපා ගින්නට ළඟා වන තරමට අපා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා අපා ගින්න අතර මහපොළොවෙන් බාහුවක තරම් ප්‍රමාණක දුරින් ඔහු සිටිනවාක් මෙනි. අවසානයේ ලේඛනය හා ඔහු වෙත නියම කරනු ලැබූ දෑ අභිබවා ගොස් ඔහු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාවක් සිදු කර ස්වර්ගයට පිවිසෙයි.
තාවුස් තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහගාමීන් අතර පිරිසක් සෑම දෙයක්ම පෙර නියමය අනුව සිදුවන බවට පවසමින් සිටිනු මම දැක ඇත්තෙමි. එතුමා තවදුරටත්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයක් ගැන අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් පවසා සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි කීහ. එනම්: සෑම දෙයක්ම පෙර නියමය අනුව පිහිටයි. නොහැකියාව සහ හැකියාව පවා නැතහොත් හැකියාව සහ නොහැකියාව පවා (එලෙසය.)
رواه مسلمසෑම දෙයක්ම පෙර නියමය අනුව සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. නොහැකියාව පවා එලෙසය, එනම්: මෙලොව හා මතුලොව කටයුතු සම්බන්ධයෙන් කළ යුතු දෑ අත්හැරීම, එය කල් දැමීම හා එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීමය. හැකියාව පවා එලෙසය, එනම්: මෙලොව හා මතුලොට කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම හා උනන්දු වීම. සර්වබලධාරී අල්ලාහ් නොහැකියාව හා හැකියාව මෙන්ම සෙසු සියලු දෑ තක්සේරු කර ඇත. ඔහුගේ පෙර දැනුම හා අභිමතය අනුව ම ඒවා මේ විෂ්වයෙහි සිදු වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මතර් ඉබ්නු උකාමිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්‍යතාවක් ඔහුට ඇති කරන්නේය."
رواه الترمذيයම් ගැත්තෙකුට ඔහු එහි නොසිටින යම් භූමි භාගයක මිය යන්නට අල්ලාහ් තීන්දු කොට, නියම කළ විටෙක, ඒ වෙත අවශ්‍යතාවක් ඇති කර එහි යාමට ඉඩ සළසයි. පසු ව ඔහු එහි ඔහුගේ ප්‍රාණය අත්පත්කර ගනියි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කරති.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්‍රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
متفق عليهඅනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සහාබාවරුන් මස්ජිදයේ වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමූ බවය. පසුව ඔහු ඔවුන්ගෙන්: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ පිරිස අතර හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් මුත්තලිබ්ගේ පුතුනි! යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට සවන් දෙමි. එහෙයින් ඔබ විමසන්න. මම පිළිතුරු දෙන්නම්" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එනම්: ඔබ මා කෙරෙහි කෝප නොවිය යුතුය. එමෙන්ම ඔබට කිසිදු පීඩනයක් අත් නොවිය යුතුය. යන්නයි. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි පැවසූහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි එහි සත්‍යතාව සහතික කරමින් පිළිතුරු දුන්හ. එම මිනිසා "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියේ ය. ඒවා අනිවාර්යය කරනු ලැබූ සලාත් වාරයන්ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ අප උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එනම් රමළාන් මාසයයි. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරා පවසමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව ළිමාන් ඉස්ලාමය වැළඳ ගෙන තමන් තම සමූහයා ඉස්ලාමය වෙත ඇරයුම් කරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දන්වා සිටියේය. පසුව තමන් ගැන හඳුන්වා දී තමන් බනූ සඃද් ඉබ්නු බක්ර් ගෝත්‍රයේ ළිමාන් ඉබ්නු සඃලබා බව පවසා සිටියේය.
සියාද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යමක් මෙනෙහි කරමින්: "එය දැනුම පහව යන කාලයේ සිදු වේ යැයි පැවසූහ. මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! දැනුම පහව යන්නේ කෙසේ ද? අපි අල් කුර්ආනය කියවමු. එමෙන්ම අපේ දරුවන්ටත් කියවන්නට උගන්වන්නෙමු. එමෙන්ම අපේ දරුවන් ද ඔවුන්ගේ දරුවන්ටත් එලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ම උගන්වමින් සිටිති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "සියාද්, ඔබේ මව නැසී යනු ඇත. මදීනාවේ සිටින බුද්ධිමත්ම තැනැත්තා ඔබ යැයි මම සිතා සිටියෙමි. මේ යුදෙව්වන් හා කිතුනුවන් තව්රාතය හා ඉන්ජීලය කියවන නමුත් ඒ දෙකෙහි ඇති දෑ අනුව කටයුතු නොකරනවා නොවේ ද?"යැයි විමසා සිටියහ.
رواه ابن ماجهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර වාඩි වී සිටිය දී "එය දැනුම අත්පත් කර ගනු ලබන, දැනුම මිනිසුන්ගෙන් උදුරා ගනු ලබන කාලයයි" යනු පවසා සිටියහ. සියාද් ඉබ්නු ලුබෙයිද් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා පුදුමයට පත්ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසා සිටියේය. ""දැනුම අත්පත් කර ගනු ලබනුයේ කෙසේ ද එය අපෙන් පහව යනුයේ කෙසේ ද? සැබැවින්ම අපි අල් කුර්ආනය කියවා ඇත්තෙමු. එය අපි කටපාඩම් කර ඇත්තෙමු. අල්ලාහ් මත දිවුරා පවසමි අපි එය කියවා අපගේ කාන්තාවන්ට දරුවන්ට මෙන්ම ඔවුන් ද ඔවුන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට උගන්වා දෙන්නෙමු" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පුදුමයට පත්ව "අහෝ සියාද්! ඔබට කුමක් වීද! සැබැවින්ම ඔබ මදීනා වාසී විද්වතුන් අතර කෙනෙකු බව මම සිතා සිටියෙමි" යැයි පැවසූහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම දැනුම අහිමි වී යන්නේ කුර්ආනය අහිමි වී යාමෙන් නොව, දැනුම අහිමි වී යන්නේ ඒ අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් බව පැහැදිලි කළහ. යුදෙව්වන් හා කිතුනුවන් අතර තව්රාතය හා ඉන්ජීලය විය. නමුත් ඒ සමගම ඒවා ඔවුනට ප්‍රයෝජනවත් වූයේ නැත. ඒ දෙකෙහි අපේක්ෂිත කරුණින් ඔවුන් ඵල නෙලා ගත්තේ ද නැත. එය ඔවුන් දැනගත් දේ අනුව ක්‍රියා කිරීමය.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය. එතුමාණන් මක්කාවේ වසර දහ තුනක් රැඳී සිටි අතර පසුව ඉන් නික්ම යන්නට නියෝග කරනු ලැබීය. එසේ එතුමාණෝ මදීනාවට නික්ම ගොස් එහි වසර දහයක් රැඳී සිට, පසුව මරණයට පත් වූහ."
متفق عليهඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ දැනුම් දෙයි: "සැබැවින්ම දිව්‍ය පණිවිඩ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කරන ලද්දේ හා එතුමාණන් දේව දූතයකු සේ එවන ලද්දේ එතුමාණන්ගේ වයස අවුරුදු හතළිහේදීය. එතුමාණන්ට දිව්‍ය පණිවිඩ ලැබුවායින් පසු වසර දහතුනක් මක්කාවේ රැදී සිටි අතර පසුව මදීනාවට හිජ්රා - නික්ම- යෑමට නියෝග කරනු ලැබූහ. එහි වසර දහයක් පදිංචි වූ එතුමා පසුව එතුමාණන්ගේ වයස අවුරුදු හැට තුනේදී මරණයට පත් වූහ.
කතාදා (රහිමහුල්ලාහ්) තුමා විසින් වාර්තා කරන ලදී. අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක්, "අල්ලාහ්ගේ නබි තුමනි! කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?” යැයි විමසූහ. කතාදා තුමා: 'අපගේ පරමාධිපතිගේ බලයෙන් එසේය.' යැයි පැවසීය.
متفق عليهකාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේ කෙසේදැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි තුමාණෝ: “මෙලොවෙහි ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ අයට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්වීමේ බලය නොමැත්තේ ද?" යැයි විමසූහ. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම මහප්පාට මෙසේ පවසා සිටියහ. "ඔබ 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත) යැයි පවසන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගැන මමා සාක්ෂි දරමි" ඔහු: 'එසේ කිරීමට මා පෙලඹවූයේ (මරණයට ළං වන) බිය යැයි කියමින් කුරෙයිෂිවරුන් මට දොස් නැගීම ගැන මා බිය නොවන්නේ නම්, මම නිසැකවම ඔබේ දෑස් සතුටු කරන්නෙමි.' යැයි කීය. එවිට අල්ලාහ් මෙසේ හෙළිදරව් කළේ ය: "නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට, ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි…" (අල්-කසස්: 56)
رواه مسلمමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම මහප්පා වන අබූ තාලිබ් වෙනුවෙන් එතුමාණන් පෙනී සිටිනු පිණිසත්, ඔහු වෙනුවෙන් ඉස්ලාමය ගැන සාක්ෂි දරනු පිණිසත් ඔහු මරණ වේදනාවේ සිටිය දී ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පවසන මෙන් එතුමාණෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ. නමුත් කුරෙයිෂ්වරු දොස් නගා මරණය හේතුවෙන් හා දුර්වලකම හේතුවෙන් ඔහු ඉස්ලාමය වැළඳ ගත් බව පවසනු ඇතැයි බියෙන් සාක්ෂියේ ප්‍රකාශය පවසන්නට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ඔහු මෙසේ පැවසීය: "එය එසේ නොවී නම්, සාක්ෂියේ ප්‍රකාශය තුළින් ඔබේ හදවතට ප්‍රීතිය ප්‍රවේශ කරවමි. ඔබ සෑහීමකට පත්වන තුරු ඔබේ කැමැත්ත මම ඔබට දන්වා සිටිමි. එවිට ඉස්ලාමයේ භාග්‍යය ආශිර්වාද කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අයිතියක් නැති බවත්, තමන් කැමති අයට ආශිර්වාද කරනුයේ අල්ලාහ් පමණක් බවත් පෙන්වා දෙන පාඨය උත්තරීතර අල්ලාහ් පහළ කළේය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනිසුන්ට මග පෙන්වූ සාධක, පැහැදිලි කිරීම්, මඟපෙන්වීම්, ඍජු මාර්ගය වෙත ඇරයුම් කිරීම් තුළිනි.