





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ආඉෂා හා උම්මු සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අඹුව සමග ඇසුරු කිරීම හේතුවෙන් ජුනුබ් තත්ත්වයට පත් ව සිටිය දී එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වන්නට විය. පසු ව එතුමා ස්නානය කර උපවාසයේ නිරත වූහ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතආඉෂා හා උම්මු සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ දන්වා සිටියි. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්‍රියේ සංසර්ගයේ නිරත වෙයි. ඇතැම් විට එම කිලිටි තත්ත්වයේම ස්නානය නොකරම එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වෙයි. එතුමා උපවාසය කල් නෙදමා සම්පූර් කරයි. මේ දෙදෙනාගේ මෙම වාර්තාව මර්වාන් බින් හකම් ඔවුන් දෙදෙනා වෙත ඒ ගැන අසන මෙන් පවසා යවනු ලැබූ අවස්ථාවේ දෙනු ලබන පිළිතුරක් විය. මෙම නීතිය රමළානයේ මෙන්ම වෙනත් දිනවලටද අදාළය.
අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ෆිත්ර් (ඊදුල් ෆිත්ර්) හා නහ්ර් (ඊදුල් අල්හා) යන දෙදින උපවාසයේ නිරත වීමෙන් ද සිදුරක් නොමැති තනි අඳුමක් තුළට වී, පසුපස බිමතමා අතින් කෙණ්ඩය වෙළා තනි ඇඳුම සමග වාඩි වීමෙන් ද සුබ්හ් හා අසර් සලාතයන්ට පසු සලාත් ඉටු කිරීමෙන් ද අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දින දෙකක් උපවාසයේ නිරත වීමෙන් ද ඇඳුම් අඳින ක්‍රම දෙකක් හා සලාත් ඉටු කරන අවස්ථා දෙකකින් ද වැළැක්වූහ. එසේ උපවාසය තහනම් කරන ලද දින දෙක වනුයේ, ඊදුල් ෆිත්ර් හෙවත් රමළාන් උත්සව දින හා ඊදුල් අළ්හා හෙවත් හජ් උත්සව දිනයයි. ඒ දින දෙකෙහි උපවාසය තහනම් කිරීමේ ප්‍රඥාව වනුයේ, ආහාර ගනිමින් සතුට භුක්තිවිදිමින් සිටිය යුතු දිනවල උපවාසය නිරත වීම සුදුසු නොවන බැවිණි. ඇඳුම් අඳින ක්‍රම දෙක වනාහි, සිදුරක් නැති තනි ඇඳුමක් ඇඳීම හා යට ඇඳුමක් නැති තනි ඇඳුමක් ඇඳ වාඩි වීමය. එනම් පසුපස බිමතමා පාද දෙක සිටුවා තබා අත් දෙකින් හෝ ඒ තනි ඇඳුමින් හෝ අල්ලාගෙන වාඩි වීමයි. තනි ඇඳුමක් ඇදීම වනාහි, සිදුරු නොමැති ඇඳුමක් පුද්ගලයකු ඇඳීමය බුහාරි හි සඳහන් වාර්තාවක එය මෙසේ කොන්දේසි වශයෙන් පනවනු ලැබ ඇත. එනම්: “ඔහුගේ ලිංගය මත කිසිවක් ආවරණය කර නොමැති විටෙක’ යනුවෙනි. සලාත් දෙක වනාහි, සුබ්හු සලාතයට පසු අතිරේක සලාත් හා අසර් සලාතයට පසු අතිරේක සලාත්ය. එය දේව ප්රතික්ෂේපකයින් විසින් හිරු උදාවන අවස්ථාවේ හා හිරු අවරට යන අවස්ථාවේ සිදු කරන නමස්කාරයට සාපේක්ෂව සමානව සිදු කිරීම අවහිර කිරීමක් ලෙසිනි. නමුත් අනිවාර්යය සලාතය ඉටු කර නොමැති නම් ඒ දෙකෙහි එය ඉටු කිරීමට අවසරය ඇත. එමෙන්ම හේතු කාරණා සහිත සලාතයන්ටද එලෙස අවසරය ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”
متفق عليهඅබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා තම මිතුරා වූ ද තම සගයා වූද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන්ට කරුණු තුනක් ගැන උපදෙස් දුන් බවත් ඒ පිළිබඳ ප්‍රතිඥා ගත් බවත් මෙසේ දන්වා සිටියේය. පළමුව: සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම. දෙවනුව: සෑම දිනකම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම. තුන්වනුව: නින්දට යාමට පෙර විත්ර් සලාතය ඉටු කිරීම. එසේ ඉටු කරනු ලබනුයේ අවසන් රාත්‍රියේ අවදිවීමට නො හැකැයි බියවන කෙනෙකු හටය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී, “රාත්‍රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට බැස යන විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතආගමානුගත කරන ලද උපවාසයේ වේලාව වනුයේ අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක්ය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට ප්‍රයෝජනවත් වන අයුරින් මෙසේ පවසා සිටියහ. සැබැවින්ම නැගෙනහිර දෙසින් රාත්‍රිය ඉදිරියටවිත් බටහිර දෙසින් දහවල -හිරු අවරට යාමෙන්- ගෙවී ගිය විට තවත් හදීසයක සඳහන් පරිදි “රාත්‍රිය මෙහි සිට උදා වී දහවල මෙහි සිට පසුබා හිරු අවරට ගිය විට උපවාසය රකින්නා උපවාසයෙන් මිදුණි.” උපවාසයෙන් මිදෙන වේලාව තුළට උපවාසය රකින්නා පිවිසුණු විට එය ප්‍රමාද කිරීම ඔහුට අවශ්‍ය වන්නේ නැත. ඒ ගැන දොස් නගනු නොලැබේ. එය ආගම නීතිගත කළ තැනැත්තාගේ නියෝගය පිළිපැදීමක් මෙන්ම අවනතභාවය ස්තීර කිරීමක්, නැමදුමෙහි වේලාව ඒ හැර සෙසු කටයුතු වලින් වෙන් කිරීමක් හා තම ආත්මයට ජීවිතයේ භුක්ති විදින්නට අනුමත දැයින් එහි අයිතිය පිරිනැමීමක් ලෙසිනි. “සැබැවින්ම ඔහු උපවාසයෙන් මිදිණ” යන ප්‍රකාශය අදහස් දෙකක් දරා ඇත. අ) නීතිමය වශයෙන් ඉෆ්තාර් වේලාව තුළට පිවිසීමෙන් උපවාසයෙන් මිදෙන්නා ආහාර අනුභව නොකළ ද ඔහු උපවාසයෙන් මිදිණ යන්නයි. ඇතැම් හදීස්වල උපවාසය මිදීම ඉක්මන් කිරීම සඳහා දිරි ගන්වා ඇත. ඉන් අදහස් වන්නේ ආගමික මතයට සාපේක්ෂව ඉෆ්තාර් ක්‍රියාවලිය මත හැඟීම් උද්දීපනය කිරීමක් වන්නේය. (ආ) එසේ නැතහොත් අර්ථය මෙසේ විය යුතුය. උපවාසයෙන් මිදෙන කාලය තුළට ඔහු පිවිසීය. එහි මාතෘකාවට අනුව උපවාසයෙන් මිදීම ඉක්මන් වීම සඳහා උනන්දු කරවීමක් වන්නේය. එය බුහාරි තුමාගේ “ඉෆ්තාරය නියම විය’ යන වාර්තාව තවදුරටත් තහවුරු කරයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “රන් අවුන්ස පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද (රට ඉඳි) අවුසුක් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසකාතය පොහොසතුන් හා දුප්පතුන් අතර සැනසුම එකමුතුකම ඇති කරවන්නකි. මුදල් ස්වල්පයක් ඇත්තන්ගෙන් එය ගනු නොලබනුයේ එබැවිණි. එවැන්නන් පොහොසතුන් ලෙස ගණන් ගනු නොලබනු ඇත. ඒ අනුව ආගම නීතිගත කළ තැනැත්තා එය අනිවාර්යය වන්නන් හට අවම සීමාවක් පැහැදිළි කර ඇත. එම අවම සීමාවට අඩුවෙන් සතු තැනැත්තා, ඔහු දුප්පතෙකි. ඔහුගෙන් කිසිවක් ගනු නොලැබේ. රිදී සතු තැනැත්තා වනාහි, ඔහු ළඟ ‘අවුක්’ පහක් තිබෙන තුරු සකාත් අනිවාර්යය වන්නේ නැත. සෑම ‘අවුක’යක්ම දිර්හම් හතළිහකි. ඒ අනුව එහි අවම ප්‍රමාණය දිර්හම් 200 වනු ඇත. එය ග්‍රෑම් 590කට සමාන වන්නේය. ඔටුවන් සතු තැනැත්තා වනාහි, ඔහු ළඟ ඔටුවන් පස් දෙනෙකු සිට ඉහළ යන තෙක් ඔහු කෙරෙහි ද සකාත් අනිවාර්යය වන්නේ නැත. එයට වඩා අඩු දෑ සකාත් නැත. ධාන්‍ය හා පළතුරු සතු වූවන් වනාහි එහි ද ඔහු සතුව අව්සුක් පහක් පවතින තෙක් සකාත් අනිවාර්යය වන්නේ නැත. ‘වසක්’ යනු ‘සාඃ 60කි. ඒ අනුව එහි අවම ප්‍රමාණය. සාඃ 300ක් වනු ඇත.
උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම අඥාන යුගයේ එක් රාත්‍රියක ඉඃතිකාෆ් සිටීමට භාරයක් වූයෙමි” යැයි පවසා සිටියෙමි. තවත් වාර්තාවක ‘දිනක් මස්ජිදුල් හරාම් හි’ යැයි සඳහන් ව ඇත. එවිට එතුමා ‘ඔබේ භාරය ඔබ ඉටු කරනු’ යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඋමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා අඥාන යුගයේ එක් රාත්‍රියක හරම් දේවස්ථානයේ ඉඃතිකාෆ් සිටීමට භාරයක් විය. පසුව අඥාන කාලයේ ඔහුගෙන් සිදු වූ එම භාරයේ නීතිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඔහුගේ භාරය ඉටු කරන්නට ඔහුට නියෝග කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”
متفق عليهරමළාන් මස ප්රවේශයේ හා එය ඉකුත්ව යෑමේ සළකුණ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කරමින් පැවසූහ: ඔබ රමළාන් මාසයේ නව සඳ දුටු විටෙක උපවාසයේ නිරත වන්න. ඔබ අතර හා එය අතර යම් බාධකයක් වී නම් හෝ ඔබට එය මුළා වී ඇත්නම් හෝ ෂඃබාන් මාසය දින තිහක් ලෙස ගණන් බලන්න. ෂව්වාල් මාසයේ නව සද දුටු විට ඔබ උපවාසය අත්හරින්න. ඔබ අතර හා එය අතර යම් බාධකයක් වී නම් හෝ ඔබට එය මුළා වී ඇත්නම් හෝ රමළාන් මාසය දින තිහක් ලෙස ගණන් බලන්න.
අබූ අල්-හව්රා අස්-සඃදී තුමා විසින් වාර්තා කරන ලදී. මම හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන්, 'ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දැ?'යි විමසා සිටියෙමි. හෙතෙම 'මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යැ'යි පවසා සිටියහ: “ඔබට සැක ඇති කරන දෑ, ඔබට ඒ ගැන සැක ඇති නොවන තෙක් අත්හැර දමන්න. සැබැවින්ම සත්‍යය සැනසුමකි. අසත්‍ය සැකය උපදවන්නකි."
رواه الترمذي والنسائي وأحمدඔබට සැක ඇති කරන ප්‍රකාශ හා ක්‍රියා අත්හැර දමන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය තහනම් කරනු ලැබූ දෙයක් වුවද එසේ නැති වුව ද, එය තහනම් ද අනුමත ද යන්න ගැන සැකයක් පහළ වූ විට, එහි යහපත හා අනුමත භාවය ස්ථීර වී සැකයක් නැති තාක් එය අත්හැරිය යුතු ය. එමගින් සිත සන්සුන් වී සැනසුමට පත්වේ. කවර කරුණක සැකය ඇත්තේ ද එමගින් හදවත කලබලකාරී තත්ත්වයට පත්වන අතර එහි කුතුහලය ඇති වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.
متفق عليهමුස්ලිම්වරයෙයෙ සලාතය සාමුහිකව ඉටු කරන විට, ඔහුගේ එම සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ යහපත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පසුව ඒ සඳහා හේතුව ද මෙනෙහි කළහ: ඇත්තෙන්ම මිනිසෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය පූර් ණව හා අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පිටත්ව යයි. සලාතයේ අපේක්ෂාව මිස වෙනත් අපේක්ෂාවක් ඔහුව එසේ පිටත් කර හැරියේ නැත. ඔහු තබන සෑම පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබ ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය අපේක්ෂාවෙන් වාඩි වී සිටියි. එසේ සලාතය අපේක්ෂාවෙන් සිටින තාක්කල් සලාතයේ ප්‍රතිඵල හා කුසල් ඔහු ලබනු ඇත. ඔහු සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරු ඔහුට ප්‍රාර්ථනා කරති. "යා අල්ලාහ්! ඔහුට සමාව දෙනු මැනව; ඔහුට කරුණා කරනු මැනව; ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව;" යැයි ප්‍රාර්ථනා කරමින් සිටිති. එය ඔහුගේ වුළූ ධෝවනය දූෂිත නොවන තාක්කල් හෝ මිනිසුනට හෝ මලක්වරුන්ට පීඩාවන අයුරන් කටයුතු නොකරන තාක්කල් හෝ එසේ ප්‍රාර්ථනා කරමින් සිටිති.