





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ණයකාරයෙකු සොයමින් සිටියේය. ඔහු එතුමාගෙන් සැඟවී සිටි අතර පසුව ඔහු හමු වූහ. එවිට ඔහු: මම ආර්ථික අපහසුකමින් පෙළෙමි යැයි පැවසීය. එවිට එතුමා: අල්ලාහ් මත දිවුරන්නෙහි ද යැයි විමසුහ: ඔහු 'අල්ලාහ් මත දිවුරමි.' යැයි කීය. "මක්නිසාද, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි" යැයි මෙසේ ප්‍රකාශ කළේය. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”
رواه مسلمඅබූ කතාදා අන්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා තමාගෙන් සැඟවී සිටි ණය කාරයකු පිළිබඳ සොයමින් පසුවූහ. එක් විටෙක ඔහු හමු විය. එවිට එම ණයකරුවා, "සැබැවින්ම මම ආර්ථික අපහසුතාවෙන් සිටින අයෙකි. ඔබේ ණය ගෙවන තරමට මා සතුව මුදල් නැත" යැයි පවසා සිටියේය. එවිට තමන් ළඟ මුදල් නොමැති බවට අල්ලාහ් ඉදිරියේ දිවුරා සිටින මෙන් අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා ඔහුගෙන් ඉල්ලා සිටියේය. පසුව ඔහු පවසන දෑහි ඔහු සත්යවාදියකු බව අල්ලාහ් මත ඔහු දිවුරා සිටියේය. එවිට අබූ කතාදා තුමා, "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන්දී ඇත්තෙමි" යැයි පවසා මෙසේ පවසා සිටියහ. යමෙක් විසින් කවරෙකු සතුටට පත් කළේ ද, ප්‍රීතියට ලක් කළේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්‍යසනයන්, බැරෑරුම්, භයානක සිදුවීම්වලින් අල්ලාහ් ඔහුව ආරක්ෂා කරනු ඇත. එබැවින් ආර්ථික අපහසුකම් ඇති උදවියගෙන් ණය ඉල්ලා සිටීම ප්‍රමාද කිරීමෙන් හා එයට කල් දීමෙන්, එසේ නැතහොත් ණයෙන් කොටසක් හෝ මුළු ණය ප්‍රමාණයම හෝ මුදවා හැරීමෙන් ඔහුට සහනයක් ලබා දෙත්වා.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය."
متفق عليهසිසිල් අවස්ථාවන් දෙකෙහි කරනු ලබන සලාතයන් උනන්දුවෙන් ඉටු කළ යුතු බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගැන්වීම. එනම් ෆජ්ර් හා අසර් යන සලාත් දෙකයි. එහි වගකීම ඉටු කිරීම පිණිස නියමිත වේලාවෙහි හා සාමුහිකව ඉටු කිරීම සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතු සාධකයක් වන බව ශුභාරංචි දන්වා සිටියේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගැන අබූ කතාදා අල් හාරිස් ඉබ්නු රිබ්ඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා ඔවුන් අතර නැගී සිට සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් අල්ලාහ්ව විශ්වාස කිරීමත් ක්‍රියාවන් අතරින් වඩාත්ම උතුම් වන්නේ යැයි ඔවුනට මෙනෙහි කළහ. එවිට මිනිසෙකු නැගිට “අල්ලාහ්ගේ දූතයාණනි සැබැවින්ම මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් මගෙන් පහව යෑම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද? යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඔහුට: “එසේය, ඔබ පසු නොබැස පෙරට යන, කුසල් බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් සිටින තත්ත්වයේ අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ ඝාතනය කරනු ලැබුවේ නම්” යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් නැවතත්: “ඔබ කුමක් ඇසුවෙහි ද?” යැයි විමසූහ. එවිට ඔහු “සැබැවින්ම මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපයන් මගෙන් පහව යනු ඇත්ද? යන්න ගැන විමසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඔහුට: “එසේය, ඔබ පසු නොබැස පෙරට යන, කුසල් බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් සිටින තත්ත්වයේ අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ ඝාතනය කරනු ලැබුවේ නම්, නමුත් ණය හැරය. සැබැවින්ම ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා එය මට පැවසීය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහාබාවරුන් අතර දේශනා කරන්නට නැගී සිටියහ. එවිට අල්ලාහ්ගේ වදන උසස් කරවීම සඳහා අරගල කිරීමත් අල්ලාහ් විශ්වාස කිරීමත් ක්‍රියාවන් අතරින් වඩාත් උතුම් වන්නේ යැයි එතුමා ඔවුනට මතක් කළහ. එවිට මිනිසෙකු නැගිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසූහ. අල්ලාහ්ගේ වදන උසස් වීම පිණිස මා ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් වලට මට සමාව දෙනු ලබන්නේ ද යන්න ගැන ඔබ අදහස් කරන්නේ කුමක්ද යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එසේය, නමුත් ඔබ අල්ලාහ්ට අවංකව ඔබට අතවන දේ විද දරා ගෙන ඉවසීමෙන් යුතුව ජිහාද් පිටියෙන් පළා නොයන තත්ත්වයක මිය යැමේ කොන්දේසිය මතය. යැයි පැවසූහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කරුණක් පහළ විය. එය ණය ගැනයි. සැබැවින්ම ජිහාද් නම් අරගලය හා ෂහාදා නම් දිවි පිදීම මිනිසා සතු වගකීම් වලදී සමාව දෙනු නොලබනු ඇත යැයි දන්වා සිටියේය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්‍රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්‍රිය ආරම්භයේ නිදා ගන්නෙකු වූහ. එය ඉෂා සලාතයෙන් පසුවය. එහි අවසානයේ අවදි වෙයි. එනම්: රාත්‍රියේ දෙවන භාගයේ තුනෙන් එක් කොටසකය. එතුමා සලාතය නිමා කළ විට නිදා ගැනීම සඳහා එතුමාගේ නිදියහනට නැවතත් යොමු වෙයි. එය රාත්‍රියෙන් අවසාන හයෙන් එක් කොටසක් තුළය. එය රාත්‍රියේ අවදිවීමෙන් වෙහෙසට පත් වූ එතුමාගේ ශරීරය විවේකය ලබනු පිණිසය. එහි තවත් යහපතක් වනුයේ සුබ්හු සලාතය පිළිගැනීම හා ඉතා උනන්දුවෙන් දහවල් කාලයේ අල්ලාහ්ව මෙනෙහි කිරීමට හා පිළිගැන්වීමටය. සැබැවින්ම එය ප්‍රදර්ශනය කිරීමකින් තොර තත්ත්වයට වඩාත් සමීප වේලාව බැවිණි. කවරෙකු රාත්‍රියේ අවසන් කොටසෙහි නිදා ගත්තේ ද ඔහු නිරෝගී ශක්තිමත් හා පැහැපත්ව අවදි වනු ඇත. එමෙන්ම එය ඊට පෙර සිදු කළ ක්‍රියාව මිනිසුන් නොදකින පරිදි සැගවීමටත් වඩාත් සමීප වන බැවිණි. නිදන්නන් අවදි කිරීමටත් අවදිව සිටින්නන් නැවත හැරවීමටත් පළමු අදානය පැමිණියේ එබැවිනි. එනම් අවදිව සිටින්නා නැවත නින්දට යයි. එය තම ශරීරය ශක්තියෙන් හා ප්‍රාණවත්භාවය වඩවනු පිණිසය. නිදන්නා වනාහි සලාතයට සූදානම් වන තෙක් අවදිව ඉන්නට බලයි. ඔහු රාත්‍රිය ආරම්භයේ විත්ර් ඉටු නොකළේ නම් ඔහුගේ විත්ර් සලාතයද ඉටු කරයි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී. මා පරිත්‍යාග කළ යුත්තේ ඔවුන් දෙදෙනාගෙන් කා හටද? එතුමා ඔවුන් දෙදෙනාගෙන් ඔබට දොරටුවෙන් වඩාත් සමීප අය වෙත යැයි පැවසූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් මෙසේ විමසුවාය. සැබැවින්ම මට අසල්වැසියන් දෙදෙනෙකු සිටිති. පොදුවේ අසල්වැසියන්ට උපකාර කරන මෙන් මම නියෝග කරනු ලැබ ඇත්තෙමි. නමුත් ඔවුන් දෙදෙනාට එකම වේලාවේ පරිත්‍යාග කිරීමට මට නොහැකිය. අසල්වැසියන්ට උපකාර කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වීමේ භාග්‍යය මා ලබන්නට ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් මා පරිත්‍යාග කළ යුතු ද? එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් දෙදෙනාගෙන් ඔබට දොරටුවෙන් වඩාත් සමීප අය වෙතය. යැයි පැවසූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත."
متفق عليهදරු ප්‍රසූතිය හේතුවෙන් තහනම් කරන දෑ කිරි පෙවීම හේතුවෙන් ද තහනම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඒ අනුව මාමා හෝ බාප්පා හෝ මහප්පා හෝ සහෝදරයා .. වැනි අය (විවාහයට) තහනම් කරනු ඇත. එමෙන්ම දරුවා ප්‍රසූත කළ හේතුවෙන් කවර නීති අනුමත වන්නේ ද ඒවා කිරි පෙවීම හේතුවෙන් ද අනුමත වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරන ලදී. “ජුමුආ දිනයේ ඊට පෙර හෝ ඊට පසු දිනක් උපවාසයේ නිරතවීමෙන් තොරව නුඹලා කිසිවකු උපවාසයේ නිරත නොවිය යුතුය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතජුමුආ දිනය සමග ඊට පෙර හෝ පසු දිනක් එකතු කිරීමෙන් හෝ එදින සිරිතක් ලෙස පැමිණෙන උපවාසයක් වී නම් හැර එදින පමණක් උපවාසයේ නිරත වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළේය.
ෆත්හ් මක්කාහ් හෙවත් මක්කාහ් ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. (මක්කාහ්) ජයග්රහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. නුඹලා පලවා හරිනු ලබන්නෙහු නම් එවිට නුඹලාද පලවා හරිනු. මක්කාහ් ජයග්‍රහණය ලැබූ දින එතුමාණන් තව දුරටත්, “නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දින (පටන්) මෙය පාරිශුද්ධ කළේය. අල්ලාහ්ගේ පාරිශුද්ධ භාවයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් මෙය පාරිශුද්ධ ව පවතින්නකි. මට පෙර කිසිවකු වෙත මෙහි යුද වැදීමට අනුමත නොවීය. මට පවා දහවල් කාලයේ හෝරාවක් හැර අනුමත නොවීය. අල්ලාහ්ගේ පාරිශුද්ධභාවයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා පාරිශුද්ධ ව පවතී. එහි කටු පඳුරු කපා හරිනු නොලැබේ. එහි දඬයම් සතුන් පලවා හරිනු නොලැබේ. එහි මග හැරුණු භාණ්ඩයක් එය හඳුනන අයකු මිස අහුලා නොගනු ඇත. එහි ඇති පැළෑටි විනාශ කරනු නොලැබේ.“ යැයි පැවසූහ. එවිට අබ්බාස් තුමා, “නමුත් අල්ලාහ්ගේ දූතයාණනි! ‘ඉද්හිර්’ හෙවත් ශාඛ වර්ගය හැර. හේතුව, නියත වශයෙන්ම එය ඔවුන් දැල්වීම සඳහා හා ඔවුන්ගේ නිවෙස්හි වියන් තැනීම සඳහා වූවක්“ යැයි විමසා සිටි විට එසේ නම් ඉද්හිර් නම් ශාඛ වර්ගය හැර යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් දන්වා සිටියි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මක්කා ජයග්‍රහණ දිනයේ දේශනා කරන්නට විය. එවිට එතුමා හිජ්රතයක් නොමැත, එනම් මක්කාවේ සිට හිජ්රතයක් නොමැත යැයි පවසා සිටියහ. හේතුව එය ඉස්ලාමීය නගරයක් වූ බැවිනි. නමුත් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම ඉතිරිව පවතී. ජිහාදය වෙත ඇරයුම් කරනු ලබන්නන් හට අල්ලාහ්ට, ඔහුගේ රසූල්වරයාට හා ප්‍රධානීන්ට අවනත වී පිටත් වන මෙන් නියෝග කළහ. පසුව මක්කාවේ ගරුත්වය පිළිබඳ මෙනෙහි කළේය. එය අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දා පටන් විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට පෙර කිසිවකුට හෝ එය අනුමත නොවී්‍ය. එතුමාට පසුවද කිසිවකුට අනුමත නොවන්නේය. එතුමාට දහවල් කාලයේ හෝරාවක් පමණක් අනුමත කරන ලදී. පසුව නැවතත් එහි ගරුත්වය ලැබිණ. පසුව මක්කාවේ ගරුත්වය පිළිබඳ මෙනෙහි කළහ. හරම් සීමාව තුළ කටු පදුරු උගුලා නොදමන මෙන්ද එහි ඇති දඬයම් සතුන් පළවා නොහරින මෙන්ද වැටුණු භාණ්ඩයක් එය තමන් හඳුනන්නේ නම් මිස අහුලා නොගන්නා මෙන්ද එහි ඇති පදුරු ඉවත් නොකරන මෙන්ද නියෝග කළහ. ඒ අතුරින් ඉද්හිර් නම් පැළෑටි වර්ගය වෙන් කළේය. හේතුව එය මක්කා වාසීන්ගේ යහපත පිණිස තිබෙන්නක් වන අතර කම්මල්කරුවන් තම වැඩ සඳහා ගිනි දල්වා ගැනීමට ද එය භාවිතා කරන බැවිනි.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හම්සා්සාබ්නු අම්ර් අල් අස්ලමී තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් “ගමනේදී මම උපවාසය රකින්නදැ“?යි විමසා සිටියේය. -ඔහු අධික ලෙස උපවාසය රකින්නෙකු විය.- එවිට එතුමා: “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම හම්සා ඉබ්නු අම්ර් අල් අස්ලමී- රළියල්ලාහු අන්හු- තුමා තමන් ගමනේදී උපවාසයේ නිරත වීම ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටි බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය දන්වා සිටියාය. එවිට එතුමා උපවාසය රැකීම හා ඉන් මිදීම යන කරුණු දෙකින් එකක් තෝරාගන්නට කැමැත්ත ලබා දුන්හ. ඒ අනුව එතුමා මෙසේ පවසා සිටියහ. “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ මෙයින් අදහස් කරනුයේ අනිවාර්යය උපවාසය පිළිබඳවයි. එය අල්ලාහ්ගෙන් වූ අවකාශයකි යැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා ඇත්තාහ. එතුමා විමසා සිටියේ අනිවාර්යය උපවාසය ගැන බව මෙය වටහා දෙයි. ඉමාම් අබූ දාවූද් දන්වා සිටි හදීසයක් ද එයට සාධක වශයෙන් පිහිටා ඇත. එතුමා මෙසේ පවසා ඇත. අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම වාහනයක හිමිකරුවකි. මම උගෙන් වැඩ ගනිමි. ඒ මත නැග ගමන් කරමි. ඌ අතහැර දමමි. ඇතැම් විට මෙම මාසයේ ඌ මට හරහට සිටියි. එනම් රමළාන් මාසයේ. මම (උපවාසය රකින්නට) ශක්තිය දරමි." සැබැවින්ම ඔහු අනිවාර්යය මෙන්ම අතිරේක යන උපවාසයන් ගැන පොදුවේ විමසා සිටි බවට 'එතුමා අධික ලෙස උපවාසයේ නිරතවන්නෙකු වූහ' යන ප්‍රකාශය උසුලා ඇත. මෙමගින් පැහැදිලි වනුයේ සැබැවින්ම ගමනේදී උපවාසයෙන් මිදීම අල්ලාහ්ගෙන් වූ අවකාශයක් වන බවය. කවරෙකු එම අවකාශය ගන්නේද ඔහුට එහි කුසල ඇති වන්නේය. කවරෙකු උපවාසයේ නිරත වූයේද එය ඔහුට අනුමත වන්නේය. තමන් වෙත අනිවාර්යය දෑ ඉටු කිරීමක් ලෙස ඔහුගේ උපාවාසය සැළකේ.