





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ෂුරෙය්හි ඉබ්නු හානී තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය.
رواه مسلمරාත්‍රියේ හෝ දහවලේ හෝ කවර වේලාවක තම නිවසට ප්‍රවේශ වුව ද දත් පිරිසිදු කරමින් තම කටයුතු ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් මඟපෙන්වීමකි.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: රාත්‍රියේ නින්දට වැටී උදේ වරුව දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමාණෝ: “ඔහු, ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්‍රා කළ තැනැත්තෙකි" යැයි පැවසූහ. එසේ නැතිනම් 'ඔහුගේ කන තුළ' යැයි සඳහන් වී ඇත.
متفق عليهඋදෑසන හිරු උදාවන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු නොකර නිදාගත් අයකු සම්බන්ධයෙන් නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "සැබැවින්ම ඔහු වනාහි, ඔහුගේ කන තුළට ෂෙයිතාන් මුත්‍රා කළ අයෙකි" යැයි පවසා සිටියහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පැවත එන ධර්මතා අතරින් කරුණු දහයක් ඇත. උඩු රැවුල කොට කිරීම, යටි රැවුල වැවෙන්නට හැරීම, දත් මැදීම, නාසයට ජලය යවා පිරිසිදු කිරීම, නියපොතු කැපීම, දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, ලිංගෙන්ද්රීය රෝම බෑම, මළ මූත්‍රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීම.” වාර්තාකරු මෙසේ පවසයි. ‘දහවැනි කරුණ මට අමතක විය. නමුත් එය මුඛය කලත්වා පිරිසිදු කිරීම විය හැක.” එය වාර්තා කළ වාර්තාකරුවන්ගෙන් කෙනෙකු වන ‘වකී’ තුමා මෙසේ පවසයි: ජලයෙන් පිරිසිදු කිරීම: එනම් මළ මූත්‍රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීමයි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතපෙර සිට පැවත එන පිළිවෙත්වල එකතුව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වා සිටියාය. පෙර සිට පැවත එන ධර්මතා යනු අල්ලාහ් කවර කරුණක් මත තම ගැත්තන් මවා ඇත්තේ ද එම මැවීම්හි ධර්මතාවයි. ඔවුන් ඒවා පුරුද්දක් ලෙස පිළිපැදිය යුත්තන් බවට පත් කළේය. සැබැවින්ම ඒවා යහපත් කටයුතු අතරිනි. මෙමගින් අදහන් කරනුයේ ආරෝග්යමත් ධර්මතාවය. ඊට හේතුව විකෘති වූ ධර්මතාවන්ට නොසලකා හරිනු ලැබෙන බැවිණි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ප්‍රකාශය මෙසේය. “සෑම දරුවකුම පොදු ධර්මතාවන් මත ඉපදෙන්නේය. ඔහුව යුදෙව් බවට පත් කරන්නේත් කිතුනුවන් බවට පත් කරන්නේත් අග්නි වන්දනා කරුවන් බවට පත් කරන්නේත් ඔහුගේ දෙමව්පියන්ය.” ඒවා අතරින් පළමුවැන්න: “උඩු රැවුල කොට කිරීම” එනම් තොල මතුවන තරමට එය කපා හැරීමය. එසේ කපා හැරීමේදී පිරිසිදු භාවයක් පවතිනු ඇත. එමෙන්ම නාසයෙන් පිටවන දැයින් ප්‍රවේසම් විය හැක. සැබැවින්ම උඩු රැවුල තොලට පහළින් එල්ලෙමින් පවතින විට, ඒ ගැන නොළකා හරින්නන් යහපත් ලෙස කටයුතු කරන්නට බැලුව ද එම ස්ථානයේ විශාල වශයෙන් විකෘතිභාවයක් දිස්වන අතර ඔහු ගන්නා ආහාර පාන ද එහි තැවරෙන්නට බලයි. එබැවින් උඩු රැවුල බාමින් හෝ කැපීමෙන් හෝ එය පිළිවෙලට සකස් කර ගත යුතුය. දින හතළිහකට වඩා වැඩියෙන් එය අතහැර නොදැමිය යුතුය. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක් මුස්ලිම් තුමා මෙසේ දන්වා ඇත. “උඩු රැවුල කොට කිරීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම, ලිංගෙන්ද්රීය රෝම ඉවත් බෑම යනාදිය දින හතළිහකට වඩා වැඩි කාලයක් අප අත් නොහරින මෙන් පවසා අපට ඒ සඳහා කාලය නියම කළේය. “යටි රැවුල වැවෙන්නට හැරීම” යටි රැවුල යනු නිකටෙහි හා කම්මුලෙහි වැවෙන දෑය. එය වැවෙන්නට හැරීම යනු එය බෑමෙන්, සුළු හෝ වැඩි වශයෙන් කොට කිරීමෙන් එයට හානියක් නොකර සම්පූර්ණයෙන්ම අතහැර දැමීමයි. වැවෙන්නට හැරිම යනු අධිකත්වය හා පූර්ණත්වය යන අදහසින් ද ගනු ලැබේ. ඒ අනුව අධික ලෙස වැවෙන්නට ඉඩ හරින්න. බහුල ලෙස වැවෙන්නට ඉඩ හරින්න යන්නයි. උත්තරීතර අල්ලාහ් ‘අෆා’ යන පදය මෙසේ ප්‍රකාශ කර ඇත: ‘දෙදෙනාම අතහැර දමන තෙක්’. රැවුල වැවෙන්නට ඉඩ හරින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ නියෝගය ‘වෆ්ෆරූ’ (පූර්ණව තබන්න), ‘අර්හූ’ (එල්ලෙන්නට හරින්න), ‘අඃෆූ’ (අත්හරින්න) යනාදී විවිධ පද භාවිතයෙන් හදීස්වල සඳහන් වී ඇත. මේ සියල්ල පෙන්වා දෙනුයේ එය පවතින්නට, එය පූර්ණව වැවීමට, එයට බාධා නොකරන්නට වූ නියෝගය පෙන්වා දෙයි. ඒ අනුව එහි තත්ත්වයන්ගෙන් තවත් තත්ත්වයක් වෙත ඔහුගේ යටි රැවුල බෑම මුස්ලිම්වරයාට සුදුසු නොවන බවයි. එසේ සිදු කළේ නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මාර්ගයට විරුද්ධව කටයුතු කළේය. ඔහුගේ නියෝගයට පිටු පෑවේය. දේව ආදේශකයින්ට සමානව කටයුතු කිරීමෙහි වැටුණේය යන්නයි. “දත් මැදීම” සැබැවින්ම දත් මැදීමත් ෂරීආව දිරි ගැන්වූ පොදු ධර්මතා කරුණු අතරින් එකකි. එය “මුඛය පිරිසිදු කරන්නක් මෙන්ම පරමාධපතිට තෘප්තිය ඇති කරන්නකි” එබැවින් එය සෑම අවස්ථාවකම දහම් ගත කර ඇත. නමුත් වුළූ ගැනීම, සලාතය, නින්දෙන් අවදි වීම, කට වෙනස් වීම, දත් කහවීම යනාදී අවස්ථාවන්වල වඩාත් උවමනාවෙන් කළ යුතු වේ. “නාසයට ජලය යවා පිරිසිදු කිරීම” එනම්, නාසයට ජලය යවා පිරිසිදු කිරීමද පෙර සිට පැවත එන ධර්මතාවකි. සැබැවින්ම එය ලෙඩ රෝගවලට බලපාන කිලිටි නාසයෙන් ඉවත් කිරීම හා පිරිසිදු කිරීමකි. නාසය පිරිසිදු කිරීම වුළූ ධෝවනය කරන අවස්ථාවේ මෙන්ම නාසය පිරිසිදු කිරීමට අවශ්‍ය වෙනත් අවස්ථාවන්හි ද එසේ ජලය යවා පිරිසිදු කර ගත යුතුව ඇත. මෙය මිනිසාගෙන් මිනිසාට වෙනස් වේ. ඇතැමුන්ට වූළුෑ ධෝවනයෙහි පමණක් ප්‍රමාණවත් වන අතර ඇතැමුන්ට වැඩි වාර ගණනාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේය. ඒවා අතරින් තවත් කරුණක් වන්නේ: එනම් පැවත එන තවත් පිළිවෙතක් වනුයේ කට කාරා සේදීමය. සැබැවින්ම එයද පෙර පැවත එන ධර්මතාවකි. කට හා නාසය යනු අධික ලෙස කිලිටි ඇතිවන ස්ථානයකි. ඒ දෙක ගැන සැලකිලිමත් වීම පෙර සිටම පැවත එන්නකි. නියපොතු කැපීමත් එම කරුණු අතරට ඇතුළත් වේ. මෙමගින් අදහස් කරනුයේ දෑත් හා පාදවල ඇති නියපොතුය. ඉහත සඳහන් හදීසයට අනුව දින හතළිහකට අධිකව ඒවා අතහැර නොදැමිය යුතුය. “දහඩිය රැඳෙන ස්ථාන සෝදා හැරීම” එනම් ඇතුළාන්ත හා මතුපිට ඇගිලි කරු සෝදා හැරීමය. රැළි වැටීම හා හැකිළීම හේතුවෙන් ඒවායෙහි කිලිටි රැස් වෙයි. එබැවින් ඒ වෙත ජලය නොපිවිසෙයි. අතුල්ලා ඒ මත අනෙක් අතින් මැදීමට වගබලා ගත යුතුයි. එවිට ජලය ඒ වෙත පිවිසෙනු ඇත . ඒ ගැන සැළකිලිමත් වීම ද ධර්මතා අතරින් වන්නේය. එමෙන්ම කන් පෙති, කලවා ඇතුළත කොටස හා බොහෝ විට ආවරණය වී ඇති වෙනත් ස්ථාන මෙන් දහඩිය හේතුවෙන් හෝ වෙනත් කරුණු හේතුවෙන් හෝ කිලිටි රැස්වෙන ශරීරයේ සෑම ස්ථානයක්ම එයට ඇතුළත් වන්නේය. “කිහිලි රෝම ඉවත් කිරීම” පැවත එන තවත් ධර්මතාවක් වන්නේ කිහිලි රෝම ඉවත් කිරීමය. එනම් එහි මුලින්ම ඇද දැමීම හෝ උගුලා හැරීමයි. එය වැඩි වශයෙන් දහඩිය රැඳෙන ස්ථානයක් මෙන්ම කිලිටි රැස්වන ස්ථානයකි. ඒ සමගම දුඟද වෙනස් වන්නේය. පෙර සඳහන් අනස් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසයට අනුව දින හතළිහකට වඩා වැඩියෙන් එයද අතහැර නොදැමිය යුතුය. එය ශක්තිමත්ව පිහිටියද එය උගුලා දැමීම වඩාත් උතුම් වන්නේය. නමුත් එසේ උගුලා දැමීම අසීරු කාර්යයක් වූ විටෙක එසේ බෑම හෝ ඉවත් කරන වෙනත් උපකරණයක් භාවිතා කිරීම වරදක් නැත. ඊට හේතුව ඉන් බලාපොරොත්තු වනුයේ ඒවා ඉවත් කිරීම හා අදාළ ස්ථානය පිරිසිදු කීරම වන බැවිනි. එමගින් ද එය සිදු වන්නේය. “ලිංගෙන්ද්රීය රෝම බෑම” මෙයද පැවත එන ධර්මතාවන්ගෙන් තවත් කරුණකි. එනම් පිරිමියා හෝ වේවා කාන්තාව හෝ වේවා ඔවුන්ගේ ලිංගය අවට වැවී ඇති රෝම ඉවත් කිරීමය. එය බෑමෙන් හෝ උගුලා දැමීමෙන් හෝ කොට කිරීමෙන් හෝ නවීන උපකරණ භාවිතයෙන් හෝ ඉවත් කළ හැක. ඉන් බලාපොරොත්තු වන්නේ ද පිරිසිදු කමයි. එමගින් අපේක්ෂා කරන කාර්යය සිදු වන්නේය. පෙර සඳහන් වූ අනස් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය අනුව දින හතළිහකට වඩා වැඩියෙන් එය ද අත්හැර නොදැමිය යුතුය. “මළ මූත්‍රා කළ පසු ජලයෙන් පිරිසිදු කිරීම.” මෙයද එම ධර්මතාවන්ගෙන් එකකි. එය විග්රහ කර ඇත්තේ මළපහ කිරීමෙන් හෝ මූත්‍රා කිරීමෙන් පසු අදාළ ස්ථානය සේදීම ලෙසය. මෙම අදහස අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හු) තුමා දැනුම් දුන් අබූ දාවූද් හා ඉබ්නු මාජා හි සඳහන් වාර්තාව තහවුරු කර සිටියි. එනම්: “පෙර සිට පැවත එන පිළිවෙත් අතරින් “කට කාරා සේදීම, නාසය හීරීම, පිරිසිදු කිරීම හා මළ මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කිරීම: එනම් ලිංග හා ගුද මාර්ගවලින් පිටවන දෑ ජලය, ගල්, රෙදි කඩක් හෝ පිසනයක් හෝ ඉවත් කිරීමට විශේෂිත වූ ද්‍රව්‍යයක් වැනි කුමක් හෝ දෙයකින් පිරිසිදු කිරීම. වාර්තාකරු මෙසේ පවසයි. ‘දහවැනි කරුණ මට අමතක විය. නමුත් එය උගුර පිරිසිදු කිරීම විය හැක.” මෙය වාර්තා කරු තුළ පැවති සැකයයි. මින් ලැබෙන පාඩම වනුයේ සැබැවින්ම මෙම කරුණු සියල්ලම මිනිසාගේ පෙනුම පූර්ණවත් කරයි. ඔහුව පිරිසිදු කරයි. හිංසා සහගත හා පිළිකුල් සහගත දෑ ඔහුගෙන් ඉවත් කරයි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
متفق عليهෂෙයිතාන්ගේ තත්ත්වය පිළිබඳවත්, රාත්‍රි සලාතය සඳහා හෝ ෆජ්ර් සලාතය සඳහා අවදිවීමට අපේක්ෂා කරන මිනිසා සමග ඔහු කරන අරගලය පිළිබඳවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියි. සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා නින්දට ගිය විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කර, ෂෙයිතාන්ගේ කුකුසට පිළිතුරු නො දුන්නේ නම්, ගැටයක් ලිහෙනු ඇත. එසේම හෙතෙම වුළූ ගත්තේ නම්, තවත් ගැටයක් ලිහෙනු ඇත. එසේම නැගිට සලාත් ඉටු කළේ නම්, තුන්වන ගැටය ද ලිහෙනු ඇත. පසුව එම ගැට ලිහීමත් සමගම ඔහු අල්ලාහ්ට අවනත වීම සදහා ඔහුට ආශිර්වාද කළ දෑ ගැන සතුටට පත්ව මනා මානසික සුවයකින් යුතුව දිරියෙන් හා අල්ලාහ් ඔහුට පොරොන්දු වූ කුසල් හා සමාව ගැන සතුටු වෙමින් අවදිවනු ඇත. එසේ නොවුනු විටෙක, ෂෙයිතාන් ගැට ගසා ඇති ගැට හේතුවෙන් ඔහුගේ මනස කිලිටි තත්ත්වයට පත්වේ. සිත දුකට පත්වේ. යහපත් හා දැහැමි ක්‍රියාවන් කිරීමට මැළිකමක් ඇති වේ. මහා කාරුණිකයාණන්ට සමීපවීමෙන් ඔහුව දුරස් කරයි.
මඃදාන් ඉබ්නු අබී තල්හා අල්-යඃමරී විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ සව්බාන් තුමාව මුණ ගැසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලාහ් මා ස්වර්ගයට ඇතුළත් කරන ක්‍රියාවක් මට දන්වා සිටින්නැ'යි පවසා සිටියෙමි. 'එසේ නැතහොත් අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව මට දන්වා සිටින්නැයි' මම පවසා සිටියෙමි. එවිට එතුමා නිහඬව සිටියේය. පසුව නැවතත් ඒ ගැන විමසුවෙමි. එවිට ද හෙතෙම නිහඬව සිටියේය. පසුව තුන්වන වරටත් මම විමසා සිටියෙමි. එවිට එතුමා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි.' එනම්: “ඔබ බොහෝ සෙයින් සුජූද් කළ යුතුය. හේතුව සැබැවින්ම ඔබ අල්ලාහ් වෙනුවෙන් සුජූදයක් කළ විට, අල්ලාහ් එමගින් ඔබව තරාතිරමකින් උසස් කරවා එමගින් පාපයක් ඔබෙන් මකා දමනු ඇත." මඃදාන් තුමා මෙසේ පැවසීය: මම අබූ දර්දා තුමාව ද මුණ ගැසී ඒ ගැන විමසා සිටියෙමි. එවිට එතුමා ද සව්බාන් තුමා මට පවසා සිටි දෑම මට පවසා සිටියේය.
رواه مسلمස්වර්ගයට පිවිසීමට හේතුවක් වන හෝ අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක්දැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ ප්‍රශ්න කළ තැනැත්තාට මෙසේ පිළිතුරු දුන්හ: 'සලාතයේ දී වැඩිපුර සුජූදය ගැන සැළකිලිමත් වන්න. අල්ලාහ් වෙනුවෙන් කරන සුජූදයක් වී නම් එමගින් ඔබට තරාතිරමක් උසස් කරන අතර පාපයක් ඔබෙන් ඉවත් කර සමාව දෙනු ඇත.'
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ."
رواه مسلمරමළාන් මාසයේ අවසන් දින දහය උදා වූ විටෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නැමදුම්වල හා අවනතභාවයේ කටයුතුවල කැපවීමෙන් යුතුව නිරත වූහ. විවිධ යහපත් ක්‍රියාවන්හි හා දැහැමි කටයුතුවල දී අතිශයෝක්තියෙන් කටයුතු කළහ. වෙනත් දිනවලට වඩා අධික ලෙස නැමදුම්වල නිරත වූහ. එය එම රාත්‍රියන්හි මහිමය අති උතුම් බැවින් හා ලෙයිලතුල් කද්ර් රාත්‍රිය සොයමිනි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් වෙනුවෙන් අපි එතුමාගේ මිස්වාක් දැහැටිය හා ජලය සූදානම් කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ් එතුමාණන්ව අවදි කිරීමට අභිමත කළ වේලාවෙහි එතුමාණන්ව අවදි කරවයි. පසුව එතුමාණන් දත් පිරිසිදු කර, වුළූ ධෝවනය කර, සලාත් ඉටු කරයි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් එතුමාගේ මිස්වාක් දැහැටිය හා රාත්‍රියේ වුළූ ධෝවනය කිරීම සඳහා ජලය තමන් සූදානම් කරන බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කර සිටියාය. පසුව අල්ලාහ් එතුමාව නින්දෙන් අවදි කරවයි. එනම් රාත්‍රියේ වේලාවක. එසේ එතුමාණන් අවදි වූ විට, පොදුවේ නින්ද හේතුවෙන් කටින් හමන දුගද ඉවත් කරනු පිණිස එම දැහැටියෙන් එතුමා එතුමාගේ දත් මදින්නට ආරම්භ කරයි. පසුව වුළූ ධෝවනය කරයි. අනතුරුව රාත්‍රී සලාත් ඉටු කරයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අබ්ස් අබ්දුර් රහ්මාන් ඉබ්නු ජබ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැවරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“
رواه البخاريඅල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙමින් සිටිය දී තම දෙපා දූවිලිවලින් තැවරුනු තැනැත්තකු වී නම් අපා ගින්න ඔහුව ස්පර්ෂ නො කරන බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට ශුභාරංචි දන්වා ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කුහුඹුවා සපා කෑමෙන් ඇතිවන වේදනාව මෙන් මිස ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නකු මරණයේ වේදනාව අත් නොවිඳිනු ඇත.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: නියත වශයෙන්ම මිනිසා අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන විට සැබැවින්ම ඔහුට අත්වන මරණය, තවත් වාර්තාවක් අනුව ‘මරණයේ වේදනාව අප අතරින් කෙනෙකුට කුහුඹුවකු සපා කෑමෙන් දැනෙන අයුරින් මිස නොපවතී. දාරිමීගේ වාර්තාවේ ‘සපාකෑමේ වේදනාව මෙන් මිස නොපවතී.’ එහි අර්තය: සැබැවින්ම දිවි පුදන්නා මරණයේ හෝ මරණ වේදනාවේ දරුණුකමක් සෙසු මිනිසුන්ගේ තත්ත්වය මෙන් විඳින්නේ නැත. නමුත් ඔහු මරණයට පත් වන අවස්ථාවේ ඔහු ලබන ඔහු විදින උපරිම වේදනාව වනුයේ කුහුඹුවකු හපා කෑමෙන් අප අත් විදින වේදනාවය. එසේ අත් වන වේදනාව ඉක්මනින්ම පහව යයි. එය දැනෙන්නේවත් නැත. මෙය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් හට අල්ලාහ් පිරිනමන භාග්‍යයයි. ඒ අනුව ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය පුදන කල්හි අල්ලාහ් මරණයේ වේදනාව ඔහුට සැහැල්ලු කරනු ඇත.