





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
තාරික් ඉබ්නු ෂිහාබ් අල් බජ්ලී අල් අහ්මසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්‍යය කතා කිරීම” යැයි පැවසූහ.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනක් යෑමට සූදානම්ව සිටියදී මිනිසෙකු එතුමාගෙන් ‘කුසලින් වඩාත් අධික, පරිශ්රමය කුමක්දැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් කරුණ දන්වා සිටියේය. එය අපරාධකාරී පාලකයකුහට යහපත නියෝග කිරීම හෝ අයහපතින් ඔහුව වැළැක්වීමය. ජිහාදය යනු දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කිරීම මත පමණක් සීමාවූවක් නොවන්නේය. එයට තරාතිරම් ඇත. සඳහන් කරනු ලැබ ඇත්තේ ඒ සියල්ල අතරින් වඩාත් කුසල් ලැබෙන ජිහාදයයි. ඊට හේතුව පාලකයාගේ නපුරුකම් හේතුවෙන් ඝාතනය කරනු ලබන්නට හෝ සිරගත වන්නට හෝ ඉඩ ඇති බැවින් හා ඒ සඳහා ආමන්ත්‍රණය කරන අයද ස්වල්පයක් වීමය.
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත්, සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දැරීමට ද, සලාතය ඉටු කිරීමට ද, සකාත් නිකුත් කිරීමට ද, සවන් දී අවනත වීමට ද, සෑම මුස්ලිම්වරයකුටම උපදෙස් දීමට ද මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ප්‍රතිඥා දුනිමි.”
متفق عليهසහාබිවරයකු වූ ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා ඒකදේවවාදී විශ්වාසය කෙරෙහි ද, දිවා රෑ අනිවාර්යය කරන ලද පස්වාර සලාත්, ඒවායෙහි කොන්දේසි, මූලිකාංග, අනිවාර්යය හා වෛකල්පිත කරුණු පිළිපදිමින් ඉටු කිරීමට ද, නියම කරන ලද සකාත් නිකුත් කිරීමට ද, එය අනිවාර්යයවූ මූල්‍යමය නැමදුමක් වන අතර පොහොසතුන්ගෙන් ලබා සුදුසුකම් ලබන දිළිඳුන් හා වෙනත් අයට පිරිනමන නැමදුමකි. කටයුතු භාර උදවියට අවනත වීමට ද සෑම මුස්ලිම්වරයෙකුටම ඔහුගේ ප්‍රයෝජනය සහතික කිරීමට, ඔහුට යහපත ගෙන දීමට සහ වචනයෙන් හා ක්‍රියාවෙන් ඔහුගෙන් අයහපත පලවා හැරීමට උපදෙස් දීමට ද තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ප්‍රතිඥා දී ඒ සමග බැඳී කටයුතු කරන බවට දන්වා සිටියේය.
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
رواه أبو داود والنسائي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාගේ අත අල්ලාගෙන ඔහුට: “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම ඔබ මෙසේ පැවසීම අත් නොහරින්න:" යැයි පැවසුහ. (අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික) අහෝ දෙවිඳුනි, ඔබට අවනතභාවය පුද කරන සෑම ප්‍රකාශක් සහ සෑම ක්‍රියාවක් තුළින්ම මා ඔබව සිහිපත් කිරීමට ඔබ මට උපකාර කරනු මැනව! (වෂුක්රික) පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් ද, ව්‍යසනයෙන් මා මුදවා ගත් බැවින් ද ඔබට කෘතඥ වීමට ඔබ මට උදව් කරනු මැනව! (වහුස්නු ඉබාදතික්) අල්ලාහ්ට අවංක ලෙසින් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් ද ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මට උදව් කරනු මැනව!
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට අබූ හුරෙයිරා, අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් හා අඉෂා (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. “විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතවුළු කටයුතුවලදී නොසැලකිලිමත්කම හා එහි අඩුපාඩු ඇති කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවවාද කළහ. එය සම්පූර්ණව ඉටු කිරීමට අවධානය යොමු කරන මෙන් දිරි ගැන්වූහ. බොහෝ වේලාවට පාදයේ පසුපස කොටසට ජලය සේන්දු වන්නේ නැත. එවිට පිරිසිදු කමේ හා සලාතයේ අඩුපාඩු සිදු වන්නේය. සැබැවින්ම හිඩැස් ඇති වූ අදාළ ස්ථානයටත් ආගාමනුගත කළ පරිදි පිරිසිදු කිරීමේදී නොසැලිකිල්මත් කමින් සිටි අදාළ පුද්ගලයාටත් දඬුවම ඇති බව දන්වා සිටියේය.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉෂා සලාතය ඝණාන්ධකාරයේ (ප්‍රමාද කොට) ඉටු කළහ. එවිට උමර් තුමා පිටතට පැමිණ ‘අහෝ! අල්ලාහ්ගේ දූතයාණනි, සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට ගොස් ඇත.’ යැයි පැවසීය. පසුව තම හිසෙන් ජල බිංදු වැටෙන තත්ත්වයේ එතුමා පිටතට පැමිණ මෙසේ පැවසීය. “මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවී නම් මෙම සලාතය මෙම වේලාවේ ඉටු කරන්නට මම ඔවුනට නියෝග කරමි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉෂා සලාතය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියෙන් වැඩි වේලාවක් ගෙවී යන තෙක් ප්‍රමාද කළේය. වැඩි වේලාවක් බලාපොරොත්තුවෙන් සිටිය නොහැකි; ඒ සඳහා ශක්තිය නොමැති කාන්තාවන් හා දරුවන් නින්දට වැටී සිටියෝය. එවිට උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා එතුමා වෙත පැමිණ ‘සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට වැටී ඇත.’ යැයි පැවසීය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම නිවසින් මස්ජිදය වෙත පිටත්ව පැමිණියේය. ඒ මෙහොතේ එතුමාගේ හිසින් ස්නානය කළ වතුර බිංදු වැටෙමින් තිබිණ. පසුව එතුමා සලාතය බලාපොරොත්තුවෙන් සිටින්නන්නන්හට දුෂ්කර නොවී නම් ඉෂා සලාතය ප්‍රමාද කිරීම ඉතා උතුම් බව පැහැදිලි කරමින් මෙසේ පැවසූහ. “මාගේ සමූහයාට දුෂ්කර කාර්යයක් නොවී නම් මෙම සලාතය ප්‍රමාද කරන ලද මෙම වේලාවෙහි ඉටු කිරීමට මම ඔවුනට නියෝග කරමි.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුත්‍රයාගේ සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වූවකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නොහැසිරිය යුතුය. මහා හඬින් (නොමනා ලෙස) කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුගඳ අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි."
متفق عليهහදීසුල් කුද්සි හෙවත් දිව්‍යමය ප්‍රකාශ ඇතුළත් නබි වදනක අල්ලාහ් ප්‍රකාශ කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ. ආදම්ගේ පුත්‍රයා කරන යහපතට ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය දක්වා ඔහුට ගුණ කරනු ලැබේ. නමුත් උපවාසය හැර. සැබැවින්ම ඒ තුළ ප්‍රදර්ශනය කිරීමක් නොමැති බැවින් එය මා වෙනුවෙන් පමණක් වන්නකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. එහෙයින් ඔහුගේ කුසල්හි ප්‍රමාණයත්, ඔහුගේ කුසල් ගුණ කිරීමත් පිළිබඳ මා පමණක් දනිමි. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: (උපවාසය පලිහකි.) එනම්, අපා ගින්නෙන් ආරක්ෂාවකි; රැකවරණයකි; ආවරණයකි. ඊට හේතුව ආශාවන්ගෙන් හා පාපයට වැටීමෙන් ඔහු වැළකී සිටින බැවිනි. අපා ගින්න ආශාවන්ගෙන් වටලාගෙන ඇත. (නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නො හැසිරිය යුතුය.) එනම් සංසර්ගයේ යෙදීමෙන් හා එයට මුලපිරෙන කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටිය යුතුය. එමෙන්ම අසභ්‍ය දෑ කතා නො කළ යුතුය. (මහා හඬින් නොමනා ලෙස කතා නොකළ යුතුය.) නොමනා තර්ක හා කෑකෝ ගැසීමෙන් වැළකී සිටිය යුතුය. රමළාන් මාසයේ (කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ) ඔහු ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. එවිට ඔහු එයින් වැළකී සිටිය හැකිය. ඔහු රණ්ඩුවටම පැමිණෙන්නේ නම් වඩාත් සැහැල්ලු දැයින් ඔහුව වළක්වන්නට උත්සාහ කළ යුතුය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා මෙසේ පවසා සිටියේය. "උපවාසය හේතුවෙන් උපවාසය රකින්නාගේ මුවින් හමන දුඟද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ ළඟ ඇති කස්තූරිවලට වඩා සුවඳැතිය. සභාවක හා රැස්වීමක යොදනු ලබන කස්තූරියට වඩා කුසලින් එය අධික වන්නේය." උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට එමගින් කුසගිනි හා පිපාසය නිවා ගනිමින් සහනයක් ලබන විට ඇති වන සතුට හා උපවාසය සම්පූර්ණ කොට ඔහුගේ නැමදුම් අවසන් කරන විට ඇති වන සතුට එමෙන් ම තම පරමාධිපතිගෙන් සහනයක් ලැබිමේ හා උපවාසයට දායක වීමේ සතුට. (තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ ඔහු සතුටු වෙයි.) එනම් එවිට ඔහුගේ ප්‍රතිඵල හා ඔහුගේ කුසල් තුළින් සතුටු වෙයි.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්‍රියේ සලාතය ඉටු කරන්නට වූහ. ඇය එතුමා ඉදිරියේ හරහට (නිදමින්) සිටියහ. විත්ර් සලාතය ඉතිරිව තිබයදී එතුමා ඇයව අවදි කරවයි. පසුව ඇය විත්ර් ඉටු කරන්නීය. තවත් වාර්තාවක: විත්ර් ඉතිරව තිබෙන විට එතුමාණෝ “අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු.“ යැයි පැවසූ බව සඳහන් වේ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: සැබිවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්‍රී සලාතය ඉටු කරන්නට වූහ. ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය එතුමා ඉදිරියේ හරහට නිදමින් සිටියායය. බුහාරි හා මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා රාත්‍රියේ සලාතය ඉටු කරමින් සිටියහ. මම එතුමා හා කිබ්ලාව අතර ජනාසාවක් හරහට සිටිනවාක් මෙන් නිදමින් සිටියෙමි යැයි ආඉෂා තුමිය පැවසූ බව සඳහන් වී ඇත. තහජ්ජුද් සලාතය ඉටු කොට, අවසන් වූ කල්හි විත්ර් සලාතය ඉටු කිරීමට මත්තෙන් එතුමිය විත්ර් ඉටු කරනු වස් එතුමියව එතුමා අවදි කළහ. තවත් වාර්තාවක විත්ර් ඉතිරිව තිබෙන විට අහෝ ආඉෂා, ඔබ අවදි වී විත්ර් ඉටු කරනු යැයි පවසා ඇත. අබූ දාවුද් හි සඳහන් තවත් වාර්තාවක, විත්ර් සලාතය ඉටු කරන තෙක් විය. පසුව ඇයව අවදි කළහ. ඇය විත්ර් සලාතය ඉටු කළාය. තේරුම: සැබිවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුල් රාත්‍රියේ එතුමියට නිදන්නට හැරියේය. එතුමා විත්ර් සලාතය හැර අනෙකුත් සලාත් ඉටු කිරීමෙන් පසුව මිස ඇයව අවදි නොකළහ. ඇය ද විත්ර් සලාතය ඉටු කරනු වස් ඇයව එතුමා අවදි කළහ. නින්දේ මැලිකම ඇති නොවනු වස් අවදි වූ වහාම ඇය විත්ර් ඉටු කිරීමට යුහුසුළු වූවාය. ඇය එය ප්‍රමාද කර තිබුණේ නම්, ඇයට එය මඟහැරනේනට තිබිණ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “එක් රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිදියහනේ දැක ගන්නට නොහැකි වීය. පසුව මම (අතපතගා) එතුමාණන් සොයන්නට ගත්තෙමි. එවිට එතුමාණන් මස්ජිදයේ සිටිය දී එතුමාණන්ගේ දෙපා මැද මාගේ අතට හසු විය. ඒ දෙක සිටුවාගත් තත්ත්වයේ පැවතුනි. එතුමා මෙසේ ප්‍රාර්ථනා කරමින් සිටියහ. اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ (අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ පිළිගැනීම තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද ඔබෙන් පතමි. ඔබ ඔබව ප්‍රශංසා කළ පරිදිම ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට මට නො හැක.ෙ)
رواه مسلمආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියා ය. "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසළින් නිදාගෙන සිටියෙමි. රාත්‍රියේ දී එතුමාණන්ව මම නොදැක්කෙමි. එවිට කුටියේ එතුමාණන් සලාත් ඉටු කරන ස්ථානය මගේ අතින් මම අතපතගා බැලුවෙමි. එවිට එතුමා තම පාද සිටුවා තබමින් සුජූද් ඉරියව්වෙහි සිටියහ. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. 'අඌදු' (මම ආරක්ෂාව පතමි) මම ඔබෙන් ඉල්ලමි. 'බිරිළාක මින් සුහ්ඃතික' (ඔබේ තෘප්තිය තුළින් ඔබේ කෝපයෙන් ද) මා වෙත හා මාගේ සමූහයා වෙත 'ව' (තවද) මම ආරක්ෂාව පතමි. 'බිමුආෆාතික' ඔබේ අධික සමාව තුළින් 'මින් උකූබතික' ඔබේ දඬුවමින් ද ආරක්ෂාව පතමි. 'වඅඌදු බික මින්ක' (තවද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) ඔබේ අලංකාර ගුණාංග හා ඔබේ කීර්තිමත් ගුණාංග තුළින්. ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් ආරක්ෂාවක් නොමැත. එබැවින් සරණ පතන තැනක් හෝ රැකවරණය ලබන තැනක් හෝ අල්ලාහ් වෙත නැඹුරු වීමෙන් තොරව ලබන්නේ නැත. 'ලා උහ්සී සනාඅන් අලයික' (ප්‍රමාණවත් තරමට මා විසින් ඔබට ප්‍රශංසා කළ නො හැක.) මට නොහැකිය, ඔබේ ආශිර්වාද හා ඔබේ උපාකර ගණන් කිරීමට නොහැකි බැවින් ඒ සඳහා මා උත්සාහ දැරුව ද ඔබට හිමිවිය යුතු පරිදි සංඛ්‍යාවෙන් හා ගණනින් ළඟා විය නොහැක. 'අන්ත කමා අස්නයිත අලා නෆ්සික' ඔබ ගැන ඔබ ප්‍රශංසා කළ පරිදිම ඔබේ ප්‍රශංසාව ඔබට ගැළපෙන අයුරින් පිහිටා ඇත. එබැවින් ඔබට කරන ප්රශංසාවේ වගකීම පූර්ණව ඉටු කිරීමට හැකිවන්නේ කාහට ද?
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. වඩාත් උතුම් වනුයේ කවර සලාතයක් දැයි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- විමසන ලදී. එතුමා: කූනූතය දිගු සලාතය යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතවඩාත් උතුම් වනුයේ කවර සලාතයක් දැයි සහාබාවරුන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසූහ. මෙම ප්‍රශ්ණය කුසල් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් අසන ලද්දකි. මෙයින් අදහස් කරනුයේ, වඩාත් උතුම් වනුයේ සලාතයේ කවර වර්ගයක් ද? එසේ නැතිනම් වඩාත් උතුම් වනුයේ සලාතයේ කවර ක්‍රියාවක් ද? යන්නයි. එනම් කියාම් ඉරියව්ව ද රැකූඋ ඉරියව්ව ද එසේ නැතිනම් සුජූද් ඉරියව්වද යන වගයි. එවිට එතුමා එහි දිගු කියාම් සහිත සලාතය වේ යැයි දන්වා සිටියහ.