





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය. නමුත් කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම) නියම වූ පුද්ගලයා සහ තම දහම අතහැර, සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් කෙනෙකුගේ හැර."
متفق عليهමෙම කරුණු තුනෙන් එකක් සිදු කිරීමෙන් හැර මුස්ලිම්වරයකුගේ ප්‍රාණය නැසීම තහනම් කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්නා: නිත්‍යානුකූලව විවාහයකින් පසු, (වෙනත් අය සමග) කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා. ගල් ගැසීමෙන් ඔහුට මරණ දඬුවම් ක්‍රියාමක් කෙරේ. දෙවැන්නා: කිසිදු අයිතියකින් තොරව නිරපරාධී ලෙස යම් ආත්මයක් නැසූ තැනැත්තා. නියමිත කොන්දේසි මත ඔහුට මරණ දඬුවම දෙනු ලැබේ. තුන්වැන්නා: ඉස්ලාම් දහම මුළුමණින්ම අත් හැර දමා වෙනත් දහමක් වැළඳ ගැනීමෙන් හෝ ඉස්ලාමයෙන් ඉවත් නොවී, අරාධකරුවන් මංකොල්ලකරුවන් කැරළිකරුවන් වැනි අය මෙන් ඉස්ලාමයෙන් කොටසක් අත්හැර දැමීමෙන් මුස්ලිම් ප්‍රජාවෙන් ඉවත් වූ අය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම, හිමිකම් කියන්නා මත වන අතර දිවුරා සිටීම ප්‍රතික්ෂේප කරන්නා මත වේ.”
رواه البيهقيකිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැතිව මිනිසුන් යමක් ගැන වාද කළ වහාම ඔවුනට එය පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන්ගේ ධනය හා ජීවිත ඉල්ලා (අසාධාරණ ලෙස) වාද කරනු ඇත. එහෙත්, හිමිකම් කියන්නා ඒ සඳහා අවශ්‍ය සාක්ෂි හා සාධක ඉදිරිපත් කළ යුතු බව නබි තුමාණන් පැහැදිලි කළහ. එසේ ඔහුට සාක්ෂි හා සාධක නොවීනම් නඩුව වාද කරනු ලබන්නාට ඉදිරිපත් කරනු ලබන අතර, එවිට ඔහු එය ප්‍රතික්ෂේප කළේ නම් ඔහු දිවුරා ඉන් නිදොස් විය යුතුය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදි. “අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්‍රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්‍රී සලාතය අත්හැරිය විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ. ඊට හේතුව එතුමාණන් විත්ර් රකආත් එකොළහක් ඉටු කරන්නෙකු වූ අතර නින්ද හෝ වෙනත් යම් හේතුවක් මත විත්ර් ඉටු නොකරම රාත්‍රිය ගෙවී ගිය විට, එම සලාතය නැවතත් ඉටු කරන්නෙකු වූහ. නමුත් විත්ර් ඉටු කිරීමේ කාලය මගහැරුණු කල්හි එය රකආත් දෙක බැගින් ඉටු කිරීම ආගමානුගත කරන ලද්දක් විය.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිය යුතුය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත කොළ වර්ග සහිත එළවලු භාජනයක් ගෙන එන ලදී. එවිට එතුමාණන්ට එහි දුර්ගන්ධයක් දැනී, ඒ ගැන එතුමාණෝ විමසා සිටියහ. එහි ඇත්තේ පළාවර්ග යැයි දන්වන ලදී. පසුව එතුමාණන් සමග සිටි එතුමාණන්ගේ ඇතැම් සහගාමීන් වෙත ඒවා පිළිගන්වන්නැයි පවසා සිටියහ. එතුමාණන්ට එය දැනුනු කල්හි එතුමාණෝ එය අනුභව කිරීමට පිළිකුල් කර, මෙසේ පැවසූහ. "ඔබ අනුභව කරන්න. සැබැවින්ම ඔබ රහසින් කතා නො කරන්නා සමග මම රහසින් කතා කරන්නෙක්මි" යැයි පැවසූහ. ඉමාම් මුස්ලිම් සතු වාර්තාවක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කල හදීසයක් මෙසේ සඳහන් වේ. “කවරෙකු මෙම පළාවර්ග අතරින් අනුභව කළේ ද -තවත් විටෙක- කවරෙකු සුදුළූණු ළූණු ලීක්ස් අනුභව කළේ ද එවැන්නන් අපගේ මස්ජිදයට සමීප නොවිය යුතුයි. සැබැවින්ම ආදම්ගේ දරුවන් වේදනා විඳින දැයින් මලක්වරුන් ද වේදනා විඳිනු ඇත.”
متفق عليهසුදු ළූණු හෝ ළූණු හෝ අනුභව කර, මස්ජිදයට පැමිණීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. ඒවායින් හමන දුර්ගන්ධය හේතුවෙන් සමූහ සලාතය සඳහා සහභාගී වන තම සහෝදරයින් පීඩා නොවනු පිණිසය. එම තහනම මස්ජිදයට පැමිණිම ගැන අවවාදය මිස ඒවා අනුභව කිරීම සම්බන්ධයෙන් නොවේ. ඒවා අනුමත ආහාර වර්ග වේ. ලීක්ස් වැනි කොළ සහිත භාජනයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගෙන එන ලදී. එහි ගන්ධය එතුමාණන්ට දැනුනු කල්හි, එය එතුමාණන් අනුභව නොකර සිටීමට හේතු දන්වා ඒවා අනුභව කිරීම සඳහා එතුමාණන්ගේ සහගාමියෙකුට පිළිගන්වූහ. ඔහු ද එය පිළිපදිමින් පිළිකුල් කළේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය දුටු කල්හි, ඔහුට මෙසේ පැවසූහ: ඔබ අනුභව කරන්න. හේතුව සැබැවින්ම මම දිව්‍ය පණිවිඩ සම්බන්ධයෙන් මලක්වරුන් සමග කතා කරමි" යැයි පවසා සිටියහ. දුර්ගන්ධය හේතුවෙන් මිනිසුන් වේදනාවට පත්වන්නාක් මෙන්ම සැබැවින්ම මලක්වරු ද වේදනාවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. කිර්කිරා යන නමින් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ උසුලන මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: “ඔහු අපා ගින්නෙහිය.” යැයි පැවසූහ. එවිට ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ සම්බන්ධයෙන් භාරව කටයුතු කළ කිර්කිරා යන නමින් මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ පාපය සඳහා ඔහු අපා ගින්නේ දඬුවම් ලබනු ඇත. යැයි හෝ අල්ලාහ් ඔහුට සමාව නොදුන්නේ නම් අපා ගින්නේ සිටිනු ඇත යැයි හෝ දන්වා සිටියේය. සහාබාවරු ඒ සඳහා හේතූන් සොයා ගිය විට යුද්ධයෙන් අත්පත් කරගත් භාණ්ඩ අතරින් ඔහු සොරකම් කළ සළුවක් ඔවුනට ලැබුණෝය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී අතැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?" යැයි විමසූහ. ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “පස් වාර සලාත්හි උපමාවද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”
متفق عليهසෑම රාත්‍රියකම හා දහවලකම ඉටු කරනු ලබන පස්වාර සලාතය, සුළු වැරදි හා පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වීම හා ඒවා ඉවත් වීමට හේතුවීම අතින් මිනිසකු තම දොරටුව අසළින් ගලා යන ගඟක සෑම දිනකම පස් වරක් ස්නානය කර ඔහුගේ ශරීරයේ කිසිදු කිලිට්ටක් ඉතිරිව නොපැවතීම උපමා කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ.
සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී අපි කතා කරමින් සිටියෙමු. පුද්ගලයකු තම මිතුරා සලාතයේදී ඔහු අසළින් සිටියදී ඔහු සමග කතා කරයි. මෙසේ, “නුඹලා බැතිමතුන් ලෙසින් අල්ලාහ් වෙනුවෙන් නැගී සිටිනු” යන පාඨය පහළ වන තුරුම විය. පසුව නිහඬතාව රකින මෙන් අප අණ කරනු ලැබුවෙමු. එමෙන්ම කතා කිරීමට ද අප තහනම් කරනු ලැබුවෙමු.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසලාතය යනු ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර පවතින සම්බන්ධතාවයි. අල්ලාහ් සමග කරන හමුවීම හැර වෙනත් දෙයක සලාත් ඉටු කරන්නා නියැලීම සුදුසු වන්නේ නැත. සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය. සැබැවින්ම මුස්ලිම්වරුන් ආරම්භයේ සලාතයේ අවශ්‍යය ප්‍රමාණයට කතා කරන්නන් ලෙස සිටියෝය. ඔවුන් අතරින් කිසියම් පුද්ගලයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දෙමින්ම තම අවශ්‍යතාවක් සම්බන්ධයෙන් තමන් අසල සිටින මිත්‍රයා සමග කතා කරන්නට වුව ද එතුමා ඔවුන් හෙළා දුටුවේ නැත. නමුත් ඔහු සලාතයේ සිටියදී මැවීම් සමග කතා කිරීමෙන් අල්ලාහ් සමග වූ සම්බන්ධතාවය වෙනතකට හැරුණු කල්හි, උත්තරීතර අල්ලාහ් සලාතයේ ප්‍රවේසමෙන් කටයුතු කරන මෙන් ඔවුනට නියෝග කළේය. නිහඬතාව රකින මෙන් ඔහු ඔවුනට නියෝග කළේය. කතා කිරීමෙන් ඔහු ඔවුන් වැළැක්වූයේය. පසුව උත්තරීතර අල්ලාහ් “සලාත් හා මධ්‍ය කාල සලාත ප්‍රවේසමෙන් ඉටු කරනු. අල්ලාහ් වෙනුවෙන් බැතිමතුන් ලෙස නැගී සිටිනු.” යන පාඨය පහළ කළේය. පසුව සලාතයේ කතා කිරීම තමන්ට තහනම් කර ඇති බව සහාබාවරු වටහා ගෙන ඔවුන් එයින් වැළකී සිටියෝය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ සූර්යග්‍රහණයක් ඇති විය. එවිට එතුමා සලාතය සඳහා එක්රැස් වෙන්නැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. පසුව ඔවුහු එක්රැස් වූහ. එතුමා ඉදිරියට ගොස් තක්බීර් පවසා රකආත් දෙකක් තුළ රුකූඋ හතරක් හා සුජූද් හතරදක් සහිතව සලාත් ඉටු කළෝය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාලයේ සූර්යග්‍රහණයක් ඇති විය. එවිට එතුමා තමන්ට සමාව දෙන මෙන් ද කරුණා කරන මෙන් ද අල්ලාහ්ගේ මතුපිට මෙන්ම ඇතුළාන්ත ආශිර්වාදය තමන් වෙනුවෙන් දිගු හැර දෙන මෙන් ද ප්‍රාර්ථනා කරමින් සලාත් ඉටු කරන්නට වීදිවල හා කඩසාප්පුවල සිටින ජනයා ‘අස්සලාතු ජාමිආ’ සලාතය සඳහා එක්රැස් වෙන්න යැයි කැඳවන කැඳවුම් කරුවකු එවීය. එතුමාගේ මස්ජිදයේ ඔවුහු රැස් වූහ. එතුමා ඔවුනට සලාතය ඉටු කරන පරිදි එතුමාගේ ස්ථානය වෙත ඉදිරියට ගොස් ඔවුනට සලාතය මෙහෙයවූහ. ජනයා ඔවුන් සුපුරුදු ලෙස ඉටු කරන සලාතයෙහි නොදුටු දර්ශණයක් එහි විය. සැබැවින්ම සාමාන්‍ය පරිදි නොව විශ්ව ප්රාතිහාර්යයක් මතු වී තිබිණ. එම සලාතය ඉකාමත් පැවසීමෙන් තොරවූ සලාතයතක් විය. පසුව සුජූද් දෙකක රුකූඃ දෙකක් ද සුජූද් දෙකක රුකූඃ දෙකක් ද සලාත් ඉටු කළෝය. ඉන් අදහස් කරනුයේ සෑම රකආතයකම රුකූඃ දෙකක් හා සුජූද් දෙකක්ය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “රාත්‍රිය ආරම්භයේ එහි මධ්‍යයේ මෙන්ම එහි අවසානයේ යන රාත්‍රියේ සෑම කොටසකම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විත්ර් ඉටු කර ඇත. එතුමාගේ විත්ර් සලාතය සහර් වේලාවේ අවසන් විය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ විත්ර් සලාතය ඉටු කළ වේලාව පිළිබඳව දේව විශ්වාසීන්ගේ මාතාවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය. සැබැවින්ම එතුමා නියමිත වේලාවක් ඒ සඳහා නියම කළේ නැත. රාත්‍රියේ සෑම හෝරාවකම පාහේ විත්ර් ඉටු කර ඇත්තාහ. ඇතැම් විට ඉෂා සලාතය ඉටු කරන මොහොතේ ඉටු කර ඇත. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඉන් පසුව ද එතුමා ඉටු කර ඇත. ඇතැම් විට රාත්‍රියෙන් තුනෙන් කොටසක් ගත වීමෙන් පසුව මධ්‍යම රාත්‍රියේ ඉටු කර ඇත. තවත් විටෙක රාත්‍රිය අවසානයේ එහි තුනෙන් කොටස් දෙකක් ගත වීමෙන් පසු ඉටු කර ඇත. මෙසේ රාත්‍රියේ අවසන් හෝරාව දක්වාම එතුමාණන් විත්ර් සලාතය ඉටු කර ඇත.