





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අම්ර් ඉබ්නු ෂුඅයිබ් තුමා විසින්, තම පියා විසින් ද පියා සීයා විසින් ද ලබා මෙසේ වාර්තා කරන ලදී. “ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”
رواه أبو داودපියෙකු තම පිරිමි හෝ ගැහැණු දරුවන්ට ඔවුන්ගේ සත්වන වියේ දී සලාතය ඉටු කිරීමට නියෝග කරන මෙන් ද, එය ඉටු කිරීමට අවශ්‍ය දෑ ඔවුනට උගන්වන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වස්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඔවුන් දස වන වියට පත් වන විට, නියෝගයෙහි දැඩි ස්ථාවරයක් ඇති කර ගත යුතුය. එහි දී යම් අඩුපාඩුවක් කළ විට යම් තරවටු කිරීමක් කළ යුතුය. තව ද නිදියහනේ ඔවුන් අතර වෙන් කිරීම් සිදු කළ යුතුය.
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබූ ලයිලා විසින් වාර්තා කරන ලදී. "කඃබ් ඉබ්නු උජ්රා තුමා මා මුණ ගැසී මම ඔබට ත්‍යාගයක් වශයෙන් යමක් පවසන්න ද?" යැයි විමසා සිටියේය. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වෙත පැමිණියේය. එවිට අපි අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අප සලාම් කිව යුත්තේ කෙසේ දැ?යි අපි දනිමු. නමුත් ඔබ වෙත අපි සලවාත් (ආශිර්වාද) පැවසිය යුත්තේ කෙසේ ද?යැයි විමසුවෙමු. එවිට එතුමාණෝ නුඹලා “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.” (අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු" යැයි පැවසූහ.
متفق عليهසහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අත්තහය්යාත්හි "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබවරකාතුහු" යැයි සලාම් පැවසීමේ ක්‍රමය දැනගත් පසු එතුමාණන්ට සලවාත් පැවසිය යුත්තේ කෙසේදැයි එතුමාණන්ගෙන් විමසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන් වෙත සලවාත් පැවසිය යුතු ආකාරය ඔවුනට දන්වා සිටියහ. එහි තේරුම: “අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්" (මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා!) එනම්: උසස් ප්‍රධානීන් අතරත් තම දහම පිළිපදින්නන් අතරත් තම සමීපතාව විශ්වාස කරන මුඃමින්වරුන් අතරත් එතුමාණන් ගැන අලංකාර ලෙස මෙනෙහි කරමින් එතුමාව පැසසීම. කමා සල්ලෙයිත අලා ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්, (ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන්) ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පවුලේ උදවිය ඔබ භාග්‍යමත් කළා සේ. ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, ඔවුන්ගේ පරපුර ඔවුන් අනුගමනය කළ දේව විශ්වාසීන් එතුමාගේ පවුලේ අය වෙති. එහෙයින් ඔබේ භාග්‍යය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් දායාද කරත්වා! "ඉන්නක හමීදුන් මජීද්" (සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය.) එනම්: ඔබේ පැවැත්මෙන්, ඔබේ ගුණාංගයෙන් ඔබේ ක්‍රියාවෙන් ඔබ ප්‍රශංසාලාභීය. එමෙන්ම ඔබේ බලයෙහි, ඔබේ ආධිපත්‍යයෙහි හා ඔබේ ත්යාගශීලීභාවයෙහි ඔබ අති මහත්ය. "අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම” (දෙවියනි! ඉබ්රාහීම් තුමා වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා!) එනම්: එතුමාණන්ට යහපත හා ගෞරවය පිරිනමත්වා, එය වැඩිවැඩියෙන් ලබා දෙත්වා එය වර්ධන කර ස්ථාවර කරත්වා.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”
متفق عليهසූරා අල්-ෆාතිහා පාරායනය කිරීමෙන් තොරව සලාතය වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය සෑම රකඅතයකම කළ යුතු 'රුක්න්' හෙවත් සලාතයේ මූලිකාංගයකි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බැටළුවෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් පිළිගැන්වූවාක් මෙන් වන්නේය. ඉමාම් (මින්බරය වෙත) පිටත්ව ගිය විට එම දෙසුම සවන් දෙන්නට මලක්වරුන් ද සහභාගී වෙති."
متفق عليهජුමුආ සලාතය සඳහා කල්වේලා ඇතිව උදෑසනම පියනැගීමේ මහිමය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. කල්වේලා ඇතිව පිය නැගීමේ කාලය හිරු උදාවෙන් ආරම්භ වී ඉමාම් පැමිණෙන තෙක් පවතී. එය කාලවේලාවන් පහකි. හිරු උදාව හා ඉමාම් පැමිණ දේශනාව සඳහා මින්බර් වේදිකාව මතට නගින තෙක් එය කොටස් පහකට බෙදෙයි. පළමුවැන්න: කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය මෙන් ජුමුආ දිනයේ පරිපූර්ණ ලෙස ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු දන් දුන් අයකු මෙන් වන්නේය. දෙවැන්න: කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු දන් දුන් අයකු මෙන් වන්නේය. තුන්වැන්න: කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු අං සහිත බැටළුවෙකු දන් දුන්නාක් මෙන් වන්නේය. සිව්වැන්න: කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු දන් දුන් අයකු මෙන් වන්නේය. පස්වැන්න: කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් දන් දුන් අයකු මෙන් වන්නේය. දොරකඩ වාඩි වී, මුලින්ම මස්ජිදයට පිවිසෙන අයගේ නම්, ඉන් පසුව දොරකඩ වාඩිවී මස්ජිදයට පිවිසෙන අයගේ නම් සටහන් කරමින් සිටි මලක්වරුන්, ඉමාම් දේශනාව සඳහා (මින්බරය වෙත) පිටත්ව ගිය විට, දේශනාවට සවන් දීම සඳහා සහභාගී වෙති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”
متفق عليهජුමුආ සලාතය සඳහා පැමිණෙන උදවිය අඹු සැමි ඇසුර හේතුවෙන් ස්නානය කරන්නාක් මෙන් ස්නානය කර ගැනීම සතුටු දායක ක්‍රියාවක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහතික කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්‍රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ. මුස්ලිම්හි සඳහන් හදීසයක. “ඒ දෙකින් වඩාත් කුඩාම ප්‍රමාණය වනුයේ උහද් කන්දේ ප්‍රමාණය මෙනි.” යනුවෙන් සඳහන්ව ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඋත්තරීතර අල්ලාහ් ඔහුගේ ගැත්තන් කෙරෙහි ඉතා සෙනෙහෙබරය. සමාව ලැබීමේ හේතු කාරණා ඔවුන් වෙනුවෙන් සූදානම් කර දීම ඔහු ප්‍රිය කරයි. ජනසා සලාතය හා එයට සහභාගීවීම පිළිබඳ උනන්දු කරවා ඇත්තේ එබැවිනි. සැබැවින්ම එම මැදිහත් වීම කරුණාව ලබන්නට හේතුවක් වනු ඇත. එබැවින් ඒ සඳහා සලාතය ඉටු කරන්නන්හට කීරාතයක කුසලක් නියම කළේය. එය වල දමන තෙක් එයට සහභාගී වන්නන්හට තවත් කීරතයක කුසලක් නියම කළේය. මෙය අල්ලාහ් අබියස නිර්ණය කරනු ලැබූ කුසල් අතර අති විශාල ප්රමාණයකි. එහි ප්‍රමාණය සහාබාවරුන්ට සැඟවුණු කල්හි ඔවුන්ගේ බුද්ධියට වැටහෙන පරිදි සෑම කීරාතයක්ම විශාල කදු මෙන් සමාන බව උපමා කර පෙන්වූහ. හේතුව එහි තම සහෝදර මුස්ලිම් වරයාගේ යුතුකම් ඉටු කිරීම, ඔහුට ප්‍රාර්ථනා කිරීම, ඔහුගේ අපේක්ෂාවන් මෙනෙහි කිරීම, මිය ගිය ඇත්තන්ගේ ඥාතීන් හා දැහැමියන්ගේ හදවත් සැනසීම එහි ඇති බැවිණි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර, පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත. කවරෙකු ගල් කැට ස්පර්ශ කරන්නේද ඒ තැනැත්තා අපතේ හැරියේය.”
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. කවරෙකු වුළූ ධෝවනය කර, ඔහුගේ එම වුළූ ධෝවනයට අදාළ මූලිකාංග, එයට අදාළ සුන්නාවන් හා එහි නිසි ක්‍රමය පිළිපදිමින් එය පූර්ණවත් කර, පසුව ජුමුආ සලාතය සඳහා පැමිණ නිහඬ ව සිට, දේශකයාට සවන් දී, අනවශ්‍ය දැයින් ඔහු ඉවත්ව සිටියේ ද, එම ජුමුආ සලාතයේ සිට දෙවන ජුමුආ සලාතය දක්වා හා ඊට අමතරව තවත් දින තුනක් සමග දින දහයක සුළු පාපයන් සඳහා අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එසේ හිමි වනුයේ සැබැවින්ම යහපතට ඒ හා සමාන දස ගුණයක් හිමිවන බැවිනි. කුත්බා දේශනයේ පවසනු ලබන දෑ හදවතට නොගැනීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ. ගල් කැට ස්පර්ශ කිරීම හා එවැනි වෙනත් කටයුතු වල ශරීර අවයව නිරත කරවීමෙන් එම අවදානය නැති වී යනු ඇත. සැබැවින්ම කවරෙකු එලෙස සිදු කළේ ද සැබැවින්ම ඔහු සලාතය විනාශ කර ගත්තේය. කවරෙකු එය විනාශ කර ගත්තේද එවිට ජුමුආවට අදාළ පරිපූර්ණ කුසලෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”
متفق عليهකවරෙකු දහවල් කාලයේ හෝ සවස් කාලයේ හෝ කවර වේලාවක හෝ වේවා නැමදුම පිණිස හෝ අධ්‍යාපනය හදාරනු පිණිස හෝ වෙනත් යහපත් අපේක්ෂාවක් පිණිස මස්ජිදය වෙත පිය නගන්නේ ද එසේ රාත්‍රියේ හා දහවලේ පියනගන සෑම වාරයක් පාසාම අල්ලාහ් ඔහු වෙනුවෙන් ස්වර්ග උයනේ ස්ථානයක් හා සත්කාරයක් සූදානම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතදේවස්ථාන හෝ වෙළඳපොළවල් හෝ පොදු ජනයා එක්රැස් වන ස්ථාන අසලින් කවරෙකු හෝ ගමන් ගන්නා විට ඔහු සමග හීයක් හෝ එවන් වෙනත් ආයුධයක් වී නම්, කිසිවකුට හානියක් සිදු නොවන පරිදි ඔහු එය රඳවා ගත යුතුයි. එය මිට මොළවා හොදින් වසා ගත යුතුය.