





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි කල්හි එතුමාණන්ව මුණ ගැසීමට ජනයා දිව ගියහ. "අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ ඇත, අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ ඇත, අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ ඇත යැයි" තුන් වරක් ප්‍රකාශ කරනු ලැබීය. එවිට එතුමාණන්ව දැක ගන්නට ජනයා අතර මම ද පැමිණ සිටියෙමි. එතුමාණන්ගේ මුහුණ පැහැදිලිව දුටු කල්හි සැබැවින්ම එතුමාණන්ගේ මුහුණ මහා බොරුකාරයකුගේ මුහුණක් නොවුනු බව මම වටහා ගත්තෙමි. එතුමාණන් කතා කළ දැයින් පළමුව මාගේ කනට වැකුණු ප්‍රකාශය වනුයේ: “අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”
رواه الترمذي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි කල්හි, මිනිසුන් එතුමාණන්ව දැක ගන්නට එතුමාණන් දෙසට දිව ගියෝය. එසේ එතුමාණන් වෙත දිව ගිය අය අතරින් අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා ද එක් අයෙකි. හෙතෙම යුදෙව්වෙකු විය. එතුමාණන්ව ඔහු දුටු කල්හි එතුමාණන්ගේ මුහුණෙහි බොරුකාරයකුගේ මුහුණක් දකින්නට නොතිබූ බව හදුනා ගත්තේය. එතුමාණන්ගේ මුහුණෙහි ආලෝකය, අලංකාරය, සැබෑ කීර්තිය දිස් විය. ඔහු එතුමාණන්ට සවන් දුන් පළමු කරුණ වූයේ ස්වර්ගයට පිවිසීමට හේතු වන ක්‍රියාවන් පවසා ජනයා දිරිමත් කිරීම ය. පළමුවැන්න: සලාමය පැතිරවීම, එය හෙළි කිරීම, හදුනන අය හා නාදුනන අය වෙත අධික ව සලාම් පැවසීම ය. දෙවැන්න: දානය, ත්‍යාගය හා සත්කාරය තුළින් ආහාර සැපයීම. තුන්වැන්න: ඔබේ පියා හෝ මව් පාර්ශවයෙන් ඔබට ඥාතී වන හෝ සමීප සම්බන්ධතා ඇති අය සමග ඥාතී සම්බන්ධකම් පැවැත්වීම. සිව්වැන්න: මිනිසුන් නිදියමින් සිටියදී රාත්‍රියේ අවදි ව, අතිරේක සලාතයන් ඉටු කිරීම.
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙක්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ කවරෙක් ද?’ යැයි විමසීය. එතුමාණෝ: “අල්ලාහ්ගේ මාර්ගයේ තමන් හා තම ධනය කැප කරන දේව විශ්වාසී තැනැත්තා” යැයි පැවසූහ. පසුව කවුරුන්දැ?යි විමසීය. එතුමාණෝ: “කදු කපොල්ලක හුදකලාවේ තම පරමාධිපතිට නැමදුම් කරමින් තමන්ගෙන් සිදුවන හානියෙන් ජනතාව වළක්වාලන අයකු වේ.” යැයි පැවසූහ. තවත් වාර්තාවක සඳහන් පරිදි: “අල්ලාහ්ට බැතිමත්ව තමන්ගෙන් සිදුවන හානියෙන් ජනතාව වළක්වාලන අයකු වේ යැයි” සඳහන්ව ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් මුස්ලිම්ට අයත්යමිනිසුන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨයා කවුරුන්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා තම ජීවිතය කැපකරමින් කටයුතු කරන මිනිසා යැයි පැහැදිලි කර සිටියේය. පසුව කවරෙකු දැ?යි විමසන ලදී. එතුමා අල්ලාහ්ට නැමදුම් කරන ජනයාගෙන් හානිය වළක්වාලන පුද්ගලයා යැයි පැවසූහ. එනම් ඔහුගෙන් කිසිදු හානියක් ජනයාට අත්වීම ඔහු ප්‍රිය කරන්නේ නැත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අලී තල්ක් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “පුරුෂයකු තම අවශ්‍යතාව සඳහා තම බිරියව ඇරයුම් කළ විට, ඇය ලිප මොළවමින් සිටිය ද ඔහු වෙත ඇය යා යුතු වේ.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතස්වාමිපුරුෂයා ලිංගික අවශ්‍යතාවක් සඳහා තම බිරිය ඇරයුම් කළ විට, ඇය ආහාර පිසීම රෝටි පිච්චීම වැනි කටයුත්තක කාර්ය බහුලව සිටියද ඔහුට පිළිතුරු දීම ඇයට අනිවාර්යය වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්‍රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
متفق عليهසමාජයේ වෙසෙන සෑම මුස්ලිම්වරයෙකුටම එය රැකබලා ගැනීමේ හා දරා ගැනීමේ වගකීමක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත. නායකයා හා ප්‍රධානියා අල්ලාහ් ඔහුට භාර දී ඇති දේවල භාරකරුවන් වෙති. ඔහු ඔවුන්ගේ නීති ආරක්ෂා කළ යුතුය, ඔවුන්ට පීඩා කරන අයගෙන් ඔවුන් ආරක්ෂා කළ යුතුය, ඔවුන්ගේ සතුරා සමඟ සටන් කළ යුතුය, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය නොකළ යුතුය. නිවැසියන් අතර වෙසෙන පිරිමියා කෙරෙහි, ඔවුන්ට නඩත්තු මුදල් සැපයීම, හොඳින් සැලකීම, ඔවුන්ට ඉගැන්වීම සහ ඔවුන්ට විනය කියා දීම යනාදිය වගකීමක් ලෙස පැවරී ඇත. කාන්තාව තම ස්වාමිපුරුෂයාගේ නිවසෙහි, ඔහුගේ නිවස හොඳින් නඩත්තු කිරීමේ හා ඔහුගේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම පැවරී ඇත. ඇය ඒ ගැන විමසනු ලබනු ඇත. වහලා, සේවකයා හා කුලී කරුවා තම ස්වාමියාගේ ධනයෙහි තම අතේ ඇති දෑ ආරක්ෂා කිරීම හා ඔහුට සේවය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වේ. ඒ ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. සෑම කෙනෙකුම තමාට භාර දී ඇති දේවල එඬේරෙක් වන අතර සෑම කෙනෙකුම ඔහුගේ පාලනය ගැන වගකිව යුතුය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “කවරෙකු භූමියෙන් වියතක තරම් ප්‍රමාණයක් පැහැරගෙන අපරාධ කළේ ද මහපොළෝ හතකින් ඔහුට තලනු ලැබේ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපුද්ගලයකුගේ සම්පත් පුත්ගලයකුට තහනම් වේ. කිසිවකුට උරුම වූ දෙයක් ඔහුගේ කැමැත්ත මත මිස ගැනීම කිසිවකුටත් නිත්‍යානුකූල නොවන්නේය. එය දැඩි ලෙස සිදුවනුයේ ඉඩම්වල සිදුවන අරාධවලය. දිගු කලක් තිස්සේ එය අපරාධකාරී ලෙස අත්පත් කර ගෙන සිටින බැවිනි. එබැවින් මහපොළොවෙන් ලොකු හෝ කුඩා හෝ ප්‍රමාණයක් ඩැහැ ගනිමින් කිසියම් අපරාධයක් කළ තැනැත්තා ඔහුගේ ගෙල හිරවන පරිදි දිගුවන පරිදි දැඩි දඬුවම් සහිතව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන බව දන්වා සිටියහ. පසුව ඔහු පැහැරගත් භූමිය හා ඊට යටින් පවතින අහස් හතක් දක්වා වූ භූමි ප්‍රදේශය ඔහුව තලනු ඇත. එය ඔහු තම මිතුරාගේ භූමිය අපරාධකාරී ලෙස අල්ලා ගැනීම හේතුවෙන් ඔහුට පිරිනමනු ලබන ප්රතිවිපාකයක් ලෙසිනි. කිසිවකුට අයිතියක් හෝ ආධිපත්‍යයක් හෝ නොමැති පොදු භූමි පරිහරනය කිරීමේදී මෙම අවවාදය එතුළට ඇතුළත් වන්නේ නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන්ට ඔහුට සමාව දෙනු ලබන්නේය.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉමාම් ආමීන් යැයි පැවසූ විට අපිද ආමීන් පැවසිය යුතු යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට නියෝග කළහ. හේතුව එය මලක්වරුන් පවා ආමීන් පවසන වේලාවය. මලක්වරුන්ගේ ආමීන් පැවසීමට තමන් පවසන ආමීනය තිරස් වන්නේ නම් එවිට ඔහු කළ පෙර පව්වලට සමාව දෙනු ලබනු ඇත.
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්‍යාපාර ක්‍රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකුණුම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්‍යාපාර ක්‍රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් එය විකිණීම.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතවංචාසගත ව්‍යාපාර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේය. එය ගනුදෙනු කරුවන්ගෙන් කිසිවකුට හෝ විකිණීමේදී හෝ මිලදී ගැනීමේදී හෝ තමන් සතු අයිතියක් අහිමි කිරීමෙන් හිංසා පමුණුවීම එහි ඇතුළත්ව ඇති බැවිණි. එය විකුණන්නාට හෝ මිලදී ගන්නාට හෝ ඔවුන් දෙදෙනාටම හෝ නොදැනුවත් ව්‍යාපාරික භාණ්ඩයක් වීම මෙනි. මුනාබදා ව්‍යාපාර ක්‍රමය ද ඒ අතරින් එකකි. උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයා පාරිභෝගිකයා වෙත ඇඳුම් ඉදිරිපත් කරයි. එය පෙරළා පෙන්වන්නට හෝ ඒ දෙස බලන්නට කලින් ගනුදෙනුව අවසන් කර ගනී. මුලාමසා ව්‍යාපාර ක්‍රමය ද ඒ හා සමාන තවත් එකකි. එය ඇඳුම දෙස බලන්නට හෝ පෙරළන්නට මත්තෙන් එය ස්පර්ශ කිරීමෙන් පමණක් ව්‍යාපාර ගිවිසුම ඇති කර ගන්නාක් මෙනි. මෙම ගිවිසුම් දෙකම ගිවිසගත් භාණ්ඩයේ නොදැනුවත් කම හා වංචාව ඇති කරන්නක් වේ. ඒ අනුව ගනුදෙනු කළ අයගෙන් එක් අයකු ණය ගැත්තෙකු හෝ ණය හිමියකු යන අවධානමට පත්වනු ඇත. එහෙයින් ඒ දෙදෙනාම තහනම් කරන ලද දෑට ප්‍රවේශ වනු ඇත.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. පල ගැන්වෙන තුරු පලතුරු ව්‍යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපළතුරු පළ ගැන් වී ප්‍රදර්ශන තත්ත්වයේ තිබීම බොහෝ අර්බුධවලට හේතුවක් වන්නේය. එම වේලාවේ එය විකිණීමෙන් ගැනුම්කරුට යහපතක් වන්නේ නැත. එබැවින් එය පැහෙන තුරු එය ගනු දෙනු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගනුදෙනුකරුවන්ට තහනම් කළේය. එනම් පල ගැන්වී පැහීමය. රතු පැහැ ගැන්වීම හෝ කහ පැහැ ගැන්වීම එය පැහී ඇති බව පෙන්වා දෙයි. පසුව එයට හෝ ඉන් කොටසකට හෝ යම් ව්‍යසනයක් පැමිණීමෙන් එය මිලට ගත් අයට අල්ලාහ් තහනම් කළේ නම්, අහෝ විකුණුම් කරුවනි, එසේ මිලට ගත් ඔබේ සහෝදරයාගේ ධනය ඔබට අනුමත වන්නේ කුමකින්ද? ප්‍රයෝජනයක් නොමැති භාණ්ඩයක් නොමැතිව එය ඔබ ගනුයේ කෙසේදැ?යි විමසමින් හේතු පැනවීය.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් හට ගන්නා තෙක් ඒවාවෙළෙඳාම් කිරීම තහනම් කළේය. එය විකුණන්නාට හා මිල දී ගන්නාට තහනම් කළේය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් පැහෙන තෙක් ඒවා ව්‍යාපාර කිරීම තහනම් කළේය. එය විකුණන්නාට සහ මිල දී ගන්නාට තහනම් කළේය.