





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.“පිවිතුරු ඉපැයීමකින් ඉඳි ගෙඩියක තරම් වටිනාකමක් ඇති යමක් පරිත්‍යාග කළේ නම්, -අල්ලාහ් පිවිතුරු දෑ මිස පිළිගන්නේ නැත.- එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දකුණතින් එය පිළි ගනියි. පසුව එහි හිමියාට එය වර්ධනය කර දෙයි. එය ඔබ අතුරින් යමෙකු අශ්ව පැටවකු කන්දක් මෙන් තරමට වැඩෙන තෙක් හදාවඩා ගන්නාක් මෙනි.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතකවරෙකු කිසිදු වංචාවක් හෝ රැවටීමකින් තොරව නිත්‍යානුකූල ලෙසින් උපයන දැයින් රට ඉඳි ගෙඩියක වටිනාකමක් ඇති යමක් පරිත්‍යාග කරන්නේද -අල්ලාහ් අනුමත පිවිතුරු දෑ හැර වෙන කිසිවක් පිළිගන්නේ නැත.- එවිට සැබැවින්ම අල්ලාහ් තම දකුණතින් එය පිළිගනු ඇත. එය මතුපිට අර්ථය වේ. කිසිදු වෙනස් කිරීමකින් තොරව අල්ලාහ් එය සම්බන්ධ කොට පවසා ඇත. එහි අදහස ඔහුගෙන් එය ඔහු පිළිගන්නේය. මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක එය ඔහු තම දකුණතින් ගෙන එහි ප්‍රතිඵල ගුණ කරනු ඇත. එය කුඩා අශ්ව පැටවකු ලොකුමහත් වන තුරු හදාවඩා ගන්නාක් මෙනි.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "විවාහ දිවිය සඳහා කවරෙකුට ශක්තිය ඇත්තේ ද ඔහු විවාහ කර ගත යුතු වේ. සැබැවින්ම එය බැල්මට, වඩාත් ආරක්ෂාවක් වන අතරම ලිංගේන්ද්‍රියට ද වඩාත් රැකවරණයක් වන්නේය. කවරෙකුට හැකියාව නොමැත්තේ ද ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ඔහුට කාමය යටපත් කරන්නකි.”
متفق عليهසංසර්ගයේ යෙදීමට ශක්තිය ඇති, විවාහය සඳහා වන වියදම් දැරිය හැකි උදවිය විවාහයක් කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරිමත් කර ඇත්තාහ. සැබැවින්ම එය හරාම් හෙවත් තහනම් දැයින් ඔහුගේ බැල්ම ආරක්ෂා කරයි. ඔහුගේ ලිංගේන්ද්‍රියට රැකවරණය සළසාලයි. අනාචාරයෙන් වළක්වාලයි. කිසිවකුට සංසර්ගයේ යෙදීමට හැකියාව තිබුණ ද, විවාහ වියදම් දැරීමට ඔහුට හැකියාවක් නොමැති නම්, ඔහු උපවාසයේ නිරත විය යුතුය. සැබැවින්ම එය ලිංගෙන්ද්‍රියේ හට ගන්නා කාමාශාවන් පාලනය කරනු ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු හෝ ජනයාට සලාතය මෙහෙය වන විට, ඔහු සැහැල්ලු කරත්වා. ඊට හේතුව ඔවුන් අතර දුර්වලයින් රෝගීන් අවශ්‍යතා ඇත්තන් සිටින බැවිණි. නුඹලා අතරින් කවරෙකු හෝ තනිව සලාතය ඉටු කළ විට ඔහු අභිමත කරන පරිදි දීර්ග කරත්වා!”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සලාතය මෙහෙයවන්නන්හට නබි චරිතයේ පැමිණ ඇති පරිදි සලාතය සැහැල්ලු කිරීමට නියෝග කළේය. එයට හේතු වශයෙන් සැබිවින්ම ඔවුනට පසුපසින් ව්‍යූහයෙන් දුර්වල ශක්තියෙන් දුර්වල අය සිටින බවත් ඔවුන් අතර රෝගීන් හා අවශ්‍යතා ඇත්තන් ද සිටින බවත් කරුණු ඉදිරිපත් කළේය. නමුත් ඔවුන් වෙන් වෙන්ව සලාත් ඉටු කරන්නේ නම්, කැමතිනම් දිගු කළ හැක. කැමති නම් සැහැල්ලු කළ හැක.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි" යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, "හම්වූ පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසුවේය. (එවිට) ‘හම්වු මරණය වේ" යැයි එතුමා පැවසුවේය.
متفق عليهපිටස්තර කාන්තාවන් සමග මිශ්‍ර වී එකට කටයුතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එතුමාණෝ: "කාන්තාවන් අතරට ඔබ පිවිසීම හා ඔබ අතරට කාන්තාවන් පිවිසීම ගැන ඔබ ප්‍රවේසම් වන්න" යැයි පැවසූහ. එවිට අන්සාරි පුද්ගලයකු: සැමියාගේ නෑයන් වන සැමියාගේ සහෝදරයා, ඔහුගේ සහෝදරයාගේ පුතා, ඔහුගේ මාමා හෝ ඔහුගේ මාමාගේ පුතුන්, ඔහුගේ සහෝදරියගේ පුතා වැනි විවාහ නොවු අය ඇයට විවාහ කරදීමට අනුමැතිය ඇති උදවිය ගැන ඔබේ අදහස කුමක්දැ?යි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ: "මරණය ගැන ප්‍රවේසම් වන්නාක් මෙන් ඔහු ගැන ද ඔබ ප්‍රවේසම් වන්න. එවැනි අය සමග තනිවීම දහම තුළ අර්බුද හා විනාශය ගොඩ නැගෙන්නට ඉඩ සලසනු ඇත. සැමියාගේ පියා හා ඔහුගේ දරුවන් හැර සැමියාගේ සෙසු ඥාතීන් විවාහ වීමේ හැකියාව ඇති බැවින් ඔවුන්ගෙන් වැළකී සිටීම වඩාත් උචිත ය. සැමියාගේ සමීප ඥාතීන් සමග තනිවීමේ අවස්ථා සෙසු අය සමග තනිවීමේ අවස්ථාවන්ට වඩා අධිකය. ඔවුන්ගෙන් ඇති වන හානිය සෙසු අයගෙන් ඇතිවන හානියට වඩා අධිකය. අර්බුද ඇතිවීමේ හැකියාව වැඩිය. ඊට හේතුව කිසිදු විරෝධයකින් තොරව ඔහුට එම කාන්තාව වෙත ළඟා වීමටත් ඇය සමඟ තනිවීමටත් ඉඩ අවස්ථා ලැබෙන බැවිනි. ඇයගෙන් එය වළක්වා ගත නොහැකි වේ. එහි දී නොසැලකිලිමත්භාවයෙන් යුතුව එසේ හුරු වීමෙන් මිනිසා තම සහෝදරයාගේ බිරිඳ සමඟ තනිව සිටින්නට ඉඩ සැළසෙයි. ඔහු මහරම් නොවන මිනිසා මෙන් නොව, ඔහු විසින් සිදුවන අශීලාචාරය හා දූෂණය අනුව ඔහු මරණයට සමාන වන්නේය. එහෙයින් සැබැවින්ම ඔහු ඉන් වැළකී සිටිය යුතු ය."
මාලික් ඉබ්නු අව්ස් ඉබ්නු අල්-හදසාන් විසින් මෙසේ වාර්තා කරන ලදී. හෙතෙම: දිර්හම් (රන්) හුවමාරු කරන්නේ කවුරුන්දැ?යි මම විමසන්නට ගත්තෙමි. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හුමා) තුමා සිටිය දීම තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් තුමා මෙසේ පැවසූහ: "ඔබේ රන් අපට පෙන්වන්න. අපගේ සේවකයා පැමිණි විට අපට දෙන්න. අපි ඔබට ඔබේ රිදී ලබා දෙන්නම්" යැයි පැවසූහ. එවිට උමර් ඉබ්නු අල්-කත්තාබ් තුමා: "එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ ඔහුට ඔහුගේ රිදී ලබා දිය යුතුයි. එසේ නැතිනම් ඔහුගේ රන් ඔහුට නැවත ලබා දිය යුතුය. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත:" යැයි කීහ. අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි.
متفق عليهතාබිඊ වරයකු වූ මාලික් ඉබ්නු අව්ස් තුමා මෙසේ දන්වා සිටියි: ඇත්තෙන්ම ඔහු ළඟ රන් කාසි කිහිපයක් විය. ඒවා රිදී කාසි වලට හුවමාරු කිරීමට සිතුවේය. එවිට තල්හා ඉබ්නු උබෙයිදුල්ලා (රළියල්ලාහු අන්හු) තුමා ඔහුට: 'ඔබේ රන්කාසි බලන්න ඒවා රැගෙන එන්න' යැයි පැවසූහ. අනතුරුව විකිණීමට ස්ථීර කර ගත් පසුව ඔහුට: 'අපේ සේවකයා පැමිණිමෙන් පසු අප වෙත එන්න. ඔබට රිදී කාසි ලබා දෙන්නම්' යැයි පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා එම සභාව තුළ වූහ. එම ආකාරයේ ගනුදෙනු එතුමා පිළිකුල් කළහ. 'දැන්ම රිදී කාසි ලබා දෙන්න එසේ නැතහොත් ඔහුගෙන් ගත් ඔහුගේ රන්කාසි ඔහුට නැවත ලබා දෙන්න' යැයි එතුමා දිවුරා තල්හා තුමාට පවසා සිටියහ. එමෙන්ම ඒ සඳහා හේතු පවසමින් මෙසේ පැවසූහ. 'සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රිදියට රන් හෝ රනට රිදී හෝ විකිණීමේදී එය අත්පිට ලෙස සෘජුවම ලැබිය යුතු බවත්, එසේ නොවී නම් එය තහනම් පොළී වෙළදාමක් බවට හෝ නිත්‍යානුකූල නොවන ගනුදෙනුවක් බවට පත්වනු ඇති බවත් පවසා ඇති බව මෙනෙහි කළහ. එබැවින් රිදියට රන් හෝ රනට රිදී හෝ අත්පිට ලෙස හැර නොවිකිණය යුතුය. හුවමාරුව සම්පූර්ණ කළ යුතුය. එමෙන්ම තිරිඟු සඳහා තිරිඟු, ඉරිඟු සඳහා ඉරිඟු, බාර්ලි සඳහා බාර්ලි සහ රට ඉඳි සඳහා රට ඉඳි යනාදිය ගනු දෙනු කරන්නේ නම් ඒවා බරට බර, මිනුමට මිනුම, අතට අත හුවමාරු කිරීමෙන් මිස ඒවායින් කිසිවක් කල්තියා අලෙවි කළ නොහැක. ඒවා භාර ගැනීමට පෙර වෙන්ව යාමට අවසරද නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “පදිංචිකරුවෙක් (තැරැව්කරුවකු ලෙස හිඳ) පිටස්තරයකුට විකිණීම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. එමෙන්ම නුඹලා එකිනෙකාට එරෙහිව මිල ඉහළ නැංවිය නොයුතුය. පුද්ගලයකු තම සහෝදරයාගේ ව්‍යාපාරයට එරෙහිව ව්‍යාපාර නොකළ යුතුය. ඔහුගේ විවාහ තීන්දුවට එරෙහිව විවාහ තීන්දු නොකළ යුතුය. කාන්තාවක් ඇයගේ භාජනයේ ඇති දෑ ප්‍රමාණවත් කරනු පිණිස (අයිතිය භුක්ති විඳිනු පිණිස) ඇයගේ සහෝදරියගේ දික්කසාදය ඉල්ලා නොසිටිය යුතුය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමුස්ලිම් සමාජයේ පුද්ගලයින් අතර සතුරුකම හා ක්‍රෝධය ඇති වීමට හේතුවන සියලු කරුණු ඉවත් කිරීමට පිවිතුරු දහම අපේක්ෂා කරයි. මෙම ප්‍රකාශය තුළ එය පැහැදිලිව ඉස්මතු වී ඇත. මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් තොරව භාණ්ඩයක මිල අධික කිරීම මෙහි තහනම් කර ඇත. සැබැවින්ම එය වැඩි වටිනාකමක් ලබා විකුණුම්කරුට ප්‍රයෝජනවත් වනු ඇත. එසේ නැතහොත් භාණ්ඩයේ මිල වැඩි වීම හේතුවෙන් ගැනුම් කරුට පීඩනයක් ඇතිවනු ඇත. මෙම පෙළගැස්ම නිසාවෙන් ගනු දෙනු කරන්නන් රැවටීම, බොරු කිරීම, කූට හා වංචනික ලෙසින් භාණ්ඩයේ මිල ඉහළ නැංවීම යනාදිය වළක්වා ඇත. එමෙන්ම පදිංචිව සිටින්නා (තැරැව්කරුවකු ලෙස සිට) පිටස්තරයාට ඔහුගේ භාණ්ඩ විකිණීම තහනම් කළේය. ඊට හේතුව සැබැවින්ම එය මිලෙන් එය වට වී ඇති බැවිනි. එබැවින් ගැනුම් කරුවන්ට ප්‍රයෝජනවත් වන කිසිවක් ඉන් අඩු නොකළ යුතුයි. නබි (සල්ලලාලහු අලයිහි වසල්ලම් තුමා) මෙසේ පැවසූහ. “නුඹලා ජනයාව අතහැර දමනු. අල්ලාහ් ඇතැමෙකුගෙන් ඇතැමෙකුට පෝෂණය සපයනු ඇත.” භාණ්ඩ අයිතිකරු විසින්ම තමන්ට ප්‍රමාණවත් මිලකට ඒවා විකුණා දැමූ විට මිලදී ගන්නන් හට එම භාණ්ඩය හොඳ මිලකට ලැබෙනු ඇත. තම සහෝදරයාට තීන්දු කළ විවාහයකට එරෙහිව එම තීන්දුවෙන් ඔහු ඉවත් වී ඇති බව හෝ එයට පිළිතුරක් නොදුන් බවට දැනගන්නා තෙක් එසේ විවාහ තීන්දු කිරීම තහනම් කර ඇත. වෙනත් කෙනෙකුට කළ යෝජනාවකට එරෙහිව විවාහ යෝජනාවක් කිරීම සතුරුකමට ක්‍රෝධයට හේතුවන වන අතර ජීවිත හානිවලට ද නිරාවරණය වනු ඇත. කාන්තාවක් ඇයගේ ස්වාමි පුරුෂයාගෙන් ඇයව දික්කසාද කරන මෙන් ඉල්ලීම හෝ ඇයට එරෙහිව තම හදවත වෙනස් කර ගන්නා මෙන් හෝ ඔවුන් අතර නපුරක් වී ඔහු ඇයව වෙන් කරන අයුරින් අර්බුද ඇති කිරීම හෝ තහනම් කර ඇත. එහි සතුරුකම් උරුම කර දීම, අනුකම්පා විරහිත වීම වැනි බරපතල ද්‍රෝහිකම් සිදුවන අතර විවාහය හේතුවෙන් ඇයගේ කුසට ප්‍රමාණවත් වන යහපත් ආහාර, වියහියදම්, ඇඳුම් පැළදුම් මෙන් බිරියට කළ යුතු යුතුකම් අතරින් ඔහු වෙත අනිවාර්යය වන පෝෂණ සම්පත් ද කප්පාදු වී යනු ඇත.
අබුල් මින්හාල් තුමා විසින් වාර්තා කරන ලදී. “මම භාණ්ඩ හුවමාරුව පිළිබඳව අල් බරා ඉබ්නු ආසිබ් හා සෙයිද් ඉබ්නු අර්කම් යන දෙදෙනාගෙන් විමසුවෙමි. එවිට ඔවුන් සෑම කෙනෙකුම තමන්ට වඩා අනෙකා උතුම් පව පවසා සිටියේය. ඔවුන් දෙදෙනාම “කල් දමා රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වැළැක් වූ බව පවසා සිටියෝය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබුල් මින්හාල් තුමා භාණ්ඩයක් තවත් භාණ්ඩයක වටිනාකම අනුව හුවමාරු කිරීම පිළිබඳව අල් බරා ඉබ්නු ආසිබ් හා සෙයිද් ඉබ්නු අර්කම් තුමාගෙන් විමසා සිටියේය. ඔවුන් තුළ තිබූ නිහතමානත්වය හේතුවෙන් ඔවුන් සෑම කෙනෙකුම ඒ සඳහා තීන්දු දෙන්නට අනෙකාට භාර කළේය. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම තම සහෝදරයා ඉදිරියේ තමන් පහත් බව පෙන්වීය. නමුත් ඔවුන් දෙදෙනා සුරක්ෂා කළ දෑහි එකඟ වූහ. කල් දී රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ යැයි පවසා සිටියහ. හේතුව එහිදී පොළියට තුඩු දෙන කාරණා ඉස්මතු වන බැවිනි. ඒ අනුව වෙළඳ ගිවිසුම සිදුවන ස්ථානයේ අත්පිට ලෙසින් ගනුදෙනුව සිදුවීම අවශ්‍ය වේ. එසේ නොවේ නම් ගනු දෙනුව වලංගු නොවේ. එවිට එය පොළියක් බවට පත් වනු ඇත. පොළිය යනු තහනම් කරන ලද මුදල් හුවමාරුවයි. එය කොටස් දෙකකට බෙදෙයි. පළමුවැන්න, ණය හේතුවෙන් ඇතිවන පොළියයි. එය පවතින ණය ප්‍රමාණයට වඩා අධිකව යම් මුදලක් ලබා ගැනීමයි. දෙවැන්න ව්‍යාපාරයේ ඇතිවන පොළිය.එනම් එය නියමිත වර්ගයන්හි අධික ලෙසින් හෝ කල් දෙමින් සිදු වන ගනුදෙනුවයි. එයට පොළීවර්ගයේ භාණ්ඩ යනුවෙන් හඳුන්වනු ලැබේ. උදාහරණ වශයෙන් රනට රන් හා ධාන්‍යයට ධාන්‍යය හුවමාරු කරන්නාක් මෙනි.
අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “රිදී වෙනුවට රිදී ද රන් වෙනුවට රන් ද එකිනෙකට සමාන දැයින් මිස ගනුදෙනු කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. රන් වෙනුවට රිදී අප කැමති පරිදි මිලදී ගැනීමටත් රිදී වෙනුවට රන් අප කැමති පරිදි මිලදී ගැනීමත් අපට එතුමා අපට නියම කළහ.” තවදුරටත් මෙසේ පැවසීය: ‘ඒ ගැන මිනිසකු විමසා සිටියේය.’ එවිට එතුමා ‘අත්පිට වටිනාකමට විය යුතු’ බව පැවසූහ. මම සවසන් දී ඇත්තේ එලෙසය යැයි ඔහු තවදුරටත් පැවසීය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතරන් වෙනුවට රන් ද රිදී වෙනුවට රිදී ද ඒවා එකිනෙකට වෙනස් ව පොළියක් ඇති වන පරිදි වෙළඳාමක් සිදු වන කල්හි ඒවා එකිනෙකට සමාන නොවන තාක් තහනම් වන්නේය. රිදී වෙනුවට රන් ද රන් වෙනුවට රිදී ද ගනුදෙනු කරන්නේ නම්, එහි වරදක් නැත. ඒ දෙක එකිනෙකට වෙනස් වුව ද එය වලංගු වීමට නම් ගිවිස ගන්නා වෙළඳ ස්ථානයේම අත්පිට වටිනාකමට හුවමාරු විය යුතුය. එසේ නොවන්නේ නම් එය තහනම් කරන ලද පොළියක් බවට පත් වන්නේය. වර්ගය වෙනස් වූ කල්හි ප්‍රමාණය වෙනස්වීම අනුමත වුව ද අත්පිට හුවමාරුව කොන්දේසි ලෙස පවතී. එය ඒ දෙක අතර පොලී සඳහා පොදු හේතූන් පිහිටන හේතුවෙනි.
ඉබ්රාහීම් තුමා මෙසේ පැවසීය: ‘අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්‍රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය.’
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම යෙදුම පෙන්වා දෙනුයේ ඇතැම් පූර්වගාමීන් තම දරුවන් ගිවිසුම කඩ කිරීමකට නිරාවරණය නොවන පරිදි ඔවුන් එම ගිවිසුට බැඳීමේ සිරිතෙන් වළක්වා ඇති බවය. ඊට හේතුව එමගින් ඔවුන් පාපයට ලක්වන බැවිනි. එමෙන්ම මෙම කරුණ සාක්ෂියටද අදාළ වන්නේය. එය ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීම පහසු නොවන බැවිනි.