





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උස්මාන් ඉබ්නු අබිල් ආස් -රළියල්ලාහු අන්හු- තුමා ඉස්ලාමය වැළඳගත් දා පටන් තම ශරීරයේ ඇති වූ වේදනාවක් ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණිලි කර සිටියේ ය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු දෙස බලා මෙසේ පැවසුහ: "ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ (මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න."
رواه مسلمමාරාන්තික වේදනාවක් සහිත රෝගයක් උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමාට වැළඳ තිබුණි. එවිට එතුමාගේ සුවදුක් විමසීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැමිණ එතුමාට වැළඳී තිබූ රෝගය අල්ලාහ් සුව කරන ප්‍රාර්ථනාවක් ඉගැන්වූහ. එනම් තමන්ට වේදනාව දැනෙන ස්ථානයේ තම අත තබා බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන්) යැයි තුන්වරක් පවසා පසුව සත්වරක් أَعُوذُ (මම රැකවරණය පතමි. ආරක්ෂාව පතමි.) بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ (වර්තමානයේ සිදුව ඇති වේදනාවෙන් අල්ලාහ්ගෙන් හා ඔහුගේ බලයෙන් මම ආරක්ෂාව පතමි.) وَأُحَاذِرُ (ඉදිරියේ දී එමගින් දුක හා බිය හට ගැනීම හෝ රෝගය දිගටම තිබී ශරීරය පුරාවට එම වේදනාව පැතිරී යෑම ගැන ද මම බියවෙමි යන්න මෙහි අදහස වේ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ඉමාම් වරයකු (සලාතය මෙහෙයවන්නෙකු) පත් කරනු ලබනුයේ ඔහුව අනුගමනය කිරීම සඳහාය. එබැවින් ඔහුට විරුද්ධව වෙනස්ව කටයුතු නොකරනු. ඔහු තක්බීර් පැවසු විට නුඹලා ද තක්බීර් පවසනු. ඔහු රුකූඃ කළ විට නුඹලා ද රුකූඃ කරනු. ඔහු ‘සමිඅල්ලාහු ලිමන් හමිදහ්’ යැයි පැවසූ විට, නුඹලා රබ්බනා වලකල් හම්දු යැයි පවසනු. ඔහු සුජූද් කළ විට නුඹලාද සුජූද් කරනු. ඔහු වාඩි වී සලාතය කළ විට නුඹලා සියලු දෙනාද වාඩි වී සලාත් ඉටු කරනු.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉමාම් වරයකු පත් කිරීමේ යථාර්ථය සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මඃමූම්වරුනට (ඔහුව අනුගමනය කරන්නන්හට) මග පෙන්වූහ. එනම් සලාත් ඉටු කරන්නන් ඔවුන්ගේ සලාතයේදී ඔහුව පිළිපැදීම හා සලාතයේ කිසිදු ක්‍රියාවක දී ඔහුට විරුද්ධව වෙනස්කම් නොකිරීමය. සැබැවින්ම ඔහුගේ චලන ස්වරූපය සැලකිල්ලට ගත යුතු වේ. ඒ අනුව සලාතය ආරම්භ කිරීම සඳහා ඔහු තක්බීර් පැවසූ විට, නුඹලා ද එලෙසම තක්බීර් පවසනු. ඔහු රුකූඃ කළ විට, ඔහුට පසුව නුඹලා ද රුකූඃ කරනු. ‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ යනුවෙන් තමන්ට ප්‍රශංසා කරන්නාට සැබැවින්ම අල්ලාහ් පිළිතුරු දුන්නේ ය යැයි නුඹලාට ඔහු මතක් කළ විට ‘රබ්බනා ලකල් හම්දු’ යනුවෙන් නුඹලා ප්‍රකාශ කොට ඔහුට ප්‍රශංසා කරනු. මේ අයුරින්ම “රබ්බනා වලකල් හම්දු”, “අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු” හා “අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්දු” යනාදී ස්වරූපවලින් ද එය සඳහන්ව පැමිණ ඇත. ඔහු සුජූද් කළ විට ඔහුව පිළිපදිමින් සුජූද් කරනු. සිට ගැනීමට නොහැකිකම හේතුවෙන් ඔහු වාඩි වී සලාත් ඉටු කළ විට - ඔහු අනුගමනය කිරීම තහවුරු කරනු වස්- නුඹලා සිට ගැනීමට හැකියාව ඇත්තන් වුවද වාඩි වී සලාත් ඉටු කරනු.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කන්‍යාවියක් ඇගෙන් අවසර පතන තෙක් විවාහ කර දෙනු නොලැබේ. මෙය අසා සිටි එතුමාණන්ගේ සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණනි! ඇයගේ අවසරය කෙසේ වන්නේද?” යැයි විමසුහ. එවිට එතුමාණන්: “ඇය නිහඬව සිටීම” (ඇගේ අවසරය) යි” පැවසුහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතවිවාහ ගිවිසුම යනු තියුණු ගිවිසුමකි. කාන්තාවක් වඩාත් ආරාක්ෂාව ලබන සහකාරයකු එමගින් අනුමත කර ගනී. ඔහු ඇයගේ සැමියාය. මෙම ගිවිසුම මගින් තම සැමියා අබියස ඇය කොටු වන්නීය. එබැවින් මහා කාරුණික, ප්‍රඥාවන්ත, සාධාරණනීය, නීති සම්පාදකයාණන් ඇයගේ ජීවිතයේ සුදුසු සහකරුවෙක් තෝරා ගැනීමටත් ඇය දෑසින් බලා ඔහුව තෝරා ගැනීමටත් අනුමැතිය දුන්නේය. ඔහු සමග ජීවත් වීමට කැමත්ත පළ කර යුත්තේ ඇයයි. ඇයගේ කැමැත්ත හා නැඹුරුව වඩාත් හොදින් දන්නා ඇයමය. එබැවින් කාන්තාවක්, ඇයව විවාහ කර දීම සඳහා ඇයගේ නියෝගය පතා ඇය නියෝග කරන තෙක් විවාහ කර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේ එබැවිණි. එමෙන්ම කන්‍යාවියක් පවා, ඒ සඳහා ඇයගෙන් අවසරය පතා ඇය අවසර දෙන තෙක් විවාහ කර දීම ද තහනම් කළහ. බොහෝ විට කන්‍යාවියන් ලැජ්ජාසහගත වන බැවින් වඩාත් සැහැල්ලු දෙයකින් ඇයගේ කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වන්නේය. එය ඇය පිළිගත් බවට ඇයගේ නිහඬතාව සාධකයක් කර ගැනීමට ප්‍රමාණවත් වනවාක් මෙන් ඇයගේ අනුමැතිය පිහිටීමය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමුස්ලිම්වරුන් වන අපගේ උපවාස ශීලය සහ යුදෙව් හා කිතුනු ජනයාගේ උපවාස ශීලය අතර ඇති වෙනස ගැන නබිතුමාණන් - මෙම හදීසයේදී දැනුම් දී ඇත. එය, සුහූර් වේලාවේදී මුස්ලිම්වරුන් අනුභව කරන ආහාර වේලය. සැබැවින්ම “අහ්ලුල් කිතාබ්”හෙවත් පුස්තක හිමි යුදෙව් ජනයා සහ කිතුනු ජනයා සුහූර් වේලාවේදී ආහාර අනුභව නොකරති. නමුත් එය මුස්ලිම්වරුන්හට "මුස්තහබ්" හෙවත් දිරිමත් කර ඇති පිළිවෙතකි. එය ආගම් ලත් ජනයාගේ පිළිවෙතට වෙනස්ව කටයුතු කිරීමක් හා නබි තුමාණන්ගේ පිළිවෙත තහවුරු කිරීමක් වශයෙනි. නබි චරිතයේ සඳහන්ව ඇති පරිදි සුහූර් ආහාර වේල තුළ අභිවෘද්ධිය සහ යහපත ඇත. පුස්තකය හිමි ජනයා මධ්‍යම රාත්‍රියේ සිට උපවාස ශීලයෙහි නිරත වෙති. ඔවුහු ඹධ්‍යම රාත්‍රියට පෙර ආහාර අනුභව කරන අතර සුහූර් වේලාවේදී ආහාර නොගනිති. ෂරියා සම්බන්ධ කරුණු වලදී මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන අය අතර පවතින වෙනස හඳුනා ගැනීම අවශ්‍ය කරුණක් වන්නේය.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා)තුමා විසින් ප්‍රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්‍රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්‍යාගශීලී අයකු වූහ.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතරින් වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමාණන් අවශ්‍ය අයට අවශ්‍ය දේ ලබා දෙමින් අධික ලෙස පරිත්‍යාගශීලී ලෙස කටයුතු කළේ රමළාන් මාසයේ ය. එසේ අධික ලෙස පරිත්‍යාගශීලී අයකු වීමට හේතු දෙකක් පාදක විය. පළමුවැන්න: එතුමාණන් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ව හමුවීමය. දෙවන කරුණ: අල්-කුර්ආනය ඉගැන්වීම. එනම් කටපාඩම් කිරීම සඳහා කියවා පෙන්වීම. අල් කුර්ආනයෙන් පහළ වූ සියලු දෑ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එතුමාණන්ට උගන්වමින් සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අධික ලෙස පරිත්‍යාග කරන, යහපත සිදු කරන වඩාත් පරිත්‍යාගශීලී තත්ත්වයට පත් වූහ. එමෙන්ම එතුමාණෝ වර්ෂාව හා ආශිර්වාදය සමග අල්ලාහ් විසින් එවනු ලබන සුබවාදී සුළගට වඩා වේගතවත්ව මිනිසුන් වෙනුවෙන් යහපත ඉටු කළහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ. හේතුව සැබැවින්ම එතුමාණන් ෂඃබාන් මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වන්නෙකු වූ බැවිණි.” තවත් වාර්තාවක එතුමාණෝ ස්වල්පයක් හැර ෂඃබාන් මාසයේ උපවාසයේ නිරත වන්නෙකු වූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “ෂඃබාන් මාසය තරම් වෙනත් කිසිදු මාසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස උපවාසයේ නිරත නොවූහ. හේතුව සැබැවින්ම එතුමාණන් ෂඃබාන් මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වන්නෙකු වූ බැවිණි.” තවත් වාර්තාවක එතුමාණෝ ස්වල්පයක් හැර ෂඃබාන් මාසයේ උපවාසයේ නිරත වන්නෙකු වූහ. යැයි සඳහන්ව ඇත. දෙවැනි ප්‍රකාශය පළමු වැන්න සඳහා වූ විග්රහයකි. සැබැවින් ‘මුළුල්ලේම’ යන ප්‍රකාශය පැහැදිලි කරන්නකි. එනම් බොහෝ දින ගණනක් යන්නයි. එතුමාණන් එම මාසය මුළුල්ලේම උපවාසයේ නිරත වූ බවත් වෙනත් වසරවලදී එම මාසයෙහි දින කිහිපයක පමණක් උපවාසයේ නිරත වූ බවත් කියැවේ. තවත් අවස්ථාවක: විටෙක එතුමා එම මාසය ආරම්භයේ උපවාසයේ නිතර වූ බවත් තවත් විටෙක එහි අවසානයේ උපවාසයේ නිරත වූ බවත් තවත් විටෙක ඒ දෙක අතර කාලයේ උපවාසයේ නිරත වූ බවත් කියැවේ. එතුමා උපවාසයෙන් තොරව එම මාසයෙන් මිදී සිටියේ නැත. වසර ගණනාවක් තිස්සේම එසේම විය. එබැවින් වෙනත් මාසවලට වඩා ෂඃබාන් මාසයේ උපවාසය අධිකව ඉටු කිරීම මිනිසාට අවැසි වන්නේය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එසේ උපවාසයේ නිරතව ඇත. මෙහි ප්‍රඥාව වනුයේ රමළාන් මාසය ඉදිරියෙන් පිහිටන බැවිණි. එය අනිවාර්යය සලාතයන් අතර පවතින අතිරේක සලාතයන් හා සමානය. තවත් තැනක හදීස් පෙන්වා දෙන පරිදි ෂඃබාන් මාසයේ අධිකව උපවාසයේ නිරත වීම විශේෂගත කර ඇත්තේ ගැත්තන්ගේ ක්‍රියාවන් එහිදී ඉහළට එසවෙන බැවිණි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ සුහෙයිර් උමාරා ඉබ්නු රුඅයිබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත."
رواه مسلم"ෆජ්ර් සලාතය හා අසර් සලාතය ඉටු කරන, එහි නිරන්තරයෙන්ම නියැළෙන කිසිවකු හෝ වේවා, ඔහු අපා ගින්නට පිවිසෙන්නේම නැතැ"යි අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මෙම සලාත් දෙක විශේෂයෙන්ම පවසා ඇත්තේ, සැබැවින්ම ඒ දෙක සලාත් අතරින් වඩාත් දුෂ්කර අවස්ථා දෙකක වන බැවිනි. සැබැවින්ම සුබ්හු සලාතයේ වේලාව නින්දට වැටී ඇති එහි සුවය විඳින වේලාවය. අසර් සලාතයේ වේලාව දහවල් කාලයේ ව්‍යාපාර කටයුතු සිදු කරමින් සේවාවන්හි නිරතවෙමින් කාර්යබහුලව සිටින අවස්ථාවය. එම දුෂ්කරතා සමගම කවරෙකු මෙම සලාත් දෙක පිළිපදින්නේ ද සෙසු සලාතයන් ඉටු කිරීමට (ඔහුට) හැකි වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “එළැඹෙන වසර තෙක් මා සිටියේ නම් සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත“එළැඹෙන වසර තෙක්” එනම් එළැඹෙන ඊළඟ මුහර්රම් මාසය වන තෙක් යන්නයි. “මා සිටියේ නම්” එනම් මම ජීවතුන් අතර සිටියේ නම් “සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි.” එනම් යුදෙව්වන්ට වෙනස්කම පෙන්වමින් ආෂූරා හෙවත් මුහර්රම් දස වැනි දින සමග නව වැනි දිනද උපවාසය රකිමි යන්නයි. නමුත් එතුමා මිය යන තෙක් එළැඹෙන ඊළඟ මුහර්රම් මාසය නොපැමිණියේය. කෙසේ වෙතත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපවාසයේ නිරත නොවූවද එම උපවාසය රැකීම සුන්නාවක් වන්නේය. හේතුව එතුමාණන් ඒ සඳහා අදිෂ්ඨාන කර ගෙන සිටි බැවිණි. එය නබි චරිතයකි. දස වැනි දින සමග නව වැනි දින උපවාසයේ නිරත වීමට හේතුව දසවැනි දින පමණක් උපවාසයේ නිරත වීමෙන් යුදෙව්වන්ට සමානව කටයුතු නොකරනු පිණිසය. ආෂූරා දිනය ළඟා කර ගැනීමේ දී වඩාත් සැළකිලිමත් වීම සඳහා එසේ උපවාසය නිරත වූ බව ද කියවේ. නමුත් පළමු ප්‍රකාශය වඩාත් උචිතය. මූලාශ්‍රය පැමිණ ඇත්තේද ඒ සඳහාය. අල්ලලාහ් වඩාත් මැනවින් දන්නාය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට අදාළ මූලිකාංග නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල් ඊට පෙර පැවති පාපකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”
رواه مسلمකවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර්යය සලාතයේ වේලාව ප්‍රවේශ වී, ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය නිසිලෙස කරමින් එය පූර්ණවත් කර, අල්ලාහ්ගේ තේජාන්විතභාවය ඉදිරියට ගෙනැවිත් ඔහු වෙත තම සිත හා සෙසු අයවය පිහිටවා තම සලාතයේ බැතිමත් භාවය රකිමින් සලාතයේ රුකූඋ, සුජූද් හා සෙසු ඉරියව්වන් පූර්ණවත් කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල්, ඊට පෙර සිදු කළ කුඩා පාපකම් වලට එම සලාතය ප්‍රතිකර්මයක් වනු ඇත. මෙම භාග්‍යය කාලය පුරාවටම පවතින අතර සෑම සලාතයකම සිදුවනු ඇත.