





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව කඃබ් ඉබ්නු උජ්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය."
رواه مسلمකියවන්නාට පාඩු නොවන, ඒ ගැන ඔහු පසුතැවිලි නොවන, නමුත් ඔහුට එහි කුසල් හිමිවන දික්ර් (මෙනෙහි කිරීම්) කිහිපයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. ඒවායින් ඇතැමක් ඇතැමකට පසුව පැමිණෙයි. අනිවාර්යය සලාතයට පසුව කියනු ලැබේ. තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම. එනම් සෑම අඩුපාඩුවකින්ම උත්තරීතර අල්ලාහ්ව පිවිතුරු කිරීමය. තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම. එනම් අල්ලාහ්ට ආදරය කරමින් හා ඔහුට ගරුබුහුමන් කරමින් ඔහු සතු පරිපූර්ණ ගුණාංග තුළින් ඔහුව වර්ණනා කිරීමය. තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීම. එනම්: අල්ලාහ් සියලු දෑට වඩා මහත් තේජාන්විතය; අති ශ්‍රේෂ්ඨය; සර්වබලධාරීය.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් බින් කාලිද් අල් ජුහනී (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. “කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්‍රතිඵලය මෙන් සමාන ප්‍රතිඵලයක් මොහුට ද හිමි වන්නේය. නමුත් උපවාසය රකින්නාගේ කුසලින් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇතඋපවාස ශීලය රකින අයකු උපවාසයෙන් මිදීම සඳහා පහසුකම් සැලසීමේ මහිමය මෙම හදීසයේ විස්තර කර ඇත. එය අනිවාර්යය කටයුත්තක් නොවූවද ඒ සඳහා උනන්දු කරවා ඇත. කවරෙකු එසේ සිදු කළේ ද උපවාසකරුගේ කුසලින් කිසිවක් අඩු නොකර ඔහුගේ ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් මොහුට ද සටහන් කරනු ලැබේ. මෙය අල්ලාහ් තම ගැත්තන් හට පිරිනැමූ භාග්‍යයයි. යහපත හා දේව හැඟීම මුල් කර ගනිමින් එකිනෙකාට උදව් කිරීම, ආදරය ඇති කිරීම, මුස්ලිම්වරුන්ගේ අතර සහයෝගීතාව යනාදී කරුණ එහි ඇතුළත්ව ඇති බැවිණි. හදීසය මතුපිටින් පෙනෙන්නේ සැබැවින්ම උපවාසකරුට උපවාසය මිදෙන්නට රට ඉඳි ගෙඩියකින් හෝ වේවා පහසුකම් සළසන්නේ නම් මොහුට ද ඔහු මෙන් කුසලක් හිමිවන බවයි. ඒ අනුව තමන්ට හැකි පමණින් උපවාසකරුවන්ට ඉන් මිදීම සඳහා පහසුකම් සැලසීමට කැමැත්තක් දැක්වීම මිනිසාට අවශ්‍ය වන්නේය. විශේෂයෙන්ම උපවාසකරු අවශ්‍යතාවෙන් හා දිළිඳුභාවයෙන් සිටින විටෙක හෝ තමන්ට උපවාසයෙන් මිදීම සඳහා සූදානම් කර ගත හැකි ආහාර වේලක් ඔවුන් නොලැබ අවශ්‍යතාවෙන් පෙළෙන විට දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
رواه مسلمමුඅද්දින් (සලාතය සඳහා කැඳවන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ පහත සඳහන් ප්‍රාර්ථනාව කරන්නා පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ" එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු හැර නැමදුම් ලබන සෙසු සියල්ල ව්‍යාජ බවත් මා පිළිගෙන එය දන්වා සිටිමි යන්නයි. "වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" එනම්: සැබැවින්ම මුහම්මද් තුමාණන් නැමදුම් නොලබන ගැත්තකු බව හා බොරු නොකියන දූතයකු බවය. "රළීතු බිල්ලාහි රබ්බන්," (අල්ලාහ් පරමාධිපති බව පිළිගතිමි) එනම් ඔහුගේ පරිපාලනය, ඔහුගේ දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග සම්බන්ධයෙනි. "වබිමුහම්මදින් රසූලන්" (මුහම්මද් දූතයාණන් බව ද පිළිගතිමි) එනම් එතුමාණන් කවර දූත පණිවිඩයක් ගෙන ආවේ ද කවර කරුණක් අප වෙත දන්වා සිටියේ ද ඒ සියල්ල සම්බන්ධයෙනි. "වබිල් ඉස්ලාමි" (ඉස්ලාමය පිළිබඳව) එනම් ඉස්ලාමයේ පවතින නියෝග හා තහනම් සියුලුම නීතී සම්බන්ධයෙනි. "දීනන්" ප්‍රතිපත්තිමය වශයෙන් හා අවනත වීමක් වශයෙන් ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ. එනම් සුළු පාපකම් සඳහාය.
යසීද් ඉබ්නු ෂරීක් ඉබ්නු තාරික් විසින් වාර්තා කරන ලදී. මම අලී (රළියල්ලාහු අන්හු) තුමා වේදිකාවට නැග දේශනා කරමින් සිටිනු දුටුවෙමි. එතුමා කරමින් සිටි ප්‍රකාශයට මම සවන් දුනිමි.: “නැත, අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ ග්‍රන්ථයෙන් මෙය මිස අප කියවන වෙනත් ග්රන්ථයක් නොවීය. යැයි පැවසීය. පසුව මෙම පත්‍රිකාවේ ඇති දෑ එතුමා ප්‍රකාශ කළේය. එවිට එහි: ඔටු දත් හා වෙනත් තුවාල හා සම්බන්ධ කරුණුවල නීති සදහන්ව තිබිණි. තවදුරටත් එහි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ දෑද විය. “මදීනාව ‘ඊර්’ හා ‘සව්ර්’ දක්වා අතර වන කොටස ශූද්ධ භූමියයි. කවරෙකු එහි අලුත් දෙයක් බිහි කළේ ද එසේ නැතහොත් අලුත් දෙයක් වෙත පැමිණියේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය අත් වේවා. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ අල්ලාහ් ඔහුගෙන් පිළිගන්නේ නැත. මුස්ලිම්වරුන්ගේ වගකීම එකකි. ඔවුන්ගෙන් පහළම අය ද ඒ සඳහා වෙහෙසෙයි. කවරෙකු හෝ මුස්ලිම්වරයකු හුදකලා කරන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය අත් වේවා. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ අල්ලාහ් ඔහුගෙන් පිළිගන්නේ නැත. කවරෙකු තම පියා නොවන කෙනකු වෙත පීතෘත්තවය වාද කරන්නේ ද එසේ නැතහොත් ඔහුගේ භාරකාරත්වය නොවන අය වෙත භාරකාරත්ව ඈදන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය අත් වේවා. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ අල්ලාහ් ඔහුගෙන් පිළිගන්නේ නැත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅලී (රළියල්ලාහු අන්හු) තුමා වේදිකාව මතට නැග මෙසේ පැවසීය. “අල්ලාහ් මත දිවුරා පවසමින් අප කියවීම සඳහා අල්ලාහ්ගේ ග්‍රන්ථයෙන් මෙම ග්‍රන්ථය හැර වෙනත් ග්රන්ථයක් නොවීය. පසුව එය ඔහු දිග හැරියේය. එහි ඔටු දත් සඳහා වූ වන්දියක් තිබුණි. තුවාල හා සම්බන්ධ ගැටලු හා ඒවායෙහි නීතිද තිබුණි. එහිදී සැබැවින්ම මක්කාව මෙන්ම මදීනාව ඊර් කන්දේ සිට සව්ර් කන්ද දක්වා අතර ස්ථානය ශුද්ධ භූමිය වේ. කවරෙකු දහමේ අලුත් කටයුත්තක් මෙහිදී ආරම්භ කළේ ද එසේ නැතහොත් මුස්ලිම්වරුන්ට වැරදි හා අපරාධ කිරීමෙන් හිංසාවක් ඇති කිරීමට හේතුවක් වූයේ ද එසේත් නැතහොත් (දහමේ නොමැති) නව කටයුත්තක් වෙත පැමිණියේ ද ඔහුට ආශිර්වාදය වළක්වනු ලබමින් අල්ලාහ්ගේ ශාපය ඔහු මත වනු ඇත. උත්තරීතර අල්ලාහ්ගෙන් වූ එම ශාපයට මලක්වරුන් හා සෙසු මිනිසුන් සියලු දෙනාගේ ප්රාර්ථනාවද වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු අනිවාර්යය කටයුත්තක් හෝ අමතර කටයුත්තක් හෝ පාපොච්චරණයක් හෝ වන්දියක් හෝ පිළිගනු නොලබනු ඇත. මුස්ලිම්වරයකු දේව ප්රතික්ෂේපකයකුට පිරිනමන ආරක්ෂාව ඇතැම් නිවැරදි කොන්දේසි මත වලංගු වන්නේය. නමුත් එවැන්නක් කඩ කරනු දුටුවේ නම් ඔහුට එය ඉදිරිපත් කිරීම තහනම් වන්නේය. ඒ අනුව කවරෙකු හෝ මුස්ලිම්වරයකුට ආරක්ෂාව සැලසීම කඩ කළේ ද එමෙන්ම ආරක්ෂාව සැළසූ දේව ප්රතික්ෂේපකයාට බාධා පමුණුවන්නේ ද ඔහුට හිමි ආශිර්වාද වළක්වමින් අල්ලාහ් ඔහු කෙරෙහි ශාප කරනු ඇත. අල්ලාහ්ගෙන් වූ එම විෂයයට මලක්වරුන් හා මිනිසුන් සියලු දෙනාගේ ප්‍රාර්ථනාව ද හිමි වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු අනිවාර්යය කටයුත්තක් හෝ අමතර කටයුත්තක් හෝ පාපොච්චරණයක් හෝ වන්දියක් හෝ පිළිගනු නොලබනු ඇත. පියා නොවන කෙනෙකු වෙත තම පෙළපත ඈදා පවසන්නේ ද එසේ නැතහොත් ඔහුගේ භාරකරු නොවන කෙනෙකු වෙත සම්බන්ධ කරන්නේ ද ඔහුට හිමි ආශිර්වාදය වළක්වාලමින් අල්ලාහ්ගේ ශාපය ඔහු මත වනු ඇත. එමෙන්ම මලක්වරුන් හා සෙසු සියලු මිනිසුන් අල්ලාහ්ගෙන් එය පතනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු අනිවාර්යය කටයුත්තක් හෝ අමතර කටයුත්තක් හෝ පාපොච්චරණයක් හෝ වන්දියක් හෝ පිළිගනු නොලබනු ඇත. එය එහි ආශිර්වාදය ප්‍රතික්ෂේප කළ බැවිනි. එමෙන්ම එහි කඩකරමින් හා දඬුවම් පමුණුවමින් උරුමය, භාරකාරත්වය, බුද්ධිය හා වෙනත් දෑ විනාශ කළ බැවිනි.
උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසැබැවින්ම හී විසි කිරීම පිළිබඳ හෝ තුවක්කුවකින් වෙඩි තැබීම වැනි නව ආයුධයක් පිළිබඳ හෝ දැනුම ලබා පසුව එය කවරෙකු නිකරුණේ අතහැර දැමුවේ ද සැබැවින්ම ඔහු පාපය වෙත තමන්ව ඉදිරිපත් කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පිළිවෙතින් දුරස් විය. එහෙයින් “ඔහු අප අතරින් කෙනෙකු නොවීය.” යැයි පැවසීය. සැබැවින්ම මෙම පාපය තර්ජනාත්මක මෙන්ම දැඩි අවවාදයෙන් යුත් මහා පාපයන් අතරින් එකක් බව මෙහි ඇති දැඩි අවවාදය තුළින් පෙන්වා දෙයි. “එසේ නැතහොත් පිටුපෑවේය.” මෙය වාර්තාකරුට මතු වූ සැකයකි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇත්තේ “ඔහු අප අතරින් කෙනෙකු නොවීය” යනුවෙන් ද එසේ නැතහොත් “ඔහු පිටුපෑවේය” යනුවෙන් යන්න ගැන මතු වූ සැකයයි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “(අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන්) යුද්ධ කිරීමේ අධිෂ්ඨානයක් නොමැතිව, යුද්ධය සම්බන්ධයෙන් තමන් කතා නොකර කවරෙකු මිය ගියේ ද ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතයුද්ධ කිරිමට හැකියාව ඇති සෑම මිනිසෙකුම සුදුසු කාලය ළඟා වෙද්දී, එහි යුද්ද නොකර ඒ ගැන කතා නොකර එනම් ඒ ගැන ස්වේච්ඡාවෙන් කතා නොකර එනම් එහි අර්ථය: අසාධාරණය සඳහා ජිහාද්-අරගල කිරීම අධිෂ්ඨාන නොකර සිටින්නේ ද එය කුහකත්වයේ කොටසක් වන්නේය. අයුක්තිය සඳහා ආම්පන්න සූදානම් කිරීම මතුපිටින් පෙනෙන සලකුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “නුඹලා යුද්ධය සඳහා පිටත් වන්නට අධිෂ්ඨාන කළෙහු නම් ඒ සඳහා මනා ලෙස සූදානම් වන්න” “ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.” යන ප්‍රකාශය වනුයේ: එනම් එය කුහකත්වයේ වර්ග අතරින් එක් වර්ගයකි. එනම්: කවරෙකු ඒ මත මිය ගියේ ද ඔහු කුහකයින්ට හා යුද්දයෙන් පසුබැස්සවුනට සමාන විය. කවරෙකු යම් කණ්ඩයාමකට අනුකූලව කටයුතු කරන්නේ ද ඔහු ඔහුගෙන් කෙනෙකි. ඒ අනුව දේවත්වය විශ්වාස කරන සෑම කෙනෙකුටම අසාධාරණය සඳහා ජිහාද්-අරගල කිරීමේ අදිෂ්ඨානය අනිවාර්යය වන්නේය. යුද වැදීම යනු: යුද්ධ කිරීමේ හා ජිහාද් කිරීමේ කොන්දේසි තිබී ඒවා පූර්ණවත් වූ විට ඒ අනුව කටයුතු කිරීමය. එසේ නැතහොත් ජිහාද් සඳහා ඇරයුම් කරන හේතු සාධක සම්පූර්ණ වන තෙක් ඔහුගේ අදිෂ්ඨානය ඉතිරිව පවතිනු ඇත.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපා ගින්නෙන් අල්ලාහ් අධික ලෙස ගැත්තන් නිදහස් කිරීමේදී අරෆා දිනයට වඩා වෙනත් දිනයක් නැත. සැබැවින්ම ඔහු සමීප වෙයි. පසුව ඔවුන් පිළිබඳ මලක්වරුන් ඉදිරියේ සතුටින් කතා කරමින් “මොවුන් අපේක්ෂා කරනුයේ කුමක් ද? යැයි පවසයි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඅල්ලාහ් තමන් අභිමත කරන්නන් අපා ගින්නෙන් නිදහස් කොට මුදවා හැරීමේදී අරෆා දිනයට වඩා අධික ලෙස එසේ වන වෙනත් දිනයක් නැත. සැබැවින්ම සුවිශුද්ධයාණන් හජ් ඉටුකරන තම ගැත්තන් සමීපයට සැබෑ ලෙස සමීපවී ඔවුන් ගැන මලක්වරුන් ඉදිරියේ සතුටින් කතා කරයි. හජ් වන්දනාකරුවන්ගේ මහිමය හා ඔවුන්ගේ ගෞරවය ගැන මලක්වරුන්ට ඉදිරිපත් කරයි. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ කීර්තියට හා ඔහුගේ මහිමයට ගැළපෙන අයුරින් සැබෑ ලෙස තම ගැත්තන්හට සමීපයෙන් සිටින බව අහ්ලුස් සුන්නා හා වල් ජමාආතයට අයත් පුද්ගලයෝ විශ්වාස කරති. ඔහු අර්ෂ් මත ස්ථාපිතව සිටී. ඔහුගේ මැවීම් පිළිබඳ පැහැදිලි දැක්මක් තිබේ. සැබැවින්ම ඔහු ඔවුන් වෙත සැබෑ ලෙසින්ම සමීප වෙයි. ඔවුනට ළං වෙයි. පසුව “ඔවුන් අපේක්ෂා කර සිටිනුයේ කුමක්ද?” යැයි විමසයි. එනම්: ඔවුන් ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දේශයන් අතහැර දමා, ඔවුන්ගේ ධනය වියදම් කොට ඔවුන්ගේ ශරීර වෙහෙස කරවා ඔවුන් අපේක්ෂා කර සිටිනුයේ කවර කරුණක් ද? යන්නයි එනම්: ඔවුන් සමාව, පිළිගැනීම, සමීපත්වය, හමුවීම හැර වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. ඔවුන් කවර කරුණක් අපේක්ෂා කළේ ද එය ඔවුනට හිමිවන්නකි. ඔවුන්ගේ චේතනාවන්ට අනුව ඔවුන්ගේ නිලයන් පිහිටනු ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වල්ලම්) මෙසේ විමසීය. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි සාගරයේ ගමන් කරන්නෙමු. අප සමග අපි උසුලාගෙන යන ජලය සුළු ප්රමාණයකි. අප එයින් වුළූ ගත් විටක අපි පිපාසයෙන් පෙළෙන්නෙමු. එබැවින් සාගර ජලයෙන් අපට වුළූ ගත හැකි ද? යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.” යැයි පැවසූහ.
رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمدමිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වල්ලම්) ගෙන් "සැබැවින්ම අපි මසුන් ඇල්ලීම, ව්‍යාපාරික කටයුතු හා එවැනි වෙනත් අවශ්‍යතා සඳහා සාගරයේ නැව් මත නැගී ගමන් කරන්නෙමු. අප සමග පානීය ජලය රැගෙන යන්නේ සුළු ප්‍රමාණයක් පමණි. පානීය ජලය වුළූ ධෝවනය සඳහා හෝ නෑම සඳහා හෝ යොදා ගත්තේ නම්, එය අවසන් වී යනු ඇත. පසුව අපට බීමට ජලය අහිමි වී යයි. එබැවින් සාගර ජලයෙන් අපට වුළූ කළ හැකි ද?" යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මුහුදු ජලය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ. "එහි ජලය පිරිසිදු වන අතර (වෙනත් දෑ) පිරිසිදු කරනු ඇත. ඉන් වුළූ ගැනීමට හා ස්නානය කිරීමට අවසරය ඇත. මසුන් ඇල්ලීමෙන් තොරව ඉන් මතුපිටට එන මත්සයින් හා මුහුදු ජීවීන් මිය ගිය දෑ වුව ද, ඒවා අනුභව කිරීමට අනුමැතිය ඇත."
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ගෙන් ජලය පිළිබඳවත් මෘග සතුන් හා උරඟ සතුන් ඉතිරි කළ දෑ පිළිබඳවත් විමසන ලදී. එවිට එතුමාණෝ: "ජලය කුල්ලතෙයින් ප්‍රමාණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නැත." යැයි පැවසූහ.
رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගෙන් මෘග සතුන් හා උරග සතුන් පානය කර ඉතිරි කළ ජලය පිළිබඳව විමසන ලදී. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, "සැබැවින්ම ජලය විශාල හම් මලු දෙකක ප්‍රමාණයකින් වී නම්, එනම් ලීටර් 210 ක ප්‍රමාණයක් වී නම් එය අධික ජලය ලෙස හඳුන්වනු ලබන අතර එහි අපිරිසිදු දෙයක් වැටීමෙන් එහි වර්ණය හෝ සුවය හෝ ගන්ධය හෝ වෙනස් නො වූයේ නම්, එය අපිරිසිදු වන්නේ නැත." යැයි පැවසුහ.