





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කෙනෙකුගේ භාජනයේ සුනඛයා පානය කළ විට, එය සත් වතාවක් සෝදා හැරිය යුතුය." මුස්ලිම් සතු හදීසයක: "එහි ආරම්භය පසින් විය යුතුය" යැයි සඳහන් වී ඇත.
متفق عليهසුනඛයා උගේ දිව භාජනය තුළට දැමූ විටෙක එය සත් වතාවක් සෝදා හරින මෙන් නබි (සල්ලල්ලාහු අලයහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. ඒ අතරින් පළමු වාරයේ, ජලය යොදා ගැනීමට පෙර පස් එකතු කළ යුතු ය. එවිට එහි අපරිසිදු භාවයෙන් හා එහි හානියෙන් එය පරිපූර්ණ පිරිසිදුභාවය ලබනු ඇත.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ.
متفق عليهසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම ශාරීරික අවශ්‍යතා ඉටු කරන ස්ථානයට පිවිසුනු විට, එහි මළ පහ කිරීමට හෝ මූත්‍රා කිරීමට සිතුව ද එතුමාණෝ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතූහ. ස්ත්‍රී හා පුරුෂ ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව ඔහුගෙන් පතා ඔහු වෙත නැඹූරු වූහ. අල්- (හු)කුබුසු නම් පදය නපුර ලෙසත් (හ)කබාඉස් යන පදය අපවිත්‍ර දෑ ලෙසත් විස්තර කෙරී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු හුනෙයිෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
رواه مسلمඅල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැප කොට දිවි පිදීමට යමෙකු පැතුවේ ද, එය අල්ලාහ් වෙනුවෙන්ම කරන බවට වූ ඔහුගේ චේතනාවෙහි ඔහු අවංක සත්යවාදියෙකු වී නම් ඔහුගේ එම සැබෑ චේතනාවට අනුව ඔහු ජිහාද් නොවන තත්වයක, නිදියහනේ මිය ගිය ද අල්ලාහ් ඔහුට දිවි පිදූවන්ගේ නිලය පිරිනමනු ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “(හජ් වන්දනාකරුවන් වන) ඔවුන්ගේ අවසන් ගිවිසුම දේව නිවස (තවාෆ් කිරීමත්) සමග විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුනට නියෝග කළේය. නමුත් ඔසප් තත්වයේ පසු වන කාන්තාවට සහන සලසන ලදී.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම ගෞරවනීය දේව නිවසට ගරුබුහුමන් කිරීමක් උත්කර්ෂයට නැංවීමක් ඇත. එය අල්ලාහ්ගේ ගැත්තන්ගේ සංකේතයයි. ඔහු අතර පවත්වා ගන්නා බිය බැතිමත්කම හා නිහතමානීකම වේ. ඒ සඳහා හදවත් තුළ බියක් සිත් තුළ කිර්තියක් සම්බන්ධතාවක් හා ආදරයක් පවතී. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හජ් වන්දනාකරු ගමනට පිටත්වන්නට පෙර ඔහුගේ අවසාන ගිවිසුම ඒ සමග විය යුතු යැයි නියෝග කළහ. එය අවසන් තවාෆයයි. එය සමු ගැනීමේ තවාෆයයි. නමුත් ඔසප් කාන්තාවට හැර. ඇය එම මස්ජිදයට පිවිසීමේදී එහි අපිරිසිදු රුධිරය තැවරිය හැකි බැවින් කිසිදු ප්‍රතිකර්මයක් නොමැතිවම තවාෆ් කිරීම ඇයගෙන් ඉවත් කරනු ලැබ ඇත. මෙය හජ්හි සඳහන් ප්‍රකාශයයි. උම්රා සමග බැඳී නැත.
මුඃමින්වරුන්ගේ මෑණියක් වූ මයිමූනා බින්තු අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත (ජනාබත්) ස්නානය සඳහා මම ජලය ගෙනැවිත් එතුමාව වස්ත්‍රයකින් ආවරණය කළෙමි. එතුමාණෝ තම අත් දෙකට ජලය වක්කර ගෙන ඒ දෙක සෝදා ගත්හ. පසුව එතුමාණන් තම දකුණතින් තම වම් අතට ජලය වක්කර පසුව තම ලිගේන්ද්‍රිය සෝදා ගත්හ. පසුව තම අත පොළවෙ අතුල්ලා එය පිරිමැද එය සෝදා හැරයහ. පසුව කට කළත්වා පිරිසිදු කොට නාසයට ජලය යවා පිරිසිදු කොට තම මුහුණ හා තම අත් දෙක ද සෝදා ගත්හ. පසුව තම හිස මතට ජලය වක්කර තම ශරීරය පුරා ගලා යාමට සැලැස්වූහ. පසුව එතුමාණන්ගේ පාද දෙක සේදූහ. අනතුරුව මම ඇඳුමක් එතුමාණන්ට දුන්නෙමි. නමුත් එතුමාණන් එය ගත්තේ නැත. එතුමාණෝ තම අතින්ම ජලය පිස දැමූහ."
متفق عليهමුඃමින්වරුන්ගේ මෑණියක් වූ මයිමූනා බින්තු අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් ජනාබත් හෙවත් මහා කිල්ලෙන් අනිවාර්යය වූ ස්නානය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්නානය කළ අයුරු මෙසේ දන්වා සිටියාය. ඇය එතුමාණන් ස්නානය කරනු පිණිස ජලය ගෙනැවිත් එතුමා තිරයකින් ආවරණය කළාය. පසුව පහත සඳහන් අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ක්‍රියා කළහ. පළමුව: එතුමාණෝ තම අත් දෙක භාජනයට දෑමිමට පෙර අත් දෙක මත ජලය වක්කර සෝදා ගත්හ. දෙවැන්න: එතුමාණන් තම දකුණතින් තම වම් අතට ජලය වක්කර පසුව තම ලිගේන්ද්‍රිය සෝදා ගත්හ. එය එහි තැවරී ඇති දෑ වලින් එය පිරිසිදු කර ගනු පිණිසය. තුන්වැන්න: තම අත පොළවට (පස් මත) තබා එය පිරිමැද සෝදා හැරියහ. එය අත්වල තැවරුණු දෑ ඉවත් කරනු පිණිසය. සිව්වැන්න: ජලය මුඛය තුළට යවා එය කළත්වා පසුව එය විසිකර, කට පිරිසිදු කර ගත් අතර නාසයට ද එම ජලය යවා, පිරිසිදු කොට පසුව එය බැහැර කොට පිරිසිදු කර ගත්හ. පස්වැන්න: තම මුහුණ හා තම අත් දෙක ද සෝදා ගත්හ. හයවනුව: තම හිස මතට ජලය වක්කර ගත්හ. හත්වනුව: තම ශරීරයේ ඉතිරි කොටස් මත ද ජලය ගලා යාමට සැලැස්වූහ. අටවනුව: එතුමාණන් තමා සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගොස් තම පාද දෙක සේදූහ. ඒ දෙක කළින් සෝදා නොතිබුණු හේතුවෙන්ය. පසුව පිසදමනු පිණිස ඇය එතුමාණන් වෙත රෙදි කඩක් ගෙනවිත් දුන් නමුත් එතුමාණන් එය ගත්තේ නැත. එතුමාණෝ තම අතින්ම ශරීරයේ තැවරී ඇති ජලය පිස දැමූහ.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනාබත් තත්ත්වයෙන් (මිදීම සඳහා) ස්නානය කරන විට, එතුමාගේ අත් දෙක සෝදා, පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ ගෙන පසුව එතුමාණෝ ස්නානය කළහ. පසුව එතුමාණෝ තම සමට සේන්දු වුණු බවට සිතන තරමට අත් දෙකින් තම රෝම අතර හොදින් ඇතුල්ලූහ. එසේ තුන් වරක් ජලය ගලා යන්නට සැලැස්වූහ. පසුව තම සෙසු ශරීර කොටස් ද සෝදා ගත්හ. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග එකම භාජනයකින් ස්නානය කර ඇත්තෙමි. අපි සෑම කෙනෙකුම ඉන් ජලය ඇද ගත්තෙමු.”
رواه البخاريනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනාබත් තත්ත්වයෙන් මිදීමට ස්නානය කිරීමට සිතූ විට තම අත් දෙක පළමුව සෝදා හැර ඉන් ආරම්භ කළහ. පසුව සලාතයට වුළූ ගන්නා මෙන් වුළූ ගත්හ. පසුව තම ශරීරයට ජලය ගලා යන්නට සැළැස්වූහ. පසුව තම අත් දෙකින් තම හිසකෙස් අතුල්ලූහ. කෙස් මුලට ජලය සේන්දු වූ බවට සිතන තරමටම එසේ කළහ. ශරීරයට ජලය වක් කළේය. තම හිසට තුන්වරක් ජලය වක් කොට පසුව එතුමාණන්ගේ සෙසු ශරීර කොටස් සෝදා හැරියහ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියාය: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග එකම භාජනයක ස්නානය කළෙමි. එහි දී අපි එකිනෙකා ඇද අහුරා ගත්තෙමු.
අලී ඉබ්නු අල් හසන් විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිනීවල අසළ තිබූ විවරයක් වෙත පැමිණ එහි ඇතුළු වී ප්‍රාර්ථනා කරන්නට විය. එවිට එතුමා ඔහුව වැළැක්වීය. එතුමා: අල්ලාහ්ගේ දූතයාණන් විසින් මාගේ සීයා ලබා ගෙන ඔහු විසින් මාගේ පියා ලබා ගෙන පවසා; එයට මා සවන් දුන් හදීසයක් මම නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද? “මාගේ මිනීවල උත්සව සමරන්නට නොගන්න. නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත් කර නොගන්න. නුඹලා මට සලවාත් පවසන්න. සැබැවින්ම නුඹලාගේ සලාම් පැවසීම නුඹලා කොතැනක සිටිය ද මා හට දන්වනු ලබනු ඇත.”
ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇතඅලී ඉබ්නු අල් හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිනීවල අසල අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මිනිසකු දුටුවේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිනීවල බැහැදැකීම උත්සවයක් ලෙස ගැනීමෙන් එතුමා වළක්වා ඇති බවටත් අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් හා ඔහුව මෙනෙහි කිරීමෙන් ගෙවල් දුරස් කිරීමෙන් හා ඒවා මිනීවලවල්වලට සමාන කිරීමෙන් එතුමා වැළැක්වූ බවටත්. සැබැවින්ම මුස්ලිම්වරයාගේ සලාමය ඔහු කවර ස්ථානයක සිටි සලාම් පැවසුවද එය තමන්ට දන්වනු ඇති බවටත් වාර්තාවී ඇති හදීසයක් ආධාරකයක් ලෙස ගෙන හෙතෙම ඔහුව වැළක්වූ බව අපට දන්වා සිටියි.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “මම ශ්‍රාවය අධික ලෙස හට ගැනෙන පුද්ගලයකු වූයෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ දියණිය සිටින ස්ථානය ගැන අසන්නට මම ලැජ්ජා වූයෙමි. එනිසා මම අල් මික්දාද් ඉබ්නු අල් අස්වද්ට (ඒ ගැන විමසන මෙන්) නියෝග කළෙමි. එවිට හෙතෙම එතුමාණන්ගෙන් විමසූ විට එතුමාණෝ: (එවැන්නෙකු) ‘ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදා වුළු ධෝවනය කර ගනු ඇත'යි පැවසීය.” බුහාරි හි සඳහන් වාර්තාවක: ‘වුළූ ධෝවනය කර ගන්න. එමෙන්ම ඔබ ඔබේ ලිංගේන්ද්‍රිය ද පිරිසිදු කර ගන්න' යනුවෙන් වාර්තා වී ඇත.
متفق عليهතමන් අධික ලෙස ශ්‍රාවය පිටවන අයකු වූ බව අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටියේය. -එනම් කාමාශාව හටගන්නා අවස්ථාවක හෝ සංසර්ගයේ නියැළීමට පෙර ලිංගේන්ද්‍රියෙන් පිටවන ඇළවෙන සුළු සුදු පැහැති සිහින් දියරයයි.- එය පිටවීමත් සමග තමන් කටයුතු කළ යුත්තේ කෙසේදැ?යි එතුමා නොදැන සිටියේය. නමුත් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසීමට එතුමා ලැජ්ජ විය. හේතුව එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක වූ ෆාතිමාගේ ස්වාමිපුරුෂයා වූ බැවිනි. එබැවින් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන මෙන් එතුමා මික්දාද් ඉබ්නු අල්-අස්වද්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදා පසුව වුළූ ධෝවනය කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට පිළිතුරු දුන්හ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතගෞරවණීය කටයුතුවලදී දකුණු පැත්තට මුල්තැන දීම සතුටුදායකය යන මැයෙන් අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාගේ හදීසය තහවුරු කර ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළ බව හෙතෙම මෙසේ වාර්තා කරයි. “නුඹලා අදින විට” එනම් නුඹලා ඇඳුම් අදින විට, “නුඹලා ධෝවනය කරන විට” එනම් නුඹලා වුළුූ ධෝවනයේ ක්‍රියාවන් සිදු කිරීමට පතන විට, “නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.” එය වමට විරුද්ධ පැත්තයි. කමිසය අදින විට වම් පැත්තට පෙර දකුණු පැත්තෙන් ඇදීම, වුළූ ධෝවනයේදී අත් හා පාද සෝදන විට දකුණතට ප්‍රමුකත්වය දීම යනාදිය මෙනි. දැනගත යුතු කරුණක් වනුයේ දකුණතට ප්‍රමුඛත්වය ලබා නොදෙන අවයවද ඇත. එනම් කන් දෙක, අත් දෙක, කම්මුල් දෙක යනාදියයි. ඒවා එකවර සෝදනු ලැබේ. ඒවා කැපී වෙන්ව තිබීම වැනි හේතුවන සාධක ඇත්නම් දකුණතට ප්‍රමුකත්වය දෙනු ලැබේ.