





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ කතාදා අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇතැම් විනයන් පිළිබඳ පැහැදිළි කර සිටියහ. ඒ අනුව මිනිසෙකු මූත්‍රා කරමින් සිටින අවස්ථාවේ තම දකුණතින් ලිංගය ඇල්ලීම හා ඉදිරිපස හෝ පසුපස තැවරී ඇති අපිරිසිදු දේ දකුණතින් ඉවත් කිරීම එතුමාණෝ තහනම් කළහ. සැබැවින්ම දකුණත ගරු කටයුතු සඳහා නිර්මාණය කරනු ලැබූවකි. එමෙන්ම පානය කරන භාජනයට හුස්ම හැරීම ද එතුමාණෝ තහනම් කළහ.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සුබ්හු සලාතයෙන් පසු ව හිරු උදා වන තෙක් ද අසර් සලාතයෙන් පසු ව හිරු අවරට යන තෙක් ද සලාතය ඉටු කිරීමෙන් වැළැක් වූහැයි (සමාජය විසින්) පිළිගනු ලැබූ මිනිසුන් කිහිප දෙනෙකු මා වෙත පැමිණ පවසා සිටියහ. -ඔවුන් අතරින් මා හට දැඩි පිළිගැනීමට ලක් ව සිටියේ උමර්ය.- නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සුබ්හු සලාතයෙන් පසු හිරු උදා වන තෙක් සලාතයක් නැත. අසර් සලාතයෙන් පසු හිරු අවරට යන තෙක් ද සලාතයක් නැත.”
මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතමෙම හදීස් දෙකෙහි සුබ්හු සලාතයෙන් පසු හිරු උදා වී දෑසින් දකින තරමට ක්ෂිතිජයෙනි හීයක උසක තරම් ප්‍රමාණයකට උදා වන තෙක් සලාතයට ඉටු කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය විනාඩි කිහිපයකි. එහි කාල සීමාව පිළිබඳ විද්වතුන් අතර විනාඩි 5 සිට විනාඩි 15 දක්වා අතර වූ කාලය පිළිබඳ මතභේද පවතී. එමෙන්ම අසර් සලාතයෙන් පසුව හිරු අවරට යන තෙක් එනම් මග්රිබ් අදාන් පැවසීමට විනාඩි කිහිපයකට පෙර සලාතය ඉටු කිරීමෙන්ද එතුමා වැළැක්වූහ. හේතුව මේ වේලාවන් දෙකෙහි සලාතය ඉටු කිරීම හිරු උදාවන විට හා එය අවරට යන විට දේව ආදේශකයින් කරන නැමදුමට සමාන වන බැවිනි. ඔවුන්ගේ නැමදුම්වලදී ඔවුනට සමාන ලෙස කටයුතු කිරීමෙන් එතුමා අප වළක්වා ඇත්තාහ. හේතුව කවරෙකු තවත් සමාජයකට සමානව කටයුතු කරන්නේද ඔහුද ඔවුන් අතරින් කෙනෙකු වන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔබ කිසිවෙකුත් බිය විය යුතු නොවේ ද?”
متفق عليه(සලාතය මෙහෙයවන) ඉමාම්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලාහ් බූරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝ ඔහුගේ හැඩරුව බූරුවකුගේ හැඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැඩි සේ අවවාද කරමින් ඒ ගැන පැහැදිළි කළහ.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් ඔසවා සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු යැයි පැවසූහ." එතුමා සුජූද්හි එලෙස සිදු නො කළහ.
متفق عليهසලාතයේ ස්ථාන තුනක තම දෙඅත් සමාන්තරව හෝ උරහිසට සමාන්තරව හෝ එතුමාණෝ එසවූහ. එනම්: උරහිසෙහි සන්ධිය හා බාහුව අතර පවතින කොටසයි. පළමු ස්ථානය: සලාතය ආරම්භ කරන විට, ආරම්භක තක්බීරය පවසන අවස්ථාවේ. දෙවන ස්ථානය: රුකූඋ ඉරියව්ව සඳහා තක්බීර් පවසන විට, තුන්වන ස්ථානය: රුකූඋ ඉරියව්වෙන් තම හිස ඔසවා "සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු" යැයි පවසන විට. සුජූදය ආරම්භ කරන විට හෝ ඉන් නැගිටින විට හෝ එතුමාණන්ගේ දෙඅත් එසේ එසෙව්වේ නැත.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නෙනි. තවත් ප්‍රකාශයක: "සැබැවින්ම අල්ලාහ් ශාන්තිය වේ යැයි පවසා නුඹලා අතරින් කිසිවකු හෝ සලාතයේදී වාඩි වූ විටෙක, ඔහු මෙසේ පැවසිය යුතුයි: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" -ඔහු එය පැවසූ විටෙක, අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම එය හිමි වනු ඇත.- අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" පසුව ඔහු කැමති දේ ඉල්ලීම සඳහා ඔහුට නිදහස ලබයි.
متفق عليهසලාතයේදී කිව යුතු තෂහ්හුදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා හට ඉගැන්වූහ. ඉබ්නු මස්ඌද් තුමාගේ අවධානය ඒ වෙත යොමු කරනු පිණිස එතුමාණෝ තම අත ඔහුගේ අත් දෙක අතර තැබුහ. එය ඔහුට අල් කුර්ආනයේ සූරතයක් උගන්වන්නාක් මෙන් විය. මෙයින් නිරූපණය වන්නේ, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙම තෂහ්හුදය සම්බන්ධයෙන් වාචිකව හා අර්ථයෙන් තම අවධානය යොමු කළ බවයි. එතුමා මෙසේ පැවසීය. "අත්තහිය්යාතු ලිල්ලාහි" (සියලු පඬුරු අල්ලාහ්ටම ය.) ගරු බුහුමනයට ලක් කරන සෑම ප්‍රකාශයක්ම හා ක්‍රියාවක්ම මෙයින් පෙන්වා දෙයි. ඒ සියල්ලට සුදුසුකම් ලබන්නේ සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් පමණ ය. "අස්-සලවාතු" (සියලු සලාත් යාඥාවන්) එනම් අල්ලාහ් අනිවාර්යය කළ හා අනිවාර්යය නො කළ අප හඳුනන සලාතයන් වේ. "අත්-තය්යිබාතු" (සියලු පිවිතුරු දෑ) අල්ලාහ්ගේ පරිපූර්ණත්වය පෙන්වා දෙන ප්‍රකාශ, ක්‍රියා හා වර්ණනාවන් වේ. ඒ සියල්ලට සුදුස්සා උත්තරීතර අල්ලාහ්ය. "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු" (අහෝ නබිවරය! ඔබට ශාන්තිය අත්වේවා! අල්ලාහ්ගේ කරුණාව ද ඔහුගේ අභිවෘද්ධිය ද අත්වේවා!) සෑම අනතුරකින්ම හා පිළිකුල් සහගත දැයින්ම ආරක්ශාව හා ශාන්තියත් සෑම යහපතකම සමෘද්ධිය හා බහුලත්වයත් එතුමාණන්ට හිමි වේවා යැයි කෙරෙන ප්‍රාර්ථනාවයි. "අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" (අප වෙතත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙතත් ශාන්තිය අත් වේවා!) සලාත් ඉටු කරන්නන් හා අහස්හි හා මහපොළොවේ සිටින සෑම ධර්මිෂ්ඨ ගැත්තෙකුටම ශාන්තිය හිමි වේවා යැයි කෙරෙන ප්රාර්ථනාවකි. "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුම ට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි.) අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නොමැති බව මම හෘදයාංගවම තිරසාර ලෙස සහතික කරමි යන්න එහි අදහස වේ. "වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ දහම් දූතයා බවත් මම සාක්ෂි දරමි.) එතුමාණන්ගේ දේව ගැතිභාවයත් අවසන් පණිවිඩයත් මම සහතික කරමි. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කරන්නන් හට තමන් කැමති ඕනෑම ප්‍රාර්ථනාවක් කරන මෙන් අවසරය දුන්හ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" යනුවෙන් ප්‍රාර්ථනා කළහ. මුස්ලිම්හි එන වාර්තාවක “නුඹලා කිසිවකු හෝ (සලාතයෙහි) අත්තහිය්යාත්හි තෂහ්හුද් පවසා අවසන් කළ විට කරුණු හතරක් ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එනම්, අපා ගින්නේ දඬුවමින්, මිනීවලෙහි වේදනාවෙන්, ජීවිතය හා මරණයේ අර්බූධයෙන් හා මසීහුද් දජ්ජාල්ගේ නපුරෙන් වන ආරක්ෂාවයි."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතයේ දී අවසන් තෂහ්හුදයෙන් පසුව හා සලාම් පැවසීමට පෙර කරුණු හතරකින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතූහ. ඒවායින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් එතුමාණෝ අපට ද නියෝග කළහ. පළමුවැන්න: මිනීවලෙහි දඬුවමින්. දෙවැන්න: අපා ගින්නේ වේදනාවෙන්. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ය. තුන්වැන්න: මෙලොවෙහි තහනම් කරන ලද අශාවන් හා මුළා කරන සුළු සැකයන් හේතුවෙන් ජීවිතයේ ඇතිවන අර්බූධවලින් වූ අරාක්ෂාව හා මිය යන මොහොතේ ඇතිවන අර්බූධයෙන් ආරක්ෂාවය. එනම් මරණ මොහොතේ දී ඉස්ලාමයෙන් හෝ සුන්නාවෙන් බැහැර වීමය. එසේ නැතහොත් මලක්වරුන් ප්‍රශ්න කිරීම වැනි මිනී වලෙහි ඇති වන අර්බූධයෙන් ආරක්ෂාව පැතීමය. සිව්වැන්න: අවසන් කාලයේ බැහැරට එන මසීහුද් දජ්ජාල්ගේ අර්බූධයයි. අල්ලාහ් ඔහු තුළින් තම ගැත්තන් පරීක්ෂණයට ලක් කරනු ඇත. ඔහුගේ අර්බූධයේ හා ඔහුගේ මුළාවෙහි බරපතලකම පෙන්වීම සඳහා මෙම සිහිපත් කිරීම විශේෂයෙන් සිදු කර ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬ ව සිටියි. එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යැයි විමසා සිටියෙමි . එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’ اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ "අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව. අහෝ දෙවියනි! සුදු වස්ත්‍රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි! මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!" යැයි පැවසුහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය සඳහා තක්බීර් පැවසූ විට සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමට පෙර සුළු වේළාවක් නිහඩ ව සිටියහ. එහිදී ඇතැම් ප්‍රාර් ථනාවන් සමග එතුමාණෝ තම සලාතය ආරම්භ කළහ. එසේ වාර් තා වී ඇති ප්‍රාර් ථනා අතරින් මෙය එක් ප්රාර්ථනාවකි. اللهم بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللهم نقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنْ الدَّنَسِ ، اللهم اِغْسِلْنِي مِنْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ තේරුම : යා අල්ලාහ්! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා හා මාගේ පාපයන් අතර දුරස් කරනු මැනව! යා අල්ලාහ්! සුදු වස්ත්‍රයක කිලිටි පිරිසිදු කරනු ලබනවාක් මෙන් මාගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව! ජලය, පිනි කැට හා හිම තුළින් මාගේ පාපයන්ගෙන් මා සෝදා හරිනු මැනව! එය, නැගෙනහිර හා බටහිර කවදත් හමු නොවන සේ වෙන්ව පවතින්නාක් මෙන් තමන් අතර හා තම පාපයන් අතර එහි තමන් නොවැටෙන සේ ඒ සමග එකිනෙක හමු නොවන සේ දුරසක් ඇති කරන මෙන් ද, එසේ එහි වැටුනේ නම් සුදු වස්ත්‍රයකින් කිළිටි ඉවත් කරන්නාක් මෙන් එය ඉවත් කර පිරිසිදු කරන මෙන් ද, ඔහුගේ වැරදිවලින් ඔහුව සෝදා එහි උණුසුම හා එහි රශ්ණය ජලය, පිණි දිය, හා සීතල වතුර වැනි සිසිල් පිරිසිදු දෙයින් සිසිල් කරන මෙන් ද කෙරෙන ඉල්ලීමකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතුය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසුජූද්හි ඍජුව සිටින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය සලාත් ඉටු කරන්නා ඔහුගේ දෙඅත් මහපොළොව මත තබමින්; ඔහුගේ බාහු දෙක ඔසවා තබමින්; එය ඔහුගේ ඇල පැත්තෙන් දුරස්කොට තබමින් නිවැරදි ක්‍රමයට අනුව සුජූද් පිහිටීමය. සැබැවින්ම මෙම තත්ත්වය සලාතයේ අපේක්ෂා කරනු ලබන උනන්දුව හා කැමැත්ත සඳහා මාතෘකාවක් වන බැවිනි. සැබැවින්ම මෙම අලංකාර නිවැරදි ඉරියව්ව වනාහි, සුජූද්හි සියලුම අවයව නැමදුමෙහි කොටසක් ලබා ගන්නට ඒවාට ඉඩ සැලසෙන්නේය. සුජූද්හි තමන්ගේ අත් දෙක බිම දිගු කර තැබීම තහනම් කරනු ලැබ ඇත. සැබැවින්ම එය මැලිකමට හා නැඹුරුවට හේතුවක් වන බැවිණි. එහි සුනඛයාට සමානකමක් ඇත. එය සුදුසු නැති දෙයකට සමානකම් පාන්නකි.
මස්ලමා සඊද් ඉබ්නු යසීද් විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාගේ පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු ලෙස සිටියෙහු ද? යැයි මම අනස් ඉබ්නු මාලික් තුමාගෙන් විමසුවෙමි. එතුමා: ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතආගම් ලත් ජනයාට වෙනස්ව කටයුතු කිරීම හා මුස්ලිම්වරයකු මත දුෂ්කරතාවක් හෝ ගැටළුවක් හෝ පවතින්නේ නම් ඒ සෑම දෙයක්ම ඉවත් කිරීම ෂරීආ නීතියේ අපේක්ෂාවකි. විශ්වසනීය තාබිඊන්වරයකු වූ සඊද් ඉබ්නු යසීද් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් ‘එතුමාණන් පාවහන් යුගල පැළඳ සලාත් ඉටු කරන්නෙකු වූයේ දැයි විමසා සිටියේය. එය එතුමා සතු ආදර්ශයක් තමන් ලබා ගැනීම හෝ බොහෝ දුරට එහි පවතින කිලිටි හා අපිරිසිදු දැයින් දුරස්වන්නට බලන්නාක් මෙන් විය. එවිට ‘ඔව්’ එතුමා පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු වූහැයි අනස් තුමා ඔහුට පිළිතුරු දුන්හ. සැබැවින්ම එය එතුමාගේ පිරිසිදු චරිතයයි. එය යම් භූමියකට පමණක් හෝ නියමිත කාලයකට පමණක් හෝ විශේෂිත කළ දෙයක් නොවන්නේය.