





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."
متفق عليهතමන්ගේ පේළි නිවැරදිව සකසා ගන්නා මෙන් ද කිසිවෙක් කිසිවකුට වඩා ඉදිරියෙන් හෝ පසුපසින් නොසිටින මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කරන්නන් වෙත නියෝග කළ අතර සැබැවින්ම එසේ සමාන්තරව පේළි සකසා ගැනීම සලාතයේ සම්පූර්ණත්වයේ හා පූර්ණවත්භාවයේ කරුණක් බවත් පේළි අතර ඇදය තිබීම එහි අඩුවක් හා අසම්පූර්ණත්වයක් බවත් පෙන්වා දුන්හ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්‍යාවක් භාවිතා කළ යුතුය. ඔබ අතරින් කිසිවකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් ජල භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. හේතුව සැබැවින්ම රාත්‍රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ කිසිවෙකු නොදන්නා බැවිනි.” මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක: "ඔබ කිසිවෙකු හෝ නින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සෝදා හරින තෙක් භාජනය තුළට නො ගිල්විය යුතුය. සැබැවින්ම ඔහුගේ අත රාත්‍රියේ තිබුණේ කොතැනක දැයි නොදන්නා බැවිනි."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිරිසිදු කිරීමේ ඇතැම් නීති පැහැදිළි කළහ. ඒවා අතරින්: පළමුවැන්න: කවරෙකු වුළූ ධෝවනය කළේ ද හුස්ම සමග තම නාසය තුළට ජලය ගලන්නට සළස්වා පසුව හුස්ම සමගම එය බැහැර කළ යුතුය. දෙවැන්න (මළ මූත්‍රා කළ පසු) : ඉන් බැහැර වන අපිවිත්ර දෑ පිරිසිදු කිරීමටත් ජලයෙන් තොරව ගල් හෝ එවැනි වෙනත් දෙයකින් එය ඉවත් කිරීමටත් සිතන්නේ නම්, එය ඔත්තේ සංඛ්‍යාවකින් පිරිසිදු කළ යුතුය. එහි අවමය විය යුත්තේ වාර තුනකි. එහි උපරිම වනුයේ බැහැර වන දෑ ඉවත් කර එම ස්ථානය පිරිසිදු කිරීමය. තුන්වැන්න: කවරෙකු රාත්‍රී නින්දෙන් අවදි වූයේ ද, ඔහු වුළූ ධෝවනය සඳහා තම අත් එහි දමන්නට පෙර භාජනයට පිටතින් තුන් වරක් සෝදාගත යුතුය. සැබැවින්ම තම අත් රාත්‍රියේ කොතැනක තිබුණේ දැයි ඔහු නොදන්නා බැවිනි. එවිට අපවිත්‍ර දෑ ගැන බියක් ඇති වේ. ෂෙයිතාන් මිනිසාට හානිදායක හෝ ජලය අපිරිසිදු කරන දෑද එයට එකතු කළ හැක.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”
رواه مسلمසැබැවින්ම මෙලොව භුක්ති විඳින්නට මිහිරිය; දකින්නට හරිතය. එමගින් මිනිසා රැවටෙයි. එහි වැඩි උනන්දුවක් දක්වයි. තම විශාලතම අපේක්ෂාව බවට ඔහු එය පත් කර ගනියි. මෙලොව ජීවිතයේ ඇතැමෙකු විසින් ඇතැමෙකු නියෝජනය කරන ආකාරයෙන් අල්ලාහ් නියම කර ඇත. එය අපි ඔහුට අවනත වී කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අපි ඔහුට පිටුපාන්නේ දැයි ඔහු නිරීක්ෂණය කිරීම සඳහාය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: 'මෙලොව වස්තුව හා එහි අලංකාරය ඔබව මුළා කිරීම ගැන ඔබ ප්‍රවේසම් විය යුතුය. එය අල්ලාහ් ඔබට නියෝග කළ දෑ අත්හැරීමටත් ඔහු තහනම් කළ දෑහි ඇද වැටීමටත් ඔබව පොළොඹවනු ඇත.' මෙලොව අර්බූදවලින් එසේ ප්‍රවේසම් විය යුතු බරපතලම කරුණක් වනුයේ කාන්තා අර් බූදයයි. ඉස්රාඊල් දරුවන් ඇද වැටුනු පළමු අර්බූදය එයයි.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි. ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉන්පසු රකආත් දෙකක් ද; මග්රිබ් සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක් ද; ඉෂා සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක් ද සුබ්හු සලාතයට පෙර රකආත් දෙකක් ද යනාදියෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත නොපිවිසෙන හෝතරාවක් ද එහි විය. හෆ්සා තුමිය මට මෙසේ පවසා සිටියාය: එතුමාණන් මුඅද්දින් අදාන් පවසා අලුයම උදා වූ විට රකආත් දෙකක් ඉටු කරයි. තවත් වාර්තාවක. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආවෙන් පසුව රකආත් දෙකක් ඉටු කරන්නෙකු වූහ."
متفق عليه بجميع رواياتهඅබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැහැදිළි කර සිටියේය. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් දැන හැදෑරූ රකආත් දහයක් ඇත. ඒවා "අස්-සුනන් අර්-රවාතිබ්" (නිරතුරුව ඉටු කරන අතිරේක සලාත්) යැයි කියනු ලැබේ. ලුහර් සලාතයට පෙර රකආත් දෙකක් හා ඉන් පසු රකආත් දෙකක්, මග්රිබ් සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක්, ඉෂා සලාතයට පසු තම නිවසෙහි රකආත් දෙකක්, ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙකක්, සම්පූර්ණ වශයෙන් රකආත් දහයකි. ජුමුආ සලාතය වනාහි, ඉන් පසු රකආත් දෙකක් ඉටු කරනු ලැබේ.
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.
متفق عليهනබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අධික ලෙස තම මුඛය පිරිසිදු කර ගන්නා අයකු වූ අතර ඒ ගැන ජනයාට ද නියෝග කර ඇත. ඇතැම් අවස්ථාවන්හි එය වඩාත් වැදගත් වන්නේය. ඒ අතරින් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අවස්ථාවේ මුඛය පිරිසිදු කර ගැනීම ද එවැනි අවස්ථාවකි. එහි දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිස්වාක් දැහැටියෙන් හොදින් මැද තම මුඛය පිරිසිදු කර ගත්හ.
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් අල් මසානී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණිලි කර සිටියේය. එවිට එතුමා: හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු යැ”යි පවසා සිටියහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉමාම් නවවි තුමා පවසන පරිදි මෙය ඉස්ලාමයේ පොදු නීති මෙන්ම වැදගත් නීති බොහෝමයක් ගොඩ නැගී ඇති මූල ධර්මවලින් එකකි. සැබැවින්ම මූලධර්මය වනුයේ විශ්වසනීය කරුණක් ඇත්නම් එය එහි නීතිය මතම පදනම්ව පැවතීමයි. සැකයක් හෝ කුතුහලයක් පැමිණි වහාම එම සැකය ශක්තිමත් වුව ද දුර්වල වුව ද සැකය ඉහවහා යන තත්ත්වයට හෝ දැඩි විශ්වාසයේ මට්ටමට නොපැමිණෙන තාක් කල් ඉන් වෙනස් නොවිය යුතුය. ඒ සඳහා සැඟවිය නොහැකි උදාහරණ බොහෝමයක් ඇත. මෙම හදීසයත් ඒ අතරින් එකකි. පිරිසිදු භාවය මත දැඩි විශ්වාසයකින් යුතුව මිනිසෙකු සිටින තාක්කල් පසුව කිලිටිභාවය ඇති වූ බවට ඔහුට සැකයක් ඇති වූයේ නම් මූල ධර්මය වනුයේ ඔහු පිරිසිදු තත්ත්වයේ පසුවන බවය. ඊට පටහැනිව කවරෙකුට කිලිටි තත්ත්වයේ පසුවන බව දැඩි විශ්වාසක් තිබී පසුව පිරිසිදුකම ගැන සැකයක් ඇති වූ විට එහි මූල ධර්මය වනුයේ ඔහු කිලිටි තත්ත්වයේ පසුවන බවය. මෙය ඇඳුමක හෝ ස්ථානයක හෝ ද විය හැක. එහි මූල ධර්මය වනුයේ එහි අපිරිසිදුභාවය පිළිබද දැඩි විශ්වාසයක් නොමැති විටෙක එය පිරිසිදු බවය. ඒ අතරින් සලාතයේදී රකආත් ගණනය සම්බන්ධයෙන් පවතින සැකය ද ඇතුළත් වේ. උදාහරණ වශයෙන් යමෙකු තමන් රකආත් තුනක් ඉටු කළ බවට දැඩි විශ්වාසයක් තිබී පසුව සිව්වැනි රකආතය ගැන සැක ඇති වූයේ නම් එහි මූල ධර්මය වනුයේ ඔහු එය ඉටු නොකළ බවය. එවිට සිව්වැනි රකාආතය ඉටු කළ යුතුව ඇත. තම බිරිය දික්කසාද කිරීම විෂයයෙහි ඇති වන සැකය ද මේ අතරින් තවත් එකකි. එහි මූල ධර්මය වනුයේ විවාහය වලංගුව පවතින බවය. මෙසේ සැඟවිය නොහැකි බොහෝ ගැටලු අතර ද මේ මූලධර්මය ක්‍රියාත්මක වන්නේය.
ආඉෂා, අබ්දුල්ලාහ් ඉබ්නු උමර් හා අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සලාතය ඉටු කිරීම සඳහා ඇරයුම් කරනු ලැබ, රාත්‍රී භෝජනය ද ගෙනැවිත් ඇති විටෙක රාත්‍රී භෝජනයෙන් ආරම්භ කරන්න.”
සියලු වාර්තා සම්බන්ධතාවන් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතආහාර හෝ පාන ඉදිරියේ තිබියදී සලාතය සඳහා ඇරයුම් කරනු ලබන විටෙක සලාතය ඉටු කරන්නාගේ ආශාවන් බිඳී යන තෙක් ඒ ගැන මතකය බැඳී නොපවතින පරිදි සලාතය පිළිගැනෙන අයුරින් පළමුව ආහාර පානවලින් ආරම්භ කළ යුතුය. නමුත් සලාතයේ නියමිත වේලාව කෙටි නොවී තිබීම, ඒ සඳහා අවශ්‍යතාවක් පැවතීම හා ආහාරපාන සමග බැඳී සිටීම යනාදිය එහි කොන්දේසි වන්නේය. මෙය පහසුව හා සමාව සමග ආත්ම උරුමය වෙනුවෙන් වූ ෂරීආ පිළිවෙතෙහි පූර්ණභාවය හා එහි සැලකිලිමත්භාවය තහවුරු කරයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන්නෙක් දේවත්වය විශ්වාස කරන්නියක් ගැන ක්‍රෝධයක් ඇති කරගත නො යුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළේ නම්, ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත" යැයි පැවසූහ. එසේ නැතිනම්, “ඒ හැර වෙන දෙයක්“ (යන පද පෙළින්) පවසා ඇත.“
رواه مسلمස්වාමි පුරුෂයා තම බිරියට අපරාධ කරන තරමට, ඇය ව අත්හැර දමන තරමට, ඇය ව ප්‍රතික්ෂේප කරන තරමට ඇය ගැන ක්‍රෝධය ඇති කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. අසම්පූර්ණභාවය මිනිසාගේ සහජ ගතියකි. ඇගෙන් යම් නපුරු ගති ගුණයක් ඔහු පිළිකුල් කළ ද ඇය තුළ ඇති තවත් යහපත් ගුණයක් ඔහු දකිනු ඇත. එබැවින් ඔහුට අනුගත වන යහපත ඇගෙන් ඔහු පිළිගත යුතුය. ඉවසා දරා ගත හැකි, ඇගෙන් වෙන්වන තරමට, ඇයව ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැති නපුරු ගුණාංග අතරින් ඔහු පිළි නොගන්නා නපුරු ගුණාංගයක් ඇය මත වී නම් ඒ කෙරෙහි ඔහු ඉවසා සිටිය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු. එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.
متفق عليهකවරෙකු මලපහ කිරීමට හෝ මූත්‍රා කිරීමට හෝ සිතන්නේ ද ඔහු කඃබා දිශාවෙහි කිබ්ලා දෙසට මුහුණ ලෑම හෝ ඒ දෙසට තම පිටුපස පිහිටන අයුරින් පසුපස ලෑම හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ. එමෙන්ම ඔහුගේ කිබ්ලාව මදීනා වැසියන්ගේ කිබ්ලා දිශාව මෙන් පිහිටා තිබේ නම්, ඔහු නැගෙනහිර හෝ බටහිර දිශාවට හැරිය යුතු ය. පසුව අබූ අය්යූබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: ඇත්තෙන්ම ඔවුන් සිරියාවට පැමිණි කල්හි, එහි තම අවශ්‍යතා ඉටු කිරීම සඳහා කඃබා දිශාවට මුහුණ ලා තනන ලද වැසිකිලි දකින්නට විය. එවිට ඔවුහු ඔවුන්ගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටි අතර ඒ සමගම ඔවුහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටියහ.