





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”
متفق عليهඑක් යුධමය අවස්ථාවක ඝාතනය කරනු ලැබූ කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුටුහ. පසුව කාන්තාවන් හා වැඩිවියට පත් නොවූ කුඩා පිරිමි දරුවන් ඝාතනය කිරීම එතුමාණෝ හෙළා දුටුහ.
අබූ සඃලබා අල්-හුෂ්නී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ආගම් ලත් ජනයා වෙසෙන භූමියක සිටිමු. එබැවින් ඔවුන්ගේ භාජනවල අප අනුභව කළ හැකි ද? එමෙන්ම දඬයම් භූමියක සිටිමු. මාගේ දුන්නෙන් ද පුහුණු කරනු නොලැබූ මාගේ සුනඛයකුගෙන් ද පුහුණු කරනු ලැබූ මාගේ සුනඛයකුගෙන් ද දඬයම් කරමි. ඒ අනුව මට නිවැරදි වන්නේ කුමක් දැ? විමසා සිටියෙමි. එතුමා මෙසේ පැවසීය. “ඔබ පැවසූ දෑ වනාහි, -එනම් ආගම් ලත් ජනයාගේ භාජන වනාහි- ඒ හැර වෙනත් දෑ නුඹලා ලැබුවෙහු නම් ඒවායෙහි නුඹලා අනුභව නොකරනු. වෙනත් ඒවා නොලැබුවෙහු නම් ඒවා සෝදා එහි අනුභව කරනු. ඔබේ දුන්නෙන් දඬයම් කළ දෑ වනාහි, ඒ මත ඔබ බිස්මිල්ලාහ් යැයි අල්ලාහ්ගේ නාමය පවසා ඇත්නම් එය අනුභව කරනු. පුහුණු කරන ලද ඔබේ සුනඛයා මගින් දඬයම් කළ දෑ වනාහි ඒ මත ඔබ බිස්මිල්ලාහ් යැයි අල්ලාහ්ගේ නාමය පවසා ඇත්නම් අනුභව කරනු. පුහුණු කරනු නොලැබූ ඔබේ සුනඛයාගෙන් ඔබ දඬයම් කර ඇත්නම් ඔබට එය කැපීමට ලැබුණේ නම් අනුභව කරනු.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබූ සඃලබා (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ‘සැබැවින්ම තමන් ආගම් ලත් ජනයා වෙසෙන ප්‍රදේශයක් අසළ ජීවත් වීම හේතුවෙන් තමන් පිරික්සුමට ලක් වන බව මතක් කර සිටියේය. මෙහි ආගම් ලත් ජනයා යනුවෙන් අදහස් කරනුයේ යුදෙව්වන් හා කිතුනුවන්ය. ඔවුන්ගේ භාජනවල අපිරිසිදුභාවය සමග ඒවායෙහි අනුභව කිරීම ඔවුනට අනුමත වන්නේදැ?යි හෙතෙම විමසා සිටියේය. එහි අනුභව කිරීම අනුමත යැයි එතුමා ඔහුට තීන්දු පිරිනැමීය. එය භාවිතා කිරීමට වඩාත්ම උචිත වනුයේ ආහාර නොවන දෑහි කොන්දේසි දෙකක් මතය. 1- ඒ හැර වෙනත් දෙයක් ඔවුහු නොලැබීම හා 2- එය ඔවුන් සේදීමය. තවදුරටත් තමන් දඬයම් භූමියක වෙනෙස බවත් තමන්ගේ දුන්නෙන්, දඬයම් කිරීමට පුහුණ කරන ලද ඒ සඳහා විනය කියා දෙන ලද තම සුනඛයාගෙන් හා එසේ පුහුණු කරනු නොලැබූ තමන්ගේ සුනඛයාගෙන් දඬයම් කිරීමට සිදු වන බවත් තමන්ට වඩාත් සුදුසු වන්නේ කුමක් ද? මෙම දඬයම් ආයුධ අතරින් අනුමත වන්නේ කුමක් ද? යන්නත් විමසා සිටියේය. දුන්නෙන් දඬයම් කරන ලද දෑ වනාහි, ඊතලය විඳින විට ඒ මත අල්ලාහ්ගේ නාමය සඳහන් කිරීමේ කොන්දේසිය මත අනුමත වන්නේය. සුනඛයින් දඬයම් කළ දෑ වනාහි ඌ පුහුණු කරනු ලැබූවෙකු නම් ඌ එවා සිටින අවස්ථාවේ අල්ලාහ්ගේ නාමය සඳහන් කළ විට එය ද අනුමත වන්නේය. පුහුණු කරනු නොලැබූ දෑ වනාහි ඌ දඬයම් කිරීම අනුමත නොවෙයි. නමුත් මිනිසා එය ජීවීව ලබා ආගමානුකූලව කපා හැරියේනම් අනුමත වන්නේය.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”
متفق عليهභාරහාර තැබීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එනම් දහම තමන් වෙත අනිවාර්යය නො කළ දෙයක් තමන් වෙත මිනිසා අනිවාර්යයකර ගැනීමය. සැබැවින්ම එම භාරහාරය කිසිවක් ඉක්මන් කරන්නේ හෝ ප්‍රමාද කරන්නේවත් හෝ නැත. එමගින් මතුවනුයේ අනිවාර්යය දෑ හැර වෙනත් කිසිවක් නො කරන මසුරෙකු පමණි. සැබැවින්ම භාරහාර තැබීම පෙර නියමය තුළ නොතිබූ කිසිවක් ගෙන එන්නේ නැත.
අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අෂ්අරී ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණ, ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියෙමි. එවිට එතුමාණෝ, "අල්ලාහ් මත දිවුරා, මා ඔබට ප්‍රවාහන පහසුකම් සලසා නොදෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නට මා ළඟ කිසිවක් නැත." යැයි පැවසූහ. අල්ලාහ් අභිමත කරන තෙක් අපි රැඳී සිටියෙමු. පසුව එතුමාණන් වෙත ඔටුවන් ගෙන එන ලදී. දැකුම් කළු ඔටුවන් තිදෙනෙකු එතුමාණෝ අපට නියම කළහ. පසුව අපි හැරී ගමන් ගත් කල්හි අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුට 'අල්ලාහ් අපට අභිවෘද්ධිය සළසා නොදෙත්වා. අපි අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටි විට, එතුමාණන් දිවුරා අප වෙත ප්‍රවාහන පහසුකම් නො දෙන බව පවසා, පසුව අපට ප්‍රවාහන පහසුකම් සළසා ඇත.' යැයි පවසා සිටියෝය. අබූ මූසා තුමා තවදුරටත් මෙසේ දන්වා සිටියේය: පසුව අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ ගැන එතුමාණන්ට සඳහන් කළෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මම ඔබට ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ අල්ලාහ් ය. අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”
متفق عليهඅබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි. ඔවුන් නැග යන්නට ඔටුවෙකු ඔවුන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිනැමීමේ අපේක්ෂාවෙන් හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන් වෙත තම ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණියේය. එය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා සහභාගී වීමට ය. පසුව එතුමාණෝ ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට ප්‍රවාහන පහසුකම් සළසා දිය නොහැකි බවත් ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා වන කිසිවක් තමන් සතුව නැති බවත් එතුමාණෝ දිවුරා පවසා සිටියහ. පසු ව ඔවුහු නැවත හැරී ගොස් ටික කලක් රැඳී සිටියහ. අනතුරුව ඔටුවන් තිදෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගෙන එන ලදී. පසු ව එතුමාණෝ ඒවා ඔවුන් වෙත යැවූහ. එවිට ඔවුන් අතරින් ඇතෙමෙක් ඇතැමෙකුට: 'මෙම ඔටුවා තුළ අල්ලාහ් අපට සමෘද්ධිය පිහිටුවා නැත. ඊට හේතුව අපට ප්‍රවාහන පහසුකම් දෙන්නට නො හැකි බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා ඇති බැවිනි.' යැයි කීය. පසුව ඔවුහු එතුමාණන් වෙත පැමිණ එතුමාණන් ගෙන් මෙසේ විමසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: "ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ උත්තරීතර අල්ලාහ්ය. ආශිර්වාද කොට පෝෂණය සළසන්නා ඔහුය. සැබැවින්ම මම වනාහි මාගේ දෑතින් එය ක්‍රියාත්මක වීමට හේතු සාධක වූ කාරණාවක් පමණි." යැයි පැවසුහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: "සැබැවින්ම මම අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් අභිමත කළේ නම් යමක් මා කිරීමට හෝ එය මා අත්හැරීමට හෝ දිවුරා පසුව එසේ දිවුරා සිටි දෑ නොවන, ඊට වඩා වෙනත් යහපත් හා ශ්‍රේෂ්ඨ යමක් දුටුවේ නම් එම ශ්‍රේෂ්ඨ දෑ ඉටු කර, දිවුරා සිටි දෑ අත්හැර දමා මාගේ දිවුරුම වෙනුවෙන් සමාව අයැද සිටිමි." යැයි පැවසුහ.
අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නිර්භීතව සටන් වදින, ප්‍රදර්ශන නිරීම සඳහා සටන් වදින සහ කුහක කමින් සටන් වදින මිනිසා පිළිබඳව සඳහන් කර, එයින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමක් වනුයේ කවර කරුණක් දැයි? අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ.
متفق عليهසටන්කරුවන් දෙදෙනෙකුගේ අරමුණුවල ඇති වෙනස ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන් විමසන ලදී. එනම් කවරෙකු නිර්භීතකම හෝ ප්‍රදර්ශන කිරීමට හෝ මිනිසුන් අතර යම් නිලයක් ලබන්නට අපේක්ෂාවෙන් හෝ වෙනත් අරමුණු උදෙසා හෝ සටන් වදින්නේ ද එවැන්නන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ පිහිටනුයේ කවර කරුණක සටන් වදින්නාද? යැයි විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා යනු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස සටන් කරන්නාය" යැයි දන්වා සිටියහ.
සාබිත් ඉබ්නු අල්-ලහ්හාක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඔහු ගස යට සිට අල්ලාහ්ගේ දූතයාණන්හට ප්‍රතිඥා දුන්නේය. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූහ. “ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්‍යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම විය. කවරෙකු යම් දෙයකින් සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ අයුරින් දඬුවම් කරනු ලබනු ඇත. තමන්ට අයිති නොවන දෙයක භාරහාර තැබිම පුද්ගලයකුට සුදුසු නොවනු ඇත.” තවත් වාර්තාවක: “දේවත්වය විශ්වාස කළ අයට දොස් නැගීම ඔහුව ඝාතනය කළාක් මෙනි.” තවත් වාර්තාවක, ‘කවරෙකු බොරු වාදයක් තුළින් අධික කර ගැනීම උදෙසා තර්ක කළේ ද ගෞරවනීය අල්ලාහ් පහත් බව මිස වෙනකක් ඔහුට වර්ධනය කරන්නේ නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහුදෙයිබා දින ගස යට සිට රිළ්වාන් ප්‍රතිඥාව දිවුරුම් දුන් අය අරතින් කෙනෙකු වූ සාබිත් බින් අල්-ලහ්හාක් අල්-අන්සාරි තුමා නබි (සල්ලලල්හු අලෙයිහි වසල්ලම්) තුමාණන් අදහස් දැක්වූ දෑ පිළිබඳ මෙසේ වාර්තා කළේය. ‘මේ මේ දෑ සිදු වූයේ නම් එවිට තමන් යුදෙව්වෙකි, කිතුනුවෙකි, අග්නි ලබ්ධිකයෙකි යනුවෙන් හෝ දේව ප්රතික්ෂේපකයකි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගෙන් ඉවත් වූවෙකි’ යනුවෙන් පවසන්නාක් මෙන් ඉස්ලාම් පිළිවෙත නොවන දිවුරුමක් මත ව්‍යාජ ලෙස උවමනාවෙන්ම කවරෙකු දිවුරා සිටියේද ඔහු කවර දේව ප්‍රතික්ෂේපිත පිළිවෙතක් වෙත තමන්ව සම්බන්ධ කළේ ද එය මෙන්ම ඔහු විය. අසිපතකින් හෝ පිහියකින් හෝ තුවක්කුවකින් හෝ ඝාතනය කළ හැකි වෙනත් ආයුධයකින් හෝ වේවා එවැනි යම් දෙයකින් කවරෙකු සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු එමගින් දඬුවම් කරනු ලබනු ඇත. කවරෙකු තමන්ට අයිති නොමැති යමක් උදාහරණ වශයෙන් මේ පුද්ගලයාගේ වහලා නිදහස් කරන බවට හෝ මේ පුද්ගලයාගේ ධනයෙන් කොටසක් පරිත්‍යාග කරන බවට තමන්ට අයිති නැති දෙයක් භාරහාර වශයෙන් තබන්නේ ද සැබැවින්ම එම භාරය වලංගු නොවන නිෂ්ඵල දෙයක් වන්නේය. ඊට හේතුව එහි නියම ස්ථානය ලබා නැති බැවින් හා එහි නියම ස්ථානය අනුමත නොවන බැවිණි. කවරෙකු දේව විශ්වාසියෙකුට දොස් නැගුවේ ද ඔහු ඔහුව ඝාතනය කළාක් මෙනි. ඊට හේතුව දොස් නගන්නා හා ඝාතකයා අල්ලාහ්ගේ තහනම උල්ලංඝණය කරමින් පාපය උපයාගෙන ගෙන දඬුවමට සුදුස්සකු වී ඇති බැවිණි. කවරෙකු තමන් සතුව නැති ධනය, දැනුම, පෙළපත, ගෞරවය, නිලය හෝ වෙනත් යම් දෙයක් සම්බන්ධව බොරුවට වාද කරමින් අහංකාර පාමින් අධිකත්වය සොයන්නේ ද ඔහුට අවමානය හා පහත්බව මිස අල්ලාහ් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම තමන් තුළ නැති දෙයකින් තමන්ව ඔසවා තබන්නට ඔහු සිතූ බැවිනි. එහෙයින් ඔහු අපේක්ෂා කරන වර්ගයෙන්ම ඔහුගේ ප්රතිවිපාකය පිහිටනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."
متفق عليهමුඅද්දින්ගේ ඇරයුමට සවන් දුන් විටෙක, එයට පිළිතුරු දීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය වාක්‍යයෙන් වාක්‍යය ඔහු පවසන පරිදිම පැවසීමෙනි. ඒ අනුව ඔහු 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පවසන විට, ඔහුගෙන් පසුව අප ද තක්බීර් පැවසීම, සාක්ෂියේ ප්‍රකාශ දෙක පවසන විට, ඔහුගෙන් පසුව අප ද ඒ දෙක පවසා සිටිය යුතුයි. නමුත් "හය්ය අලස් සලාහ්, හය්ය අලල් ෆලාහ්" යන ප්‍රකාශයට දෙනු ලබන පිළිතුර වෙනස්ය. ඒ දෙකින් පසුව 'ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්' යනුවෙන් පවසනු ලැබේ.
අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම එක් ගමනක වුළූ ධෝවනය කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙපා සේදීමට ගිය විට, මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමාණන් එතුමාණන්ගේ දෙපා සෝදා ගැනීම සඳහා එතුමාණන් පැළඳ සිටි හමින් සාදන ලද පාවහන් දෙක ගැලවීමට තම දෑත් දිගු කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: ඒ දෙක අත්හරින්න. ඒ දෙක ගළවන්න එපා. සැබැවින්ම මාගේ දෙපා මා ඒ දෙක තුළට ඇතුළු කළේ පිරිසිදු තත්ත්වයේ සිටිය දීය යැයි පවසා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දෙපා සේදීම වෙනුවට හමින් සාදන ලද එතුමාණන්ගේ පාවහන් දෙක මත ජලයෙන් පිරිමැද්දහ.
සැබැවින්ම ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසා සිටි බව මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මම ඔසප් තත්ත්වයට පත් වී, පිරිසිදු තත්ත්වය නොලබමි. එබැවින්ම මම සලාතය අතහරින්නද? යැයි විමසුවාය. එතුමා: ‘නැත, සැබැවින්ම එය අසහනයකි. නමුත් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලාතය අතහරින්න. පසුව ස්නානය කොට සලාතය ඉටු කරන්න.” යැයි පැවසූහ.
متفق عليهෆාතිමා බින්ත් හුබෙයිෂ් තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන්, 'සැබැවින්ම මම ඔසප් තත්ත්වය නතර නොවන කතකි. ඔසප් නොවන කාලවල පවා අඛණ්ඩව එම තත්ත්වය පවතී. එහෙයින් එහි නීතියත් ඔසප් තත්ත්වයේ නීතියට සමාන ද? මම සලාතය අත්හරින්න ද?' යැයි විමසුවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇයට එය ඉස්තිහාළා හෙවත් ව්‍යාධිජනක රුධිරයයි. එය ගර්භාෂයෙන් හට ගන්නා ව්‍යාධිජනක රුධිරය මිස ඔසප් රුධිරය නොවේ. ව්‍යාධිජනක රුධිර වහනයට පෙර සුපරුදු පරිදි මාසික ඔසප් කාලය පැමිණි විටෙක, සලාතය උපවාසය හා ඔසප් කාලය තුළ ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන්ට තහනම් කරන ලද අනෙකුත් දෑ ද ඔබ අත්හැර දැමිය යුතුය. මෙම කාල පරිච්ඡේදය අවසන් වූ විටෙක, ඔබ ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වන්නෙහිය. එවිට ඔබ රුධිර වහනය වන ස්ථානය සෝදා, කිලිට්ටෙන් ඉවත් වීම සඳහා ඔබේ ශරීරය ද සම්පූර්ණයෙන් සෝදා පසුව සලාතය ඉටු කළ යුතුය.