





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අලී ඉබ්නු අබූ තාලිබ් තුමා හා මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතුරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතසලාතය මෙහෙයවන ඉමාම් සිටගත් ඉරියව්වේ හෝ රුකූහි හෝ සුජූද්හි හෝ වාඩි වී හෝ සිටින තත්ත්වයක ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, ඉමාම්වරයා කියාම් හෝ රුකූ හෝ ඒ හැර වෙනත් කවර ඉරියව්වක සිටියද එහි ඉමාම්ට අනුකූලව කටයුතු කරත්වා. පොදු ඇතැම් පොදු ජනයින් ක්‍රියා කරන්නාක් මෙන් ඉමාම් නැගී සිටින තෙක් බලාපොරොත්තුවෙන් නොසිටිය යුතුය.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ. එනම්: “නියත වශයෙන්ම සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අපි ඔහුගෙන් උදව් පතමු. ඔහුගෙන් සමාව අයැදිමු. අපගේ ආත්මාවන්හි නපුරුකම්වලින් ආරක්ෂාව ඔහුගෙන් පතමු. අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වන්නේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. නැමදුමට සුද්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි.” “අහෝ මිනිසුනි! එක ම ආත්මයකින් නුඹලා ව මවා, එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේ ඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.” (සූරා අන්-නිසා: 1) “අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.” (ආලු ඉම්රාන්: 102) "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශයෙන් ප්‍රකාශ කරනු. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය. (අල්-අහ්සාබ් 70-71)
رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمدඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ තමන්ට ඉගැන්වූ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටීය. එනම්: විවාහ දේශනය, ජුමුආ දේශනය හා එවැනි වෙනත් දේශන හා අවශ්‍යතා හමුවේ ප්‍රකාශය ආරම්භ කරන අවස්ථාවේ කියනු ලබන දෑය. සියලුම ප්‍රශංසා ලබන්නට සුදුස්සා අල්ලාහ් බව පැහැදිලි කිරීම, කිසිදු හවුල්කරුවකු නොමැති ඔහුගෙන් උදව් පැතීම, පාපකම් වසන් කරන මෙන් හා ඒවාට සමාව පැතීම, සිතෙහි හා වෙනත් දෑහි ඇතිවන සියලුම හානිදායක දැයින් ආරක්ෂාව ලබා ඔහු වෙත යොමු වීම යනාදී වැදගත් අර්ථ මත මෙම දේශනාව අන්තර්ගත වී ඇත. සැබැවින්ම මඟ පෙන්වීම අල්ලාහ් සතුය. එහෙයින් ඔහු කවරෙකුට යහමග පෙන්වූයේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. පසුව නැමදුමට සුදුස් අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවටත් කෙරෙන සාක්ෂියේ ප්‍රකාශ මෙනෙහි කළහ. සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තියෙන් කටයුතු කිරීම, අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම, කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද ඔහුගේ ප්‍රතිඵලය වශයෙන් ක්‍රියා හා ප්‍රකාශ විධිමත් වීම, එය නපුරුකම්වලට ප්‍රතිකර්මයක් වීම, පාපකම්වලට සමාව ලැබීම, මෙලොව යහපත් ජීවිතයක් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගය ලබා, ජය අත්පත් කර ගැනීම යනාදී කරුණු අන්තර්ගත වූ පාඨ තුනකින් මෙම දේශනය අවසන් කෙරෙයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
رواه أبو داود والترمذي وابن ماجه وأحمدකාන්තාවකගේ විවාහය, භාරකරුවකු විසින් සිදු කරනු ලබන විවාහ ගිවිසුමක් හරහා මිස වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. “කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් සොයා ගනු ඇත.”
رواه البخاريදේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඉවත්ව ගිවිසුමක් හා ආරක්ෂාවක් ඇතිව ඉස්ලාමයේ නිවහනට පිවිසුණු අයකු කවරෙකු විසින් මරා දමනු ලැබුවෙ ද ඔහු කිසිවිටෙක ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන බවත් එම ගන්ධය වසර හතළිහක් ගමන් කරන දුරින් පිහිටන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩිසේ අවවාද කරමින් පැහැදිලි කර සිටියි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
رواه الترمذي وأحمدඅල්ලස් දෙන්නාට, අල්ලාස් ගන්නාට හා එය ලබා ගන්නාට එරෙහිව ඔවුන් අල්ලාහ්ගේ දයාවෙන් නෙරපා හැරීමටත් ඉවත් කිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. තමාට අවශ්‍ය දේ, අසාධාරණ ලෙස ලබා ගැනීම පිණිස විනිසුරුවරුන් දෙන තීන්දුවේදී අපක්ෂපාතීව කටයුතු කිරීම සඳහා ඔවුනට අල්ලස් වශයෙන් ගෙවනු ලබන දෑද මේ අතරට ඇතුළත් වේ.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මක්කාවේ සිට මදීනාව බලා නැවත පැමිණෙමින් සිටියෙමු. මාර්ගයේ ජලය ඇති ස්ථානයක් අසළට පැමිණි විට අසර් සලාතය සඳහා පිරිස ඉක්මන් වූහ. කඩිමිඩියේම ඔවුන් වුළූ දෝවනය කළහ. අපි ද අවසන් කොට ඔවුන් වෙත සේන්දු වූයෙමු. ජලය නොතැවරුනු ඔවුන්ගේ විළුඹු දිස් වන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එම විළුඹු හිමියන්ට අපා ගින්නේ විනාශය අත්වේවා! ඔබ වුළූ දෝවනය පූර්ණවත් කරනු මැනව" යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මක්කාවේ සිට මදීනාව දක්වා තම සහාබාවරුන් සමග ගමන් ගත්හ. ඔවුන් එන මාර්ගයේ ජලය හමු වූහ. ඇතැම් සහාබාවරු අසර් සලාතය සඳහා කඩිමඩියේ වුළු ගන්නට ආරම්භ කළහ. ඔවුන්ගේ පාදවල ජලය නොතැවරුණු වියළී ගිය තැන් ද දකින්නට විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ගන්නා අවස්ථාවේ පසුපස පාද සේදීමේදී අඩුපාඩු ඇති කළවුනට අපා ගින්නේ විනාශය හා දඬුවම අත්වේවා යැයි පවසා වුළූ දෝවනය සම්පූර්ණ කිරීමේදී පූර්ණවත්ව ඉටු කරන මෙන් ඔවුනට නියෝග කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද. පසු ව ඔහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පවසන්නේ ද, ඔහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව ඔහු 'හය්ය අලස් සලාත්' යැයි පැවසූ විට, මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද පසුව ඔහු 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසූ විට මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට, මොහු 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද, පසු ව ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි සිතින් පවසන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
رواه مسلمඅදාන් යනු සලාතයේ වේලාව පැමිණ ඇති බවට කෙරෙන දැනුම් දීමයි. අදාන්හි ඇතුළත් වදන් පෙළ විශ්වාසය හා බැඳුනු සංකල්පය මත ගොනු වූ වදන් පෙළකි. අදානයට සවන් දෙන අවස්ථාවේ පිළිපැදිය යුතු ආගමික පිළිවෙත ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම හදීසයේ සඳහන් කර ඇත. එනම් අදාන් ඇරයුම කරන මුඅද්දින් පවසනවාක් මෙන් ම සවන් දෙන්නා ද පැවසීමය. මුඅද්දින් "අල්ලාහු අක්බර්" යැයි පවසන විට, සවන් දෙන්නා ද අල්ලාහු අක්බර් යැයි පවසයි. මෙලෙස අනෙකුත් පද වල ද අනුගමනය කෙරේ. නමුත් මුඅද්දින් "හය්ය අලස් සලාත්", "හය්ය අලල් ෆලාහ්" යැයි පවසන විට, සවන් දෙන්නා "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යැයි පවසයි. මුඅද්දින් සමගම අවංක ලෙස තම හදවතින්ම එයට පිළිතුරු දෙන්නා ස්වර්ග උයනට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. අදාන්හි පදවල තේරුම: "අල්ලාහු අක්බර්" එනම්, සැබැවින්ම සුවිශුද්ධයාණන් සියලු දෑට වඩා තේජාන්විතය; අති කීර්තිමත්ය; අති ශ්‍රේෂ්ඨය. "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්" එනම්, සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. "අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්" එනම්: සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සර්වබලධාරී අල්ලාහ් විසින් එවූ ඔහුගේ දූතයා බව මාගේ දිවෙන් හා මාගේ හදවතින් පිළිගෙන සාක්ෂි දරමි. යන්නයි. එතුමාණන්ට අවනත වීම අනිවාර්යය වෙයි. "හය්ය අලස් සලාත්" එනම්: සලාතය වෙත පැමිණෙන්න යන්නයි. "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යන සවන් දෙන්නාගේ ප්‍රකාශ වනාහි: සර්වබලධාරී අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මිස කීකරුකමට ඇති බාධාවලින් මිදීමට මගක් නැත, එය කිරීමට බලයක් නැත, කිසිවක් කිරීමට හැකියාවක් නැත යන්නයි. "හය්ය අලල් ෆලාහ්" එනම්: ජයග්‍රහණයේ සාධක වෙත පැමිණෙන්න. එය ස්වර්ගයේ සාර්ථකත්වය හා අපා ගින්නෙන් මිදීමය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)
متفق عليهසලාතයේ වේලාව අතපසු වී යන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු කිරීමට අමතක වූ තැනැත්තා එය මතක් වූ වහාම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවත් යුහුසුළු විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය අත්හැරීමේ පාපයට, මතක් වූ වහාම එය ඉටු කිරීම හැර වෙනත් ප්‍රතිකර් මයක් හා පිළියමක් නැත. අල්ලාහ් ශුද්ධ වූ අල්කුර් ආනයේ මෙසේ පවසයි: "මා මතක් වූ විට ඔබ සලාත් ඉටු කරන්න." (තාහා: 14) එනම්: අමතක වූ සලාතය එය මතක් වූ විට ඉටු කරන්න යන්නයි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සෑම රමළාන් මාසයකම දින දහයක් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එතුමාගේ ජීවිතය අත්පත් කරගනු ලැබූ වසරේදී එතුමා දින විස්සක් ඉඃතිකාෆ්හි යෙදුණහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රමළාන් මාසයකම අල්ලාහ් නැමදීම සඳහා දින දහයක් වෙන්කර ගනිමින් මස්ජිදයේ ලැඟුම් ගත්හ. ලයිලතුල් කද්ර් රාත්‍රිය හිමි කර ගැනීමේ ආශාවෙන් එහි මැද දින දහයේ ඉඃතිකාෆ්හි නිරතවුණු අතර සැබැවින්ම එම රාත්‍රිය එහි අවසන් දින දහයේ ඇති බව දැනගත් කල්හි එහි ඉඃතිකාෆ්හි නිරත වන්නට පටන් ගත්හ. පසුව එතුමා මිය ගිය වසරේ අමතර වශයෙන් අල්ලාහ් වෙත සමීප වන්නටත් ඔහුට අවනත වන්නටත් දින විස්සක් ඉඃතිකාෆ් සඳහා වෙන් කළහ.