





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-කසරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි. ඔහුගේ වගකීම තුළ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැත. ඔහුගේ වගකීම තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්‍රශ්න කර සිටියේ ද ඔහු ඔහුව ග්‍රහණය කර මුණින් අත පෙරළා අපා ගින්නට ඇදගෙන යනු ඇත.”
رواه مسلمකවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේ ද ඔහු අල්ලාහ්ගේ වගකීම, රැකවරණය හා ආරක්ෂාව තුළ සිටින බවත්, ඔහු ව අල්ලාහ් ආරක්ෂා කොට ඔහුට උදව් කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පසුව මෙම ගිවිසුම කඩ කිරීම හා එය නිෂ්ඵල කිරීම ගැන එතුමාණෝ අවවාද කළහ. එය ෆජර් සලාතය අත්හැරීමෙන් විය හැක. එසේ නැතහොත් සලාත් ඉටු කරන්නාට බාධා කිරීමෙන් හා ඔහුට විරුද්ධ වීමෙන් විය හැක. කවරෙකු එලෙස කටයුතු කළේ ද ඔහු එම බැඳීම විනාශ කළේය. අල්ලාහ් ඔහුගෙන් අපේක්ෂා කරන ඔහුගේ අයිතිය ගැන ඔහු නොසළකා හැරිය බැවින් එම දැඩි අවවාදයට ඔහු සුදුසුකම් ලබනු ඇත. කවරෙකුගෙන් අල්ලාහ් අපේක්ෂා කළේ ද ඔහුව ග්‍රහණය කර පසුව අපා ගින්නේ මුණිනතට හෙළනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සදකා හෙවත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. සමාව දීම තුළින් අල්ලාහ් ගැත්තාට ගෞරවය මිස වෙනකක් වැඩි කරන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද, කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.”
رواه مسلمසැබැවින්ම සදකාව ධනය අඩු කරන්නේ නැත. එය ඇතිවන විපත්ති වළක්වාලයි. ඒ වෙනුවට අදාළ තැනැත්තාට ශ්‍රේෂ්ඨ මහඟු ප්‍රතිඵල අල්ලාහ් පිරිනමයි. එය වැඩියෙන් මිස අඩුවෙන් නොවනු ඇත. පළිගැනීමට හෝ අදාල පුද්ගලයාට දඬුවම් කිරීමට හැකියාව තිබියදීත් සමාව දීම ශක්තිය හා ගෞරවය වැඩි කරනු මිස නැත. කිසිවකුට බිය නිසාවෙන් හෝ ඔහුට කරන බලපෑමක් නිසාවෙන් හෝ යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන නිසාවෙන් හෝ නොව අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පමණක් කිසිවකු නිහතමානී වීම හා පහත් වීම ඔහුගේ ප්‍රතිඵල උසස් හා ගෞරවණීය වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
رواه أبو داود والترمذي وأحمدජනයා අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා තම ගුණ යහපත් බවින් දැහැමි තැනැත්තාය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ සිනහමුසු මුහුණින්, යහප හැසිරීමෙන්, හොඳින් කථා කිරීමෙන් සහ හිංසනය වැළැක්වීමෙන් වේ. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා නුඹලා අතර තම බිරියන්, දියණියන්, සහෝදර සහෝදරියන් හා හිතවතුන්ට ශ්‍රේෂ්ඨ තැනැත්තාය. ඊට හේතුව සැබැවින්ම මොවුන් යහපත් ගතිගුණවලින් ආශ්‍රය කිරීම සඳහා වඩාත් සුදුසුම තැනැත්තන් වන බැවිනි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය."
رواه مسلمසැබැවින්ම මෙලොව වනාහි, එහි ඇති දෑ ටික කලකට භුක්ති විඳිනු ලබන අතර පසුව ඒවා ඉවත්ව යයි. සැබැවින්ම එසේ භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ දැහැමි කාන්තාවය. ස්වාමිපුරුෂයා ඇය වෙත බලන විට ඇය ඔහුව සතුටු කරයි. ඇයට අණ කළ විට ඇය අවනත වෙයි. ඇයගෙන් දුරස් වූ විට ඔහුව ඇය තුළ ආරක්ෂා කරන අතර ඔහුගේ ධනය ද ඇය ආරක්ෂා කරනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ."
متفق عليهඋත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියි. එනම්, ඔහු: "අහෝ ආදම්ගේ පුතුනි! -ඔබ අනිවාර්යය මෙන්ම සතුටුදායක වියහියදම්- වියදම් කරන්න. ඔබට සමෘද්ධිය ඇති කරනු ලබන අතර ඒ වෙනුවට ඔබට අධිකව පිරිනමනු ලැබේ. එමෙන්ම ඔබට එහි අභීවෘද්ධිය ද ඇති කරනු ලැබේ."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.”
متفق عليهඉටු කිරීමට වඩාත් වැදගත්ම කොන්දේසිය වනුයේ කාන්තාව සමග පහස විඳීමට අනුමත කර ගැනීමේ දී හේතුවූ දෑ ඉටු කිරීමයි. එනම් විවාහ ගිවිසුමක බිරියට අවශ්‍ය අනුමත කොන්දේසියයි.
අබූ සුබෙයිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම සෑම සලාතයකටම පසුව සලාම් පවසන අවස්ථාවේ එතුමා මෙසේ පවසන්නට වූහ. “ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.” තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම සලාතයකට පසුවම මෙසේ තහ්ලීල් පවසන්නෙකු ලෙස සිටයහැයි මෙතුමා තවදුරටත් පවසා සිටියහ.
رواه مسلمසෑම අනිවාර්යය සලාතයකම සලාම් කීමෙන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙම මහඟු අනුවාදය තුළින් අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරන්නෙකු වූහ. එහි තේරුම: “ලා ඉලාහ ඉල්ලල්ලාහු" සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. "වහ්දහූ ලා ෂරීක ලහූ" (ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත.) එනම්: ඔහුගේ දේවත්වය, ඔහුගේ පරිපාලනත්වය, ඔහුගේ නාම හා ගුණාංග වල ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැත. "ලහුල් මුල්කු" (සියලු බලතල ඔහු සතුය.) එනම්: නිරපේක්ෂ, විශ්වීය සහ පුළුල් ආධිපත්‍යය ඔහු සතුය. අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑහි ආධිපත්‍යය ඔහු සතුය. "වලහුල් හම්දු" ප්‍රශංසා සියල්ල ඔහුටමය. එනම්: ඔහු පූර්ණවත් ගුණාංගවලින් වර්ණනා කරනු ලබන්නාය. දුක හා සතුට යන සෑම අවස්ථාවකම ඔහුට ආදරය දැක්වීමෙන් හා ගරු බුහුමන් කිරීමෙන් ඔහු පූර්ණවත් ලෙස ප්‍රශංසාලාබීය. "වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" (සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය.) එනම්: ඔහුගේ බලය පූර්ණවත්ය. සෑම ආකාරයකින්ම පරිපූර්ණවත්ය. කිසිවක් ඔහුට අපොහොසත් වන්නේ නැත. කිසිදු කරුණක් ඔහුව වළක්වන්නේ ද නැත. "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි" (අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් හෝ නොමැත.) එනම්: අල්ලාහ්ගෙන් තොරව, එක් තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වීමට, අල්ලාහ්ට පිටුපෑමෙන් ඔහුට අවනත වීම සඳහා හැරීමට හැකියාවක් හෝ ශක්තියක් හෝ නැත. ඔහු උපකාර කරන්නාය. සියලු පැවරුම් ඔහු මත පැවරේ. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු" (ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු.) මෙය දේවත්වයේ අර්ථය සහතික කරමින් බහුදේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. සැබැවින්ම ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු සුදුසු නැත. "ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ" (සියලු දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වය ද ඔහු සතුය.) එනම්: ආශිර්වාද බිහි කර ඒවා තමන් සතුව තබා ඇත්තාය. ඔහු අභිමත කරන ගැත්තන් හට එමගින් ඔහු ආශිර්වාද කරනු ඇත. "වලහුල් සනාඋල් හසන්" (උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය.) එනම්, ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග, ඔහුගේ ක්‍රියාවන් හා ඔහුගේ ආශිර්වාදයන් මත හා සියලු වාතාවරණයන් මත උතුම් වූ උපහාරය ඔහුටම හිමිය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන” (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. අවංකයින් ලෙස ඔහුටම දහම පුද කරමු.) එනම්: අල්ලාහ්ට අවනත වීමෙහි කිසිදු මුහුණිච්චාවක් හෝ ප්‍රදර්ශණය කිරීමකින් තොරව ඒකීයත්වයට පත් කරන්නන් ලෙසින්. "වලව් කරිහල් කාෆිරූන්” (ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද) එනම්: දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද, අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමෙහි හා ඔහුට නැමදුම් කිරීමෙහි ස්ථාවර ව සිටින්නන් ලෙසින්.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නො එන මිනිසා හැර” යැයි පැවසූහ.
رواه البخاري وأبو داود، واللفظ لهදුල් හිජ්ජා මාසයේ ආරම්භක දින දහයේ දැහැමි ක්‍රියාවන්හි නිරත වීම වසරේ සෙසු දිනයන්ට වඩා ඉතා ශ්‍රේෂ්ඨය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. මේ දිනවල හැර වෙනත් දිනවල අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම උතුම් ද එසේ නැතහොත් මේ දිනවල සිදු කරන ක්‍රියාවන් උතුම් ද? යන්න ගැන සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියහ. ඊට හේතුව ක්‍රියාවන් අතරින් සත්‍යය වෙනුවෙන් අරගල කිරීම ශ්‍රේෂ්ඨ බව සහතික වී තිබුණු බැවිනි. එවිට එතුමාණන්: මේ දිනවල දැහැමි ක්‍රියාවන්හි නිරත වීම සෙසු දිනවල අල්ලාහ්ගේ මාර්ගයේ සත්‍යය වෙනුවෙන් අරගල කිරීමට වඩා උතුම් බවත්, නමුත් පුද්ගලයකු තම ජීවිත හා ධනය කැප කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ නිරත වී පසුව ඔහුගේ ධනය මෙන්ම ඔහුගේ ජීවිතය අල්ලාහ්ගේ මාර්ගයේ අහිමි කරගත් තැනැත්තෙකු හැර බවත් පිළිතුරු දුන්හ. මෙම උතුම් දිනවල දැහැමි ක්‍රියාවන් සිදු කිරීමේ ශ්‍රේෂ්ඨත්වය මෙය පෙන්වා දෙයි.
බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ.
رواه البخاريඅසර් සලාතය නියමිත වේලාවෙන් ඔබ්බට හිතාමතාම ප්‍රමාද කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූ අතර, එය කරන තැනැත්තා වලංගු නොවන අතර ඔහුගේ කාර්යය නිෂ්ඵල වේ. යැයි අවවාද කළහ.