





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
متفق عليهකවරෙකු රමළාන් මාසයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් උපවාසයේ අනිවාර්යය භාවය හා උපවාසකරුවන්ට උත්තරීතර අල්ලාහ් සූදානම් කර ඇති අතිමහත් කුසල් හා තිළිණ පිළිබඳ සහතික කරමින් කිසිදු ප්රදර්ශනයකින් හෝ මුහුණිච්ඡාවෙන් තොරව එමගින් උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වන්නේ ද ඔහු අතීතයේ කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු කද්ර් රාත්රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
متفق عليهරමළාන් මාසයේ අවසන් දින දහයේ පවතින කද්ර් රාත්රියේ යාඥාවල නිරත වීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. කවරෙකු එහි සලාත් ඉටු කිරීම, ප්රාර්ථනාවෙහි නිරත වීම, අල් කුර්ආනය කියවීම, දික්ර්හි යෙදීම යනාදී නැමදුම් ඒවා හා ඒවායෙහි මහිමය සම්බන්ධයෙන් පවසා ඇති දෑ ගැන විශ්වාසයෙන් යුතුව, තම ක්රියාව තුළින් කිසිදු ප්රදර්ශණයක් හෝ මුහුණිච්චාවකින් තොරව උත්තරීතර අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තු වෙමින් වෙහෙසවී ඉටු කරන්නේ ද සැබැවින්ම ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව ලැබෙනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා -තම ඇගිලි දෙක තම කන් දෙක වෙත ළංකර- මෙසේ වාර්තා කළේය. “සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය. එමෙන්ම (හරාම් හෙවත්) තහනම් කරුණු ද පැහැදිලිය. මේ දෙක අතර සැක උපදවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා නොදනිති. එහෙයින් කවරෙකු සැක උපදවන දැයින් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ඔහුගේ දහමට හා ඔහුගේ මාන්යයට ආරක්ෂාව සළසා ගත්තේය. කවරෙකු සැක උපදවන දෑහි වැටුනේ ද ඔහු තහනම් කරුණු අතරට වැටුණි. එය, වැට අවට එහි ඇතුළු වීමට බලන සතුන් පාලනය කරන එඩේරකු මෙනි. දැනගන්න! සෑම රජකුටම වැටක් ඇත. දැනගන්න! සැබැවින් අල්ලාහ්ගේ වැට වනුයේ ඔහු තහනම් කළ දෑය. දැන ගන්න! ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ශරීරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ශරීරයම නරක් වෙයි. දැන ගන්න! එයයි හදවත.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කරුණු සම්බන්ධයෙන් පොදු රීතියක් පැහැදිලි කළහ. සැබැවින්ම ඒවා ෂරීආ පිළිවෙත තුළ කොටස් තුනකට බෙදෙයි: (හලාල් හෙවත්) පැහැදිලි අනුමත කරුණු. (හරාම් හෙවත්) පැහැදිලි තහනම් කරුණු. ජනයා අතරින් බහුතරයක් අනුමත ද නැද්ද යන්න ගැන එහි නීතිය නො දන්නා අපැහැදිලි හා සැක උපදවන කරුණු. කවරෙකු සැක උපදවන මෙම කරුණු අත් හරින්නේ ද, තහනම් දෑහි වැටීමෙන් ඔහු දුරස් වී ඔහුගේ දහම ආරක්ෂා වනු ඇත. එමෙන්ම එම සැක සහිත දෑ සිදු කිරීම හේතුවෙන් මිනිසුන් ඔහුට කරන චෝදනාවෙන් ඔහුගේ මාන්යය ඔහුට ආරක්ෂා වනු ඇත. කවරෙකු එම සැක සහිත දැයින් වැළකී නොසිටියේ ද හරාම් දෑහි වැටීමෙන් හෝ මිනිසුන් විසින් නගන චෝදාවන්ට ලක්ව ඔහුගේ මාන්යය කෙළසී යාමෙන් ඔහුගේ ආත්මයට බලපානු ඇත. කවරෙකු සැක සහිත කරුණු සිදු කරන්නේ ද ඔහුගේ තත්ත්වය පැහැදිලි කරනු පිණිස අල්ලාහ්ගේ දූතයාණෝ උදාහරණයක් ඉදිරිපත් කළහ. එය පටු භූමියක තම ගොවිපල සතුන් ආරක්ෂා කරන එඬේරකු මෙනි. එම එඬේරාගේ සතුන් මෙම භූමියට ආසන්නව සිටින නිසා එහි තෘණ කෑමට සැරසේ. සැක සහිත දෑ කිසිවක් කිසිවකු විසින් සිදු කළේ ද ඔහු ද එලෙසම හරාම් දෙයට සමීප වී එහි වැටෙනු ඇත. ඉන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කර සිටියේ: ශරීරයේ මස් කැබැල්ලක් (හදවත) ඇති බවත් එය විධිමත් වීමෙන් මුළු ශරීරයම විධිමත් වන බවත් එය දූෂිත වීමෙන් ශරීරය ද දූෂිත වන බවත්ය.
ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන් කරුණු දෙකක් ධාරණය කර ගත්තෙමි. “සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත. එබැවින් නුඹලා මරණ විට හොඳින් ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳින විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ ආයුධය හොදින් මුවහත් කරත්වා, ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා විවේක ගෙනීමට ඉඩ දෙත්වා.”
رواه مسلمසියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය. අපරාධයක සම ප්රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය. ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිංසා නො කළ යුතුයි. ප්රති හිංසාව ද සිදු නො කළ යුතුයි. කවරෙකු හිංසා කළේ ද අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. කවරෙකු අපහසුතාවයට පත් කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව අපහසුතාවයට පත් කරනු ඇත."
رواه الدارقطنيවිවිධාකාරයෙන් මතුවන හානිය තමන්ගෙන් සහ අන් අයගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමාට හෝ අන් අයට හානි කිරීමට කිසිවෙකුට අවසර නොමැති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඔහුට නපුර නපුරෙන් පිරිමහ ගන්නට අවසර නැත. මක්නිසාදයත් සීමාව ඉක්මවීමෙන් තොරව, පිළිපදිනු ලබන ප්රතිචාර දැක්වීමේ මාර්ගයකින් හැර නපුර නපුරෙන් ඉවත් නොවන බැවිනි. ජනයාට නපුර සිදු කරන්නාට නපුර හිමි වන බවත්, ජනයා දුෂ්කරත්වයට පත් කරන්නාට දුෂ්කරත්වය හිමි වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහිදිළි කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපසුව පෙර සිටි අතැම් ජන සමාජ මෙන් නොවන මෙන් එතුමාණන් අපට අවවාද කළහ. එම සමූහයන් ඔවුන්ගේ නබිවරුන් පිළිබඳ විරුද්ධ මත දැරූ අතරම ඔවුන්ගෙන් අධික ලෙස ප්රශ්ණ කර සිටියෝය. එහෙයින් අල්ලාහ් ව්යසනයන් හා කඩා වැටීම් වැනි විවිධ විනාශයන් තුළින් දඬුවම් කළේය. ඔවුන් එසේ විනාශ කරනු ලැබුවාක් මෙන් අපද විනාශ නොවන පරිදි ඔවුන් මෙන් අප නොවිය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
متفق عليه“සැබැවින්ම ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අසල්වැසියා සම්බන්ධයෙන් පුන පුනා කියා සිටි බවත් ඔහුට සලකන මෙන් නියෝග කර සිටි බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. අසල්වැසියා යනු තම නිවසට අසළින් සිටින ඥාතී මුස්ලිම්වරයකු හෝ මුස්ලිම් නොවනු අයකු හෝ වේවා එසේ නැතිනම් ඥාතී නොවන අයකු හෝ විය හැක. ඔහුගේ අයිතිය සුරැකීම, ඔහුට හිංසා පීඩා ඇති නොකිරීම, ඔහු සමග ත්යාගශීලීව කටයුතු කිරීම, ඔහුගේ කරදර මත ඉවසීමෙන් විඳ දරා ගැනීම යනාදිය තුළින් එය ආරක්ෂා කළ යුතුය. අසල්වැසියාගේ අයිතියට ගරු කිරීම හා ඒ සම්බන්ධයෙන් ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා පුන පුනා පවසා සිටීම හේතුවෙන් තමන්ගේ මරණයෙන් පසුව අත්හැර දමා යන ධනය අසල්වැසියාට පිරිනමන මෙන් දිව්ය පණිවිඩ පහළවේදෝ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිතන තරමටම එය විය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
رواه أبو داود وابن ماجه وأحمدෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ තැබීමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කර සිටියි. ඒවා අතරින්: පළමුවැන්න: මැතිරීම: දේවත්වයට ආදේශ කිරීම මත පදනම් ව අඥාන ජනයා සුවය පතා ජප කරමින් සිටි ඇතැම් ප්රකාශය. දෙවැන්න: පබළු හා ඒ හා සමාන දැයින් යුක්ත සුරය එල්ලීම: ඇස්වහ දුරු කිරීම සඳහා දරුවන් හා සතුන්ට ඒවා පළන්දවනු ලැබේ. තුන්වැන්න: වශී ගුරුකම්: සැමියා සහ බිරිද යන දෙදෙනා අතර එකකු අනෙකාට ආදරය කිරීම සඳහා සිදු කරනු ලබන්නකි. මෙම කරුණු ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ තබන කරුණු අතුරිනි. මක්නිසාද යත් එය යමක් හේතුවක් කර ගැනීමකි. එය සාක්ෂි මගින් ඔප්පු කරන ලද ආගමික හේතු සාධකයක් හෝ අත්දැකීමෙන් ඔප්පු කරන ලද භෞතික හේතු සාධකයක් නොවන බැවිනි. අල් කුර්ආනය කියවීම වැනි ආගමික හේතු සාධක හෝ අත් දැකීම් තුළින් සහතික වූ ප්රතිකාර ක්රම මෙන් භෞතික හේතු සාධක වනාහි, සැබැවින්ම ඒවා හේතු සාධක වන අතර සැබැවින්ම යහපත හා හානිය අල්ලාහ්ගේ අතෙහි පවතින බවට වූ විශ්වාසය සමග අනුමත කරුණකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: “මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”
رواه البخاريමිය ගිය ඇත්තන්ට දොස් නැගීම, ඔවුන්ගේ මාන්යය කෙළසෙන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කරයි. සැබැවින්ම එය දුෂ්චරිත අතරින්ය. ඔවුන් ඉදිරිපත් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්රියා වෙත ඔවුන් ළඟා වී ඇත. එමෙන්ම නගන දොස් ඔවුන් වෙත ළඟා වන්නේ ද නැත. සැබැවින්ම එමගින් වේදනා විඳිනුයේ ජීවතුන් අතර සිටින්නෝ වෙති.