





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
“නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ අගුණ බලන්නෙකු නොවූහ.” යැයි බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතපොදුවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිවක හෝ අගුණ බලන්නෙකු නොවූහ. ඉන් අදහස් කරනුයේ අඥාන කාලයේ ජනයා සිදු කරමින් සිටියාක් මෙන් යම් කරුණක් අවහිර කරන පරිදි අගුණ බැලීමය. එසේ අගුණ බැලීම, පක්ෂීන් මගින් හා ඊතල් හෙළීමෙන් ගුණ අගුණ බැලීම තහනම් කරමින් ඉස්ලාමය පැමිණ ඇත. ඒ වෙනුවට ඔවුනට ‘ඉස්තිකාරා’ හෙවත් යහපත පතන මෙන් ආගමානු ගත කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: නියත වශයෙන්ම රූප තනන්නන් වනාහි එය ජීවයක් ඇති යමක් ඇඳීම හෝ ඇඹීම හෝ ඡායාරූප ගැනීම හෝ වේවා එක හා සමානය. එය මිනිසෙකුගේ හෝ සත්වයකුගේ හෝ රූප තනන්නාක් මෙනි. එය ප්‍රායෝගික සිතුවමක් වුව ද එසේ ප්‍රායෝගික සිතුවමක් නොවු ද එක සමානය. ඔවුන්ගේ එම ක්‍රියාව හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවමට ලක් කරනු ලබති. එය අල්ලාහ්ගේ මැවීමට ව්‍යාජ අනුරූපයක් ඔවුන් ඇති කළ හේතුවෙනි. නුඹලා පණ දෙනු යැයි ඔවුනට පවසනු ලබයි. එනම් ඔබ ශරීරය තැනුවාක් මෙන්ම එයට ප්‍රාණය ද දෙනු යන්නයි. නුඹලා නිර්මාණය කළ දෑ, එනම් අල්ලාහ්ගේ මැවීම්වලට සමාන රූපයකින් නුඹලා තැනූ දෑය. එසේ රූපයක අල්ලාහ්ගේ මැවීම්වලට සමාන යමක් නිර්මාණය කර සිටියේ නම් එයට ප්‍රාණය දී අවදි කරවනු යන්නයි. අල්ලාහ්ගේ මැවීමට ඔවුන් ව්‍යාජ අනුරූපයක් මතුකර පෙන්වීම හේතුවෙන් මෙය උපහාසාත්මක, තර්ජනාත්මක අවවාද අතුරින් එකකි. එහි ප්‍රාණය පිඹීමට නොහැකි වූ විට එම ඉල්ලීමෙන් ඔවුන් වෙන් කරනු ලබති. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා සිටි බුහාරි හා මුස්ලිම්හි සඳහන් හදීසයක් මෙසේ සඳහන් වේ.‘කවරෙකු මෙලොවෙහි රූපයක් රූපගත කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ප්‍රාණය පිඹින මෙන් පවරනු ලබන්නේය. නමුත් ඔහු එසේ පිඹින්නෙකු නොවේ.‘ බුහාරිහි සඳහන් තවත් වාර්තාවක ‘කවරෙකු රූපයක් තනන්නේ ද එවිට ඔහු එයට ප්‍රාණය පිඹින තෙක් අල්ලාහ් ඔහුට දඬුවම් කරන්නේය.‘ ඉමාම් නවවි තුමා මෙසේ දන්වා සිටියි, සතුන්ගේ රූප ඇඳීම දැඩි ලෙස තහනමට ලක් වූ කරුණකි. එය මහා පාපයන්ගෙන් එකකි. හේතුව හදීසයේ සඳහන් පරිදි මෙම දරුණු අවවාදය ඇති බැවිනි. එය ප්‍රායෝගික නිර්මාණයක් වුව ද එසේ නොවුවද එක හා සමානය. එසේ නිර්මාණය කිරීම සෑම අතකින්ම තහනම්ය. හේතුව අල්ලාහ්ගේ මැවීමට ව්‍යාජ වේශයක් දෙන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ තල්හා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි: “සුනඛයෙක් හෝ රූපයක් හෝ ඇති නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත."
متفق عليهසුනඛයෙක් හෝ සජීවී ජීවීන්ගේ රූපයක් ඇති නිවසකට ආශිර්වාදයේ මලක්වරුන් පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. එනම් ජීවී රූපයක් ඇති පින්තූර එල්ලා තැබීම දරුණු පාපයකි. අල්ලාහ්ගේ මැවීමක් අනුකරණය කිරීම, ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමේ මාධ්‍යයක් වීම යනාදිය එහි දක්නට ලැබේ. ඇතැම් රූප අල්ලාහ් හැර නමදිනු ලබන රූප බවට පත් වී ඇත. සුනඛයකු ඇති නිවසකින් ඔවුන් එසේ වැළකී සිටීමට හේතුව, ඌ අපවිත්‍ර දෑ අධික ලෙස අනුභව කරන බැවිනි. එමෙන්ම උන්ගෙන් සමහරක් ෂෙයිතාන් යනුවෙන් අමතනු ලැබෙන අතර මලක්වරුන් ෂෙයිතානුන්ට පටහැනිව සිටිති. එමෙන්ම සුනඛයා දුර්ගන්ධය ඇති සතෙකු බැවිනි. මලක්වරු දුර්ගන්ධය පිළිකුල් කරති. එමෙන්ම දුර්ගන්ධය තහනම් කර ඇති බැවින් එැවන්නක් ගැනීමේ දඬුවම වනුයේ, ඔහුගේ නිවසට ආශිර්වාදයේ මලක්වරුන් පිවිසීම, ඔහු සම්බන්ධයෙන් ඔවුන් කරන ප්‍රාර්ථනාව, ඔහු වෙනුවෙන් ඔවුන් කරන පාපක්ෂමාව, ඔහු හා ඔහුගේ නිවසේ සමෘද්ධිය සඳහා ඔවුන් කරන ආශීර්වාදය හා ෂෙයිතාන්ගේ හානියෙන් ඔවුන් පිරිනමන ආරක්ෂාව අහිමි වී යාමය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සුනඛයෙක් හෝ සීනුවක් හෝ ඇති කණ්ඩායමක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැත.”
رواه مسلمගමනක හෝ ඇසුරක, සුනඛයෙක් හෝ සතුන් මත එල්ලා උන් සෙලවෙන විට හඬක් මතු කරන සීනුවක් ඇති පිරිසක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුර් රහ්මාන් බින් සමුරාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”
رواه مسلم'තාගියා' බහු වචනය - 'තවාගී' මත දිවුරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. ඒවා අල්ලාහ් හැරදමා දේව ආදේශකයින් විසින් නමදින පිළිම වෙති. එය ඔවුන්ගේ නොමග යෑමට හා ඔවුන්ගේ දේව ප්‍රතික්ෂේපයට හේතුවක් විය. එමෙන්ම පියවරුන් මත දිවුරා සිටීමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ. අඥාන යුගයේ අරාබිවරුන් අතර ගෞරවයෙන් හා ආඩම්භරයෙන් ඔවුන්ගේ පියවරුන් මත දිවුරා සිටීම පුරුද්දක්ව තිබුණි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
رواه أبو داود وأحمدවගකීමක් පිළිබඳ දිවුරා සිටීම සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූ අතර, කවරෙකු එලෙස කටයුතු කළේ ද ඔහු අපෙන් කෙනෙකු නොවන බව ද පවසා ඒ ගැන අවවාද කළහ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වටා වාඩි වී සිටියෙමු. අප සමග එක් පිරිසක අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) ද වූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් අප අතරින් නැගිට, අපෙන් දුරස්ව ගියහ. අප නැතිව, එතුමාට යම් හානියක් සිදුවේදෝයි අපි බියවීමු. තිගැස්සී නැගිට සිටියෙමු. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා මා විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සොයමින් මම පිටත් වූයෙමි. නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වතුයාය දක්වා පැමිණියෙමි. එයට දොරක් තිබේදැයි එය වටා ගොස් බැලුවෙමි. නමුත් මට කිසිවක් ලැබුණේ නැත. පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් ගලා යන දියපහරක් විය. මම එහි රිංගා අල්ලාහ්ගේ දූතයාණන් වෙතට පිවිසුණෙමි. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. මම, "අල්ලාහ්ගේ දූතයාණනි, එසේය", යැයි පිළිතුරු දුන්නෙමි. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය වෙත පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ජනයා ද සිටිති" යැයි පැවසුවෙමි. "අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න." යැයි පැවසුහ. මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා: "අහෝ අබූ හුරෙයිරා! මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි පැවසුවෙමි. මාගේ පපු දෙක අතරට උමර් තුමා එතුමාගේ දෑතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා! ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත හැරී ගියෙමි. මම හඬා වැළපුණෙමි. උමර් තුමා මා මෙහෙය වූහ. මම ද එහි සළකුණු සමගම සිටියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මාගේ පපු දෙක අතරට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. එවිට එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ, අහෝ උමර්, ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" එතුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසුහ. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් හුදෙක් ඒ මතම රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. ඔවුන්ට ක්‍රියා කරන්නට ඔවුන් අත්හරින්න." යැයි පැවසුහ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."
رواه مسلمඅබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) අතුළුව සහාබාවරුන් පිරිසක් අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වාඩි වී සිටියහ. පසුව එතුමාණෝ නැගිට ඔවුන් අතරින් සෙමින් යන්නට වූහ. සතුරන්ගෙන් යම් කරදරයක් එතුමාණන්ට සිදුවේදෝයි අපි බියවීමු. සහාබාවරු තිගැස්සී නැගිට සිටියෝය. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විය. අවසානයේ හෙතෙම නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වත්තකට පැමිණ, එය වටා යමින් එහි විවෘතව ඇති දොරක් තිබේදැයි සොයා බැලුව ද ඔහුට කිසිවක් ලැබුණේ නැත. නමුත් පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් දියපහරක් ගලා යන විවරයක් හෙතෙම දුටුවේය. පසුව ඔහුගේ ඇඟ පොඩි කරවාගෙන එහි පිවිසීය. ඔහු එහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දුටුවේය. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. ඔහු, "එසේය" යැයි පැවසීය. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. අබූ හුරෙයිරා තුමා, "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය අසළට පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ඒ ජනයා ද සිටිති" යැයි පැවසුවේය. ඔහු සත්යවාදියෙකු යැයි සහතික වනු පිණිස සළකුණක් හා සංකේතයක් ලෙස එතුමාණන්ගේ පාවහන් යුගලය ඔහුට පිරිනමා, මෙසේ පැවසූහ: "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, "ලා ඉලාහ ඉල්ල්ලලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම්, ඔහු තුළ මෙම ගුණාංග වී නම්, ඔහුට ස්වර්ගය හිමි බව ශුභාරංචි දන්වන්න." මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා, "අහෝ අබූ හුරෙයිරා මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි හෙතෙම පවසා සිටියේ ය. එවිට උමර් තුමා මාගේ පපුවට එතුමාගේ අතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා, ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අඬන්නට සූදානම්, වෙනස් වූ මුහුණකින් යුතුව බියෙන් හැරී ගියෙමි. උමර් තුමා ද මා ලුහුබදිමින් මා පසුපසින් ඇවිදගෙන ආවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා! ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. පසුව එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ යැයි කීවෙමි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "අහෝ උමර්! ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" උමර් තුමා, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසීය. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් ක්‍රියාවන් නොකර හුදෙක් එම ප්‍රකාශය මත පමණක් රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. එබැවින් ඔවුන් ක්‍රියා කරන්නට අත්හරින්න." යැයි පැවසුහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”
متفق عليهසැබැවින්ම මුස්ලිම්වරයෙක් පරිපූර්ණ මුස්ලිම්වරයකු බවට පත් වනුයේ සෙසු මුස්ලිම්වරුන් ඔහුගේ දිවෙන් ආරක්ෂාව ලබන විට යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එහෙයින් ඔහු ඔවුනට බැණ නොවදියි; ඔවුනට දොස් නොකියයි; ඔවුන් ගැන කේළාම් නොකියයි; තම දිවෙන් හානිය ඇතිවන කවර දෙයකින් වුව ද ඔහු ඔවුන් අතර එසේ කටයුතු නොකරයි. එමෙන්ම ඔවුන් ඔහුගේ අතින් ආරක්ෂාව ලබන විටය. එහෙයින් ඔහු ඔවුන් කෙරෙහි ඉක්මවා කටයුතු නොකරයි. කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ ධනය පැහැර නොගනියි. එවැනි වෙනත් දැයින් ද ඔහු වැළකි සිටියි. මුහාජිර් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, අල්ලාහ් කවර කරුණක් තහනම් කළේ ද එය අත්හැර දමන්නාය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අල් මුගීරා ඉබ්නු ෂූඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මූසා (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපතිගෙන් ස්වර්ගවාසීන්ට හිමිවන අවම තරාතිරම කුමක්දැ?යි විමසීය. ඔහු: “සවර්ගවාසීන් ස්වර්ගයට පිවිසීමෙන් පසුව පැමිණෙන මිනිසෙකු වෙයි. ඔහුට ‘ඔබ ස්වර්ග උයනට පිවිසෙනු’ යැයි පවසනු ලැබේ. එවිට ඔහු මාගේ පරමාධිපතියාණනි, එය කෙසේ හැකි වන්නේ ද? ජනයා ඔවුනොවන්ගේ තරාතිරම් වලට ගොඩ බැස ඇත. ඔවුන් ගන්නා දේවල් ඔවුන් ලබා ඇත. එවිට ඔහුට මෙසේ පවසනු ලැබේ. මෙලොව රජවරුන්ගෙන් එක රජවරයකුට හිම රාජ්‍යයක් මෙන් යමක් ඔබට හිමි වීම ගැන ඔබ සතුටු වන්නෙහිද? යැයි විමසනු ලැබේ. එවිට ඔහු: ‘මාගේ පරමාධිපතියාණනි, මම ඒ ගැන තෘප්තියට පත්වූයෙමි. පසුව ඔහුට එයත් ඒ හා සමාන තවෙකක්, ඒ හා සමාන තවෙකක්, ඒ හා සමන තවෙකක් හා ඒ හා සමාන තවෙකක් ඇත. පස්වැන් වතාවෙහි මාගේ පරමාධිපතියාණන් මම ඒ ගැන තෘප්තියට පත් වූයෙමි. පසුව ඔහු: මෙය ඔබටය ඒ හා සමාන දස ගුණයක් ද ඔබටය. ඔබේ නෙත් පිනවන ඔබේ ආත්මය ප්‍රිය කරන දෑ ඔබ සතු වේ. යැයි පවසයි. පසුව ඔහු මාගේ පරමාධිපතියාණනි, මම තෘප්තියට පත්වූයෙමි යැයි පවසනු ඇතැයි පැවසීය. පසුව මූසා තුමා තවදුරටත්: “ඔවුන් අතර වඩාත් ඉහළ තරාතිරම් ඇත්තා කවරෙකුදැ?යි විමසා සිටියේය. ඔහු: ඔවුන්ගේ ගරුත්වය මාගේ අතින් සිටවීමට මා අපේක්ෂා කොට එය මා නිමා කළෙමි. කිසිදු ඇසක් දැක නැත. කිසිදු කනක් අසා නැත. කිසිදු මිනිස් හදවතක් එය කල්පනය කර නැත.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අපා වාසීන්ගෙන් ඉන් බැහැරට එන අවසානයා ගැනත් එමෙන්ම ස්වර්ග වාසීන්ගෙන් එය තුළට පිවිසෙන අවසානයා ගැනත් සැබැවින්ම මම මැනවින් දනිමි. නිරයෙන් බැහැර වී බඩගාමින් එන මිනිසෙකි. එවිට අල්ලාහ් ඔහුට මෙසේ පවසනු ඇත. “ඔබ යනු. ස්වර්ගයට පිවිසෙනු. පසුව ඔහු ඒ වෙත පැමිණෙයි. සැබැවින්ම එය පිරී පවතිනු ඇතැයි ඔහු හිතෙන් මවා ගනියි. පසුව නැවත හැරී ඇවිත් ‘මාගේ පරමාධිපතියාණනි! එය පිරී තිබෙනු මම දුටුමි’ යැයි පවසයි. නැවතත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. නුඹ යනු. ස්වර්ගයට පිවිසෙනු. පසුව නැවත ඒ වෙත පැමිණෙයි. සැබැවින්ම එය පිරී පවතිනු ඇතැයි හිතෙන් මවා ගනියි. පසුව නැවත හැරී ගොස් මෙසේ පවසයි. අහෝ පරමාධිපතියාණනි එය පිරී තිබෙනු මා දුටුමි යැයි පවසයි. එවිට කීර්තිමත් සර්වබලධාරී අල්ලාහ්: නුඹ ගොස් ස්වර්ගයට පිවිසෙනු. සැබැවින්ම ඔබට මෙලොව හා සමාන දෙයක් හා ඒ හා සමාන දස ගුණයක් ඔබට හිමිය. එසේ නැතහොත් මෙලොව හා සමාන දස ගුණයක් ඔබට හිමිය. එවිට ඔහු ‘ඔබ පරමාධිපතියාණන්ව සිටියදී ඔබ මට විහිළු කරන්නෙහි ද? එසේ නැතහොත් මා දෙස බලා සිනහසෙන්නෙහු ද?” යැයි විමසයි. වාර්තාකරු මෙසේ පවසයි. “සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් එතුමාගේ කෘන්තක දත් හෙළිවන තරමට සිනහ සී “මෙය ස්වර්ගවාසීන්ගේ පහත්ම තරාතිරමයි.” යැයි පවසා සිටිනු මම දැක ඇත්තෙමි. යැයි පැවසීය.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ්ගේ උපකාරය ඔහුගේ කරුණාවේ විශාලත්වය පැහැදිලි කිරීමකි. එමෙන්ම ස්වර්ග වාසීන්ට හිමිවන තරාතිරම ද පැහැදිලි කිරීමයකි. සැබැවින් ඔවුනට හිමි අවම තරාතිරම වන්නේ මෙලොව රජකු පාලනය කරන දෑ මෙන් කිහිප ගුණයක් බුක්ති විඳීමට සැළැස්වීමය.